I'm on the way... (11-20)

‘I’m on the way…’ (එකළොස් වන කොටස)




කොහොම හරි වෙලාවට මම බස් ටෑන්ඩ් එකට ආවා.

‘කුරුණෑගල... දඹුල්ල, කැකිරාව, ගලෙන්බිඳුණුවැව.... ගලෙන්බිඳුණුවැව.....‘ කොන්ද අයියා ගිරිය කඩාගෙන කෑ ගහනවා. ‘ සීමිත නැවතුම්... සීට් තියෙනවා.... අයියා කොහාටද....?‘ පොර මයෙන් ඇහුවා.
මම හිනාවක් දාලා බස් එකට නැග්ගා.

පිටිපස්ස සීට් එක තමයි මයෙ පොට් එක ඉතින්. වෙලාවට ජනේලිය ගාව කවුරුත් නැහැ. මම ජනේලිය වහලා බෑග් එක ඔඩොක්කුවෙන් තියාගෙන සීට් එකට හේත්තු වුණා. දැන් හයයි පහයි. තව විනාඩි දහයයිනෙ. පට්ට රස්නෙයි. මම ආයෙත් ජනේලිය ඇරියා. එතනින් ගියපු බුලත්විට එකකුත් අරගෙන ටිකක් කෑවා. දැන් කොහොමත් එකාමාර දෙක විතර වෙයි ගලෙන්බිඳුණුවැවට යද්දි. එතනින් ආපහු ගෙදර යන්න වෙන්නෙ පයින් තමයි. අපෝ... එපා වෙයි පාන්දර ජාමේ පයින් ගෙදර යද්දි.

පිටිපස්සෙ ෂිට් එකට තව කපල් එකක් ආවා. කෙල්ල මයෙ පැත්තට දාලා කොල්ලා අනිත් පැත්තෙ වාඩිවුණා. මටත් මොකද මම විටේ කාලා කෙල පාරක් ගැහුවා පාරට. ඩ්‍රයිවර් බස් එක රේස් කරා. දැන්  යන්න ළඟයි වගෙ ඒ කියන්නෙ.

‘ ආයි....‘ කෙල්ල එක පාරට කෑ ගැහුවා. මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා. කෙල්ල ලැජ්ජාවෙන් වගෙ මම දිහා බැලුවා. මොකද දෙයියනේ මේකිට වෙලා තියෙන්නෙ. කොල්ලා හිනාවෙනවා. කෙල්ල කොල්ලගෙ උරහිසේ ඔලුව තියාගෙන හිනාවෙනවා.

‘ මොනවද අනේ කරන්නෙ අර අයියත් බලනවා මොකද කියලා...‘

අනේ වැඩේ මුන්ගෙ මඟුල් බලන්න. වෙන වැඩ නැනේ... නංගිගෙ සාය තමයි සාය. අපරාදේ තව අඟල් දෙකක් තුනක් කොට වුණානං සායක් අඳින්න ඕනත් නැහැ. ජංගිය පිටින්ම ඉන්න පුළුවන්...

හෙමින් හෙමින් බස් එක කොටුවෙන් පෑලියගොඩ පාරට දාලා කැලණිය, කඩවත, ගම්පහ හරහා ගලෙන්බිඳුණුවැවට එන්න පටන් ගත්තා. කඩින් කඩ යන නින්දත් එක්ක පෙනෙන නොපෙනෙන හීන මැද මම සටනක් කරා. එක පාර ඇතිවෙන ගැස්මක් එක්ක නින්ද කැඩුණා. ආයෙත් ටික වෙලාවකින් මටත් හොරෙන් ඇස් දෙක පියවෙන්න ගත්තා. බස්එකෙ කැසට් එකෙන් ඇහෙන ආදෝනාවන් වලට මට අපූරුවට නින්ද ගියා.
ටිකක් වෙලා මෙහෙම නින්ද ගියත් එකොළහට දොළහට වගෙ කලිසම සිනිඳුවට අත ගාන වගෙ මට දැනෙන්න ගත්තා. නින්ද නොනින්ද අතර සමහර වෙලාවට ඔලුව උස්සලා බැලුවත් එහෙම දෙයක් තිබුණේ නැහැ. අර කොල්ලා කෙල්ලගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන නිදි. කෙල්ල කොල්ලගෙ  පිට උඩ ඔලුව තියාගෙන. උන් දෙන්නා නිදිද නැත්තම් බුදිද කියන්න මම දන්නෙ නැහැ ඔන්න...

කකුල අත ගාන්නෙ මොකද කියා බලන්න කෝකටත් මම ඔලුව වහගෙන කකුල දිහා බලාගෙන හිටියා. මෙන්න බොලේ එහා පැතේතෙ හිටපු නංගි හිමින් සැරේ එයාගෙ අත මයෙ කකුලේ උඩ තියෙනවා.... බස් එක පැද්දෙද්දි ගැස්සෙද්දි නංගි හෙමින් අත තියනවා ගන්නවා. වැරදිලා වෙනවද කියලා මම ටිකක් අවධානෙන් බැලුවා. මේක වැරදිලා වෙන්න බැනේ... හැමවෙලෙම අත මයෙ කලිසමේ වදින්න විදිහක් නැනේ. ආයේ මොකද මම නංගිගෙ අත ගාන්න ගියෙ නැනේ. මම තව ටිකක් නංගිගෙ පැත්තට කකුළ ළං කරා.

දැන් ඉතින් හිතනවා ඇති මේකගෙ තියෙන වල්කම කියලා. හිතන කෙනෙක් හිතාගන්න. මෙහෙම බස් එකෙ පට්ට රෑ නිදිමරාගෙන යන අතරෙ මෙහෙම ආතල් එකක් ගත්තට මොකද වෙන්නෙ... අනික නංගි කැමැත්තෙන් කරන දේනෙ. කොල්ලා එකිගෙ ඔඩොක්කුවේ නිදි. මේකි හොරාට මාව ෆෝම් කරනවා. මොනවා වුණත් අතගාන එකෙ ගතියක් තියෙනවා. නංගි පුරුදුකාරියක් වගෙ. ටික ටික නංගි උඩට එනවා. ඒකිට තේරෙන්න ඇති මයෙ අකමැත්තක් නැ කියලා. මම කලිසම උඩ තිබ්බ බෑග් එක ටිකක් පහළට කරා. දනිස් ගාව බෑග් එක තියලා ඔඩොක්කුව ගාවට පාත් කරාම කාටවත් මොකවත් පේන්නෙ නැහැ. අනික අපි හිටියේ පිටිපස්සෙ සීට් එකෙ හින්දා කොහොමත් ආරක්ෂිතයි. කොල්ලා ඇහැරුණොත් තමයි අවුල.

නංගි අනිත් අතෙන් කොල්ලගෙ ඔලුව අත ගානවා. ඇත්තටම ගෑණුන්ගෙ ගැට තමයි ගැට නේද? 

--------------------------------------------------------------------------------


‘I’m on the way…’ (දොළොස් වන කොටස)



දැන් දඹුල්ල පහු වුණා. ඊළඟට කැකිරාව පලුගස්වැව හරහා ගලෙන්බිඳුණුවැව. අම්මෝ ඇස් දෙක දනවා. නංගිට පින් සිද්ධවෙන්න නිදිමත ටිකක්  මඟ ඇරුණා. කොල්ලනං කණමතයෙක්ද කොහෙද? ඇයි දෙයියනේ තමන්ගෙ කෙල්ල වෙන එකෙක්ගෙ පයි.... අල්ලනවා ඒකා දන්නෙ නැ.

නංගි අත අරගෙන මයෙ කලිසමේ ෂිපර් එක උඩින් තිබ්බා. ඒත් එක්කම මයෙ හිරිගඩු පිපුණා. දැන්නං එයාට හොදටම ඕන වගෙ... මම සීට් එකෙ ඇන්දට හේත්තු වුණා. දැන් මට නංගි කරන ඒවා හොඳට පේනවා. නිදාගෙන හිටපු කොල්ලා නංගිගෙ සාය අස්සේ මොනවා කරනවාද මන්දා. නංගි ටික ටික ඇඹරෙනවා. ඒ අස්සෙ එක පාරමට නංගි මයෙ රහස් අවයවය හයියෙන් ඇල්ලුවා. ඌහ් කියලා කෙදිරිගාන්න හිතුණත් මම දත්මිටි කාගෙන ඉවසන් හිටියා.

මටත් හොරා තදකරන් හිටපු පිරිමිකම නංගිගෙ කරට එහායින් අත දැම්මා. තවත් බස් එකක් යන වලත්තයෙක් වෙන්න මට එච්චර වෙලා ගියෙ නැහැ. කොල්ලා යට පතල් කර්මාන්තය කරන අතරේ මම උඩ පශු සංවර්ධන අමාත්‍යාංශයේ කිරි දෙවීමේ කාර්යය පටන් ගත්තා. අම්මට සොඳුරු පුතෙක්, නංගිට ආඩම්බරකාර සොහොයුරෙක් වුණු මම ඒ හැමදේම දෙවනි කරලා හැඟීම් වලට මුල්තැන දුන්නා.

ඇඹරෙමින් මිරිකෙමින් ඉදපු නංගිත් මමත් සීමාවෙන් එහාට යන්න කලින් කොල්ලා ඔලුව ඉස්සුවා. මම අතෙන් එහෙම්ම සීට් එක අල්ල ගත්තා. නංගි කලිසම උඩ තිබ්බ අත පහළට දා ගත්තා. මොනවා වුණත් ගෑණුන්ගෙ මොලේ හැදි මිටේ දිගට කියන්නෙ බොරු. කොල්ලා සීට් එකෙ හේත්තු වෙන්න කලින් කෙල්ල පතිනියක වගෙ කොල්ලගෙ මූණ දිහා බලලා හිනාවුණා. මමත් ආයෙත් ඇස් පියාගත්තා. අනන්තයක් පුරාවට මම හීන මැව්වට කලිසම තෙත් වෙන්න කලින් සේරම දියවෙලා ගියානෙ... දැන් යටි බඩත් කොරවෙලා වගෙ. එක්කො නංගි භාරගත්ත කොන්ත්‍රාත් එක ඉවර කරලා ඉන්නයි.

‘කැකිරාව බහින්ඩ....‘ නිදාගෙන හිටපු මිනිස්සුන්ගේ කන් වලට එක පාර ඝන්ඨාරයක් ගහනවා වගෙ කොන්දා යටි ගිරියෙන් කෑ ගැහුවා. ‘ කැකිරාව බහින්ඩ.... පොළොන්නරුව, අනුරාධපුර යන අය මෙතනින් බහින්ඩ. පලුගස්වැව, පොළොන්නරුව යන අය ඉස්සාරට එන්ඩ..... තව ඉන්නවාදෝ....‘

එක අතකට මුන් වුණත් පව් නේද? මේ කෑ ගහන්නෙ කීයක් හරි හොයාගන්නනෙ. රජයේ රස්සාවල් කරන්න ශක්තියක් ධෛර්යක් නැති වැඩිදුර ඉගෙනගත්ත අයට උරුම මේ වගෙ රස්සාවක් තමයි. එක්කො ගමට වෙලා හේන් කුඹුරු කරනවා. නැත්තම් පන්සලක් ගාව මල් විකුණනවා. අත් උදව් දෙන්න යනවා. එහෙම කරලා ගොඩක් එක පාර අසරණ වුණාම හොරකම් කරනවා.. හිරේ යනවා. මොනවා කරන්නද? ඒක තමයි ජීවිතේ නේද?

මාව අයින් කරපු සුදු නංගි අයෙත් මල්ලිත් එක්ක සතුටු වෙන්න පටන් ගත්තා. හොරාට අතක්වත් දා ගන්න බැරි මම නිදාගෙන වගෙ ඉදගෙන හොරෙන් එයාලා දිහා බලාගෙන හස්ත කර්මාන්තය කරා. කලිසම තෙත් වෙන්න ඔන්න මෙන්න තියලා කොල්ලා නැඟිට්ටා. මම ඩිම් වුණා... කෙල්ලගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉද්දි ඒකි මොකවත් කීවද දන්නෙ නැහැ.


---------------------------------------------------------------------------------


‘I’m on the way…’ (දහතුන් වන කොටස)



පලුගස්වැවෙන් දෙන්නම බැස්සා. මම විතරයි දැන් පිටි පස්සෙ සීට් එකෙ. බස් එක ගලෙන්බිඳුණුවැවට හැරෙව්වා. මම මඟින් බැස්සා. පාන්දර පින්නත් එක්ක පට්ටම සීතලයි. දැන් වෙලාව දෙකයි කාලයි. මේ පාන්දර අඩි පාරේ ආපහු ගෙදර යන එක හොඳ වැඩක් නෙමෙයි. මොකද සතා සර්පයා පාරේ එහෙ මෙහ යන වෙලාව. අනික මයෙ ගාව ටෝච් එකකුත් නැනේ. ඒක නිසා මම බස් හෝල්ට් එකට ගිහින් බෑග් එක අනිත් පැත්ත දාලා ඇල වුණා. බස් එකෙදී කොරවෙලා තිබ්බ බඩ ආපහු යන්තං යටින් කොරවේගෙන එනවා වගෙ. සීතලට ඇඟ රත් වෙන්න මටත් හොරෙන් උණූසුම හොයන කෙනෙක් යට ලීයේ දෙපැත්තට ගෑවෙනවා. යටි පතුල් දෙකෙන් කුකුල් දෙක අඹරන ගමන් මයෙ අත පපුව බඩ අත ගාගෙන යටිබඩට ගිහින් කලිසම අස්සට රිංගන්න පටන් ගත්තා.

දොතොළතක උණුසුමක් නොදැණුනු නොඉඳුල් මයෙ දොතොල් මාවම හපන්න ගත්තා. එක අතකින් රෝම පිරුණු පපුව පයෝධර තදින් මිරිකන ගමන් අනිත් අතින් රහස් අවයවය තෘප්තිමත් කරන්න පටන් ගත්තා. බස් එකෙදී දැකපු නංගිව හිතින් මවාගෙන තනියම හස්ත කර්මාන්තය කරන මම ගැන පිළිකුලක් හිතන්න එපා. මේ වගෙ වෙලාවක මෙහෙම දෙයක් නොකරන කෙනෙක් ඉන්නවං මට කියන්නකො...

මුළු ඇඟම හිරිවට්ටගෙන යට කලිසමත් තෙත් කරගෙන මාව අපහසුතාවට පත් කරන්න තරම් මයෙම රහස් අවයවය අකාරුණික වුණා. එහෙමම අනිත් පැත්ත හැරිලා මම ඇස් දෙක පියාගත්තා.

‘ පුතේ.... මයෙ පුතේ....‘ කවුද මයෙ උරහිසින් අල්ලා හොල්ලනවා. ‘ පුතේ.... අනේ නැඟිටහන්කෝ...‘

අම්මාගෙ කට හඬ... පාන්දර නිදාගත්ත නිසා ඇස් දෙක දනවා. යන්තං ඉර එළිය වැටෙනවාද කොහෙද. එක පාරම අම්මා එහාට වුණාට පස්සෙ මූණට ඉර එළිය වැටුණා. මම අත් දෙකෙන් ඇස් වහගත්තා. අම්මා ආයෙත් ඉර එළියට වැහුණා.

‘ සොමෙ මාමා කිව්වා උඹ හොල්ට් එකෙ නිදි කියලා. මම ඒත් හිතුවා ඊයේ එන්න රෑ වුණු හින්දා උඹ මෙතන ඉදි කියලා. ඇයි මෙතන නිදා ගත්තෙ. ගෙදර එන්නෙ නැතුව...‘ අම්මා මයෙ ඔලුව අත ගාන ගමන් ඇහුවා.

‘ පාන්දර දෙකයි අම්මෙ මෙහාට එද්දි. මේ දවස්වල සර්පයෝ වැඩි හින්දා පාන්දර ආවේ නැ. කරදරයක් වුණොත් කවුරුවත් නැනේ...‘

 ‘ ඒක හොදයි... දැන් යමු ගෙදර...‘ අම්මා බෑග් එක ගත්තා.

‘ කෝ දෙන්න මම ඕක ගන්නං...‘

‘ උඹට හරියට කෑමක්වත් නැතිව ඇති ඊයේ දවසම...‘

‘ මම ටවුමෙන් කෑවා අම්මේ...‘ මම අම්මගෙන් බැග් එක අරගෙන කරේ දා ගත්තා.

‘ මොකද ගියපු වැඩේ...‘

‘ ඒක හරි අම්මෙ... මට පොළොන්නරුවෙ  හදලා දුන්නා වැඩ...‘

‘ගලෙන්බිඳුණුවැව නැද්ද කියන්නෙ තැනක්...?‘

‘ අපේ ටවුමේ මොනවා ආරක්ෂා කරන්නද අම්මේ..?‘

‘ මොනවද දැන් කරන්න තියෙන්නෙ...‘

‘ එහෙ ලංකා බැංකුවට වෙලා ඉන්න තියෙන්නෙ අම්මෙ...‘ මම කරන්න තියෙන දේ අම්මට පැහැදිලි කරලා දුන්නා. වෙලාවකට අම්මා බය වුණත් ලොකු වගකීමක් ඇති කියලා ඇත්තමට එහෙම දෙයක් ගැන මට හිතුණෙත් අම්මා කීවට පස්සේ. ඒත් ඒ ගැන අම්මට බයක් දැනෙන්න මම ඉඩ තිබ්බෙ නැහැ.


තව හෙට දවල් ආයෙත් පොළොන්නරුවෙ යන්න ඕනි. අනිද්දා වැඩ භාරගන්න ඉන්න තැනක් හොයාගන්නත් ඕනි. පොළොන්නරුවේ බෝඩිං තියෙනවද මන්දා....? මොනවා කරන්නද? ගෙදර ඉදලා පොලොන්නරුවේ රස්සාවට යන්න බැහැනේ....... 

----------------------------------------------------------------------------


‘I’m on the way…’ (දාහතර වන කොටස)



පහුවදා උදේම අම්මා උයල දුන්න කිරිබත් ටිකක් කාල දවල් කන බත් එකත් බැදගෙන බෑග් එකට දා ගත්ත. නංගි ඊයේ මහල දුන්න කොට්ට උරය අරන් යන්න කියල උදේ ඉස්කෝලේ යන ගමන් කිව්වා. පව් ඒකිට පාලු දැනෙයි මම නැතුව. අම්මව හොඳින් බලාගෙන ඉන්නවා කියලා මට වැඳලා පොරොන්දු වුණානෙ...

‘ දැන් උඹ දිගටම පොළොන්නරුවෙ ඉන්නවද මයෙ පුතේ...‘ අම්මා මට  බත් කවන ගමන් ඇහුවා.

‘ නැ අම්මේ නිවාඩු දෙන විදිහට තමයි... ‘ මම කිව්වා. ‘ අම්මට කියන්න දෙයක් තියෙනවා.‘

‘ ඒ මොකද්ද?‘

‘ මම සෙනසුරාදා ඉරිදා කොළඹ කැම්පස් එකක ඉගෙන ගන්න හිතුවා...‘

‘ උඹට පුළුවනැයි පුතේ ඔය සේරම කරන්ඩ....‘

‘ බැ කියල නැනෙ අම්මෙ... සර් මට සෙනසුරාදයි ඉරිදයි නිවාඩු දුන්නා. සිකුරාදා හවස කොළඹ යන්න වෙනවා. ආපහු ඉරිදා කොළඹින් රෑ පොළොන්නරුවෙ යන්න වෙනවා....‘

‘ එතකොට උඹට නිවාඩු නැද්ද ගෙදර එන්න...‘

‘ මට ටික කාලයක් මේ ටික ඉගෙන ගන්නකල් මෙහෙම කරන්න වෙනවා අම්මේ... මම පඩිය අම්මගෙ පොතට එන විදිහට හදන්නම්... මයෙ අම්මා දැන් ඔය කරන දේවල් ටික ටික නතර කරන්න...‘ මම අම්මගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා...

‘ මේ ගින්දර හිතේ තියාගෙන කසිප්පු පෙරුවත් මම කාගෙන්වත් උඹලට කතාවක් අහන්න වැඩ කරලා නැ මයෙ පුතේ... උඹටයි නංගිටයි ගමේ එවුන් කියන කතා මම දන්නෙ නැතුව නෙමෙයි මයෙ රත්තරනෙ...‘ අම්මා ඉකිගහාගෙන අඬන්න ගත්තා. මම බත් පිඟාන මයෙ අතට අරගෙන එතන මෙසෙ උඩින් තියලා අම්මව බදා ගත්තා.

‘ මයෙ රත්තරං අම්මා අඬන්න එපා. මට අඬලා වැඩට යන්න බැනේ... මම මයෙ අම්මව බලා ගන්නවා....‘

‘ උඹ දැන් කොළඹ ගියාම ඉන්නෙ කොහෙද...? සෙනසුරාදා රෑ උඹ කොළඹ ඉන්ඩ ඕන නේද?‘

ඇත්තමට අම්මලා කියන්නෙ මොන තරං දරුවෝ ගැන හිතන අයද? මම ඒක කියන්න කලින් අම්මට ඒක තේරුණා.

‘ඒක තමයි අම්මේ තියෙන ප්‍රශ්නෙ... දැනට මට කොළඹ ඉන්න තැනක් නැහැ. ඒත් එහෙමයි කියලා කැම්පස් එකෙ පන්ති නොයා ඉන්න බැහැ. පාරේ ඉදලා හරි ඒක කර ගන්න ඕන. රස්සාව කරන ගමන් උපාධියකුත් කරගත්තොත් මම ගොඩ...‘

‘ අනේ පුතේ මට පුළුවන් තාම උඹටයි නංගිටයි කන්න දෙන්න. උඹට බැරිද ගෙදර ඉදලා ඔය පන්ති යන්න.. නිවාඩුවේ පාඩුවෙ ඉගෙන ගන්න පුළුවන්නෙ...‘

‘ බැ අම්මේ... මේක මට කරන්න දෙන්න. මයෙ අම්මට දැන් විවේක ගන්න ඕන. මට තවත් ගමේ මිනිස්සුන්ගෙන් කතා අහන්න බැනේ...‘

අම්මා නිශ්ශබ්ද වුණා.

‘ ඇද්ද ඉතින් දැන් කෑවා...‘ මම වතුර බොනවා දැකපු අම්මා ඇහුවා.

‘ ඇති අම්මේ.... දැන් ගිහින් ඉන්න තැනක් හොයාගන්නත් ඕනිනෙ.‘

-------------------------------------------------------------------


‘I’m on the way…’ (පහළොස් වන කොටස)





ඉස්සරාට වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැහැ. අඩියෙන් අඩිය තියෙන කකුල ආපහු හයියෙන් පස්සට අදිනවා දැනෙනවා. ඒත් මට ආයෙත් හැරෙන්න බැහැ. අවුරුදු ගාණක් ඉගෙන ගත්ත කිසිම දේකින් මට රස්සාවක් නැහැ. තවත් කරදඬු උස්වෙලා ඉන්න කොල්ලෙක් වෙලා අම්මගෙන් කකා බිබී පොත් ගුල්ලෙක් වෙන්න මට බැහැ. ආයෙත් මයෙ ගමට කවදා එන්නද කියලා හිතේ පැතුමක් නැහැ. මයෙ අම්මවයි නංගිවයි මේ අපායෙන් ගොඩ ගන්න ඕනි. ඒකට මම මොන දුකක් හරි විදිනවා.

ආයෙත් පලුගස්වැව හන්දියට ඇවිත් එතනින් පොළොන්නරුවට එන බස් එකක් නැග්ගා. අම්මා හන්දියට එන්න හැදුවත් මම එයාට එන්න දුන්නෙ නැහැ. පොළොන්නරුවට ගියපු ගමන් අම්මට කතා කරන්න පොරොන්දු වෙලා එයාව ගෙදර තිව්වා. පැය එකාමාරක් විතර ගියාට පස්සේ යන්තං මින්නේරිය වැව පේන්න ගත්තා. වංගු  හැරිලා හැරිලා ආපහු ගිරිතලේ වැව... ඒකත් පහු කරගෙන ටික දුරක් ආවම පරාක්‍රම සමුද්‍රය... ඒ කියන්නෙ පොළොන්නරුව නගර සීමාවට ළං වෙලා. දැන් ඉතින් මයෙ නවාතැන් පොළ වෙන්නෙ මේ පුලතිසිපුර තමයි.

දවල් එකළොහ වගෙ වෙද්දි මම පොළොන්නරුවෙන් බැස්සා. එතනින් වීල් එකකින් ඇහුවා කොහෙද ලංකා බැංකුව තියෙන්නෙ කියලා. ස්ටේෂන් එක, සෙඩ් එක පහු කරගෙන ටිකක් ඉස්සරාට ගියාම ඇතුළට තියෙන පාරේ මීටර් දහයක් විතර ගියාම පොළොන්නරුව ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාව තියෙනවා. හෙට ඉදලා මට මේකෙ තමයි වැඩ කරන්න තියෙන්නෙ. හෙට ඉදලා වැඩ කරන්න ඉන්න තැනක් හොයාගන්න එපැයි. දැන් වෙලාව දොළහට ළඟයි. මම එතන තිබුණු කඩේකට ගිහින් ගෙදරින් ගෙනාපු බත් එක ලිහාගෙන කෑවා. කඩේ අයියට ෂේප් කරගෙන බෑග් එක කඩේ තියලා එතන ඉදලා ඉන්න තැනක් හොයන්න පටන් ගත්තා.

එතන තිබුණු පාරක් පාරක් ගානේ, එක එක්කෙනා කියන තැනක් තැනක් ගානේ මම ඇවිද්දා. ඒත් තව වෙනකල් කිසිම ගෙදරකින් ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා. වීල් පාර්ක් වලින්, කඩවල් වලින් අහගෙන තැන් තැන් වල ඇවිද්දා. හවස හතර පහ වෙනකල් වගෙ මම ඇවිදින්න ඇති. දැන්නං මම හොඳටම හෙම්බත් වෙලා. කකුල් දෙකත් මැඩ්ලින් ගහන්න වගෙ නළියනවා. බෑග් එක තිබ්බ කඩේ ගාවට ගිහින් බෑග් එක අරගෙන ආපහු කඳුරුවෙල ස්ටේෂන් එකට ආවා.  ඇඟ පුරාම දාඩිය ගඳ. හොඳම දේ තමයි දැන් ඉක්මනින් නාන එක. ඒත් මේ කොහෙද නාන්න තියෙන්න... මම ටවුන් එක ඉදලා ආපහු පරාක්‍රම සමුද්‍රය පැත්තට යන්න ගත්තා.

පොළොන්නරුව ටවුම තියෙන්නෙ කඳුරුවෙල. කොළඹ පැත්තට එද්දි ආපහු ඉස්පිරිතාල හම්බෙනවා. එතනත් පොඩියට ටවුමක් තියෙනවා. එතනින් තව ටික්ක ඉස්සාරට එද්දි ඔරලෝසු කණුවක්. එතනින් කොළඹ පැත්තට හැරිලා එන්න ඕනි පරාක්‍රම සමුද්‍රය හම්බෙන්න. කොහොමත් මම හිතන්නෙ කදුරුවෙල ටවුමෙ ඉදලා හැතැම්ම හතරක් පහක් වගෙ ඇති පරාක්‍රම සමුද්‍රය ගාවට. අඩියෙන් අඩිය ටික ටික ඉද ඉද මම පරාක්‍රම සමුද්‍රය ගාවට ආවේ බස් එකෙනම් රු. 20ක වගෙ දුර. ඒත් කරන්න කියල මට ඒ හැටි වැඩක් නැති නිසා මම ඒ ගමන පයින්ම ආවා. මඟදී අනුරාධපුර බස් දැක්කාම ආයෙත් නැගලා ගෙදර ගියානං කියලා නොහිතුණාම නෙමෙයි. ඒත් ගෙදර ගිහින් අම්මා කරන රස්සාව කරන්නද? පොලීසියේ හිරකුඩු වල ළඟින්නද?

නැහැ මම ඒ අපායට යන්නෙ නැහැ. මයෙ මහන්සියෙන් කීය කීය හරි ඉතුරු කරලා මම මයෙ අනාගතේ හදාගන්නවා. ඒ අනාගතේ මයෙ අම්මට නංගිට කවමදාකවත් ඇහෙන් කඳුළක් වැටෙන්න දෙන්නෙ නැති වෙන්න  මම ඒක කරනවා. මයෙ අම්මට නොකරපු වැරදි පටවලා බැනපු කටවල් වලින්ම මයෙ අම්මගෙ හොඳ කියන තැනට මම ඒ මිනිස්සු මයෙ අම්මා ගාවට ගෙන්වනවා. මට පොත් ගුල්ලා,  කාලකණ්ණියා, අවජාතකයා කියපු ඒ මිනිස්සු ගැනත් මම බලාගන්නං... 




කින් එකට හිතපු ආපු වෛරයත් එක්ක මයෙ ගමන ඉක්මන් වුණා. හත විතර වෙද්දි මම පරාක්‍රම සමුද්‍රය ගාවට ආවා. එතනින් කවුරුවත් නොයෙන තැනක් බලලා මම හීමීට ඇඳුම් ටික ගලවලා තියලා නා ගත්තා. රෙදි තෙමලා බැහැ. මොකද වේලගන්න විදිහක් නැනෙ. සීතලම සීතල වතුර කකුල්, කලවා, රහස් ප්‍රදේශය, බඩ, පපුව, බෙල්ල ගාවට ටික ටික එද්දි පොළොන්නරුවෙ ශක්තිය මයෙ ඇඟට කා වැද්දෙනවා වගෙ දැණුනා. ඒ වගෙම හිතේ තිබුණු දුක පාලුව, තනිකම මකා ගන්න වතුර යටට ගිහින් මම කෑ ගහලා ඇඬුවා. මයෙ අම්මා, නංගි ඉස්සරා කියා ගන්න බැරි දුකක් පාලුවක් තනිකමක් මට තිබුණා. කවුරු කොහොම මොනවා කීවත් මයෙ හිතට නොතේරෙන මයෙ අසරණකමක් මට දැණුනා. 

නිල් නෙතු පියා
ළඟ ඉන්නවද ඔයා
උණුසුම් කඳුලක් සලා
හිත ඇතුලින් වෙන් වී ගියා...

සිහින මල් මිටියාවතේ
ඔබ ඇඳි සිතුවම් තවමත් ඇතේ
නොමැකෙන ආදරබර හිතේ
ඔබ ගැහෙන රිද්මයයි හදවතේ...
#සංජන
------------------------------------------------------


‘I’m on the way…’ (දහසය වන කොටස)


(පරාක්‍රම සමුද්‍රය අසල ගත් සත්‍ය ඡායාරූපයකි.)

පරාක්‍රම සමුද්‍රයෙන් නාලා ගොඩට එද්දි අට විතර වෙන්න ඇති. මම ඒ තරම් නෑවද කියලා මටත් පුදුමයි. ඉට පස්සෙ එතනින් කදුරුවෙලට එන බස් එකක නැඟලා මම ටවුමට ආවා. අතේ තිබ්බ සල්ලි වලින් බිත්තර ආප්පයකුයි ආප්පයි කෑවා. ඉදලා හිටලා බිත්තර ආප්පයක් කන්න මට කොහොමත් ආසවක් තියෙනවානෙ. ඒක මේ දොළදුකක් නෙමෙයි... කැවා බීවා වගෙ නෙමෙයි.. දැන් අද රෑ කොහෙද ඉන්නෙ.. ඒ අස්සේ බඩත් ටිකක් අවුල් වගෙ. නොදන්න නගරයක හදිසියට බඩ නිදහස් කරගන්න කොහෙ යන්නද? ඒත් එක්කම කඩේට දෙවියෙක් වගෙ ස්ටේෂන් එකෙ එනවුස් එක ඇහුණා.

‘ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය තව ස්වල්ප මොහොතකින් මෙම දුම්රිය ස්ථානයට ලඟා වේ. එම දුම්රිය නවත්වන්නේ මින්නේරිය, හබරණ, ගල්ඔය සන්ධිය... ‘ එනවුස් අයියා ඒක කියාගෙන යද්දි මමත් බෑග් එක අරගෙන ස්ටේෂන් එක ගාවට ගියා.  ටිකට් කවුන්ටර් එක ගාවට ගිහින් එතනින් අඩුම ගාණට යන්න පුළුවන් තැන මොකද්ද කියලා බැලුවා.

‘ කොහාටද?...‘

‘ මින්නේරියට...‘ ළඟම තැන මම කිව්වා.... ‘කීයද?‘

‘ රු. 25යි...‘

‘ මොකක්....‘

‘ මින්නේරියට විසිපහයි මහත්තයා...‘

‘ වෙනදා ගන්නෙ දහයයිනෙ...‘ මම කිව්වා.

‘ මහත්තයා මේක ඉන්ටර්සිටිය. මේක ඊළඟට නවත්තන්නෙ මින්නේරියෙ...‘ පොරට යකා නැගගෙන එනවා වගෙ. ඇත්තමට මට මින්නේරියට යන්න ඕන නැනෙ. මට ඕන බඩ නිදහස් කර ගන්න. ‘ නයිට් මේල් එක අටට ගියා මහත්තයා... දැන් වෙලාව දහයාමාරයි...‘

‘ එහෙනං මට ට්‍රැක්ෆොම් එකක් දෙන්න... ‘ මම රුපියල් දහයක් දෙන ගමන් කිව්වා. ඒ මිනිහත් මඤ්ඤං වෙන්න ඇති. මින්නේරියට යන්න හදපු එකා මොකද මේ වේදිකා ටිකක් එකක් ගන්නෙ කියලා. මොනවා වුණත් මට ඒ ටිකක් එකක් දීලා හොඳට මයෙ මූණ දිහා බැලුවා.

මම ටිකත් එකක් අරගෙන ස්ටේෂන් එක ඇතුළට ගියා. එතන හිටපු එකෙන්ගෙන් ටොයිලට් තියෙන තැන අහගෙන ඒකට ගිහින් බඩ නිදහස් කර ගත්තා. ඒ අස්සෙ කොච්චිය ඇවිත් මට හූ කියාගෙන යනවා ඇහුණා. මට මොකද... මම ඕකෙ යන්නෙ නැනෙ... ටොයිලට් එකෙ ඉදලා මම එළියට එද්දි කවුන්ටර් එකෙ හිටපු මිනිහා ගේට්ටුව ගාව.

‘ ඇයි මහත්තයා ගියෙ නැද්ද...?‘

මේකා මේ මොකටද එන්න හදන්නෙ. මම වේදිකා ටිකක් එකක් අරගෙනනෙ ඇතුළට ආවේ. ඉතින් කෝච්චිය ගියා. මමත් යනවා. උට මොකද තියෙන අමාරුව.

‘ නැ... මම ඒ කෝච්චිය යන්න නෙමෙයි ආවේ. ටොයිලට් එකට...‘ මම හිනාවෙලා කිව්වා. ඒ මිනිහටත් හිනා.
‘ අයියෝ ඕක ඉතින් කිව්වනං නිකං යන්න දෙනවනෙ...‘

අහ් ඒක දැන්ද යකෝ කියන්නෙ. අපරාදේ මයෙ රුපියල් දහය. දැන් ඔයලා කියාවි මට රුපියල් දහයට මේකගෙ තියෙන ලෝභකම කියලා. ඒත් මම රුපියල් දහයත් ඉතුරු කරපු විදිහට ඔයාලට ඉස්සරාට තේරෙවි...

ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් මම ආයෙත් බස් ටෑන්ඩ් එකට ආවා. එතන දිල කොන්ක්‍රිට් බංකුවක බෑග් එක කොට්ටෙට තියාගෙන අත් දෙක බැඳගෙන මම ඇළ වුණා. මදුරුවනේ උඹලට අද ඕන තරං මයෙ ලේ බීපල්ලා. තාමත් උණුසුම් පිරිසිදු ලේ මයෙ ඇඟේ දුවනවා. ඒක නිසා පොළොන්නරුවේ උඹලට මම ගානේ පාටියක් කියලා හිතාගෙන මේ ලේ ඇති තරං බීපල්ලා. හැබැයි කන ගාවට ඇවිත් රස මදි කියන්න එපා. කොතනද බොන්නෙ අහන්න එපා. උඹලා බෙල්ලෙන් පහළ ඕන තැනකින් බීපල්ලා. මම ඉවසගෙන ඉන්නම්. වෙන මට කරන්න දෙයක් නැනේ...


කීවට නොතෙරෙන මදුරුවන්ගෙ කරදර හිරිහැර මැද්දෙ එහාටත් මෙහාටත් පෙරලෙන නින්ද නොනින්ද අතර මම පොළොන්නරුවේ පළවෙනි දවස ගෙව්වා. පහුවදා උදෙත් ස්ටේෂන් එකට ගිහින් නොමිලේ වැඩ ටික කරගෙන දත කට මැදගෙන මම එහෙම්ම ලෑස්ති වෙලා වෙලාව එනකල් බස් ටෑන්ඩ් එකට වෙලා හිටියා.

නෙතින් වැහෙන කඳුළු
ඉවසා පිසදා 
බලන්නම් ලොව දෙස
විමසා ගිවිසා
තනිවූ මසිත
හැරදා ගියදා
තවමත් නොයෙන මාවත
ඉන්නවා සැමදා....

----------------------------------------------------------------


‘I’m on the way…’ (දා හත් වන කොටස)





හතහාමාර අට විතර වෙද්දි බැංකුවේ අය එන්න පටන් ගත්තා. එතන දොර ගාව සිකුරිටි කෙනෙකුත් හිටියා. මම එතනට ගියෙ නැහැ. බැංකුව පේන නොපෙනෙන මානෙ හිටියා. මමත් සිකුරිටි ජොබ් එකට ආවා කීවාම එතන වැඩ කරන කෙනාට අප්සෙට් ගියොත් එහෙම. ඒක හින්දා මම බැංකුව අරිනකල්ම හිටියා. උදේට තාම කැවේ නැති හින්දා ආයෙත් බඩගිනි එන්න හදනවා වගෙ. තාම අතේ තියෙන්නෙ රුපියල් දෙදාහක් වගෙ. ඒක පඩි හම්බෙනකල් පරිස්සමෙන් වියදම් කරන්න ඕන.

බැංකුව ඇතුළට යන්න කලින් එතන තිබ්බ ටැප් එකකින් බඩ පිරෙන්න වතුර බීවා. බෑග් එකත් අරගෙන බැංකුව ඇරියට පස්සෙ මම දොර ගාවට ගියා.

‘දැන්ම ඇතුළට යන්න බැ මහත්තයා‘.... මම දොර ගාවට ගියාට පස්සේ එතන හිටපු සිකුරිටි කෙනා කිව්වා. ‘ තව පැය බාගයක් ඉන්න වෙනවා...‘

‘ මම මැනේජර් හම්බෙන්න ආවේ...‘ මම කිව්වා.

‘ කවුරු හම්බෙන්න වුණත් අටහාමාර වෙනකල් ඉන්න ඕන...‘ පොර ආයෙත් ටිකක් තරහින් කිව්වා.

උදේ පාන්දර මොකටද ඒ මනුස්සයාව තරහා ගස්සන්නේ. මම එළියේ තිබ්බ බංකුවක වාඩි වෙලා හිටියා. මෙච්චර පැය ගාණක් හිටපු එකෙ ඔය පැය භාගෙ මොකද්ද... ඇත්තටම අද ඉන්නෙ කොහෙද? කන්නෙ මොනවද? හරි විදිහටනං පඩි ගන්න පුළුවන් වෙයිද? බෝඩිමක් ගන්න වෙනවා. අහ් කැම්පස් එකෙ කෝස් එකත් බලන්න ඕනි නේද? මම බෑග් එකෙන් ඒ කොළ ටික ගත්තා. එකින් එක තෝරලා සති අන්තෙ තියෙන පාඨමාලාව විස්තර කොල ටික ගත්තා. සතියෙ දවස් වල උපාධීයක් කරන්නත් පුළුවන්.
සති අන්ත පාඨමාලා...






1. අධ්‍යාපන
2. ඉංජිනේරු තාක්ෂණය
3. සෞඛ්‍ය විද්‍යාව
4. මානව ශාස්ත්‍රය හා සමාජ විද්‍යාව
5. ස්වාභාවික විද්‍යාව







ප්‍රධාන මාතෘකා පහක් තියෙනවා. ඒවා එකින් එක විස්තර කරන්න එපා වෙනවා අප්පා.  ස්වභාවික විද්‍යා ගොඩ අස්සේ තිබ්බා ආයුර්වේද දෙක තුනක්. ඉංජිනේරු එක අස්සෙම ග්‍රැෆික් ඩිසයින්...

එකින් එකට මම බලාගෙන ගියා. සමහර ඒවා අවුරුදු දෙකයි. සමහර ඒවා අවුරුදු පහයි. ග්‍රැෆික්, පංචකර්ම, ඉංග්‍රිසි එක අවුරුද්දයි. ඉංජිනේරු, ගණකාධිකරණ ඒවා පහයි. එකට ලක්ෂ දෙකක් විතර වියදම් වෙනවා. ග්‍රැෆික් එකට ලක්ෂයයි. පංචකර්මෙට පනස්දාහයි. ඉංග්‍රිසි එකට තිස්දාහයි. රෙදි මහන වැඩේ, යන්ත්‍රසූත්‍ර වැඩේ මට හරියන එකක් නැහැ. මොකද මේ ජොබ් එක කරන ගමන් මට ඒක කරන්න බැනේ. එක්කෝ ග්‍රැෆික් එක හරි පංචකර්මෙ හරි තමයි කරන්න වෙන්නෙ.

මෙන්න මේ වැඩ ටික ඉවර වෙද්දි අටහමාර වෙලා. මම බැංකුව ඇතුළට ගියා. මැනේජර් වෙනම රූම් එකක හිටියෙ. බෑග් එක එතන තිබ්බ පුටුවක තියලා අපේ සර් දුන්න ලියුමත් අරගෙන මම ඇතළට ගියා. මැනේජර් හිනාවෙලා මම දිහා බැලුවා.

‘ ගුඩ් මෝර්නින්...‘ මම කියන්න කලින් මැනේජර් මට කිව්වා.

‘ ගුඩ් මෝර්නින් සර්...‘ මම කිව්වා. මම මැනේජර්ට විෂ් කරද්දි මැනේජර් මම දිහා පුදුමයෙන් බැලුවා. මම ලියුම මැනේජර්ට දුන්නා. මට වාඩිවෙන්න අතින් සන් කරපු මැනේජර් ලියුම දිග ඇරලා බලන්න ගත්තා.
 
‘ අහ් එතකොට ඔයයි අපේ අලුත් සිකුරිටි මහත්තයා...‘ මැනේජර් හිනාවුණා... මාත් හිනාවුණා. ‘ කොහෙද පුතාගෙ ගම් පළාත..?‘

‘ මම අනුරාධපුර සර්...‘

‘ අනුරාධපුර කොහෙද?‘

‘ගලෙන්බිඳුණුවැව සර්..‘

‘ එච්චරම දුර නැ එහෙනං.... අම්මා තාත්තා මොකෝ කරන්නෙ... කවුද පවුලේ ඉන්නේ... කියමුකො බලන්න විස්තර ටිකක්...‘

‘ තාත්තා නැ සර්. අම්මා තමයි අපිව ලොකු මහත් කරේ. මට තව නංගි කෙනෙක් ඉන්නවා....‘

‘ එහෙනං ලොකු වගකීමක් තියෙනවා නේද?‘

‘ඔව් සර්...‘

‘ දැන් උදේමද මෙහෙ ආවේ...‘

‘ ඊයේ හවස ආවේ සර්...‘

‘ මෙහෙ කොහෙද හිටියේ..? නැදැ ගෙදරකද?‘

‘ අනේ මට මෙහෙ කවුරුත් නැහැ සර්... මම ඊයේ බස් ටෑන්ඩ් එකෙ හිටියෙ...‘

‘ මොකක්...‘

‘ ඔව් සර්... ඉන්න තැනක් හොයගන්න ඕන...‘

‘ ඒකනෙ... බස්ටෑන්ඩ් එකෙ ඉදලා කොහොමද රස්සාවක් කරන්නෙ. මම කියන්නං ඔයා අද පොත අත්සන් කරන්න. අද ඉදලා වැඩ භාරගත්තා කියලා මම එහාට ලියුමක් යවන්නං. කොහොමත් ආයෙත් ඔයාලා ගැන එයාලා හොයන්නෙ නැහැ. අපිටනෙ ඔයාලව දැන් භාර. ඒක හින්දා බෑග් එක එහා පැත්තෙ කාමරෙන් තියලා ඔයා මේ ළඟින් ඉන්න තැනක් බලන්න. මේ පැත්තෙ ඕනි තරං බෝඩිං තියෙනවා. උදේට කාලා එහෙමද...?‘

‘ තාම කැවේ නැහැ සර්... සර් හම්බෙලාම මොකද කරන්නෙ කියලා බලන්න හිටියේ...‘

සර් නැඟිටලා පර්ස් එක ගත්තා. මට රු. 500ක් දුන්නා.

‘ ආ... මේක ගන්න...‘ මම අදි මදි කරා..‘ මේක ගන්න. ඉස්සෙල්ලා මොනවා  හරි බඩ පිරෙන්න කන්න. හවස හතරට මෙතනට ඇවිත් පිටවීම අත්සන් කරාම ඇති. අද රෑ ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. ඒක නිසා දැන් මේ ළග පාතින් අඩුවට ඉන්න තැනක් බලන්න. අතන ඔයාලගෙ පොත තියෙනවා. බය වෙන්න එපා. මෙතන ඔයාට පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්...‘ සර් හිනාවෙලා කිව්වා.

ඇත්තටම සර්ගෙ වචන ටික පුදුම විදිහෙ හයියක් වුණා. රස්සාවට බයෙන් හිටපු මයෙ බය සර් නැති කරා.

සර් කියපු විදිහට බෑග් එක තියලා පොතේ අත්සන් කරලා මම ආයෙත් බැංකුවෙන් එළියට ආවා. ටවුමට ඇවිත් කඩේකින් කාලා ආයෙත් බෝඩිං හොයාගෙන යන්න පටන් ගත්තා. වීල් පාර්ක් වලින්, කඩවල් වලින්, මඟදි හම්බෙන අයගෙන් අහගෙන අහගෙන මම බෝඩිං හෙව්වා. 

------------------------------------------------------------



‘I’m on the way…’ (දහ අට වන කොටස)



‘ අයියේ මේ පැත්තෙ බෝඩිං තියෙන තැනක් එහෙම දන්නෙ නැද්ද...?‘ හෙම්බත් වෙලා හිටපු මම තවත් කඩේකට ගිහින් ඇහුවා. පොර මම දිහා හොඳට බැලුවා.

‘ ඔයා කොහෙද ඉන්නෙ...‘ පොර මයෙන් ඇහුවා.

ආයෙත් මුල ඉදලා මයෙ ගම, රස්සාව, පවුලෙ විස්තර දැන ගන්න ඕනි දේවල් මම පොරට කිව්වා. පවුලේ විස්තර අහද්දි පොරට අප්සෙට් වගෙ දැනෙන්න ඇති.

‘ දැන් වයස කීයද?‘

‘ මට දැන් විසිපහක් වෙනවා අයියේ...‘ මම කිව්වා.

‘ විසි පහක්...‘

‘ ඔව්...‘

‘ මට විසි තුනයි තාම...‘ පොර හිනාවෙනවා. මට මාර හින්ට් එකනෙ අප්පා. කවුද හිතුවෙ. අනික ඒකට මෙච්චර හිනාවෙන්න ඕන නැනෙ. ‘ ඔයානෙ අයියා...‘ මේකා විහිලු කරනවා මට බෝඩිමක් හොයලා දෙන්නෙ නැතිව. ‘ මෙහෙම කරමු මම අදුරන ගෙයක් තියෙනවා. මම ඒක දැන් දවල් කෑමට ගියාම අහන්නං. ඔයාට පුළුවන්ද  හවස මේ පැත්තට එන්න...? මම රෑ හත අට වෙනකල් කඩේ ඇරලා තියෙනවා..‘

‘අනේ පුළුවන්නං ලොකු උදව්වක් මචං... ‘ මම පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තා.

‘ කීයකට වගෙද හොයන්නෙ...‘

‘ එහෙම තාම මම ගාණක් දන්නෙ නැහැ මල්ලි. ඔයා අහලා බලන්නකෝ කීයක් වෙනවද කියල....‘
‘ එතකොට කෑම බීම....‘

‘ ඒකත් මම තාම දන්නෙ  නැහැ. එහෙං කෑමත් ගන්න පුළුවන් වෙයිද?‘

‘ හරි මම විස්තර අහලා හවසට කියන්නංකො...‘

මයෙ හිතට යන්තං සැනසුමක් දැණුනා. ආයෙත් දවල්ට කාලා තවත් ටිකක් ඇවිදින්න පටන් ගත්තා. ඒක හරියටම මුළුමනින්ම ෂුවර් කරන්න බැනෙ.  කෝකටත් කියලා තව තැනක් බලන්න එපැයි. කෝච්චි පාර දිගෙ මම උඩහට ඇවිදගෙන ගියා. ටිකක් දුර යද්දි පීල්ලෙ වාඩිවෙලා ඉන්න කොල්ලෙක් හිටියා.

‘ අයියේ මේ පැත්තෙ බෝඩිං එහෙම නැද්ද...?‘

පොර පුදුමයෙන් මම දිහා බැලුවා.

‘ බෝඩිං කොහෙද බං මෙහෙ...‘ පොර ඕනාවට එපාවට කිව්වා..‘ කොහෙද උඹ...?‘

‘ අනුරාධපුර...‘

‘ අනුරාධපුර කොහෙද?‘

‘ ගලෙන්බිඳුණුවැව...‘

‘ ගලෙන්බිඳුණුවැව....‘

‘ ඔව්.... පඩිකාරමඩුවේ...‘

‘ අහ් එහෙමද? උඹ දන්නවද රංබණ්ඩා මාමා... අර හන්දියෙ ලොකු කඩයක් තියෙන්නෙ...‘

අම්මට සිරි මේ කියන්නෙ අපේ ගමට හැරෙන තැන තියෙන කාඩෙනෙ..

‘ ඔව් ඔව්... අපි බඩු ගන්නෙ ඒ කඩෙන් තමයි...‘

‘ හාහාහා උඹලා බඩු ගන්නවා විතරද? බඩු ගහන්නෙ නැද්ද...?‘ පොර මයෙ කන කාවට කට ලංකරා. ‘ අලුත් මල් එහෙ තියෙනවා නේද බං...‘

මම හිනාවුණා. මේකා මේ මල් කිව්වෙ මොනවද කියලා ඔයාලා දන්නවානෙ... ඒත් එක්කම ඈතින් කෝච්චියෙ සද්දෙ ඇහුණා.

‘ යමන්කෝ ගෙට...‘  පොර මට ගෙදරට කතා කරා. රේල් පාරෙම එහා පැත්තෙ ඇතුළට වෙන්න තිබ්බ මැටි ගහපු පොඩි ගෙදරකට මාව එක්කන් ගියා.

‘ අම්මා....‘ පොර කතා කරා. ‘ අම්මේ.... ගෙදර නැ  බං එක විනාඩියක්. මොකා එක්ක හරි යනවා හෑල්ලක් කියවන්ඩ...‘

‘ කවුද යකෝ කියවන්ඩ ගියේ...‘ අත් දෙක පිහදාන ගමන් සායකුයි හැට්ටෙකුයි ඇඳගත්ත එච්චර වයස නැති නැන්දා කෙනෙක් ආවා.

‘ අහ් ඉන්නවා ඉන්නවා. අද නිවාඩු වගෙ...‘ පොර හිනාවෙලා කිව්වා. ‘ අම්මෙ මේ රංබණ්ඩා මාමාලගෙ ගෙවල් ලග කෙනෙක්...‘

නැන්දා මයෙ දිහා හිනාවෙලා බැලුවා.

‘ පුතා අඳුරනවද රංබණ්ඩයියව... අපේ පුතාළගෙ තාත්තාගෙ ලොකු අයියා තමයි ඒ...‘ නැන්දා මට විස්තර කරලා දුන්නා. ‘අපිනං ඇයි හොදයික් නැහැ. තාත්තත් එකයි, මහප්පත් එකයි... ‘

‘හරි ඉතින් ඒවා මෙයාට කියලා වැඩක් නැනේ... මෙයා මේ බෝඩිමක් හොයනවා...‘ පොර අම්මට කිව්වා.
‘ පුතා මෙහෙ මොකක් හරි ජොබ් එකක් කරනවාද?‘

‘ ඔව් නැන්දෙ... ‘

‘ ඒ මොකද්ද...?‘ නැන්දා ඇහුවා.

‘ මටවත් ඒක අහන්න බැරි වුණා.... ‘ පොර කිව්වා. ‘ඇත්තටම මොකද්ද බං ජොබ් එක...?‘

‘ මට ලංකා බැංකුවේ සිකුරිටි ජොබ් එකක් හම්බුණා නැන්දෙ. අද ඉදලා තමයි වැඩ කරන්න තියෙන්නෙ. සර් කිව්වා අත්සන් කරලා දැනට ඉන්න තැනක් බලන්න කියලා...‘

‘ බැංකුවේ මැනේජර් මහත්තයා හරි හොඳයි තමයි. කාට ගියත් හිත පිරෙන්න කතා කරලා තමයි එවන්නේ....‘

‘ මැනේජර්ගෙ හිත පිරෙන කතා වැඩක් නැනෙ දැන්...‘ පොර අම්මට හරහට කතා කරා. ‘ මෙයාට ඉන්න තැනක් මෙහෙන් නැද්ද...?‘

‘ අනේ පුතේ පේනවානෙ මේ ගෙදර හැටි... සාලෙයි මේ කාමරෙයි කුස්සියයි විතරයි තියෙන්නෙ. සාලේ තියෙන ඔය ඇඳේ තමයි මෙයා නිදාගන්නෙ. මමයි දුවයි මේ කාමරේ... වහිද්දි මේ මුළු ගේම තෙමෙනවා. කොහෙද ඒවා හදලා දෙන්න කිව්වට කිසි ගාණක් නැනේ... රජයේ රස්සාවක් කරන අයගෙ ගෙවල් මෙහෙමද තියෙන්නෙ....‘

‘ අනේ අම්මේ මේ...‘ පොර නැඟිට්ටා. ‘ හම්බකරන හැම සතේම මම ගෙදරට නේද කඹුරන්නෙ. මොකද මම තනියම කාලා බීලා නාස්ති කරනවා වගෙනෙ කියවන්නෙ... මඟුල....‘

නැන්දා මම දිහා බැලුවා. පිට කෙනෙක් ඇවිත් ඉද්දි මෙතන රණ්ඩු සරුවල් කර ගන්න එක හරිද අප්පා. මම හින්දා මේ අම්මලා පුතාලා රණ්ඩු කරන එක හරි නැනේ.. මමත් නැඟිට්ටා...

‘ ඉන්න පුතේ මම තේ කහට එකක් හදන්නං...‘ නැන්දා කිවා.

‘ කමක් නැ නැන්දේ..‘

‘ තේ බොන්න හිතෙනවද මෙහෙම ගෙදර ආවාම රණ්ඩු වෙද්දි... නේද මචං..‘ පොර හිනාවෙලා කිව්වා.
නැන්දා කුස්සියට ගියා තේ හදන්න.

‘ මටනං අවුලක් නැ මචං. උඹ කැමතිනං මෙහෙ හිටපන්....‘

මම ගේ වටේට ඇස් යවලා බැලුවා. ඇත්තමට ඒක පොඩි ගෙයක්. අම්මයි, පුතයි, දුවයි ඉන්න. කෙල්ලෙක් ඉන්න පිට ගෙදරක බෝඩිං වෙන එක නාකයි. නැති කරදර ඇති වෙන එකයි ඒකෙන් වෙන්නෙ. ඒක හින්දා හිතට එකඟව බස් ටෑන්ඩ් එකෙ නිදා ගත්තත් මේ ගෙදර ඉන්න එක කරන්න බැහැ. ඒත් මම ඒක කිව්වෙ නැහැ.

‘ මම තව තැන් දෙක තුනක් බැලුවා යාලුවා. බලමු නේද අපි....‘ මම කිව්වා

‘ අපිට වෙනම දෙන්න කාමරයක් නැ බං. ඇටෑච් බාත් රූම් ෆෑන් ටයිල් එවා එකින් සුකුරුත්තං දවල් හීන... මේක තමයි ගෙදර... කැමති වෙලාවක වරෙන්. උඹේ ගෙදර වගෙ කියලා හිතාගනින්...‘

පොර හිනාවෙලා කිව්වා. ඇතත්මට මට පුදුම හිතුණා. අහම්බෙන් හම්බෙලා මෙහෙම තමන්ගෙම අය වෙන අය ඉන්නවද? මේ යාලුවා ඒ හැමදේම කිව්වෙ ගොඩක් විශ්වාසෙන්. හිතේ එකක් තියාගෙන මාව රවට්ටන්න කිව්වා නෙමෙයි. අනේ මන්දා ඇයි මෙහෙම මාව එක පාර විශ්වාස කරේ කියලා. මොනවා වුණත් දැනට මට පොළොන්නරුවේ ඉදලා හිටලා හරි ඇවිත් යන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක්. නැන්දා හදලා දුන්න තේ එකත් බීලා මම ගෙදර අයත් එක්ක ටිකක් කතා කර කර හිටියා.


එළියෙ තිබුණු බංකුවක වාඩි වෙලා මම ඒ යාලුවට මයෙ ඇත්තම විස්තර කිව්වා. මයෙ අම්මගෙ රස්සාව. මම කරපු කලින් රස්සා. මේ රස්සාවට එන්න හේතුව. පොර හරිම අවධානෙන් ඒවා අහගෙන හිටියා. අපි කතා කරන අස්සේ නැන්දා දවල්ට උයලා. අනේ මන්දා මෙහෙම හිතවත්කමක්... 

-------------------------------------------------------------------



‘I’m on the way…’ (දහ නව වන කොටස)






අලුත් යාලුවගෙ ගෙදරින් දවල්ට කාලා මම රේල් පාර දිගේ එහෙම්ම බැංකුවට ගියා. තුනට බැංකු වහනවා. එතනින් පස්සේ තමයි එතන ඇතුළේ අයට වැඩ තියෙන්නෙ. සේරම එදිනෙදා සිදු වෙච්ච ගණුදෙණු කටයුතු සමබර කරලා යන්න වෙනවා. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඒක එදාම විසඳගන්නවා.

‘ කොහොමද බංඩාර...‘ මම සර් ගාවට යද්දි සර් ඇහුවා. ‘ බෝඩිමක් හොයාගත්තද?‘

බංඩාර කිව්වාම මොකද මයෙ නම තාම හරියට කිව්වෙ නැහැ නේද? ඒක ගිහංස රංගනාත් බංඩාර කියලා දා ගන්න. ඉස්සර රජවරු විදි සංචාරෙ ගියාම හැදෙන ළමයිට තමයි බංඩාර කියන නම ඉස්සර දාලා තියෙන්නෙ. ඒ කියන්නෙ කොහෙන් කොහෙන් හරි මයෙ ඇඟේ දුවන්නෙත් රජ කෙනෙක්ගෙ ලේ තමයි. ඒත් ඒ රජ්ජුරුවෝ කවුද කියලා මම දන්නෙ නැහැ. මට වඩා නංගි අවුරුදු ගාණක් බාල වුණත් මයෙ තාත්තා කවුද කියලා මම දන්නෙ නැහැනෙ. ඒක ඒ දවස් වල අම්මගෙන් ඇහුවා. ඒත් තෙරෙන කාලේ වෙද්දි වෙලා තියෙන්නෙ මොකද්ද කියලා මටත් තේරුණා. ඒක නිසා ආයෙත් මම ඒක අම්මගෙන් අහන්න ගියෙ නැහැ.

‘ බෝඩිං දෙකක් හම්බුණා සර්...‘ මම කිව්වා.‘ හවස එකක් බලන්න එන්න කිව්වා....‘

‘ හවස කීයටද?‘

‘ පහට හයට වගෙ සර්...‘

‘ එහෙමද?‘

‘ එහෙනං බංඩාරට යුනිෆෝම් එකක් මහන්න දෙනකල් අද හවස හයේ ඉදලා උදේ හය වෙනකල් වැඩ කරන්න තියෙන්නෙ. ඊට කලින් අර කීව බෝඩිම බලලා එන්න. අපි මේ හැම දොරක්ම වහලා ලොක් කරලා සීල් තියෙනවා. ඔයාලට ඇඳුම් මාරු කරන්න. නාන්න... වොෂ් රූම් යන්න එහා පැත්තෙ ටොයිලට්, වොෂ් රූම් තියෙනවා....‘ මැනේජර් සර් මට සේරම දරුවෙක් වගෙ කියලා දුන්නා. සර් මට බැංකුවේ වටේ ගිහින් එවා පෙන්නලා කියලා දෙද්දි අනිත් අය අමුතු විදිහට මම දිහා බලන්න ගත්තා.

ඉතින් දෙයියනේ මෙතන නාන්න කරන්න සේරම තියෙනං මම අමුතුවෙන් බෝඩිං හොයන්නෙ අපරාදෙනෙ. මෙතනම ඉන්න බැරි වෙයිද දන්නෙ නැහැ. කමක් නැහැ ඒක හිමින් සැරේ ලයින් කරලා බලන්න ඕන.
සර් කියපු විදිහට මම ආයෙත් අර මල්ලි හම්බෙන්න කඩේට ගියා. හතරාමාරට විතර ඇති. මම ඇවිත් කඩේ ගාව ඉස්සරා ටිකක් කැරකි කැරකි ඉද්දි පොර එළියට ආවා.

‘ මම නිසා අවුල් නේද මල්ලි...‘ මම කිව්වා. ‘ මොනවා කරන්නද හලෝ... වෙන කරන්න දෙයක් නැනේ මට...‘

‘ අයියෝ නැ අයියා. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්... අපි අපිට උදව් කර ගන්න එපැයි බං... මම ඇහුවා. ඒ ගෙදර කාමරේනං ඕකෙ. හවස් වෙද්දි අස් කරලා තියන්නං කිව්වා.... දැන් ඔයා ෆ්‍රි නං යමු බලලා එන්න...‘

‘ ඒකට තමයි මම දැන් ආවේ මල්ලි... ඒත් කඩේ..?‘

‘ අහ් මේක විනාඩි පහකට දහයකට වැහුවා කියලා මට ලක්ෂ ගාණක් පාඩු වෙන්නෙ නැ අයියා...‘ පොර කිව්වා. ඒත් එක්කම දොර වහලා ලොක් කරලා ‘ යමු අයියා...‘ කියලා ඉස්සර වුණා.

‘මේ හන්දියට කියන්නෙ සයිමන් හන්දිය කියලා. එහා පැත්තෙ ෆුඩ් සිටි එක... මේ පාර කෙලින්ම ගියාම මඩකලපුව. එහා පැත්ත ගම් වලට. මේ පාරත් කෙලින්ම ගිහින් ආයෙත් නව නගරෙට  යන්න පුළුවන්..‘ මල්ලි වටේ තිබ්බ පාරවල් වලට අත් දිග් කර කර මට කියලා දුන්නා. ‘ හැබැයි අයියා කන්න වෙන්නෙ කඩෙන්. නැන්දට කෑම දෙන්න විදිහක් නැති වෙයි... බලමුකෝ අපි මොනවා හරි කරන්ඩ...‘

හන්දියෙ ඉදලා මීටර් සීයක් වගෙ ඇතුළට ගිහින් ඇලකින් එහා පැත්තට පැනලා ඒ ළග තිබ්බ ගෙයක් ගාවට මාව එක්කන් ගියා.

‘ නැන්දේ.... නැන්දේ...‘ මල්ලි කතා කරා... සායකුයි හැට්ටෙකුයි ඇඳ ගත්ත නැන්දා කෙනෙක් එළියට ආවා...  ‘ මේ අර මම කියපු අයියා... කාමරේ බලන්න ආවේ...‘

නැන්දා මූණ දිහා බලලා හිනාවුණා...

‘ ඔහොම ඉස්සරායින් එන්න පුතේ...‘ නැන්දා ආයෙත් කුස්සිය පැත්තෙන් ගේ ඇතුළට ගියා. අපි දෙන්නා ඉස්සාරායින් ගියා...‘ මේක තමයි කාමරේ...‘ ඉස්සරා තිබ්බ කාමරයක් දොර ඇරලා නැන්දා පෙන්නුවා. ඇඳවල් දෙකක් දාලා පොඩි ජනේලියක් තිබුණු කාමරයක්. සිවිලිම් ගහලා නැහැ. ටයිල් කරලා නැහැ. මේසයක් පුටුවක් දාලා තිබ්බා. ට්‍රවල්රැක් එකක් තිබ්බා.

‘ මේකෙ ඉස්සර දෙන්නෙක් හිටියා. පස්සෙ එයාලා ගියා. පුතා තනියමද ඉන්නෙ...‘

‘ එහෙම එකක් නැ නැන්දේ... තව කවුරු හරි හිටියත් අවුලක් නැහැ. පාලුවටත් එක්ක...‘

‘ ටොයිලට් එකයි ෂවර් එකයි එහා පැත්තෙ තියෙනවා. මේක එළියෙ තියෙන කාමරයක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. පුතාට කැමති වෙලාවක එන්න යන්න පුළුවන්...‘ නැන්දා කිව්වා.

‘ මෙකෙ ගණන් කොහොමද නැන්දෙ...‘ මල්ලි නැන්දගෙන් ඇහුවා.

‘ කලින් දෙන්නගෙන් නම් එක්කෙනාගෙන් හාරදාහ ගානෙ තමයි ගත්තෙ...‘ නැන්දා කිව්වා.

මට දාඩිය දැම්මා. මොකක් මාසෙට හාර දාහක්... පඩියත් කීයද තාම දන්නෙ නැහැ. කෑම බීම නැතිව මේ කාමරේට විතරක් හාරදහක් එක්කෙනෙක්ගෙන... දෙන්නාගෙන් අට දාහයි. දැන් මම විතරක් හින්දා අටදාහක් දෙන්න වෙනවද ඒ කියන්නෙ... බුදු සන්තෝ...

‘ ඒ කියන්නෙ අටදාහක් වෙනවද තනි කෙනාට...‘ මල්ලි ආයෙත් ඇහුවා...

‘ නැ... පුතා තාම ඉගෙන ගන්නවා කිව්වනෙ. අනික සිකුරිටි ජොබ් එක හින්දා වැඩි පඩියක් හම්බෙන්නෙ නැතුව ඇතිනෙ නේද...?‘ නැන්දා කිව්වා.

මම හිනාවුණා...

‘ පුතා තුන්දාස් පන්සීයක් දෙන්න මාසෙට. හැබැයි පළවෙනි මාසේ සල්ලි කලින් ඕන... මොකද නැත්තං කලින් ගියොත් මට තව කෙනෙක්ට දෙන්නත් බැරි වෙනව...‘


තුන්දාස් පන්සීයක්... දාහෙ කොළ මයෙ ඔලුව වටේ කරකැවෙන්න පටන් ගත්තා...

----------------------------------------------------------------------------


‘I’m on the way…’ (විසි වන කොටස)   

                                         


(අපේ හේන)


වෙන බෝඩිමක් හම්බෙනකල් එතන ගෙදර කාමරේ ඉන්න මම කැමති වුණා. වෙන කරන්න දෙයක් නැනෙ. හදිසියෙ වෙන තැනක් හොයාගන්නත් බැනෙ... එදා රෑ මම බැංකුවේ නයිට් කරන්න වැටුණා. අපිට සිටිලින්ක් ෆොන් එකක් දීලා තිබ්බා. එකෙන් පැයෙන් පැයට සර් ගාව තිබ්බ සිටිලින්ක් එකට අපි මිස්කොල් ගහන්න ඕනි. ඒ අපි නිදා ගන්නවද කියලා බලන්න වෙන්න ඇති. මම මයෙ ෆෝන් එකෙ එලාම් එක තියා ගත්තා. හවස බෝඩිම බලලා යන ගමන් රෑට කන්න කෑම එක්ක අරන් ගියා. හයට ඔෆ් වෙන සිකුරිටි අයියා මට කරන්න ඕනි වැඩ ටික කියලා ගියා.

හා හා පුරා කියලා ඉස්සෙල්ලාම මම ආයෙත් පොතේ හයට ඔන් වෙලා පළවෙනි මිස් කෝල් එක ගැහුවා. ඒ කරලා මයෙ ෆෝන් එකෙ හයයි පනස් පහට එලාම් එක තියාගත්තා. ඊයේ ආවත්  හරි අම්මට කෝල් එකක් ගන්න බැරි වුණානෙ. පළවෙනි මිස් කෝල් එක ගහලා මම අම්මට කෝල් එකක් ගත්තා. මටත් අම්මටත් සාමාන්‍ය ෆෝන් තිබ්බා. එදා වෙල දුක් විඳලා කන අපිට කොහොමද ෆෝන් තිබ්බෙ කියලා හිතන්න තරම් ඔයලා පටු අය නොවෙයි කියලා මම හිතනවා. මොකද දැන් හිඟන්නෙක් ළඟ වුණත් ෆෝන් එකක් තියෙනවනෙ. ඒක ටච්ද? ගැලෙක්සිද? මොකද්ද කියන එක වැඩක් නැනෙ. මේක මේ සාමන්‍ය එක්දාස් පන්සියට වගෙ තියෙන එකක්. අම්මගෙ එක කවුද උගස් කරපු එකක්. ඒකත් වැඩි වටිනාකමක් නැහැ. එය කෝල් එකක් ආන්සර් කරන්නයි... එකෙන් කෝල් එකක් ගන්නයි විතරයි අම්මා දන්නෙ. නංගිනං සමහර වෙලාවට අරගෙන මිස් කෝල් ගහනවා.

රින්ස් දෙකක් විතර යද්දි නංගි ෆෝන් එක ආන්සර් කරා...

‘ අයියෝ....‘ නංගි කතා කරා. ‘ අම්මට පපුවෙ අමාරුව හැදුනෙ නැති එක විතරයි අනේ... මොකද කතා කරේ නැත්තෙ. අපි කොච්චර කෝල් ගත්තද? ඔයාට කොහොමද...? ගියට පස්සෙ කොල් එකක් දෙන්න එපැයි අයියේ....‘

‘ ඊයේ මහන්සියටම මට නින්ද ගියා නංගි... කෝ දැන් අම්මා...‘
‘ අම්මා ගියා වතුර අදින්න. තව බැරල් එකක් ලිපේ අයියේ... මමත් වතුර ටිකක් ඇඳලා දීලා අවේ...‘

‘ මම ඉක්මනින් ඔයාලාව ඔය අපායෙන් ගොඩට ගන්නවා නංගි... පුළුවන් තරං ඉක්මනින්...‘

‘ ඒක නෙමෙයි.. කොහොමද ඔයාගෙ වැඩ ඉතින්.. හොඳයිද?‘

‘ අවුලක් නැ නංගි. මැනේජ්ර් මහත්තයා හරි හොඳයි. මම අද නයිට් එක. දැන් මේ වැඩ කරන ගමන්. ඉන්න තැනකුත් මේ ළඟින් හොයා ගත්තා....‘

‘ බෝඩිමක්...‘

‘ ඔව්...‘

‘ එතකොට කන්නෙ...‘

‘ කඩෙන් තමයි කන්න වෙන්නෙ...‘

‘ අයියෝ... එහෙමද?‘

‘ කෝ ඉතින් ෆොන් එක අම්මට දෙන්නකො...‘ මම නංගිට කිව්වා.

‘ ඉතින් මටත් ටිකක් කියනවකෝ අයියේ...‘ නංගි හුරතල් වෙන්න ගත්තා... ‘ නැත්තං මම ආයෙත් වෙනම අම්මගෙන් අහන්න එපැයි ඒ විස්තර...‘

‘ හරි අම්මා ගාවට ගිහින් ස්පීකර් දාන්නකෝ. එතකොට දෙන්නටම ඇහෙනවනෙ...‘ මම හිනාවෙලා කිව්වා.
නංගි හතිදාගෙන දුවනවා ඇහුණා...

‘අම්මා.... අම්මා...‘ නංගිගෙ කට තමයි කට... අයෙ මොකද අම්මගෙ දුවනෙ ඉතින්. ‘ අයියා කතා කරනවා... අම්මෝ....‘

‘ පුතේ....‘ අම්මගෙ කට හඬ... ‘ ඇයි මයෙ දෙයියෝ ගිහපු ගමන් කතා කරේ නැත්තෙ.. පපුවෙ ගින්දරේ හිටියේ. මම කතා කරද්දිවත් කතා කරන්ඩ එපැයි රත්තරනේ....‘

‘ අනේ මම ටිකක් වැඩ වැඩි වුණා අම්මෙ...‘ මම කිව්වා. ‘ දැන් තමයි ටිකක් නිදහස් වුණේ. මෙහෙ සර් හරි හොඳයි අම්මේ. අද මම නයිට් එක. හෙට මේ ළඟින්ම ඉන්න තැනක් හොයා ගත්තා.‘

‘ කන්න බොන්න කොහෙන්ද පුතේ... උඹ අතට හරියට කීයක්වත් අරගෙන ගියෙත් නැහැ.... කීයද දැන් ඉන්න තැනට...‘

‘ එතනට රු. තුන්දාස් පන්සීයයි අම්මෙ. කෑම බීම කඩෙන් කන්න වෙනවා. ටිකක් කට්ට කන්න වෙනවා අම්මෙ...‘

‘ අනේ මං කිව්වනේ පුතේ... උඹට ඕක හරි යන්නෙ නැහැ. මෙන්න මෙ ගෙදර වෙලා පාඩම් වැඩ ටික කර ගනින්. මට තාම හයිය තියෙනවා උඹට උගන්නන්න....‘


‘ හරි හරි... අම්මා දැන් මේ රෑ වෙලා වතුර අදින්න එපා. දැන් ගෙට යන්න. තියෙන වැඩක් උදේ කරන්න. මම හෙට ආයෙත් කෝල් එකක් ගන්නම්. මම දැන් අත්සන් කරන්න යන්න ඕන. එහෙනං මම තියන්නං අම්මෙ. පරිස්සමෙන් නංගි එක්ක වැඩ ටික කරගෙන ඉන්න. නංගිව ඉස්කෝලෙ යවන්න. තෙරුවන් සරණයි අම්මේ....‘ මම ටක් ගාලා කියලා ෆෝන් එක තිබ්බා. වැඩිය කතා කරන්න ගියොත් අම්මා අවුට් යනවා. මොන දේ වුණත් මේ ජොබ් එක දැන් මට දාලා යන්න බැහැ. මොන කට්ට කාලා හරි මේක කරගෙන යන්න වෙනවා.

පොළොන්නරුවේ රස්සාවක් හින්දා ගෙවන පළවෙනි රාත්‍රිය... මම එළියට ඇවිත් කොහොඹ ගහ ගාව බංකුවේ වාඩි වුණා. කිසිම වළාකුළක් නැති අහස හරියට මයෙ ජීවිතේ වගෙ. ඒත් අතරින් පතර තියෙන තරු මොනවද? අනේ මන්දා... මටත් ඒ අහසේ තරුවක් වෙන්න තියෙනවනං... 

---------------------------------------------------------

(21 සිට 30 දක්වා කියවන්න...)

http://kkandulu.blogspot.com/p/im-on-way-21-30_2.html

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...