හතලිස් එක් වන ප්‍රාර්ථනය
‘අප්පච්චි............... අප්පච්චි............... ‘ මම කතා කරා. වෙලෙ පේන්න නැනේ... කෝ මෙයා... උඩහ වෙල්ලට ගිහින්වත්ද?
‘අප්පච්චි...........‘
මම වේල්ල තියෙන තැනට ආවා. වතුර බෙදෙන්නෙ මෙතනින්. මයිල ගහ තියෙන්නෙ මෙතන තමයි. අම්මා කීව නිසාම මම උඩ බැලුවා. අප්පච්චි කොළයක් දිග ඇරගෙන කියවනවා.
‘අප්පච්චි...‘ මම කතා කරා. අප්පච්චි මම දිහා බැලුවා. බල බලා හිටිය කොලේ නමලා ගහේ අත්තක ගැහුවා. සට බට ගාලා ගහෙන් බැස්සා...
‘මයෙ පුතෙ....‘ අප්පච්චි මාව බදාගත්තා. ‘උඹ ආවා නේද?...‘ අප්පච්චිගෙ ඇස් වල කඳුළු...
‘ඇයි අප්පච්චි මේ අඬන්නෙ...‘ මම කඳුළු පිහදාන ගමන් කිව්වා. ‘ දැන් හොදටම දවල් වෙලා.. කෑම කලා ඉන්න...‘
‘උඹ දැක්කාම හිත පිරුණා පුතෙ... බඩගින්නත් ගියා. අනේ උඹ හොදටම ඇදිලා ගිහිං මයෙ පුතෙ.... උඹ හුගක් දුක් විදලා තියෙනවා....‘
‘අනේ නැහැ අප්පච්චි... ‘
‘උඹට අප්පච්චිට බොරු කරන්න බැහැ පුතෙ.. උඹට කොළඹට අයිති වුණාට උඹට කොළඹ අයිති නැහැ දැන්....‘
මොකද්ද ඒ කතාවෙ තේරුම...
‘ඒ කිව්වෙ ....‘
‘මම මැරෙන්න කලින් මේ කතාව උඹට කියන්න ඕන මට....‘
‘මොන කතාවද අප්පච්චි...?‘
‘මේක දිග කතාවක් පුතෙ...‘
‘උඹේ අප්පච්චි මෙච්චර කල් හංගගෙන හිටිය කතාව. හිතේ වද දීදී මට කාටවත් කියාගන්න බැරිවුණු කතාව මයෙ පුතෙ... උඹවත් මාව තේරුං අරගෙන මේ බරෙන් මාව නිදහස් කරපන් මයෙ පුතෙ...‘
‘අනේ අප්පච්චි දැන් කලා ඉන්නකො.... මම දැන් අප්පච්චි ගාව ඉන්නවනෙ... බය වෙන්න දෙයක් නැහැ. මම මයෙ අප්පච්චිට පණටත් වඩා ආදරෙයි.... දැන් අප්පච්චි බත් කන්න.. මම වෙල්ල බලාගෙන එන්නං...‘ මම බත් එක අරගෙන අප්පච්චි අතට දුන්නා. වතුර බෝතලෙත් එකෙම තිබුණා. අප්පච්චි මම දිහා බැලුවේ හරිම සංවේදි බැල්මක්....
අප්පච්චි පොඩි ළමයෙක් වගෙ වෙලා. කියන කරන දේ තේරෙන්නෙ නැහැ වගෙ. මම නැති කාලේ ගොඩක් දේ වෙනස් වෙලාද?
මම උදැල්ලත් අරගෙන වෙලට ආවා. පිරුණු තිබුණු ලියදි ටික වහලා අනිත් ලියදි වලට වතුර කැපුවා. අප්පච්චි හැමදාම වතුර හරවන්න ආවම අපේ වෙලට කලින් ඒ ළගම තියෙන අනිත් වෙලට වතුර හරවනවා. ඇහුවාම කට පියාගෙන හිනාවෙනවා. හිනාවෙලා ‘යුතුකම් ඉටුකරන්න ඕන පුතේ.. ‘ කියනවා. මොන යුතුකමක්ද මන්දා. රෑ පුරාවට අපේ ලියදි පුරවන්න දගලන්න ඕන නැහැනෙ එක පාරම මේ ලියදි ටික පිරෙව්වනං...
මොකද්ද අප්පච්චි මට කියන්න තියෙනවා කියපු කතාව. මොකක් වුණත් ඒක අප්පච්චිට වද දෙන කතාවක් වෙන්න ඕන. හැමදාමත් අප්පච්චි හිතෙන් විදවපු කතාවක් වෙන්න ඕන. නැත්තං මේ තරං අසරණ විදිහට අප්පච්චි එහෙම කියන්නෙ නැහැ මට. අෂිගෙ කතාව, ඩොක්ටර්ගෙ කතාව, සංජනගෙ කතාව අහපු මට දැන් මයෙම අප්පච්චිගෙ කතාවත් අහන්න වෙලා. කලින් කතා සේරටම මම සම්බන්දයි වටින් පිටින් හරි. දැනගන්නම ඕන දැන් මොකද්ද මේ අප්පච්චිගෙ කතාව කියලා.
මම වේල්ලෙ උඩහ ඉදලා අයෙත් වෙලට එද්දි අප්පච්චි වෙලේ නියරක් උඩ ඉදගෙන හිටියා. ලොකු කල්පනාවක් වගෙ...
‘අප්පච්චි දැන් ගෙදර යන්න... මම වතුර ටික හරවලා එන්නං..‘
‘අනේ පුතේ උඹ අදනෙ ආවේ.. මහන්සි ඇති උඹට...‘
‘අනෙ නැහැ අප්පච්චි. මොකද මම කොළඹ ඉදලා පයින් ආවා යැයි...‘
‘කමක් නැහැ මමත් ඉන්නං. මොකද ගෙදර ගියා කියලා අහවල් කෙන්ගෙඩියක් කරන්න කියලද?‘
‘අප්පච්චි මහන්සි වෙන්න එපා. අසනීපවුණා කිව්වා නේද ?‘
‘අප්පච්චි දැන්ම මැරෙන්නෙ නැහැ පුතෙ... අප්පච්චිට දුන්න වගකීම අප්පච්චි ඉෂ්ට කරා....‘
‘මොකද්ද අප්පච්චි වගකීම...‘
‘උඹව හොදින් බලාගත්ත එක පුතේ...‘
අම්මා කිව්වා වගෙ අප්පච්චි විකාර කියනව තමයි. මටවත් තේරෙන්නෙ නැහැ මොනවද මේ කියන්නෙ කියලා. තවත් මේවා කතා කරන්න ගියොත් මගෙ ඔලුවත් අවුල් වෙනවා. අප්පච්චි කියනවා කිව්ව කතාව මේකද? අප්පච්චිව තේරුම් ගන්න මම ඒ කතාව අහන්න ඕන. ඒත් ඒක අහන්න තරං මානසික මට්ටමක් තවම මට නැහැ. ඇත්තමට කොළඹ ගමනින් හෙම්බත් වෙච්ච මම තාමත් හති අරිනවා. මට ටික දවසන් දෙන්න අප්පච්චි... මම ඔයා කියන හැම දෙයක්ම අහන්නං. ඔයා ගාවම ඉන්නම්...

--------------------------------------------------------
හතලිස් දෙවන ප්‍රාර්ථනය
මල්ලි විහඟ...
ඔයා අනිවාර්යෙන්ම විභාගය පාස් වෙන්න උත්සහා කරනවා නේද? එකෙ ඔයා අනිවාර්යෙන්ම ඒක කරනවනං කවුරු කොහොම මොනවා කිව්වත් මම ඔයාට උදව් කරනවා. ඇස් කන් කටවල් තියෙන මිනිස්සු ඕන දෙයක් කියාවි. මට කමක් නෑ. ඔයාගේ ගෙදර අය ඒවා විශ්වාස කළත් මට කමක් නෑ. මමත් ඔයත් දන්නවා ඇත්ත මොකද්ද කියලා. මේ සේරම ඔයාගේ විභාගයට එන බාධක කියලා හිතන්න මල්ලි. මේ හැමදේටම උත්තර දෙන්න ඔයා විභාගය පාස් වෙන්න ඕන. ඒක ඔයාට ගෙදරදී තනියම කරන්න වෙනවා. මොකද මට දැන් ඔයා මගදි හමුවුණත් කතා කරන්න බෑ. ඒකත් වැරදි විදිහට ඔයාගේ ගෙදර ආරංචි වෙයි. ඔයාට මම සිංහල, බුද්ධ ධර්මය, පුරවැසි හා ඉතිහාසය වල ප්‍රශ්න පතරට ඔයි කෙටි සටහන් සේරම දිලා ඉවරයි. තව තියෙන්නේ කෘෂිකර්මයයි, චිත්‍රයි විතරයි. මේ එක්ක මම කෘෂිකර්මය පේපර් එවනවා. චිත්‍රකට අඳින්න මාතෘකා ටිකක් එවන්නං. චිත්‍රයි වලට ඔයා ගාව තියෙන පොත හොදයි. ඒක නිකං බලං යන්න. මතකය විතරක් අලූත් වෙන්න. ඔයාට කෙටි සටහන් ටික තනියම තේරුම් ගන්න වෙයි මල්ලි. ඔයා පේපර් ලියලා ඉස්කොලේ ගුරුවරුන්ට දිලා අහගන්න. එයලා කියලා දුන්නේ නැත්නම් මට පණිවිඩයක් දෙන්න. මම උත්තර ටික සේරම ලියලා එවන්නං. එතකොට ඔයාගේ උත්තරයි, මගෙ උත්තරයි එකට බලලා ඔයාට තේරුම් ගන්න පුලූවන් කොහොමද ලියන්නෙ කියලා.
මම පුලූවන් වෙලාවල් වලට ඔයාට කෝල් කරලා කෙටි සටහන් කියලා දෙන්න බලන්නං. අපිට මෙහෙම තමා විභාගය ලියන්න වෙන්නේ මල්ලි. මේක ඔයාට හොඳ අත්දැකිමක් වෙයි. ඔයා මහන්සි වෙන විදිහට තමා පරා තිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඔයා විභාගය පාස් වුණාම මට ලැබෙන්නේ හිතේ සතුට විතරයි. ඔයාගේ විභාගයේ ජය බෙදාගන්න මම හැර හුඟක් අය ඔයත් එක්ක ඉදිවි. විභාගය අසමත් වුණොත් අපි දෙන්නට විතරක් ඒක දරාගන්න වෙයි. මිනිස්සු කියන කතා නතර වෙන්නනං ඔයා විභාගය පාස් වෙන්නම ඕන.
මම ඔයාව නරක කෙනෙක් කරන්න උත්සහ කරනවනං මෙච්චර කට්ට කන්න ඕන නෑ. ඒක මට කරන්න එච්චර වෙලා යන්නෙත් නෑ. ඔයත් ඒකට එක පයින් කැමති වෙයි. මිනිස්සුත් මුකුත් නොකියා ඉදිවි. මේ සේරම ඔයා ඉගන ගන්න හින්දා. මතකනේ ඉස්සරත් මම පාඩම් කියාදෙද්දි ඔයාගේ ආදර මස්සිනාලා ඔයාව එක්කං ගිහිං අරක්කු පෙව්වා... මම ඔයාලගෙ ගෙදර එන දවස්වල කොච්චර දේවල් අපේ ගෙදරට ආරංචි වුණාද? හැබැයි ඒවා කියපු කෙනෙක් නැ. කටින් කට ආව ඒවා විතරයි. ඒවා හැදුවේ කවුද කියලා ඔයත් මමත් දන්නවානෙ මල්ලි. කොයි දැන් අපේ ගෙදරට ඒ මුකුත් ආරංචි වෙනවද? ඔයාලගෙ ගෙදරට විතරක් මිනිස්සු ඒවා කියන්නෙ ඇයි කියලා මම දන්නේ නෑ. ඒ දේවල් ගෙදර අය විශ්වාස කරන එක පුදුමයක් නෙවෙ. මොකද මම ආව ගිය දවස්වලත් ගෙදර අය මට කොච්චර දේවල් කිව්වද?
මම ඔයාට හැමදාම කිව්ව්ත් අදත් කියන්නෙත් හොදට ඉගනගෙන අම්මයි අප්පච්චියි හොදට බලාගෙන ඉන්න කියලා. ඒකට කාටවත් අත නොපා ඉන්න ඔයා ඉගන ගන්න ඕන. වෙන මොනවා හරි මම ඔයාට කියලා තියෙනවද මල්ලි? ගෙදරට වෙලා ඔයාට තනියම පාඩම් කරන්න වෙන එක ගැන මට දුකයි. ඒත් මම මොකද කරන්නෙ. එදා ඔයාලගේ ගෙදර අය මාව එළියට දාපු විදිහට මට අය ඔය ගෙදරට එන්න පුළුවන්ද මල්ලි. ලොකු අක්කා මේ විදිහට උදව් කරන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. ඒත් එහෙම හරි උදව්වක් ඔයාගෙ පැත්තෙන් ලැබුණේ නැත්නම් ඔයත් මමත් තවත් අසරණ වෙනවා. මේ දේවල් ඔයා ජිවිතයට ගන්න ඕන මල්ලි. හිතට එන හැමදේම ලියන්න බෑ. මට ඇඬෙනවා.
මම මේ හැමදේම කරන්නෙ ඇයි කියලා දන්නෙ මම විතරයි. එයාලා ඒවා විශ්වාස කරනවනං මට ඒක බොරු කරන්නයි මේක ලියන්නේ. ඔයාට පළවෙනි පාර විභාගය ලියවන්න කොච්චර අමාරු වුණාද? ගෙදර අය පාස් වෙන්නේ නෑ කියද්දි ඔයා එස් හතරක් හරි දාපු එක කොච්චර දෙයක්ද? වෙලේ වැවේ පාරේ තියාගෙන ඔයාට පාඩම් කියලා දුන්නා මිසක් වෙන මඟුල් කරානං ඔයා එස් හතරක් හරි දායිද මල්ලි, ඔය කිව්ව කියන දේවල් කරේ මමද නැත්නම් ඔයාගෙ ගෙදර අයද කියලා ඔයා හොඳටම දන්නවා මල්ලි. මේ ඇඟ අපිට තියෙන්නේ අඳුරගන්න මිසක් ඔය කියන දේවල් වලට නෙවේ. හම නැත්නම් කොච්චර පිළිකුල් ද? ගෙදර අය ඔය කතා ඇයි මගේ මුණට නොකියන්නෙ. ඒ දේවල් ඔයාගෙන් අහද්දි මම ඉවසගෙන ඉන්නේ කොහොමද?. කොච්චර කැතද? ඇයි මම ගැන එහෙම හිතන්නේ. ඔයාට හරි පවුලේ අයට හරි මම කරපු වැරද්ද මොකද්ද මල්ලි? දෙවනි පාර විභාගයට ඔයා උනන්දු කරවන්න මම කොච්චර මහන්සි වුණාද? පොඞ්ඩකට ඔයා මම දිපු නොට් සේරම එකට තියලා බලන්න මල්ලි. මම එකම කොලයකටවත් සතේක දෙයක් ඔයාගෙන් ගත්තද? මම දුන්න කිසිම දෙයක් ආයෙත් ඉල්ලූවද? ඉගනගන්න ඔයාට ඕන හැමදේම මම දුන්නේ නිකං මල්ලි. එදත් එහෙමයි. ඔයාට අරන් දුන්න පොත් පත් වලට පවා කවදාවත් මම සල්ලි ඉල්ලූවද? මම ගෙදර අයත් එක්ක රංඩු කරේ ඔයාට උගන්වන්න විතරයි. මහ ? ඇවිත් ඔයාට පාඩම් කියලා දෙද්දි ගෙදර කවුරුත් ඇහැරගෙන ඉදන් තේ එකක් හදලා දුන්නද? ඇයි දැන් බොරුවට එක එක කතා කියන්නේ. මෙච්චර ඔයා වෙනුවෙන් කරන දේවල් වලට මට ඔයාලගෙ ගෙදර අය දෙන තෑගි ද මේ? ඔයාගේ රෙදි හෝද හෝද වත්තේ ඉරිගු හිටවද්දි වත් පොල් නිකං ගෙනත් ඔයාලගෙ ගෙදර අයට දෙද්දිවත් අජිත් අයියගෙ හේනේ පවා ඔයත් එක්ක ගිහින් වැඩ කරද්දිවත් ගෙදර අයට කියන්න තිබුණනේ මට එන්න එපා කියලා.
ඔයාව ඉස්කොලේ යවන්නේ නැතිව කුඹුරෙ වතුර හරවන්න යැව්වේ මම ද මල්ලි. අක්කලගෙ බොකර් වැඩ කරලා නරක් වුණ ඔයාගෙ හිත හදන්න මම කොච්චර මහන්සි වුණාද? රෑ තිස්සේ මළ ගෙවල් වල ගිය ඔයා දැන් ගෙදරට වෙලා පාඩම් කරන්නේ කවුරු නිසාද කියලා ඔයා හිතලා බලන්න මල්ලි. ඒ විතරක්ද දැන් ඔයා පන්ති යද්දි උනන්දුවෙන් පේපර් කරද්දි මට කොච්චර සංතෝෂද? ඔයා කරන පේපර් නැවත කියලා දෙන්න බැරි වුණාම ඒක ඔයාට මඟ ඇරෙනවා නේද? අයෙත් ඒ පරතල ශ්නයට ඔයා ලියන්නේ හරි උත්තරය නෙවෙයි. පුරුදු එකමනෙ මල්ලි. ගණං වලට ඔයා සතියට දවස් තුනක් පන්ති යනවා. අනිත් දවස් හතරෙදි ඉතිරි විෂයන් හයම අපි කරන්න ඕන. එක එක්කෙනා විභාගය ඉවර වුණාම වගකීම ඉවරයි කියලා බේරෙයි. ඒත් විභාගය අසමත් වුණොත් ඔයයි මමයි හැර ඒක විඳගන්නේ කවුද මල්ලි? මේසේ පිරෙන්න නෝට් තිබුණට ඔයාට තේරෙන විදිහට ඒවා ඔලූවට දා ගත්තේ නැත්නම් නිදි මරාගෙන කොච්චර පාඩම් කරත් වැඩක් තියෙනවද මල්ලි? ඇයි ඔයාගෙ ගෙදර අයට මේ ටික තේරුම් ගන්න බැරි මල්ලි.
මම මේ දේවල් කොච්චර කළත් ඔයාවත් ඔයාගේ ගෙදර අයවත් තේරුම් ගන්නෙ නෑ මල්ලි. එයාලට මම ඔයා වෙනුවෙන් කරන දේවල් ගාණක් නෑ. ඒත් මේ වෙද්දි ඔයා වෙනුවෙන් මම කොච්චර වියදම් කරලා තියනවද කියාලා ඔයාට හිතන්න පුළුවන්ද? ඒක ඔයා හිතන්න ඕනත් නෑ මල්ලි. මොකද දන්නවද? ඇයි මම එහෙම කරේ කියලා ඇහුවොත් මට දෙන්න උත්තරයක් නෑ මල්ලි. මම තවත් ඔයා වෙනුවෙන් කරන්න තියෙන හැමදෙයක්ම කරන්නං. ඔයාට තියෙන්නෙ ඉගන ගන්න එක විතරයි. විභාගය පාස් වුණාම මාව හැර අනික් හැමෝම මතක් කරන්න මල්ලි. පුරුදු විදිහට මට එදා වගේ කොල් කරලා හොද තිත්ත කුණුහරුපෙන් බනින්න මල්ලි. මට ලැබෙන්නෙ ඒ ටික විතරක් නිසා මම ඒක බලාපොරොත්තුවෙන් ඉන්නං. ඔයාට නැවත නැවත මම කිව්වේ තවත් කියන්නේ විභාගය ගැන හිතලා ඔයා ගැන හිතලා මහන්සි වෙන්න මල්ලි. හැම පරාට ශ්නයකටම තියෙන එකම විසදුම ඔයාගේ අධ්‍යාපනය සාර්ථක වෙන එක විතරයි. එදාට මම ඔයා ළඟ නොසිටියත් කොතනක හරි ඉදන් සතුටු වෙන්නම් එදාට වුණත් ඔයා ඉල්ලන ඕන උදව්වක් කරන්න මම ලැස්තියි මල්ලි...
- සංජන -

-------------------------------------
හතලිස් තුන්වන ප්‍රාර්ථනය
ඒ කියන්නෙ සංජන කෙනෙත් බංඩාරද අප්පච්චිගෙ පළමු ආදරේ.... අප්පච්චි මටත්, ලෝකයාටත් නොකියා හිටපු හිතෙන් දුක් විදපු ආදරේ සංජනද? අප්පච්චිගෙන් නොලැබුණු සෙනෙහස හොයාගෙනද සංජන කොළඹ ගියේ.... සංජනට උරුම ආදරේ තිබුණෙ එහෙද? ඇයි අප්පච්චි සංජනට ආදරේ කරේ නැත්තේ... අකමැති නිසාද? නැත්තම් සමාජයීය බලපෑමක් නිසාද? මේ එකින් එක කරුණු ඇයි මට හම්බෙන්නෙ. මම පැටලිලාද මේ ඉන්නෙ... ලෝකයේ, ලංකාවේ ගොඩක් සමලිංගික ආදර මේ වගේ දුක්බරද? හැංගිලාද? අනේ සංජන... ඔයා කොයි තරං දුක් විදලද? ඔයා මයෙ අප්පච්චි වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරලද? මේ සමාජේ මොන තරංනං පටු විදිහටද හිතන්නෙ. මෙහෙම පටු විදිහට හිතන ලෝකයක ඇයි ඔයාලා ආදරේ කරේ....
අප්පච්චි ඔයාට ආදරේ කරානං ඔයා සතිෂ් ගාවට යන්නෙ නැහැ. එහෙනං සංජන සතිෂ් ආදරයක් නැහැ. එහෙනං කවමදාකවත් කඳුළු සිත්තමක් නිර්මාණය වෙන්නෙ නැහැ. ඒ කඳුළු සිත්තමට අහු වෙලා ආයෙත් සංජන සතිෂ් කෙනෙක් බිහිවෙන්නෙ නැහැ. එයාලා සංසාරේ මේ විදිහට හමුවෙන්නෙ නැහැ. සොබා දහම අපි සේරම ආයෙත් එකම තැනට ගෙනාවා නේද? සේරම එකම තැනකදි මුණ ගැස්වුවා නේද?
මම ලියමුත් අරගෙන මයිල ගහෙන් බැස්සා. එහෙනං අර ගෙදර තිබුණු තාත්තා එක්ක හිටපු පින්තූරේ සංජනගෙ. තාත්තා අම්මට හොරෙන් හංඟගෙන හැමදාම උදේට රෑට බලලා සුසුම් හෙළපු පින්තුරේ සංජනගෙ. යාල්දේවි කොච්චියෙන් මට එදා ලැබුණු පින්තූරෙත් හිටියෙ සංජන. ඩොක්ටර්ගෙ මළ ගෙදරදි එදා මට මුණ ගැසුනෙත් සංජන. කොතනින්ද මම මේක ලිහා ගන්නෙ. කොතනින්ද මේක පටන් අරගෙන තියෙන්නෙ. මම වේල්ලෙම වාඩිවුණා.
නියර උඩින් ඈතින් සංජන බොදවුණු රූපයකින් බලාගෙන ඉන්නවා. එහා පැත්තෙ වෙලේ අප්පච්චි පොහොර ගහනවා. කොච්චරනං කාලයක් මෙහෙම සංජන වෙලට වෙලා අප්පච්චි එනකල් බලාගෙන ඉන්න ඇද්ද? මේ වෙල් එළියෙම සැඟවුණු මතක සටහන් කොච්චර ඇද්ද? මේ මයිල ගහ සංජන-විහඟගෙ කතා කොච්චර අහගෙන ඉන්න ඇද්ද?
‘එහෙනං මයෙ පුතේ... උඹ ලියුම කියෙව්වා....‘ අප්පච්චි මම ගාවින් වාඩුවුණා.
මම අප්පච්චි දිහා බැලුවා. පරාජිත හැඟීමක් නෙමෙයි ඒක. මට හොයාගන්න තිබ්බ දෙයක් මම හොයගත්තාම දැනෙන සතුටක් වගෙ.
‘අප්පච්චි සංසාරේ හරිම පුදුමයි අප්පච්චි...‘
‘ඔව් මයෙ පුතේ.. අපිව මුණගස්වනවා. අපිව වෙන්කරවනවා. ඒ වගෙම අපිව සතටු කරනවා. අඩවනවා. මට නං මැරෙනකල් අමතක කරන්න බැරි මතක සටහනක් දුන්නා...‘
‘දැන් කොයි අප්පච්චි සංජන...‘
‘අයියා දැන් මැරිලා අවුරුදු විසි හතක් විතර මයෙ පුතෙ...‘ අප්පච්චි වේල්ලෙ වාඩිවුණා.
‘මොනා වෙලාද?‘
‘අයියට කොළඹින් ආදරේ කරන හොද මහත්තයෙක් හම්බුණා. ඇත්තමට මට වඩා එයා අයියට ගොඩක් ආදරේ කරා. මම අයියට ආදරේ කරෙ නැතිව නෙමෙයි. ඒත් මට තේරුණේ නැහැ අයියා හොයන ආදරේ මොකද්ද කියලා. අදටත් මම දුක්වෙනවා අයියා මම ගාව තියා නොගත්ත එකට. එහෙනං එයා තවත් ජීවත් වෙනවා...‘
‘අප්පච්චිට කොහොමද සංජන මාමා හම්බුණේ...‘
‘පුතේ මේ වෙල සංජන මාමලගෙ. මයෙ පුතා හැමදාම මට කෑ ගහන්නෙ ඇයි මේ වෙලට වතුර හරවන්නෙ කියලා... ඒ ඉස්සර අපේ වෙලට සංජන මාමා වතුර හරවපු නිසයි. ගෙදරට බොරු කියලා ඇවිත් එයාලගෙ වෙලේ වතුර ටික පවා අපේ වෙලට හැරෙව්වා. මට පුදුම විදිහට කන්න බොන්න දුන්නෙ. අයියට ඕන වුණේ මට හොඳට උගන්වන්න. අපේ ගෙදරත් එක්ක හොදටම අයියා රණ්ඩු කරල තියෙනවා. ඒකට. අපේ අම්මාට ඒක ඇල්ලුවෙ නැහැ. ගෙදර මිනිස්සුට වඩා පිට එකෙක් ඇයි මට උගන්වන්න මෙහෙම මහන්සි වෙන්නෙ කියලා අම්මා සැක කරා. ගමේ මිනිස්සුත් එක එක ඒවා කියලා තිබ්බා. අම්මට මට බැන්නා. ආයෙත් අයියා එක්ක කතා කරලා තිබ්බොත් බලාගෙනයි කියලා. අපේ අක්කලත් අම්මට හොදට කේලං කියලා තිබ්බා. ඒ වෙද්දි එයාලා සංජන අයියගෙන ණයට කියලා ගොඩක් සල්ලි එහෙමත් අරගෙන තිබ්බා. මට පන්ති යන්න සංජන අයියා සල්ලි දුන්නා. මම අදින්න ආස ඇදුමක් කිව්වොත් කොහෙන් හරි එයා ඒක හොයාගෙන ඇවිත් මට ගෙනත් දුන්නා....‘
‘එතකොට සංජන මාමාජොබ් කරාද?....‘
‘ඔව් පුතේ... උස්ස පෙළ පාස් වෙලා අයියා විද්යාෙපීඨ ගියෙ නැහැ. එයා කිව්වා දෙන්නම එකට ඉගනගෙන එක ජොබ් එකකට යමු කියල. ඒත් මම අයියගෙ සල්ලි නාස්ති කරා මිසක් ඉගන ගත්තෙ නැහැ පුතෙ...‘
‘ඒවට කළකිරිලද සංජන මාමා කොළඹ ගියේ....?‘
‘ඔව් පුතේ... අයියගෙ හිත රිදෙන වැඩ මම ඒ කාලේ එක දිගට කරා. අයියා එපා කියන හැමදෙයක්ම මම කරා. අරක්කු බිව්වා. සිගරට් බිව්වා. රෑට මියුෂිකල් බලන්න ගියා....‘
‘ඔහ්....‘ මම පුදුමයෙන් අප්පච්චි දිහා බැලුවා.
‘ඒ විතරක් නෙමෙයි පුතෙ.... මම අවසානෙට අයියට කිව්ව කවමදාකවත් ආයෙත් මට කරදර කරන්න එපා කියල. මම ගැන හොයන්න එපා කියලා..... ඒක කීව දවසේ අයියා වහ බීලා තිබුණා. මම හිතුවෙ එයා එදාම මැරෙයි කියලා...‘
‘අප්පච්චි....‘ මම කිව්වා.
‘මට ඒ වැරදි ආයෙත් හදන්න බැහැ මයෙ පුතෙ... මගෙ වැරැද්ද... කාලයේ වැරැද්ද... මේ සමාජයේ වැරැද්ද....‘
‘අප්පච්චි දන්නවද මම කොළඹ ගිහිං මට ඔය කියන සංජනගෙ පවුල හම්බුණා....‘
‘ඒ කිව්වෙ...‘
මම කොළඹදි මට වුණු සිද්දිය හැර අනිත් ඩොක්ටර්, බාප්පා, සංජනගෙ සිද්දිය අප්චචිට කිව්වා.
‘මම අයියාගෙ මරණේ බලන්න කොළඹ ගියා පුතෙ. එයාගෙ අවසාන ඉල්ලීම විදිහට ඇස්, වකුගඩු අරගෙන දේහය කොළඹ වෛද්යය පීඨෙට දුන්නා. අදටත් අයියගෙ ගෙදර කට්ටිය මාත් එක්ක එච්චර හිත හොදන නැහැ. පුතා කිව්වෙ දෙනුවන් එදා පුතා දිහා අමුතු බැල්ලමක් බැලුවා කියලා. දෙනුවන්ගෙ ලොකු තාත්තා තමයි සංජන...‘
‘මට හිතාගන්න බැහැ අප්පච්චි මේ මොනවද වෙන්න කියල...‘
‘පුතාට ඩොක්ටර් නිසලවත් හම්බුණාද?‘
‘අප්පච්චි කොහොමද ඩොක්ටර්ගෙ නම දන්නෙ...?‘
‘අයියගෙ මරණේ බලන්න ගියාම ඩෝකටර්, ආකාශ්ව මම අදුර ගත්තා. එයාල කවදාවත් හිතුවෙ නැහැ සංජනගෙ පළවෙනි ආදරේ එයාලට බලන්න හම්බෙයි කියාල. අයියගෙ මරණේ ගෙදර ගෙනාවෙ නැහැ. මමත් මෙහෙන් ගියපු වෑන් එකෙම නැගලා ගියා...‘
‘කොහොමද අප්පච්චි මේක මෙච්චර කල් හංගගෙන හිටියේ....‘
‘හිතේ තියාගෙන මම පුදුම විදිහට විදෙව්වා මයෙ පුතෙ. අයියා එදා කොළඹ යන්න කලින් මේ වෙලටම ඇවිත් මාව බලලා ගියා. මට අද වගේම මතකයි... අනේ එදාවත් මට එයාට ආදරෙයි කියල කියාගන්න බැරිවුණා..‘

--------------------------------------------
හතලිස් හතර වන ප්‍රාර්ථනය
කාලය පුදුමයි. හරිම පුදුමයි. මටවත්, ඔයාටවත් වෙනස් කරන්න බැරි මේ කාලය අපිව පුදුම විදිහට වෙනස් කරලා. මේ කාලයේ අවසානයක් නැද්ද? මේ කාලය තව කොච්චරනං ගත වෙයිද? බලාගෙනම ඉන්නවද නැත්තම් කාලයට එරෙහිව වැඩ කරනවද? සංජන මට හිමි කෙනෙක් වෙන්න බැරිද? අප්පච්චිත් සංජනට ආදරේ කරානං මටත් බැරිද සංජනට ආදරේ කරන්න. මම එහෙම හිතන එක වැරදිද? මට එහෙම හිතෙන එක වැරදිද? අප්පච්චිට තුරල් වෙලා ඉන්න මම ගොඩාක් ආස කරා. ඉස්කෝලෙ යන කාලෙත් කොල්ලොත් එක්ක ජොක් එකට කෙල්ලන්ට එක එක විකාර කිව්වට ඇත්තටම මට එහෙම ආදරයක් එයාලා ගැන හිතිලා නැනෙ. කොලුකමට කියන කරන දේවල් ඇරුණාම.... අෂිත් එක්ක ගෙවපු දවස් ටික පුදුම විදිහට මයේ ජීවිතේ වෙනස් කරා. ඒ කාලේ මට දැනෙන්න ඇති මයෙ හිතත් අසම්මත ආදරයක් ඉල්ලනවා කියල....
‘පුතේ.......‘ අම්මා කාමරේ කල්පනා ලෝකෙ හිටපු මට කතා කරා. ‘ අන්න දෙනුවන් ඇවිත්....‘
දෙනුවන්.... සංජගේ බෑණා.
‘ඇයි මල්ලි... ‘ මම කමිසයක් දාගෙන එළියට එන ගමන් කිව්වා....
‘මට ලොකු උදව්වක් ඕන අයියේ...‘ දෙනුවන් බයිසිකලේ ඇවිත් තියෙන්නෙ...
‘මොකද්ද මල්ලි... කරන්න පුළුවන් ඕනම උදව්වක් කරනවා මම...‘ අප්පච්චිට සංජන වෙනුවෙන් කරන්න බැරි දේවල් අඩුම ගානේ සංජනගෙ පරම්පරාවේ දෙනුවන් වෙනුවෙන්වත් මට කරන්න පුළුවන්නෙ. ‘අයියේ... මම ආයෙත් විභාගෙ කරන්න හිතුවා...‘
‘අහ් කොච්චර හොඳද ඒක? මල්ලි බයෝ නේද කරේ....‘
‘ඔව් අයියේ... පළවෙනි පාර අවුල් ගියානෙ....‘
‘කමක් නැ කමක් නැ.... මේ පාර හොදට කර ගන්න. තව කල් තියෙනවනෙ.... ඉතින් මොකද්ද මගෙන් ඕන උදව්ව....‘
‘මට අයියගෙ පොත් ටික ගන්න පුළුවන්ද?‘ දෙනුවන් ටිකක් අදිමදි කරන ගමන් ඇහුවා.
‘අයියෝ ඕක මොකද්ද මල්ලි. එන්න ගෙට...‘ මම දෙනුවන්ට ගෙදරට කතා කරා.
මමත් බයෝ තමයි කරේ. විභාගෙ හොදට පාස් වුණත් මමත් කැම්පස්, විද්යාකපීඨ ඉල්ලුම් කරේ නැනෙ. ඉතින් පොත් ටික ගෙදර සේරම... මම කාමරේට ගිහින් දෙනුවන්ට ඕන කරන පොත් ටික තේරුවා.... බයෝ, කෙමෙස්ට්රි , පිසිස් ... ඔය සම්ජේක්ට් තුනෙන් තමයි අවසානෙට ඩොක්ටර් කෙනෙක් පහළ වෙන්නෙ...
‘මෙන්න මල්ලි පොත් ටික...‘ මම දෙනුවන්ට ඒ නෝට් තිබුණු සේරම පොත් ටික ගෙනත් දුන්නා.
‘ආයෙත් ක්ලාස් යනවද මල්ලි...?‘
‘ක්ලාස් යන්නෙ නැහැ අයියෙ... මට හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බුණානෙ....‘
‘ඒ කොහෙන්ද ඒ?‘
‘අලුතින් පරණ ඉස්පිරිතාලෙට ආවා ඩෝක්ටර්... අපේ හොටෙල් එකෙ නතර වෙලා හිටියෙ... එයා මට ගොඩක් ෆිට් වුණා. එයා උදව් කරන්නං කිව්වා...‘
‘අහ් හොඳයිනෙ.... මටත් පුළුවන් උදව්වක් කරන්නංකො... කොහොම හරි විභාගෙ ගොඩ දා ගනින් මල්ලි...‘
‘ඔව් අයියේ... මාත් මේ පාර එහෙම හිතුවා. යමුකෝ අයියත් දවසක ඩොක්ටර් බලන්න මාත් එක්ක....‘
‘හරි හරි...‘ මම කිව්වා.
දෙනුවන් පොත් ටික අරගෙන යන්න ගියා.
මම ආයෙත් කාමරේට ආවා. දැන් දැන් සංජන කියන රූපෙ මයෙ හිතේ දඟ කරනවා වගෙ. බලෙන් එයා හිතට ඇතුල් වෙන්න හදනවද? මයෙ අප්පච්චිත් පිරිමියෙකුට ආදරේ කරා කියලා අම්මා දැන ගත්තොත් මොනවා කරාවිද? අම්මා හිත හදාගනීවිද? නැත්තං දරාගන්න බැරි වේවිද? මට කොළඹට යන්න හිත් දුන්නෙ මේ පුදුම දේවල් අත්විදින්නද? ගලපන්නද? මාව කොළඹට අයිති වුණාට මට කොළඹ අයිති නැ කියල අප්පච්චි කිව්වෙ ඇයි. ඩොක්ටර් නිසල, අකාශ් බාප්පා අප්පච්චි එක්ක කතා බහා කරලා තියේද? අප්පච්චි සංජන මාමාගෙ මළ ගෙදර ගියාට පස්සෙ එයාලා යාලු වෙලාද? එයාල මට කලින් සම්බන්දතා පවත්වලා තියෙනව ඒ කියන්නෙ. ඩොක්ටර් නිසල මම දිහා බලාගෙන හිටිය විදිහට එයා අපිට හංගන තව මොකක් හරි ලොකු දෙයක් තියෙනවා වගෙ. ලියුමෙත් තිබුණේ එයාට කවදාවත් කියන්න බැරි ලොකු කතාවක් තියෙනවා කියලා. අප්පච්චි දන්නවද ඒ කතාව. සංජනට තමන් සමලිංගික යුවලක් කියලා කියන්න තරම් හයියක් ඩොක්ටර් නිසලට තියෙනවනං තවත් මොනවද හංගන්න තියෙන්නෙ.
හුළඟට අහුවෙච්ච පුංචි කුරුලු පිහිටුවක් වගේ දැන්නං ජීවිතය ගත වෙලා යනවා. ඉදලා හිටලා වෙලට යනවා. අප්පච්චිත් දැන් වැඩිය මුකුත් හිතන්නෙ නැහැ. අපි දෙන්නත් එක්ක හොදට හේන කෙටුවා. මේ පාර මම තනියම අක්කර දෙක්ක කරන්න ඉන්නෙ. තල වලට වැඩිය මහන්සි වෙන්න ඕන නැනෙ. ඩිස් නගුලෙන් හාලා තල ගැහුවා. එත් එක්කම තෙල් ගැහුවාම කැලේ මැරෙනවා. ලාවට වැටෙන වැස්සත් එක්ක තල එක යායෙට පුංචි පුංචි පැළ දැන් පැළ වෙලා. උදේම නැගිටපු ගමන් තේ එක බීලා හේන වටේ ඇවිදිනවා. අප්පච්චිගෙ හේන් මිරිස්. මෑ කරල්. වට්ටක්කා... එවගෙ ගෙඩි හැදුනාම අරගෙන යන්න ඕන ෆාදර්යි අෂියි බලන්න....
‘අප්පච්චි මේ උදේ කොහෙ යන්නද?‘ මම අප්පච්චි ලෑස්තිවෙනවා දැකලා ඇහුවා.
‘අද අප්පච්චි දොස්තර මහත්තයා බලන්න යන දවසනෙ පුතේ...‘ අම්මා අප්පච්චිට බත් එකක් ඔතලා දෙන ගමන් කිව්වා.
‘කාටද බත්...‘ මම ඇහුවා.
‘ ඒ දොස්තර මහත්තයා තනියම ඉන්නෙ පුතේ... ඔයා පිහාගෙන කාලා. දැන් දෙනුවන්ලගෙ ගෙදරින් කෑම දෙනවා. අද අප්පච්චි යන හින්දා මමත් කෑම එකක් ඔතලා දුන්නා...‘
‘මොකේද දැන් අප්පච්චි යන්නෙ...‘
‘දහයාමාර බස්එකෙ...‘ අප්පච්චි කිව්වා..
‘ඉතින් බයිසිකලේ යමුකො මාත් එක්ක....‘ මටත් දෙනුවන්ගෙ ඩොක්ටර් බලන්න ඕන වුණා. අප්පච්චි පුදුමෙන් මම දිහා බැලුවා. ‘මටත් මේ ටික්ක සෙම වගේ...‘
‘ඒක හොදයි...‘ අම්මා කිව්වා. ‘අප්පච්චි තනියම දැන් ගමනක් බිමනක් යවන්න මමත් බයයි. එහෙනං අප්පච්චියි, පුතයි දෙන්නම ගිහිං බෙහෙත් අරන් එනවා හොදයි...‘
ඒකනං පුංචි හින්ට් එකක් වගෙ. අප්පච්චි දැන් සතුටින් ඉන්නවා වගෙ. එයා කලින් බයවුණාද දන්නෙ නැහැ එයාගෙ කතාව මම දැන ගත්තාම එයාව මම අයින් කරාවි කියලා. මම කොළඹදි මූණ දුන්න දේවල් ඇහුවොත් අප්පච්චි පුදුම වෙයි. මම අප්පච්චිව දාගෙන බසියිකලයට වාරු දුන්නා.

----------------------------------------
හතලිස් පස් වන ප්‍රාර්ථනය
‘කවුද අප්පච්චි ඔය කියන ඩොක්ටර්....‘ මම අප්ච්චිගෙන් ඇහුවා.
‘පුතා ගියාම බලන්නකෝ... පුතා පුදුම වෙයි....‘
‘මොකද්ද ඒ තරං පුදුමේ...‘
‘පුතා කිව්වා නේද වෙලාවකට ආයෙත් අතීතේ අපි ගාව හොල්මන් කරනවා වගේ වෙන්න ඇති කියාල. මටත් එහෙම්ම හිතෙනවා පුතේ...‘
‘ඩොක්ටර්ගෙ නම මොකද්ද....‘
අප්පච්චි උත්තර දුන්නෙ නැහැ.
‘කොහෙ කෙනෙක්ද?‘
ඒත් උත්තර නැහැ.
මමත් කට වහගෙන බයිසිකලේ පදින්න ගත්තා.
පරණ ඉස්පිරිතාල ගාවට එනකල්ම ආයෙත් මමත් අප්ච්චිත් කතා කරෙ නැහැ. මෙච්චර ආසාවෙන් අප්පච්චි බලන්න යන ඩොක්ටර් කවුද? අප්පචිචිට හොදට අමාරු වුණාම බෙහෙත් කරපු ඩොක්ටර් කවුද? මටත් ඒක දැනගන්නම ඕන වෙලයි හිටියෙ. පරණ ඉස්පිරිතාලෙට වැඩිය කොහොමත් සෙනඟ හිටින්නෙ නැහැනෙ. බෙහෙත් විදින දවසට, මාතෘ සායන තියෙන දවසට වගෙ තමයි සෑහෙන්න සෙනග හිටින්නෙ.
අප්පච්චි බයිසිකලෙන් බැහැලා ඉස්පිරිතාල ඇතුළට ගියා. ඩොක්ටර්යි, නර්සලා දෙන්නයි, බෙහෙත් දාන කෙනයි, බෙහෙත් දෙන කෙනයි විරතයි මේ ඉස්පිරිතාලෙ ඉන්නෙ. ඉස්කොලෙදි හදිසියේ ළමයෙක්ට අසනීප වුණාමත් ටක් ගාලා අරගෙන එන්නෙ මේකටනෙ. මමත් බයිසිකලය ගහකට හේත්තු කරලා ඩොක්ටර් ගාවට ගියා. ළගපාත ඉන්න මිනිස්සු උදේම ඇවිත් බෙහෙත් අරගෙන යනවා. දැන් එකොළහමාරට විතර ඇති. අයෙත් සෙනග ටිකක් හිටින්නෙ දෙනට තුනට වගෙ තමයි. පොලිමක් නැහැ. අප්පච්චි කෙලින්ම ඇතුළට ගිහින්. පොතක් බලන ගමන් ඩොක්ටර් අප්පච්ච්ත් එක්ක හිනාවෙවි කතාවක්...මම කෝකටත් දොරෙන් යාන්තමට එබිලා බැලුවා.
මලකෙලියයි.... මේ ඒයාමද? ඩොක්ටර්ගෙ පුතා.... නැ නැ සතිෂ්ගෙ පුතා.. සංජන...?
එයාද අප්පච්චි කිව්ව ඩොක්ටර්. එයාද පරණ ඉස්පිරිතාලේ දැන් ඉන්නෙ. බාප්පා, පොඩිමාමා, ෆාදර්, අෂි කිව්වා වගෙ අපි ආයෙත් හම්බෙලාද? මම එතනම තිබ්බ බිත්තියට හේත්තුවුණා.
‘සංසාර පුරුද්ද ද මේ
හමුවීමේ අරුමේ...
හිමිනොවෙනා බව දැණුනත්
වෙන් වීමක් නොමැති.....‘
සංජන අනුරාධපුර ඇවිත්. මම කොළඹ ගිහිං. මම රාගම ගියපු දවසෙ තමයි සංජන අනුරාධපුර ඇවිත් තියෙන්නෙ. අප්පච්චිට කොහොමද සංජන මීට් වුණේ. අප්පච්චි හොදටම අසනීප වෙලා බේරන්න තරං කොහොමද සංජන අප්පච්චිට ෆිට් වුණේ. එහෙනං සංජනට අප්පච්චි මෙච්චර ලෙංගතු එයාගෙ සංජන වගේම නිසා තමයි. අප්පච්චි දැන් ඉස්සරට වඩා සන්තෝසෙන් ඉන්නෙ එයාට කතා කරන්න, එයාගෙ ආදරේ බෙදාගන්න බැරිවුණ සංජන ආයෙත් එයාගෙ ඇස් මානයට ආපු නිසා වෙන්න ඇති. ලියුමෙ තිබුණු විදිහට නිසල මාමා කියලා තියෙන සංජන තමයි අපේ අප්පච්චිට හම්බෙලා තියෙන්නෙ. අනේ ඒක නිසල මාමා දන්නවද? ලියුම එයා සැක කරපු සංජනගෙ සැඟවෙච්ච අයිතිය සොබාදහම එයාට ලංකරලා. ඒක කවුරුවත් හිතලා කරපු දෙයක් නෙමෙයි. දෙයක් වෙන්න තියෙනවනං ඒක කාටවත්ම වලක්වන්න බැහැ. හොඳදෙයක් වුණත්, නරක දෙයක් වුණත් ඒක වෙනවාමයි.... ඉතින් ඒකට ඒ වෙලාවෙ මුණ දෙනව ඇර වෙනව මොනවා කරන්නද?
‘අහ් මෙයාද මේ කිව්ව පුතා....‘ අප්පච්චිත් එක්ක එළියට ආව සංජන මගෙන් ඇහුවා. මම බිම බලා ගත්තා. ‘ඔයා නේද අපේ අත්තම්මගෙ මළ ගෙදර ඇවිත් හිටියෙ....‘
මම බිම බලාගෙන ඔලුව වැනුවා.
‘පුතා කිව්වා එයාට හොඳ යාලුවෝ ටිකක් හම්බුණා කියලා...‘ අප්පච්චි හිනාවෙලා කිව්වා.
‘හොඳද නැද්ද කියන්න දන්නෙ නැහැ බංඩාර මාමේ... මොනව වුණත් යාලුවෝනං හම්බෙලා තිබ්බා...‘ සංජන සරදමක් වගෙ කිව්වා. මොකද්ද එයා එකෙන් අදහස් කරෙ..
‘මාමා දන්නවද සතිෂ් හරියටම මගෙ තාත්තා වගේමයි...‘
‘මට පුතා ඒකත් කිව්වා....‘ අප්පච්චි කිව්වා. ‘දැන් සති දෙක තුනකට කලින් කොළඹ ඉදලා ආවෙ. කොළඹ ජොබ් එකකට ගියානෙ...‘
‘මෙයා දන්නවද මාමා අසනීපවුණු විත්තිය...‘ සංජන ආයෙත් ඇහුවා.
දෙන්නගෙ කතාව අහගෙන ඉන්නවා මිසක් මම මොකවත් කතා කරන්න ගියෙ නැහැ.
මොකද්ද අප්පච්චි මේ වෙන්නෙ. අප්පච්චි එයාගෙ ආදරේ ආයෙත් හොයාගෙන. නිසල- අකාශ් ආදරේ කරනවා. අෂිට වරදක් කරත් එයා තාමත් සර්ට ආදරෙයි. සංජන සතිෂ් ආදරේ වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙව්වා. ආයෙත් සංජන සතිෂ් මුණ ගස්සවන්න සොබාදහම තීරණේ කරේ ඇයි?
‘දෙනුවන් ගෙනත් දුන්නෙ මෙයාගෙ පොත් වෙන්න ඇති එහෙනං මට....‘ සංජන ඒක කියන ගමන් මේසෙ උඩ එයා බල බල හිටපු පොතක් අරගෙන ඇවිත් මට පෙන්නුවා....
ඔව් නේන්නං දෙනුවන් කියපු ඩොක්ටර්ත් මේ සංජනම තමයි. මගෙ බයෝ පොතනෙ මේ තියෙන්නෙ.
‘මම මේ ෆොටෝ එක දිහා බල බල හිටියෙ බංඩාර මාමෙ... ‘ සංජන පොත ඇතුලෙන් ෆොටෝ එකක් අරගෙන අප්පච්චි අතට දුන්නා. ‘ කොහොමද මමයි බංඩාර මාමායි එක ෆොටෝ එකකට ආවේ... ‘
අප්පච්චිගෙ මූණ ලැජ්ජාවෙන් පිරුණා. අප්පච්චි සංජන මාමාත් එක්ක ගත්ත ෆොටෝ එක මගෙ පොත් අස්සෙ හංගලනෙ. මමත් දෙනුවන්ට පොත් දෙද්දි වැඩිය ඒවා බලන්න ගියෙ නැනෙ. දැන් ඉතින් කොහොමද ඩොක්ටර් සංජනට කියන්නෙ ඒ කතාව.
‘මේ අප්පච්චිගෙ යාලුවෙක් ඩොක්ටර්...‘ මම අප්පච්චි දිහා බලලා කිව්වා. ‘ ඒ කාලෙ ගත්ත ෆොටෝ එක්ක මේක...‘
‘අහ් එහෙමද?....‘ සංජන කිව්වා. ‘ පුදුමයි එයා මම වගේමයි... මේ දෙනුවන්ගෙ ලොකු තාත්තද?‘
අප්පච්චි මොකවත් කියන්නෙ නැතිව ඉස්සරාට ඇවිදගෙන ගියා. සංජන ඒ දිහා පුදුමයෙන් බලාගෙන හිටියා. කොහොමද සංජනට ඒ කතාව මම කියන්නෙ. මයෙ තාත්තා සමලිංගික පෙම්වතෙක් වෙලා හිටියා කියලා. කරුමෙට ඇයි මට අර ලියුම හම්බුණේ. ඒක සංජනටම හම්බුණානං මේ කතාව මෙච්චර දිගට ගලායන්නෙ නැනෙ. එහෙනං දෙනුවන් අදුර ගත්ත ගමන් සංජන අප්පච්චි ගැනත් දැන ගන්නවා. එහෙම වුණානං මේ සේරම ගොඩක් වෙනස් වෙන්න තිබුණා.

------------------------------------------
හතලිස් හය වන ප්‍රාර්ථනය
‘මට ඔයාට සතිෂ් කියන්න මොකද්ද වගෙ.‘ සංජන මයෙ මූණ දිහා බලල කිව්වා. ‘ මම ආසයි ඔයා එක්ක කතා කරන්න. ඇයි කියලා කියන්න දැන්ම මට තේරෙන්නෙ නැහැ. යටි හිත කියනවා ඔයා එක්ක ටිකක් තනියම කතා කරන්න කියලා. සමහර විට මයෙ තාත්තගෙ හැඩරුවයි, නමයි තියෙන නිසා වෙන්න ඇති...‘
‘මටත් මේ සේරම හරිම පුදුමයි ඩොක්ටර්...‘ මම කිව්වා. ‘කොහොමද මේවා මෙහෙම වුණේ...?‘
‘මොනවද?‘
‘හැමදේම....‘
‘පුළුවන්ද අද හවස රුවන්වැලි සෑයට යන්න එන්න....‘ සංජන මගෙන් ඇහුවා. ඒක හරිම ආදරණීය ඉල්ලීමක්... එදා බොරැල්ල කනත්තෙදි මම දැක්ක නපුරු හැඟීම් විරහිත මූණ වෙනුවට දැන් තිබුණේ බොහොම පියකරු මූණක්. ‘මට ගොඩක් දේ කතා කරන්න තියෙනවා... මම කැමතියි ඔයා එනවනං...‘
මම සංජනගෙ මූණ දිහා ආයෙත් බැලුවා. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් තරං කළු පාට දිග ඇස් දෙකක් සංජනට තිබුණා. රතු පාට දෙතොල් වලින් ඒ මූණේ හැඩේට අමුතුම ලස්සනක් එකතු කරලා. වට පිටේ කවුරු බලාගෙන හිටියද කියන්න මම දන්නෙ නැහැ. මම සංජන දිහා බලාගෙන හිටියා. සංජනත් මම දිහා බලාගෙන...
‘ඔයත් දෙනුවන් එක්ක උසස් පෙළ කරන්න...‘ සංජන මගෙ ඇස් දිහා බලාගෙන ඉන්න ගමන් මට කිව්වා. ‘ ඔයාගෙ පොත් වල තියෙන සටහන් එක්ක බැලුවම ඔයා විභාගෙ ෆේල් වෙන්න විදිහක් නැහැ. කොහොමද රිසාල්ට්?‘
‘මට ඒ තුනක් තියෙනවා ඩොක්ටර්...‘ මම රුවන්වැලිසෑය පැත්තට හැරෙන ගමන් කිව්වා. ‘ මම කැම්පස් දැම්මෙ නැහැ....‘
‘ ඒ මොකද? ‘
‘අම්මා අප්පච්චට මට වියදම් කරන්න තරං ශක්තියක් නැහැ ඩොක්ටර්...‘
‘දැන් වසය කීයද ඔයාට...‘
‘දැන් විසිහතරක් වෙනවා...‘
‘ඔහ්... ඒ කියන්නෙ මට වඩා අවුරුදු හතරක් බාලයි...‘
සංජන එහෙනං මට වෙන්නෙ අයියා. මේක පුදුමයක්ද? අප්පච්චි ආදරේ කරපු සංජනත් අප්පච්චිට වඩා අවුරුදු හතරක් වැඩිමල්. මේ සංජනත් මට වඩා අවුරුදු හතරක් වැඩිමල්. කවුරු හරි මේක ප්ලෑන් කරලා කරපු වැඩක්ද දෙයියනේ...
‘මට ආයෙත් ඉගන ගන්න හිතක් නැහැ ඩොක්ටර්....‘ මම පුදුමේ අගවන්නෙ නැතිව ඩොක්ටර්ට කිව්වා.
‘ඔයා දෙනුවන්ව අදුරනවද?‘
‘ඔව්.... දෙනුවන් ඊයේ ආවා අපේ ගෙදර පොත් ටික අරගෙන යන්න. දෙනුවන් මල්ලිත් අපේ ඉස්කොලෙමයි....‘
‘අර ෆොටෝ එකෙ ඉන්නෙ අප්පච්චිත් එක්ක දෙනුවන්ගෙ ලොකු තාත්තා නේද?‘ සංජන ආයෙත් මම ඇහුවා. මොකද්ද මම කියන්නෙ. සංජන මේක ගැන මොනවා හරි දෙයක් දන්නවද ඒ කියන්නෙ. මම බිම බලාගෙන හිටියා.
‘ඇයි ඔයා කතා නැත්තෙ... ඒ ඉන්නෙ දෙනුවන්ගෙ ලොකු තාත්තද?‘
‘කෝ අප්පච්චි...?‘
මම අප්පච්චි දිහා බැලුවා. ඉස්සරාට ඇවිදගෙන ගියපු අප්පච්චි පෙන්න නැහැ. මම ටක් ගාලා කොරිඩොවෙන් බැහැලා එළිය බැලුවා. සංජනත් මයෙ පස්සෙන් දුවගෙන ආවා. කොහෙ ගියාද?
‘අප්පච්චි.... අප්පච්චී.... ‘ මම ඉස්පිරිතාල කියල බැලුවෙ නැහැ. කෑ ගැහුවා. ‘අප්පච්චී..............‘
‘කොහෙද බංඩාර මාමා ගියේ....‘ සංජන මයෙ ගාවට ඇවිදින් ඇහුවා. ‘ මේ දැන් මෙතන හිටියනෙ...‘
‘ඒක තමයි...‘ මම බයිසිකලේ අරගෙන පාරට ආවා. අප්පච්චි ඈතින් පාරේ ඇවිදගෙන යනවා. ‘අහ් යන්නෙ....‘
‘කොහෙද එයා මේ තනියම යන්නෙ....‘ සංජන පුදුමයෙන් ඇහුවා.
‘මම එහෙම්ම එයා එක්ක ගෙදර යන්නං ඩොක්ටර්....‘ මම බසියිකලේට නගින ගමන් කිව්වා.
‘පුළුවන්ද හවස එන්න....‘ ආයෙත් සංජන ඇහුවා.
මම බෑ කියන්නද? හා කියන්නද? ඔයාලා මොකද්ද කියන්නෙ...

No comments:
Post a Comment
ඔබට බොහොමත් ස්තූතියි...