I’m on the way…’ (පනස් එක්
වන කොටස)
එදත් පැද්දි පැද්දි මම ආයෙත්
පොළොන්නරුවට ආවා. පහුවදා අයියා මට කතා
කරා.
‘ මල්ලි ඔයාට අමාරුවක් නැහැ නේද...?‘
උදේම කතා කරේ ඒක අහගෙන... මම හිටියෙ නිදිමර ගාතේ. ඇයි අප්පා කෝච්චියෙත් දවසම නිදි
මරලනෙ. අටට ආයෙත් වැඩට යන්නත් ඕනි.
‘ නැහැ අයියේ...‘ මම කිව්වා.
‘ ඔයාට ඉක්මනට යන්න ඕනි වුණු නිසා මට
හරියට විස්තරයක්වත් දැන ගන්න බැරි වුණානෙ...‘ අයියා කිව්වා. ඔයා තාම නිදිද...
නැත්තං දැන් කතා කරන්න පුළුවන්ද...?‘
‘ කමක් නැහැ අයියේ කියන්න...‘ මම
කිව්වා.
එතනින් පස්සෙ අයියා අහන හැමදේකට මම
උත්තර දුන්නා. මයෙ පවුලේ තත්ත්වෙ. මම කරන ජොබ් එක. කොළඹ එන හේතුව. කොළඹ ඇවිත්
මේ වෙනකල් මට වුණු දේවල් සේරම මම කිව්වා.
‘ ඇයි මට එවෙලෙ මේ දේවල් කිව්වෙ
නැත්තෙ මල්ලි...‘ අයියා කතාව අහලා කිව්වා.
‘ ඔයාට කිව්වා කියලා මට ලැබෙන දේවල්
මොනවද අයියේ...‘
‘ මේ අහන්න අනිත් අය ගැන මම දන්නෙ
නැහැ. ඒත් මම ඔයාට උදව් කරනවා....‘
‘ මට දැන් ඩොක්ටර්ස්ල ගැන කිසිම
විශ්වාසයක් නැහැ අයියේ...‘
‘ ඔයා මාව ඩොක්ටර් කෙනෙක් විදිහට
ඇසුරු කරන්න එපා. ඔයාගෙ යාලුවෙක් සහෝදරයෙක් විදිහට ඇසුරු කරන්න... මේ මාසෙ ඉදලා
ආයෙත් කොළඹ ආවාම ඔයාට අපේ ගෙදර ඉදලා යන්න පුළුවන්. අපේ ගෙදර තියෙන්නෙ කොස්වත්තෙ. ඒ
කියන්නෙ රාජගිරියෙ ඉදලා දොළහක වගෙ දුර. සිකුරාදා හවස ඇවිත් ඔයාට සෙනෙසුරාදා උදේ
නාවල ක්ලාස් යන්න පුළුවන්. අපේ අම්මා විතරයි ගෙදර ඉන්නෙ. මම එන්නෙ මාසෙට
සැරයක් වගෙ. මම ඉන්නෙ බදුල්ලෙ නිසා...‘
‘ ඒත්...‘
‘ ඇයි ඒත් කියන්නෙ...‘
‘ අම්මා කැමති වෙයිද...‘
‘ අපේ අම්මා ටිකක් වයසයි මල්ලි... මම
අම්මට කියන්නං. එයාටත් හොඳයිනෙ තනියම ඉන්න නිසා කවුරු හරි එන එක... ඔයාට කරදරයක්
නැත්තං කිසිම ප්‍රශ්නයක් නැහැ...‘
‘ මට ලොකු උදව්වක් අයියේ... මේ කරන
උදව් වලට පින් විතරයි මට දෙන්න තියෙන්නෙ...‘ මම කිව්වා.
‘ හරි හරි පණ්ඩිතයා නොවි උඹ හොඳට
ඉගෙන ගනින්කෝ...‘ අයියා හිතවත්කම තහවුරු කරන ගමන් කිව්වා.
ඒ සතියත් ගෙවන්න පටන් ගත්තා. දැන් මම
ගල්ලෑල්ලෙ බෝඩිමෙ ඉදලා උදේ වැඩට යනවා. නයිට් කරන දවසට උදේ ගිහින් පහුවදා උදේ එනවා.
රෑට රුපියල් විස්සක විතර කඩල අරගෙන කනවා. බෝඩිමේ ඉන්න දවසට පොඩියට බත් ටිකක් උයා
ගන්න පටන් ගත්තා. හාල් තුනපහ ටිකක් ගෙනල්ලා වෙනම බාස්කට් වල දාලා තියා ගත්තා. තේ බොන්න
සීනි, තේ කොළ එහෙමත් ගෙනත් තියා ගත්තා. ඒ වුණාට මට තේ බොන්න වුණේ දවසයි දෙකයි.
සිනී තේ කොළ සේරම ඉවර වෙලා තිබුණා. ඒ මට බැංකුවේ හම්බුණු අයියා ඉන්න වෙලාවට හිතේ
හැටියට තේ බොන නිසා. ඒ විතරක් නෙමෙයි උයලා තිබ්බාම අහන්නෙ බලන්නෙ නැතිව සේරම කැමති
විදිහට කන්නත් එයා පුරුදු වෙලා හිටියා. ඒක නිසා වැඩියෙන් උයන්න වුණා මට. ඒ පාර
උයනවට වඩා ආයෙත කඩෙන් කන එක ලාබයි කියලා මට හිතුණා. ඒක නිසා මාසයක් දෙකක් උයාගෙන
කාපු එක ආයෙත් නතර වෙලා ගියා.
අලුත් ඩොක්ටර් අයියා කීව විදිහට මම
ඊළඟ සතියේ උදේ එහෙ යන්න ගියත් පාන්දර
කොස්වත්තෙ යනවට වඩා ස්ටේෂන් එකෙම ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. මොකද ආයේ ගිහින්
එන එක කරදරයක් නිසා. උදේ එහෙම්ම ක්ලාස් එකට ගිහින් ඩොක්ටර් අයියා කිව විදිහට මම
කොස්වත්තෙ එයාලගෙ ගෙදරට ගියා. මම ගේට්ටුවට තට්ටු කරා.
‘ කවුද කවුද... ගේට්ටුව කඩන්න
හදන්නේ...‘ වයසක කට හඬක් ඇතුළින් ඇහුණා. ඒ එක්කම වයසක ආච්චි කෙනෙක් ඇවිත් ගේට්ටුව
ඇරියා...
‘ ඇයි මේ ළමයා...‘
‘ මම ප්‍රසන්න අයියගෙ යාලුවෙක්... ‘
මම හිනාවෙලා ටිකක් බයෙන් කිව්වා. ‘ අයියා කිවා පණිවුඩයක් කියලා තියෙනවා කියලා...‘
‘ අහ් ඔය ළමයද අද එනවා කිව්වේ... ‘
ඇන්ටි ඇහුවා. ආච්චි එක පාරම ඇන්ටි වුණා.
‘ ඔව්...‘
‘ එන්න ඇතුළට...‘ ඇන්ටි ගේට්ටුව අරින
ගමන් කිව්වා. ‘ ඔය ළමයා එනවා කිවා නිසා මම ඉදියාප්ප තැම්බුවා. ඇවිත් ඇඟ පත සෝද
ගන්නකෝ... මම තේ එකක් හදන්නං... මේ කාමරෙට ගිහින් ඇඳුම් මාරු කර ගන්න...
‘ මට
කාමරයක් පෙන්වන ගමන් ඇන්ටි කිව්වා.
මමත් කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගෙන
වොෂ් දාන්න ආවා. මම එද්දි ඇන්ටි ආච්චි ටි.වී බලනවා.
‘ මුං පිස්සෝ වගෙ එහාටයි මෙහාටයි
පනිනවා. ‘ මම හිතන්නෙ දාලා තිබ්බෙ සිරසද කොහෙද... මම හිනාවුණා.
‘ මේ ඊයේ මෛත්‍රිගෙ පැත්තට ආපු උදයා
දැන් ආපහු මහින්දගෙ පැත්තට ගිහින්... මුන්ට ඡන්දෙ දෙන අපිට ගහන්න ඕනි...‘
අනේ මටනං කවුරු කාගේ පැත්තට පැන්නත්
කමක් නැහැ.
‘ යමු කන්න...‘ ඇන්ටි එක පාරම
නැඟිට්ටා. මමත් නැඟිටලා ඇන්ටිගෙ පස්සෙ ගියා. කෑම කාමරේට ගිහින් එයා වහලා තිබ්බ
පිඟන් විවෘත කරා. රතු ඉදියාප්පයි... සම්බෝලයි පරිප්පුයි තිබ්බා.
‘ මේ පිගානට බෙදාගෙන කන්න...‘
ලොකු බන්දේසියක ඉදියාප්ප පුරවලා
තිබ්බා. මම ඉදියාප්ප 10ක් විතර බෙදාගෙන
කන්න පටන් ගත්තා. ඇන්ටි ආච්චි මම ඉන්න තැනින් එහාටයි මෙහාටයි යනවා. මෙසෙ පිහ
දානවා. වතුර ගේනවා. පුදුම සත්කාර. ඒත් එක්කම ඉදියාප්ප ඉවර වේගෙන එද්දි එයා තව
ඉදියාප්ප දාන්න ගත්තා. දෙපාරක් විතර එහෙම දාලා යන්තං තටමලා ඉදියාප්ප විස්සකර විතර
බඩට බස්සගත්තා. ආයෙනං එකක්වත් දාන්න බැහැ. ඉස්මුරුත්තාව වගෙ.
ඉදියාප්ප බන්දේසිය එහෙම්මයි. මම පුටුවෙන් නැඟිට්ටා.
‘ ඔය කාලා ඉවරද දැන්...‘ ඇන්ටි ආච්චි
ඇහුවා.
‘ ඔව් ඇන්ටි... දැන් ඇති වගෙ...‘ මම
කිව්වා.
‘ අයියෝ... බලන්න ඇඟේ හැටි... ඔය
වයසට ඔහොම කාලා පුළුවන්ද... කෝ කෝ ඉදගන්න. මං බෙදන්නං. තව කන්න ඕන...‘ ඇන්ටි මාව
පුටුවෙන් වාඩිකරවන ගමන් කිව්වා.
==============================================
I’m on the way…’ (පනස්
දෙවන වන කොටස)
ආයෙත් මාව පුටුවේ වාඩිකරවලා ඇන්ටි
ඉදියාප්ප බෙදන්න පටන් ගත්තා. වෙන්න යන්නේ මොනවද
කියලා මට හිතාගන්න බැරි වුණා. ඉදියාප්ප එකට සම්බෝලයි පරිප්පුයි බෙදපා ආච්චි ඇන්ටි
මම ගාවින් වාඩි වුණා.
‘ කන්න ළමයෝ...‘ ඇන්ටි කිව්වා.
ඇයි යකුනේ කනවා කියලා මෙහෙමත් කනවද?
මට ඇන්ටිගෙ මූණ දිහා බලන්නත් බැහැ. එයා කියන විදිහට මම කන්නෙ කොහොමද... මයෙ බඩෙත් සීමාවක් තියෙනවනෙ. පුළුවන්
තරං මම කෑවනෙ දැන්. තවත් කන්න බැහැ. පුළුවන්නං මම නොකා ඉන්නෙ නැනෙ. මම ආයෙත්
ඉදියාප්ප එක එක අනන්න ගත්තා.
‘ එක ඉදියාප්පයක් ඔච්චර අනන්න එපා. ‘
ඇන්ටි මම ඉදියාප්පය අනන එක දිහා බලන් ඉදලා කිව්වා. ‘ ඕක ඇඟ ඇතුළට ගිහින් දිරවනවා.
ඔහොම අනලා කෑවොත් අද එළි වෙනකල් කන්න වෙයි... මේවා අස් කරලා මටත් නිදාගන්න ඕන...
ඉක්මනින් කන්න දරුවෝ...‘
වවුලගෙ මඟුල් ගෙදර ගියානං එල්ලිලා
හිටු කීවලු. දැන් ඉතින් ආයෙත් කාපන්කෝ. වතුර බීබි එක එක ඉදියාප්පය මම බලෙන්ම මයෙ
අමාශ කත කරා. වේලිලා ඇකිලිලා තිබුණු මහා අන්තය කුඩා අන්ත්‍රය ටික ටික දිග ඇරෙනවා
වගෙ මට දැණුනා. යන්තං තවත් ඉදියාප්ප දහයක්
විතර කෑවට පස්සේ මයෙ බඩ පුවක් ගහන බඹරයක් බැන්දා වගේ පෙන්න තිබුණා.
‘ අනේ ඇන්ටි තවත්නං කන්න බැහැ... ‘
මම ඇස් වලින් කඳුළු පනින ගමන් කිව්වා.
‘ අනේ මන්දා... අවුරුදු විසි පහක්
වෙලා ඉගෙන ගන්න ළමයෙක්ට ඔහොම කාලා ඇද්ද.... මේ තව ටික්ක කන්න...‘
‘ අනේ බුදු ඇන්ටි... මට දැන්ම
ඉස්මුරුත්තාව වගෙ. තවත් කෑවොත් මට වමනේ යාවි....‘
ඒකට ඇන්ටි ටිකක් බය වුණා වගේ. යන්තං
පුටුවෙන් නැඟිටලා මම සක්වන් කරනවා වගෙ කාමරේට ගියා. කෑම තාම මඟ. ගුඩුස් යන්නෙත්
නැහැ. මාස හයක වගෙ බඩකුත් ඇවිත්. මට ඇස් දෙක කරකැවෙනවා වගෙ දැණුනා. ඔලුවත්
රිදෙනවා. කෝච්චියේ ආපු මහන්සියයි.
මම ඇදේ ඇල වෙන්න හැදුවා. ඒත් බඩ
බෙල්ල ගාවටම පිරිලා නිසා නිදා ගන්න බැරි වුණා. කියා ගන්න බැරි විදිහට ඇස් නිලංකාර
වෙලා මට හුස්ම ගන්න බැරි විදිහට ආවා. මම ටක් ගාලා ඇඳෙන් නැඟිටලා වොෂ් රූම් එකට
ගියා. ගිහින් සින්ක් එකට නැමෙනවා විතරයි කාපු ඉදියාප්ප සේරම ටික ‘ ඔක් ‘ ගාලා
සින්ක් එකට වැටුණා... ඒ ගමන් මම ටක් ගාලා කොමඩ් එක ප්‍රෙෂ් කරා. නැත්තං සද්දේ ඇහෙන නිසා. හති ඇරින ගමන් මම රෑ
කෑම ටික ආපහු පොළොවටම පස් වෙන්න අයින් කරා. පිරිලා ඉතිරිලා වැතිරිලා යනකල්ම මම
වමනෙ කරා. සින්ක් එකෙ තිබුණේ පොඩි සිදුරක් නිසා ඉදියාප්ප කෑලි එකෙන් එළියට ගියේ
නැහැ. මම එතන තිබුණු කොප්පයක් අරගෙන වමනෙ ටික ආපහු කොමඩ් එකට දැම්මා. ඇත්තටම
ජීවිතේ කාටවත්ම නොකියා මිනිස්සු මොන තරං වැඩ කරනවද? ප්‍රසිද්ධියේ බස් එකක කෝච්චියට
වමන දාන කෙනෙක් දිහා පිළිකුලෙන් අපහාසෙන් අවමානෙන් බලන මමම අද මෙය වමනේ අතින්
අදිනවා. ඒ වෙලාවට කොච්චරනං අසරණද...
පුරුදු විදිහට ආයෙත් රෑ කෑම විදිහට
වතුර ටිකක් බීලා මම ඇවිත් ඇඳේ ඇළ වුණා. එක හුස්මයි එක පිම්මයි.. මම නිදා ගත්තා.
පහුවදා උදේ කලා යන්න ඇන්ටි ආචච්
කීවත් පරක්කු වෙනවා කියලා මම ඒ කෑම පාර්සලය බැඳගෙන ආවා. ඒක උදෙත් කාලා හසියා එක්ක
දවලුත් කෑවා. හසියටත් පුදුමයි මම කෑම එකක් ගෙනාවා කීවාම...
සති මාස ගණන් ගෙවිලා යන මේ පාඨමාලාවේ
දැන් මාස හතරක් පහක්ම ඉවර වෙලා. ආයෙත් ඩොක්ටර් අයියා එහෙ නතර වෙලා යන්න කීවත් මම
ඒක අදිමදි කරා. ඒ අතරෙම මට තව දවසක් උදේ වොෂ් දාලා යන්න නුගේගොඩ විජේරාමය ගාව
අයියා කෙනෙක් හම්බුණා.
එන්න කලින් සුපුරුදු විදිහට කතා කරලා
සේරම හරිගහ ගත්තා. සිකුරාදා ඩියුටි ඕෆ් වෙලා මම රෑම කොළඹට ගියා. පාන්දර එක විතර
වෙද්දි මම කොළඹට ආවා. මේ වෙලාවට 138 නැහැ. ඒක නිසා අයියාට කලින් කියපු විදිහට මම
වීල් එකක් අරගෙන විජේරාම ගාවට යන්න පටන් ගත්තා. දවල්ට පාර මාරු වෙන්න පැය ගාණක්
බලාගෙන ඉන්න ඕනි නුගේගොඩ මහ රෑට පාළු කනත්තක් වගෙ.
මයෙත් තියෙන කුණු කමට විජේරාමෙට
යනකල් මම ඒ අයියට කතා කරේ නැහැ. වීල් එකෙ සල්ලි දීලා මම විජේරාම හන්දියෙන් බැස්සා.
ඒ කරලා අයියට කතා කරා. දෙතුන සැරයක් ගත්තා. ෆෝන් එක ආන්සර් නැහැ. ඉට පස්සේ මම එතන
තිබුණු බොක්ස් එකකට ගිහින් ගත්තා. ඒත් ආන්සර් නැහැ. අයියෝ... දිගින් දිගට කොච්චර
ගත්තත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. අනිත් අයනං දැකලා එන්න එපා කීවේ. ඒත් මෙයි දැන්ම
මට එන්න එපා කියනවා වගෙ. දැන් මේ පාන්දර මම කොහෙ යන්නද? කෝච්චියේ ආවනං පැයයි
දෙකයි කට්ට.. දැන් පැය හතරක් පහක් හිටපන්කෝ...
මම විජේරාම හරහා ආපු බස් එකක නැඟලා
ආයෙත් කොටුවට එන්න නැග්ගා. නුගේගොඩ හරියට එද්දි ඒ අයියා ආයෙත් මට කතා කරා...
‘ කොහොද මල්ලි දැන් ඔයා ඉන්නේ...‘
මට යකා නැඟලා තිබුණේ.
‘ අනේ යන්න අයියේ..‘ මම හයියෙන්
කිව්වා. ‘ ඔයාගෙත් බොරුව විතරයි. අනිත් අය වගෙම... ඒත් මේ
පාන්දර මට එන්න කියලා
මෙහෙම කරේ ඇයි...‘
‘ මොනවද හලෝ කියනවන්නෙ.. මට ටිකක්
නින්ද ගියා. කොහොද දැන් ඉන්නේ...‘
‘ නුගේගොඩ...‘
‘ ඉතින් දැන් බැහැලා එනවා...‘
‘ මට බැ... මම ටිකට් ගත්තා...‘
‘ සල්ලි මම දෙන්නං බැහැලා එනවා
කීවාම...‘
‘ බෑ කිවානෙ...‘
මම තදින්ම කිව්වා. ආයෙත් පලයන්කෝ
වියදම් කරගෙන එහෙට.
‘ අනේ මල්ලි... මම කාටවත් බොරු කරන
කෙනෙක් නෙමෙයි. ‘ අයියාගෙ කටහඩ ඇඬුම් ස්වරයක් ආවා. ‘ මට නින්ද ගියා. ඔයාගෙ වියදම්
සල්ලි සේරම මම දෙන්නං. ප්ලීස් .... එන්න මල්ලි...‘
කොයි තරං දැඩි හිතක් වුණත් කෙනෙක්ගෙ
කඳුළු බලන්න බැරි දුර්වල කමක් මට තියෙනවා. කිරුළපන හරියෙදි මම ආයෙත් බස් එකෙන් බැස්සා.
‘ හරි මම එන්නං...‘ මම බස් එකෙන්
බහින ගමන් කිව්වා.
‘ ඔයාට මාව ෂුවර් නැත්තං ඔයා එනකල්ම
මම ලයින් එකෙ ඉන්නම්...‘
‘ නැ නැ ඕනි නැහැ. පුළුවන්නං දැන්ම
විජේරාම හන්දියට වෙලා ඉන්න. එච්චරයි...‘ මම කිව්වා.
ආයෙත් කිරුළපනෙන් වීල් එකක් අරගෙන මම
විජේරාම හන්දියට ගියා. අන්න එතකොටනං ඒ අයියා ඇවිත් හිටියා. ටිකක් තට්ටෙ තියෙන තරුණ
කොල්ලෙක්. මොනවා වුණත් අව්‍යාජ හිනාවක් ඒ අයියට තිබුණා. එදා පාන්දරත් විජේරාමෙන් වොෂ් දාපු මම තවත් එක
පිරිමියෙක්ගෙ තුරුලේ නිදා ගත්තා. යන්න කලින් ඒ දේවල් කිසිම දෙයක් කතා නොකරත් එක
ඇඳේ ඇඟට ඇඟ පිරිමැදෙද්දි දෙන්නට දෙන්නා තුරුළු වුණේ කාගෙවත් බල කිරීමකට නෙමෙයි.
කාලෙකට පස්සේ ආයෙත් ආදරෙයි කියලා හිතෙන පිරිමි උණුසුමක් මට දැණුනා.
===================================================
I’m on the way…’ (පනස්
තුන් වන කොටස)
‘ හරි මල්ලි බය වෙන්න එපා ඔයා
එන්නකෝ....‘ ඒ තවත් එක සති අන්තයක් වෙනුවෙන් මට ලැබුණු දුරකථන ඇමතුමක්. කතා කරන
හැම කෙනාම බය වෙන්න එපා කියන නිසා දැන් මට බය කියන එකටත් බය වෙන්න හිතෙනවා. පහුගිය
සතියක ගියපු විජේරාමෙ අයියට මොකද වුණේ කියලා ඔයාලා අහනවා ඇති. එයා සති අන්ත වල
ගෙදර ගියා. මම හිතන්නෙ එයා දකුණේ කෙනෙක්. ඒක නිසා මට ආයෙත් එහෙ යන්න බැරි වුණා. හැබැයි අදටත් එයා කතා බහ කරලා
ඉන්නවා.
සිකුරාදා රෑ පුරුදු විදිහට
කොළඹට කෝච්චියේ ඇවිත් ටෙලිකොම් පාර්ක් එක ගාවින් උඩට ආවා. සමහර දවස් වල එතන දෙන්නා
තුන්දෙනා හිටියත් එදානං කවුරුත් හිටියෙ නැහැ වගෙ. මමත් හොරාට කවුරු හරි ඉන්නවද
කියලා බලාගෙන ආවෙ මුකුත් කරන්න නෙමෙයි හිතෙ තිබුණු කුතුහලයට.
උදේ වරුව පන්ති ගිහින් එදා හවස යන්න
තියෙන තැනට යන්න මම ආයෙත් කොළඹ කොටුවට ආවා. බ්‍රහස්පතින්දා ඇමතුම ලැබුණේ
මීගමුවෙන්. Negambo කියලා කියන්නෙ නුගේගොඩට කියලයි මම
කලින් හිතාගෙන හිටියෙ. ඒත් මීගමුවට ඉංග්‍රිසියෙන්
කියන්නෙ ඒක කියලා මම දැන ගත්තෙ එදා මීගමුවෙ ගියාමයි. කොළඹට ගිහින් ආයෙත් මී ගමුව
බස් එකක නැඟලා මම අලුත් තාවකාලික නවාතැන හොයාගෙන ගියා. බස් එකෙ මීගමුවට ගිහින්
ආපහු එන වියදම මට කොළඹ රෑටයි උදේටයි කාලා ඉන්න යන වියදමට වඩා වැඩිනං මම කීයටවත්
මීගමුවෙ යන්නෙ නැහැ. ඒත් ඒ වියදම එහෙම වුණේ නැහැ. මාතර කඩෙන් රෑට 60ට බත් භාගයක්
අරගෙන කාලා වැලි පාර්ක් එකට වෙලා නිදා ගත්තනං මෙහෙම අවුලක් නැහැ. ඒත් ඉතින් හිතේ
දෙගිඩියවෙන් ඉන්නෙ ඇයි කියලා හිතිලා ගියා.
කටුනායකට හැරෙන හන්දිය ගාවින් මම
බැස්සා. එතන තිබුණු හෝල්ට් එකක් ගාවට වෙලා වාඩිවෙලා හිටියා.
‘ අයියේ ඔයා කොහෙද...‘ මම සුපුරුදු
එස්එම්එස් එක යැව්වා.
‘ ඔයා කොහෙද ඉන්නේ...‘ ආයෙත් රිප්ලයි
එක ආවා.
‘ මම කටුනායක හන්දියේ ඉන්නෙ...‘
‘ හරි මට විනාඩි 10ක් දෙන්න...‘
‘ හා..‘
මම කටුනායක හන්දියට වෙලා පාරවල් දිහා
බලාගෙන හිටියා. පාරේ වාහන යද්දි උඩින් ප්ලෙන් යනවා.
‘ මම ආවා...‘ මට කටුනායක අයියාගෙන්
මැසේජ් එකක් ආවා. ‘ කොහෙද ඉන්නෙ...‘
‘ මේ හන්දියට හැරෙන තැන හෝල්ට්
එකෙ..‘
‘මමත් එතන තමයි ඉන්නෙ..‘
‘ කෝ පේන්න නැනේ... මොකද්ද ඇදලා
ඉන්නේ...‘ සාමන්‍යයෙන් මෙහෙම යන ගමන් වලදි මිනිස්සු අදුර ගන්නෙ එහෙමයි. ඒක දැන් මට
හුරුයි. මීට් වෙන්න ඇවිත් හිටියත් අවසාන මෙහොත වෙනකල්ම කෙනෙක් ෂුවර් කරන්න බැහැ.
‘ සුදු පාට ටී ෂර්ට්
එකකුයි, ඩෙනිම් කලිසමකුයි...‘
‘ ආ... මම දැක්කා. මම ඉන්නෙ මෙතන බස්
හොල්ට් එක ඇතුලේ...‘
මම එහා පැත්ත බැලුවා. බස් හෝල්ට් එක
තිබ්බෙත් එතන එහා පැත්තෙමයි... යකුනේ මෙතන ළගටම ඇවිත් වාඩිවෙලා මැසේජ් කරනවානෙ...
‘ ආ ඔයාද ගිහංස...‘ මම බස් හෝල්ට් එක
ඇතුළට යද්දි ඇහුවා.
‘ ඔව්... ‘
‘ මොකද කරන්නෙ... මෙහෙම්ම බෝඩිමට
යනවද... නැත්තං මුහුද බලන්න ගිහින් යනවද...‘
‘ දැන් පහාමාරයි නේද... ගොඩාක් දුරද
මුහුද...‘ මම ඇහුවා.
‘ අපෝ නැහැ. නිගම්බෝ බීච් එක මේ
ළඟමයි තියෙන්නෙ. වීල් එකෙ පනහක දුර....‘ පොර හරියට කිවේ පනහ පොඩි ගාණක් වගෙ. පනහක්
කියන්නෙ මයෙ දවල් කෑම එකක්. නැත්තං උදේ කෑම වේල් දෙකක්... ‘ හරි අපි එහෙනං බීච්
ගිහින් එහෙම්ම රෑට කාලා බෝඩිමට යමු...‘
මමත් ඔලුව වැනුවා. බස් ටෑන්ඩ් එක එහා
පැත්තට ගියාම තිබුණු වීල් එකකට කතා කරපු අයියා මාවත් වීල් එකේ දාගෙන ගියා. යන්නෙ
කොහෙද කියලා මම දැනගෙන හිටියේ නැහැ. අතර මඟදී කඩේකින් රයිස් දෙකකුයි, වතුර
බෝතලයකුයි දාගෙන අපි ආයෙත් ගියා. වීල් එක ප්‍රධාන පාරේම ගියපු නිසා මමත් මුකුත්
නොකියා හිටියා. විනාඩි දහයක් විතර ගියාම වීල් එක පාරේ නතර කරා. වම් පැත්තෙන්
නිල්පාට මහ සයුර පෙණුනා. අයියා වීල් එකට සල්ලි දීලා බීච් එක පැත්තට ගියා. මමත්
එයාගෙ පස්සේන් ගියා.
බීච් එකට ඇතුලු වෙන තැනම Negambo
Beach side කියලා ගහලා තිබුණා. මී ගමුවට කියන්නෙ පුංචි ඉතාලිය කියලානෙ. ගොඩක් ප්‍රසිද්දයි
සංචාරක කර්මාන්තයට. බහුතරයක් ඉන්නෙ පිරිසිදු කතෝලික යාලුවෝ තමයි. මොනවා වුණත්
මීගමුව, හලාවත, ජා ඇල, පුත්තලම පැත්තේ කොල්ලන්ගෙ හිත පිරිසිදුයි. කියන්න
තියෙන දේ කෙලින් කියනවා.ඒක මයෙ පෞද්ගලික අදහසක් හොදේ.. දවල්ටත් හ හරියට නොකාපු
නිසා කෑම එක කාලා අපි බීච් එකෙ වාඩිවෙලා හිටියා.
එතකොටමයි මට ක්ලාස් එකෙන් කෝල් එකක්
ආවේ. හෙට පන්ති නැතිය කියලා කිවා. මොන මගුලක්ද ඒ පාර... දැන් පන්ති නැත්තම් ආයෙත්
හෙට උෆද් පොළොන්නරුවේ යන්න වෙනවා. ඒකට ආපහු රු. 200ක් විතර වියදම් වෙනවා. කොහොම
හරි රෑ වෙනකල් හිටියනං නිකං කොච්චියේ යන්න තිබ්බනෙ. වෙන දෙයක් වුණාවේ. මමත් අයියත්
බීච් එකෙ ඇවිදගෙන ගියා..
දවසේ ලෝකයක් වෙනුවෙන් එළිය දුන්න
ඉරටත් දැන් මහන්සි වෙලා. ටික ටික ක්ෂිතිජය ළඟට ළං වෙන්නේ සයුරු තෙරේ ගිලෙන්නයි.
උදේට ළා හිරු එළියත්, දවල්ට ගිනියම් අව්වත් දීලා හවසට ආපහු හඳට එළිය දෙන්න යනවා.
====================================================
I’m on the way…’ (පනස් හතර
වන කොටස)
ඉස්කෝලේ ඇරිලා නිල් පාට කලිසම පිටින්
වෙරළට ආපු 8-9 ළමයි වගයකුත් බෑග් ටික
වෙරලේ විසි කරලා මුහුදට දුවගෙන ගියා. ඇත්තට මේ පුංචි ළමයිට වෙරළ සයුර පුදුමාකාර
විදිහට ජීවිතටය බද්ද වෙලා. එක ළමයෙක් ආයෙත් බෑග් එක ගාවට ඇවිත් මොනවද බීලා ගියා.
‘ මොනවද අයියේ ඒ...‘ ටින් එකකින් බීව
නිසා මම ඇහුවා.
‘ බියර් තමයි...‘ අයියා හිනාවෙලා
කිව්වා. ‘ ජින් වෙන්නත් පුළුවන්...‘
‘ ඒ මොනවද...‘
‘ අරක්කු ජාති බං... පොඩි එකා වගෙනෙ
අහන්නේ....‘ අයියා මට නෝන්ඩියටත් එක්ක කීවා. ඇත්තමට අම්මා කරන රස්සාව නිසාද කොහෙද
මට ජීවිතේ මත් ද්‍රව්‍ය එපා වෙලයි තිබුණේ...
‘ අර පොඩි ළමයා ඒවාද බිවේ...‘
‘ මෙහෙ ඕවා සාමාන්‍ය දේවල් බං...‘
බීපු ළමයත් අනිත් ළමයි එක්ක එකතු
වෙලා දිය බුං ගහගෙන මුහුදු රළත් එක්ක පෙරළි පෙරළි සෙල්ලම් කරා. විනාඩි දෙකක් තුනක්
යද්දි එක ළමයෙක් ටිකක් එහාට යනවා දැක්කා. අනිත් ළමයි එයාට කතා කරා. ඒ සද්දෙට වෙරළේ
හිටිය හැමෝම වගෙ එක තැනකට එකතු වුණා.
‘ වරෙන්.... ‘ මෙහාට වරෙන්...‘
රැල්ලට රැල්ල උඩින් එද්දි අර ළමයි
වතුර උඩට පීනන්න අත දික් කරා. ඒත් ඒ වෙලාවෙ වෙරළෙ හිටපු කවුරුත් මුහුදට පැන්නෙ
නැහැ. වැඩිය ඕනි නැහැ. එයි එක්ක එකට පීනපු සෙල්ලම් කරපු යාලුවෝ ටිකත් ඉක්මනින්ම ගොඩට පීනලා ආවා. වෙන්නෙ
මොනවද කියලා හිතාගන්න බැරිව මම ළග හිටපු අයියගෙ අත හයියෙන් අල්ල ගත්තා.
‘ අනේ අයියේ...‘ මම කිව්වා...
‘ දැන් වැඩක් නැහැ...‘ අයියා එහෙම
කියනකොටත් ඒ මල්ලි මුහුද රළ අතර නොපෙනී
ගිහින්. මයෙ ජීවිතයේ සජීවිව කෙනෙක් මුහුදෙ
ගිලෙනවා දැකපු පළවෙනි අවස්ථාව ඒක. අනේ දෙයියනේ අදටත් මේ හිතින් ප්‍රාර්ථනා කරන්නේ
කවමදාවත් එහෙම අනතුරකින් කෙනෙක් මැරෙනවා මේ ඇස් දෙකට පේන්න එපා කියලයි.
මුහුදු වෙරළේ කළුවරත් එක්ක පැයක් විතර හිටියත් ආයෙත් ඒ
යාලුවගෙ සේයාවක්වත් පෙණුනේ නැහැ. ගමේ අය
ඇවිත් මුහුදු වෙරළේ ලතෝනි තිබ්බත් කිසිම කෙනෙක්ගෙ අදෝනාව ගණන් ගන්නෙ නැතිව පුරුදු
විදිහටම මුහුද නිශ්චලව හිටියා.
හිරුත් නිවිලා තිබුණු ඒ කළුවර අහස
ගොඩබිම ඉන්න අපේ හිත් සසල කරා. තවත් එතන හිටියට කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ
නැති පාට දැන ගත්ත එක්කෙනා දෙන්නා වෙරළෙන් සමුගන්න පටන් ගත්තා. පොලීසියත්, ගමෙන්
ආපු අයත් ඉතුරු වෙද්දි හිත නිවාගන්න වෙරළ බලන්න ආපු අනෙක් අය හැම කෙනෙක්ම හිතේ
ලොකු බරක් තියාගෙන ආපහු යන්නට හැරුණා.
මමත් අයියත් එක්ක ආයෙත් ආවා. එක පාරම
දැකපු නොහිතපු අත් දැකීම හින්දා මට මම කවුද...? මොනවද මේ කරන්නේ කියන දේ පවා හිතා ගන්න
බැරි වුණා...
දවල්ට කෑවේ හොදටම හවස් වෙලා නිසා රෑට කන්න ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඒක
නිසා බෝඩිමෙන් නාලා අයියා ගෙනත් තිබ්බ කෑම එකෙන් ටිකක් කාලා මම ඇදට ආවා. තාමත් මයෙ
හිත තෝන්තු ගතියෙන් වගෙ.
රෑට බෝඩිම උඩින් අහස දෙබෑ කරන් යන
ගුවන් යානා වල සද්දේ ඇහුණා. තොරණක් වගෙ අහසට නැගුණු ඒවා ඇතට නොපෙනී යනවා ඇදට හොදට
පෙණුනා. ඒ අහස මැදම හවස අර මල්ලි මුහුදේ ගිලුණු හැටි මට ආයෙ ආයෙ මැවිලා පෙණුනා.
රෑ වෙලා මුහුදු හුළග බෝඩිමට ආව නිසාද
කොහෙද මට හතිය ගතියට ආවා. අර අයියා උණු වතුර ගෙනත් දුන්නා. එයා මට එන්න කීව අදහස
ඉෂ්ට කර ගන්න රෑට ඇදේදී උත්සහ කරත් මට මම ගැනම කළකිරීමක් ඇති වෙලා තිබුණු නිසා ඒ
ගැන කිසිම හැගීමක් ආවේ නැහැ. එයාට කරන දෙයක් කර ගන්න දීලා මම මළ මීනියක් වගෙ
හිටියා. මම හිතන්නෙ මයෙ රහස් අවයවය පවා මට උදව් කරා. පැයක් දෙකක් දගලපු අයියා
මැරුණු අපි දෙන්නගෙන් එයාට වැඩක් නැති බව දැනගෙන එකතු වෙලා තිබුණු ධාතු එයාම පිට
කරලා නිදා ගත්තා. හුස්ම ගන්න බැරිව සමහර වෙලාවට නහය හිරවෙද්දි ඇහැරුණත් මම කැඩි
කැඩි හරි නිදා ගත්තා.
උදේම බෝඩිමෙන් මූණ කට සෝදගෙන වතුර
එකක් බීලා මම ආයෙත් පාරට ආවා. යන්නෙ
කොහාටද කියලා හරියටම කියන්න බැහැ. අද නිවාඩු. අපාදේ පන්ති නැහැ. එතකොට තමයි මතක්
වුණේ මේ පැත්තේ තව මල්ලි කෙනෙක් මට නම්බර් එක දුන්නනෙ කියලා. මම එයාට මැසේජ් එකක්
දැම්මා.
‘ හායි මල්ලි... කොහොමද... කොහෙද
ඉන්නේ... මම නිගම්බෝ ඇවිත් ඉන්නේ. ‘
තත්තර කීපයකින් මට ආයෙත් රිප්ලයි
එකක් ආවා.
‘ මම ගෙදර ඉන්නෙ අයියේ... ඇයි මීගමුවෙ
ආවේ. මේ පැත්තේ එනවද ඔයා...‘
‘ අද පන්ති නැහැ. මට කෝච්චිය
තියෙන්නෙ රෑට. දැනට කරන්න දෙයක් නැහැ ඇවිද ඇවිද ඉන්නවා...‘
‘ එහෙනං එන්න අපේ ගෙදර ඇවිත් යන්න...‘
‘ කොහෙද... ඒ...‘
‘ වෙන්නප්පුවේ... මීගමුවෙ ඉදලා ළගයි.
‘
‘ අවුලක් වෙයිද මම එන එක...‘
‘ අපෝ නැහැ අයියේ... ඔයා එන්න...‘
ඔයාලා හිතන්නෙ මම ගියාද නැද්ද....
ඔව් ඔයාලා හරි මම මී ගමුවේ ඉදලා
වෙන්නප්පුවේ ගියා.
=================================================
I’m on the way…’ (පනස් පස්
වන කොටස)
අද දවසෙත් දවල්ට මොනවා හරි කාලා හවසට කොටුවට ගිහින් පොළොන්නරුවේ යනවා.
ධනංජය මල්ලි කිව්ව විදිහට මම වෙනනප්පුවට බස් එකේ ආවා. මම බස් එකෙන් බහිද්දි මල්ලි
ලුණුවිල හන්දියට ඇවිත් හිටියා. සුදුපාට ස්කුටි බයික් එකක් අරගෙන පොඩි හෙල්මට්
කැල්ලක් දාගෙන කොල්ලා හිටියේ.
මාව බයික් එකෙ වාඩි කරවලා මටත්
හෙල්මට් එකක් දිලා බයික් එකෙ වාඩි වෙන්න කිව්වා. මමත් බයික් එකේ වාඩි වුණා. ඔයාලා මම ගැන මොනවා මේ
වෙද්දි හිතනවද මම දන්නෙ නැහැ. ඒත් දවසක් මට හම්බුණු යාලුවෙක් කිවා මම කෑම එකට වටේ
යනවා නේද කියලා. එක අතකට එයා කියපු එක හරි. මම කෑම එකට ඇග වික්කා. මම රෑට ඉන්න ඕනි
නිසා ඇග වික්කා. කීයක් හරි හොයා ගන්න ඇග වික්කා.
‘නගින්න අයියා...‘ හිනාවෙලා මම දිහා බලපු පොඩි එකා කිව්වා.
මමත් ස්කුටියට නැග්ගා. මාව නග්ග ගත්ත
ස්කුටිය අනිත් වාහන අතරින් එහාටයි මෙහාටයි දාගෙන දාගෙන ගියා. වෙනදා වගේ යන්නෙ
කොහෙද කියලා නොදන්න මම ඒක කොහෙ වුණත්
මොනවා වුණත් අද දවස ගෙවා ගන්න යනවා. තාර පාරෙන් අතුරු පාරකට දාපු බයික් එක පල්ලි
ගොඩක් තියෙන තැනක නතර වුණා. සොහොනක් මැද නතර වෙලා හිටපු කරුණාවන්ත රුවක් මම
අහම්බෙන් වගේ දැක්කා. මෙච්චර දවස් මම දැකලා තිබුණේ ලස්සන මන්දිර වල ඉන්න යේසු විතරයි.
ඒත් ඒ හැම තැනකටම වඩා මෙතන ඉන්න යේසු හිටියේ සොහොනෙ... ජීවිතය අවසන් කරපු බොහෝ
දෙනෙක් අතර කුරුසය මත රැදුණු ඒ අව්‍යාජ මිනිස් දෙවිදු මියැදුණු මිනිසුන් සමග ජීවත්
වන මිනිසුන් යා කරා.
මල්ලි දණ ගහගෙන හදවතේ කුරුසට සිත්තම්
කරා. ඉටි පන්දම් වගයක් අරගෙන පත්තු කරා. ආයේ නිවුවා. මොනවද මුමුණන ගමන් ආයෙත්
පත්තු කරා. මේ විදිහට තුන් පාරක් කරලා ආයෙත් පත්තු කරලා එතන තිබුණු තැනක රැන්දුවා.
එහෙම්ම පිටි පස්සේ තිබුණු මුහුදු වෙරළට ගිහින් ගල් බැම්මක වාඩි වුණා.
අපි ගෙදර යන්නේ නැද්ද...? මම හිතාගෙන
හිටපු දේවල් වෙන්නෙම නැනේ. මම හිතුවේ
මුන්ගෙ ගෙදර ගිහින් දෙයියනේ කියලා කාලා නිදාගන්න. මේකා මාව මේ මගුලක එක්කගෙන ඇවිත්
මොනවා කරනවද මන්දා. මුහුද දකිද්දිත් මට දැන් මොකද්ද වගෙ. බඩගින්නෙ ආවා කියලා මුට
කියන්නද මම...? ගෙදර යමු කියලා බල කරන්නත් බැනේ. හිස් අතින් ගෙදරට යන මම පිළිගන්න
ගෙදර අය ලෑස්ති වෙලා ඉදිවිද...?
‘ අපි යමුද අයියේ එහෙනං ගෙදර...‘ ඒක
මයෙ කන් වලට වැටුණේ හීනයකින් ඇවිත් කියනවා වගෙ.
මම කට පුරා හිනාවක් දාලා හා යමු කීවා. ආයෙත් ස්කුටියෙ නැගලා අතුරු පාරවල්
අස්සෙන් අපි ගියා. ලංකාව ඇතුළේ මෙච්චර ගෙවල් තියෙනවද අප්පා. යනවා යනවා තාම ඉවර
නැහැ. මෙහෙ මනුස්සයෙක්ට අසනීප වුණොත් බුදු සරණයි. ඇයි දෙයියනේ ප්‍රධාන පාරට එන්න
කොච්චර වෙලා යනවද....? එහෙම ගිහින් ගඩොලින් බැදපු පොඩි ගෙදරක අපි නතර වුණා. කවුද
ඇන්ටි කෙනෙක් මම දිහා බලලා හිනා නොවී හිනා වෙලා ගේ ඇතුළට ගියා.
‘ එන්න අයියා ගෙට...‘ මල්ලි කිව්වා.
මමත් මල්ලිගෙ පස්සෙන්ම ගියා.
ගේ ඇතුළේ කාමරේට ගියපු ගමන් මල්ලි
මාව ඇදට දාලා කිස් කරන්න ගත්තා. බෑග් එකත් තාම කරේ. මම එහෙම්ම බෑග් එක ගැලෙව්වා.
කාමරේට දොරකුත් නැහැ... මෙහෙම කරන්න එක පාරම. අනේ මන්දා... මම මල්ලිව ටිකක් ඈත්
කරලා දොර පෙන්නුවා. ඒක අවුලක් නැහැ කියලා එයා කිව්වා. කිස් කරන්න කලින් අඩුම ගානේ
තේ එකක්වත් බීලා හිටියනං තමයි නේද හොද...
‘ මිතුන්....‘ එතකොටම නැන්දා කතා
කරනවා ඇහුණා. මල්ලි දඩස් ගාලා නැගිට්ටා. ‘ මේ තේ එක දෙන්න... අන්න ගෙදරින් කොල්
එකක් ගත්තා මෙහෙ ආවද කියලා අහලා...‘
මොකක්.... ගෙදරින්...
එතකොට මේ කොහෙද ඉන්නේ. මල්ලි එළියට
ගිහින් තේ එක අරගෙන ආවා. මම තේ එග ගන්න ගමන් එයාගෙ මුණු දිහා බැලුවා.
‘ මේ ඔයාලගෙ ගෙදර නෙමෙයිද...? ‘ මම
හෙමින් මල්ලිගෙන් ඇහුවා.
‘ මේ අපේ ලොකු අම්මලාගෙ ගෙදර...‘
‘ එතකොට අපි යන්නේ නැද්ද එහෙ...‘
‘ මේ ගෙදරත් අපේ ගෙදර වගෙ තමයි...‘
‘ ඉතින් ලොකු අම්මා දන්නවද දැන් මම
කවුද කියලවත්...‘
‘එයා එහෙම හොයන්නෙ නැහැ...‘
‘ අනේ මල්ලි... ඒ වුනාට මට බයයි
වගෙ...‘
‘ අපෝ.. බය ගුල්ලෙක්නෙ. ඔහොම බය වෙන්න එපා....‘ මල්ලි එක පාරටම මයෙ කලිසමේ
ෂීප් එක ඇරියා... මයෙ රහස් අවයවය කටේ දාගෙන උරන්න ගත්තා.
‘ කොහොමද ආතල් ද...‘ මල්ලි මයෙන්
ඇහුවා.
එහෙන් පිට ගෙදරක්. දොරක් නැති
කාමරයක්. ආතල්ද ඇත්තටම....කොයි වෙලෙ ඇන්ටි කඩා පනීද කියලා බයෙන් මම හිටියේ...
‘ මිතුන්.... මිතුන්...‘ ආයෙත් ගෑණු
කෙනෙක්ගෙ කට හඩක් ඇහුණා. මොකද මේ තරං පොරට නැන්දා කතා කරන්නෙ... කොල්ලා ඒකට උඩ
ගියා. එක පාරම කාමරෙන් එළියට පැන්නා.
‘ ඇයි පුතේ මෙහෙම හිතුවක්කාර වැඩ
කරන්නෙ....‘ ඒ නං නැන්දා නෙමෙයි වගෙ. ‘ උඹ
උදේ ගෙදරින් ගියපු ගමන්. කෑවෙත් නැ. අරහෙ තාත්තා ආවේස වෙලා වගෙ. ඇයි බං මෙහෙම අපිට
ගින්දර දෙන්නේ...‘ ඒ ගෑනු කෙනා අඩන සද්දෙ ඇහෙනවා.
‘ අඩන්න තරං දෙයක් වෙලා නැනේ...‘
තවත් ගැනූ කෙනෙක්ගෙ කට හඩ.... ‘ අර පිට ළමයෙකුත් ඇවිත් ඉන්නේ. කෑ ගහන්නෙ
නැතිව හිටපන්...
‘ කවුද ඒ...‘
‘ මයෙ යාලුවෙක්...‘ මල්ලි කිව්වා.
‘ කොහෙ යාලුවෙක්ද....?‘ එක නැන්දා
කෙනෙක් ඇහුවා.
‘ මයෙ ක්ලාස් එකෙ....‘
‘ඉතින් මෙහෙ එක්කගෙන ආවේ.... ගෙදර
එක්කන් එන්න තිබ්බනෙ.‘
‘ ගෙදරට මනුස්සයෙක් එක්කන් එන්න
පුළුවන්ද.... උඹලා කොයි වෙලෙත් කෑ ගහ ගත්ත ගමන්නෙ....‘
‘ අනේ පුතේ දැන්වත් ගෙදර යමං...‘
===========================================
I’m on the way…’ (පනස් හය
වන කොටස)
‘මොන මගුලක්ද මේක....‘ මල්ලි පුටුවක්
පස්සට කරලා නැගිටිනවා මට ඇහුණා. ඇත්තමට මයෙ පපුව ගැහෙනවා දැන්... ‘ මට මයෙ පාඩුවේ
ඉන්න දෙන්නෙ නැත්තෙ ඇයි...‘
ඒත් එක්කම බයික් එක ස්ට්ර්ට් වෙලා
යනවා ඇහුණා. අයියෝ දෙයියනේ. මේ දවල් ගෙදරකට ඇවිත් මම කර ගත්ත වින්නැහිය. මටත් මේක
හොද පාඩම්. එක පාරම කතා කරලා නොදන්න තැන් වල රිංගනවට. ආයෙත් විනාඩි දහයක් විතර ගියාම ආයෙත් සද්දයක්
ඇහුණා. මම ඇදේ අනිත් පැත්ත හැරිලා නිදාගෙන වගෙ හිටියා.
‘ කෝ මොකාද ආව කියන එකා...‘ ඒ පාරම
මයෙ ඇස් උඩ ගියා. අයියෝ අදනං මම ඉවරයි වගෙ. ‘ මොන හු.... ආවේ යකෝ...‘
‘ ලොක්කා....‘ අර නැද්දගෙ කට හඩ. ‘
කෑ ගහන්න එපා යකෝ. පිට ළමයෙක් ගෙදරට ඇවිත් ඉන්නෙ...‘
‘ මටත් බලන්න ඕන මොකාද ආවේ කියලා
තමයි.... මොන හු... ඒකා මෙහෙ ආවේ... අද මේ දෙකෙන් එකක් බේර ගන්න ඕන...‘
‘ උඹ මොනවද බීලා ඇවිත් බේර ගන්න
හදන්නෙ....‘
‘ අපේ වේසිගෙ පුතා රෑට රෑට යනවා
ඇත්තෙ ඕකත් එක්ක හැමිනෙන්න වෙන්න ඇති...
තෝ අද මෙහෙටම ආපු එක හොදයි. පර බල්ලා....‘ ඒ සද්දෙත් එක්කම මම හිටිය කාමරේ පැත්තට
එන සද්දෙ මට ඇහුණා.
අනේ දෙයියනේ.... මයෙ ඇගේ ලේ වතුර
වුණා.
‘ ආ........ මේකද මේ....‘ දොර ගාව
ඉදගෙන කියනවා මට ඇහුණා. මම මුකුත් නොකියා නිදාගෙන ඉන්න විදිහටම හිටියා. ‘ අඩෝ...
කැ... නැගිටපන්. මේ ගිනි මද්දාහනේ නිදා ගන්න තො ඊයේ රෑ නිදිවැද්ද ද?.... තෝ එක්ක
මට බේර ගන්න දෙයක් තියෙනවා. නැගිටිපිය හු....‘
‘ ලොක්කා...‘ නැන්දත් දොර ගාවට ඇවිත්
අර අංකල් එක්ක වලි..‘ එ ළමයා පිට ළමයෙක්. පොළොන්නරුව පැත්තෙ. මිතුනා එහෙ ගිහින්
නැහැ. පන්ති ගිහින් එන ගමන් ඇවිත් තියෙන්නෙ. උඹ මෙතෙන බීලා නැති ප්‍රශ්න ඇති
කරන්න එපා. පලයන් ගෙදර දැන්. උඹේ ළමයා හදා ගන්න උඹ දැන ගන්න ඕන. ඒකට පිට ළමයි
වැරදි නැනෙ...‘
‘ ඒ පාර උඹ එනවද මට ළමයි හදන හැටි
කියලා දෙන්න. උඹ දන්නවද මම ළමයි හදන්න විදපු දුක... කෝ ඉතින් උඹට ඒක තේරෙන්න උඹට
ළමයි නැනෙ... ළමයෙක් තියා මිනිහෙක්වත් ඉන්නවද උඹට...‘
‘ මොකද්ද ලොක්කා උඹ කිව්වේ...‘
නැන්දගෙ හඩ බාල වුණා. ‘ උඹ බීලා සිහියෙන්
හරි නොසිහියෙන් හරි කියන්නෙ හිතේ තියෙන දේ තමයි. තොපිට උගන්නලා තොපිව බලා ගත්නෙ
නැතිව හිටියනං අද මමත් මිනිහෙක් එක්ක ළමයි හදාගන පාඩුවේ ඉන්නවා තමයි ලොක්කා...‘
ඒ වචන ටිකටනං මටත් දුක හිතුණා.
‘ කුසින් වදාපු ළමයි නැති වුණාට උඹේ
ළමයි මයෙ ළමයි කියලා මම වෙනසක් කරලා නැහැ. දැන් උඹ ගෙදර පලයන්... බීපු වෙලාවට උඹත්
ඒක්ක මේවා කතා කරන්න මම කැමති නැහැ...‘
ඒ කතාවට ආවේස වෙලා හිටපු අංකල්ට දුක
හිතුණද කොහෙද? දෙයියනේ කියලා මම බේරුණා.
තව ටිකෙන් බඩ කට පුරා හොදට කන්න හම්බෙනවා. තවත් මෙතන ඉන්න එක ඇගට
ගුණ නැහැ. පුළුවන් තරං ඉක්මනින් මෙතනින් යන්න ඕනි. අම්මා ආවා. තාත්තා ආවා. තව
මොකා එන්න ඉන්නවද දන්නෙ නැහැනෙ...
තවත් ටික වෙලාවකින් නැන්දා මල්ලිට
කතා කරනවා ඇහුණා.
‘ මිතුන් ....‘ නැන්දත් ටිකක් තදින්
කතා කරේ...‘ උඹ මේ ළමයට කන්න ගෙනත් දෙන්නෙ නැද්ද..? පුදුම යාලුවෝ බං උඹලා. තව
ටිකෙන් තොපෙ මහා එකා ඇවිත් මේ කොල්ලට ගහනවා. උඹ යාලුවෝ මෙහෙ ගෙනත් දාලා ගිය
දිහාවක් දන්නෙ නැහැ. කීවෙත් නැහැ කලින් මොනවා හරි උයන්න. දැන් රයිස් එකක්වත් හන්දියෙන් අරගෙන වරෙන්...‘
අනේ දෙයියනේ මෙච්චර වෙලා මට තිබ්බ
බඩගින්න දැන්න ඔබ වහන්සේට පෙණුනේ.... ටික වෙලාවකින් බයික් එකෙ සද්දෙ ඇහුණා. එත්
එක්කම ආයෙත් බයික් එක ගියා. නැන්දා කාමරේ ගාවට ඇවිත් මට කතා කරා.
‘ දරුවෝ.... දරුවෝ....‘ මම නිදි මත වගේ ඉදගෙන ඇහැරුණා. ‘
ආපු ගමන් කාමරේට වුණා. මොනවත් කෑවෙත් නැහැ. මේ කෑම ගෙනාවා. කලා ඉන්න...‘
මම ඇදෙන් නැගිටිලා ආවා.
‘අතන නළ ලිද තියෙනවා. ඇග ටිකක් සෝද
ගන්න. ‘ නැන්දා කරුණාවන්තයි. මට තුවායක්
දෙන ගමන් කිව්වා. නළ ළිද වටේට වට කරලා තිබුණේ. අපේ පැත්තෙ නළ ළිං වගෙ නෙමෙයි ඒවා.
හරි අමුතුයි. එතනින් ඇග සෝදගෙන මම ඇවිත් කෑම එක කන්න ගත්තා. රයිස් එකක් ගෙනත් තිබුණේ.
‘ අපේ මිතුන් කරන වැඩ වලට තමයි මල්ලට
කේන්ති ගිහින් තියෙන්නෙ... ‘ නැන්දා දොර ගාවට වෙලා මට වුණු දේවල් කියන්න ගත්තා. ‘
මේ ළගදිත් කොහෙද ගිහින් දවස් ගාණක් ඉදලා ආවේ. පොලීසියෙ ඇන්ට්‍රියකුත් දැම්මා. ඒකා
කියලා ගෙදරින් කරදර නිසා ගියා කියලා. ඇත්තට මෙහෙමත් දරුවෝ.... ඔය ළමයා කොහෙද...
කොහොමද මිතුන්ව දන්නේ...‘
‘ මම අනුරාධුර නැන්දේ... මම කොළඹ
ක්ලාස් එනවා. මල්ලි ඉස්සර කම්පියුටර් ක්ලාස් එන හින්දා දන්නවා. අද මට පන්ති නැහැ.
ඒක නිසා ආවේ ඇවිත් යන්න...‘
‘ ඒකනෙ... මේ බූරුවා මටවත් විස්තරයක්
කියන්න එපැයි. එක පාරම ගෙදරට දාලා ඒකා රෝන්දෙ යනවා... තව ටිකෙන්...‘
නැන්දා කියන්න යන දේ මට තේරුණා.
‘ හවසට මට කොළඹට ආපහු යන්න ඕනි
නැන්දේ...‘
‘ අප්පේ කොළඹට ඕනි තරං බස් තියෙනවා.
පැය දෙකක් විතර යන්නේ...‘
‘ මල්ලි ඒවි නේද මාව පාරට ගිහින්
දාන්න...‘
‘ ඔව් ඔව්... නැතිව මේ පාරේ බස්
යන්නෙ නැනේ. එක්කන් ආවා වගෙ ගිහින් දාන්නත් ඕන තමයි...‘
කතා ඉවර වෙනවත් එක්කම ආයෙත් මල්ලි
ආවා.
‘ මේ ළමයට යන්න ඕන කියනවා....‘
නැන්දා මල්ලි බයික් එකෙන් බහින්නත් කලින්ම කිව්වා. ‘ උඹලා පුදුම යාලුවෝ බං... අනේ
මන්දා...‘
මම බිම බලාගෙන හිටියා.
‘ එහෙනං අපි යමුද අයියේ..‘ මල්ලි
කිව්වා.
මම ආයෙත් කාමරේට ගිහින් බෑග් එක අරගෙන
ආවා. මම නැන්දට වැන්දා. මොනවා වුණත් මම ගුටි නොකා බේරුනේ එයා නිසයි. ආයෙත් මම මේ
වගෙ ගොන් වැඩ කරන්නෙ නැහැ. එන්න කීව පලියට යනවට වඩා හොදයි පාරේ බස් ටැන්ඩ් එකක
නිදා ගන්න එක..
===========================================
I’m on the way…’ (පනස් හත් වන කොටස)
මාසෙන්
දෙකෙන් පටන් ගත්ත මේ පාඨමාලාව දැන් මාස අටක් විතර ඉවර වෙලා. ඒ කාලය පුරාවට මම කරපු
කියපු හැමදේම කිව්වනං ඔයාලා තවත් මට බනීවි. එක අතකට ඒ බැනුම් සාධාරණයි යාලුවනේ.
රුපියල් පන්දාහකට විතර බෝඩිමක් අරගෙන. දවසේ තුන් වේල හොදට කාලා මට මේ කෝස් එක
කරන්න තිබ්බා. මට පන්ති ගාස්තු කවුරු හරි ගෙව්වනං. ඒකට මම සල්ලි එකතු කරා. මයෙ
ගමන් ගාස්තු එකතු කරා. නොකා නොබී මම අයාලේ යන්න ආස නිසා මේ දේවල් කරා කියලා
හිතනවනං ඒකට විරුද්ධව මම මුකුත් කියන්න යන්නෙ නැහැ. මොකද එහෙම හිතන්න ඕනි තරං
උදාහරණ මමම දැන් ඔයාලට කියලා ඉවර නිසා.
තාත්තෙත්
නැති පවුලක ලොකු පුතා වෙනවා කියන එක ජීවිතේ ලොකු කරුමයක්. පවුලක වගකීම තමන්ගෙ අතේ
තියෙන්නෙ කියලා හැමවෙලේම දැනෙනවා. තව තමන්ට නංගි කෙනෙක් ඉන්නවා කිව්වාම හැම
අයියෙක්ම හීන මවන්නෙ තමන්ගෙ නංගිව ආරක්ෂා කරන්න. ඔයාලට මට නැති තරං දුක් විදපු මයෙ
අම්මා ඉන්නවා. මාසෙට සැරයක් ඉතුරු කරන ඉල්ලි වලින් භාගයක්ම එහෙට යැව්වෙ අම්මාගෙ
රස්සාව නතර කරන්නයි.
මේ
හිටියා වගෙ තව මාස හතරකින් මේ පාඨමලාව ඉවරයි. ඉට පස්සේ හොද හොටෙල් එකක් හොයාගෙන
ඒකට යනවා. එකෙත් අවුරුදු දෙකක් විතර වැඩ කරලා රට පැන ගත්තනං මම ගොඩ. එහෙම ලොකු
හීනයක ආරම්භය මේ විදිහට තියපු එක වැරදි කියලා කියන්න එපා.
මම
පාරේ නිදා ගත්තා. හෙට දවසක මම ඒසි කරපු කාමරේක කුෂන් දාපු ලොකු ඇදක නිදා ගත්තත් මම
දන්නවා කොළඹ මහා පාරේ තියෙන උණුසුම.... ස්ටේෂන් එකෙ එන කෝච්චි වල දුම් ගද....
මරදානේ ටොයිලට් වල මුත්‍රා ගද... ප්ලෝටීන් මාර්කට් එකෙ වතුරේ පාට... දියතෙ, වැලි
පාර්ක් එකෙ අව්වෙ තියෙන රස්නෙ වගේම වැස්ස වෙලාවට තියෙන සුන්දරත්වය...
මයෙ
ජීවිතේ මේ විදිහට මම අත්දැකීම් ගත්තා. ඒ අවස්ථාව හැම කෙනෙක්ටම ලැබෙන්නෙ නැහැ. මම
දැනුවත්ව මම දේවල් කරා. නොදැනුවත්ව දේවල් කරා. හැමදෙයින්ම මම පාඩමක් ඉගෙන ගත්තා.
ඒක මට මේ ආත්මෙට ඕනි වෙන්න පුළුවන්. නැත්තං තවත් ඉපදෙන මනුස්ස ආත්මෙකදී ඕනි වේවා.
සංසාරේ පුරාවට නිවන් දකිනකල් මම මේ එකතු කරන්නෙ ජීවිතේ ඕන කරන දේවල් වෙන්න ඇති.
‘
මල්ලි... මම ඔයාගේ ෆේස්බුක් එකෙ තිබ්බ නිසදැස්... කවි... පෝස්ට් සේරම කියෙව්වා...
සිංගිල්ස් වලින් තියෙන නිසා ඒක කියවන්න ලේසි.. මේවායින් කියවෙන්නෙ ඔයා අමුතු
විදිහට ලෝකය දකින කෙනෙක් කියලා වගෙ මල්ලි. මම කැමති ඔයාව මීට් වෙන්න. මම ගැන
වැරදියට හිතන්න එපා. මම ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. පුළුවන්නං
කොළඹ ආපු වේලාවක හමුවෙමු...
-පහන්-‘
තවත්
දවසක උදේ මයෙ මුහුණු පොතට ඇවිත් තිබුණු පණිවුඩයක් ඒක. දැන් මට කොළඹ කිසිම කෙනෙක්
හම්බෙන්න ඕන නැහැ. මේ ඉන්න විදිහ මට හොදයි. සිකුරාදා රෑ කොළඹ යන ගමන් රාගමින්
බැහැලා ස්ලෝව් එකක එඩේරමුල්ලට යනවා. එතනින් පැයක් දෙකක් නිදාගෙන ඉදලා ආයෙත් ස්ලොව්
එකක දෙමටගොඩට යනවා. එතනින් බැහැලා බොරැල්ලට පයින් ගිහින් එහෙන් 176 අරගෙන නුගේගොඩ
යනවා. උදේට වඩෙ දෙකක් විතර කාලා වතුර බොනවා. දවල්ලට උදේ කෑම එකක් අරගෙන කනවා.
දැන්
මට ඉදලා හිටලා ඩෝක්ටර් අයියා හම්බෙනවා. එයා ඒ වෙලාවට කීයක් හරි දෙනවා. හසියා
ඉන්නවා. ඉදලා හිටලා රණ්ඩු වුණත් හසියා පුළුවන් හැම වෙලාවෙම මම ගැන හොයලා බැලුවා. මේ
අතර ඊක්වෙල් එකක වැඩ කරන තවත් අයියා කෙනෙක් මට හම්බුණා. එයා මට සමලිංගිකත්වය ගැන
ගොඩාක් දේවල් කියලා දුන්නා. දැනට ලෝකය පුරා එකම ලිංගිකත්වය දරණ අය විවාහ වෙන බව
පවා එයා කිව්වා. කොළඹ
ජීවිතය, මිනිස්සු ගැන අපි ගොඩක් වෙලාවට දියත උයනට වෙලා කතා කරා. මම එයා එක්ක
වේදිකා නාට්‍යය බලන්න පුරුදු වුණා. බොරැල්ලෙම තියෙන නාමලී පුණ්‍යා එකෙ දවස පතා
වේදිකා නාට්‍ය තිබුණා. ගොඩක් ලස්සන ඒවා තිබුණේ සති අන්තෙ.
බල්ලොත්
එක්ක බෑ... තමයි බලපු හොදම නාට්‍යය... එකෙ ගිහාන් අයියාගෙ වගේම විජය අයියාගෙ රගපෑම
මරේ මරු... අයියා කිවාට එයාලා මට මාමාලා වෙනවද දන්නෙ නැහැ.
ඉතින්
පහන් අයියා මට එදා දාලා තිබුණු මැසේජ් එක නිසා මම සෙනසුරාදා හවසක එයාව මීට් වෙන්න
ගියා. එතනට යන්න වුණේ බොරැල්ලට ඇවිත් එතනින් 135 කැලණිය කොහුවෙල බස් එකෙ. එකෙ
ගියාම එයාගෙ බෝඩිම ගාවින්ම බහින්න පුළුවන් කිව්වා. පළවෙනි දවස නිසා මම ටිකක් අදි
මදි වුණා යන්න. ගියපු තැන් වල වෙච්ච දේවල් එක්ක තවත් මම යන්නෙ ඇයි කියලත් මට
හිතුණු වාර අනන්තයි. තව මාස හතරයිනෙ. ඒක නිසා ගිහින් බලනවා. අවුල්නං ආපහු එනවා.
පාමන්කඩ පාලම ගාවින් මට බහින්න කියලා තිබුණේ. ඉතින් මම ඩ්‍රයිවර් ගාවින් හෙල්ලුණේ
නැහැ. රුපියල් 15ක දුර තිබුණේ. ඒ කියන්නෙ
එච්චර දුර නැහැ.
මම
එනකල් පාලම ගාවට වෙලා පහන් අයියා බලාගෙන හිටියා. මම වගේම කෙට්ටු ඒත් මූණට වැඩියෙන්
තිබුණු අහිංසක හිනාවත් එක්ක මම දැක්කාම එයා මට අතට අත දුන්නා.
‘
ඔයාද මේ ෆෙස්බුක් එකෙ කවි කතා ලියන ගිහංස රංගනාත්...‘ පහන් අයියා හිනාවෙලා කිව්වා.
‘ යමුකෝ අපි බෝඩිමට....‘
මයෙ
බෑග් එකත් කරට දාගෙන පහන් අයියා බෝඩිමට ආවා. ඒක ඉස්සරා ෂොප් එකක් තිබුණු එකක්.
තට්ටු දෙක තුනක ගෙදරක්. ඒ කියන්නෙ පාරේ මට්ටමට එක තියෙන එකෙ තමයි පහන් අයියා
හිටියෙ. උඩ තට්ටුවකුත් තිබුණා. තව පහළත් තට්ටුවක් තිබුණා. මේ පැත්තේ කොහොම හරි
කාමරයක් හදාගෙන කුලියට දෙන්න තමයි මිනිස්සු පොර කන්නෙ...
‘
ඔයාට මහන්සිත් ඇතිනෙ මල්ලි ඔයා වොෂ් එකක් දා ගන්න. මම බොන්න තේ එකක් හදන්නං...‘
පහන් අයියා කාමරේ මයෙ බෑග් එක තියෙන ගමන් කිව්වා. ‘ ඉන්න මම ඔයාට ට්‍රවල් එකක්
දෙන්නං...‘
‘ මයෙ ගාව තුවායක් තියෙනවා අයියේ...‘ මම
කිව්වා. බෑග් එක ඇරලා එකින් එක කාමරේ බිම
තියද්දි එයා පුදුමයෙන් බලාගෙන හිටියා.
‘
යකෝ... අහිගුණ්ඨිය බෑග් එකක් වගෙනෙ... නැති දෙයක් නෑනේ...‘ පහන් අයියට හිනා
ගියා...
‘
මේ කොළඹට ගමේ මම අහිගුණ්ඨිකයෙක් තමයි අයියේ...‘ මම කිව්වා.
‘
හරි හරි... දැන් වොෂ් දාගෙන එන්න. අපි තේ එකක් බීලා කෑම මොනවා හරි ගේන්න යමු...‘
මට
වොෂ් රූම් එක පෙන්නලා පහන් අයියා තේ හදන්න පටන් ගත්තද කොහෙද.... වොෂ් රූම් එකෙන්
එහා පැත්තට පාමංකඩ තියෙන කුණු ඇළ පේන්න ගත්තා. අපෝ... එකෙ තියෙන ගද... කොහොම
ඉන්නවද මන්දා මේ මිනිස්සු.
=================================================
I’m on the way…’ (පනස් අට වන
කොටස)
මම වොෂ් දාලා එද්දි පහන් අයියා කෑම
ලෑස්ති කරලා. වෙන වෙනම දෙන්නට. බෝඩිමට
ඉස්සරා තිබුනු පොඩි සාලේ වගේ කෑල්ලෙ තමයි
කෑම ලෑස්ති කරලා තිබුණේ.
පහල
කාමරේ තවත් කාටදෝ කුලියට දීලා තිබුණා. ඇත්තමයි
දෙයියනේ කොළඹින් ටොයිලට් එකක් හරි අරගෙන කුලියට දෙන්න තියේනං ඊට වඩා දෙයක් නැහැ
ඔන්න. හැමදේම සල්ලිනෙ. ඔක්සිජන්
වලට මුකුත් කරන්න විදිහක් නැති හින්දා හොදයි. ඒත්
දවසක ඒකත් පිටේ බැදගෙන යන්න වෙයි.
‘ ඔයාට
බඩගිනි ඇතිනෙ මල්ලි...‘ පහන් අයියා මම එළියට එද්දි කිව්වා. ‘ මම
වොෂ් දානකල් ඔයා කන්න..‘
‘ අයියෝ
එහෙම අවුලක් නැහැ අයියේ... ‘ මම තුවාය ගලවලා ඇග පිහදාන ගමන්
කිව්වා. පහන් අයිය මම ගැන කොහොම හිතුවද දන්නෙ
නැහැ. මට ඒක ගාණක් ගියෙ නැහැ. මොකද
මේ වෙනකල් ගියපු බෝඩින් වල මේක සාමාන්‍ය දෙයක් නිසා. ‘ ඔයත්
වොෂ් දාගෙන එන්න...‘
ආයෙත් මම තුවාය ඇදගෙන එහා පැත්තෙ
තිබුණු කාමරේට ගිහින් කලිසම දාගෙන ආවා. පහන්
අයියා තුවාය අරගෙන පුටුවක් උඩින් දාලා වොෂ් රූම් ගියා. එයාට
රෙදි වගයකුත් තිබුණා සෝදන්න. මයෙත් රෙදි ඇහුවට මම නැහැ කිව්වා.
එයා නාලා එනකල් මම ෆේස්බුක් එකට ලොග්
වෙලා එවලා තිබුණු මැසේජ් වලට රිප්ලයි යැව්වා. දැන්
මට චැට් කරන එක සුළු දෙයක් වගෙ.
මයෙ
ඉන්දියන් ඉන්ටෙක්ස් 1500 ෆොන් එකෙන් කොහොමද චැට් කරන්නෙ කියලා
අහන අය ගොඩයි. ඒත් ඒක කරන විදිහ මම දන්නවා. දැන්
අවුරුද්දකට ආසන්න කාලයක් මට කතා බතා කරන්න උදව් කරේ මෙයානෙ.
ඉස්සර මම කියලා තිබුණු ඇමරිකාවේ
සුද්දා... හැබැයි දැන් එහෙම කියන එක හරි නැහැ. මොකද
ගව් ගණන් දුරක හිටියත් මනුස්සයා හරි හොදයි. දන්න
කැඩි කැඩි කඩ්ඩෙන් මම පොර එක්ක කතා කරන ඉංග්‍රිසි පොරට තේරෙනවා මයෙ හිතේ. මම
කරන ඩිප්ලෝමාලාව, මයෙ පවුල් පරිසරය, කොළඹ ඇවිත් මම කරන දේවල්, ඉන්න විදිහත් මම පොරට ටික ටික කියලා
තිබුණා.
ඩිප්ලෝමාලාව ඉවර වෙන්න ළග නිසා දැන්
ටික ටික පොඩියට අමතර ගාණක් හොයාගන්න මසාජ් වැඩ පටන් ගත්තොත් හොදයි කියලත් මට
හිතුණා. එක අතකට ඒක කරන්න සහතිකෙත් ඕනිනෙ. කවුරු
හරි ඇහුවොත් පෙන්වන්න තියෙන්න එපැයි.
ඉදලා හිටලා බෝඩිමේ අයියලාට හෙඩ්
මසාජ් දානවා. ඒ වුණාට එපා වෙන්නෙ මට අසනීප වෙලා
ඉන්න වෙලාවටත් අර වදකාර අයියගෙන් බේරෙන්න බැනෙ. හවස
පොර ටි.වි බලන වෙලාවට මයෙන් මසාජ් එක්ක දා
ගන්න ඕනිමයි. වෙලාවක හිතෙනවා හොද මසාජ් එකක් දෙන්න. කෝ
ඉතින් තාම හරියට සෙට් වුණේ නැනේ.
අනිත
වැඩි සෙල්ලං දාන්න ගිහින් ඉන්න තැනිනුත් යන්න වුණොත් මම ඉවරනෙ.
පහන් අයියත් වොෂ් දාලා ආවා. අපි
දෙන්නම කෑම කෑවා. කෑම ගෙනාවේ එයාගෙ සල්ලි වලින්. එහා
පැත්තෙ කාමරේ තමයි නිදා ගත්තෙ.
එයාගෙ
කාමරේ පිළිවළට හදාගෙන තිබුණා.
ෆෑන්
එක උඩ ඔෆිස් එකෙ එක. ඒක රෑට මෙයා ගත්තා. පොඩි
ඇදක්. එහා පැත්තෙන් ලෑලි වගයක් දාලා එයාගෙ
බඩු ටික තියලා තිබ්බා. මොනවා වුණත් එයාගෙ වැඩ පිළිවළට කරා.
කලා ඉවර වෙලා එයා ෆෝන් එක අරගෙන මට
කෙනෙක් පෙන්නුවා. සුදු කෙට්ටු කොල්ලෙක්...
‘ මේ
කවුද...?‘ මම ඇහුවා
‘ මේ
තමයි මයෙ ජීවිතේ...‘
මට හිනා යන්න ආවත්... මම
ඒක ගිල ගත්තා. යකෝ කොල්ලෙක්ගෙ ජීවිතේ තවත් කොල්ලෙක්
වෙනවද?
‘ ඉතින්
කෝ දැන් මෙයා...‘
‘ මෙයා
මට ආදරේ නැහැ මල්ලි...‘
‘ ඉතින්
ඔයා ආදරේ ද?‘
‘ ඔව්... ගොඩක්. මම
හැමදේම කරන්නෙ මෙයා වෙනුවෙන්.
මයෙ
හිතේ ඇදුණු රූපේ මෙයා. මයෙ ආදරේ. වෙන
කා ගැනවත් මට හිතන්න බැහැ. මම මෙයාට ගොඩක් ආදරේ...‘
‘ අනේ
මම ඔය ආදර ගැන දන්නෙ නැහැ අයියේ...
අපි
නිදා ගමුද...?‘ මට ඇත්තමට නිදි මතයි. ඒක
නිසා මම කිව්වා.
‘ඔව්
මල්ලි.. ඔයාට නිදිමතත් ඇතිනේ. ඔයා
ඇදේ නිදාගන්න...‘
‘ එතකොට
ඔයා...‘
‘ මම
බිම නිදා ගන්නං...‘
‘ ඉතින්
අපි දෙන්නටම ඇදේ ඉඩ ඇතිනේ...‘
‘ ඔකෙ
පෙරලි පෙරලි නිදාගන්න මදි බං.
මං
ටිකක් රෑට දගලනවා...‘ පහන් අයියා හිනාවෙලා කිව්වා. ඕන
මගුලක් කොහෙ හරි නිදාගන්න තියෙනං එච්චරයි. එයා
බෑග් එකෙන් ලොකු බෙඩ් ෂීට් එකක් අරගෙන බිමට එලලා කොට්ටයක් දා ගත්තා. ෆෑන්
එකත් සයිඩ් එකකින් දාලා ලයිට් නිමලා දෙන්නා නිදා ගත්තා.
දැන් ඉතින් ප්‍රශ්නේ රෑට මම බිමට
ගියාද? පහන් උඩට ආවද කියන එකනෙ... එහෙම
මුකුත් වුණේ නැති එකනෙ මටත් තියෙන ප්‍රශ්නෙ. සමහර
විට පහන්ට මම ගැන එහෙම හැගීමක් එන්න නැතිව ඇති. මොකද
සුදු කෙට්ටු කොරියන් නලුවෙක් වගෙ කොල්ලෙක් ඉද්දි ඉතියෝපියාවෙන් මාස ගාණන් වතුර, කෑම
දැකපු නැති එකෙක් වගෙ හිටිය මට කැමති වෙන්නෙ අහවල් දේකටද?
====================================================
I’m on
the way…’ (පනස් නව වන කොටස)
මේ
විදිහට
මාස
දෙකක්
විතර
යනකල්
මට
කිසිම
කරදරයක්
බාධාවක්
නැතිව
පහන්
අයියගෙ
බෝඩිමේ
ඉන්න
පුළුවන්
වුණා. එතන
ඉදලා
කෙලින්ම
නුගේගොඩට
ගිහින්
කැම්පස්
එකට
යන්න
පුළුවන්
හින්දා
වැඩි
අවුලකුත්
වුණේ
නැහැ. අනිත්
තැන්
වලට
වඩා
මෙතන
මට
නිදහස්
පාඩුවේ
ඉන්න
පුළුවන්
වුණා. කිසිම
වෙලාවක
මයෙ
දේවල්
වලට
පහන්
අයියාගෙන්
වලි
ගියෙ
නැහැ. මට
කිසිම
පිළිවළක්
තිබුණෙ
නැහැ. රෙදි
ගැලෙව්වොත්
ගැලෙව්ව
තැන. කෑම
කෑවොත්
ඒවා
එතන. වතුර
බීවොත්
මූඩිය
වහන්නෙ
නැහැ. සබන්
ගෑවොත්
ඒක
පෙට්ටියට
දාන්නෙ
නැහැ. ඇත්තටම
අහිගුණ්ඨිකයා
වගේ
තමයි. වගේ
නෙමෙයි
ඒකාම
තමයි...
පහන්
අයියා
හැම
සෙනසුරාදාවකම
හවස
මම
එද්දි
කෑම
එක
අරගෙන
බලාගෙන
හිටියා. ඉදලා
හිටලා
මම
කෑම
ගන්න
හැදුවොත්...
‘උඹ
තාම
ඉගෙන
ගන්නවානෙ..‘ කියලා
ඒක
ගන්න
දෙන්නෙ
නැහැ. එයා
එක්ක
ඉදලා
හිටලා
අපි
එම්.සී
එකට
යනවා. ගොල්
ෆේස්
යනවා. මේ
දෙක
තමයි
අපි
ගොඩක්ම
ඇවිදපු
තැන්
වුණේ. වැහි
දවස්
වලට
තෙමෙනවා. අයිස්
ක්රීම්
කනවා. ඉදලා
හිටලා
රයිස්
කනවා. ඇත්තටම
කොළඹ
ජීවිතේ
සුන්දරත්වයකුත්
තියෙනවා
කියලා
මට
හිතුණා.
පහන්
අයියා
සති
අන්ත
නිවාඩු
දවස්
වල
ගෙදර
යන්නෙ
නැතිව
මම
වෙනුවෙන්
හිටපු
වෙලාවලුත්
තිබුණා. එහෙම
කරන්නෙ
ඇයි
කියලා
මම
දන්නෙ
නැහැ. ඇත්තමට
මම
ඒක
හෙව්වෙත්
නැහැ. එයා
කියපු
විදිහට
එයා
හැමදාමත්
ගේ
කෙනෙක්. සමලිංගිකයෙක්. ගමේ
හිටපු
රවි
කියන
මල්ලිගෙන්
පටන්
ගත්ත
ආදරේ
දැන්
කොහෙද
ඉන්න
සිතුවෙක්ට
දාගෙන. අහ්
කියන්න
බැරි
වුණානේ. පහන්
අයියාගෙ
ගේ
ලව්
එක
සිතු. ෆේස් බුක්
වල
තියෙන්නෙ
ඉන්දියාවේ
ෆිල්ම්
වලවත්
තැති
තරං
ලස්සන
නම්
තමයි
කොල්ලන්ට.
දවසක්
මට
චැට්
කරපු
අයියා
කෙනේට
තිබුණා
නමක්
දෙව්මිණ ආමන්ත
කියලා. මම
වයස
ඇහුවාම
46ක්
කිව්වා. මයෙන්
අහනවා
වයස
අවුල්ද
කියලා. මම
කිව්වා
පිස්සුද
අයියේ
නමට
ගැළපෙනම
වයස
කියලා
මිනිස්සු
කොයි
තරං
මුලාවේ
වැටෙනවද
දෙයියනේ...
‘ රංග...‘ පහන්
අයියා
දවසක්
හවසක
අපි
ගොල්ෆේස්
එකෙ
ඇවිදන
ගමන්
මට
කතා
කරා.
‘ හ්ම්..‘
‘ අපි
සිරිපාදේ
යමුද
බං...‘
‘ සිරිපාදේ...‘
‘ ඔව්
බං...‘
‘ යන්නනං
ආසයි
ඉතින්... ඒත්....‘
‘ ඇයි
බං
මොකද්ද
අවුල...‘
‘ අවුල
ඔයා
දන්නවනෙ
අයියේ...‘
‘ මේ
මයෙන්
කුණුහරප
අහන්න
එපා
බං. මම
උඹෙන්
ඇහුවේ
යමුද
කියලා. උඹ
ආසයි
කියන්නෙ
උඹ
යන්න
කැමති
කියන
එකනෙ. තව
සතියකින්
දෙකකින්
අපි
එහෙනං
සිරිපාදේ
යනවා...‘
‘ පන්ති...‘
‘ දවසක්
පන්ති
පාඩු
වුණාට
මොකද
බං. ඇයි
වදේ
සිරිපාදේ
යන
එක
වරදක්ද...?‘ පහන්
අයියා
හිනාවෙලා
කිව්වා. දවසක්
පාඩු
වුණාටනං
අවුලක්
නැහැ. ඒත්
පහන්
අයියට
මේ
තරං
කරදර
කරන්න
පුළුවන්ද
අප්පා...
තවත්
පහන්
අයියත්
එක්ක
මම
තර්ක
කරන්න
ගියේ
නැහැ. ඒ
කීව
විදිහට
අපි
සිරිපාදේ
ගියා. පහන්
අයියාගෙ
තවත්
යාලුවෝ
දෙන්නෙක්
එක්ක
තමයි
සිරිපාදේ
ගියේ. කොට්ටාවේ
මල්ලි
කෙනෙකුයි. ත්රිකුණාමලයේ
අයියා
කෙනෙකුයි, මමයි, පහන්
අයියයි... සේරම
04.
අපි
කෝච්චියේ
සින්දු
කිය
කියා
පාඩුවේ
ගියා. හැටන්
වලින්
බැහැලා
එළියට
යන්න
යද්දි
එක
පාරම
මිනිස්සු
වගයක්
අපිව
වට
කර
ගත්තා.
‘ ඇයි
මේ
මොකද...‘ පහන්
අයියා
ඇහුවා.
‘ අපි
පොලිසියෙන්...‘ එතන
එක්කෙනෙක්
කිව්වා.
‘ කොහොමද
ඔප්පු
කරන්නේ...‘ පහන්
අයියත්
බය
නැතිව
ඇහුවා.
එතන
එක්කෙනෙක්
එයාගේ
පර්ස්
එක
අරගෙන
අයිඩින්ටිය
පහන්
අයියට
පෙන්නුවා.
‘ හරි
දැන්
මොකද්ද
මෙතන
වෙන්නෙ. ඇයි
අපිව
වට
කරන්නෙ. මොකද්ද
අපේ
වරද...‘ එයා
පොලිසියේ
වගෙ
ප්රශ්න
අහගෙන
ගියා.
‘ සිරිපාදේ
ද
යන්නේ...‘
‘ඔව්...‘
‘ සිරිපාදේ
යන
සේරම
අපි
චෙක්
කරනවා. කරුණාකරලා
අර
කාමරේට
යන්න...‘ හැටන්
ස්ටේෂන්
එකෙ
මහත්වරුන්ගේ
කාමරේ
පෙන්වන
ගමන්
එතන
හිටපු
තවත්
කෙනක්
කිව්වා.
‘ මොන
මගුලක්ද
යකෝ
මේක...‘ පහන්
අයියා
ඒක
හෙමින්
කියන
ගමන්
අපි
කට්ටියත්
එක්ක
ඒ
කාමරේට
ගියා. එතන
තවත්
කොල්ලෝ
විස්සක්
තිහක්
විතර
හිටියා. ඒ
අතර
පොලිසියේ
කියපු
අය
අපිව
චෙක්
කරන්න
පටන්
ගත්තා. ඉස්සෙල්ලාම
අපේ
බෑග්
සේරම
චෙක්
කරා. ඒ
කරලා
සපත්තු
ගලවන්න
කිව්වා. ජැකට්, තොප්පිත්
ගලවලා
බැලුවා. කලිසම්
සාක්කු, කමිස, දිව
එළියට
දාලා
මේ
සේරම
බැලුවා. අපි
හතර
දෙනාගේ
බලලා
ආයෙත්
බෑග්
පැක්
කර
ගද්දි
වෙන
කණ්ඩායමක
එකෙක්ගෙ
කලිසම
අස්සේ
තිබිලා
ගංජා
වගයක්
අහුවුණා. එතන
ඉදලා
හිටපු
සේරමගේ
කලිසම්
ගලවලා
යට
ඇදුම
ඇතුල
පවා
චෙක්
කරා. යන්තං
අපි
ගැලවුණා.
නල්ලතන්නියෙන්
පඩුරු
දාලා
සමන්
දෙවි
හාමුදුරුවන්ගේ
කරුණාවෙන්
අපි
හතර
දෙනා
දෙයියනේ
කියලා
ශ්රි
පාදය
වැන්දා. උදේ
සූර්ය
නමස්කාරයත්
බලලා
ආයෙත්
පහළට
ආවා. කාටවත්
කිසිම
කරදරයක්
වුණේ
නැහැ.
==============================================
I’m on
the way…’ (හැට වන කොටස)
‘තමුසේ
දන්නවද
ඔය
සංජන
කියන
එකා
කොයි
තරං
බල්ලෙක්ද
කියලා... අයියේ
මම
මේ
ඔයාගෙ
හොදට
කියන්නෙ
මම
ඔයාට
කලින්
සංජනව
හම්බුණේ. එයා
ලෝකෙට
හොද
මූණ
පෙන්නගෙන
හිටියට
මහා
එපා
කරපු
එකෙක්... මම
ඔයාට
ඒක
ඔප්පු
කරලා
පෙන්වනවා
දවසක. ඔයා
ඒයාව
කරේ
තියාගෙන
හිටියට
දවසක
එයාම
ඔයාට
වල
කපලා
ගියාම
ඔයාට
ඒක
තේරෙයි. මිනිස්සු
රවට්ටලා
එයාලගෙ
සල්ලි
අරගෙන
පස්සෙ
එයාවල
අයින්
කරලා
දානවා. ආදරේ
ගැන
බොරුවට
කතා
ලියලා
මිනිස්සු
අන්ද
ගන්නවා. පොර
ගැන
මම
දන්නවා
ඔයාට
වඩා
හොදට...‘
පහන්
අයියා
ඔෆිස්
එකෙ
ෆෝන්
එකෙන්
සිතුට
කොල්
එකක්
අරගෙන. සිතු
කාටද
බැනගෙන
බැනගෙන
යනවා. මට
මොකද
ඉතින්
ඒක... පහන්
අයියා
මයෙ
දිහා
බැලුවා. එයාට
අවුල්
වගේ.
‘ හරි
දැන්
ඔයා
රෑට
කෑවද...‘ පහන්
අයියා
සිතුගෙන්
ඇහුවා.
‘ හ්ම්...‘ සිතු
කිව්වා.
‘ මට
ඔයාව
කොළඹ
ආවාම
මීට්
වෙන්න
ඕනි...‘ පහන්
අයියා
කිව්වා.
‘ මම
කොළඹ
එවෙන්නැ
නෑ
ළගදී... ඔයා
දුන්න
සල්ලි
ටික
මම
ආපහු
ඉක්මනින්
ඔයාට
දෙන්නම්...‘
‘සල්ලි
ගන්න
නෙමෙයි
ඔයාව
මීට්
වෙන්න
ඕනි
කිව්වේ
මල්ලි... ඇයි
මම
ගැන
වැරදියටම
හිතන්නේ...‘
‘ මම
කිව්වනෙ
ඔයාට. මට
දැන්
කොල්ලෙක්
ඉන්නවා. එයා
තව
ටික
දවසකින්
රට
ඉදලා
එනවා. අපි
යාලුවෝ
වගෙ
ඉමු. ‘
මහ
ලොකුවට
පහන්
අයියා
ජීවිතේ
කියලා
හිතාගෙන
ඉන්න
කොල්ලා. සිතු.... නැත්තං
සිතිජය... පහන්
අයියාව
එයාට
නිකම්ම
නිකං
යාලුවෙක්
විතරයි. මේකද
දෙයියනේ
මේ
කොල්ලෝ
සමලිංගික
ආදරේ
කියලා
කරන
දේ. ඇත්තමට
ඒක
කියන්නා
වගේ
සුන්දර
දෙයක්
නෙමෙයි. ඉදලා
හිටලා
කොල්ලෝ
සෙට්
වෙනවා
තමයි. කොල්ලෝ
කෙල්ලෝ
කියලා
ඒකෙ
අවුලක්
නැනේ. ඒත්
කොල්ලෙක්
එක්ක
දිගටම
ලව්
කරන්න... පිස්සුවක්නෙ
ඒක. එතකොට
කොහොමද
ලෝකෙ
පවතින්නේ. ළමයි
බෝ
වෙන්නේ... කොල්ලෝ
දෙන්නෙක්ට
ලමයි
හදන්න
බැනේ. අනේ
මන්දා
අබුද්දස්ස
කාලේ
ලබුත්
තිත්ත
වෙනවා
කියනවනෙ. ඒක
වෙන්න
ඇති
මේ
දැන්
වෙලා
තියෙන්නෙ....
පහන්
අයියා
කෝල්
එක
ඉවර
වෙලා
මයෙ
දිහා
බැලුවා. එයාගෙ
ඇස්
වල
කඳුළු...
‘ මම
දන්නෙ
නැහැ
සිතු
මාව
කවදා
තේරුම්
ගනීද
කියලා
රංග...‘ මම
පහන්
අයියා
ගාවින්
වාඩි
වුණා. ‘ මම
සිතූට
ආදරෙයි
බං... ඒක
බොරුවක්
නෙමෙයි. මම
කියන
ඕන
තැනක
ඒක
දිවුරලා
කියන්නං. මම
සිතුට
ආදරෙයි
රංග...‘ පහන්
අයියා
ඉකි
ගහගෙන
අඩන්න
ගත්තා. පහන්
අයියට
හිතේ
දුක
නිවෙන්න
අඩන්න
දීලා
මම
එයාගෙ
ඔලුව
අත
ගෑවා.
‘ කවුද
එතකොට
සංජන
කියන්නේ...‘ මම
පහන්
අයියාගෙන්
ඇහුවා.
‘ ඒත්
මගෙ
යාලුවෙක්...‘ පහන්
අයියා
කිව්වා.
‘ සිතු
එයා
එක්ක
තරහයින්
නේද
ඉන්නේ
ගොඩක්...‘
‘ සිතුගෙ
හිතේ
සංජන
නරක
කෙනෙක්
කියලා
රංග...‘ පහන්
අයියා
ඔලුව
ඉස්සුවා. ‘ ඌත්
උඹ
වගේ
ගොඩක්
දුක්
විදලා
ආදරයක්
හොයලා
ඒක
නැති
කරගන්න
ගිහින්
කොහොම
හරි
හිමි
කාරයාම
හම්බෙලා
දැන්
දෙන්නා
එක්ක
සතුටින්
ඉන්න
කොල්ලෙක්...‘
‘දෙන්නා
එක්ක
කීවේ
කොල්ලෙක්
එක්ක...‘
‘ ඔව්...‘
‘අම්මට
සිරි... එළනෙ...‘
‘ උඹට
කොල්ලෙක්
නැද්ද...?
පහන් අයියා ඒක කියද්දි මට එක පාරම මතක් වුණේ මාලඹේ අරංගල මල්ලි.
අනේ දෙයියනේ...
දැන් මල්ලි
මොනවා කරවා ඇද්ද...?
එදා මම ලියලා තියලා ආපු ලියුම එයා බැලුවද දන්නෙ නැහැ.
හා හා පුරා කියලා කොල්ලෙක්ගෙ ජීවිතේ විඳපු පළවෙනිම අත්දැකීම මම ලැබුවේ එයාගෙන්...
නිදාගන්න කලින් මට බල්ලෙක් වගෙ බැනපු මල්ලි මුලු ලොවම නිදා ගත්තට පස්සේ මාව තුරුල් කරගෙන මොන තරං ආදරෙන් එකතු වුණාද...
‘
මොනවද බං...‘
පහන් අයියා.... මට කතා කරා...
‘ මූඩ් ගහන්න තරං දෙයක් වුණාද උඹට...
හරි හරි ඕවා ගණන් ගන්න එපා බං.
මමත් මේ සිතුට ලව් කරලා දුක් විදින්නේ.
එක අතකට මේ ගේ ලෝකෙ අපායක් රංග.
හැමදාම උඹයි මමයි විතරක් නෙමෙයි බං තව සිය දහස් ගාණක් මේ හු...
ගේ
ජීවිතේ හින්දා දුක් විදිනවා...‘
පහන් අයියා කියපු දේට මට හිනා ගියා.
‘
උඹ හිනාවෙන එක සාධාරණයි රංග.
උඹට බණ කීවට ඉතින් මමත් උඹ ඉස්සරා අඩනවනෙ.
මේ ඒක නෙමෙයි බං සිතුට කොච්චර කාලයක් මම එයා වෙනුවෙන් බලාගෙන හිටියත් එයා මට කැමති වෙන්නෙ නැහැනෙ....‘
‘
මමත් ඕක ඔයාට කියන්නම් කියලා හිටියෙ අයියේ.
මොකද අපි මිරිඟුවක් දිහා බලාගෙන ඉන්නේ.
සිතුට වඩා ඔයාට ආදරේ කරන පැතුම් මල්ලිට ඔයා කැමති වෙන්නකෝ...‘
පැතුම් කියන්නෙ නුගේගොඩ හිටපු අහිංසක දුප්පත් මල්ලි කෙනෙක්.
අම්මා නැති තාත්තා අරක්කු බොන කොළඹ ජීවත් වෙන තවත් එක අහිංසක දුප්පත් කොල්ලෙක්.
ඒ කොල්ලා පහන් අයියට කැමති.
ඒත් දෙන්නම එකම හැගීමේ කියන නිසා පහන් අයියා ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නැ මයෙ
හිතේ. ගේ ලව් එක්ක කරන එකත් ලේසී නැහැ. ඒක පිටින් එකෙක්ට කොල්ලෝ ගහනවා වගෙ වුණාට
එකෙ තියෙනවා එක එක ප්‍රභේද? ටොප්. බොටම්. 50/50. සිඩි. නච්චි. බයිලා.... තව වචන
සෙට් එකක් තියෙනවා මට මතකත් නැ අප්පා.
එකෙන් පහන් අයියා ටොප් එයා කිව්ව විදිහට.
මම මොකද්ද.... අනේ මන්දා... තව ඉස්සරාට ඒක මටත් දැන ගන්න හම්බෙන්නෙ
නැතැයි...
======================================
No comments:
Post a Comment
ඔබට බොහොමත් ස්තූතියි...