I'm on the way... (01 - 10)


හැඳින්වීම...

මම අහස දෙස බලා සිටියෙමි. ඒ හැම මොහොතකදීම අහස මා වෙත එන බවට මට හැගුණි. නමුත් කිසිදු දිනයකදී අහස මා වෙත පැමිණියේ  නැත. අහස හා පොළොව එක් වන තැන ක්ෂතිජය බව මම අසා ඇත්තෙමි. ඒ ක්ෂිතජය සුවහසක් රටා මැව්වද එයද මයාවකි. දේදුන්න වැනි ඇස රටවන මායාවකි. හැඩතල මවන වළාවන් වැනි මායාවකි. ජීවිතයේ සියල්ල එවැනිද...?

මෙම කතාව ලියන්න සිත් වූයේ මිනිසුන්ගේ මනෝමය චිත්තභාවයක් පිළිබඳව ඇති වූ අදහසක් නිසාවෙනි. කලින් කලට පලින් පල වන්නා සේ මිනිසුන් වෙනස් වෙති. සිතුම් පැතුම් වෙනස් වෙති. කෑම බීම වෙනස් වෙති. අඳින පළඳින විදිහ වෙනස් වෙති. පුරා දෙවසරක් පුරාවට අගනුවරදී පුහුණුවකට පැමිණි තරුණයෙකු වටා ගෙතුණු මෙම කතාවට සම්බන්ධ අයෙක් මෙම කතාව කියවුවහොත් මට හට දොස් නගනු නොඅනුමානය. අසම්මතයේ හැමදාමත් බැනුම් වලින් පරිපූර්ණ වූ මගේ ලෝකය ඒකී බැනුම් නිසා නවතනු කෙලෙසද?

‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි‘ යනුවෙන් මහත්මා ගාන්ධිතුමන් ප්‍රකාශ කළද එය අද වන විට හුදෙක් බිත්තියක් සරසන ආදර්ශ පාඨයක් පමණි. දශක පහ හයකට මිනිසත් ලෝකයට පැමිණෙන අප එය කිසිවිටයක් නොදනී. පෝයට බණක් අසන විට හා පන්සලට ගිය විට පමණක් අනිත්‍ය මෙනෙහි කරන අතර පෝය දිනම තවත් අයෙකු හා රමණය කරන්නටද පසුබට නොවේ. මිනිස් සිත යනු එයයි. පෘථග්ජන ස්වභාවය යනු එයයි. මගේ විශ්වාසයට අනුව දෙයක් අතහැරිය යුත්තේ එය විදීමෙන් ලැබෙන ප්‍රතිඵල කෙරෙහි ඇති යථාවබෝධය ලබාගැනීමෙන් විනා එය පිළිබඳව කිසිත් නොදැන නොවේ. එහිදී ලැබෙන අවධානම හා අභියෝග අධිෂ්ඨානයෙන් ජය ගැනීමට මිනිසුන් වන අපට හැකිවිය යුතුය.

ලෝකයේ යම් කිසි රටාවක් ඇත. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. සෑම දේම සිදුවන පොදු ධර්මතාවයක් තිබේ. එය සොබාදහමේ න්‍යායයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අවබෝධ කර ගත්තේ මෙම ධර්මතාවයි. අනෙක් සියලු ආගම් වල නායකයින්ද අධ්‍යනය කළේ මෙම න්‍යායයි. සියල්ලන්ට වඩා උසස් වන්නේ මිනිස් ජීවිතයි. මිනිසාට ජීවත් වීමට නොහැකි වන්නේ නම් එහි ජාතියක් බිහි නොවෙයි. ආගමක් ඇති නොවෙයි. භාෂාවක්, සංස්කෘතියක්... කිසිත් නැත.

‘I’m on the way…’ කතාවෙන් කියවෙනුයේ එකී මිනිස් සිතේ ස්වභාවයි. ආදරය, දයාව, අනුකම්පාව, මිතුරුබව, දුක, සතුට අතරම බොරුව, වංචාව, ඊර්ෂ්‍යාව, කුහකකම, ආත්මාර්ථකාමීත්වය,  වෛරය, දේවේෂය, පළිගැනීම... ආදියද එකතු කළ පෘථග්ජන මිනිස් ක්‍රියාකාරකම් අතර ගමේ තරුණයෙකු ගත කළ ජීවිතයයි. එහි කළු සුදු චරිත නැත. අඩු වැඩි වශයෙන් සියලු දෙනාම යට කී ගති ගුණ වලින් සැදුම් ලද වේ. එබැවින් ඇතැම් අතිශය පෞද්ගලික කරුණු හැර අන් සියලු දෑ ඒ අකාරයෙන් මෙහිලා  සටහන් කරන්නෙම්. ඒ වෙන කිසිත් නිසා නොව මට මා ගැන අවබෝධයක් ලබාගනු පිණිසය. කතාව අතරමැද හෝ අවසානයේ ඔබට එය තීරණය කළ හැකිය. ඔබෙන් ලබන ඕනෑම ප්‍රතිචාරයක් මම  සතුටින් භාරගන්නෙමි. ඒ මෙය මගේ චරිතය පිළිබඳව මා කළ පසුවිපරමක් නිසාවෙනි...


කඳුළු සිත්තම්, සංසාර ප්‍රාර්ථනා හා එක ගේ කුරුල්ලෝ ලෙස ‘I’m on the way…’ එක දිගට ගලා යන කතාවක් නොව්. එය එක එක කොටස් වලින් සැදුණු කතා මාලාවකි. එක් එක් කතා වලට සම්බන්ධ සිදුවීම් එකිනෙකට වෙනස් වූ නිසාවෙනි. 

-----------------------------------------------------------------------------------------



පිදුම...

අගනුවරට
ගමකින් ආ
වෙරළු මල් වලට

-----------------------------------------------------------------------------------------

ස්තූතිය...

http://getreal.fullboards.com වෙබ් අඩවියේ අධිපතිතුමා ඇතුළු කඳුළු සිත්තම් වැළඳ ගත් සියලු සොයුරන්ට

දමිත් අයියාට, චරිත් අයියා, පහන් අයියා, තරංග අයියාට, සතිෂ් අයියාට, කණිෂ්ක අයියාට, ධනුෂ්ක අයියාට, ඉඳුවර මල්ලී, රංජි අයියා, සමී, ක්‍රිෂ්, සංඛ, කසු, යසී, අජී අයියා, සුදු අයියා,  අකී, සංජය අයියා, අසේල අයියා, රුවන් අයියා, ප්‍රසන්න අයියා, චානු, තිසර, දසුන් අයියා, දිමි, දිමු මල්ලි, උදාර අයියා, නුවන් අයියා, ගයාන් අයියා, හර්ෂ, හේෂාන්, ඉසු, ජනක අයියා, ජානක අයියා, ජනි අයියා, ජෙරම් මල්ලි, චමි අයියා, කල්හාර අයියා, කිරු, ලහිරු, මධූ අයියා, මලින්ද.... ආදි කතාවට සම්බන්ධ වී අරුතක් එක් කළ සියලු සොයුරුන්ට.

විශේෂයෙන් කතාවට අලුත් අර්ථයක් එක් කරන්නට මාව මෙහෙයවූ අගී අයියාට...

------------------------------------------------------------------------------------------------------


‘I’m on the way…’ (පළමු කොටස)





‘ මොකද්ද අම්මේ මෙකේ තේරුම...‘ නංගි අම්මත් එක්ක වාදයක පැටලෙන්න හදන්නේ... ‘ මටනං ආයෙක් ඉස්කෝලෙ  යන්න බැ....‘

‘ ඇයි මොකද්ද දැන් වෙලා  තියෙන්නෙ....‘ අම්ම ඉස්තෝපුවට ඇවිත් අත් දෙක චීත්තෙ පිහදාන ගමන් නංගිගෙන් ඇහුවා. ‘ උඹට ඉස්කෝලෙ  යන්න බැරිනම් ගෙරදට වෙලා හිටපන්. මට මොකද? උඹලා ලොකු නෝනලා මහත්වරු කරන්න මම නොකා නොබී මහන්සි වෙනවා. කවදා හරි කාර් එකක ඇවිත්  අම්මෙ මම ආවා කියනව දකින්ඩ මමත් ආසයි... ඒත් උඹලගෙ උරුමේ. මගේ කරුමේ කියලා මම හිත හදාගන්නවා ඇර වෙන මොනවා කරන්ඩද බං... දැන් උඹලා කියන කරන ඒවට මට තරහා යන්නෙ නැහැ. මේ ඇඟේ හයිය තියෙනකල් උඹලට මම කන්ඩ දෙනවා.‘



අම්මගෙ සංවේදී කතාවෙන් නංගිගෙ කට වැහුණා. සතියට සැරයක් වගෙ නංගි අම්මත් එක්ක මේ විදිහට කතාවක් ඇති වුණේ අම්මගෙ රස්සාව නිසා. අනුරාධපුරයේ ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කියන්නෙ ටිකක් දුෂ්කර ගමක්. කැකිරාවේ ඉදලා යනවනං ටිකක් ළඟයි. හරියට බස් එකක් නැති, වතුර ලයට් නැති ගම ඇතුලේ තිබුණු අපේ ගෙදර ගමේ කාටත් හොදට මතකයි. මාසෙට සැරයක් වගේ පොලීසියෙන් ඇවිත් අම්මව එක්කගෙන යනවා. ආයෙත් පහුවදා උදේ අම්මා ගෙදර එනවා. හවසට ගෙදර පිරිමි පිරිලා. ගමේ ගොඩක් පිරිමි අම්මගෙ උදව්වට හිටියා. ගෑණුන්ට අම්මා වේස ගෑණියක් වුණාට මම දන්න විදිහට අම්මා කවදාවත් වෙන පිරිමියෙක් එක්ක ඉදලා නැහැ.

තමන්ගෙ මිනිස්සු ගෙදර පරිස්සම් කරගන්න බැරි ගැහුණු ගොඩක් අම්මට අම්මගෙ අම්මත්, අපිවත් පාවලා දීලා අනුම් පද කිව්වා. පාරක ගියත් අම්මා දිහා බැලුවේ ගොඩක් අමුතු විදිහට. අම්මා මේ හැම දුකක්ම ඉවසගෙන කොහොම හරි අපිට උගන්වන්න ගොඩක් මහන්සි වුණා. අම්මගෙ ඒ වැඩ වලට කවදාවත් අපිව ගාව ගත්තෙ නැහැ. මම සමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය කරලා පාස් වුණා. එතනින් පස්සේ සතිපතා පත්තරේ අරගෙන තියෙන හැම ජොබ් එකටම දානවා. ඉස්සෙල්ලා අනුරාධපුර ළඟ ළඟ ජොබ් වලට දැම්මා. කඩවල් වල වේටර් වැඩ, මුර වැඩ, ප්‍රෙෂ් වල වැඩ, ගරාජ් වල වැඩ.... මාසේ දෙක කරා.

මෙච්චර අමාරුකම් මැද්දේ ජීවිතේ ගෙනිච්චත් මාසෙන් දෙකෙන් මම රස්සා වලින් අයින් වුණේ ඇයි කියලා ඔයාලට පුදුම ඇති. මාසේ පඩිය අම්මගෙ අතට දීලා එකෙන් ආයෙත් දවසින් දවස කීය කීය හරි ඉල්ලගෙන මම උදේ යනවා හවස එනවා. ඒ තාවකාලික ජොබ් වලට  වඩා මට තිබුණේ අමුතුම හීනයක්. රට ලොකේ ඇවිදින්න, මගෙම කියලා ලස්සන ගෙයක් හදාගෙන අම්මාව මේ දුකින් නිදහස් කරන්න මට ඕනි වුණා. නංගිව ලස්සනට කසාද බන්දලා දෙන්න මට ඕනි වුණා. ඒකට කවදාවත් මේ ජොබ් වලින් වැඩක් නැ කියලා දැන ගත්ත නිසයි මම සතිපතා පත්තර අරගෙන එක එක ජොබ් වලට දැම්මෙ. ගමට කසිප්පු බෙදන අම්මට ඕන වුණේ අපිව රජවරු කරන්න. ඒ හින්දමයි අම්මව මේ අපායෙන් ගොඩ ගන්න මම ඉගෙන ගත්තේ. ගම්වල පිපෙන වෙරළු මල් ගොඩකට වෙනවා වගේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න දුප්පත්කම අපිට බාධාවක් වුණා. අම්මට ඒ වියදම් තේරෙන්නෙ නැති හින්දම ලකුණු මදි කියලා ඒ අහිංසක හිත රවට්ටන්න මට සිද්ධ වුණා.


කතාවේ මුල හරිය මෙහෙම එක දිගට ලීවේ නැත්තං මම කියන්නෙ මොකද්ද කතාව මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වේවි. නම් ගම් මනඃකල්පිතයි කියලා පිටුවෙන් දෙකෙන් මෙහෙම කතාව කියලා ඉවර කරන්තත් වෙලාවටකට හිතෙනවා. ඒත් හැම අකුරක් වචනක් පාසාම මේ සිදුවීම් වලට මුහුණ දුන්න මම හිත හදාගෙන මෙහෙම ඉන්නෙ කොහොමද කියලා කාටවත්  තාම හිතුණේ නැහැ. එක අතකින් ඒක වෙන කෙනෙකුට වැදගත් වෙන්නෙත් නැහැනෙ. 

-----------------------------------------------------------------------------------------



‘I’m on the way…’ (දෙවන කොටස)




‘ අයියා..... අයියේ.....‘ නංගි කෑ ගහගෙන දුවගෙන ආවා.

මමත් සාලෙට  දුවගෙන ගියා.

‘ මේ ලියුම අයියට ඇවිත් තියෙන්නෙ...‘ නංගි ලියුම කඩන්නෙ නැතිව මට දුන්නා. ‘ ෂුවර් එකට අයියා දාපු ජොබ් එකකින් තමයි ඇවිත් තියෙන්නෙ....‘

‘ මොකද්ද උක්කු...‘ අම්මා ඇහුවා.

මම ලියුම අරන් කඩලා බැලුවා මොකද්ද මේ කියලා....

‘ ඉන්ටව් එක්ක අම්මේ...‘ මම කිව්වා.

‘ එල එල... කොහොද තියෙන්නෙ අයියේ...‘ නංගි ඇහුවා. ‘ මොකද්ද රස්සාව..‘

‘ මෝඩියේ... ඉන්ටව් කියන්නෙ රස්සාව නෙමෙයි. සම්මුඛ පරීක්ෂණයක්...‘ මම කිව්වා. ‘එකෙන් තේරුණොත් තමයි රස්සාව හම්බෙන්නෙ....‘

‘ අපෝ එහෙමද...?‘ නංගිගෙ මූණ අමුතු වුණා. ‘ ඔයා ඉන්ටව් කීයකටනං ගියාද ඉතින්...‘

‘ මට තාම උඹලා දෙන්නා වැඩි නැ උක්කුවෝ...‘ අම්මා උළුවස්සට හේත්තු වෙන ගමන් කිව්වා. ‘ පුළුවන්නං ආයෙත් විභාගෙ කරපන්. මට පුළුවන් උඹට උගන්වන්න...‘

‘ මම කොහොම  හරි උපාධියක් ගන්නවා අම්මේ. අම්මවයි, නංගිවයි මේ අපායෙන් ගොඩ ගන්නවා මං. බලමු මේ රස්සාවටත් ගිහින් මොකද කියන්නෙ කියලා....‘

‘ මොකද්ද අයියේ ඉතින් ඔය රස්සාව..‘

‘ වෙන මොකද්ද ඉතින් සිකුටිරි තමයි...‘

‘ ඔයා කොහොමද කොළඹ ගිහින් සිකුටිරි කරන්නෙ...‘

‘ හැමදාම ගෙදර ඉදන් ජොබ් කරන්න බැනෙ නංගි. සිකුරිටි වගෙ ජොබ් එකක් සෙට් කර ගත්තොත් මට පාට් ටයිම් තව මොකක්  හරි කරන්න පුළුවන්. ඒ අතර ඉගෙන ගන්නත් පුළුවන්. ඒ හින්දා කොහොම හරි මේක කර ගන්න ඕනි...‘

‘ සිකුරිටි කියන්නෙ අර බැංකුව ගාව ඉන්න එවුන් වගෙද?‘ අම්මා පුදුමයෙන් ඇහුවා. නංගි මම දිහා බැලුවා. ඒක ඒ තරං වටින රස්සාවක් නෙමෙයි. වගකීම වැඩි රස්සාවක්. ‘අනේ මයෙ පුතේ... මම කිව්වනෙ මට උඹලා වැඩි නැහැ. මේ තරං ලොකු මහත් කරපු එකෙ උඹට හොඳ රස්සාවක් හම්බෙනකල් උගන්වන්න මට බැරි නැ...‘

‘ මේක නරක රස්සාවක් නෙමෙයි අම්මෙ... අම්මා කවද වෙනකල් මේ එක එකාගෙ කතා අහගෙන අපිට කන්න බොන්න දෙන්නද? අම්මා විඳින දුක මම දන්නවා. ගමේ එවුන් අම්මට, මට, නංගිට කොයි  තරං කතා කියනවද? මේ කනෙන් අහලා එහා කනෙන් පිට කරලා වගෙ අම්මට හිටියට මහ රෑ තිස්සේ අම්මා අඬපු ඇඬුම් මට නෑහුණා නෙමෙයි අම්මේ. මම ඒ හැමදේම අහගෙන බලාගෙන හිටියේ. කරදඬු උස්වෙච්ච කොල්ලෙක් ඉද්දි අම්මා තාමත් මෙහෙම වැඩ කරන එකට ගමේ එවුන් මට සාප දෙනවා. තවත් අම්මට මේ දුක් විඳින්න දෙන්න බැහැ. එහෙම වුණොත් මට  යන්න අපායක් නැතිවෙයි අම්මේ. ඒ හින්දා මට මේක කරන්න දෙන්න...‘


ඇත්තටම අම්මා ගැන තිබුණු දුක ආවේගය මතක් කරගෙන මම අම්මගෙන අත් දෙක අල්ලගෙන කිව්වා. අම්මගෙ ඇස් වලින් ආපු උණු කඳුළු කැට මම අතින් පිහ දැම්මා. මේ ඇස් දෙකට ආයෙත් කඳුළු එන්න මම ඉඩ  තියෙන්නෙ නැහැ. සාගරයට වඩා අඬපු ඔයාට තවත් අඬන්න මම ඉඩ තියන්නෙ නැහැ අම්මේ.. කවදාවත් නැහැ.

------------------------------------------------------------------------------------


‘I’m on the way…’ (තෙවන කොටස)



ගලෙන්බිඳුණුවැව බස් එකෙන් පලුගස්වැව හන්දියට ඇවිත් එතනින් පොළොන්නරුවෙ ඉදලා එන කොළඹ බස් එකක නැඟලා මම කොළඹ ආවා. ගමෙන් බස් එක තිබුණේ හවස තුනට විතර. හන්දියට එද්දි හතරාමාර විතර වුණා. පහට කොළඹ බස් එක ගත්තා. කොහොම හරි මම කොළඹට එද්දි රෑ දොළහ විතර වුණා. හෙට උදේම පැලවත්තට යන්න ඕනි. එතනින් තමයි ඉන්ටව් එක තියෙන තැන තිබුණේ. දැන් පැලවත්තට ගිහින් හරියන්නෙ නැහැනෙ. බස් ටෑන්ඩ් එකෙ තැනින් තැන මිනිස්සු හිටියා.

මමත් බෑග් එක අරගෙන බස් ටෑන්ඩ් එකෙම තිබුණු සිමෙන්ති බංකුවක් උඩට ගියා. ඇස් දෙකෙන් නිදිමත බේරෙනවා. හවස අම්මා උයලා දුන්න බත් එක එතන තියාගෙන ලිහව්වා. මේ පාන්දර බත් කන මම දිහා යන එන මිනිස්සු අමුතු විදිහට බැලුවා. මට මොකද මොකා බැලුවත්. මම වතුර එකත් අරගෙන බත් එක කන්න පටන් ගත්තා. එක පාරට මම ගාවට ආපු වයසක මනුස්සයෙක් මට එහා පැත්තෙන් වාඩි වෙලා කෑම එක කන්න පටන් ගත්තා. මම බය වුණා මේ මොකද මේ වෙන්නෙ කියලා.

මම ටක් ගාලා නැගිට්ටා. අර මනුස්සයා කෑම එක කාගෙන ගියේ කාලෙකින් කාලා නැහැ වගෙ. සමහර විට ගොඩක් බඩගින්නෙ ඉදපු කෙනෙක් වෙන්න ඇති. කා දිහාවත් බලන්නෙ නැතිව එයා කාගෙන කාගෙන ගියා. එතනින් ගියපු මිනිස්සුත් ඒ කන දිහා අමුතු විදිහට බැලුවා. මට මොකද...? මම බෑග් එක අතට අරගෙන බස් ටෑන්ඩ් එකෙන් එළියට ආවා.

මේ මහ රෑ මම මොනවද  කරන්නෙ මේ ටවුන් එකෙ. පාර පුරාම ලයිට් දාලා තිබුණු හින්දා වැඩි බයක් නැතිව මම පාර දිගේ ඇවිදගෙන ගියා. තැනින් තැන එහාට මෙහාට යන මිනිස්සු සිගරට් බිබි බිත්ති අයින් වල නිදි කරනවා. එහෙන් මෙහෙන් බිම නිදාගෙන ඉන්න හිඟන්නෝ ගොරවනවා. පාන්දර දෙකටත් ළඟයි. ඇස් දෙක ඉබේම පිය වෙනවා. පාරේ වාහන අඩු නිසාද කොහොද වාහනත් හරි හයියෙන් යනවා. ටික ටික ඇවිදගෙන මම කොටුව දුම්රිය ස්ථානය ගාවට ඇවිත්. ස්ටේෂන් තැනින් තැනත් මිනිස්සු නිදි. ඉස්සර තිබුණු බුදු මැදුර ගාවට ආපු මම එතන තිබුණු බැම්ම උඩින් ඉද ගත්තා.

හැමතැනම වගේ මෙතනත් බුදු හාමුදුරුවෝ හිනාවෙලා යන එන හැමකෙනා දිහාම බලාගෙන ඉන්නවා. හිතේ මහන්සියත් නිවෙනවා.

‘මල්ලි කොහෙද මේ...‘ එක පාරට ඇහුණු ගැහැණු කට හඩින් මම ගැස්සුනා...

‘ අහ්... මම මේ ජොබ් එකකට ආපු ගමන් අක්කේ...‘ මම කිව්වා.

‘ඒක තමයි මම බැලුවේ. ගමක මූණක් කියලා පේනවා...‘ අක්කා මම ගාවින් වාඩිවුණා. ‘ හරිද ජොබ් එකෙ වැඩෙ...‘

‘ තාම නැ අක්කේ. හෙට උදේ තියෙන්නෙ...‘

‘ අහ් එහෙමද... කොහෙ ඉදන්ද මේ එන්නෙ දැන්...‘

‘ මම ගලෙන්බිඳුණුවැව... අනුරාධපුර කැකිරාව පාරෙ යන්න ඕනි...‘

‘ අහලා තියෙනවා. දැන් උදේ වෙනකල් මෙතන ඉන්නද හදන්නෙ...‘

‘ දැන් දෙකටත් ළඟයිනේ. තව පැය දෙක තුනයිනෙ. ඒකත් ඔන්න ඔහෙ යාවිනෙ අක්කෙ...‘

‘ ඒත් ඉස්ඉස්ල්ලාම රස්සාවකට යද්දි ඔහොම යන්න එපා මල්ලි. ටිකක් පිළිවෙළකට යන්න. නැත්තං හරිනැනෙ...‘

‘ මේ නොදන්න නගරේ මට මොන පිළිවෙළක්ද අක්කේ...‘

‘ මල්ලි කැමතිනං යමු අපේ කාමරේට... පාඩුවේ නිදාගෙන උදේම නාලා කරලා රෙදි ටිකත් අයන් කරගෙන කුරුල්ලා වගෙ හෙට යන්න පුළුවන්නෙ. ‘


 නොදන්න සෙයිලමේ නොදන්න ගෑණියෙකුගෙන් උදව් අරන් අමාරුවේ වැටෙන්න බැනේ. මම මුකුත් කියන්නෙ නැතිව හිනා වුණා. අක්කා ටික ටික මයෙන් ඈතට යනවා මම දැක්කා. එහෙම්ම බැම්මෙන් බිමට බැහැලා මම බෑග් එක බැම්මට හේත්තු කරලා ඇල වුණා. නිමි නිමි පත්තුවෙන පහන් එළියත් එක්ක ලස්සන සුරංඟනා හීනයක් මැද දන්නෙම නැතිව මයෙ ඇස් දෙක එතන පියවෙන්න ගත්තා.

----------------------------------------------------------------------------------



‘I’m on the way…’ (සිව්වන කොටස)




‘ඕයි.... ඕයි....‘ කවුද මට පයින් ගහනවා වගෙ දැණුනා. ‘ මෙතන උඹට බුදියන්න කවුද කිව්වෙ...‘ මුණ පුරාම රැවුල වවාගෙන කලුම කලු තැනින් තැන ඉරුණු කමිසයකුයි සරමකුයි ඇදගෙන හිටිය. හොල්මනක් වගෙ දැකපු ඒ මූණත් එක්ක මම සටස් ගාලා නැගිට්ටා. ඒ මිනිහා මාව අතින් එහාට තල්ලු කරලා මයෙ බෑග් එක අරන් දුන්නා.

‘ කොල්ලෝ... මෙතන මයෙ තැන...‘ නාකියා එතන වාඩි වුණා. ‘ උඹ වෙන කොහෙට හරි ගිහින් බුදිය ගනින්... අද බඩු දෙකක් ගහලා ආවේ. හරි මහන්සි බං...‘ නාකියා එහෙම්ම ඇල වුණා.

කොහොම හරි පැයක් විතර මට නින්ද යන්න ඇති මයෙ හිතේ. ආපහු බෑග් එක අරගෙන මම එතන තිබුණු පාලම ගාව කණුවකට හේත්තු වුණා. ඉදලා හිටලා ගියපු 138 ගහපු බස් මයෙ නින්ද කැඩුවා. හිටගෙන නිදාගෙන හිටපු මම සමහර වෙලාවට නින්දෙන් විසි වුණා. නින්ද නොනින්ද අතර එහාටයි මෙහාටයි වැටි වැටි මම කොළඹ පළවෙනි දවස පහන් කරා.

කෙහෙන්ද මූණ කට හෝද ගන්නෙ... මම ආපහු රු. 10ක් දීලා කොටුව ඇතුළට ගියා. එකෙ තිබුණු ටොයිලට් එකෙන් උදේ වැඩේ කරගෙන මූණ කට හෝද ගත්තා. මම දත් මදින දිහා දෙතුන් දෙනෙක් බලාගෙන හිටියා. මම පුරුදු විදිහට හිනාවක් දාලා දත් මැද්දා. වෙන මොනවා කරන්නද? මම උන්ගෙ දත් මදින්නයැ...

ආයෙත් ලේන්සුවෙන් මූන පිහදාගෙන මම ස්ටේෂන් එකෙන් එළියට ආවා. එතන ඉදලා බෝ ගහ පැත්තට එද්දි කවුද අමු තිත්ත කුණුහරපෙන් බැණගෙන පාරේ යනවා.

‘ මොනවද හු... කරන තිරිසන් වැඩ...‘ කොණ්ඩෙ කඩා ගත්ත ගෑණු කෙනෙක් ඉස්සරා යන පිරිමියෙකුට බනිනවා. ‘තොපිට මෝල වැඩි වුණාම රෑ තිස්සෙ ඇවිත් මෙතක හැමිනෙන්න හොඳයි. කැ... ටික ගියාම තොපිට සල්ලි දෙන්න බැහැ. වේසිගෙ පුතාලා... මොනවද හු... දැක්කෙ නැ වගෙ යන්නෙ. මම තොට කතා කරන්නෙ. තෝනෙ ඊයේ රෑ මාත් එක්ක පාලම යන නිදිවැද්දෙ. තෝ ඒ වෙලාවෙ කිව්වෙ ඉල්ලන ගාණක් දෙන්නං කියලා. පර බල්ලා. දැන්  යනව නිකං බෝධි සත්තයා වගෙ... තු නොදකින් කැ.. බල්ලා..

ඒ අක්කා බෝ ගහ ගාව නතර වුණා. වටේටම මිනිස්සු එයා දිහා අමුතු විදිහට බලනවා. මම පාරේ එහා පැත්තෙන් යන ගමන් හොරෙන් බැලුවා. දෙයියනේ ඊයේ රෑ මට කතා කරපු අක්කා. බුදු සන්තෝ වෙලාවට මම ගියෙ නැත්තෙ. ගියානං මටත් වෙන්නෙ පාර මැද්දෙ හොදවයින් අහ ගන්න අර අයියා වගෙ.
අක්කා මාව දැක්කා. හොඳට මයෙ ඔලුවෙ ඉදලා කකුල් එනකල් බැලුවා. මම ටක් ගාලා එතනින් ඉස්සරාට ඇවිදගෙන ආවා.

අම්මට සිරි යකුනේ... මෙන්න මෙතන පාර්ක් එකක් හදලා. ඉස්සර කුණු ඇළක් තිබ්බා වගේ මට මතකයි මේ හරියේ. දැන් පට්ට ලස්සන පාර්ක් එකක්. වතුර මැද කඩවල් හෝටල්.... කොළඹට ගිය කලක්. මම එතන පාලම උඩින් නැගලා කඩවල් වල බඩු බල බල ඉස්සරාට ගියා. මම හිතන්නෙ ඒකට මට පැය භාගයක් විතර යන්න ඇති. එතන පාරෙන් එහා පැත්තට පැනලා මම පැලවත්තට යන බස් එකක් ඇහුවා.


එක පාරම 171 යන්නත් පුළුවන්. නැත්තම් බොරැල්ලට ගිහින් යන්නත් පුළුවන්. එක පාර යන එකෙ මොකටද දෙපාරක් බස් වල යන්නෙ. අහපු කෙනා කියපු විදිහට මම සි.ටි.බි. බස් ටෑන්ඩ් එකට ටිකක් එහායින් 171ක් එනකල් බලාගෙන හිටියා. හා හා පුරා කියලා ආපු 171 එකෙ නැගලා මම පැළවත්තට ටිකක් ගත්තා. පැලවත්ත හන්දියේ බහින්න ඕනි.


--------------------------------------------------------------------------------------------------


‘I’m on the way…’ (පස්වන කොටස)




උදේම වැඩට යන මිනිස්සු බස් එකෙ පිරිලා. මම කෝකටත් ඩ්‍රයිවර් අයියා ගාවට වෙලා හිටියා.

‘ ඔය මල්ලි බෑග් එක ගලවලා පිටිපස්සට යන්න...‘ කොන්දා කෑ ගහන්න ගත්තා. ‘ කෝ කෝ.... දොර ගාව හිරකරන්න එපා. තව මිනිස්සු ඉන්නව මෙකෙ යන්න...‘

‘ අයියේ පැලවත්ත හන්දියෙන් කියන්න...‘ මම ඩ්‍රයිවර් අයියට කිව්වා.

‘ හරි කොල්ලා, මේක අවසානෙ එතන තමයි. පිටි පස්සෙන් වාඩිවෙලා හිටහන්...‘ ඩ්‍රයිවර් අයියා මම දිහා බලලා කිව්වා.

අම්මෝ ඇති යන්නතං මග බහිනවා කියලා දැන් බය වෙන්න ඕන නැනේ. මම පිටිපස්සේ ෂීට් එක ගාවට ගිහින් වාඩිවුණා. ලස්සන නංගි කෑල්ලක් මම දිහා බලලා අහක බලා ගත්තා. හරි වැඩෙ බලන්නම කෑල්ල. නංගිගෙ සාය මහන්න රෙදි මදි වෙලා වගෙ. දණිස්සෙන් අඟල් තුනක් විතර උඩට. මොනවා වුණත් ටියුබ් ලයිට් එක වගෙ අප්පා. ඒක ඉතින් තව පහළට ඇදලා හරියනවද? මම වැඩිය බලන්නෙ නැහැ. හොරාට ඇස් අඟින් බලනවා විතරයි. කොටට මොකටද ඇදගෙන එන්නෙ. පුළුවන් තරං කොටට ඇදලා අපි දකිද්දි පහළට අදිනවා. මළ විකාරනේ මේවා අප්පා...

ඊයේ රෑත් හරියට නින්ද ගියෙ නැති හින්දද  මන්ද ඉබේම සීට් එකෙ ඇන්දට හේත්තු වුණු මයෙ ඇස් දෙක පිය වුණා. එහාට මෙහාට පැද්දෙන අමුතුම අමුතු හීන අතර මම තනි වුණා. අම්මත් නංගිත් තනියම ගෙදර වැඩ කරන හැටි. මම කොළඹ ඇවිත් රස්සාව කරන ගමන් දියුණු වෙන හැටි, කාර් එකක් ගන්න හැටි, අම්මව ලස්සන ගෙදරකට එක්කගෙන යන හැටි... එකිනෙකට බැදෙන ඒත් හීනයක්ම වුණු දේවල් මයෙ ඇස් දෙක ඉස්සරා මැවිලා පෙණුනා.

‘ ඒ....‘ එක පාරම මයෙ උරහිසෙන් අල්ලලා කවුද හෙල්ලුවා. ‘ බහින්න කල්පනාවක් නැද්ද...?‘

ඔහ් කොන්දයියා... ඉන්නෙ කොහෙද මොකටද ආවේ කියලා මතක් කර ගන්න මට විනාඩියක් දෙකක් විතර ගියා.

‘ අහ් අයියේ පැලවත්ත...‘ මම හිනාවෙලා කිව්වා.

‘පැලවත්තෙ තමයි බං දැන් ඉන්නෙ.. ඔහොම නිදා ගත්තොත් පැල ගසුත් වෙයි... ‘ කොන්දයියත් හිනාවෙලා කිව්වා.  ‘ බස් එක මෙතනින් හරවනවා මචං....‘

‘ හරි හරි අයියේ...‘ මම බස් එකෙන් බැස්සා.

පැලවත්ත හන්දිය. එහාටයි මෙහාටයි එක පෙළට වාහන. සමහර විට අද සඳුදා හින්දා වෙන්න ඇති මේ තරං වාහන තොගයක් තියෙන්නෙ. ගමේ අපිට බස් එක එනකල් පැය ගාණක් බලාගෙන ඉන්නවා. මෙහෙ එක නෝනයි, එක කාර් එකයි. එක කොල්ලයි එක ජිප් එකයි. එක බස් එකයි පස් දෙනයි... අනේ මන්දා... විනාඩි දහයට අඩියක් දෙකක් ඉසස්රාට යන මේ වාහන පෝලිමේ ඉදලා කවද්ද මුන් වැඩට යන්නේ. මෙහෙම වාහන පෝලිමක් පොසොන් එකට අනුරාධපුර විතරයි මම දැකලා තියෙන්නෙ.


ලියුමේ තිබුණු විදිහට මම පැලවත්තෙ හන්දියෙන් හැරිලා දෙතුන් දෙනෙක්ගෙන් අහගෙන සිකුරිටි සර්විස් එක තියෙන තැනට ගියා. මමයි තව දෙන්නෙකුයි එතන ඇවිත් හිටියා. මම ගියාට උන් එකෙක්වත් හිනාවුණේ නැහැ. යකෝ මනුස්සයෙක් දැක්කාම හිතවත්කමට  හිනාවෙන්න බැරි මොකද මුන්ට... මමත් වට පිට බල බල හිටියා. 

----------------------------------------------------------------------------------------


‘I’m on the way…’ (හයවන කොටස)




‘ඔයාලා ඉන්ටව් එකට ආපු අයද?‘ ගේට්ටුවෙන් එළියට ආපු නාකි මනුස්සයෙක් අපෙන් ඇහුවා. අපි සේරම හිනාවෙලා ඔලුව වැනුවා. සේරම කිව්වට දැනට ඉන්නෙ හතර දෙනයි. ‘ එන්න ඇතුළට...‘ පොර අපිට කතා කරා.

ගෙදරකම වෙනම පොඩි කාමරයක් අරගෙන පොඩි ඔෆිස් කාමරයක් වගෙ හදලා තිබුණා. අංකල් අපිට ප්ලාස්ටික් පුටු වගයක් ගෙනත් දුන්නා වාඩිවෙන්න. අපි වෙන වෙනම ඉතින් වාඩි වෙලා වත්තෙ එහා මෙහා බලාගෙන හිටියා. එක එක කතා කරන්න ට්‍රයි කරත් කාගෙන්වත් කටින් වචන පිට වුණේ නැහැ.

තාප්පෙන් එහා පැත්තේ හොන් එකක් ගහන සද්දයක් ඇහුණා. අංකලයා දුවගෙන ගිහින් ගේට්ටුව සම්පූර්ණයෙන් ඇරියා. පොඩි නිල් පාට ඇල්ටෝ කාර් එකක් ගෙවත්තට ඇතුල් කරගෙන ටිකක් බඩ තියෙන පැන්ෂන් ගියපු පොලිස් පෙනුමක් තියෙන ටයි එකක් එහෙම දා ගත්ත කෙනෙක් කාර් එකෙන් බැස්සා. අපි ඉස්සරා හිටපු අංකල් හොරෙන් කටින් අපිට .... ‘සර්....‘ කියලා කිව්වා. පොර නොකියා කිව්වෙ නැගිටින්න කියලා. අපි හතර දෙනාම නැඟිට්ටා. සර් කාරයා අපි දිහා බලලා හිනාවෙලා ඇතුලට ගියා.

අංකල්කාරයත් පොරගෙ පස්සෙන් කාමරේ ඇතුලට ගියා. අපි ගෙනාපු සහතික ටික එක්ක ෆයිල් ටික ඇතුළට අරගෙන ගියා. ලොක්කා ඇතුළට වෙලා මූණ රැලි කර කර ෆයිල් බලනවා. ඒ තරං බලන්න දේවල් අපේ ෆයිල් වල තියෙනවද මන්දා...

ෆයිල් ටික බලලා කාරිය මේසෙ උඩ තිබ්බ වතුර එකෙන් ටිකක් එහෙම බීලා කාරිය පොර කලිසම ටිකක් උස්සන ගමන් එළියට ආවා.

‘ඔයලා හතර දෙනා විතරයි නේද ආවේ...‘ ගොරෝසු කටහඬකින් සර් ඇහුවා.  අපි හතර දෙනාම ටිකක් හිනාවෙලා ඔලුව වැනුවා. ‘ අපිට තියෙන්නෙත් වර්කන්සි දෙකයි. ඒත් ඉතින් හතර දෙනාම ඇවිත් ඉන්න හින්දා බෙදලා දාන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන ජොබ් එක දැනගෙන නේද ආවේ....?‘

දැනගෙන කියන්නෙ ඉතින් අපි සිකුරිට් ජොබ් කරලා නැනේ... ඔය මොකක් හරි බැංකුවක් හරි ඉස්කෝලයක් හරි ඔෆිස් එකක් හරි ළඟට වෙලා යුනිෆෝම් එක ගහගෙන හිනා වෙලා ඉන්නනෙ තියෙන්නෙ..

ඔය ඕනි තරං බැංකු ගාව, ස්කෝල ගාව, එක එක කම්පැණි ගාව ඉන්නෙ සිකුරිටිලා. ඒ දවස් වල උන්ට බැණ බැණ ඒවට ගියා මිසක් කවුද හිතුවේ මටත් එහෙම දෙයක් වෙයි කියලා.

‘ මෙහෙමයි...‘ ලොක්කා ආපහු දේශනය පටන් ගත්තා. ‘ අපිට ලංකාව වටේම කවර් කරන්න වෙනවා. නමුත් දැනට තියෙන්නෙ පොළොන්නරුවෙයි, කොළඹයි තමයි. ඒක ඔයාලා කැමති විදිහට කතා කරලා මට කියන්න. කොළඹ තියෙන්නෙ කිරුළපන ආසිරි හොස්පිටල් එකෙ. පොළොන්නරුවේ කදුරුවෙල බි.ඕ.සි බැංකුවේ.... මම හිතන්නේ ගලෙන්බිඳුණුවැව කෙනාට පොළොන්නරුව ළඟයි.


මම එක පාරම ලොක්කගෙ මූණ දිහා බැලුවා. ඇත්ත නේනනං පොර කියන්නෙ. මට එතනින් පොළොන්නරුව ළඟයිනේ.

----------------------------------------------------------------------


‘I’m on the way…’ (හත් වන කොටස)



පැයෙන් දෙකෙන් අපේ ඉන්ටව් ඉවර වුණා. ලොක්කා අත්සන් කරපු ලියුම් වගයක් අපිට දුන්නා. මට බි.ඕ.සි බැංකුවේ මැනේජර්ට දෙන්න ලියුමක් දුන්නා. ලියුම දෙන අතර මම සර්ට කතා කරා.

‘ සර්....‘

‘ ඔව් පුතා කියන්න....‘

‘ සර් මම මේ ගමන් ඕපන් යුනිවසිටි එකෙ ඩිග්රි එකක් කරන්න හිතාගෙන ඉන්නේ...‘

‘ අහ් ඒක හොඳයිනේ... මයෙන් මොනවද වෙන්න ඕනි...?‘

‘ සර් ඒක බොහෝවිට තියෙන්නෙ සතිඅන්තෙ වගේ... එහෙම වුණොත් මට නිවාඩු ගන්න පුළුවන් වෙයිද?‘

‘ හ්ම්... එතන පොඩි අවුලක් තියෙනවා නේද? මෙහෙමයි පුතේ.. මම කියන්නෙ නැ හැමදාම මේ සිකුරිටි ජොබ් එක කරගෙනම ඉන්න කියලා. මමත් කැමති ඔයාලා වගෙ තරුණ ළමයි ඉගෙනගෙන ඉස්සරාට එනවට. ඒත් පුතේ මේ රස්සාව කරන ගමන් ඒ වගෙ එකක් කරන්න අමාරු වෙයි නේද...?‘

අම්මට සිරි ජොබ් එකට කෙල වෙන්න වගෙ  යන්නේ...

‘ නෑ සර්... කමක් නැහැ... මම ඩිග්රි එක නොකර ඉන්නම්. මට මේ වෙලාවේ වැදගත් මේ රස්සාවයි. ගොඩක් දෙනෙක් මම ගැන බලාගෙන ඉන්නවා සර්. ගොඩක් අමාරුවෙන් මේ රස්සාව හොයා ගත්තේ. මට ඒක නැති කර ගන්න බැහැ.‘

මම ලියුම අරගෙන සර්ට වැන්දා. සර් මයේ පිටට තට්ටු කරා.

‘ කමක් නැ කොල්ලෝ... උඹ ඩිග්රි එකත් කර ගනින්. දවසක තැනකට ආවොත් මටත් ඒක ආඩම්බරයක්නෙ. මටත් දරුවෝ ඉන්නවා. එයාලට උගන්වන්න තමයි මාත් මේ ආමි එකෙන් පැන්ෂන් ගිහින් මේක සිකුරිටි ජොබ් එක කරනනේ... කොහෙ කැම්පස් එකෙද දැන් ඩිග්රි එක කරන්න හිතාගෙන ඉන්නේ...?‘

‘ නාවල එකෙ තමයි සර්....‘

‘ නුගේගොඩ නේද ඒක තියෙන්නෙ... පොළොන්නරුවේ ඉදලා හැමදාම සති අන්තෙ කොළඹ එන්නද හදන්නේ...?‘

‘ ඔව් සර්...‘

‘ දැන් බැලුවද කරන්න තියෙන ඩිග්රි එක මොකද්ද කියලා...‘

‘ තාම නැහැ සර්... ඒකත් අදම බලාගෙන යන්න තමයි අවේ...‘

‘ මෙහෙමයි පුතේ... මට බැංකුවේ මැනේජට කතා කරලා සෙනසුරාදා ඉරිදා නිවාඩු අරගෙන දෙන්නං.. හැබැයි සිකුරාදා හවස ඔෆ් වෙනකල් කලින් යන්න බැහැ. ඒ වගෙම සදුදා උදේ අටට ඔයා එතන ඉන්න ඕන. මොකද වීක් එන්ඩ් නිවාඩුත් දීලා මට ඊට වඩා එස්ක්‍යුස් දෙන්න අමාරුයි පුතේ...‘

‘ මට තේරෙනවා සර්... මම අද බලන්නං මොකද  කරන්න පුළුවන් කියලා. මොනවා වුණත් මම ඩිග්රි එක අතඇරලා හරි ජොබ් එක කරනවා. සර් ඒ ගැන බය වෙන්න එපා...‘

‘ සමහර විට මේක ඔයාට ලැබෙන ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. කොහොම හරි රස්සාව කරන ගමන් ඩිග්රි එක කර ගත්තොත් ඔයා ගොඩ. හැබැයි ඔයාට ඉහළට යන්න පුළුවන් විදිහෙ ඩිග්රි එකක් කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නෙ. පුතාම දන්නවනෙ දැන් පදුරකට පයින් ගැහුවත් උපාධිකාරයෝ විසිවෙන කාලෙ. ඒ ගොඩට ඔයත් වැටෙන එක ඔයාගෙ කාලය අපතේ යැවීමක්. ඒ වගෙම ඔයාගෙ මහන්සිය, සල්ලිත් අපරාදේ. ඒක නිසා බලලා වැදගත් වෙන විදිහෙ එකක් කරන්න පුතේ... මේ ලියුමේ විස්තර තියෙනවා. ඔයා මේ රස්සාව භාර ගන්නවනං අනිද්දා උදේ බැංකුවට ගිහින් මැනේජර් ලවා මට ලියුමක් එවන්න ඕන. ඔයාගේ සැලරි එක එහෙන් ඔයාගේ එකවුන්ට් එකට දානවා. මුලින් පටන් ගද්දි එයාලා ලොකු ගාණක් දෙන්නෙ නැති වෙයි. ඔයා එයාලට අල්ලලා ගියොත් ඉතින් සමහරවිට ඔයාට ඒ බැංකුවේම පියන් වැඩක් හරි සෙට් කර ගන්න පුළුවන්. ඒවට අපෙන් බාධා නැ දරුවෝ. අපිත් කැමති ඔයාලා හොඳ තැනක ස්ථීර රස්සාවක් කරනවා දකින්න. හැමදාම මේ කාකි ඇඳුම දාගෙන ඉන්න කියලා අපි කියන්නෙ නැහැ. ඒ වගෙම අනිත් තැන් වල වගෙ සහතික අරගෙන ඒවා නොදී ඔයාලව අසරණ කරන්නෙත් නැහැ. කලින් කියලා වෙන හොඳ  රස්සාවකට යන එක ඔයාලගෙ යුතුකම. පළවෙනි මාසේ පඩිය දෙන්නෙ දෙවනි මාසේ 10ට. දවස් 10ක පරක්කුවක් අපි තියාගන්නවා. මොකද ඔයාලා නොකියම ගියොත් ඒක අපිට ලොකු හානියක්. එතනට වෙන කෙනෙක් දා ගන්න බැරි වෙන නිසා. මම හිතන්නෙ මම කියන දේ පුතාට තේරෙනවා නේද?...‘

‘ සර් හරි සර්... මම කිවනේ... මට මේ වෙලාවෙ රස්සාව වැදගත් සර්... උසස් පෙළ වෙනකල් ඉගෙනගෙන මට හරි රස්සාවක් හොයාගන්න බැරි වුණා. අට පාස් මෙය සමහර යාලුවෝ දැන් ස්ථිර ජොබ් වල. අපේ අම්මට තවත් මට උගන්නන්න අමාරුයි සර්. තාත්තා නැති අපිව ලොකු මහත් කරන්න අම්මා නොවිඳපු දුකක් නැ. කරදඬු උස් වෙච්ච කොල්ලෙක් ගෙදර ඉද්දි අම්මට....‘ මයෙ ඇස් වලට කඳුළු ආවා... කියාගෙන ආපු වචන ටික මම එහෙම්ම ගිල ගත්තා.

සර් මයෙ ළඟට ඇවිත් පිටට තට්ටු කරා.

‘ අම්මව බලාගෙන රස්සාව හොඳින් කරගන්න. ඒ වගෙම ඉගෙන ගන්න. මම අපේ පැත්තෙන් දෙන්න පුළුවන් හැම උදව්වක්ම කරන්නම් දරුවෝ...‘

‘ එහෙනං සර් මම ගිහිං සර්ට මැනේජර් ලවා ලියුමක් එවන්නං...‘ මම සර්ට වඳින ගමන් කිව්වා.
‘ හරි දරුවෝ...‘


මම සර් දුන්න ලියුම බෑග් එකට දාගෙන ගේට්ටුව වහගෙන පාරට ආවා. ඇත්තමට නාවල ගිහින් මම මොකද්ද කරන කොස් එක... ඒක දැන ගන්න මම නාවලට යන්න ඕනිනෙ නේද?


---------------------------------------------------------------------------


‘I’m on the way…’ (අට වන කොටස)



පැලවත්තෙන් ආපහු බොරැල්ලට ඇවිත් එතනින් 176ක නැගලා මම නාවල විවෘත විශ්ව විද්‍යාලය ගාවට ආවා. උදේ ස්ටේෂන් එකෙන් බීපු වතුර ටික දැන් එළියට යන්න ළං වෙලා. උදේ ඉදලා බත් ඇටයක් නැති බඩ ටික ටික ජොර ජොර ගානවා. උගුර දාගෙන එන ගුඩුස් එක ඔලුව කැක්කුමක සේයාව දැන්වුවා. මම විශ්ව විද්‍යාලය ඇතුළට ගිහින් එතන තිබුණු වොෂ් රූම් එකෙන් සුළු දිය බර නිදහස් කර ගත්තා.

අයෙත් සින්ක් එක ගාවින් මූණ හෝදගෙන බත් ඕන කියපු බඩ වතුරින් පුරව ගත්තෙ ඉක්මනින් බත් කටක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. හිතේ දුක දන්න නිසාමද කොහෙද වතුර ටිකෙන් ෂේප් වෙන්න බඩටත් හිතෙන්න ඇතිනෙ. වොෂ් රූම් එකෙන් එළියට ආපු මම රිසෙප්ෂන් රූම් එක ගාවට ගියා. එතන හිටපු අක්කාද නංගිද මන්දා මම දිහා බැලුවේ දඹානෙ ඉදලා එන එකෙක් වගෙ පේන නිසා අමුතු බැල්මක්. කොහොමත් විශ්ව විද්‍යාල කොල්ලෝ බල්ලෝ වගෙනෙ. හැබැයි උන්ගෙ හිත හොඳයි. හිතේ කහට නැ. බොක්ක වුණත් දෙනවා ෆිට් වුණාම...

‘ ඇයි මල්ලි....‘ අක්කා ඇහුවා...

‘ ගුඩ් මෝනින් අක්කේ...‘ මම හිනාවෙලා කිව්වා... අම්මට සිරි ගුඩ් මෝනින් කොහෙද දැන්...  අක්කටත් හිනා.. මම මොකක් හරි බටර් පාරක් ගාන්න හදනවා කියලා හිතනවද දන්නෙ නැහැ. මම කවුන්ටර් එක ගාවට ගියා.

‘ අක්කේ වීක් කෙන්ඩ් තියෙන අලුත් කෝස් මොනවද දන්නෙ නැහැ නේද?... ‘ මම ඇහුවා.

‘ ඩිග්රි ද ඩිප්ලෝමා ද?...‘ අක්කත් ප්‍රියමනාව හිනාවක් එක්ක ඇහුවා.

‘ දෙකම විස්තර තියෙන ලීෆ්රට් එකක් ගන්න නැති වෙයිද...?‘

‘ තියෙනවා...‘ අක්කා කිවා...‘ ඔයා උසස් පෙළ පාස් ද?‘

‘ ඔව් අක්කේ....‘

‘ එහෙනං මේ කොල ටික අරගෙන ගිහින් හොදට බලන්න. ඇප්ලිකේෂන් ඒ ඒ වෙන වෙනම තියෙනවා. ඉස්සෙල්ලා ඔයා කරන්නෙ මොකද්ද කියලා තීරණය කරලා එන්න ඇප්ලිකේෂන් අරගෙන යන්න.  මල්ලි කොහෙ ඉදන්ද ඉන්නෙ...‘

‘ ගලෙන්බිඳුණුවැව ඉදලා...‘

අක්කගෙ ඇස් දෙක උඩ ගියා. මයෙ දිහා හොඳට බැලුවා.

‘ ඔයා එහෙ ඉදලා හැමදාම සති අන්තෙ මෙහෙ ඉන්නද හදන්නේ...‘

‘ ඔව් අක්කේ....‘

‘ ඉතින් සතියේ දවස් වලත් අපේ කෝස් තියෙනවනෙ... ඒකක් කරන එක ඔයාටත් හොඳයි.‘

‘ මම ජොබ් එකක් කරන ගමන් අක්කේ කරන්න හදන්නේ...‘

‘ අහ් එහෙමද....? මොකද්ද ජොබ් එක...‘

මේ හු.... ඕනි නැති දෙයක් නැනේ.. මඟුල. එකක් ඉවර වෙද්දි එකක්. ඇයි යකෝ මම ආවේ ඇප්ලිකේෂන් එකක් අරගෙන යන්න. මේකි මෙතන ඉන්ටව් එකක් තියෙනවා.


‘ කුඹුරු වැඩ තමයි ඉතින්... මම ගිහින් බලලා ආයෙත් එන්නං අක්කෙ....‘ මම කොළ ටික බෑග් එකට දාගෙන ඒකි දිහා බලන්නෙ නැතිවම ආවා. මට යකා නගින එක අසාධාරණද? ඉස්කොලේ යන දවස් වල කෙල්ල සෙට් වෙලා ඉද්දිත් ඕකනෙ එපා වුනේ. අකුරු ගලපලා කතා කරන පොඩි වුන් වගේ එකක් ඉවර වෙද්දි එකක් අහනවා.


----------------------------------------------------------------


‘I’m on the way…’ (නව වන කොටස)



එතනින් ආපු 176ක නැඟලා මම මරදානට ආවා. දැන්නම් වෙලාව දෙකට විතර ඇති. පොලීසියට එහා පැත්තෙ තියෙන හෝටෙලෙට ගිහින් බඩ පිරෙන්න කෑවා. එතනින් ආපහු ආපු බස් එකක නැගලා කොටුවට ඇවිත් ගලෙන්බිඳුණුවැව බස් එකක් එනකල් බස් ටෑන්ඩ් එකට වෙලා ඉදගෙන හිටියා.

දැන් මම සති අන්තෙ කොළඹ ආවා කියමුකො. සෙනසුරාදයි ඉරිදයි ක්ලාස්. සිකුරාදා හවස පොළොන්නරුවෙන් කොළඹ එනවා. නැ නැ.... සිකුරාදා ඇවිත් කොහෙ ඉන්නද? සෙනසුරාදා පාන්දර එනවා. ඒක හොඳයිනෙ. එහෙම්ම පන්ති යනවා. පන්ති හතරට විතර ඉවර වුණා කියමුකො. සෙනසුරාදා රෑ කොහෙද ඉන්නේ මම?  ඉරිදා පන්ති ඉවර වෙලා එහෙම්ම යන්න පුළුවන් වෙයි. ඒත් අනේ මන්දා... ඉස්සෙල්ලා ගෙදර ගිහින් බලනවා මොනවද කරන්න තියෙන කෝස් කියලා.

කොළඹ ඉදලා ගලෙන්බිඳුණුවැවට බස් එක තිබුණේ හයයි කාලට. මම එතකල් බස් ටෑන්ඩ් ඉස්සර තියෙන පාර්ක් එකෙ ඇවිද්දා. එහා කොනටයි, මෙහා කොනටයි කීපපාරක්ම ගියා. කෑව බීවට තව වැඩක් තියෙනවනෙ කරන්න. උදේ ඉදලා බඩගින්නෙ ඉදලා එක පාරම කාපු නිසා ද කොහෙද බඩ දැන් ටිකක් වද දෙන්න පටන් අරගෙන. බස් එකෙ හදිසියක් වුණොත් මොන දෙයියන්ට කියන්ද? පම්ප් එකක් දාලා ෂේප් වෙන්න බැරි විදිහට තමයි වැඩ වේගෙන එන්නෙ... පාර්ක් එකක්නම් ෂුවර් එකට ටොයිලට් එකක් තියෙන්න එපැයි... මම එතන තියෙන කඩේකට ගිහින් ඇහුවා.

‘ මෙකෙ ටොයිලට් නෑ මචං...‘ කඩේ එකා හිනාවෙලා කිව්වා. ‘ බොකක්ද ?‘ 

‘ ඔව් අයියා...‘  මම කිව්වා. තාම දරුණු තත්ත්වෙට ඇවිත් නැනේ...

‘ පම්ප් එකක්නං එහා පැත්තෙවත් දාන්න තිබ්බා. පාර්ක් එකෙ ටොයිලට් තාම හදනවා බං. අපිත් ස්ටේෂන් එකට තමයි යන්නේ. එහා පැත්තෙන් දහයෙ ටිකක් එකක් අරන් ගියානං හරි...‘

වෙලාවෙ හැටියට ඒක ලොකු උදව්වක්. මම ටක් ගාලා කීව තැනට ඇවිත් කැලණියට යන ටිකක් එකක් අරගෙන ටොයිලට් එකට ගියා. ඒක ඇතුලේ තැනින් තැන කොල්ලෝ හිටගෙන හිටියා. සමහරු පම්ප් දානවා. සමහරු ටොයිලට් දොරවල් ගාව හිටගෙන ඉන්නවා. ඇතුලේ එකා එළියට එනකල් බලාගෙන ඉන්නවා වෙන්න ඇති. ඒත් ටොයිලට් දෙකක්ම දොරවල් ඇරලා තිබුණේ. මම  හිතන්නෙ එවායෙ පිරිසිදු තත්ත්වය හොද මදි ඇති. මමත් දොරක් ගාවට වෙලා හිටියා. ඒකෙ බොකක් දාන්න පුළුවන් ටොයිලට් පහක් තිබුණා. ඒ ටොයිලට් වටේට වගෙ තමයි පම්ප් දාන ඒවා තිබුණේ. ඒවා තිබුණේ අස්සට වෙන්න. එහා කෙලවරට පම්ප් දාන යන උන්ව දොර ගාවට පේන්නෙ නැහැ. මම පොඩ්ඩක් එබිකං කරලා බැලුවා. කෙලවරට වෙලා දෙතුන් දෙනෙක්ම එකම කොමඩ් එකට චූ දානවද කොහොද එතනට යන තැන එකෙක් මම දිහා රවලා බැලුවා. ඒ එක්කම ටොයිලට් එකක දොරක් ඇරුණා මම ටක් ගාලා ඒක ඇතුළට රිංග ගත්තා.


මුගෙ අම්මට හු... ෂික් වැඩේ කරනං හරියට වතුර ගහන්න බැරි ඇයි යකුනේ... පස්සත් එහෙමද දන්නෙ නැ මුං හෝදන්නේ. කොතන ගියත් ටොයිලට් එකෙ වැඩේ කරනං ඊළඟට එන එකාට එතන පිරිසිදු කරලා යන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනද අප්පා. තමන්ගෙ වැඩේ කරා ගියා. ෂික් මෙහෙම එවුන්නං. මම ටැප් එක ඇරලා පෝච්චියට වතුර එකක් ගැහුවා. බෑග් එක දොරේ තිබ්බ ඇණේ එල්ලා මමත් වාඩිවුණා. ඒ ගමන් ටැප් එක ඇරලා තව වතුර එකක් පිරෙන්න තිබ්බා. 

-----------------------------------------------------------------


‘I’m on the way…’ (දහ වන කොටස)



දොරයි වටේ බිත්තියි පිරෙන්න ෆොන් නම්බරස් තිබුණා. පිටිපස්සට එයාගෙ වැඩේ කරන්න භාර දීලා මම ටොයිලට් එක වටේට ඇස් දෙක යැව්වා. සමහර තැන් වල වැඩිහිටියන්ට පමණයි රූප පවා ඇඳලා.

පොඩි කෙට්ටු මල්ලි කෙනෙක් කතා කරන්න. 075-*******

කටට ගන්න ආසයි... කවුද මට කටට දෙන්නෙ.. 077-*******

මයෙ පු.... අරින්නකෝ.... මම බොටම්, සුදුයි, ලස්සනයි.. 078-********

මේ මගෙ එක. ඇඟේ මයිල් තියෙන කලු අයියලා කතා කරන්න. 075-*********

මමයි, මගේ වයිෆ් සතුටු කරන්න පුළුවන් කෙනෙක් කොළඹින් කතා කරන්න. නවාතැන් දෙනවා. 071-*******

ජිම් ඇඟක් තියෙන කෙනෙක්ගෙන ඇර ගන්න ආසයි. මෙතන නම්බර් එක ලියන්න. මම හැම සෙනසුරාදම කොළඹ එනවා.

මයෙ ඔලුව අන්දුන් කුන්දුන් වුණා. මේක නිකං ෆොන් බුක් එකක් වගෙනෙ. ඇත්තම මොකද්ද මේ කොළඹ වෙන්නෙ.

දැන්නං බඩ හරි වගෙ. මම හොඳට පොච්චියටත් වතුර ගහලා පස්ස පැත්තත් හෝදගෙන කලිසම ඇඳගන්න නැඟිට්ටා. ඒත් එක්කම දොර ගාවින් සද්දයක් ඇහුණා. අහ් සමහර විට තව එකෙක්ට ලෝඩ් වෙලා ඇති. වතුර තිබහක් ඉවසන් ඉන්න පුළුවන්. බඩගින්න ඉවසන් ඉන්න පුළුවන්. ඒත් මෙහෙම බොකක් සෙට් වුණොත් ඉවසීමේ සීමාවක් තියෙනවනෙ. මම ඉක්මනින් බෑග් එක අරගෙන දොර ඇරියා.

අම්මට සිරි පෝලිසියෙන් හතරක් පහක් ටොයිලට් එක ඇතුලේ.

‘ මෙකාවත් දා ගන්න රාලහාමි...‘ මයෙ බෙල්ලෙන් අල්ලාල ළඟ හිටපු පොලිසියෙ එකෙක් එළියට තල්ලු කරා.

‘ නැ නැ... මෙකා දැන් එළියට ආවේ.‘ ඒ රාලහාමි මයෙ මුණ දිහා බලලා කිව්වා.

‘ කොහෙද උඹ...?‘ මයෙන් ඇහුවා.

‘ මම ගලෙන්බිඳුණුවැව සර්...‘  මම බයෙන් කිව්වා. ‘ අද ඉන්ටව් එකකට ආවා පැළවත්තෙ... මට හයට බස් එක සර් ආපහු යන්න...‘

‘ හ්ම්... උඹ ඇතුලට වෙලා මොකද කරේ...‘

‘ අනේ සර්... හදිසියේ ටොයිලට් බරක් හැදුණා. එහා පැත්තේ පාර්ක් එකෙන් කිව්වා මෙතන විතරයි ටොයිලට් තියෙන්නෙ කියලා. ...‘

 ‘ කෝ ගනින් අයිඩින්ටිය...‘

මම ටක් ගාලා පර්ස් එකෙන් අයිඩින්ටිය අරගෙන දුන්නා. ඒ එක්කම බෑග් එකෙන් බැංකුවට දෙන්න දුන්න ලියුම දුන්නා.

‘ සර් මේ තියෙන්නෙ අද ඉන්ටව් එකෙන් මට දුන්න ලියුම. අනිද්දා මම පොළොන්නරුවෙ ජොබ් එකට යන්න තමයි මේක දුන්නේ...‘

පොලිස්කාරයා ඒ ලියුමත් අරගෙන  බැලුවා. ආපහු මයෙ මූණ දිහා බලලා ඒ දෙකම මට දුන්නා.

‘ උඹ දන්නවද මේක ඇතුලේ මොනවද වෙන්නෙ කියලා...‘

‘ දෙයියම්පා දන්නෙ නැ සර්... ‘ වට පිට බලන ගමන් කිව්වා.

‘ හ්ම් ... උඹ අදද කොළඹ ආවේ...‘

‘ ඔව් සර්...‘

‘ එහෙනං උඹ දැන ගන්න ඕනත් නැහැ... දැන් පලයන්...‘


මම එළියටම එද්දි පොලිස්කාරයෝ කීප දෙනෙක් තව කොල්ලෝ පහක්  හයක් වට කරන් හිටියා. උන් මූණවල් වහගෙන හිටියේ. මම ටක් ගාලා බෑග් එක කාරේ දාගෙන ආපු පැත්තෙන්ම බස් ටෑන්ඩ් එක දිහාට දුවගෙන ආවා. අම්මෝ.... මයෙ ඇඟ හීතල වෙලා ගියා. සමහරවිට ඒක ඇතුලේ ගංජා ගහනවා ඇති. කොළඹ හොරාට ගංජා ගහනවා කියලා මම  අහලා තියෙනවනෙ. ඒත් කිසිම දුමක් ආවෙ නැනේ. අහ් කොළඹට ගංජා ඕන නැනේ. උන් කුඩු ගහනවා ඇති. අනේ පව් අප්පා. හරියට කුඩු ගහන්න තැනක් නැති හින්දනෙ මේ සේරම. උන්ට කුඩු දීලා ඇති වෙනකල් ගහපල්ලා, ගහලා මැරියල්ලා කියලා දෙන්න ඕන. ජීවිතෙ වටිනාකම දන්නෙ නැති හරක්... කක්කුස්සිගානෙ ගංජා ගහනවා. කුඩු ගහනවා. ෂික් විතරක්...

-----------------------------------------------------------------------------------------
(11 සිට 20 දක්වා කියවන්න)

http://kkandulu.blogspot.com/p/im-on-way_14.html


No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...