සංසාර ප්‍රාර්ථනා (51 සිට 60 දක්වා)

පනස් එක් වන ප්‍රාර්ථනය

'මල්ලි... සංජනගෙන් හරිම ආදර ආමන්ත්‍රණයක් 

'ඇයි අයියේ...?'

'මට මේක ලොකු ප්‍රශ්නයක්...'

'මොකද්ද?'

'මට මේක කියන්න අද වෙනකල් විශ්වාස කවුරුත් හිටියෙ නැහැ මල්ලි....'

'ඉතින් අයියට දැන් විශ්වාසවන්ත කෙනෙක්  හම්බුණාද?'

'ඔව්...'

'කවුද?'

'ඔයා...මම ඩොක්ටර් දිහා බැලුවා. ඒ ඇස් වල පුදුම ආදරයක්. විශ්වාසයක්... මොකද්ද මට කියන්න තියෙන සංජනට වදයක් දුන්න දේ....‍ඔහොම බලන්න එපා මල්ලි... මං වෙනුවෙන් මගෙ කතාව අහන්න. නැත්තං මයෙ තාත්තගෙ නාමයෙන්වත්...'

'ඔයාට මාව විශ්වාසනම් ඕනම දෙයක් කියන්න අයියේ... මම අහගෙන ඉන්නම්...'

'මල්ලි... මම ඉපදෙද්දිම මයෙ අම්මා මාව දාලා ගිහින්. මට තාත්තගෙ උණුසුම මතක නැහැ. යන්තං දණ ගාලා ඇවිදින්න පටන් ගද්දිම මයෙ තාත්තා මාව දාලා ගිහින්. එයාගෙ රූපෙවත් මට මතක නැහැ. මම හැදුණේ පිටරට. මයේ බාප්පා ගාව. අවුරුද්දෙදි රට ගියාට පස්සෙ මම ලංකාවට ආවේ දෙසරයක් විතර. මේ අවුරුදු විසි අටටම....'

මම සංජනගෙ ඇස් දිහා බලාගෙන  හිටියා. පුදුම තනිකමක්පාලුවක් විදලා...


'මට යාලුවෝ කියන්න කවුරුත් නැහැ මල්ලි. පරදේසක්කාර රටක තට්ට තනියම මම හැදුණේ. ඒක නිසාම මම ගොඩක් නපුරු වුණා. අම්මා තාත්තගෙන් ලබන්න බැරි උණුසුම මම හෙව්වා. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා මල්ලි. මයෙ බාප්පා මට ආදරේ කරත් මට ඒ අම්මා තාත්තගෙ ආදරේ ලැබුණේ නැහැ. මම තාත්තගෙ ෆොටෝ එක්ක බැලුවාම ගොඩක් වෙනස්. කිසිම විදිහකින් මම තාත්තා ‍වගෙ නෙමෙයි. එකම එක දවසක් මට හම්බුණා තාත්තා එක්ක ඉන්න මම වගෙම ෆොටෝ එකක්. මම ඒක ගැන බාප්පගෙන් ඇහුවා. තාත්තගෙ යාලුවෙක් කිව්වා. ඉතින් ඒක මම වැඩිය අහන්න ගියෙ නැහැ. මෙඩිකල් ෆැකල්ටි ගිහින් ඉගන ගද්දි මම දැන ගත්තා මට වකුඩුවක් බද්ද කරලා තියෙනවා කියල. ඒක මම බාප්පගෙන් ඇහුවාම එයා කිව්වා මයෙ තාත්තා මට වකුගඩුවක් දීලා තියෙනවා කියලා. ඒත් මම තාත්තගෙ වාර්තා බැලුවාම මම දැක්කා තාත්තගෙයි,  මගෙයි ඒ වෙනස්... කිසිම විදිහකින් මට වකුගඩුවක් දෙන්න තාත්තට බැහැ...'

ඔහ් බාප්පා එහෙම බොරු කියලා තියෙන්න ඇයි...සංජන අයියට වකුගඩුව දුන්නෙ සංජන මාමානෙ...

'ඇයි මල්ලි පුදුම වෙලා වගෙ....

නැ නැ අයියේ.. ඔයා කියාගෙන යන්න...'

'මම ඒකට බාප්පා එක්ක රණ්ඩු කරා. එයා ඇයි මට එහෙම ලොකු බොරුවක් කිව්වෙ කියලා. මම එයාව උඩ තට්ටුවෙන් තල්ලු කරපු පාරට තමයි එයා අබ්බගාත වුණේ...'

අහ් එහෙනං ඒකයි බාප්පට වුණේ..

බාප්පා අසනීප වුණාට පස්සේ මම උපාධිය ඉවර කරනකල් හිටියා. ඉ‍ට පස්සෙ එයා එක්කම මම ලංකාවට ආවා. පොඩි මාමා අදුරන මාර්ගෙන් ලංකාවේ හොස්පිටල් එකක වැඩ කරන්න හදාගත්තා. එකෙන් තමයි මම අනුරාධපුර හම්බුණේ...'

'දැන් බාප්පා කතා කරනවා නේදඔයා ඇහුවේ නැන්ද අයියේ....?'

'මට බාප්පව පිළිකුල් මල්ලි. මම එයාගෙ මූණ දිහාවත් බලන්න කැමති නැහැ. පොඩි මාමයි බාප්පයි සමලිංගිකයෝ...'

ඒක කියද්දි මම අයියා දිහා ආයෙත් බැලුවා. ඒ කියන්නෙ ඒකත් දන්නවා...

'ඒක කොහොමද ඔයා දන්නෙ...'

'පොඩි මාමා අවුරුද්දට සැරයක් වගෙ අපිව බලන්න ආවා. ඒ ආපුවම සතියක් දෙකක් ඉන්නවා. ඉතින් එහෙම දවසක එයාලා දෙන්නා එකට ඉන්නවා මම දැක්කා....'

'දෙයියනේ....'

'ඒකට මට කමක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් මල්ලි. මමත් රටදි දෙපාරක් තුන් පාරක් එහෙම ඉදලා තියෙනවා. සංජන අයියා හරිම විවෘතව ඒක කියාගෙන ගියා. 'එහෙ ගොඩක් බයයි ගණිකාවෝ එක්ක ඉන්න. මොකද ලෙඩ හැමතැනම... ඉතින් විශ්වාසවන්ත යාලුවෙක් එක්ක එහෙම ඉන්න එක අනිවාර්යෙන්ම වෙනවා. එහෙ සමලිංගික විවාහය ලීගල්. පොඩි මාමයිබාප්පයි එහෙදි මැරි කරලා ඉන්නෙ..'

'ඇයි ඒකට විතරක් බාප්පා එක්ක තරහා ඔයා...'

'මයෙ තාත්තව මට නැති කරේ බාප්පා. ඒ වගෙම එයා දන්නවා මයෙ හරි තාත්තා කවුද කියල.... අර මම කීව ‍ෆොටෝ එකෙ ඉන්න කෙනා ගැන එයා මට හරි විස්තරයක් කියන්නෙ නැහැ. අනික මයේ අම්මට මොකද වුණේ. එයා මැරිලා නැහැ. එහෙනං එයා කොහෙද ඉන්නෙ.... මම අනුරාධපුර එන දවසේ පොඩි මාමා මට මොකද්ද වැදගත් ලියුමක් දුන්නා. මම ඒක වැඩිය ගණං ගත්තෙ නැහැ. ඒත් ට්‍රේං එකෙදි ඒක කියවන්න ගත්තාම ළග හිටපු ඇන්ටි කෙනෙක් ඒකට වමනේ කරා.. මම එහෙම්ම ලියුම විසිකරා...'

මම මොනවද අයියේ මේවට දෙන උත්තර... මොනවදමම ඒ ගැන දන්නවා කියලා කොහොමද මම ඔයාට කියන්නෙ...

අනුරාධපුර ආවට පස්සෙ මට අහම්බෙන් දෙනුවන් හම්බුණේ. පුදුමෙ කියන්නෙ දෙනුවන්ගෙ ලොකු තාත්තා මම වගේමයි. කිසිම වෙනසක් නැහැ. ඒ ගෙදරින් මම දැන ගත්ත විදිහට දෙනුවන්ගෙ ලොකු තාත්තා මැරිලා තියෙන්නේ වකුගඩුවක් දෙන්න ගිහින්.. මට හිතෙනවා වෙලාවකට එයා වකුගඩුව දුන්නෙ මටද කියලා. මොකද දෙනුවන්ගෙයි,මගෙයි ලේ සමානයි...'

නැ නැ ඒක කීයටවත් වෙන්න බැහැ. සංජන මාමාගෙ දරුවෙක් වෙන්නෙ කොහොමද අයියා... මම දන්න විදිහට ලියුමෙ තිබ්බෙ සතිෂ් මාමා බැන්දා කියලා. බදින දවසට කලින් සංජන මාමා අයින් වෙලා ගියානෙ..

'මල්ලි මේ ගැන මොනවත් දන්නවද මල්ලි....'

' කිව්වේ අයියේ...?'

'දෙනුවන්ගෙ ලොකු තාත්තා ගැන...'

අනේ මාව අසරණ වෙන ප්‍රශ්නයක්නෙ අයියේ ඔයා ඇහුවෙ...

'අයියේ...'

'ඇයි මල්ලි... ඔයා මොනවා හරි දන්නවා නේද....‍අනේ මට මේ ප්‍රශ්නෙ විසද ගන්න උදව් කරන්න මල්ලි...සංජන අයියා අඩනවා...

අපිට හොරා ලෝකය කලුවර වෙලා. හුදකලා ගහක් උඩ සංජන සතිෂ් ආයෙත් තනි වෙලා. මම ටිකක් සංජන අයියට ළංවුණා. කවුරුත් දකිවිදදැක්කත් මට මොකදමේ මගෙ උරුමයක් නෙමෙයිදඑයා මම ඉස්සරා අඩද්දි මම කොහොමද බලාගෙන ඉන්නෙ.. කියන දෙයක් කියන්න. මම බය නැහැ. 

මම සංජන අයියව තුරුල් කර ගත්තා. පපුව ඇතුලෙන් හීනියට ඇග හීතල කරගෙන අලුත් හැගීමක් ඇග පුරාම දුවනවා. කාලයක් තිස්සේ මම හොයපු උණූසුම මේකදඅම්මා අප්පච්චි මාව තුරුල් කර ගන්නවට වඩා අමුතුම සෙනෙහසක්. ආදරයක්... ලෝකය අදුරුයි.. ආශිර්වාදයක් වගෙ පුර හදත් නැහැ. පුංචි තාරුකා දැල්වෙනවට වඩා නිමිලයි තිබුණේ... මගේ ඔලුව අතගාගෙන හිටින සංජන අයි‍යගෙ අත මයේ බෙල්ලට ආවා. සීරුවෙන් බෙල්ල පිරිමදිනවා. 

අනේ කවුරුත් දකිවීදඑයාගෙ අත ගසා දාලා මම බැහැලා ගෙදර දුවන්නදබැහැ බැහැ... කොහොමද මෙයාව තනි කරලා මම යන්නෙ. කොහොමද ආයෙත් සංජන අයියාව අඩවන්නෙ... මයේ උරිස් දෙකන් අල්ලලා සංජන අයියා මාව එයාගෙ ඉස්සරාහින් ගත්තා.

'ඇයි ඔයා අඩලා...මයෙන් ඇහුවා.

මම අඩලා... නැහ් ඒක වෙන්න බැහැ... මම කම්බුල් අත ගෑවා... ඔහ් දෙයියනේ... මේ කඳුළු.. මම අඩල.... ඇයි මේ...

'මට ආදරේද?....' සංජන අයියා ඇහුවා.... මම එයාගෙ ඇස් දිහා බලාගෙන හිටියා... මට ආදරේද මල්ලි....'


----------------------------------------------------------


පනස් දෙවන ප්‍රාර්ථනය

කෑ ගහලා මුළු ලෝකෙටම ඇහෙන්න මම කියන්නද මට දැනෙන දේ....එදා විහඟ සංජන ආදරෙන් පැරදුණා. සංජන සතිෂ් ආදරෙන් පැරදුණා. ලංකාවේ අප්‍රසිද්දව ඕන තරං සමලිංගිකයෝ සතුටින් ඉන්නවා. ඇයි මට බැරිමම පරදින්නෙ නැහැ. මට අප්පචිචිගේ ආශිර්වාදය තියෙනවා. මට බාප්පගෙපොඩිමාමාගෙ අශිර්වාදය තියෙනවා. ඒ කවුරු නැතත් මට සංජන ඉන්නවා...

'ආදරෙයි මයේ අයියේ... ආදරෙයි... මෙච්චර කල් හිතාගන්න බැරිව හිටිය.. කියාගන්න බැරිව හිටිය ආදරේ ඔයා... මාව හොයගෙන රට ඉදන් ලංකාවටත්අනුරාධපුරටත් ආව ආද‍රේ ඔයා... මම වෙනුවෙන්ම මේ ලෝකෙ ඉපදුණු ආදරේ ඔයා....ඔයයි අයියේ.. ඒ ඔයා විතරමයි...'

සංජන අයියා මාව ආයෙත් බදාගත්තා.

'මාව දාලා යන්න එපා රත්තරං... මම තනි වෙලා. මේ හිතේ කාටවත් කියාගන්න බැරි තරං දුකක් හිරවෙලා. කවුරුත් තේරුං ගන්නෙ නැති අහංකාර ආඩම්බරයෙක් වෙලා මම.. මම ගාවම ඉන්න. මාව බලාගන්න රත්තරනෙ....'

'මම ඉන්නවා අයියේ.. හැමදාම ඔයා ගාවම මම ඉන්නවා.... කවුරු මොනවා කිව්වත් මම ඔයා එක්කම ඉන්නවා...

'පුතේ..... මිලාන්....අප්පච්චිගෙ කට හඩ... මයේ පුතේ... උබ කොහෙද?'

දැන් රෑ අටටත් කිට්ටුයි.. මම ගෙදරින් ආවේ තුනට වගෙ. අම්මට සිරි හොදට රෑ වෙලා නේනනං මැදැ කරපු හරිය... දැන් මොනවද අප්පච්චිට කියන්නෙ...

'අනේ ඉන්න තැනකින් කතා කරපන්කො... අප්පච්චිට ඇඩෙන්න වගෙ. සැහෙන්න මාව හොයන්න ඇති...

'බංඩාර මා‍මේ...සංජන අයියා කතා කරා... 'අපි මෙහෙ....'

මම සංජන අයියා දිහා බැලුවා.

'මොනවද දැන් අප්පච්චිට කියන්නෙ...මම ඇහුවා.

'වෙච්ච දේවල් කියමු.. වෙන මොනව කියන්නද?' සංජන අයියට ගාණක්වත් නැහැ.

'පිස්සුද?'

'කලින් හොදට හිටියා. දැන්නං ටිකක් පිස්සු හැදීගෙන එනවා වගෙ...'

'අනේ මේ...මගුලක් කතා කරනවා.

'කොහෙද දොස්තර මහත්තයෝ ඉන්නෙ...අප්පච්චි ළගටම ඇවිත් ඇහුවා. 

'උඩ උඩ.... මේ ගහ උඩ...එහෙම කියන ගමන් අයියා ගහේ අතු හෙල්ලුවා... එයාට හිනා... මයෙ ඇග රත්වෙලා. අප්පච්චි මොනව හිතයිද?

'අප්පොච්චියේ..... කොහෙන්ද ඔහෙට නැග්ගෙ.. අප්පච්චි ටොච් එක ගහට ගැහුවා. 'අහ් මේ ඉන්නෙ අපේ  වදුරු පැටියත්...අප්පච්චට හිනා... මම ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා. 

'ඔව් මාමෙ.. මේ වදුරු පැටියා මට ගස් නගින්න පුරුදු කරානෙ... ඉතින් මමත් නැග්ගා. දැන් බහින්න බැරිව ඉන්නෙ...තාමත් විහිලු. ඕන මගුලක් කර ගන්නවා. මම ගහෙන් බහින්න පටන් ගත්තා. අප්පච්චිට මොනව කියන්නද මන්දා.

අප්පච්චිත් සංජන අයියටම හරියනවා. දෙන්නම මට ජොක් එකට හිනාව... යනවා  යන්න දෙන්නම නරකයි.

'දැන් රෑ වෙලානෙ මයෙ පුතෙ..අප්පච්චි මයෙ ඔලුව අතගාන ගමන් කිව්වා. සංජන අයියත් ගහෙන් බැහැලා අප්පච්චි ඉන්න තැනට ආවා. 'පින්න ඊටත් වැඩිය... දෙනුවන් ආවා දොස්තර මහත්තයා හොයගෙන. ගෙදර වැඩක් කියලා ගියා. මම මේ ඒ පාර ආවේ බලන්න. මම කිව්වා එහෙට සතිෂ් එක්ක එවන්නං කියලා....'

'මම ආසයි මාමේ මේ වගෙ හේනක මෙහෙම ඉන්න....සංජන අයියා කිව්වා. 'හිතට පුදුම සැනසීමක්. හැමදාම ලෙඩ්ඩුම බලලා බලලා මට ඇති වෙලා...'

'දොස්තර මහත්තයා මාවත් ඇති වෙලාද?' අප්පච්චිට දුක හිතලා වගෙ...

'අනේ එහෙම නෙමෙයි මාමෙ..'

'මම ඒක විහිලුවට කිවේ..අප්පච්චි කිව්වා... 'දැන් යමුකො ගෙදර. අම්මත් බය වෙලා මේ දෙන්නට මොකෝ වූණේ කියලා...

එදා රෑට සංජන අයියා අපේ ගෙදරින් බත් කෑවා. ගොඩක් කෑවෙ නැහැ. දෙනුවන්ගෙ ගෙදරිනුත් කන්න ඕන නිසා. නැත්තං එයාලා වැරදියට හිතුවොත්. දැන්ම කාටවත් මොකවත් දැනෙන්න අරින්න නරකයි. ඔය කීවට අප්පච්චිටනං දැන්ම තේරෙන්න ඇති. මොකද එයා මේවා ගැන නොදන්නවායැයි...

කෑම කෑවට පස්සේ මම සංජන අයියාව දෙනුවන්ගෙ ගෙදරට ඇරලුවා. මග දිගට බයිසිකලෙත් එක විකාරයයි. වැටෙනවත් එක්ක. පුදුම සතුටකින් වගෙ දැන් එයා.   සතුටින්නම් එච්චරයි. හැමෝම සතුටින් තමයි ඉන්න ඕන. මොකටද මේ ජීවත් වෙන අවුරුදු හැට හැත්තෑව විදවන්නෙ කිසිම තේරුමක් නැතිව. අන්තිමට විදපු දේකුත් නැහැ අඩ අඩවිදව විදව ඉන්නවා හැර...

'හෙට හවස එන්න ඕන රුවන්වැලිසෑයේ යන්න හරිද?'

'හෙට...?'

'ඔව් ඇයි?'

'හරි හරි....'

'මාත් එක්ක ඉන්නවා නේද හැමදාම...'

'මට බයත් හිතෙනවා අයියේ...'

සංජන අයියා බයිසිකලේ නතර කරා.. 

'මොකද බය...'

'අපිටත් ....මම කියන්න හදද්දම අයියා කට වැහුවා.

'මතක තියාගන්න මේක කදුළු සිත්තමක් වෙන්නෙ නැහැ... මාව විශ්වාස කරන්න..'

මයේ ඇස් දෙක දිහා බලාගෙන සංජය අයියා කිව්වා. තරු එළියට දිලිසෙන ලස්සනම තරු දෙක ඒ ඇස් දෙක. විශ්වාසයි අයියේ... මටත් වඩා... කලින් සංජනට වෙච්ච දේ ඔයාට වෙන්න දෙන්නෙ නැහැ මම. මොන දේ වුණත් මම ඔයා එක්ක ඉන්නවා.

මම සංජන අයියගෙ අත අල්ල ගත්තා. මට තුරුල් වෙලා ආයෙත් එයා බයිසිකලේ පදින්න ගත්තා. දෙනුවන්ගෙ ගෙවල් අපේ ගෙදර ඉදලා කිලෝමීටක් වගේ තිබුණේ. එහෙම්ම අයියට හොස්පිටල් එකට යන්න පුළුවන්නෙ... මම ආයෙත් තනියම එන්න ඕන.

'එහෙනං හෙට හවස එන්න ඕන හරිද?' දෙනුවන්ගෙ ගෙදර ගාවදි අයියා කිව්වා. 'රෑ ඉන්න බලාගෙන එන්න...'

'රෑ ඉන්න...මම ඇස් ලොකු කරගෙන ඒක ඇහුවා

'ඇයි මොකද?'

නැ නැ මොකවත් නැහැ....'

'බයවෙන්න එපා මම මොකවත් කරන්නෙ නැහැ... හෙට දෙනුවනුත් ඉන්නවා අපේ ගෙදර...'

ඇත්තදඒ මොකටද දන්නෙ නැහැ. හිතට පුංචි දුකක් ඇති වුණා. කොහොමටත් දෙනුවන් මට වඩා අයියට සමීපයිනේ. අනේ එයත් අයියට ආදරේද දන්නෙ නැහැ. ලප් තැනම ලොප් වෙන්නද යන්නෙ... ඇස් වලට කඳුළු ආවත් මම ඒක දත්මිටි කාගෙන නතර කර ගත්තා. 

'එහෙනං පරිස්සමෙන් ගෙදර යන්න..අයියා මයෙ මූණ අත ගාන ගමන් කිව්වා. එක පාරමට පාර දෙපැත්ත බලලා මයේ ‍කටට හාදුවක් දුන්නා... 

'හච්.... මොකද්ද ඒ කරේ...හා හා පුරා කියලා පිරිමි කෙනෙක් මට දුන්න පළවෙනි හාදුව ඒක... අයියට හිනා. ඔහොම දගවැඩ කරන්න ආවොත්නං ගහනවා ආයෙත්... 

'යන්න පැටියෝ දැන්.. රෑ‍ වෙලා හොදටම.. පරිස්සමෙන් යන්න. හෙට  හවස හතරට විතර එන්න හොදද. එන්නම  ඕන.. නැත්තං මම එනවා...'

'එපා එපා.. මම එන්නං...'      මම කිව්වා.


අකමැත්තෙන් වුණත් දැන් ඉතින් ආයෙත් ගෙදර යන්න එපැයි. අනේ අයියට තුරල් වෙලා ඉන්න ඇත්තනං... හැමදාම...


-----------------------------------------------------

පනස් තුන්වන ප්‍රාර්ථනය


ආයෙත් මම බයිසිකලේ පැදගෙන ආවේ පුදුම දුකකින්. පාරෙදි මට ගොඩක් සීතල දැණුනා. මේකනං නපුරු හීනයක් නෙමෙයි. මම දකින සුබම සුබ හීනයක් වගෙ... ගෙදරට ඇවිත් ඇද පුරාම දැගලුවා. කොට්ට විසි කරා. පිස්සුද මටත්... නැතුව නැතුව. දන්නෙම නැතුව මමත් ප්‍රේමවන්තයෙක් වෙලා. කාටවත් කියන්න එපා. ඒක එළියට ඇහුණොත් වැඩි කල් මටත් ජීවත් වෙන්න වෙන එකක් නැහැ. මොකද මමත් සමලිංගික පෙම්වතෙක් නිසා.

එදා රෑ නින්දත් නොනින්දත් අතර කොහොම හරි වේලාව ගෙවෙන්න ඇති. 

'නැඟිටින්නෙ නැද්ද...?' තාමත් මම හීන දකිනවදසංජන අයියගෙ කට හඩනෙ ඇහුනෙ. නින්දෙන්ම මම හිනාවුණා වගෙ මතකයි.  'නැඟිටිනවකෝ....මාව එක පාරටම හෙල්ලුවා.

ඒ පාරනං මම ගැස්සිලා ඇහැරුණේ. කවුද මේ. ලාවට බොදවෙච්ච රූපේ... සංජන අයියා...?

මම ඇ‍දේ වාඩිවුණා. මම ඉන්නෙ අපේ ගෙදර නේද මේ... මෙයා කොහොමද උදේම මෙහෙට ආවේ..?

'මොකද බය වෙලා වගෙ...සංජන අයියා ඇහුවා.

'අනේ මාව පොඩ්ඩක් කොනිත්තවනද?' මම සංජන අයියට කිව්වා.

'මොකක්පිස්සුද?'

'ඔන්න පුතේ මෙයා නැඟිට්ට වෙලාව... අම්මා තේ දෙකක්  හදාගෙන එන ගමන් කිව්වා. 

'ඩොක්ටර්ට අද වැඩ නැද්ද...? ' මට තාමත් මේ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැහැ. 

'බලන්න ඇන්ටි ගෙදර ආවම අහන දේවල්....සංජන අයියත් තේ එක ගන්න ගමන් අම්මට කිව්වා. අම්මා හිනාවක් දාලා තේ දෙක දීලා යන්න ගියා.

'ඇත්තමට අද වැඩ නැද්ද අයියේ....මම ටිකක් තුරුල් වෙන ගමන් ඇහුවා.

'කුණු කෙල පෙරාගෙන මට තුරුල් වෙන්න එපා...අයියට ටිකක් ඈත් වෙනගමන් කිව්වා.

'හච්...මමත් ඈත් වුණා. 'මොකටද එහෙනං කුණු කෙල පෙරාගෙන ඉන්න අයව උදේම බලන්න ආවේ...'

අයියා මාව තුරුල් කර ගත්තා. 

'ඔයා අම්මා දකියි....

'ඉතින් මට මොකද?'

'‍තේ එකත් හැලෙනවා දැන්... කෝ ඇති ඇති.. ඕක බොන්න දැන්..'

අයියා හිනාවෙලා තේ බොන්න පටන් ගත්තා. එයාගෙ එකෙන් භාගයක් බීලා මගේ තේ කෝප්පෙ උදුර ගත්තා.

'ආ ඕක දැන් මට දෙන්න... මටත් ආසයි කුණු කෙල බොන්න...'

'ඊයා අයි‍යේ....'

එයාට ගාණක්වත් නැහැ...

'අද නිවාඩු දැම්මද අයියේ...'

'හ්ම්...

'ඇයි හදිසියේම..'

'අද මම පොළොන්නරුවේ යන්න ඕන මල්ලි...'

'ඉතින් ‍දැන් පොළොන්නරුවේද මේ ඇවිත් තියෙන්නෙ...'

'ඔයාවත් එක්ක යන්න ඕන...'

මම පුදුම වුණා. මාව පොළොන්නරුවෙ එක්ක යන්න...

'ඒ මොකටද?'

'ඇයි බැරිද මාත් එන්න?'

'මම බැහැ කිව්වෙ නැනේ....'

'එහෙනං ඉක්මනට ලෑස්ති වෙලා එන්න...මාව ඇ‍දෙන් නැගිට්ටවන ගමන් අයියා කිව්වා..

මොකටද පොළොන්නරුවෙ  යන්නෙ. එක පාරම කියන්නෙ නැතිව. අයියා මොනවා හරි හොයනවා වගේ. සංජන මාමා පොළොන්නරුවෙ කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැනෙ. කියන්න බැහැ. අපි නොදන්නවා වුණාට කවුද දන්නෙ. මෙච්චර දේවල් වුණේ අපි දැනගෙන යැයි. දේශ දීපංකරේ ඉදලා ආයෙත් සංජන සතිෂ් හොයාගෙන ආව එකෙ. සංජනගෙ මතක සටහනක් පොළොන්නරුවේ තියෙන්න බැරි නැහැ. බලමුකො මොකද්ද වෙන්නෙ කියලා.

මම උදේ කරන්න ඕන වතාවත් ටික කරගෙන මූණ කට හෝදගෙන කාමරේට ආවා. අයියා කඩේට වෙලා අප්පච්චි එක්ක බර කතාවක්. මට පේ‍න්නෙ අයියා අප්පච්චිට විස්තරේ කියනවා වගෙ. පිස්සුනේ. ගහ දන්න මනුස්සයාට මොකටද අලුතින් කොළ කඩා පාන්නෙ.... පව් අප්පච්චි කොච්චර ‍දුකෙන්ද ඒවා අහගෙන ඉන්නවා ඇත්තේ. අප්පච්චි දන්නවා ඇති දැන් සංජන මාමා වකුගඩුවක් දුන්නෙ එයා එක්ක දැන් කතා කරන සංජනට කියලා. මමත් සට බට ගාලා ලෑස්ති වෙලා කඩේට ආවා. 

'හරිද?' අයියා මගෙන් ඇහුවා. අප්පච්චිගෙ ඇස් වල කඳුළු පිරිලා. 

'දැන් මොකේද යන්නෙ...අප්පච්චි ඇහුවා.

'වීල් එකක ටවුමට එනකල් යනවා මාමේ...සංජන අයියා කිව්වා.

'පුතේ බත් බෙදුවා....අම්මා ගේ ඉදලා කතා කරා...

'මල්ලි කාලා එන්න... මම උදේට කාලා ආවේ...සංජන අයියා කඩේ ආයෙත් වාඩිවුණා.

'උදේට නෙමෙයි මේ දවල්ලට කන්න අඩගහන්නෙ...මම කිව්වා.

අප්පච්චි හිනා වෙනවා. ඒත් හිතේ දුක තාමත් ඇස් දෙකෙන් පේනවා මයෙ අප්පච්චි...

දෙන්නත් එක්ක බත් කෑවා. ගෙවල් ළග වීල් එකක් කතා කරගෙන ටවුමට ආවා. ටවුමට එනකල් වීල් එකෙන් හොරෙන් මගෙ අත අල්ලගෙන. වීල් අයියා දැක්ක එහෙමනං වස නෝන්ඩිය... ඒ වුණාට ඒකෙත් මාරම සතුටක් තියෙනවා නේද?

ටවුමට එද්දි එකහාමාරයි. හවස් වෙයි දැන් පොළොන්නරුවට  යද්දි... කඳුරුවෙල බස් එකෙන් අපි දෙන්නා පොළොන්නරුවේ යන්න නැග්ගා. ඉස්කොලෙන් මම පොළොන්නරුවෙ ගිහින් තියෙනවා. 

'දන්නවද මම මේ ජීවිත කාලෙටම පොළොන්නරුවෙ යන පළවෙනි දවස...අයියා බස් එකෙදි කිව්වා.

'මම නං ඉස්කොලෙන් ඇවිත් තියෙනවා.මම කිව්වා.  ්ඇයි අයියේ හදිසියේම අපි පොළොන්නරුවෙ යන්නෙ...'

මට දැනගන්න ඕන වෙලා තිබුණු ප්‍රශ්නෙ මම අයියගෙන් ඇහුවා.

'මට රුවන්වැලිසෑය ගාවදි හාමුදුරු කෙනෙක් හම්බුණා මල්ලි...'

'ඉතින්...'

'එයා මාව දැකලා එක පාරටම මම ගාවට ආවා.. ඇවිත් මයෙ සම්පූර්න නම කිව්වා...'

'සංජන කෙනෙත් බංඩාර කියල..?'

'ඔව්...'

'කොහොමද එයා ඔයාගෙ නම දන්නෙ...'

'මමත් ඒක එයාගෙන් ඇහුවා...'

'මො‍කෝ කිවේ..'

'එයා සංජනව දන්නවා... එයා විතරක් නෙමෙයි බංඩාර මාමත් සංජනව දන්නවා....'

'මොකක්...'

'ඔව් මල්ලි... සංජන අපි හිතන විදිහෙ කෙනෙක් නෙමෙයි...'

'ඒ කිව්වෙ...'

'එයත් සමලිංගිකයෙක්... එයාගෙ පළවෙනි ආදරේ ඔයාගේ අප්පච්චි...'

අයියා එහෙම කියද්දි මගෙ හිරිගඩු පිපුණා. කොහොමද ඔයා මේවා හොයාගත්තෙ අයියේ...

-------------------------------------------------------

පනස් හතර වන ප්‍රාර්ථනය


'පුදුමයෙන් බලන්න දෙයක් නැහැ මල්ලි.... ඒකයි ඇත්ත... අප්පච්චි මට මෙච්චර ලෙංගතු වුණේ මමත් එයා ආදරේ කරපු සංජන වගෙ හින්දයි. මම දෙනුවන්ගෙන් දැන ගත්තා සංජනට ගමේ ආදරයක් තිබිලා තියෙනවා. ආච්චි අම්මගෙන් ඇහුවාම එයා කිව්වා සංජන මාමා කාලයක් ඔයාගෙ අප්පච්චිට වහවැටිලා හිටියා කියලා. එයාලා හිතලා තියෙන්නෙ ඔයාගේ සීයලා ගුරුකම් කරලා සංජන මාමාව රවට්ටගෙන කියලා. ඒ තරම් අප්පච්චිට ආදරෙන් හිටියලු...'

මම දන්නවා අයි‍යේ...

'ඒ සම්බන්ධෙ නතර කරන්න ආච්චි අම්මලා සංජන මාමට හොරෙන් එයාගෙ කේන්දර එහෙම බලලා යන්තර දැම්මලු. බංඩාර මාමා එපා වෙන්න එක එක දේවල් කරාලු. මොනවා කරත් සංජන මාමට බංඩාර මාමා එපා වෙලා නැහැ. මේ විදිහටම ඔයාගේ ආච්චි අම්මත් බංඩාර මාමගෙන් උදව් අරගෙන එයාව මඟ අරින්න පටන් අරන්. අප්පච්චිට ඕන කරන ඇදුම් පැළදුම්කෑම බීම විතරක් නෙමෙයි ඔයාගේ නැන්දලා සංජන මාමගෙන් සල්ලි පවා අරගෙන තියෙනවා...'

අයියාට තවත් මට හංගන්න දෙයක් තියේද?

'එහෙම බංඩාර මාමාට ආදරේ කරපු සංජන මාමා එක පාරම එයාව දාලා කොළඹ ගියේ ඇයි කියලා ආච්චිටත් පුදුමයිලු... ටෙක් එකට දැම්මට පස්සෙ වැඩිය බංඩාර මාමා බලන්න ගියේ නැතිලු. එයාලා හිතුවේ ගුරුකමේ කාලෙ ඉවර වෙලා කියලා. බංඩාර මාමගෙන් අයි‍න් වෙලා කොළඹ ගිය එක ගැන එයාලා සතුටු වෙලා තියෙනවා. ඒත් කොළඹින් ඇවිත් අනුරාධපුරම මොකද්ද හොටෙල් එකක වැඩ කරලා. කොළඹින් ආපු මහත්තයෙක් එයාව ආයෙත් එක්කගෙන ගිහින්....'

දෙනුවන්ගෙ ගෙදරින් සේරම විස්තර කියලා. 

'දන්නවද ඒ කොළඹින් ආව මහත්තයා කවුද කියල...'

'කවුද?'

'සතිෂ් රන්දුණු මිලාන්...'

'සතිෂ් මාමා සංජන මාමාව හොයගෙන අනුරාධපුර ආවා...'

'ඔව් ...'

'කොහොමද ඔයා ඒක දන්නෙ...'

'‍ආච්චි අම්මා කිව්වා ඒ ආපු මහත්තයා ඔයා වගේමයි කියල...'

දෙයියනේ...

කතාවෙන් කතාවෙන් අපි දෙන්න කදුරුවෙලට එද්දි  පහ විතර වුණා. අයියා සාක්කුවෙන් කොළයක් ගත්තා. මෙතන ඉදලා වීල් එකක  යන්න වෙනවා මල්ලි.... අයියා එතන තිබ්බ කඩේකින් කිරිපිටිසිනීතේකොළසබන්... වගේ මොනද ගොඩක් ගත්තා. ඒවා අරගෙන එන ගමන් ...

අයියා එතන තියෙන වීල් එකකට කතා කරා.

'අයියේ පිඹුරත්තෑවට යමුද?'

'මෙතන ඉදලා පිඹුරත්තෑවට යන්න එද්දාස් පන්සීයක්වත් වෙනවා මහත්තයෝ...වීල් අයියා කිව්වා

'ඒකට කමක් නැහැ අයියේ යමු.... නගින්න මල්ලි..'

'පිඹුරත්තෑවෙ කොහාටද ?' වීල් අයියා ආයෙත් ඇහුවා

'පාදපත්ම විහාරය... එහෙම එකක් තියේද?'

'ඔව් ඔව්...'

වීල් එකට නැග්ගාම මට මහන්සි. මම අයියගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තා. තාලෙට පැද්දෙන වීල් එකෙදී අයියගෙ උණුසුමත් එක්ක මට ටිකක් නින්ද ගිහින්...

'මල්ලි අපි පන්සලට ආවා. අයියා මට කතා කරා. 'මහන්සි නේද ඔයාට...'

මම වීල් එකෙන් බැස්සා. 

'අයියේ හෙට උදේ එකොළහට විතර එන්න බැරිද ආයෙත්...වීල් එකට සල්ලි දෙන ගමන් අයියා කිව්වා. 

'මම එන්නං  මහත්තයෝ...සල්ලි අරගෙන විල් එකෙන් යන ගමන්  පොර කිව්වා.

'පාදපත්ම විහාරය...අයියා පන්සල ඉස්සරා නම බලාගෙන කොලේ එළියට ගත්තා. 'හරි මේක තමයි පන්සල... පැටියට මහන්සිද?' අයියා මාව තුරුල් කර ගත්තා. 'යමු ඇතුලට අපි...'

අපි පන්සල ඇතුලට යද්දි වයසක අංකල් කෙනෙක් එළියට ආවා. 

'අංකල් විපස්සි හාමුදුරුවෝ ඉන්නවද?' අයියා ඇහුවා.

'කවුද මේ මහත්තුරු...අංකල් ඇහුවා.

'අපි විපස්සි හාමුදුරුවන්ගෙ නෑයෝ වෙනවා... හාමුදුරුවෝ නැද්ද?' එහෙම කිව්වාම තමයි පන්සල් වලින් සැලකිලි තියෙන්නෙ. කොහෙන් හරි හතර වරිගෙට අයිති වෙන්න ඕන...

'ලොකු හාමුදුරුවන්නට දැන් එච්චර සනීප නැහැ. හැමතිස්සෙම ලෙඩ ලෙඩ...'

'හරි  හරි... ලෙඩ වලට බෙහෙත් දෙන්න තමයි මම ආවේ...අයියා ඒක හිනාවෙලා කිව්වා. 'ආ අංකල් මේක ඇතුළින් තියන්න... අයියා ගෙනාපු දේවල් අංකල්ට දුන්නා. අංකල්ට දැන්නං අපි නැයෝ කියලා විශ්වාස නැතිව ඇති. මොකද නැයෝ මුකුත් ගේන්නෙ නැනේ අරගනෙ යනවා මිසක්...

'එන්න මහත්තයෝ වාඩිවෙන්න...අංකල් එහෙම කියන ගමන් ආවස ගේ ඇතුළට ගියා. මම ලොකු හාමුදුරුවන්ට කතා කරන්නං..'

අයියා මාවත් තුරුලු කරගෙන සාලෙට ගියා. 

'මහන්සිද ...?' අයියා මයෙ අත මිරිකන ගමන් ඇහුවා.

'ටිකක්.... අද අපි මෙහෙ ඉන්නවද?'

'ඔව්...'

'ගෙදරට කීවද?'

'ඔව් ඔව්... අප්පච්චිගෙන් අවසර අරගෙන ආවෙ මම..'

මම හිනාවුණා.

'හිතුවක්කාරකමට කොළඹ යන්න පුළුවන්නං ඇයි මාත් එක්ක පොළොන්නරුවේ යන්න බැරි...අයියා ඒකනං කිව්වෙ සරදමට..

'අනේ මේ...මම කිව්වා.

'ඔහ් සංජන....ලොකු හාමුදුරුවෝ හැරමිටියෙන් ඉස්සරාට ආවා.... ්එහෙනං ආයෙත් මේ විපස්සි හාමුදුරුවෝ හොයාගෙන සංජන ආවා....ලොකු  හාමුදුරුවෝ හයියෙන් හිනාවුණා. පුදුම සතුටක් වගේ එයාට. ලොකු  හාමුදුරුවන්ට වෙන් කරලා තියෙන් සාලේ තිබුණු ලොකු පුටුවේ වාඩිවුණා. 

අපි දෙන්නම නැගිටලා ලොකු හාමුදුරුවන්ට වැන්දා..

'සුවපත් වේවා දරුවනේ...ලොකු හාමුදුරුවෝ කිව්වා. මයෙ  හුස්ම ටික යන්න කලින් ආයෙත් සංජනව දකින්න ලැබුණු එක සතුටක් මට...'

'මටත් සංජනව දකින්න ඕන හාමුදුරුවනේඅයියා කිව්වා.

'සංජන හරි පුදුම චරිතයක් පුතේ ... මටවත් තේරුම් ගන්න බැරි පුදුම කැපවීමක් කරපු චරිතයක්...ලොකු හාමුදුරුවෝ කතාව පටන් ගන්න හැදුවා. අපොයි දෙයියනේ ආවා විතරයිනෙ නේදපියදාස ... ලොකු හාමුදුරුවෝ කාටද කතා කරා.

'මේ මහත්තයා දෙන්නට තේ ඩිංගක් ලෑස්ති කරානං... දවල් ගෙනාව කැවුම් වගයකුත් තිබ්බා. ඒවත් එක්කම... '

'අපි හදාගෙන බොන්නම් හාමුදුරුවනෙ.. කරද‍ර වෙන්න එපා...'

'පුතාලා අදම යන්නෙ නැනෙ...'

'නැ  හාමුදුරු‍වනේ වීල් එකට හෙට උදේ එන්න කිව්වා...'

'ඒ හොදයි... එහෙනං දැන් මූණ කට හෝදගෙන තේ එකක් කාරිය බීලා ඉමුකෝ...'

'මට සංජන ගැන ගොඩක් දේවල් දැන ගන්න තියෙනවා හාමුදුරුවනේ...අයියා ඒක කිව්වෙ හරම හැගීම් බරව..

'හෙට උදේ වෙන්න කලින් සංජන ගැන කියලා ඉවර කරන්න පුළුවන් වෙයි දරුවෝ... බය වෙන්න එපා..  එයා ඔයාට හොදක් මිස නරකක් කරලා නැහැ... දැන් ඇදුම් මාරුකරගෙන තේ එක්ක බීලා ඉමු...


ලොකු හාමුදුරුවෝ ආයෙත් හැරමිටි ගහගෙන කාමරේට ගිහින් යතුරක් අරගෙන ආවා. 


---------------------------------------------------


පනස් පස් වන ප්‍රාර්ථනය


'පන්සලේ සරම් එහෙමනං නැහැ. මේ යතුර අර ඉස්සරා කාමරේ... ඒක තමයි ඉතින් අපිට තියෙන්නෙ කවුරු හරි ආවම නතර වෙන්න දෙන්න ‍තියෙන්නෙ... '

'අනේ අපි සැප හොයගෙන ආවෙ නැහැ හාමුදුරුවනේ.. අපි ආවේ සංජනගෙ කතාව අහගන්න...'

'කාමරේ ඇති බෙඩ් ෂීට් වගයක්නං...හාමුදුරුවෝ නොකියා කිව්වේ ඇදුම් මාරු කරලා බෙඩ්ෂීට් ඇදගන්න කියලනෙ... හාහාහහාහා

'හරි හරි...අයියා මම දිහා බලලා හිනාවෙලා කිව්වා.

අයියයි මමයි පන්සලේ ළි‍දෙන් ඇග සෝද ගත්තා. කොහොමද ඇඟ හේදුවේ කියලා ඉතින් ආයෙත් අහන්න එපා. ඒවට තමා යටිතල පහසුකම් කියලා වෙනම අමත්‍යාංශයක් වෙන් කරලා තියෙන්නෙ.... ඇඟ සෝදගෙන ‍හොද රස්නෙට කහට තේ එක්ක දොදොල් එක්ක බොද්දි කොහොමද මේ වෙලාවට නේද?

අපි ඒ වැඩ ටික කරන අතරේ ලොකු හාමුදුරුවෝ බුදු ගෙට වෙලා පිරිත් කියනවා. 

'කාමෙසු විනිග්‍යෙ ගේතං
නහිජාතු ගම්බ සෙය්‍යං පුනරේති.... ති...'

කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරින් මේ කාම ලෝකයෙන් මිදිලා නැවතත් ඉපදීමක් නැති උතුම් නිවන් සම්පත්තිය අවබෝධ වේවා...

මංගල සුත්‍රයරතන සූත්‍රයකරණීය මෙත්ත ‍සූත්‍රය තමයි තුන් සූත්‍රය. වරු පිරිතක් කියලා කියනවා කියන්නෙ ඒකදඅනේ මන්දා ඒ දවස්වල නං හැමදාම වගෙ උදේට තුන් සූත්‍ර කිව්වා.  දැන් පහන තියපු කාලයක්වත් මතක නැහැ මට.

පන්සල තිබුණේ කන්දකට වෙන්න. ගල් තලාවක. පහළින් ගෙවල් අතරින් පතර දැල්වෙන එළියෙන් අමුතුම ලස්සන එකතු කරලා තිබ්බා. ආවසගේබුදු ගේ තවත් පහළ පොඩි ශාලාවක් ඇරුණාම වැඩි දෙයක් මේ පන්සලේ නැහැ. ඒ අතින් පල්ලියේ මොන තරම් පහසුකම් තිබ්බදමේක කාගෙ වරදින් වෙච්ච දෙයක්දඇත්තටම පන්සල් අයිති හාමුදුරුවරුන්ටදමම දන්න විදිහට බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ කිසිම පන්සලකට විහාරාධිපති කියලා හිටියෙ නැහැ. 'චරථ භිකඛවේ චාරිකං බහුජන හිතායබහුජන සුඛායඅත්තායහිතාය... කියලා පළවෙනි ධර්ම දූත කණ්ඩායම පිටත් කරලා ඇරලා උන් වහන්සෙත් මිනිස්සු අන්ධකාරෙන් මුදවන්න පිටත් වෙලා ගියා. ඒකට දැන් හාමුදුරුවරු... පන්සල් හදනවා හදනවා හදනවා ඉවරයක් නැහැ. කොළඹ පන්සලකට ගියාම තියෙන්නෙ බිල්ඩින් විතරයි. බුදු ගේ යාන්තං කෙළවරක තියෙනවා. ලොකු හාමුදුරුවන්ගේ ආවස ගේ ලොකුයි බුදු ගෙට වඩා. පෝසත් පන්සල් වල නං බුදු ගේත් ඒ.සි කරලා. ඒකට මේ වගෙ දුප්පත් පන්සල් වලට දවල් දානෙවත් හම්බෙනවද දන්නෙ නැහැ. 

වැඩිය ඕන නැහැ. රුවන්වැලිසෑයට තියෙන කප් රුප් පූජා ගොඩ... මයෙ අම්මෝ... ඒ චෛත්‍යය වටේට ඔතන සිවුරෙන් දුප්පත් පවුල් කීයකනං ළමයිට රෙදි අරන් දෙන්න බැරිද දෙයියනෙ. අද එතුවා. හෙට ගලවලා දැම්මා. මොකද එකෙ ඔතන එකෙන් ආයෙත් සිවුරු මහනවා කියලදමිනිස්සු කොයි තරම්නං මුලා වෙලාදකරන්න ඕන දේවල්කෙරිය යුතු දේවල් තියෙද්දි ඇයි මේ වගෙ බොළඳ වැඩ කරන්නෙ...

'මිස්ටර් සතිෂ්....මම එක පාරම ගැස්සුණා.  මම දැන් ගොඩක් වෙලා ඔයා දිහා බලාගෙන මල්ලි. ඇයි මේ කල්පනාව...'

මෙතන කොයි තරම්නං නිස්කලංකද නේද අයියේ...'

'ඒක ඇත්ත... මොනවද කල්පනා කරේ ඉතින් ඔයා මෙච්චර වෙලා...'

'බුදු දහමෙ මිනිස්සු වෙනස් කරලා නේද අයියේ...'

'ඒ ඇත්ත මල්ලි. ලංකාවේ තියෙන්නෙ ‍ථෙරවාදි බුදු දහම කියලා මිනිස්සු කෑ ගැහුවට ලංකාවේ තියෙන්නෙ මහායාන සම්ප්‍රදාය මල්ලි....'

'ඒ කිව්වෙ...'

'මිනිස්සු ප්‍රතිපත්ති පූජාවට වඩා මුල් තැන දෙන්නෙ අමිස පූජාවට... එකෙනුත් ගොඩක් ආමිස පූජා කිසිම ‍තේරුමක් නැති දේවල්...'

'ආමිස වේවා... ප්‍රතිපත්ති වේවා... බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය එකයි දරුවෝ...හාමුදුරුවෝ පිටි පස්සෙ ඉදලා එන ගමන් කිව්වා.

'වෙලා තියෙන්න මිනිස්සු නැහැදෙන එක. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තරං මිනිස්සු මුලාවෙලා... තමන්ට විදින්න තියෙන දේවල් විදලා ජීවිතේ අවබෝධ කරගන්නවා වෙනුවට හිතට වංකව මිනිස්සු රගපානවා...'

අපි දෙන්නම නැගිට්ටා. හාමුදුරුවෝ අපි ගාවට ඇවිත් ඉද ගත්තා. අපි ඊ‍ට ටික්ක පහළින් ගල් තලාවෙම ඉද ගත්තා. 

'කොතනද වැරදි කොතනද හරි කියලා හොයන්නෙ නැතිව මිනිස්සු හදන්න බැහැ දරුවෝ... එක එක කාලෙට බුදු දහමට එක එක සංශෝධනඑක එක නිකායන්එක එක සම්ප්‍රදායන්එක එක බණ කතාසිවුර වෙනස් වෙලා.. ඒවා ගැන හිතලා අපි මුලා වෙන්න නරකයි දරුවනෙ... ත්‍රිපිටකේ ලියද්දිපරිවර්ථනය කරද්දි ඒ ඒ උගතුන් එයාලට තේරෙන විදිහට ඒක කරා. පස්සේ කාලේ එක කියෙව්ව කට්ටිය ඒ ඒ  බුද්ධි ප්‍රමාණෙන් එකෙ අර්ථ විමසුවා... දැන් සේරටම වැරදිලා. එදා එක බුද්ධ වචනෙන් අංගුලිමාලආලවක දමනය කරපු දහමට මොකද වුණේ...?'

කොළඹ පන්සල් දැන් හොටල් වෙලා හාමුදුරුවනෙ...සංජන අයියා කිව්වා.

'මේ අනිත් දරුවගෙ නම සතිෂ් ද?' හාමුදුරුවෝ ඇහුවා.

'ඔව්... හාමුදුරුවනේ..මම කිව්වා.

'එහෙනං සංජනගෙ හීනෙ සැබැවුණා.හාමුදුරුවෝ කිව්වා. ගිය ආත්මෙ බැරිවුණ සතිෂ්ව මේ ආත්මෙ තමන් ගාවට ගත්තා... සංසාරේ කොයි තරං පුදුමද?

'අපි පුනරුප්පත්ති නෙමෙයි හාමුදුරුවනේ...අයියා කිව්වා.

'පුනරුප්පති වෙන්න බැහැනෙ දරුවො... ඔය දරුවට වකුගඩුවක් දුන්නෙ සංජන. ඒ මීට අවුරුදු විසි හතකට විතර කලින්...හාමුදුරුවෝ කිව්වා.

ඒ කියන්නෙ හාමුදුරුවෝ සංජන මාමාව හොදට දන්නවා...අයියා ආයෙත් කිව්වා. මම කිව්වෙ මල්ලි. මට වකුගඩුව දීලා තියෙන්නෙ සංජන මාමා තමයි.'

'සතිෂ්ගෙ ගම කොහෙද? ...' හාමුදුරුවෝ මම දිහා බලලා ඇහුවා.

'මමත් සංජන මාමලගෙ ගෙවල් ගාව හාමුදුරුවනේ...මම කිව්වා.

'පුතා කොහෙන් හරි මේ කතාවට සම්බන්ධ වෙනවද?' හාමුදුරුවෝ ආයෙත් ඇහුවා.

'ඔව් හාමුදුරුවනේ... අයියා කිව්වා. 'අපි දෙන්නම පැටලිලා ඉන්නෙ. කොතනද මුල කියලා හොයාගන්න බැරිව...'

'සංජනත් එහෙම පැටලුණා. අන්තිමට පැටලිල්ල ලිහා ගන්න හදද්දිම එයාට ජීවිතෙන් සමුගන්න වුණා...'

'අපිට සංජන ගැන කියන්න  හාමුදුරුවනෙ...අයියා කිව්වා.

'සංජන මට හම්බුණේ මීට අවුරුදු තිස් දෙකකට විතර කලින් ඉස්සෙල්ලාම.. හාමුදුරුවෝ ඈත අහස දිහා බැලුවා. හරිම අහිංසක ඇස් දෙකක්. ඒ වුණාට කාමුක පෙනුමක්..හාමුදුරුවෝ ටික්ක හිනාවුණේ අයියා දිහා බලලා.

'දකින ඕන කෙනෙක් එක පාරම දැක්කාම සංජනට කැමති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ එයාගේ අදහස්කතා බහට. හැබයි සතියක් දෙකක් යද්දි ඕනම කෙනෙක්ට සංජනව එපා වෙනවා....'

'මාව වගෙ තමයි එහෙනං...අයියා හිනාවෙලා කිව්වා. මම අයියා දිහා ඔරවලා බැලුවා. මට නං තාම එපා වෙලා නැහැ ඔන්න..

'සංජන හරිම මුරණ්ඩුයි ඒ දවස් වල. එයාට ගමේ ඉදලා තියෙනවා මල්ලි කෙනෙක්. ඒ මල්ලිගෙ ආදරේ නොලැබුණාම සංජන පිස්සු නැටුවා. ගොඩාක් කායික සතුට හොයාගෙන ගියා. කොහෙන් හරි සල්ලි හොයාගෙන රට වටේම ඇවිද්දා. ගමේ හිටිය ඒ අහිංසක කොල්ලා නගරේ අයට වඩා සමාජයීය දැනුම ඒවාගෙන් ගත්තා. මමත් සංජනට ආදරේ කරපු කෙනෙක්. නමුත් මට ඒ ආදරේ ලබන්න බැරි වුණා. මොකද ඒ වෙද්දි මට පාර වැරදිලා තිබුණ නිසා. මාව විශ්වාස කරලා ආපු සංජනව රැකගන්න මට බැරි වුණා පළවෙනි වෙලාවෙ...'

'සංජන ආයෙත් මට හම්බුණේ අවුරුදු තුනකට පස්සෙ... නුවර දළදා මාලිගාවෙදි...'

'සංජන නුවර ගියා...අයියා ඇහුවා.

'ඔව්... සතිෂ්ගෙ ගෙදරින් එයාව මැරි කරවන්න ලෑස්ති කරාට පස්සෙ සංජන තවත් ඒ ගෙදර හිටියෙ නැහැ.හාමුදුරුවෝ කියාගෙන ගියා. සතිෂ්ගෙ ආදරෙයිඅම්මගෙයි ආදරෙයි අතර සංජන අසරණ වුණා. සතිෂ්ගෙ අම්මටමල්ලිට මූණ දෙන්න සංජනට බැරි වුණා....'

'ඇයි හාමුදුරුවනේ සංජනට බැරි වුණේ සතිෂ් එක්ක රට යන්න..අයියා ඇහුවා.

'සංජන කියන්නෙ හරි අමුතු චරිතයක් පුතේ. කාටවත් තේරුම් ගන්න ලේසි නැහැ එයාව. වෙලාවකට හරිම සරලයි. පොඩි ළමයෙක් වගෙ. වෙලාවකට තේරුම් ගන්න බැරි තරම් ගුප්තයි. එයා ආදරේ කරන අය එයාව දාලා යනව දැණුනාම එයා පිස්සෙක් වගෙ වෙනවා. කරන්නෙ මොනවදකියන්නෙ මොනවද කියලා එයාවත් දන්නෙ නැහැ. ඒ වෙලාවට එයාට එයාවත් පාලනය කර ගන්න බැරි තරම් තරහක්වේදනාවක් එයාට එනවා. ඒ වේදනාව එයා පිට කරන්නෙ අනිත් කෙනාගෙන් නෙමෙයි. එයාගෙන්ම පලි අරගෙන. සංජනගෙ අත් දෙකෙම කැපුම් පාරවල්... විහඟ කියලා එයාගෙ ගමේ හිටිය මල්ලි කෙනෙක් එක්ක තරහා වෙන වාරයක් වාරයක් ගානේ අත කපාගෙන තිබ්බා. ඒ මල්ලි දාලා ගියපු දවසේ වස බීලා තිබ්බා.....'

අනේ දෙයියනේ මේ කියන්නෙ මයෙ අප්පච්චි කීව කතාවම නේද?

'සංජන නුවර ආවේ එහෙම එන්න හි‍තාගෙන නෙමෙයි. ඒත් මොකද්දෝ හේතුවකට මට ආයෙත් එයාව හම්බුණා. එතකොට සංජන හිතාගත්තා මහණ වෙන්න. එයාගෙ ගෙදරිනුත් එකට කැමැත්ත ලැබුණා. සංජන ජීවිතේ විදෙව්වා. සංජන ජීවිතේ වින්දා.. ඒක හින්දා එයාට යථාර්තය තේරුම් ගන්න ලේසි වුණා...'

හාමුදුරුවනේ...මම කතා කරා. 'ඔය කියන සංජනගේ ගමේ හිටිය පළවෙනි ආද‍රේ තමයි මයෙ අප්පච්චි... විහඟ'

හාමුදුරුවෝ ඒකට පුදුම වුණේ නැහැ. මම දිහා බලලා හිනාවුණා. 

'සංජනගේ පළවෙනි ආදරේ එහෙනං ආයෙත් එයාට ලැබිලා වගේ...හාමුදුරුවෝ කිව්වා.

'මට දැන ගන්න ඕන වෙලා තිබුණේ මට වකුගඩුව දුන්නෙ සංජනමද කියලා හාමුදුරුවනේ...අයියා කිව්වා. දැන් ඒක හරි...'

'සතිෂ්ගේ තාත්තා තමයි සතිෂ්ට වකුගඩුවක් දුන්නෙ. ඒ මයෙ ගුරු හාමුදුරුවෝ. සංජන මහණ වෙන්න හිටියෙ එතන.... සතිෂ්ගේ පුතාටත් වකුගඩුවක් බද්ද කරන්න වුණා.... එකට ගැලපුණේ සංජනගෙ වකුගඩුවමයි. සංජන තමන්ට වෙන අවදානමවත්  හිතුවේ නැතිව ඒ දේ කරා. ඒක නං පුදුම ආදරයක් පුතේ....'

මම අයියා දිහා බැලුවා. ඔයා මටත් ඒ වගෙම ආදරේ කරනවා නේද අයියේ... මම ඇස් වලින් අහපු ප්‍රශ්නෙට උත්තර අයියගෙම ඇස් වල ලියවිලා තිබුණා. මම දන්නවා. මට විශ්වාසයි... 

'දැන් එහෙනං නිදා ගමුද ළමයිනේ....හාමුදුරුවෝ නැඟටින්න ලෑස්ති වෙලා කිව්වා. 

'එහෙමයි...අයියත් මමත් නැඟිට්ටා.

'කාමරේ හොඳද මන්දා...හමුදුරුවෝ ඒකනං හින්ට් එකට වගෙ කිව්වේ. මම හිනාවුණා.

'වරදක් නැහැ හාමුදුරුවනේ...අයියා කිව්වා. 'මට සංජන කවුද කියලා දැන ගන්න විතරයි ඕන වුණේ.. එහෙනං මම අද ජීවත් වෙන්නෙ සංජන හින්දා. මයේ අප්පච්චිත් සංජනට ආදරේ හින්දම මට ඒ නම තිබ්බා.  සමාජේ එයාට නැති කරපු ආදරේ එයා මතක සටහනක් විදිහට මගෙන් ලබාගත්තා. ඒත් මට ඒක එයාට දෙන්න පරක්කුයි. මම ඒ දේවල් දැන ගද්දි මයෙ තාත්තලා දෙන්නම මයෙ ගාව නැහැ....අයියගෙ හඬ බාල වෙලා. ඇස් වල පිරුණු කඳුළු තරු එළියට දිලිසුණා.

අනේ අයියේ... මේ සතිෂ් ඔයාව දාලා යන්නෙ නැහැ. කවමදාකවත්... මැරෙනකල් ඔයත් එක්ක ඉන්නවා. 

'සතිෂ්ට තිබ්බා සංජනව එක්කගෙන රට යන්න...හාමුදුරුවෝ ඉස්සරාට යන ගමන් කිව්වා.හැමෝම සංජනට බැන්නා සතිෂ්ව දාලා ආවා කියලා. එයා කැමැත්තෙන් දාලා ආවේ නැ පුතේ... එයාට දාලා එන්න පාර හැදුවා....'

'ඒ කිව්වේ හාමුදුරුවනේ...අයිය ඒක උනන්දුවෙන් ඇහුවා.

සතිෂ්ට කොන්දක් තිබුණනං සංජන එක්ක අදටත් සතුටින් ඉන්නවා. අකාශ් - නිසල වගේ...හාමුදුරුවෝ කිව්වා. අකාශ් - නිසල එයාලගේ අරමුණු ඉෂ්ට කර ගන්න සතිෂ්වයිසංජනයි බිල්ලට දුන්නා. සතිෂ් මැරි කරේ අකමැත්තෙන්ම නෙමෙයිනෙ... එහෙම කාවත් බලෙන් බන්දන්න පුළුවන්ද පුතේ... අවුරුදු ගාණක් තමන් එක්ක එකට හිටපු මනුස්සයා දාලා වෙන ගෑණු කෙනෙක් ගාවට යන්න හිත හදාගන්නෙ චපල කම හින්දා නෙමෙයිදමට සංජන ගැන දුකයි. එයා විහඟගෙ ආදරෙන් පැරදුණාට පස්සේ කවමදාකවත් ආයෙත් ආදරේ කරන්න හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් සතිෂ් හම්බුණාට පස්සේ එයා හිත හදාගෙන ආයෙත් ආදරේ කරා. ආයෙත් සංජන රැවටුණා....'


සතිෂ් සංජනට ආදරේ කරේ නැන්ද ඒ කියන්නෙ...සංජය අයියා ඒක ඇහුවේ ටිකක් දුකෙන්...


----------------------------------------------

පනස් හයවන ප්‍රාර්ථනය


'මගේ පෞද්ගලික අදහස නම් නැහැ පුතේ...හාමුදුරුවෝ ඒක කිව්වේ ගොඩක් හිතලා වගෙ...

මොකද්ද හාමුදුරුවෝ එකෙන් අදහස් කරේ... අහසක් කඩාගෙන වැටුණා වගේ. හාමුදුරුවන්ට ඉස්සරාට ඇවිදගෙන යන්න දීලා අයියා නතර වුණා. මමත් අයියා පිටිපස්සෙ  හිටියා. හාමුදුරුවෝ නොපෙනී යනකල්ම අයියා බලාගෙන හිටියා.

'මම හිතුවේ තාත්තා සංජන මාමට ගොඩක් ආදරේ කරන්න ඇති කියලා මල්ලි....අයියා ආයෙත් වාඩිවුණා. 'හාමුදුරුවෝ කියන කතාව ඇත්ත... ලෝකයාට බයේ ඇයි එයා කසාද බැන්දේ..පණ වගේ ආදරේ කරපු සංජන මාමාට  යන්න දීලා කොහොමද එයා අම්මා එක්ක එකට හිටියේ...කොහොමද මාව හැදුවේ...?'

'අනේ එහෙම කියන්න එපා අයියේ...?' මම අයියාගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා අයියේ...'

'මොකද්ද පැටියෝ...අයියා මයේ අත අල්ලගෙන ඉස්සරාහින් වාඩි කෙරෙව්වා.

'අයියට පොඩි මාමා දුන්න ලියුම....මම කතාව කියන්න පටන් ගත්තා.

'ඉතින්....'

'ඒක ඔයා කොච්චියෙන් විසි කරා නේද?'

'ඔව්...'

'ඒක හම්බුණේ මට....'

අයියා මයෙ දිහා පුදුමයෙන් බැලුවා. 

'මොකක්?'

'ඔව් අයියේ... ඒ ලියුමේ පොඩි මාමා ඔයාට මේ සේරම විස්තර ලියලා තිබුණා. ඔයාගේ තාත්තාලා දෙන්නා ගැන...'

'පොඩි මාමා ලියලා තිබ්බා ඒ ලියුම තීරණාත්මක ලියුමක් කියලා...අයියා කිව්වා.

'ඔව් අයියේ... ලියුමේ වමනේ තිබුණු නිසා මමත් ඒක විසි කරන්න ගියේ. ඒත් ඒ ලියුමට සංජන සතිෂ් අපේ වෙලේදි ගත්ත ෆොටෝ එක්ක අමුණලා තිබුණා. මම ඒක නිසා ලියුම තියාගෙන බැලුවා. මම ඒ ගැන කිසිම ‍දෙයක් දන්නේ නැහැ.....'

'ලියුම නිසාද පොඩි මාමාව දන්නෙ ඔයා...?'

'නැහැ ... මම පානදුර වැඩ කරන තැනදි මට ලොකු කරදරයක් වුණා. එතන හිටපු සර් මට අතවර කරන්න ආවා. මයේ යාලුවෙක් මාව බේර ගත්තා. ජීවිතේ කවමදාකවත් විදපු නැති අසුන්දර අත්දැකීම් ගොඩක් මම කොළඹ ගිහින් වින්දා අයියේ...?' මම ඇස් වලින් බේරෙන කඳුළු වලට පාඩුවේ ගලායන්න දිලා කිව්වා.

'ඒකද ගෙදරට කතා කරන්න බැරි වුණේ...?'

'ඔව් අයියේ... එතන හිටපු සර් මාව මත් කරලා මට කරදර කරන්න හදලා. මයේ යාලුවා සර්ට පිහියෙන් ඇනලා. එතනින් අපිව පොලීසියට ගෙනිච්චා....'

'ඔහ් දෙයියනේ...'

'පොලීසියෙන් අපිව හොස්පිටල් එකට  යැව්වා චෙක් කරන්න.... මොරටුව...'

'අහ් පොඩි මාමා හිටියේ එතන....?'

'ඔව්... මයෙ නම කීවට පස්සේ පොඩි මාමා පුදුම වුණා. ඒ විතරක් නෙමෙයි මාව දැක්කට පස්සේ තවත් පුදුම වුණා. සංජන එදා අනුරාධපුර ඉදලා ආවා ව‍ගේ... අද සතිෂ් අනුරාධපුර ඉදලා ඇවිත් කිව්වා...'

'ලියුම මට වඩා ලැබිය යුතු කෙනාටයි ලැබිලා ‍තියෙන්නෙ...අයියා හිනාවෙනවා. 

පොඩි මාමා ලියුමෙ කියලා තිබුණා...  සංජන මාමා අයියට වකුගඩුවක් දුන්නා කියලා. ඒ ඔපරේෂන් එකෙදී අමාරු වෙලා තමයි සංජන මාමා මැරිලා තියෙන්නෙ....'

'මයේ සැකේ හරි...'

පොඩි මාමා ඒකෙ කියල තිබුණා බාප්පා එයාගෙ සහකාරයා කියලත්.... එයා දුක් වෙලා තිබුණා සංජන - සතිෂ් එකතු කරන්න එයාලා උදව් ‍කරේ නැතිය කියලා...'

'දැන් එයාලා ඒකට පරක්කු වැඩියි... ආයෙත් මැරුණු ඒ රත්තරං මිනිස්සු දෙන්නට පණ දෙන්නෙ කොහොමද මල්ලි... ඇයි මේ මිනිස්සු ඒ අහිංසකයෝ දෙන්නා වෙන් කරේ...?'

'සංජන සතිෂ්ට පණ දෙන්න බැරි වුණාට සංජන සතිෂ් ආදරේට පණ දෙන්න අපිට ආයෙත් බැරිද අයියේ...?'

'මයේ රිලා පැටියා....අයියා මාව තුරුල් කරගත්තා. හෙමීට ඔලුව අත ගාන්න ගත්තා.

සීතල හුළඟ ගල් තලාවට පුදුම විදිහට දැණුනා. අයියගෙ ඇගෙන් ආපු උණුසමට ඒක පරාදයි. තැනින් තැන නිමි නිමි දැල්වෙන තරු අපි දෙන්නව අපේම ලෝකෙක තනි කරලා වගෙ. මම තවත් අයියට තුරුල් වුණා. 

පාවී සේද වළාවන් ඈතින් ඈතින්
පුංචි තාරකා කිතිකවනවාදෝ...
පිරීගෙන එන පුර හඳට ආදරනේ
උස අත්තකට වෙලා මම
හදින් ගයන මේ ගීතය නුඹට ඇසේදෝ...?

නුඹ දන්නවා
මට දැනෙනවා....

යට එක් දවසක එක ආත්මයක
දුරට ගිය සෙනෙහසක්
කියනවා නේදෝ...?
මට ආදරේදෝ...
මට ආදරේදෝ...?

ඉන්නට දැනෙන්ට
රැදෙන්නට සුව විඳින්නට
පෙම් ලොව දකින්නට
පෙම් රස විඳින්නට

අවසරයි ද මට...?
කියන්න....


'සුදු මැණික ...අයියගෙ කට හඬ....

'හ්ම්...මම නිදි මතේම කෙදිරි ගෑවා...

'නැඟිටි‍න්නෙ නැද්ද?' 

'ඇයි නැඟිටි‍න්නෙ...

'ඇයි ගෙදර යන්නෙ ඕන නැද්ද?'

'ඇයි ඉතින් ගෙදර යන්නෙ...?'

'පන්සලේද ඉන්නෙ හදන්නෙ...?'

'අනේ...මම ඇස් පියාගෙනම අයියාව ඇදලා ගත්තා. මම ගාවට වෙලා ඉන්‍නකෝ...'

අයියා මයේ පපුව උඩින් වැතිරුණා. තාලෙට ගැහෙන ඒ හදවත් රිද්මය තාලෙට මයේ හදවතට ආදරේ එකතු කරා. මම ඇස් පියාගෙන අයියගෙ මූණ අත ගෑවා. උණුසුම් සුසුම් වැල් මයේ ‍කම්මුල් පුරා ගලාගෙන ගියා. අයිය‍ගේ දෙතොල් වලට මම හාදුවක් දෙන්නද

'මහත්තයෝ....දොරට ගහන සද්දේ ඇහුණා.

අයියා එක පාරම මයේ දොතොල් වලට හාදුවක් දුන්නා. අනේ ඒ කියන්නෙ එළිවෙලාදඅයියා නැඟිට්ටා. 

'එනවා මාමේ.....අයියා කිව්වා.

තේ හදන්නද කියලා අහන්න... දැන් නමයයි මහත්තයෝ වෙලාව..?' 

අයියා එවෙලෙ තමයි ඔරලෝසුව බැලුවේ. මම තාමත් ඇදේ..... 

'අපි එන්නම් මාමේ... අයියා කිව්වා. 'නැඟිටිනවා හොර ගෙඩියා...මම දිහා හිනාවෙලා බලලා කිව්වා.
අයියත් මමත් බෙඩ් ෂීට් ඇදගෙනම එළියට ආවා. එහෙම්ම කුස්සියට ගිහින් තේ බීවා.  හාමුදුරුවෝ පේන්න හිටියේ නැහැ. මාමනං කිව්වෙ දානෙකට ගිහින් කියලා. හිතුවද දන්නෙ නැහැ අපි දෙන්නා හනිමූන් එක ගත කරා කියලා. ඇත්තමට ඔයාලත් එහෙම හිතුවා නේදනැ නැ එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. මම අයියට තුරුල් වෙලා නිදා ගත්තා විතරයි. ඊයේ ගල් තලාවෙම මට නින්ද ගියා. අයියා මාව ගෙනත් ඇදෙන් තියල තියෙන්නෙ. මාව තුරුල් කරන් නිදාගත්තා. එච්චරයි.

උදේ මූණ කට හෝද ගත්තා. අයියනං උදේම නෑවා. අම්මෝ....... සීතල...

අපි ආයෙත් යන්න ලෑස්ති වෙද්දි හාමුදුරුවෝ වීල් එකකින් ආවා. මාමා ගිහින් දානේ බාස්කට් එකක් අරගෙන ආවා. අපි ඉන්න නිසාද කොහොද හාමුදුරුවො කෑම අරගෙන ඇවිත්. දහයාමාරට විතර ඇති වෙලාව. එහෙම්ම හාමුදුරුවෝ ගෙනාව ඉදියාප්ප කෑවා. 

මේ ළමයිට ඊයේ නින්ද ගියාද මන්දා...‘ අපි කාලා ආයෙත් ඉස්තෝප්පුවට එද්දි හාමුදුරුවෝ ඇහුවා. 

අනේ ඔව් හාමුදුරුවනේ... උදේ මේ මාමා කතා කරනකල් දන්නෙ නැහැ එළි වෙලා කියල...‘ අයියා හිනාවෙලා කිව්වා.

ඉතින් දැන් මේ ලෑස්ති වෙලා තියෙන්න යන්නෙයි?‘

එහෙමයි...‘ අයියා එතන තිබුණු බංකුවේ වාඩිවෙන ගමන් කිව්වා.

උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති....
තේසං වූප සමොසුඛො‘ 

හාමුදුරුවෝ කිව්වා.

මටයි මල්ලිටයි තව දේවල් ටිකක් හොයාගන්න තියෙනවා හාමුදුරුවනෙ...‘ අයියා කිව්වා.‘ මට ඇත්තමට සැකයි මයෙ තාත්තා සතිෂ්ද කියලා..

හාමුදුරුවෝ මුකුත් කීවේ නැහැ. ඒ කියන්නෙ ඒක ගැන මොනවා හරි දෙයක් එයා දන්නවාද?

මටත් ඒ සැකේම තියෙනවා හාමුදුරුවනෙ...‘ මම කිව්වා. ්අපේ අප්පච්චිගෙ හැසිරීමෙන් මට දැන් දැන් තේරෙනවා එයා මට නොකියන ලොකු රහසක් තියෙනවා වගේ...

‘ හැමදේම හැමකෙනාම දැන ගත යුතු නැහැ දරුවනේ... ඒ වගෙම දන්න හැමදේම කිවයුතුත් නැහැ...‘ හාමුදුරුවෝ අපිව නිහඩ කරා. ‘ සංජන සංජනට වකුගඩුවක් දුන්නා. සතිෂ් සංජන ආදරේ කරා. විහඟ සංජන ආදරේ කරා. නිසල අකාශ් ආදරේ කරනවා....

පහළින් වීල් එකක නලා හඬ. තවත් සමුගැනීමට වෙලාව හරි වගෙ...

මහත්තයෝ...‘ මාමා දුවගෙන අපි ගාවට ආවා. ‘ අර ඊයේ රෑ ආව ත්‍රිවිලර් එක ඇවිල්ලා...

හරි මාමා අපි එනවා කියන්න...‘ අයියා කිව්වා.

හාමුදුරුවන්ගෙ මූණ හරිම උපේක්ෂා සහගත පෙනුමක් තිබුණේ. ඈත දෙයක් දිහා හාමුදුරුවෝ බලාගෙන හිටියා. මමත් අයියත් නැගිට්ටා. 

හාමුදුරුවනේ....‘ අයියා කතා කරා.

‘ ආයෙත් මේ දරුවෝ බලන්න මම ජීවත් වෙලා ඉදියිද කියන්න මම දන්නෙ නැහැ දරුවනෙ...‘ හාමුදුරුවන්ගෙ ඒ වචන වලට හදවත පෑරුණා. ‘ මම එදා සංජනව අදුර ගත්තෙ පාරේ බස් එකෙදි... ඔය සංජනගෙ මූණමයි. ඔය චරිතෙමයි... හැබයි ඔයාට   වඩා දඟයි...  ඒ වෙද්දි මම කැම්පස්.. ඉගන ගත්තෙ ගම්පහ පන්සලක නතර වෙලා. ඒ පන්සලේ හාමුදුරුවන්ගෙන් සංජනට කරදර වුණා. ඒක වුණේ මම දැනුවත්ව. මට ඒ වෙලාවෙ මුකුත් කර කියා ගන්න බැරි වුණා. එදා රෑ සංජනට දැනිලා එයාට කරදරයක් වෙයි කියලා. ඒක හින්දම එයා හොරෙන් පන්සලෙන් ගියා. ස්ටේෂන් එකෙදි මට එයාව හම්බුණා....

හාමුදුරුවෝ ඊයේ රෑ කතාවේ මඟ ඇරුණු තැන් කියන්න ගත්තා. වීල් එකට ඉන්න කියන්න. මේ දේ අහගන්න එක වටිනවා ගොඩක්...

------------------------------------------------

පනස් හයවන ප්‍රාර්ථනය


'මගේ පෞද්ගලික අදහස නම් නැහැ පුතේ...හාමුදුරුවෝ ඒක කිව්වේ ගොඩක් හිතලා වගෙ...

මොකද්ද හාමුදුරුවෝ එකෙන් අදහස් කරේ... අහසක් කඩාගෙන වැටුණා වගේ. හාමුදුරුවන්ට ඉස්සරාට ඇවිදගෙන යන්න දීලා අයියා නතර වුණා. මමත් අයියා පිටිපස්සෙ  හිටියා. හාමුදුරුවෝ නොපෙනී යනකල්ම අයියා බලාගෙන හිටියා.

'මම හිතුවේ තාත්තා සංජන මාමට ගොඩක් ආදරේ කරන්න ඇති කියලා මල්ලි....අයියා ආයෙත් වාඩිවුණා. 'හාමුදුරුවෝ කියන කතාව ඇත්ත... ලෝකයාට බයේ ඇයි එයා කසාද බැන්දේ..පණ වගේ ආදරේ කරපු සංජන මාමාට  යන්න දීලා කොහොමද එයා අම්මා එක්ක එකට හිටියේ...කොහොමද මාව හැදුවේ...?'

'අනේ එහෙම කියන්න එපා අයියේ...?' මම අයියාගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා අයියේ...'

'මොකද්ද පැටියෝ...අයියා මයේ අත අල්ලගෙන ඉස්සරාහින් වාඩි කෙරෙව්වා.

'අයියට පොඩි මාමා දුන්න ලියුම....මම කතාව කියන්න පටන් ගත්තා.

'ඉතින්....'

'ඒක ඔයා කොච්චියෙන් විසි කරා නේද?'

'ඔව්...'

'ඒක හම්බුණේ මට....'

අයියා මයෙ දිහා පුදුමයෙන් බැලුවා. 

'මොකක්?'

'ඔව් අයියේ... ඒ ලියුමේ පොඩි මාමා ඔයාට මේ සේරම විස්තර ලියලා තිබුණා. ඔයාගේ තාත්තාලා දෙන්නා ගැන...'

'පොඩි මාමා ලියලා තිබ්බා ඒ ලියුම තීරණාත්මක ලියුමක් කියලා...අයියා කිව්වා.

'ඔව් අයියේ... ලියුමේ වමනේ තිබුණු නිසා මමත් ඒක විසි කරන්න ගියේ. ඒත් ඒ ලියුමට සංජන සතිෂ් අපේ වෙලේදි ගත්ත ෆොටෝ එක්ක අමුණලා තිබුණා. මම ඒක නිසා ලියුම තියාගෙන බැලුවා. මම ඒ ගැන කිසිම ‍දෙයක් දන්නේ නැහැ.....'

'ලියුම නිසාද පොඩි මාමාව දන්නෙ ඔයා...?'

'නැහැ ... මම පානදුර වැඩ කරන තැනදි මට ලොකු කරදරයක් වුණා. එතන හිටපු සර් මට අතවර කරන්න ආවා. මයේ යාලුවෙක් මාව බේර ගත්තා. ජීවිතේ කවමදාකවත් විදපු නැති අසුන්දර අත්දැකීම් ගොඩක් මම කොළඹ ගිහින් වින්දා අයියේ...?' මම ඇස් වලින් බේරෙන කඳුළු වලට පාඩුවේ ගලායන්න දිලා කිව්වා.

'ඒකද ගෙදරට කතා කරන්න බැරි වුණේ...?'

'ඔව් අයියේ... එතන හිටපු සර් මාව මත් කරලා මට කරදර කරන්න හදලා. මයේ යාලුවා සර්ට පිහියෙන් ඇනලා. එතනින් අපිව පොලීසියට ගෙනිච්චා....'

'ඔහ් දෙයියනේ...'

'පොලීසියෙන් අපිව හොස්පිටල් එකට  යැව්වා චෙක් කරන්න.... මොරටුව...'

'අහ් පොඩි මාමා හිටියේ එතන....?'

'ඔව්... මයෙ නම කීවට පස්සේ පොඩි මාමා පුදුම වුණා. ඒ විතරක් නෙමෙයි මාව දැක්කට පස්සේ තවත් පුදුම වුණා. සංජන එදා අනුරාධපුර ඉදලා ආවා ව‍ගේ... අද සතිෂ් අනුරාධපුර ඉදලා ඇවිත් කිව්වා...'

'ලියුම මට වඩා ලැබිය යුතු කෙනාටයි ලැබිලා ‍තියෙන්නෙ...අයියා හිනාවෙනවා. 

පොඩි මාමා ලියුමෙ කියලා තිබුණා...  සංජන මාමා අයියට වකුගඩුවක් දුන්නා කියලා. ඒ ඔපරේෂන් එකෙදී අමාරු වෙලා තමයි සංජන මාමා මැරිලා තියෙන්නෙ....'

'මයේ සැකේ හරි...'

පොඩි මාමා ඒකෙ කියල තිබුණා බාප්පා එයාගෙ සහකාරයා කියලත්.... එයා දුක් වෙලා තිබුණා සංජන - සතිෂ් එකතු කරන්න එයාලා උදව් ‍කරේ නැතිය කියලා...'

'දැන් එයාලා ඒකට පරක්කු වැඩියි... ආයෙත් මැරුණු ඒ රත්තරං මිනිස්සු දෙන්නට පණ දෙන්නෙ කොහොමද මල්ලි... ඇයි මේ මිනිස්සු ඒ අහිංසකයෝ දෙන්නා වෙන් කරේ...?'

'සංජන සතිෂ්ට පණ දෙන්න බැරි වුණාට සංජන සතිෂ් ආදරේට පණ දෙන්න අපිට ආයෙත් බැරිද අයියේ...?'

'මයේ රිලා පැටියා....අයියා මාව තුරුල් කරගත්තා. හෙමීට ඔලුව අත ගාන්න ගත්තා.

සීතල හුළඟ ගල් තලාවට පුදුම විදිහට දැණුනා. අයියගෙ ඇගෙන් ආපු උණුසමට ඒක පරාදයි. තැනින් තැන නිමි නිමි දැල්වෙන තරු අපි දෙන්නව අපේම ලෝකෙක තනි කරලා වගෙ. මම තවත් අයියට තුරුල් වුණා. 

පාවී සේද වළාවන් ඈතින් ඈතින්
පුංචි තාරකා කිතිකවනවාදෝ...
පිරීගෙන එන පුර හඳට ආදරනේ
උස අත්තකට වෙලා මම
හදින් ගයන මේ ගීතය නුඹට ඇසේදෝ...?

නුඹ දන්නවා
මට දැනෙනවා....

යට එක් දවසක එක ආත්මයක
දුරට ගිය සෙනෙහසක්
කියනවා නේදෝ...?
මට ආදරේදෝ...
මට ආදරේදෝ...?

ඉන්නට දැනෙන්ට
රැදෙන්නට සුව විඳින්නට
පෙම් ලොව දකින්නට
පෙම් රස විඳින්නට

අවසරයි ද මට...?
කියන්න....


'සුදු මැණික ...අයියගෙ කට හඬ....

'හ්ම්...මම නිදි මතේම කෙදිරි ගෑවා...

'නැඟිටි‍න්නෙ නැද්ද?' 

'ඇයි නැඟිටි‍න්නෙ...

'ඇයි ගෙදර යන්නෙ ඕන නැද්ද?'

'ඇයි ඉතින් ගෙදර යන්නෙ...?'

'පන්සලේද ඉන්නෙ හදන්නෙ...?'

'අනේ...මම ඇස් පියාගෙනම අයියාව ඇදලා ගත්තා. මම ගාවට වෙලා ඉන්‍නකෝ...'

අයියා මයේ පපුව උඩින් වැතිරුණා. තාලෙට ගැහෙන ඒ හදවත් රිද්මය තාලෙට මයේ හදවතට ආදරේ එකතු කරා. මම ඇස් පියාගෙන අයියගෙ මූණ අත ගෑවා. උණුසුම් සුසුම් වැල් මයේ ‍කම්මුල් පුරා ගලාගෙන ගියා. අයිය‍ගේ දෙතොල් වලට මම හාදුවක් දෙන්නද

'මහත්තයෝ....දොරට ගහන සද්දේ ඇහුණා.

අයියා එක පාරම මයේ දොතොල් වලට හාදුවක් දුන්නා. අනේ ඒ කියන්නෙ එළිවෙලාදඅයියා නැඟිට්ටා. 

'එනවා මාමේ.....අයියා කිව්වා.

තේ හදන්නද කියලා අහන්න... දැන් නමයයි මහත්තයෝ වෙලාව..?' 

අයියා එවෙලෙ තමයි ඔරලෝසුව බැලුවේ. මම තාමත් ඇදේ..... 

'අපි එන්නම් මාමේ... අයියා කිව්වා. 'නැඟිටිනවා හොර ගෙඩියා...මම දිහා හිනාවෙලා බලලා කිව්වා.
අයියත් මමත් බෙඩ් ෂීට් ඇදගෙනම එළියට ආවා. එහෙම්ම කුස්සියට ගිහින් තේ බීවා.  හාමුදුරුවෝ පේන්න හිටියේ නැහැ. මාමනං කිව්වෙ දානෙකට ගිහින් කියලා. හිතුවද දන්නෙ නැහැ අපි දෙන්නා හනිමූන් එක ගත කරා කියලා. ඇත්තමට ඔයාලත් එහෙම හිතුවා නේදනැ නැ එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. මම අයියට තුරුල් වෙලා නිදා ගත්තා විතරයි. ඊයේ ගල් තලාවෙම මට නින්ද ගියා. අයියා මාව ගෙනත් ඇදෙන් තියල තියෙන්නෙ. මාව තුරුල් කරන් නිදාගත්තා. එච්චරයි.

උදේ මූණ කට හෝද ගත්තා. අයියනං උදේම නෑවා. අම්මෝ....... සීතල...

අපි ආයෙත් යන්න ලෑස්ති වෙද්දි හාමුදුරුවෝ වීල් එකකින් ආවා. මාමා ගිහින් දානේ බාස්කට් එකක් අරගෙන ආවා. අපි ඉන්න නිසාද කොහොද හාමුදුරුවො කෑම අරගෙන ඇවිත්. දහයාමාරට විතර ඇති වෙලාව. එහෙම්ම හාමුදුරුවෝ ගෙනාව ඉදියාප්ප කෑවා. 

මේ ළමයිට ඊයේ නින්ද ගියාද මන්දා...‘ අපි කාලා ආයෙත් ඉස්තෝප්පුවට එද්දි හාමුදුරුවෝ ඇහුවා. 

අනේ ඔව් හාමුදුරුවනේ... උදේ මේ මාමා කතා කරනකල් දන්නෙ නැහැ එළි වෙලා කියල...‘ අයියා හිනාවෙලා කිව්වා.

ඉතින් දැන් මේ ලෑස්ති වෙලා තියෙන්න යන්නෙයි?‘

එහෙමයි...‘ අයියා එතන තිබුණු බංකුවේ වාඩිවෙන ගමන් කිව්වා.

උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති....
තේසං වූප සමොසුඛො‘ 

හාමුදුරුවෝ කිව්වා.

මටයි මල්ලිටයි තව දේවල් ටිකක් හොයාගන්න තියෙනවා හාමුදුරුවනෙ...‘ අයියා කිව්වා.‘ මට ඇත්තමට සැකයි මයෙ තාත්තා සතිෂ්ද කියලා..

හාමුදුරුවෝ මුකුත් කීවේ නැහැ. ඒ කියන්නෙ ඒක ගැන මොනවා හරි දෙයක් එයා දන්නවාද?

මටත් ඒ සැකේම තියෙනවා හාමුදුරුවනෙ...‘ මම කිව්වා. ්අපේ අප්පච්චිගෙ හැසිරීමෙන් මට දැන් දැන් තේරෙනවා එයා මට නොකියන ලොකු රහසක් තියෙනවා වගේ...

‘ හැමදේම හැමකෙනාම දැන ගත යුතු නැහැ දරුවනේ... ඒ වගෙම දන්න හැමදේම කිවයුතුත් නැහැ...‘ හාමුදුරුවෝ අපිව නිහඩ කරා. ‘ සංජන සංජනට වකුගඩුවක් දුන්නා. සතිෂ් සංජන ආදරේ කරා. විහඟ සංජන ආදරේ කරා. නිසල අකාශ් ආදරේ කරනවා....

පහළින් වීල් එකක නලා හඬ. තවත් සමුගැනීමට වෙලාව හරි වගෙ...

මහත්තයෝ...‘ මාමා දුවගෙන අපි ගාවට ආවා. ‘ අර ඊයේ රෑ ආව ත්‍රිවිලර් එක ඇවිල්ලා...

හරි මාමා අපි එනවා කියන්න...‘ අයියා කිව්වා.

හාමුදුරුවන්ගෙ මූණ හරිම උපේක්ෂා සහගත පෙනුමක් තිබුණේ. ඈත දෙයක් දිහා හාමුදුරුවෝ බලාගෙන හිටියා. මමත් අයියත් නැගිට්ටා. 

හාමුදුරුවනේ....‘ අයියා කතා කරා.

‘ ආයෙත් මේ දරුවෝ බලන්න මම ජීවත් වෙලා ඉදියිද කියන්න මම දන්නෙ නැහැ දරුවනෙ...‘ හාමුදුරුවන්ගෙ ඒ වචන වලට හදවත පෑරුණා. ‘ මම එදා සංජනව අදුර ගත්තෙ පාරේ බස් එකෙදි... ඔය සංජනගෙ මූණමයි. ඔය චරිතෙමයි... හැබයි ඔයාට   වඩා දඟයි...  ඒ වෙද්දි මම කැම්පස්.. ඉගන ගත්තෙ ගම්පහ පන්සලක නතර වෙලා. ඒ පන්සලේ හාමුදුරුවන්ගෙන් සංජනට කරදර වුණා. ඒක වුණේ මම දැනුවත්ව. මට ඒ වෙලාවෙ මුකුත් කර කියා ගන්න බැරි වුණා. එදා රෑ සංජනට දැනිලා එයාට කරදරයක් වෙයි කියලා. ඒක හින්දම එයා හොරෙන් පන්සලෙන් ගියා. ස්ටේෂන් එකෙදි මට එයාව හම්බුණා....

හාමුදුරුවෝ ඊයේ රෑ කතාවේ මඟ ඇරුණු තැන් කියන්න ගත්තා. වීල් එකට ඉන්න කියන්න. මේ දේ අහගන්න එක වටිනවා ගොඩක්...


-------------------------------------------------------

පනස් හත් වන ප්‍රාර්ථනය


එදා සංජන ගෙදර ගියාට පස්සේ ආයේ හම්බුණේ ඊයේ කිව්වා වගේ නුවරදි. මගෙ ගෙදරට අවුරුදු තුනක් තිස්සේ සංජන සල්ලි එව්වා. කවමදාකවත් ඒක අමතක කරේ නැහැ. විහඟගෙන් පස්සේ රාගික ලෝකේ පුළුවන් තරං සංජන වින්දා. සතිෂ් හම්බුණාට පස්සේ ආදරේ වින්දා. එයාලා දෙන්නට දෙන්නා අතර හොද අවබෝධයක් තිබ්බා. දෙන්නා වෙන වෙනම කායික සතුට ගත්තත් ආදරේ කරේ ඒ දෙන්නට දෙන්නා විතරමයි. වටේ පිටේ ඉන්න ගොඩක් මිනිස්සු එයාලාව වෙන් කරන්න ගොඩක් දේ කරා. ඒත් කාටවත් ඒ දෙන්නව වෙන් කරන්න බැරි වුණා. අන්තිමට අම්මාගෙ ආදරේට ඒ දෙන්න පැරදුණා...

ඔහ් දෙයියනෙ... 

සංජන ගැන මම දන්නෙ එච්චරයි දරුවනේ... ‘ හාමුදුරුවෝ පුටුවෙන් නැඟිට්ටා. ‘ මයෙත් ඇහැ පියවෙන්න කලින් ආයෙත් ඒ සංසාර ආදරේ දකින්න ලැබුණු එක සතුටක්. හාමුදුරු කෙනෙක් විදිහට ධර්මයට අනුව ඔය දරුවෝ කරන්නෙ වරදක් කියලා මම දකින්නෙ නැහැ. මොකද මමත් වැරදි කරපු නිසා. අපි කවුරුත් වැරදි කරේ නැත්තං කොහොමද ජීවිතේ අවබෝධ කර ගන්නෙ.. බුදු හාමුදුරුවොත් කල්ප ගාණක් පෙරුම් පිරුවේ ජීවිතේ අවබෝධ කර ගන්න දරුවනේ... තිරිසන් යෝනි වල පවා ඉපදිලා උන් වහන්සේ ලෝකේ යථාර්තය තේරුම් ගන්න උත්සහා කරා. බුදුවරු කොයි තරංනම් ඒ කාලේ හම්බෙන්න ඇද්දනිර්වාණය ලබාගන්නවට වඩා උන් වහන්සේට තිබ්බෙ බුද්ධත්වය ලබාගෙන අදුරේ ඉන්න මිනිස්සුන්ට යථාර්තය පෙන්වන එක..

අපි ආයෙත් එනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ බලන්න...‘ අයියා හාමුදුරුවන්ට වදින ගමන් කිව්වා. මමත් ඒ එක්කම වැන්දා...‘ මේ පැටලුණු නූල් බෝලේ ගොඩාක් දැන් ලිහාගෙන ඉවරයි. තව ටිකයි තියෙන්නෙ.. ඒ ටිකත් බලමුකො..

තෙරුවන් සරණයි දරුවනේ... හැමදාමත් හොඳින් සතුටින් ඉන්න....‘ හාමුදුරුවෝ අපිට ආශිර්වාද කරා.

පඩියෙන් පඩිය පහළට බැහැගෙන අපි වීල් එකට ආවා. ආවාසෙ ඉදලා අපි යන දිහා හාමුදුරුවෝ බලාගෙන. අනේ එදා අෂි එක්ක පොඩි ෆාදර්ත් මම යන දිහා බලාගෙන හිටියා නේදකොහොම හරි අෂිව හොයාගන්න ඕන...

වීල් එකෙන් අපි කඳුරුවෙල ටවුන් එකට ආවා. එතනින් බස් එකේ අනුරාධපුර. හවස තුන විතර වෙද්දි තමයි අපි ආවේ. දවල්ට මඟදි කෑම කැවා. 

මල්ලි...‘ අයියා බස් එකෙදි මට කතා කරා. 

හ්ම්...‘ 

ඇයි කිව්වෙ ඔයාටත් සැකයක් තියෙනවා කියල...

ඒ කිව්වෙ...

අප්පච්චි කීවද ඔයා එයාගෙ දරුවෙක් නෙමෙයි කියල...

එයා එක පාර කීවේ නැහැ අයියේ... ඒත් එයා අඟවනවා..

‘ ඒ කොහොමද?‘

එයාට භාරදුන්න යුතුකම එයා හරියට කරාලු..

මොකදද් යුතුකම?‘

මාව බලාගත්ත එක...

අප්පච්චි දන්නවද මම ඔයාට ආදරෙයි කියලා...

මම හිතන්නෙ එයාට ඒක දැනෙනවා ඇති නේද අයියේ...

එහෙම දන්නවනං එයා අපිට ආශිර්වාද කරයිද මල්ලි...

ඔව් අයියේ..එයා අදටත් හිතෙන් දුක් විදිනවට ඒදා සංජන මාමට යන්න කියපු එක ගැන...

සංජන මාමා කොළඹ ගියේ නැත්තං මේ කතාව කොච්චර වෙනස් වෙයිද නේද මල්ලි...?‘

සංජන මාමා විතරක් යැයි.. ඇයි සතිෂ් කොළඹ ගියේ නැත්තං...‘ මම හිනාවෙලා කිව්වා.

සංජන මයෙ තාත්තා වෙන්න බැරිද?‘ අයියා ඒක කිව්වෙ හරිම අමුතු විදිහට...

මොකක්?‘

මම රට ඉද්දිත් මට නොදැනෙන පේන්නෙ නැති බලවේගයක් මම ගාව තිබුණා වගෙ මට දැණුනා මල්ලි... එහෙ ඉන්නකල් මට හිත කිව්වෙ ලංකාවට යන්න කියලමයි.... එතනින් අනුරාධපුරදෙනුවන්ආච්චිමාමා... මට දැනේනෙ මයෙම පවුලෙ කට්ටිය වගෙ. නොකිවට මොකද වෙලට ගියාම පුදුම හැඟීමක් මට එන්නෙ මල්ලි....

අයියා දන්නවද අප්පච්චි බැන්දට සතුටින් නෙමෙයි ඉදියේ...‘ මම අයියට කිව්වා.. මම අම්මගෙන් ඒක ඇහුවා.

මොකද අම්මා කිව්වේ....?‘

එයාලා ලෝකෙට පේන්න සතුටින් හිටියට දෙන්නම දෙන්නගෙ ලෝක වල හිත් වලින් දුක් විදිනවා....

මම අයියගෙ උරහිසට හේත්තු වුණා.

පැද්දි පැද්දි යන බස් එකෙදි අපි දෙන්නා අපේ ලෝකේ හීන දැක්කා. 

හවස තුන හතර වෙද්දි අපි අනුරාධපුරට ආවා. ආයෙත් වීල් එකක් අරගෙන අයියගෙ බෝඩිමට ආවා. දැන්නං හොද ගනං...

අයියා දොර අරිද්දිම දොර ගාව දිග ලියුම් කවරයක්... 

මෙන්න මයේ උප්පැන්න සහතික ටික.. - දෙනුවන්‘ කියලා උඩින් ලොකුවට ලියලා තිබ්බා.

අහ් දෙනුවන් බලන්න ඇති මොකද මට මොකද වුණේ කියලා‘ අයියා ලියුම් කවරෙ ගන්න ගමන් කිව්වා. මම කිව්වනෙ දෙනුවන්ට විභාගෙට අයිඩින්ටිය හදන්න උප්පැන්න සහතික තුනක් ගෙනත් දෙන්න කියලා...‘ 

අයියා පුටුවේ වාඩිවුණා.

මහන්සිද මල්ලි...‘ මාව එයා ගාවට ඇදලා ගන්න ගමන් අයියා කිව්වා.

ඔයාටත් මහන්සිනෙ...‘ මම අයියගෙ ඔඩොක්කුවේ වාඩිවෙන ගමන් කිව්වා. අපි දෙන්නමනෙ ගියේ ඉතින්...

දෙනුවන්ට උගන්වන්න ඕන මල්ලි...‘ අයියා ඒක කිව්වාම මට ටිකක් දුක හිතුණා. සමහරවිට ඒකට මම යටි හිතෙන් ටිකක් ඊර්ෂ්‍යා කරන්න ඇති...

ඔයා දෙනුවන්ට ගොඩක් ආදරෙයි නේද?‘

ඔව්...‘ 

මම මූණ පාත් කර ගත්තා. මට වඩා ආදරේදමම හිතෙන් ඇහුවා.

පිස්සෝ... දෙනුවන් කියන්නෙ මයේම සහෝදරයෙක් විතරයි. මයේ සහකාරයා නෙමෙයි... තේරුණාද?‘ අයියට හිනා. යනවා යන්න ඕන නැහැ...

කො ඔලුව උස්සන්න...‘ 

මට බැහැ...

ආව් ආව්... ලස්සන...‘ විහිලු කරනවද මට දුක හිතුණාම..

අයියා මාව වඩා ගත්තා.

යමුකෝ..‘ මාව උස්සගෙන එයාගෙ කාමරේට ගියා. මාව අඳෙන් තිබ්බා. අයියා මයෙ ඇඟ උඩ.... ‘ මොකද දැන් කියන්නේ...

මුකුත් නැහැ....‘ 

ආදරේද මට...‘ අයියා මයේ ඇස් දිහා බලාගෙන ඇහුවා.

හ්ම්...‘ 

එහෙම බැහැ කට ඇරලා හයියෙන් කියන්න ඕන...

ඇයි මොකද කන් ඇහෙන්නෙ නැද්ද?‘ මම විරිත්තලා ඇහුවා

නෑනේ...‘ අයියා කන මයේ කට ගාවට ළං කරා...

ආව්..........‘ මම කන හිමීට හැපුවා..

රිදුණද?‘

ඔව්.............‘ කියන ගමන් අයියා එහා පැත්තට හැරුණා....

මම අයියගෙ පපුව උඩින් මයේ ඔලුව තියා ගත්තා.

හැමදාම මට මෙහෙම ඉන්න දෙනවද?‘  මම ඇහුවා.

කැමතිද මෙහෙම ඉන්න?‘ 

ඔව්..?‘

ඇයි කැමති...

දන්නෙ නැහැ....

ආදරේ නිසා නේද මට...?‘

‘ ආදරෙයි.... එත් බයයි...

ඇයි බය...?‘

කලිං සංජන වයෙ ඔයත් මාව දාලා ගියොත්...

‘ ඒ සංජන අසරණ වෙලානෙ හිටියේ... මේ සංජන එහෙම නැහැ...

සතිෂ් සංජනත් එක්ක ඉන්නවනං සංජනට අනිත් අය මොනවා කිව්වත් වැඩක් නැහැ....

අයියාගෙ දෙතොල් මට ළං කරා...


--------------------------------------------


පනස් අට වන ප්‍රාර්ථනය


අයියේ.....‘ 

ඔහ්... මම අයියාව තල්ලු කරා...

දෙනුවන්...‘ අයියා ඇඳෙන් පැන්නා... ඔයා ඔහොමම කාමරේ ඉන්න...

අයියා දොර ලොක් කරගෙන එළියට ගියා.

එළියට ගිහින් දොර අරිනවා සද්දෙ ඇහුණා මට...

මොකද මේ දොරවල් වහගෙන...‘ දෙනුවන්ගෙ කට හඬ...

මම මේ වොෂ් එක්ක දාන්න කියල...

කොහෙද හිටි හැටියේ ගියේ...‘ මූ පොලීසියෙන් වගෙනෙ..

මම......‘ අයියා ගොත  ගහනවා.. මේ..... මට ... අහ් ඔව් ඔව්.... හදිසියේ පුහුණුවක් ආවනෙ... ඒකට ගියා...

බුදු සන්තෝ කියන බොරු...

අනේ මේ බොරු නොකියා ඉන්න අයියේ...‘ දෙනුවන් කිව්වා. ‘ පුහුණුවට සතිෂ් අයියත් එක්ක වෙන්න ඇති යන්න ඇත්තෙ...

දෙනුවන් කොහොමද දන්නේ මම සංජන අයියා එක්ක කියලා. 

මොකද්ද ඒ කතාව...‘ අයියා ඇහුවා.

බංඩාර මාමා කිව්වා මට...

අප්පච්චි.................................. මාව කෑවා.

මොනවද බංඩාර මාමා කිව්වේ...‘ අයියා ඇහුවා.

ඔය දෙන්නා කෙහෙද ගමනක් ගියා කියලා... කෝ දැන් සංජන අයියා...?‘

‘ ඔව් පුහුණුවට එයාවත් එක්ක ගියා. දැන් ගෙදර ගියා දෙකහාමාර බස් එකෙ...‘ අයියා කිව්වා.

තාම පොර ගෙදර ගිහින් නැ එහෙනං..‘ දෙනුවන් මොකද මෙවා හාර හාර අහන්නෙ..?

‘ ඒ කිව්වේ...‘ අයියා ඇහුවා.

දැන් වෙලාවට හතරත් ළඟයි...‘ 

ඔවු දෙනුවන් හරි... මම අයියගෙ කාමරේ ඔරලෝසුව බැලුවා. දැන් වෙලාව හතරට කාලයි.

ඉතින්...

දෙකහාමාර වෙද්දි මම සතිෂ් අයියලගෙ ගෙදර.. බස් එක එද්දි මම හිටියෙ එහෙ.. නැන්දයිමාමයි බලාගෙන හිටියේ එකෙවත් එයා එයි කියලා. කෝ ආවේ නැනේ....

ඉතින් ඔයාට කිව්වද ගිහිං බලන්න කියලා...‘ 

ඔව් ඒකනේ මම ආවේ. උදෙත් ආවා. කෝ උප්පැන්න ටික ගත්තද?‘

ඔව් මම අරන් තිබ්බා...

අරගෙන තියන්නයැයි දුන්නෙ... බලන්නනෙ... කෝ දැන්...?‘ දෙනුවන් කතා කරන්නෙ තරහින් වගෙ. එයාට දුක ඇති මමයිසංජන අයියයි එයාට නොකියා ගියාට...

ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලානේ දැන්...‘ දෙනුවන්ගෙ ඒ කතාවට මට දුක හිතුණා...

මොනවද තමුසේ කියන්නෙ මේ...‘ අයියා ඒක ඇහුවෙනං කේන්තියෙන්...

ඇයි මම බොරුද කිව්වේ...‘?

කියන දෙයක් කෙලින් කියනවා කෙකර ගාන්නෙ නැතිව...‘ අයියා කිව්වා 

අයියෝ මේ දෙන්නා රණ්ඩු වෙන්නද යන්නෙ.. මට එළියට යන්නත් බැහැ. මොකද මම කරන්නෙ. 

කෙකර ගාන්න ඕන නැහැ.. මම කිවේ ඇත්ත...?‘

මොකද්ද ඇත්ත..?‘

ඩොක්ටර්ට දැන් මට වඩා සතිෂ් අයියා ලොකු වෙලා... 

උඹට වඩා කොහොමත් සතිෂ් ලොකුයි නේද? ‘ අයියා ඒක කිව්වෙ හිනාවෙලා...

ඔව්... ඒක ඇත්ත. මගෙයි වරද?‘

මොකද්ද උබේ වරද දැන්...

සතිෂ් අයියව අදුරලා දීපු එක...

අනේ හු.... දැන ගනින් තෝ ඉපදෙන්නත් කලින් මම සතිෂ්ව දන්නෙ...‘ අයියා තරහින්දදුකෙන්දසතුටින්ද මන්දා කිව්වා.

අපි දෙන්නා අදුරන කාලේ උඹ ඉපදෙන්න පස්මහ බැලුම් බලනවා අපායේ ඉදලා...

‘ අහ් එතකොට මම අපායේ...

අයියා හිනාවුණා..

හරි හරි... එහෙනං එයා එක්කම දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නවාකෝ.. ආයෙත් මාත් එක්ක කතා කරන්නවත්මම ගැන හොයන්නවත් එපා...‘ දෙනුවන් පුටුව පස්සට කරලා නැඟිට්ටා වගේ..

උඹට මොකද මල්ලි වෙලා තියෙන්නෙ...‘ අයියා ඇහුවා.

වෙලාවට මුකුත් වුණේ නැහැ. වෙන්න කලින් දැන ගත්ත එක හොදයි... ‘ දෙනුවන් එලියට බහින සද්දේ ඇහුණා. මම  යනවා. දෙන්නා එක්ක සතුටින් හොඳින් ඉන්න...

දෙනුවන්...‘ අයියා කතා කරා. ඔහොම ඉදපන්... පිස්සු නටන්නෙ නැතිව..

බයිසිකලේ හරවගෙන දෙනුවන් ගියා වගේ.                             

අයියා කාමරේ දොර ඇරියා... මම බිම බලාගෙන හිටියා. අයියා දන්නවා මට සේරම දේවල් ඇහුණා කියලා...

මම හින්දා දෙනුවන් තරහා වුණා නේද අයියේ...‘ මම දුකින් ඇහුවා.

ඔයා නිසා....ඒ මොන පිස්සු කතාවක්ද?‘

මට සේරම ඇහුණා අයියේ...

බොළඳ වෙන්න එපා මල්ලියා.... ඌ තාම පොඩි එකා.... උට ටිකක් දුක ඇති. තරහට කියන දේවල් ගණං ගන්න එපා ඔයත්..

එයා ඔයාට ආදරේයි අයියේ..

ඇයි ඔයා මට ආදරේ නැද්ද?‘

මම ආදරෙයි... ඒත් මං කැමති නැහැ දෙනුවන් දුකෙන් ඉන්නවට. මට කලින් ඔයාට එයාව හම්බුණේ...

අයියා මයෙ උරින් වලින් හයියෙන් අල්ලලා එයාගෙ පැත්තට හරව ගත්තා. 

මේ අහපන්... මයෙ යකා අවුස්සන්න හදන්න එපා. මම උඹට ආදරෙයි. දෙනුවන් කියන්නෙ මට මයෙ සහොදරයෙක් විතරයි කියලා මම තේරෙන සිංහලනේ කිව්වා.‘ මම අයියගෙ ඇස් දෙක දිහා බලාගත්තා. ‘ මයේ ජීවිතේ මම හැමදාම හිටියෙ තනියෙන්. උඹ හම්බුණාමයි මයේ ජීවිතේට අරමුණක් එකතු වුණේ. බංඩාර මාමාදෙනුවන්බාප්පාපොඩි මාමා... මේ හැමදෙනාම මාව සනසන්න නොකරපු දෙයක් නැහැ. ඒත් මම හොයන මයේ ජීවිතෙ තියන්නෙ උඹ ගාව මයෙ මල්ලියේ... ඒක මට නැති කරන්න එපා. රට ගිහිං ඉගන ගත්තත් මයෙ අප්පච්චිගෙ ප්‍රාර්ථනාව ඉස්ට කරන්න මම ලංකාවට ආවා. අනෙ රත්තරනේ උඹම ටිකක් හිතලා බලපන් මේ හැමදෙයක්ම වුනේ අපි දෙන්නා එකතු කරන්න නෙමෙයිද?'

'කලිනුත් සංජන සතිෂ්ව හොයාගෙන ආවා. දැනුත් ආවා.....'

'කලින් සතිෂ් සංජනව දාලා ගියා අයියේ...මම ඇස් වලින් වැටෙන කඳුළු පිහදාන ගමන් කිව්වා. මට බයයි...'

සංජනට එදා සතිෂ්ව දාලා යන්න සාධාරණ හේතු තිබ්බා. ඒ කිසිම හේතුවක් මට නැහැ. මට තියෙන්නෙ ඔයා ගාව ඉන්න හේතු විතරයි... මේ බලන්න මම දිහා...

අයියා මයෙ නිකට ඉස්සුවා.

මයේ ඇස් වලින් ඔයාට බොරු කරනවා කියලා තේරෙනවද මල්ලි... මට ඇත්තම කියන්න..'

ඇස් පුරාවට පිරුණු ආදරේ දිහා බලාගෙන මම කොහොමද එහෙම කියන්නෙ.. නැහැ  මයේ රත්තරං අයියේ.. නැහැ. කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. ආදරෙයි... කියාගන්න බැරි තරම්ම ආදරයි. මේ පපුවේ හිරවෙලා තියෙන්නෙ ඒ ආදරේ. කියාගන්න බැරිව ගොලු වෙලා ඉන්නෙ ඒ ආදරේ හින්දමයි... විහඟ වගේ ඔයාට දුර යන්න දෙන්නෙ නැහැ. විහඟටසතිෂ්ට බැරි වුණු දේ මම කරනවා. ඔයාව මයෙ ළඟින්ම තියා ගන්නවා රත්තරං... ඔව් හැමදාමත්... මම එක පාරම අයියාව බදාගත්තා. අයියා මයේ ඔලුවටනළලටබෙල්ලට හාදු දුන්නා. බෙල්ලෙ හාදුව දෙතොල් වලටත් ගියා. බය වෙන්න එපා. එතන සීමාව කියලා අපි දන්නවා. 

හවස හයට විතර අයියයි මම ගෙදරින්ම වොෂ් එක්ක දාගෙන රුවන්වැලි සෑයට ගියා. මගින් ගත්ත සුදු නෙළුම් මල් පොකුරු දෙක යන තැනම තියෙන බුදු පිළිමෙට පූජා කරා. විහාර ගෙටත් මල් පූජා කරා. බටහර පැත්තෙ දොරටුව ගාවට ගිහින් දෙන්නම ඉද ගත්තා.

ඈතට පේන හඳ ටික ටික පෝයට පිරෙන හැඩයි. දුහුල් වළාවන් අතරින් රුවන්වැලි කොත් වහන්සේ පුදුම අභිමානයකින්ප්‍රෞඪත්වයකින් ඉහළට අපේකම කියා පනවා. තෙරුවන් සෙවනක ඉන්න අපි දෙන්නට සොබා දහම ආශිර්වාද කරවනා නේදකාටවත් පේන එක්ක නැහැ. මම අයියට ටික්ක ළංවුණා. අයියට ඒක දැණුනා. මම දිහා බලලා හිනාවුණා. පුර හඳ වගේම ලස්සනයි. 

බොරු කියන්න ඕන නැහැ. අපි පන්සිල් ගත්තෙනං නැහැ. දෙන්නා  හිත් වලින් එක ලෝකෙක තනි වෙලා ඒ ලෝකේ ලස්සන රටා ඇන්දා. 

'ඔයා දන්නවාද මම මොනවද හිතන්නෙ කියලා...අයියා නිහඩතාවය බිදිමින් මයෙන් ඇහුවා...

නැහැ කියනවා වගේ මම ඔලුව හෙල්ලුවා.

'ඔයා දන්නවද අද මම තවත් පටලැවිල්ලක ඉන්නෙ කියලා...අයියගෙ මූණේ හරි කල්පනාකාරී බැල්මක් තිබ්බා. 

'මම නිසාද?'

නැහැ... '

'එහෙනං...

'දෙනුවන් නිසා...

--------------------------------------------------------------


පනස් අට වන ප්‍රාර්ථනය


අයියේ.....‘ 

ඔහ්... මම අයියාව තල්ලු කරා...

දෙනුවන්...‘ අයියා ඇඳෙන් පැන්නා... ඔයා ඔහොමම කාමරේ ඉන්න...

අයියා දොර ලොක් කරගෙන එළියට ගියා.

එළියට ගිහින් දොර අරිනවා සද්දෙ ඇහුණා මට...

මොකද මේ දොරවල් වහගෙන...‘ දෙනුවන්ගෙ කට හඬ...

මම මේ වොෂ් එක්ක දාන්න කියල...

කොහෙද හිටි හැටියේ ගියේ...‘ මූ පොලීසියෙන් වගෙනෙ..

මම......‘ අයියා ගොත  ගහනවා.. මේ..... මට ... අහ් ඔව් ඔව්.... හදිසියේ පුහුණුවක් ආවනෙ... ඒකට ගියා...

බුදු සන්තෝ කියන බොරු...

අනේ මේ බොරු නොකියා ඉන්න අයියේ...‘ දෙනුවන් කිව්වා. ‘ පුහුණුවට සතිෂ් අයියත් එක්ක වෙන්න ඇති යන්න ඇත්තෙ...

දෙනුවන් කොහොමද දන්නේ මම සංජන අයියා එක්ක කියලා. 

මොකද්ද ඒ කතාව...‘ අයියා ඇහුවා.

බංඩාර මාමා කිව්වා මට...

අප්පච්චි.................................. මාව කෑවා.

මොනවද බංඩාර මාමා කිව්වේ...‘ අයියා ඇහුවා.

ඔය දෙන්නා කෙහෙද ගමනක් ගියා කියලා... කෝ දැන් සංජන අයියා...?‘

‘ ඔව් පුහුණුවට එයාවත් එක්ක ගියා. දැන් ගෙදර ගියා දෙකහාමාර බස් එකෙ...‘ අයියා කිව්වා.

තාම පොර ගෙදර ගිහින් නැ එහෙනං..‘ දෙනුවන් මොකද මෙවා හාර හාර අහන්නෙ..?

‘ ඒ කිව්වේ...‘ අයියා ඇහුවා.

දැන් වෙලාවට හතරත් ළඟයි...‘ 

ඔවු දෙනුවන් හරි... මම අයියගෙ කාමරේ ඔරලෝසුව බැලුවා. දැන් වෙලාව හතරට කාලයි.

ඉතින්...

දෙකහාමාර වෙද්දි මම සතිෂ් අයියලගෙ ගෙදර.. බස් එක එද්දි මම හිටියෙ එහෙ.. නැන්දයිමාමයි බලාගෙන හිටියේ එකෙවත් එයා එයි කියලා. කෝ ආවේ නැනේ....

ඉතින් ඔයාට කිව්වද ගිහිං බලන්න කියලා...‘ 

ඔව් ඒකනේ මම ආවේ. උදෙත් ආවා. කෝ උප්පැන්න ටික ගත්තද?‘

ඔව් මම අරන් තිබ්බා...

අරගෙන තියන්නයැයි දුන්නෙ... බලන්නනෙ... කෝ දැන්...?‘ දෙනුවන් කතා කරන්නෙ තරහින් වගෙ. එයාට දුක ඇති මමයිසංජන අයියයි එයාට නොකියා ගියාට...

ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලානේ දැන්...‘ දෙනුවන්ගෙ ඒ කතාවට මට දුක හිතුණා...

මොනවද තමුසේ කියන්නෙ මේ...‘ අයියා ඒක ඇහුවෙනං කේන්තියෙන්...

ඇයි මම බොරුද කිව්වේ...‘?

කියන දෙයක් කෙලින් කියනවා කෙකර ගාන්නෙ නැතිව...‘ අයියා කිව්වා 

අයියෝ මේ දෙන්නා රණ්ඩු වෙන්නද යන්නෙ.. මට එළියට යන්නත් බැහැ. මොකද මම කරන්නෙ. 

කෙකර ගාන්න ඕන නැහැ.. මම කිවේ ඇත්ත...?‘

මොකද්ද ඇත්ත..?‘

ඩොක්ටර්ට දැන් මට වඩා සතිෂ් අයියා ලොකු වෙලා... 

උඹට වඩා කොහොමත් සතිෂ් ලොකුයි නේද? ‘ අයියා ඒක කිව්වෙ හිනාවෙලා...

ඔව්... ඒක ඇත්ත. මගෙයි වරද?‘

මොකද්ද උබේ වරද දැන්...

සතිෂ් අයියව අදුරලා දීපු එක...

අනේ හු.... දැන ගනින් තෝ ඉපදෙන්නත් කලින් මම සතිෂ්ව දන්නෙ...‘ අයියා තරහින්දදුකෙන්දසතුටින්ද මන්දා කිව්වා.

අපි දෙන්නා අදුරන කාලේ උඹ ඉපදෙන්න පස්මහ බැලුම් බලනවා අපායේ ඉදලා...

‘ අහ් එතකොට මම අපායේ...

අයියා හිනාවුණා..

හරි හරි... එහෙනං එයා එක්කම දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නවාකෝ.. ආයෙත් මාත් එක්ක කතා කරන්නවත්මම ගැන හොයන්නවත් එපා...‘ දෙනුවන් පුටුව පස්සට කරලා නැඟිට්ටා වගේ..

උඹට මොකද මල්ලි වෙලා තියෙන්නෙ...‘ අයියා ඇහුවා.

වෙලාවට මුකුත් වුණේ නැහැ. වෙන්න කලින් දැන ගත්ත එක හොදයි... ‘ දෙනුවන් එලියට බහින සද්දේ ඇහුණා. මම  යනවා. දෙන්නා එක්ක සතුටින් හොඳින් ඉන්න...

දෙනුවන්...‘ අයියා කතා කරා. ඔහොම ඉදපන්... පිස්සු නටන්නෙ නැතිව..

බයිසිකලේ හරවගෙන දෙනුවන් ගියා වගේ.                             

අයියා කාමරේ දොර ඇරියා... මම බිම බලාගෙන හිටියා. අයියා දන්නවා මට සේරම දේවල් ඇහුණා කියලා...

මම හින්දා දෙනුවන් තරහා වුණා නේද අයියේ...‘ මම දුකින් ඇහුවා.

ඔයා නිසා....ඒ මොන පිස්සු කතාවක්ද?‘

මට සේරම ඇහුණා අයියේ...

බොළඳ වෙන්න එපා මල්ලියා.... ඌ තාම පොඩි එකා.... උට ටිකක් දුක ඇති. තරහට කියන දේවල් ගණං ගන්න එපා ඔයත්..

එයා ඔයාට ආදරේයි අයියේ..

ඇයි ඔයා මට ආදරේ නැද්ද?‘

මම ආදරෙයි... ඒත් මං කැමති නැහැ දෙනුවන් දුකෙන් ඉන්නවට. මට කලින් ඔයාට එයාව හම්බුණේ...

අයියා මයෙ උරින් වලින් හයියෙන් අල්ලලා එයාගෙ පැත්තට හරව ගත්තා. 

මේ අහපන්... මයෙ යකා අවුස්සන්න හදන්න එපා. මම උඹට ආදරෙයි. දෙනුවන් කියන්නෙ මට මයෙ සහොදරයෙක් විතරයි කියලා මම තේරෙන සිංහලනේ කිව්වා.‘ මම අයියගෙ ඇස් දෙක දිහා බලාගත්තා. ‘ මයේ ජීවිතේ මම හැමදාම හිටියෙ තනියෙන්. උඹ හම්බුණාමයි මයේ ජීවිතේට අරමුණක් එකතු වුණේ. බංඩාර මාමාදෙනුවන්බාප්පාපොඩි මාමා... මේ හැමදෙනාම මාව සනසන්න නොකරපු දෙයක් නැහැ. ඒත් මම හොයන මයේ ජීවිතෙ තියන්නෙ උඹ ගාව මයෙ මල්ලියේ... ඒක මට නැති කරන්න එපා. රට ගිහිං ඉගන ගත්තත් මයෙ අප්පච්චිගෙ ප්‍රාර්ථනාව ඉස්ට කරන්න මම ලංකාවට ආවා. අනෙ රත්තරනේ උඹම ටිකක් හිතලා බලපන් මේ හැමදෙයක්ම වුනේ අපි දෙන්නා එකතු කරන්න නෙමෙයිද?'

'කලිනුත් සංජන සතිෂ්ව හොයාගෙන ආවා. දැනුත් ආවා.....'

'කලින් සතිෂ් සංජනව දාලා ගියා අයියේ...මම ඇස් වලින් වැටෙන කඳුළු පිහදාන ගමන් කිව්වා. මට බයයි...'

සංජනට එදා සතිෂ්ව දාලා යන්න සාධාරණ හේතු තිබ්බා. ඒ කිසිම හේතුවක් මට නැහැ. මට තියෙන්නෙ ඔයා ගාව ඉන්න හේතු විතරයි... මේ බලන්න මම දිහා...

අයියා මයෙ නිකට ඉස්සුවා.

මයේ ඇස් වලින් ඔයාට බොරු කරනවා කියලා තේරෙනවද මල්ලි... මට ඇත්තම කියන්න..'

ඇස් පුරාවට පිරුණු ආදරේ දිහා බලාගෙන මම කොහොමද එහෙම කියන්නෙ.. නැහැ  මයේ රත්තරං අයියේ.. නැහැ. කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. ආදරෙයි... කියාගන්න බැරි තරම්ම ආදරයි. මේ පපුවේ හිරවෙලා තියෙන්නෙ ඒ ආදරේ. කියාගන්න බැරිව ගොලු වෙලා ඉන්නෙ ඒ ආදරේ හින්දමයි... විහඟ වගේ ඔයාට දුර යන්න දෙන්නෙ නැහැ. විහඟටසතිෂ්ට බැරි වුණු දේ මම කරනවා. ඔයාව මයෙ ළඟින්ම තියා ගන්නවා රත්තරං... ඔව් හැමදාමත්... මම එක පාරම අයියාව බදාගත්තා. අයියා මයේ ඔලුවටනළලටබෙල්ලට හාදු දුන්නා. බෙල්ලෙ හාදුව දෙතොල් වලටත් ගියා. බය වෙන්න එපා. එතන සීමාව කියලා අපි දන්නවා. 

හවස හයට විතර අයියයි මම ගෙදරින්ම වොෂ් එක්ක දාගෙන රුවන්වැලි සෑයට ගියා. මගින් ගත්ත සුදු නෙළුම් මල් පොකුරු දෙක යන තැනම තියෙන බුදු පිළිමෙට පූජා කරා. විහාර ගෙටත් මල් පූජා කරා. බටහර පැත්තෙ දොරටුව ගාවට ගිහින් දෙන්නම ඉද ගත්තා.

ඈතට පේන හඳ ටික ටික පෝයට පිරෙන හැඩයි. දුහුල් වළාවන් අතරින් රුවන්වැලි කොත් වහන්සේ පුදුම අභිමානයකින්ප්‍රෞඪත්වයකින් ඉහළට අපේකම කියා පනවා. තෙරුවන් සෙවනක ඉන්න අපි දෙන්නට සොබා දහම ආශිර්වාද කරවනා නේදකාටවත් පේන එක්ක නැහැ. මම අයියට ටික්ක ළංවුණා. අයියට ඒක දැණුනා. මම දිහා බලලා හිනාවුණා. පුර හඳ වගේම ලස්සනයි. 

බොරු කියන්න ඕන නැහැ. අපි පන්සිල් ගත්තෙනං නැහැ. දෙන්නා  හිත් වලින් එක ලෝකෙක තනි වෙලා ඒ ලෝකේ ලස්සන රටා ඇන්දා. 

'ඔයා දන්නවාද මම මොනවද හිතන්නෙ කියලා...අයියා නිහඩතාවය බිදිමින් මයෙන් ඇහුවා...

නැහැ කියනවා වගේ මම ඔලුව හෙල්ලුවා.

'ඔයා දන්නවද අද මම තවත් පටලැවිල්ලක ඉන්නෙ කියලා...අයියගෙ මූණේ හරි කල්පනාකාරී බැල්මක් තිබ්බා. 

'මම නිසාද?'

නැහැ... '

'එහෙනං...

'දෙනුවන් නිසා...


---------------------------------------

පනස් නව වන ප්‍රාර්ථනය


අයියගෙ ඒ උත්‍ත‍රේ මාව පුදුම කරා. දෙනුවන් නිසා ඇයි එයා පැටලිලා ඉන්නේ. මයේ බැල්මෙන් අයියට ඒක තේරෙන්න ඇති.

දෙනුවන්ගෙ උප්පැන්න සහතිකේ මල්ලි....'

'ඇයි එකෙ මොකද්ද පුදුමේ...'

'දෙනුවන්ගෙ අම්මගෙ නම...'

'ඉතින්...'

'මයේ උප්පැන්න සහතිකෙ තියෙන අම්ම‍ගෙ නමමයි...'

මොකද්ද අයියා මේ කියන්නෙ....

'අපි දෙන්නගෙ අම්මලා එකයි මල්ලි...අයියා දිග හුස්මක් හෙළන ගමන් කිව්වා. 

මම ඇස් ලොකු කරලා අයියා දිහා බැලුවා.

'ඔව් මල්ලි... මට මේක දෙනුවන්ගෙන් අහන්න බැහැ. මේ දවස් ටිකේම ටික ටික අපේ ප්‍රශ්න විසදගෙන ආවා. දැන් තවත් ප්‍රශ්නයක්...'

'දෙනුවන්ගෙ තාත්තගෙන් අහමුද ඒක අයියේ...'

'මාමා දවසක් මට කීවා එයා බැන්දෙ එයාට වඩා අවුරුදු පහක් වගෙ වැඩිමල් කෙනෙක් කියල. මයෙ අම්මත් කොළඹ පෝසත් ‍කෙනෙක්. මට බාප්පලා අම්මා ගැන කිසිම තොරතුරක් දීලා නැහැ. උප්පැන්නෙ වෙනස් කරන්න බැරි නිසා එකෙ අම්මගෙ නම තියෙනවා. දෙනුවන්ගෙ උප්පැන්නෙ දැක්කට පස්සෙ මම පුදුම වුණා. මල්ලි.  ඔයා කිව්වා වගේ කවුරු හරි මේවා සැලසුම් කරලා කරන වැඩදනැත්තං උප්පැන්නෙට කොහොමද ඒකම අම්මගෙ නම් ආවේ...'

'ඒකට හොදම දේ අපි දෙනුවන්ගෙ තාත්තගෙන් අහන එක නේද අයියේ...

'ඔව් මල්ලි...

'අපි යමුද දැන්...?'

'ඔයා දැන් ගෙදර යනවද?'

'මම ගෙදර යන්නං අයියේ දැන්...'

'ඔව් අම්මා ආයෙත් බය වේවි නැත්තං...'

'ඔව්... අප්පච්චිනං ගාණක් නැහැ. අම්මව කොහොම හරි ෂෙප් කර ගන්න එපැයි...'

'ඔය සතිෂුත් අම්මගෙ කීමට යටත් වෙයිද?'

අයියා ඒක ඇහුවෙ ඉස්සෙල්ලා සංජනට වුණ දේ එයාටත් වෙයි කියලා වගෙ...

'කවදාවත් නැහැ....මම නැඟිටලා අයියාට නැඟිටින්න අත දුන්නා.

අයියා හිනාවෙලා නැඟිට්ටා. දෙන්නම අයෙත් රුවන්වැලි සෑයට වැදලා එළියට ආවා. 

එතනින් ගත්ත වීල් එකකින් ඇවිත් අයියා ක්වාටස් එක ගාවින් බැස්සා. ත්‍රිවීලර් අයියට පේන්නෙ නැති වෙන්න ‍මයේ අතට හාදුවක් දීලා අයියා  බැස්සා. 

'පරිස්සමෙන් යන්න මල්ලි...

'හරි අයියේ...'

'මම හෙට හවස එන්නම්...'

මම ඔලුව වැනුවා.

පුදුම තනිකමක් පාලුවක් දැනුණා. වී‍ල් එකේ ගෙදර එන දුර කෝච්චියේ කොළඹ ගිය දුරට වඩා වැඩිද මන්දා...අයියා වීල් එකට සල්ලි දීලා තිබ්බා... මළ මිණියක් වගේ පැද්දි පැද්දි මම වීල් එකෙන් ඇවිත්  බැස්සා.

'එච්චරයි පුතෙක් ඉස්පිරිතාලේ ගියේ...මම ගෙට එද්දි අම්මා කිව්වා... ඒක කීවට වඩා හොඳයි අතින් ඇදලා කනට ගැහුවානං... මම මොකවත් කියන්නෙ නැතිව කාමරේට ඇවිත් ඇදට වැටුණා... අප්පච්චි මොකවත් කියන්න ගියෙ නැහැ. මට එහෙම්ම නින්ද යන්න ඇති.

සංජන අයියගෙ උණුසුමට තුරුලු වෙලා මම නිදාගත්තා... එළිවෙනකම්ම එකම එක හීනයක.. ඒ සංජන සතිෂ්ගේ හීනයයි.

උදේම අම්මගෙ කෑ මොර සද්දෙට මම ඇහැරුණා.

‘පුතේ... මම ටවුමට යනවා...‘ අම්මා කෑ ගහනවා. ‘අප්පච්චි වෙළට ගියා. කෑම එක ගිහිං දියන්.. කඩේ වහලා තියෙන්නෙ..‘

‘හරි හරි...‘ මම කීව එක අම්මට ඇහුණද දන්නෙ නැහැ..

බස් එක ගේ ගාව නතර කරනවා ඇහුණා. අම්මා යන්න ඇති.

තවත් පැයක් විතර ගියාම මම ගැස්සිලා ඇහැරුණා. අම්මට සිරි අප්පච්චිට කෑම එක දෙන්න ඕනනෙ... මම සට පට ගාලා නැගිටිලා උදේ වතාවත් ටික කරා. අප්පච්චිගෙ කෑම එකත් අරගෙන වෙලට ආවා. වෙලට ආවට අප්පච්චි කොයි?

කවුද මාව ඇදගෙන එනවා වගෙ මම මයිල ගහා ගාවට ආවා. ගහේ පොතු එක එක බිමට වැටෙනවා. කවුරු හරි ගහට කොටනවා වගෙ. මම ගහා මුලට ගියා. මම හිතුවා හරි...

‘අප්පච්චි...‘ මම කතා කරා.

අප්පච්චි මයෙ දිහා බැලුවා. මමත් මයිල ගහා උඩට නැග්ගා.

‘මොකද්ද මේ කරන්නෙ...‘ මම අප්පච්චිගෙන් ඇහුවා.

‘මයෙ පුතාට පේනවාද මෙතන තියෙන මේ අකුරු ටික...‘ මට ගහේ කොටපු අකුරු වගයක් පෙන්වන ගමන් අප්පච්චි ඇහුවා.

ලාවට පේන අකුරු ටික මම එක එක කියවන්න ගත්තා.

‘එස්. එච්. ඒ. එන්....‘ මට පෙණුනු විදිහට මම වචනෙ කිව්වා. ‘අවසාන අකුර පේන්නෙ නැහැ අප්පච්චි..‘

‘හ්ම්...‘ අප්පච්චි කිව්වා. ‘ එස්.එච්.ඒ.එන්.යු...‘

‘කවුද ෂානු.....?‘

‘සංජන අයියා මට ආදරේට කිව්වෙ ෂානු කියල පුතේ...‘ අප්පච්චි ඒ අකුරු ටික අත ගාන ගමන් කිව්වා. ‘ඉස්සර අපි දෙන්නා මේ මයිල ගහා උඩ පාඩම් කරා. මම වෙලට එනකල් සංජන අයියා මේ මයිල ගහා උඩට වෙලා බලාගෙන හිටියා. ඒ අතරෙ මට කියන නම එයා මෙකෙ කෙටුවා.... දවසක එයාට ආදරේ කරොත් එයාගෙ නමත් කොටන්න කිව්වා. එයා ජීවත් වෙලා ඉන්නකල් මට ඒ නම කොටන්න බැරි වුණා පුතෙ... පුතයි සංජනයි එකතු වෙන එක ගැන මට සතුටුයි. මට බැරි වුණු ඒ ආදරේ මයේ පුතා දිනා ගත්තා...‘

අප්පච්චි ෂානුට එහා පැත්තෙන් සංජු කියලා කොටලා තිබුණා.... අප්පච්චිගෙ ඇස් වල කඳුළු පිරිලා. මම අප්පච්චිව බදාගත්තා.

‘අපි ගෙදර යමු අප්පච්චි... ‘ මම කිව්වා.

ගහෙන් බැහැලා මමයි, අප්පච්චියි ගෙදර ආවා.

ගෙදරින් අප්පච්චි කෑම එක අරගෙන කුස්සියට ගියා. මම ආයෙත් ඇඳේ පෙරළුනා.. පැයක් එකහාමාරක් යන්න ඇති. නින්දත් නොනින්දත් අතර මම හිටියේ... වාහන හොන් සද්දයක්.. මොකාද බොලේ ඒ..?


'එන්න මහත්තයෝ වාඩිවෙන්න.... අප්පච්චි කාටද ගෙට කතා කරා. කාර් එකකින් ගෙදරට එන්න තරම් වැදගත් කෙනා කවුද?' අයියා ආවනං එන්නෙ වීල් එකක. නැත්තං දෙනුවන්ගෙ බයිසිකලේ අරගෙන..

මම ඇ‍දෙන් නැගිට්ටා. දොර රෙද්ද ටිකක් එහාට කරලා බැලුවා. 

දෙයියනේ... නිසල මාමායිආකාශ් බාප්පයි...

'බොහොම කාලෙකින් නේද විහඟනිසල මාමා අප්පච්චි කතා කරා..

'එකනෙ... ඩොක්ටර්...අප්පච්චි කිව්වා.

'හැමදේම අපි  හිතපු නැති විදිහට වෙනස් වෙලා විහඟ..ඩොක්ටර් කිව්වා. කවදාවත් වෙන්න එපා කියලා අපි හිතපු දේවල් සේරම ඒ විදිහටම වුණා. '

'මම ඒක වුණු විදිහට කැමති  ඩොක්ටර්... අප්පච්චිත් වාඩිවෙන ගමන් කිව්වා. මට එළියට යන්න විදිහකුත් නැහැ. කාමරේට වෙලා අහගෙන ඉන්න එක තමයි තියෙන්නෙ දැන්...

'කෝ දැන් සතිෂ්...'  බාප්පා ඇහුවා.

'තාම නිදි මහත්තයෝ...'

'මේ තරං දවල් වෙනකල්...'

'ඔව්   ඊයේ   සංජන පුතා එක්ක කොහෙද ගිහිං එද්දි රෑ වුණා...අප්පච්චි  හිනාවෙලා කිව්වා.

'ඔහ් එහෙනං දෙන්න හම්බෙලා...බාප්පා සතුටින් කිව්වා...

'හම්බෙලා විතරක් නෙමෙයි ‍අකාශ්... ඒ දෙන්නත් ආදරේ කරනවා...අප්පච්චි ඒක කිව්වෙ සතුටින්...

බාප්පා මාමාගෙ දිහා බැලුවා. එයාලටත් සතුටු ඇති... 

'කෝ විහඟ නංගි...?' ඩොක්ටර් අම්මා පේන්න නැති හින්දද කොහෙද වට පිට බලලා ඇහුවා.

එයා ටවුමෙ ගියා ඩොක්ටර්... කඩේට බඩු වගයක් ගෙන්න... ඉන්න මම තේ ටික්ක ලිපේ තියන්නං...අප්පච්චි නැඟිටින ගමන් කිව්වා...

'පුතේ...අප්පච්චි කතා කරද්දිම මම ටක් ගාලා ආදේ      පෙරලුණා... අන්න   දොස්සර මහත්තයා ඇවිත්.. දැන් මදැයි නිදා ගත්තා. නැඟිටින්නකෝ...

මම ලැජ්ජාවෙන් මූණ ඇඹුල් කරා. ඇදේ තවත් පෙරලි පෙරලි ඉදලා බැනේ... අප්පච්චි කාමරෙන් එළියට ගියා. මේස උඩ තිබ්බ වතුර වීදුරුවෙන් කට හෝදගෙන මම කණ්ණාඩිය ඉස්සරාට ගියා.  අවුලක් නැහැ. තරමක ප්‍රකෘති මට්ට‍මේ සේරම දේවල් තියෙනවා වගෙ...

දොර රෙද්ද ඈත් කරගෙන මම සාලෙට ආවා...

'එන්න එන්න මනමාල මහත්තයා...නිසල මාමා කිව්වා... එයාලට මේක මොන තරං සාමාන්‍ය දෙයක්ද?

'ඉතින් කොහොමද දැන් ඔයාට...අකාශ් බාප්පා ඇහුවා.

'මේ ඉන්නෙ යස අගේට..නිසල මාමා හිනාවෙලා කිව්වා.

'ඩොක්ටර්...මම නිසල මාමට කතා කරා. 

'ඇයි පුතේ...

'අෂි ගැන ආරංචියක් නැහැනෙ..'

'අෂි කිව්වේ... එදා පුතා එක්ක හොස්පිටල් ආව අනිත් ළමයා නේද?'

'ඔව් ඩොක්ටර්... ඇති යන්තං ඩොක්ටර්ට ඒක මතකයි ‍වගෙ

ඩොක්ටර් බාප්පා දිහා බැලුවා. බාප්පා මයේ දිහා බැලුවා. ලොකු ප්‍රශ්නාර්තයක් දෙන්නගෙම මූණේ...

'මම පල්ලියටත් කතා කරා ෆාදර්... එයාලා කවුරුත් පල්ලියේ නැහැ. අෂිට මොකද වුණේ කියලා මට හොයාගන්න ඕන ඩොක්ටර්...'

'අෂි මේ ළමයට මොකවත් කිව්වෙ නැද්ද...?'

'ඒ කිව්වෙ ඩොක්ටර්...'

නිසල මාමා නැඟට්ටා. මමත් නැඟිට්ටා. 

'මොකද ඩොක්ටර් අෂිට වුණේ...?'

අප්පච්චි කුස්සියේ වගෙ... 

'ඩොක්ටර්... අෂිට මොකද වුණේ..?' මම බැගෑපත් වුණා... 'අනේ මට අෂිට උදව් කරන්න ඕන. මට හම්බෙච්ච හොදම යාලුවා අෂි..'

ඩොක්ටර් බාප්පා දිහා බැලුවා. මම මේක කියන්නද වගේ බැල්මක් ඩොක්ටර්ගෙ මූණේ... බාප්පා ඔලුව වැනුවා. 


ඩොක්ටර් ආයෙත් පුටුවේ වාඩිවුණා..

-----------------------------------------------------------------------------------------


හැට වන ප්‍රාර්ථනය (අවසන් පැතුම)


'පුතේ එදා ටෙස්ට් එකෙදි අෂිගෙ...ඩොක්ටර් ඉස්සරා මම හිටගෙන ඉද්දි කතාව පටන් ගත්තා..අෂිගෙ.. ‍රිපෝට්ස් නෙගෙටිව්..'

'ඒ කියන්නෙ...මම ඇහුවා.

ඩොක්ටර් මම දිහා බැලුවා. බාප්පා දිහා බැලුවා. අප්පච්චි තාම කුස්සියේ... අනේ මොනවද හතර වටේ බලන්නෙ..? අෂිට මක් වෙලාද?

'අෂිගෙ සර්ට එච්.අයි.වී. තිබිලා තියෙනවා...' ඩොක්ටර් එක පාරම කිව්වා. මට කරන්ට් එක වැදුණා වගේ.. වටේටම කළුවර වෙලා ගියා.

'මොකක්....?' එච්.අයි.වී නැත්තං ඒඩ්ස්... මයෙ හුස්ම ආයෙත් නතර වුණා වගෙ. අපේ සර්ට...

'පුතේ... සර්ට විතරක් නෙමෙයි අෂිටත් එච්.අයි.වී. හැදිලා තිබුණා...'

මම එහෙම්ම ඉන්ද වුණා. දෙයියනේ අෂිට එච්.අයි.වී හැදිලා. 

මට අෂිගේ මූණ මැවිලා පෙණුනා. එදා ස්ටේෂන් එකෙදි මම දිහා බලාගෙන හිටියෙ අෂි... 

'අෂි දැන් කොහෙද ඉන්නෙ ඩොක්ටර්...මම එහෙම්ම ඉදගෙන ඇහුවා. අප්පච්චි තේ හදාගෙන ආවා.

බාප්පා  මම ඉන්න තැනට ආවා.... මාව නැඟිට්ටවලා එයා ගාවින් වාඩි කෙරෙව්වා... මම මාව පාලනය කර ගන්න බැරිවුණා. එදා ඉන්ටව් එකෙදි මට හම්බෙච්ච අෂි... අනේ මාව ඇහැක් වගේ බලා ගත්ත අෂි...? මොකද ඔයාට මේ වුණේ...?

මට අෂිව බලන්න ඕන ඩොක්ටර්...මම ඉකි ගහන ගමන් කිව්වා. අප්පච්චි මම දිහා බලාගෙන..

'අෂි දැන් අපි අතර නැහැ පුතේ...බාප්පා මයේ ඔලුව එයාගෙ උරහිසට තියගන්න ගමන් කිව්වා...

අෂි...... අනේ මයේ යාලුවා. 

'අෂිට එච්.අයි.වී තියෙනවා කියලා කියපු දවසෙම හවස එයා බෙල්ල වැල දාගෙන....ඩොක්ටර් කිව්වා. අපි අෂිට හැමදෙයක්ම කියලා දුන්නා. එයාට තව අවුරුදු දහයක් දොළහක් වගෙ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ බෙහෙත් වලින්... අෂි මානසිකව ගොඩක් වැටිලා හිටියේ. එදා රිපොට්ස් බලපු දවසෙම ඒක අෂිට කියන්න තිබුණා. ඒත් එදා මම  හිටියෙ නැහැ. පස්සෙ මම අෂිව වෙනම ගෙන්නලා එයාට තේරුම් කරලා කිව්වා.... එයාට බෙහෙත් දුන්නා. අෂි පොරොන්දු වුණා එයාටත් සමාජෙටවත් බලපෑමක් කරන්නෙ නැහැ කියල....'

'අෂි කවමදාකවත් කාටවත් කරදර කරේ නැහැ ඩොක්ටර්... මම අද නිරෝගිව ඉන්නේ අෂි නිසා.. අද මාව යහතින් තියලා අෂි එයාගෙ ජීවිතේ කැප කරා. අනේ අෂි... ඇයි මේ වගේ දෙයක් කර ගත්තෙ. ඔයාට මොනවා වුණත් බලා ගන්නවා කියලා මම පොරොන්දු වුණානෙ.. ඇයි අෂි.. ඇයි ඔයා මෙහෙම කර ගත්තෙ....



මම බාප්පගෙ උරහිසට ඔලුව තියාගෙන ඇඩුවා.  බයිසිකලේකින් දෙනුවන් එක්ක අයියා ඇවිත්.. 

දෙන්නම මම අඩන දිහා පුදුමයෙන් බලාගෙන. අයියා මයෙ ගාවට ඇවිත් වාඩිවුණා...

'ඇයි මල්ලි....බාප්පගෙ උරහිසින් මම අයියගෙ උරහිසට මාරුවුණා. 

'අයියේ අෂි.....'

'ඉතින්...'

'අෂි අපිව දාලා ගිහින් අයියේ... මට හම්බෙච්ච හොදම යාලුවා. මම එයාට ණය ගැතියි අයියේ... අද මම මෙහෙම ඉන්නෙ අෂි හින්දා. මට එදා මොනවා හරි වුණානං මටත් වෙන්නෙ අෂි එක්කම මැරෙන්න...'

'පිස්සා... මොනවද මේ කියන්නෙ....'

'අපි අෂිගෙ ගෙදර අයට උදව් කරන්න ඕන අයියේ.. අෂිගෙ හීනේ ඒක...'

'පුතා ඒ ගැන බයවෙන්න එපා... මමත් බාප්පත් අෂිගෙ ගෙදරට උදව් කරනවා... අපි සේරම යමු අෂිගෙ ගෙදර අය බලන්න...ඩොක්ටර් කිව්වා...

'මාමා මට කියන්නෙත් නැතුව මෙහෙටම ආවා නේද?' අයියා පොඩි මාමාගෙන් ඇහුවා.'සේරම එක තැන ඉන්න එක හොදයි...'

මම අයියගෙ උරහිසෙන් ඔලුව ඉස්සවා. 

'දෙනුවන් කියන්න විස්තරේ...අයියා දෙනුවන්ට කිව්වා. 

දෙනුවන් ඩිම් වෙලා. වෙන්නෙ මොනවද කියලා එයාටත්  හිතාගන්න බැරිව වාගෙ... එයා සාක්කුවෙන් ලියුම් කවරයක් ගත්තා. ඒ එක්කම දෙනුවන්ගෙ තාත්තත් බයිසිකලේක අපේ ගෙදරට ආවා. මොකද මේ සේරම එකතු වෙන්න යන්නෙ?

'පොඩි මාමේ... බාප්පෙ... අයියා බොහොම දැඩි ස්වරයෙන් කතා කරා....  'මට ඔයා දෙන්නම ඇත්ත කියන්න...'

බාප්පත්පොඩි මාමත් මූණෙන් මූණ බැලුවා. අප්පච්චිත් පුදුම වෙලා. දෙනුවන්ගෙ තාත්තා වාඩිවුණා.

දෙනුවන් ලියුමු කවරනේ කොළ දෙකක් අරගෙන පොඩිමාමා අතට දුන්නා.

'හොඳට බලන්න ඔය උප්පැන්න සහතික දෙක...අයියා කිව්වා. බාප්පයිපොඩි මාමයි ඇස් ලොකු කරගෙන කොළ දෙක බැලුවා.

'උප්පැන්න සහතික දෙකෙම අම්මලාගෙ නම් සමානයි...අයියා කිව්වා. මයේ අම්මට මොකද වුණේ..එයා මැරුණා කිව්වෙ බොරු නේද මට...

‘මට මේක පුදුමයි මහත්තයෝ...‘ දෙනුවන්ගෙ තාත්ත කිව්වා ‘ සංජන පුතාගේ තාත්තා බැදලා හිටියෙ අචිනි කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම වැඩ කරපු නිසා එයා මට ළං වුණා. වයස වැඩි වුණත් එයාට ඒක පෙණුනෙ නැහැ... එයාගෙ දීගේ නැති වෙලා කියලා මම දැනගෙන හිටියා. ඒ හින්දම එයා මට ළං වුණා. අපි දෙන්නත් සීමාව ඉක්මවා ගියා. එයාටයි මටයි දාව ඉපදුණු දරුවා තමයි දෙනුවන්. දෙනුවන් ඉපදෙන්න එයාට ගොඩක් අමාරු වුණා. එතනින් ඇති වෙච්ච කම්පනේ හින්දා එයා නැති වුණා....මාමා එයාගේ උඩ සාක්කුවෙන් ෆොටෝ එක්ක ගත්තා. 

'මේ ඉන්නෙ මයේ අචිනි...මම ෆොටෝ එක දිහා බැලුවා... අයියත්, බාප්පා, මාමා, අප්ච්චිත් බැලුවා... ‘ දෙනුවන්ගෙයි, සංජනගෙයි අම්මා..‘

බාප්පයිපොඩි මාමයි කට උත්තර නැහැ. සේරම මීයෙට පිම්බා වගෙ....

'දෙනුවන්‍ කියන්නෙ මයෙම මල්ලි...අයියා කිව්වා. දෙනුවන්ට හිතේ පුදුම ආඩම්බරයක් තිබ්බා. ඒක එයාගෙ ඇස් වලින් පෙණුනා...

'දෙනුවන් කියන්නෙ ඔයාගෙම මල්ලි තමයි පුතේ...බාප්පා කිව්වා... 'ඔයාල දෙන්නගෙම තියෙන්නෙ එක ලේ...'

'මටත් ඒකම තමයි බාප්පෙ දැන ගන්න ඕන...අයියගෙ ඇස් වල කඳුළු...මට බොරු කරා ඇති... දැන්වත් මට ඇත්ත කියන්න... ඇත්තටම සතිෂ්ද මයේ තාත්තා...'

බාප්පා ආයෙත් පොඩි මාමා දිහාත් අප්පච්චි දිහාත්, මාමා දිහාත් බැලුවා. සේරම යට ගිය කතා එළිවෙන්න වෙලාව හරි වගේ... අපි සේරම බලාගෙන ඉන්නෙ මේ ඇත්ත දැන ගන්න නේද පොඩි මාමේ?

'මල්ලි...පොඩි මාමා කතා කරා...තවත් අපිට හංගන්න දෙයක් නැහැ මෙයලට... විහඟ අපි කතාව කියමු... අප්පච්චි ඔලුව වැනුවා...සේරම පොඩි මාමා වටේ වාඩිවුණා.


මම  පුතාල දෙන්නට කිව්වා වගේම සංජන සතිෂ් කියන්නෙ පුදුම ආදරෙන් හිටිය දෙන්නෙක්.  ඒ දෙන්නට කවමදාකවත් ඒ දෙන්නව අවිශ්වාස වුණේ නැහැ. දෙන්නට දෙන්නා හංගන කිසිම රහසක් තිබුණේ නැහැ. එයාලට ඕන වුණේ එයාලගෙ ලොකේ විදින්න. එයාලා අවුරුදු තුනක් අදරෙන් හිටියා. දෙන්න එකතු වෙලා අවුරුද්දක් දෙකක් ගියාම එයාලට ඕන වුණා ළමයෙක් හදන්න...'

'එයාලා කොහොමද ළමයි හදන්නෙ...අයියා ඇහුවා.

'පුතේ මම කිව්වා වගේ ඒ දෙන්නා  හරිම විවෘතයි. පුහු දේවල් ගැන හිතුවේ නැහැ. එයාලට ආදරේ කරනවා හැර රණ්ඩු වෙන්න දේවල් තිබුනේ නැහැ. හැම ප්‍රශ්නයක් දිහාම දෙන්න පුදුම විදිහට සාධාරණව බැලුවා. ඒක හින්දමයි ඒ දෙන්නා තීරණේ කරේ ළමයෙක්  හදන්න.. ළමයෙක් හදන්න තීරණේ කරාට ඒ දෙන්නා කාගෙ ළමයද හදන්නෙ කියලා තීරණේ කරලා තිබ්බෙ නැහැ. ඉතින් එයාලව තේරුම් ගත්ත ගැහැණු කෙනෙක් හබ්බෙනකල් එයාලාගෙ බීජ අරගෙන තියලා තිබ්බා. පුතා දන්නවා එහෙදි වෙන වෙනම බීජ අරගෙන සංසේචනය කරවලා නළ දරුවෝ හදනවා කියල...'

මමත්අයියත්දෙනුවනුත් මේ කතාව පුදුමයෙන් අහගෙන හිටියා. අප්පච්චිබාප්පා මේ තරම් දෙයක් අපෙන් හැංගුවාද?

'ඉතින්...අයියා කිව්වා..

බීජ අරන් තිබ්බට ඒවා සංසේචනය කරවලා දරුවෙක් හදන්න කෙනෙක් ඒ දෙන්නට ලැබුණේ නැහැ. ඒ අතරේ තමයි සතිෂ්ට මැරි කරන්න ගෙදරින් බලපෑම් ආවේ.. ඒ ප්‍රශ්නෙත් එක්ක සංජනට යන්න වුණා. සතිෂ් අකමැත්තෙන් වුණත් බැන්දා. බැන්දට පස්සෙ එයා කැමති වුණේ නැහැ කීයටවත් නංගි එක්ක ඉන්න. එයාලා දෙන්න අතර ටික ටික ප්‍රශ්න ඇතිවුණා. එකෙන් ඒ දෙන්නව බේර ගන්න හොදම විදිහ  දරුවෙක් හදන එක කියලා මමත් අකාශුත් කතා වුණා. අම්මා ලවා නංගිව බබෙක් හදන්න පොළඹව ගත්තා. ඒත් සතිෂ් ඒකට කීයටවත් කැමති වුණේ නැහැ. බැරිම තැන මම සතිෂ් එක්ක කතා කරලා එකතු වෙලා දරුවෙක් හදන්න බැරිනම් නළ දරුවක් හරි හදන්න එයාව කැමති කරව ගත්තා. ඒ වෙලාවෙ සතිෂ් කි‍ව්වෙ....'

මාමා බාප්පා දිහා බැලුවා



සතිෂ්ට ඕන වුණා සංජනගෙ දරුවෙක් හදන්න...'

'ඒ කියන්නෙ....අයියා පුදුමයෙන් ඇහුවා...

ඔයාගේ ඇත්ත තාත්තා සංජන තමයි පු‍තේ....පොඩි මාමා කිව්වා..අපි ගාව ලික්වික් නයිට්‍රජන් වල දාලා සංරක්ෂණය කරලා තිබ්බ සංජනගේ බීජ අරගෙන නංගිගෙ බීජත් එක්ක සංසේචනය කරවලා නළ දරුවෙක් විදිහට ඔයාව ඇදුවා...'

‘මොකක්....?‘ මම කිව්වා... ‘එහෙම දේවල් කරන්න පුළුවන්ද? එතකොට සතිෂ් මාමාගෙ බීජ වලට මොකද වුණේ...?‘

‘විහඟ‘ පොඩි මාමා කතා කරා...  අප්පච්චි ඔලුව වැනුවා.

'ඔව් පුතේ... ඔයාගේ තාත්තා සතිෂ් තමයි...පොඩි මාමා මට කිව්වා... මම අනුරාධපුර වැඩට ආවට පස්සෙ මට ඔයාගේ තාත්තා විස්තරේ සේරම කිව්වා. සතිෂ් වගේම විහඟත් ජීවිතේ වරද්දා ගත්තා. සමාජේ කීමට කසදා බැන්දට එයාලට පස්සෙයි තෙරුණේ. විහඟත් දරුවෙක් නළ දරු විදිහට හදන්න බැලුවා. ඒත් විහඟගෙ ශුක්‍රාණු දුර්වලයි. සම්පූර්ණ දරුවක් හදන්න එයාට බැහැ. ඒක හින්දා විහඟ කැමති වුණා සතිෂ්ගෙ බීජ වලින් දරුවා හදන්න. ඔයාගේ අම්මට නොකියා අපි ඔයාව නළ දරුවෙක් විදහට හැදුවා පුතේ....'

'එහෙනං ඒකයි කතාව....අයියා දිග හුස්මක් අරින ගමන් කිව්වා. ‘ ලික්විඩ් නයිට්‍රජන් වල දාලා ශුක්‍රාණු අවුරුදු පහනහක් හැටක් වුණත් තියා ගන්න පුළුවන්.. සමහර විට ඊටත් වඩා...‘

‘ඔව් පුතේ...‘ නිසල මාමා කිව්වා.

මම අප්පච්චි දිහා බැලුවා. ඔයාට භාරදුන්න වැඩේ හරියට කරා කිව්වේ ඒකද මයේ අප්පච්චි... මම පුටුවෙන් නැඟිට්ටා... අපි සේරම අයෙත් එකම තැනට වැටුණද?

මයේ ඇත්ත තාත්තා සතිෂ්... මම සතිෂ් වගේ වුණේ එහෙමයි. අයියගෙ තාත්තා සංජනමයි. අයියගෙත්, දෙනුවන්ගෙත් අම්මලා එකයි. තාත්තලා අයියයි, මල්ලියි. එක ලේ වෙන එක පුදුමයක් නෙමෙයිනෙ. මයෙ උරුමය ඒ කියන්නෙ කොළඹද? සතිෂ් අයිති කොළඹටද? අනේ මයෙ රත්තරං අප්පච්චි එහෙනං සතිෂ්ද? සංජන සතිෂ් කතාවේ හැමෝම ආදරේ කරේ ඔයාටයි අප්පච්චි... හැමෝම හෙව්වෙ ඔයා වගෙ කෙනෙක්මයි. ඔයා අපිව දාලා ගියත් ඔයාගෙන් මට ජීවිතයක් දුන්නා. ඔයාව පණ පිටින් දකින්න මේ අහිංසක පුතා පින් කරලා නෑ මයේ අප්පච්චි. එයාට සමාව දෙනවා නේද ඔයා?
දැන් සේරම විසඳිලා. මටත් සංජන අයියටත් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. අපි අෂිගෙ ගෙදර අය බලන්න යන්න ඕන. ඒ සේරමට කලින් මම මයේ ඇත්ත අප්පච්චිගෙ සොහොන බලන්න යන්න ඕන... හැම දෙයක්ම ඇස් දෙක ඉස්සරා බොද වෙලා වගෙ. නරක නපුරු හීනයක් ටික ටික සොදුරු වෙලා. මට නැඟිටින්න වෙලාව හරිද?

‘මල්ලි...‘ සංජන අයියා මයේ පිටිපස්සෙ...

‘සංජන විහඟ ඉස්සෙල්ලාම හම්බුණේ මේ ගෙදරදි...‘ අයියා මට කිව්වා. අප්පච්චිත්, පොඩි මාමත්, බාප්පත්, දෙනුවනුත්, තාත්තත් දොරකට ගාවට වෙලා අපි දිහා බලාගෙන. ‘ දැන් සංජන සතිෂ් ඒ වගෙම ආයෙත් හම්බෙලා...‘

‘මට මයේ ඇත්ත අප්පච්චිගෙ සොහොන බලන්න ඕන අයියේ...‘ මම අයියට කිව්වා. ‘ මම දැකපු නපුරු හීනේ ඉවරයි වගෙ...‘

‘මටත්...‘ අයියා මාව බදාගත්තා.



වටපිටාවේ කවුරු බැලුවත් මොකද මට. දැන් සංජන අයිති සතිෂ්ට. සතිෂ් අයිති සංජනට. තවත් කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැනෙ... සේරම ආයෙත් තේ එකක් බීවා. දෙනුවන් තාත්තා එක්ක ගෙදර ගියා. ඉස්සරාට එයාව අපි ගාවට ගන්නවා. ඒ එයාවත් ඩොක්ටර් කෙනෙක් කරන්න. එයාට දැන් එයාගෙම කියල සහෝදරයෙක් ඉන්නවා. ඇත්තමට සංසාරේ කොයි තරංනම් පුදුමද නේද?


අම්මා ආවට පස්සේ කිසිම දෙයක් නොවුණු ගාණට සේරම හිටියා. අප්පච්චි අම්මව බලාගෙන ඉන්න පොරොන්දු වුණා. කවමදාකවත් එයාට මේ රහස දැන ගන්න තියන්න හොද නැහැ. දෙනුවන්ගෙ තාත්තා සංජන අයියාගෙ බාප්පා. ඒ ආච්චි සංජන අයියාගෙම ආච්චි. ඉතින් සංජන අයියා දෙනුවන්ට උගන්වන එක වරදක් නෙමෙයිනේ. මොකද ඒ එයාගෙම මල්ලි නිසා. ඒ දෙන්නා අතර තියෙන සහෝදර බැදීම මට තේරුණා. ඒක නිසා ආයෙත් ඒ ගැන වාද කරන්න ඕන නැහැ. එදා දවල්ට සේරම අපේ ගෙදරින් කෑම කෑවා. මම කොළඹ යන්න ලෑස්ති වුණා. ඒ නවතින්න නෙමෙයි. මයේ ඇත්ත අප්පච්චිගෙ සොහොන බලන්න.

මයෙත්, අයියාගෙත් සම්බන්ධෙට ගෙදරින් කිසිම විරුද්දත්වයක් නැහැ. මොකද අප්පච්චි මාව තේරුම් ගත්තා. අප්පච්චි මේ ජීවිතය තේරුම් ගත්තා. මට ඉන්නකල්ම ඒ දෙන්නා හොදින් බලාගන්න මට පුළුවන්. තවත් මට අනුරාධපුර ඉන්න කැමැත්තක් නැහැ. අප්පච්චි කිව්වා වගෙ මම අයිති කොළඹට. මයේ ආත්මය අයිති කොළඹට. හැබැයි මම හැදුණේ අනුරාධපුර...

‘මම ගිහින් එන්නම් අප්පච්චි...‘ මම අප්පච්චිගෙ කකුල් අල්ලලා දණ ගහලා වැන්දා.  අම්මා ළඟ ඉන්න නිසා ඊට වඩා දෙයක් මට අප්පච්චිට කියන්න බැහැ. උගත් බුද්ධිමත් මිනිස්සු එක්ක බලද්දි මයෙ අප්පච්චි කරපු කැපකිරීමට මට කියලා නිම කරන්න බැහැ අප්පච්චි. අනුන්ගෙ දරුවෙක් තමන්ගෙ ගෑණිගේ බඩේ තියලා, වදනකල් හැම දුකක්ම විදලා, මාව ඔයාගෙම දරුවෙක් වගෙ බලාගත්තා ඔයා. කවමදාකවත් මට පිට කෙනෙක් වෙන්න ඉඩ දුන්නෙ නැහැ. මයෙ අම්මටවත් ඇත්ත කිව්වෙ නැහැ. ඔයාට සංසාරේ දුර නැහැ අප්පච්චි... මේක පාරමිතාවක් මයේ අප්පච්චි...

ඒ හැමදේම මම හිතෙන් කිව්වා. මම කොහොමද අම්මයෙ මූණ දිහා බලන්නෙ.. මම අනුන්ගෙ දරුවෙක් කියලා දැන ගත්තොත් එයාට මොනව හිතෙයිද? එයා මොන තරංනං සමාජෙට වෛර කරයිද? එය ඒයාට කොච්චර වෛර කරයිද? මට සමාවෙන්න මයෙ රත්තරං අම්මේ... ඒ රහස හැමදාමත් එහෙම්ම තිබුණාවේ. හැමදාමත්... මම අම්මගේ කකුල් අල්ලලා වැන්දා.

ගෙදරින් හවස හතරට වගේ මේ සේරම දේවල් ඉවර කරලා අපි සේරම කාර් එකෙන් කොළඹට එන්න පටන් ගත්තා. එදා සතිෂ් සංජනව කොළඹ එක්ක ගියා. අද සංජන සතිෂ්ව කොළඹ එක්ක යනවා. මම අයියගේ උරහිසට ඔලුව තියාගත්තා. පොඩි මාමයි, බාප්පයි ඉස්සරා. අපි දෙන්නා පිටිපස්සේ... දෙනුවන්ගෙ ගේ ගාවින් නතර කරලා අයියා එයාට කිව්වා ආයෙත් ඉක්මනටම එනවා කියලා. එතකල් පන්ති යන වැඩ වලටයි, ගෙදර වියදමයි අයියා සල්ලි දුන්නා. දෙනුවන්ගෙ මූණ පිරිලා හිනාව...

ලංකාරාමේ, ථූපාරාමේ, රුවන්වැලිය, ජේතවනය, ජය ශ්‍රී මා බොධින් වහන්සේ අතරින් පාරේ අපි දෙන්නා ආශිර්වාද ගත්තා. කිසිම කතාවක් නැහැ කවුරුත්...


මම තව ටිකක් අයියට තුරුල් වුණා. හැමදාම ඔයා එක්ක මම ඉන්නවා මයේ රත්තරං අයියේ..


රෑ නමය වගේ වෙද්දි අපි කොළඹට ආවා. එන ගමන් මගදී කෑම ගත්තා. අපි ගියේ කලින් සංජන සතිෂ් හිටපු බෝඩිමට. අපි දෙන්නව තියලා බාප්පයි, පොඩි මාමයි ගෙදර ගියා. බාප්පා දුන්න යතුරින් අයියා දොර ඇරියා. මයෙ නළලට හාදුවක් දීලා මාව අත් දෙකට වඩා ගත්තා.  

‘මේක අපේ ගෙදර...‘ අයියා කිව්වා. කලින් පොඩි මාමලා මේක අස් කරලා වගෙ... හැමදෙයක්ම පිළිවළට හදලා තිබුණා. හරිම පුංචි ඒත් ලස්සන ගෙදරක්. මේකද සංජන සතිෂ්ගෙ ආදර ලෝකෙ...


වොෂ් දාගෙන අයියත් මමත් කෑම කෑවා. මම අයියට කැව්වා. අයියා මට කැව්වා. තුරුල් වෙවි රස කතා කියන ගමන් අපි දෙන්නා කෑම කෑවා. එදත් මේ විදිහටම සංජන සතිෂ් මේ ගෙදර ඉන්න ඇති නේද? හෙට උදේම ඒ දෙන්නගෙ සොහොන බලන්න යන්න ඕන. අෂිගෙ පවුලේ අයට උදව් කරන්න ඕන. දෙනුවන්ට උදව් කරන්න ඕන. මයෙ අම්මා අප්ච්චිත්, සංජන අයියගෙ ආච්චි, බාප්පත් බලා ගන්න ඕන. දැන් සේරම ප්‍රශ්න විසදිලා. හිත හරිම සැහැල්ලුයි. හෙට සුන්දර දවසක් හෙට විතරක් නෙමෙයි හෙටින් උදාවෙන හැම දවසක්ම දැන් සුන්දරයි... ඒ සුන්දරත්වය අපි දෙන්නට ගෙනත් දුන්න සංජන සතිෂ්ට හැමදාමත් අපි ආදරෙයි. හීන ලෝකෙදි වුණත් මේ තරං ආදරයක් තවත් කොහෙන් දකින්නද?

‘මොනාද තාම මේ ලියන්නේ...‘ මම ගාවින් ඇඳේ ඉදගන්න ගමන් අයියා ඇහුවා... මම අයියට පොත දුන්නා.

‘මොකද්ද මේ...‘ අයියා පිටු එක එක පෙරළන ගමන් ඇහුවා.

‘අපේ කතාව...‘

‘හාහාහාහා සේරම ලියලා වගේ...‘

‘හ්ම්... කඳුළු සිත්තම් කතාවේ නැති සේරම වගේ ලීවා‘

‘ඒක හොදයි... දැන් ආයෙත් කට්ටිය අහන එකක් නැහැ ගමේ විහඟ ගැන. විපස්සි හාමුදුරුවෝ ගැන, සංජන ගැන...‘

‘ඇයි ඒ...?‘

‘ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණානේ කඳුළු සිත්තම් කතාව...‘

‘මේකට මොකද්ද දාන නම...‘

‘පොඩ්ඩක් ඉන්න මම හිතනකල්....‘ අයියා ඇඳෙන් නැඟිට්ටා...

‘කොහෙද යන්නෙ මේ... ‘ අයියා කාමරේ දොර අරින නිසා මම ඇහුවා.

‘ඉන්නකෝ...‘ අයියා එළියට ගියා.

( අයියා එළියට ගිය වෙලාවේ මම මේකත් කිව්වා කියලා තරහා වෙන්න නම් එපා. මොකද මේකත් නොකියම බැහැ.

මොකද කතාව අවසන් කරලා මේක කීවොත් මම දන්නවා කවුරුත් මේක නොකියවන විත්තිය. 

කතාව කැමතිනම් රසවිදින්න. කතාවට විතරක් ආදරේ කරන්න. කවදාවත් ඇත්ත සංජනවසතිෂ්ව හොයන්න යන්න එපා. එයාලට ළංවෙන්න හදන්න එපා. එයා එයාගෙ පාඩුවේ සතිෂ් එක්ක ඉදිවි. දවසකට දෙකකට කතා කරලා එයාව තනි කරලා යන්න කවදාවත් ළංවෙන්න එපා. එයා එයාට හිතුණු දැණුනු දේවල් ලිව්වා. ඒවා හරි  වෙන්න පුළුවන්. වැරදි වෙන්න පුළුවන්. ඒක එයා ලීව කතාවක්. හැම කතාවකම අඩුපාඩු තියෙනවා. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් කියලා හිත හදාගන්න. එයාට ඉන්න හොඳ යාලුවෝසහෝදරයෝ ටික ඇති. අලුත් සබඳතා එපා ආයෙත්. බෙහෙතට වගේ එක ඩොක්ටර් කෙනෙක්. ලෝයර් කෙනෙක්ගෙ ඉදලා යාපනේපොළොන්නරුවේබදුල්ලේ,නුවර එළියේරත්නපුරඅවිස්සාවෙල්ලමිද්දෙනියකැලණියදෙහිවලපන්නිපිටිය,නුගේගොඩගාල්ලදියතලාවරාගමමොරටුවවත්තලජා ඇළගම්පහවරකාපොළ,පදවිය, මාලඹේ... කියන හැමතැනින්ම හොදම යාලුවෝ ඉන්නවා දැන්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. 

මුලින්ම කතාව ඔයාලට කියන්න ගත්තාම කවමදාකවත් හිතුවේ නැහැ මේ වගේ දුරක් යන්න. සංජන කඳුළු සිත්තම් ලිව්වා. සංජන සතිෂ් මාරුවෙන් මාරුවට සංසාර ප්‍රාර්ථනා ලිව්වා. අනිත් සමලිංගික කතා එක්ක ගත්තාම ගොඩාක් ලිංගික චර්යාවන් ඒ වචන වලින්ම විස්තර කරන විදිහට ලියන්න මම කැමති වුණේ නැහැ. කතාව ලියාගෙන යනකල් ගොඩක් වෙලාවට ඇත්ත සංජන තනියෙන් හිටියේ. හැමෝම ඇහුවා කඳුළු සිත්තම් එයාගේ ඇත්ත කතාවද කියලා. ඒක ඇත්තම කතාවක්නම් අද වෙද්දි එයා මැරිලා ඉන්න ඕන නේදඇත්තමට එයා මැරිච්ච කෙනෙක් වගේ තමයි ජීවත් වුණේ. කිසිම හරවත් වැඩක් කරන්නෙ නැති. හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරං තරහා යනකියන්න ඕන දේ මොනාදනැති දේ මොනද කියල දන්නෙ නැති අමුතුම චරිතයක්. කඳුළු සිත්තම් කතාව ඇතුළේ ගොඩාක් දෙනාගෙ ජීවිත වල පුංචි පුංචි සිද්ධි ඇතුළත් වෙලා තිබ්බා. ඒත් ඒ සිද්ධි ගොඩක් ඇතුළත් වෙලා තිබ්බේ ඇත්ත සංජනගෙ ඇත්ත ජීවිතේ කියලා නිකමටවත් හිතුවද?

කතාව කියවලා ඉවර වුණාම ඔයාලට දුකක්  හරි සතුටක් හරි හිතෙනවා. සමහරු ඒක ෆොන් කරලා සංජනට කියනවා. සමහරු ලයික් එකක්කමෙන්ට් එකක්ඊමේල් එකක් හරි ෆෙස් බුක් පණිවුඩයක් හරි එවනවා. ඒ හැමදෙයක්ම හරිම තාවකාලිකයි. ඔයාලා හැමෝම ආදරේ මැරුණු සංජන සතිෂ්ට විතරයි. ඇත්ත සංජන දිහා බලන්නවත් ඔයලා අකමැතියි. එයාගෙ ඇත්ත කතාවට ඔයලා වෛර කරනවා. හිතේ තියෙන දේ ඒ විදිහට තේරුම් ගනීවි කියලා හිතලා කිව්වාම දවසක් දෙකක් වැඩිම වුණොත් සතියක්මාසයක් ඔයාලා කතා කරනවා. කතාවේ උණූසුම ටික ටික ඈත් වෙලා යද්දි ඇත්ත සංජන සේරමට අමතක වෙලා යනවා. මම මේ කියන්නෙ කා ගැනද කියන එක ඔයා හොඳටම දන්නවා. දවසක ඔයා මේක බැලුවොත් මතක අලුත් කරලා බලන්න. ඔයත් දවසක් රෑ පැය ගාණක් සංජනට කොල් කරා නේද කියලා. හැමෝම වගේ බොරු හීන ලෝකෙක සංජනව තියලා එක පාරම අතුරුදහන් වුණා නේද කියලා. කමක් නැහැ ඒකට. මොකද ඔයා ජීවත් වෙන්නෙ කවදාවත් නොමැරෙන කෙනෙක් කියලා හිතාගෙන ඉන්න නිසා. නමුත් මැරෙන මොහොතෙදිවත් සංජනව ආයෙත් මතක් කරන්න එපා. ඒක කාරුණික ඉල්ලීමක්.

සතිෂ් කියන හිතේ ඉපදෙච්ච ආදරයක් හොයාගෙන සංජන ගොඩාක් දවස් බලාගෙන හිටියා.  සංජනගෙ ලෝකේ මේ තරං දුර ගෙනාපු විහඟ අද ස්ථිර රස්සාවක් කරනවා. ළඟදිම එයා ඇත්තටම විවහා වේවි. කඳුළු සිත්තමට වඩා සංසාර ප්‍රාර්ථනා සංජනට ගොඩාක් සමීපයි. මොකද ඒකෙ සංජනගෙ ඇත්තම ආදරේ ඉන්න නිසා. විහඟට පස්සේ සංජන හදවතින් ඇත්තට ආදරේ කරේ නැහැ. නමුත් කීප අවස්ථාවකදීම එයාගෙ හිත සසල කරපු ආදරයන් හම්බුණා. ඒ ආදර එකක්වත් මාස දෙක තුනකට වඩා පැවතුණේ නැහැ. ඒකට සංජන වැරදියි. ආයෙත් සංජන විහඟට වගේ කාටවත් ආදරේ කරයිද කියලා සංජන හිතුවේ නැහැ. එදා විහඟගෙන් මිදුණු සංජන අද එයාවත් හිතපු නැති විදිහට ගොඩක් දුර ගිහින් ඉන්නෙ. එකෙ අවසානෙ කොතන කොහොම වෙයිද කියන්න එයාවත් දන්නෙ නැහැ. ඒ සංජනගෙ හීන ලෝකයේ ඉන්න සතිෂ් අද වෙද්දි සංජනට ලැබිලා ඉන්න නිසා. ඒ කවුද කියලා හොයන්න මහන්සි වෙන්න එපා. සතිෂ් හම්බෙනකල් මේ තාක් දුරට තාවකාලික දැන්වීම් වල රගපාපු සේරමට සංජන ස්තූති වන්ත වෙන්නත් ඕන. සංජනට මේ තරං දුර එන්න ආත්ම ශක්තිය දුන්නෙ ඒ තාවකාලික ආදර දැන්වීම් රගපාපු ඔයයි. සංජන ඔයාට පොරොන්දු වුණා කතාව පෙබරවාරි 14 දාලා ඉවර කරනවා කියලා. ඔයා එක්ක සංජනගෙ කිසිම පෞද්ගලික තරහක් නැහැ. ඔයත් සංජනව දිරිමත් කරා අවස්ථා කීපයකදීම... ඒත් ඔයාට සතිෂ් වෙන්න බැරිවුණා..

කලකිරීමෙන් ලිව්වා කියලා හිතන්න එපා. බොහොම නිදහසේ සතිෂ් මේක ලියන්නෙ... කඳුළු සිත්තම්සංසාර ප්‍රාර්ථනා ඉවර කරලා දැන් සංජන හැබෑ ලෝකයේ ජිවත් වෙනවා. ඒ සංජනගෙ පුංචි සමනල් පැටියත් එක්ක. සංජන මේ තරම් හරි දුරකට නැගිට්ටුවේ එයා. ගොඩක් අය සංජන පාගලා පයින් ගහලා දාද්දිසෙක්ස් පිස්සාකැම්කාරයාවලත්තයා ආදී විදිහට කී නොකී සේරම වචන වලින් බනිද්දි එයා මාව සැනසුවා. උදේ හොඳට කතා කර කර ඉදලා හවස බලද්දි මුහුණු පොතෙන් බ්ලොක් කරලාස්කයිප් එකෙන් අයින් කරලාෆෝන් නම්බර් පවා බ්ලැක් ලිස්ට් දාන්න තරං ඔයාට සංජනව තිත්ත වුණා. සංජනට  හොරා සංජන වෙන අයට ආදරේ කරද්දි සතිෂ් දුර ඉදගෙන සංජනට පාඩම් ඉගන ගන්න ඉඩ දුන්නා. සංජන ආයෙත් තනි වෙලා ඉද්දි සංජන ළගට ඇවිත් ඉස්සර වගේම හිටියා. ඒ ආදරේට කවමදාකවත් ආයෙත් දුකක් දෙන්න නැහැ. ඉතින් කතාව පුරා ජීවත් වෙන්නෙ ඒ සතිෂ් නෙමෙයි ද මේ...?

කතා දෙකටම හොද ප්‍රතිචාර ලබාදුන්න ඔයාට ගොඩක් ස්තූතියි. ෆේස්බුක් එකෙදීස්කයිප් එකෙදීමොබයිල් එකට විතරක් නෙමෙයි හම්බුණාම පවා කිව්වේ මචං ඉතුරු කොටස කවද්ද කියලා. මතකයිනෙ... ඔන්න ඒ සේරම කොටස් දැන් ඉවරයි. ඒ විදිහට මාව දිරිමත් කරේ නැත්තං කවදාවත් සංසාර ප්‍රාර්ථනාවක් නැහැ. ඔයාට ආයෙ ආයේ ගොඩක් ස්තූතියි... එක එක කතාවට ගැලපෙන පින්තූර දාලා මම බනිද්දි රංඩු වෙවි ලස්සන පින්තූර හදලා දුන්නෙ ඔයයි අයියෙ... ඇත්තමට කතාවට වඩා ඔයාගේ පින්තූර හරිම සංවේදී වුණා. කවර් පේජ් එක බැලුවාම මුළු කතාවම කියවන්න තරං ඒක පුදුම විදිහට ආකර්ශනීය වුණා. ඔයාටත් ගොඩක් ස්තූතියි මයෙ අයියේ... අහ් තව එකක්. ඔයා මට කතාව දාන්න කීයක්නං රීලෝඩ් කරාදහාහාහා ඒකත් කියන්න ඕන. ඒ තරහට නෙමෙයි. මට ආඩම්බරයි ඔයා වගේ සහෝදරයෙක් ඉන්න එක ගැන. ඔයාටත් ගොඩක් ස්තූතියි අයියේ... අවසාන වශයෙන් පුංචි කාරුණික ඉල්ලීමක් තියෙනවා කරන්න. මේක ඔයාට යන්තං හරි හදවතක් තියෙනවා කියලා හිතන නිසයි මම කියන්නෙ. මෙක මම වෙනුවෙන්මයෙ ලෝකය වෙනුවෙන් කරන අහිංසක ඉල්ලීමක්....

සංජනව පෞද්ගලිකව දන්න යාලුවෝමයෙ සහෝදරයෝ මේ කතාව බලනවානෙ නේදඉතින් ඔයාලා තමයි සංජනට ඉන්න එකම ශක්තිය. ඒක නැති කරන්න එපා. සංජනට ඔයාලා ටික හොදටම ඇති. ඒක නිසා ආයෙත් කාටවත් සංජන ගැන කිසිම තොරතුරක් දෙන්න එපා. සංජනට දැන් පාඩුවේ එයාගෙ පැටියත් එක්ක ඉන්න ඕන. එකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔයාලව අමතක කරා කියන එක. මම කිව්වෙ ඔයාලගෙ යාලුවන්ටහිතවතුන්ට සංජනට ගැන මුකුත් කියන්න එපා කියලා. මෙන්න මෙයා තමයි සංජන කියලා සංජනගෙ ඇත්ත මුහුණු පොතස්කයිප් දෙන්න එපා කියන එක. අනේ මම වෙනුවෙන් ඒ දේ කරනවා නේද ඔයාඔයාට කොච්චර විශ්වාසවන්ත වුණත් සංජනට එයාව වැදගත් නැහැ. සංජනට වැදගත් ඔයා විතරයි. ඒක නිසා කාටවත් සංජනගෙ දුරකථන අංකයඇත්ත මුහුණු පොත දෙන්න එපා. ඔයාලා මට උදව් කරා. ඉස්සරාහටත් උදව් කරනවා. මම ඒක දන්නවා. ඉතින් එහෙම හොද හදවත් තියෙන ඔයා හිටියාම මට ඇතිනේ.. නේදඅනේ ආයෙත් කියන්නෙ... දෙන්න නම් එපා. එහෙම වුණොත් මයෙ මේ හිනාව ආයෙත් නැති වෙලා මුළු ජීවිතේම කඳූළු සිත්තමක් වේවි.. ඔයා ඒකට ආස නැහැ නේද?

එහෙනං ඔන්න ඔයා පොරොන්දු වුණානෙ... දැන් ඉතින් සමුගන්න වෙලාව. අපි දැන් යන්න ඕන. වාසනාවටද, අවාසනාවටද දන්නෙ නැහැ අවසාන මොහොතෙම අයියාගෙ මුහුණු පොතත් නැති වුණා. මුහුණු පොතේදි අයියට උදව් කරපු හැමෝටම වෙන වෙනම ස්තූති කරන්න බැරිවුණු එක ගැන සමාවෙන්න. ආයෙත් ඉඩක් ලැබුණු හැටියේ මුහුණු පොතට එනවා. අද වෙන්න පුළුවන්හෙටසතියකින්මාසෙකින්අවුරුද්දකින්අවුරුදු ගාණකින් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාව අමතක නැහැ මට. හැමදාමත් මැරෙනකල් ඔයාව මට මතකයි. එදා වගේම අදත්හෙටත් මතු හැමදාමත් ඔයා මයෙත් එක්ක ඉන්නවා කියන එක මම දන්නවා. ඔයාගේ ජීවිතයේ කඳුළු තුරන් වෙලාහදවතේ. හිතේ ඇති උතුම් පැතුම් හැම දෙයක්ම ජය ශ්‍රි මා බෝ සමිඳුගේ සරණින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නම අපි දෙන්නම ආසිරි ගේනවා... ඔයාටත් ඔයාගේ පවුලේ සෑම දෙනාටත් තෙරුවන් සරණයි....) 

මම පෑන තියන්න හදද්දිම අයියා ඇඳට පැන්නා...

‘මොකද මේ...‘  මම හිනාවෙලා ඇහුවා.

‘නමක් හොයා ගත්තා...‘

‘මොකද්ද?‘

අයියා මාව ඇඳේ පෙරලලා මයෙ පපුව උඩින් ඔලුව තිබ්බා. මම අයියාගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තා...

‘මොකද්ද කියන්නකෝ නම...‘ මම හිමින් ඇහුවා.

‘කෝ ටිකක් ළංවෙන්න..‘

මම අයියට දොතොල් ළං කරා...

‘සංසාර ප්‍රාර්ථනා...‘ අයියගෙ දොතොල් මගේ දෙතොල් එක්ක එකතු වෙද්දි ඒ වචන දෙක පිටවුණා.


සංසාර ප්‍රාර්ථනා....

නිමා වී ගිහින් ඒ කටුක දුක් සෝ සුසුම්
පමා වී යලිත් වසන්තේ ඇවිත්
විල් තෙරේ දිය බුං හඩින්
මද පවන කොදුරයි සෙමින්
එක හිතින් කළ පෙම් පුරාණේ....
ඔබ මටත් වාසනා
දිවි ඇති තුරා පා සිනා
මුව මුවින් බිඟු රොන් උරා
ගත පහස දැනෙනා නියා
උණුසුමින් තුරුලට වෙලා
මම සිටින්නම් මියෙනා තුරා
ඔබ නමින් පෙම් ලොව සදා
ඔබ නමට දොවොලක් තනා
සංජනගේ පිළි රූ තබා
පුදකරන්නම් හදවත පුරා...
මැකී ගොස් දැන් නම්
හිතේ තිබු දුක් බැල්මන්
අමතකව පෙර ගෙත්තම්
විසිකරමු කඳුළු සිත්තම්...
යලි දෝතනා වඩිනා
මුව මුව සිනා රදනා
ඔබ වෙනුවෙන් කරනා
ඒ පැතුමයි....
සංසාර ප්‍රාර්ථනා....

- සංසාර ප්‍රාර්ථනා -
නිමි.



----------------------------------------------------------------

සංසාර ප්‍රාර්ථනා පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා යොමු කරන්න..

kkandulu93@gmail.com


අලුතින් රචනා වන කතාව කියවන්න මෙතනින් යන්න...

'එක ගේ කුරුල්ලෝ..'
(https://www.facebook.com/sanjana.keneth?ref=hl)


4 comments:

  1. නිම් හිම් සෙව්වා මා සසරේ
    හමු වී යුගයෙන් බැඳි යුගයේ
    ලං වී වෙන් වී වරින් වරේ..
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ..

    "සංජන, සතිෂ්" සසර වසන තුරු එක්ව සතුටින් ජීවත් වේවා..
    ReplyDelete
  2. Mata nam hithagannawath ba deiyane...me tharam lassana kathaa dekak...hm..matath hari aasai oyath ekka eka mohothak katha karanna sanjana aiye...eth kohomada...hmmm
    ReplyDelete
  3. harima dayabarai............... harima lassanata liyala thiyenawa hariyata eththa kathawak wage. kathawa kiyawanakota nodeneema as walata kandulu enawa e tharamma sanwedi.good luck me wage thawakathawak liyanna. oyata honda hekiyawak thiyenawa. good luck.all the best
    ReplyDelete
  4. harima dayabarai............... harima lassanata liyala thiyenawa hariyata eththa kathawak wage. kathawa kiyawanakota nodeneema as walata kandulu enawa e tharamma sanwedi.good luck me wage thawakathawak liyanna. oyata honda hekiyawak thiyenawa. good luck.all the best
    ReplyDelete


No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...