I’m on
the way…’ (හැත්තෑ එක් වන කොටස)
පැද්දි
පැද්දි එදත් මම කොළඹට ආවේ තවත් සතියක
අවසානයක් දකින්න. තවත් සතියක ආරම්භයක් දකින්න. පුරුදු විදිහට මරදානෙන් දත කට
මැදගෙන 176ක නැඟලා මම කැම්පස් එකට ආවා. දැන් ඉතින් කැම්පස් එකත් ගෙදර වගෙ. ගෙදර
වගෙ උනත් සමුදෙන්න තව ටික දවසයි තියෙන්නෙ. එක තැනක නවාතැනක් වුණ මේ කැම්පස් එක
කවමදාකවත් මයෙ ජීවිතෙන් අමතක වෙන එකක් නැහැ. ජීවිතෙ ගෙනියන්න කවදාකවත් නැති විදිහට
මට ආදායම් මාර්ගයක් හොයාගන්න උදව් කරේ මේ කැම්පස් එක. කිසිම අරමුණක් නැතිව අයාලේ
ගියපු ජීවිතයට අරමුණක් එකතු කරේ මේ කැම්පස් එක. මේ ගඩොලින් බැදුණු බිත්ති,
සිමින්ති, ගඩොල්... මයෙත් ජීවිතේ ශක්තිමත් කරා. මේ ගහ කොළ, වැලි පැගෙන මිදුල,
තණ කොළ, ටැප් එක, ටොයිලට් එක මට පාඩම් කියලා දුන්නා.
අපි
ඇත්තමට මොනවද හොයන්නෙ. අපි මොනවද කරන්නෙ. තාවකාලික සතුට විදින්න සදාතනික දුකක්
විදිනවා. එක අතකට මේක පාරමිතාවක් වෙන්නත් පුලුවන්. ඒ පාරමිතාව විදිනවා පුරනවා හැර
වෙන මොනවා කරන්නද? එකකට එකක් නැගෙන රැළි වගෙ හැමදාම මයෙ හිතෙත් මේ විදිහට
විකාර සිතුවිලි මතු වෙනවා, යට යනවා. මුහුදක් වගෙ නේද ජීවිතේ....
දවල්
කෑම වෙලාවෙදි තරිඳු අයියාගෙන් කොල් එකක් ආවා. මිනිහට තාම ෂුවර් නැහැ මම එයිද
කියලා. මට යන්න ඕනිමයි කියලා විශේෂක් නැහැ. නෑවිත් ඉන්නත් විශේෂයක් නැහැ. යන එක
ඉතින් මට පාඩුයි. ෆේස්බුක් එකෙ පොස්ට් එකක් දැම්මනං කීයක් හරි හොයාගන්න පුළුවන්.
කමක් නැහැ. සල්ලිම නෙමෙයිනෙ ජීවිතේ. තරිදු මොනවා හරි කියන්න දෙයක් තියෙන නිසානෙ මට
එන්න කියන්න ඇත්තෙ. අනික එයාගෙ ගෙදර එන්නම කිවේ හිතවත්කමටනෙ. නැත්තං ගොඩක් උන්
ගෙන්න ගත්තෙ රූම් වලට, බෝඩිං වලට... පණ දෙන්න කතා කරත් ගෙදර ගෙන්න ගන්න තරං උන්ට
ආත්ම ශක්තියක් තිබ්බෙ නැහැ. නළලේ ඉදලා යටි පතුල වෙනකල් ලෙව කන්න හොඳයි. කොපු නැතිව
ඇර ගන්න හොදයි... වැඩක් නැහැ ඕවා කතා කරලා. මිනිස්සු ගතිකයි. එච්චරයි...
හවස
පන්ති ඉවර වුණාම මම ආයෙත් මරදානට ආවා. කොටුවෙන් නගිනවට වඩා මරදානෙන් නගින එක
හොදයි. සෙනෙග අඩුයි. මම හිතන්නෙ පැයක් එකාමාරක් යාවි හික්කඩුවෙ යන්න. හික්කඩුව ප්‍රසිද්දයි
නේද කොරල් පර වලටත්. මුහුදේ නාලා කොරල් පර බලලා එන්න පුළුවන්. ඒත් නාන්න පුළුවන්ද
දන්නෙ නැහැ. අම්මෝ.... මතකනෙ මී ගමුවෙදි දැක්ක එක. ඒක නිසා නාන්න ඕනි නැහැ. මුහුද
දැක්කාම ඇති හිත පිරෙන්න. ගොල්ෆේස් එකෙදි
දකින මුහුද නෙමෙයි වෙන්න ඕනි හික්කඩුවෙදි තියෙන්නෙ.
මහලේකම්
කාර්යාලයේ ඉදලා එකින් එකට ස්ටේෂන් එකින් එක ගැන තරිදු අයියට මම එස්.එම්.එස් කරා.
මොරටුව, පානදුර, කලුතර, අලුත්ගම... එකින් එකට පහුකරගෙන මම හික්කඩුවට ආවා.
ස්ටේෂන් එකෙන් බහිද්දි තරිදු අයියා ඇවිත් හිටියා. එයා මාව කොහොම අදුර ගත්තද දන්නෙ
නැහැ. මම බැහැලා දොර ගාවට යන්න කලින් එයා ඇවිත් කතා කරා...
‘
ගිහංස මල්ලි නේද....‘
‘
ඔව්...‘
‘
මල්ලි... මම තමයි තරිඳු...‘
‘
අහ්...‘
‘
මල්ලි මාව නොදැක මේ විදිහට මාව විශ්වාස කරලා ආපු එක ගැන මට ගොඩක් සතුටුයි...‘
තරිදු අයියා පිළිගැනීමේ කතාව කරා. ‘ මෙහෙන් යමු මල්ලි...‘
‘
ටිකට් එක...‘
‘
ඒක තියාගන්න මතක් වෙන්න...‘ තරිදු අයියා හිනාවෙන ගමන් කිව්වා.
පිටවීමේ
දොරටුවෙන් නැතිව අපි පදික වේදිකාව දිගෙම ඉස්සාරට ඇවිදගෙන ගියා. තාර පාරක් ළගින් ඒක
නතර වුණා. එතන තිබුණේ හික්කඩුව බස්ටෑන්ඩ් එක. කොළඹ ගාල්ල ප්‍රධාන පාර ඉස්සරාහින් යද්දි ඒත් එක්කම මාතරට තියෙන රේල්
පාරත් ගියා.
තරිදු
අයියා වීල් එකක් කතා කරගෙන ඇවිත් මට නගින්න කිව්වා. කිසිම බයක් සැකක් නැතිව මමත්
ඉතින් නැග්ගා. යන්නෙ කොහෙද... කවුද ගෙදර
ඉන්නෙ... ඒ කිසිම දෙයක් මට වැදගත් වුණේ නැහැ.
========================================
I’m on
the way…’ (හැත්තෑ දෙවන කොටස)
තරිදු
අයියගෙ ගෙදර තිබුණේ ගෝණපීනුවල කියලා ගමක. ගමේ කාගෙත් එක්ක කතා බහ කරලා ඉන්න කෙනෙක්
කියලා මට තේරුණේ වීල් එකෙ යද්දි. මොනවද මොනවද වැඩ වගයක් ගැන එයාලා කතා වුණා.
එයාලගෙ කතාවෙන් මට වැඩක් නැනෙ. මේ වෙලාවේ ඉතින් මම හිතන්නෙ මොකක් ගැන කියලා කියන්න
පුළුවන්ද... හරි. බඩගින්න. හැමදාම හැමතැනම මාව අසරණ කරන බඩගින්න. මොනවා හරි කරන්න
මාව දිරි ගන්වපු බඩගින්න. ගෙදර අම්මාගෙන් කාලා නිදාගන්නෙ නැතිව මොනවා හරි කරලා
කීයක් හරි හොයන්න මාව දිරිගන්වපු බඩගින්න.
‘
බහින්න මල්ලි...‘ වීල් එකේ මගේ සිතිවිලි ගමනෙන් මාව බස්සගන්න ගමන් තරිදු අයියා
කිව්වා... ඇස් දෙක පියාගෙන හිටිය නිසා
එයාලා හිතන්න ඇත්තෙ මම නිදි කියලා... ‘ එන්න මල්ලි...‘ වීල් එකට සල්ලි දීලා තරිදු
අයියා මට ගෙදරට ඇරයුම් කරා.
පිළිවලට
හදලා තිබ්බ පුංචි ගෙයක්. අම්මයි, තාත්තයි, තරිදු අයියයි විතරයිද කොහෙද ගෙදර
හිටියෙ. ඒ වෙලාවෙ අම්මා කොහෙද ගිහින්. තාත්තත් අපි ආවට පස්සෙ තරිදු අයියට මොනවද
කියලා ගියා.
‘
මහන්සි නේද මල්ලි...‘ තරිදු අයියා මයෙ බෑග් එක ගත්තා. ‘ එන්න මල්ලි කාමරේට...
ඔයාගෙ ගෙදරම කියලා හිතන්න. අම්මල දානෙ ගෙදරක ගිහින්. තාත්තත් දැන් ගියෙ. මමත් හෙට
උදේ යනවා. ඔයා ඇදුම් මාරු කර ගන්නවද? රෙදි තියෙනවද? නැත්තං මයෙ කලිසමක් දා ගන්න.
වොෂ් දාන්නනං එළියෙ තියෙන්නෙ. ඒත් අවුලක් නැහැ...‘
තරිදු
අයියා කියවගෙන කියවගෙන ගියා.
‘
එහෙනං වොෂ් දාලා ඉමු...‘ මම තවත් කියවන්න කලින් කිව්වා.
තරිදු
අයියගෙන් කලිසමක් ඇඳගෙන මම වොෂ් දා ගත්තා. මම වොෂ් දාලා එද්දි එයා තේ බොන්න මේසෙ
ලෑස්ති කරලා.
‘ මල්ලි තේ බොනවද? නැත්තං බත් කනවද...‘ මාව දැකපු
තරිදු අයියා ඇහුවා.
‘
තේ ටිකක් බීලා බත් කමු එහෙනං...‘ මම කිව්වා. ඒකට පොරට හිනා. මට තේත් ඕනි. බතුත්
ඕනි. දැන් රෑත් වෙලා. මම හිතන්නෙ අටටත් ළඟ ඇති. කීව විදිහට මම තේ බීලා බත් කෑවා.
මම හිතන්නෙ තරිදු අයියා කැවේ නැහැ. පොර මම කනකල් ෆොන් එක ඔබ ඔබා හිටියා.
කාලා
මම ටිකක් එළියට ආවා. ඇත්තටම ලස්සන රාත්‍රියක්. මුහුදු හුළං ද මේ සීතල අරන් එන්නෙ.
පුටුවක් අරගෙන තරිදු අයියා එළියට ආවා. මට පුටුව දීලා එයත් වාඩි වුණා. මම හිතන්නෙ
දැන් මේ එයාගෙ කතාව කියන්න ලෑස්ති වෙන්න ඉන්නෙ. එහෙනං ඒක අහන්න මමත් රෙඩි වෙන්න
ඕනි.
‘
ඉතින් කියන්නකො ඔයාගෙ රකිත ගැන...‘ මම කතාවට මුළ පිරුවා.
‘
මල්ලි ... ඇත්තමට රකිත නෙමෙයි මයෙ යාලුවා...‘ තරිදු අයියා කතාව පටන් ගත්තා. ‘
රකිතගෙ යාලුවා තමයි මයෙ යාලුවා. අපි කට්ටියම එදා ට්‍රිප් එකක් ගියා. රකිතගෙ බෝයි
ෆ්‍රෙන්ඩ් තමයි මට එන්න කිව්වෙ යන්න. එදා
රෑ රකිතට අසනීප වුණා. අරූ එයා ගැන කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැහැ පොරවගෙන
නිදි. මට ඒක බලන් ඉන්න බැරි වුණා. මම එයාට උණු වතුර දීලා, සිද්ධාලේප ගාලා
එයාව තුරුල් කර ගත්තා.....‘
එතනින්
එහාට කියද්දි පොරට දුකයි වගෙ.
‘
අනෙ මට රකිත ඕනි මල්ලි.... මම එයාට ආදරෙයි...‘
අප්පා....
මේ සමනල කේස් එකක්නෙ. රකිතයාවත් එයාගෙ ඔය කියන කොල්ලත් දෙන්නම මම දන්නවා. රකිතයාට
කලින් මම ඒ කොල්ලා දන්නෙ. එකා ඉස්සර මයෙත් එක්ක ගොඩක් චැට් කරලා තියෙනවා.
‘
ඒක රකිත දන්නවද දැන්..‘ මම ඇහුවා.
‘
එයා දන්නවා. එයාට දැනෙනවා. ඒත් එයාට ඉෂාන්ව ඕනි. එයාට ඉෂාන්ව දාලා එන්න බැ කියලා
මට කිව්වා. මට යාලුවෙක් විදිහට ඉන්න කිව්වා. එයාගෙ හැමදේම ඉෂාන් විතරයි මල්ලි. මට
කිසිම වටිනාකමක් නැහැ....‘
‘
ඉතින් දෙයියනෙ රකිතයා උත්තරේ දීලා තියෙද්දි ඔයා ඇයි මේ විහින් විදවන්නෙ... එයාලා
අවුරුදු ගාණක් මම දන්න විදිහට එකට ඉන්නෙ. පුංචි සිදුවීමක් නිසා අපිට එයාලා අතරට
එහෙම යන්න බැනෙ අයියේ. සමහර අවස්ථා වලදී අපේ හැඟීම් ඉස්මතු වෙලා අපි වැරදි කරනවා.
සමහරු කවදාවත් හදාගන්න බැරි වැරදි ඒ
අවස්ථා වලදී කරනවා. මෙතන එහෙම දෙයක් වෙලා නැනෙ...‘ මම කියන දේ තරිදු අයියා අහගෙන
හිටියා. සමහර විට එයාට හිතෙනවද දන්නෙ නැහැ මට එන්න කියලා කරේ මෝඩකමක් කියලා. ඒත්
ඇත්තටම මම මොනවා කරන්නද ඉතින්.
==================================
I’m on
the way…’ (හැත්තෑ තෙවන කොටස)
‘
අපි කැමති අපිට අකමැති දේට තමයි අයියේ ආදරේ කියන්නෙ... ඒක ජීවිතය පුරාවට විඳින
විඳවන ලස්සන සුන්දර වගේම ගොඩක් දුක්බර හැගීමක්. එකෙ සතුට විදිහට තියෙන්නෙත් දුක.
දුක විදිහට තියෙන්නෙත් දුක. අපි කරන්නෙ ඒක දැන දැන ඒක වැළඳ ගන්න එක විතරයි. ඔයා
තවත් කෙනෙක්ගෙ දේකට ආදරේ කරනවා. මට මයෙ දේවත් ලබාගන්න බැරිව මම දුක් වෙනවා....‘
‘
මම ඇවිත් ඔයාගෙ තුවාලෙ තවත් පාරනවා කියලා හිතන්න එපා අයියේ. මට හිතෙන දැනෙන දේ මම
කියන්නෙ. මට ඔයාගේ හිත හදන්න බොරු කරන්න ඕනි නැ අයියේ...‘
‘
මම ඒක දන්නවා මල්ලි. ඔයා ගැන මම හොදට දන්නවා. ඔයා තනියෙන් ඔයාගෙ වැඩ කර ගත්තට ඔයා
ගැන කතාවෙන ගොඩක් දෙනා ඉන්නවා. ඒකයි මම ඔයාටම මේක කියන්න හිතුවේ. ඔයා කියන කතාව
හරි. මම කරන්නෙ වරදක්. රකිත අයිති ඉෂාන්ට. ඔයා කියන විදිහට මම දුරින් ඉදගෙන රකිත
දිහා බලාගෙන ඉන්නවා. එයාගෙ හැමදේමට මම උදව් කරනවා. කවදාහරි දවසක එයා මම ගාවට ආවොත්
මම එයාව බාරගන්නවා. මයෙ හැමදේම එයා. එදා එයාගෙන් දැණුන ඒ උණුසුම පපුවේ තියාගෙන මම
එයා වෙනුවෙන් ජීවත් වෙනවා මල්ලි...‘
‘
මල්ලට මහන්සි ඇති. පොළොන්නරුවේ ඉදලා පන්ති ඇවිත් මම නිසාම ඔයා අද මෙහෙ ආවා. දැන්
ඔයා නිදාගන්න මල්ලි. මම ඔයාට ඇඳ හදන්නම්...‘
මම
මුකුත් නොකියා හිටියා. ඇත්තටම හිතුවොත් පොළොන්නරුවෙ ඉදලා මෙහෙ එනවා කියන එක ලේසි
පහසු නැහැ. ඇත්තටම මයෙ හිතට මහන්සි. ඒ වගෙම ඇඟටත්...
තරිඳු
අයියා හදලා දුන්න ඇඳේ මම නිදා ගත්තා. එළිවෙනකල් එකම නින්දක මම හිටියෙ. දකින්න තරං
හීනයක් තිබ්බෙත් නැහැ. මොකද ඒ හැම හීනයක්ම මම කියලා ලියලා ඉවරයි දැන්.
පහුවදා
උදේ මම වොෂ් දාලා කාලා යන්න ලෑස්ති වුණා. තරිදු අයියා වැඩකාරයෙක් වගේ හැමදේම කරා.
පව් අප්පා එක අතකින්. ආයෙත් වීල් එකකට කතා කරලා එයා මයෙත් එකක් හික්කඩුවට ආවා.
ස්ටේෂන්
එක ළඟ එතනනෙ...
‘
මල්ලි යමු අපි බීච් එක පොඩ්ඩක් බලන්න...‘ තරිදු අයියා කිව්වා. ‘ නැත්තං අපරාදෙනෙ
හික්කඩුවෙ ඇවිත් මුහුද නොබලා යන එක. ‘
ඒකනං
ඇත්ත.
‘
නැතුව නැතුව...‘ මම හිනාවෙලා කිව්වා.
තරිදු
අයියයි, මායි පයින්ම එතන තිබුණු හික්කඩුව බීච් එකට ගියා. ඈතින් අහස සිපගෙන
තිබුණු නිල් දියවර ගොඩබිමට එද්දි සුදුපාට පෙණ නංවනවා. වැවේ නාද්දි දිය රෙද්දෙන්
ඇඟම වහගෙන ඉන්න ලංකාවේ ගෑණු වෙනුවට තන්දෙක බිමට වැටෙන නිසා බැඳගෙන ඉන්න සුද්දියෝ
කිසිම හැල හොල්මනක් නැතුව බීච් එකෙ එහාට මෙහාට යනවා. සුද්දෝ පැටව් උන්ගෙ ගෙදර වගේ
බීච් එකෙ නටනවා. රැල්ල පාගනවා. පීනනවා.
ඇත්තමට
මේක නෙමෙයිද ජීවිතේ. පිට රටකට ඇවිත් තමන්ගෙ වගේ හැසිරිලා මේ විඳින්නෙ උන්ගෙ ජීවිතය
නේද... අපි මොනද කරන්නෙ. කප්පරක් දේවල්
හිතේ තියාගෙන එකක්වත් සාර්ථක කර ගන්න බැරිව දුක් විදිනවා. කනවයි බොනවයි ඇරුණාම වෙන
කරන්න දේවල් මොනවද තියෙන්නෙ. අහස උසට ගෙවල් දොරවල් හදන්න දත කනවා. ළමයිට උගන්වන්න
දත කනවා. උන් ඉගෙනගෙන දෙමාපියන් මඩමට ගෙනිහින් දානවා. අලේ මන්දා අලේ...
මම
බීච් එකෙ මයෙ නම ලිව්වා. ‘ ගිහංස රංගාන්ත බංඩාර‘ කියලා...
තරිදු
අයියත් එක්ක බීච් එකෙන් එද්දි මම දැක්කා රැල්ල මයෙ නම මකාගෙන යනවා. ඒක තමයි
ජීවිතය...
මම
තරිදු අයියට සමු දීලා එතනින් කොටුවට ඇවිත් කොටුවෙන් පොළොන්නරුවෙ ආවා.
====================================
I’m on
the way…’ (හැත්තෑ හතරවන කොටස)
තවත්
මාසකය නිමාව... දවසින් දවස ගෙවිලා ගිහින් මම මයෙ සම්භාහන පාඨමාලාව නිමා කරන දවස
ඇවිත්. එදා ගෙදරට වෙලා අම්මට කසිප්පු පෙරන්න උදව් කරපු මම අද ශ්‍රී ලංකා විශ්ව
විද්‍යාලයීය ඩිප්ලෝමාධාරියෙක්. ලෝකයේ ඕනෑම තැනක පිළිගන්න සම්භාහන නිළධාරියෙක්. හිත
යට තියෙන පුංචි ආඩම්බරකම ලෝකයාට පේන්නෙ නැහැ. එදා මෙදා තුර මේ තැනට එන්න උදව් කරපු
අය මෙච්චරයි මෙහෙමයි කියලා ඉවර කරන්න බැහැ.
‘
බංඩාර...‘ රත්නසිරි අයියා මට කතා කරා. ‘ උඹ ජොබ් එකෙන් අයින් වෙන්නද යන්නෙ...‘
රත්තසිරි
අයියා අහපු ඒ කතාවෙන් මම පුදුම වුණා. මම ඇත්තමට එහෙම දෙයක් හිතලා තිබුණේ නැහැ.
‘
ඇයි අයියේ එහෙම අහන්නෙ...‘ මම ඇහුවා.
‘
සර් කිව්වේ උඹට මොකද්ද හොටෙල් එකකින් කතා කරා කියලා...‘
‘
අහ්...‘
‘
මොකද්ද බං වෙන්නෙ... මටත් කියපන්කෝ...‘
‘
නෑ අයියේ... මම පත්තරේ තිබ්බ ඇඩ් වගේකට දැම්මා.... මේ.... මේ... මසාජ් වලට....‘
‘
ඒත් බං උඹ එහෙම දැම්මනං කොහොමද ලොක්කා දන්නෙ...‘
ඇත්තටම
ඒකනෙ... කොහොමද සර් දන්නෙ මම එහෙම දැම්මා කියලා. මම දැම්මෙ බෝඩිමේ ඇඩ්‍රස්
එකයි, ගෙදර ඇඩ්‍රස් එකයිනෙ.
‘
එකනෙ... මම මෙහෙ ඇඩ්‍රස් දැම්මෙ නැනෙ අයියෙ... සර් මොනවද කිව්වෙ ඔයාට...‘ මම
රත්නසිරි අයියගෙන් ඇහුවා.
‘
සර් කිව්වෙ, රත්නසිරිට ආපහු සහයට කෙනෙක් ගන්න වෙයි කියලා...‘
‘
ඉතින්...‘
‘
ඉතින් මම ඇහුවා ඇයි සර් කියලා... බංඩාරයා
ඉන්නෙ කියලා....‘
‘
ඉට පස්සෙ...‘
‘
ඉට පස්සෙ තමයි කිව්වෙ...‘
‘මොකද්ද...?‘
‘
බංඩාර තව ටික දවසයි මෙහෙ ඉන්නෙ... එයාට යන්න වෙනවා කිව්වා...‘
අඩෙ
මයෙන් මොකක් හරි වැරැද්දක්වත් වුණාද? ඇත්තමට තවම කිසිම ජොබ් එකක් සෙට් වුණේ නැනෙ.
සර්ගෙන් අහන්නත් බැහැ. ඇත්තටම මොකද්ද වගෙ.
‘
අනේ අයියෙ... මම අයින් වෙන්නෙ නැහැ. සර් ඇයි දන්නෙ නැහැ එහෙම කිව්වෙ.‘
‘
එකනෙ බං... උඹ අයින් වෙනවානං ඉස්සර වෙලා මට කියනවනෙ. කෝකටත් උඹ හවසට නෝමල් එකෙ
ලොක්කගෙන් අහලා බලහන් මොකද්ද මේ කතාවෙ
තේරුම කියලා...‘
‘
එතකොට සර් දැන ගනිවිනෙ ඔයා මට කිව්වා කියලා...‘
‘
ඒකට මොකද බං... මම උඹෙන් ඇහුවා කියපන් ඉතින්. ලොක්කත් හරි උත්තරයක් දුන්නෙ
නැනෙ...‘
‘
අනේ මට මොකද්ද බයක් දැනෙනවා අයියෙ... රස්සාව නැති වුණොත් මම ඉවරයි. තව දවස් දෙකයි
පන්ති තියෙන්නෙ. ඉට පස්සෙ මට නිවාඩු ඕනි නැහැ...‘
‘
අඩන්න එපා බං පොඩි එකා වගෙ...‘ රත්නසිරි අයියා එහෙම කියද්දිත් මයෙ කඳුලු කම්බුල්
වලට ඇවිත්... ‘ හරි හරි මම ඔෆ් වෙනවා. උඹ හවස හෙමින් ලොක්කගෙන් අහලා බලහන් මොකද්ද
වෙන්නෙ කියලා...‘
මම
ඔලුව වැනුවා.
එදා
දවසම මට ලොකු බයක් දැණුනා. සර් ඇත්තමට මට මොකවත් කිව්වෙ නැහැ. බදාදා නිසා සර්
ගොඩක් බිසි. ගිහින් අහන්නත් බැහැ. හවස් වෙනකල් ඉන්න වෙනවා. මම දවල්ට කැවෙත් නැහැ.
එහෙමට කන්න ප්‍රියතාවයක් නැහැ. හිත නොසන්සුන්. බයයි. මොකද්ද සර් රත්නසිරි අයියට මේ
කිව්වෙ. මම ජොබ් වලට දැම්මා කියලා සර්ට ආරංචි වෙලා තරහ ගිහින්වත්ද? මාව රස්සාවෙන්
අයින් කරන්නෙ තව කෙනෙක් ගන්න ඉන්නවද? දන්නෙ නැහැ දෙයියනේ... යන්තං ඔලුව උස්සගෙන
එද්දිම ඇයි මෙහෙම වෙන්නෙ...
ටිකක්
හවස් වෙනකල් කොහොම හරි ඉදලා මම සර් ඉන්න කාමරෙට ගියා. මම කාමරෙ දොර ගාව ඉන්නවා
දැක්ක සර් මට කතා කරා.
‘
මොකද බංඩාර... මොකක් හරි උවමනාවක් ද?‘
මම
මුකුත් නොකියා හිටියා... මයෙ ඇස් වල කදුළු පිරිලා. මෙහෙම වෙන්නෙ ඇයි... ඇත්තමට මට වරදක් නොකර මෙහෙම දෙයක් වෙද්දි ඇස්
වලට කදුළු එනවා.
‘
බංඩාර...‘ මයෙන් සද්දයක් නැති නිසාද කොහෙද සර් ආයෙක් කතා කරා...‘ මම දැක්කා උදේ
ඉදලා කාමරේ වටේ කැරකෙනවා මේ පැත්ත බල
බල... මොකද්ද දරුවෝ කියන්න තියෙන්නෙ.
මොකක් හරි ප්‍රශ්නයක් ද? ඇයි මේ
අඩන්නෙ...‘
ඇස්
වල පොර කගෙන හිටිය කදුළු ඒ කතාවත් එක්ක බිමට
වැටුණා. මම යටි තොල හපාගෙන බිම බලාගෙන හිටියා.
‘
බංඩාර...‘ සර් ආයෙත් කතා කරා...‘ ඔහොම හිටියා කියලා මට ඔයාගෙ හිතෙ තියෙන දේ කියන්න
බැනෙ. මෙතන විසදුමක් ගන්න ඔයාගෙ ප්‍රශ්නෙ කියන්න වෙනවා. එක්කො ඔයා අඩලා ඉවර වෙන්න.
නැත්තම් මොකක්වත් කරන්න බැනෙ...‘
‘
සර්...‘ මම කතා කරා...
‘
ඔව් කියන්න... මොකද්ද ගැටලුව...
‘
සර්... රත්නසිරි අයියා කිව්වා...‘
‘
මොකද්ද...‘
‘
මට අලුත් ජොබ් එකක් හොයගන්න වෙන කතාවක්...‘ මම
කිව්වා.
සර්ට
හිනා...
‘
රත්නයා ඔය ටිකට ඒක බංඩාරගෙ කනෙ තිබ්බද?‘
‘
සර්... මම නොදැන මයෙන් වරදක් වුණාද?‘
‘
අයියෝ නැහැ බංඩාර...‘
‘
අනේ බුදු සර්...‘ මම අත් දෙක එකතු කරලා සර්ට වැන්දා...‘ මට ආයෙත් අලුත් රස්සාවක්
හොයන්න බැහැ සර්... මාව අයින් කරන්න එපා සර්..‘ මම එහෙමම සර්ගෙ කකුල් ළඟ වැද
වැටුණා.
මම
වඳිද්දි සර් මාව නැගිට්ටෙව්වා....
‘
දරුවෝ...‘ සර් මයෙ ඔලුව අත ගෑවා.‘ මෙතන වැරදි වැටහීමක් තියෙන්නෙ... මම ඔයාව අයින්
කරනවා කිව්වෙ නැහැ. රත්නෙට මම කිව්වෙ තව කෙනෙක් ගන්න වෙයි කියලා වෙන දේකට..‘
මම
බිම බලාගෙන ඇස් වල කඳුළු පිහිදාන ගමන් සර් කියන දේ අහගෙන හිටියා.
‘
බංඩාර වාඩි වෙන්නකො...‘ සර් මට ඉස්සරා පුටුවෙන් වාඩිවෙන්න කිව්වා. හැමෝම වගෙ
ගිහින්. මමයි සර්රුයි විතරයි ඉන්නෙ බැංකුවේ. ඉස්සරා දොර වහලා තියෙන්නෙ. පිටි පස්සේ
දොර ඇරලා තියෙන්නෙ හදිසි වැඩ වලට. ඒකත්
සර් ගියාම වහලා මම එළියට වෙලා ඉන්නවා.
======================
I’m on
the way…’ (අවසානය)
‘
බංඩාර...‘ සර් කතාව පටන් ගත්තා. ‘ මට මතකයි බංඩාර පළවෙනි දවසෙම මෙහෙට ආපු විදිහ.
එදා ඉදලා මේ වෙනකල් බංඩාර ගොඩක් හොදට වැඩ කරා. බැංකුවෙ කාගෙත් හිත දිනා ගත්තා.
හැමෝටම උදව් කරා....‘
සර්
ඇයි මේ අද අමුතු විදිහට කතා කරන්නෙ.
‘
බංඩාර මම කියන දේ හොඳට අහගන්න... මම මේක තව දවසක් දෙකක් ඉදලා කියන්න හිතුවෙ. ඒත් රත්නසිරි මේක බංඩාරට කිව
නිසා මම මේ කියන්නෙ.
‘
මොකද්ද සර්...‘ මම ඇහුවා.
‘
ගිහංස රංගනාත් බංඩාර...‘ සර් මයෙ සම්පූර්ණ නම කිව්වා. ‘ දැන් දුක් වින්දා ඇති
පුතේ...‘ සර්ගෙ කට හඩ බාල වුණා. සර් පුතා
කියද්දිම මයෙ ඇස් දෙක ලොකු වුණා. මම දුක් වින්දා කියලා කොහොමද සර් දන්නෙ...‘
පාරවල් ගානෙ ඇවිද
ඇවිද, බස්ටෑන්ඩ්, ස්ටේෂන් වල නිදියගෙන උඹ කොහොම හරි උඹේ ඉගනීම කර ගත්තා.
වේලක් ඇර වේලක් කාලා, කෑමට වඩා වතුර වලින් බඩ පුරවගෙන උඹ පුදුම ජීවිත පාඩමක් ඉගෙන
ගත්තා. ඒක කැම්පස් එකකින් ගන්න බැරි තරං හොද සමාජ පාඩමක් පුතේ...‘ දෙයියනේ සර්
කොහොමද මේවා දන්නෙ. කවුද මම මෙහෙම පාරවල් ගානේ නිදා ගත්තා කියලා සර්ට කිව්වේ....
‘
ඇවිත් මාස ගාණක් යනකල් උඹ ගැන මට හොයන්න බැරි වුණා. හොයනවට වඩා ඒකට මට උවමනාවක්
තිබ්බෙ නැහැ. මොකද උඹත් මෙතන එක සේවකයෙක් විතරයි කියන තැන මම හිටියෙ. උඹට ඉගෙන ගන්න ඕනි නිවාඩු ටික හදලා
දුන්නා මිසක් ඒවා ගැන වැඩිය මම හෙව්වෙ නැහැ. ඒත් මම පෙරේදයි දැන ගත්තෙ උඹ මෙච්චර
කාලයක් මොනවද කරේ කියල...‘
‘
සර්....‘ මම පුටුවෙන් නැගිට්ටා...‘ සර් කියන දේ මට තේරෙන්නෙ නැහැ...‘
‘
පුතේ... ‘ සර් මට වාඩිවෙන්න සන් කරා... මම පුටුවෙන් ආයෙත් වාඩි වුණා... සර් සර්ගෙ
ෆෝන් එක අරගෙන මොනවද එබුවා. එක පාරම මයෙ ෆොන් එක රින් වුණා... මේ වෙලාවෙ කවුද අප්පා
කතා කරන්නෙ... සර් කිසිම වෙනසක් නැතිව හිටියා. මම හිමින් ෆොන් එක සාක්කුවේ
තියෙද්දිම කට් කරා. සර් තාම ෆොන් එක ඔබනවා. ආයෙත් කෝල් එකක්. මොන මගුලක්ද අප්පා.
මම ආයෙත් කට් කරා.
සර්
එක පාරම මයෙ පැත්තට සර්ගෙ ෆොන් එක
හැරෙව්වා. මට කට උත්තර නැති වුණා. දෙයියනේ මයෙ ෆේස්බුක් එක...
මම බිම බලාගත්තා.
‘
මෙච්චර කට්ටක් කනවා කියලා ඇයි මට පොඩ්ඩක් කියන්න බැරි වුණේ... කොළඹ ඉන්න තැනක්
නැහැ කියලා කීවනං කොහොන් හරි තැනක් හොයලා දෙනවනෙ. මම හිතුවේ කලින් කියපු නැදැ ගෙදර
ගිහින් වැඩ ටික පාඩුවේ කර ගන්නවා කියලා. මෙතනත් ඔයා අවුලක් දා ගත්තෙ නැති නිසා
ඒ ගැන සැක කරන්නත් දෙයක් වුණේ නැහැනෙ. එක
එක්කෙනාගෙ ඇගවල් මිරිකලා හොයන සතෙත් ගෙදරට යවලා ඔයා මේ කරපු දේවල්..... මට මම ගැනම
ලැජ්ජයි පුතේ... මට මීට වඩා ඔයා ගැන හොයන්න තිබ්බා. එක අතකින් මට ඒක ආදාළ දෙයක්
නෙමෙයි. ඒත් මම හිතාගෙන හිටියෙ ඔයාගෙ පාඨමාලාව ඉවර වුණ ගමන් ඔයාට වෙන රස්සාවක්
හොයලා දෙන්න. කොහොම හරි දැන් පාඨමාලාව ලබන සතියෙන් ඉවරයිනෙ. ඒක නිසා ආයෙත් ඔයාට මේ
දුක් විඳින්න වෙනනෙ නැහැ.
‘
උඹ ගැන මට ආඩම්බරයි පුතේ... ඇත්තමයි...‘
මම
බිම බලාගෙන හිටියා. සර් කොහොමද මයෙ
ෆේස්බුක් එක හොයාගත්තේ... මමත් අර මොකාද එකා වගෙ කරන කියන යන එන හැමදේම එතන
දැම්මානෙ. ෂික්... කොහොමද මම සර්ට මූණ දෙන්නෙ.
‘
පාඨමාලාවට අමතරව ඔයා මොනවද කරේ කියලා මම අහන්නෙ නැහැ. මොනවා කරත් ඒ හැමදේම ඔයා කරේ
ඒ වෙලාවෙ කරන්න උන හින්දා කියලා මම දන්නවා. ඔයා කැමතිනං හෙට ඉදලා අලුත් ජොබ් එකට
යන්න...‘
මොකද්ද
මේ සර් කියන අලුත් ජොබ් එක...
‘
ඇයි ගිහංස මුකුත් නොකියන්නෙ...‘
මම
කදුළු පිරුණු ඇස් වලින් යටි තොල හපාගෙන සර්ගෙ මූණ දිහා බැලුවා.
‘
සර්...‘ මම කැඩෙන වචන වලින් කතා කරා. ‘ සර් කොහොමද මයෙ ෆේස්බුක් එක දැක්කෙ...?‘
සර්
හිනාවුණා.
‘
යකෝ ඒකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ...‘
මම
ආයෙත් බිම බලාගත්තා.
‘
මම නිකමට මසාජ් ගැන තියෙන ජොබ් ටිකක් හෙව්වා. එතකොට තමයි අපේ මේ මොබයිල් මසාජ්
කොල්ලාගෙ විස්තර ආවේ....‘
අහ්....
එහෙම හෙව්වාම මම ගැන විස්තර එනවද ඒ කියන්නෙ. මම ඉන්ටනෙට් එකෙ ඒ තරං ජනප්‍රියයිද ?
‘
මම එකෙ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්කන් කතා කරලා බැලුවා. අවුලක් නැහැ. කොල්ලා හොදයි
කිව්වෙ. හොද සර්විස් එකක් දෙනවා කිව්වා...‘
අයියෝ....
මම ඉවරයි. මොකාගෙන් මොනවා ඇහුවද මන්දා...
‘
හරි හරි... දැන් ඒ කතා වැඩක් නැහැ. හොටෙල් එකකින් කැමති ඔයාව ගන්න. හොද පඩියක්
දෙනවා. සහතිකයක් තියෙන හින්දා පිළිගැනීමත් තියෙනවනෙ. ඒ හින්දා සහතිකෙ ගත්ත ගමන්
අපි වැඩේ කරමු. එයාලා කිවා එතකල් ඇවිත් පුරුදු වෙන්න කියලා...‘
‘
කොහෙද සර් තැන...‘ මම ඇහුවා.
‘
කොළඹ හිටියොත් උඹ නැති වෙනවා පුතෙ. දැනටමත් උඹ හොද පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ. ඒ හින්දා
උඹ ආයෙත් ගමට යන එක තමයි
හොද..?‘
‘
අනුරාධපුර...‘
‘
ඇයි දැන් අනුරාධපුර නෙමෙයිද ගෙවල්...‘ සර්ට
හිනා...
‘
ගෙදරට යන්න තියෙනවනං කොච්චර එකක්ද සර්...‘ මම කිව්වා.
‘
හරි රංගයෝ... දැන් හොදටම රෑ වෙලා. මටත් හරි මහන්සියි. එහෙනං අද ඔය ඉන්න
විදිහටම ඉදලා හෙට උදේ යන්න ලෑස්ති වෙන්න. මමත් උදේ ඇවිත් ලියුම හදලා දෙන්නම්. රංගට
එළියේ අපහසුනම් අද ඇතුළේ නිදා ගන්න. අද බැංකුවේ අවසාන රෑ නිසා...‘
සර්
ඒක කිව්වේ කිසිම බරක් පතලක් නැතිව. අනේ මේක විහිලුවක්ද? මට කල්පනා කරන්න වෙලාවක්
තිබ්බෙ නැහැ. සර් පුටුවෙන් නැඟිට්ටා.
‘
මම එළියෙ ඉන්නම් සර්...‘ මම කිව්වා.
‘
ඒ මොකො බං..‘ සර් දැන් කතා කරන්නෙ යාලුවෙක් වගෙ...
‘
මම කැමති අවසාන දවසත් ඒ විදිහටම ගෙවන්න... ඒක හරි සුන්දර දෙයක් සර්...‘
‘
හරි හරි මට නං දැන් හොදටම පරක්කුයි. මිනිහා අද මාව එළියෙන් තියයිද දන්නෙ නැහැ...‘
සර් එහෙම කියලා බෑග් එකත් අරගෙන බැංකුවෙන් එළියට ගියා. මම යතුර සීල් කරලා සර්ට දුන්නා.
මට
හෝන් එකකුත් ගහලා සර් යන්න ගියා.
‘
මිනිහා...‘ සර් එහෙම නේද කිව්වෙ. සමහර විට වැරදිලා වෙන්න ඇති...
දවසින්
දෙකෙන් මොන තරං වෙනසක්ද මේ වෙන්න යන්නෙ. ඉස්සර රස්සාවක් හොයන්න මොන තරං කට්ටක් මම
කෑවද? ඒත් අද රස්සාව මම ගාවට හොයාගෙන ඇවිත්. ඉස්සරාහට අලුත් රස්සාවක්. මම බිත්තියට
හේත්තු වුණා. ඇස් දෙක පියා ගත්තා.
පහුවදා
උදේ සර් බැංකුවට ඇවිත් තිබුණා. හැබැයි සර්ගෙ කාර් එකෙන් නෙමෙයි. වෙන කාර් එකක්.
එකෙ ඉස්සරා ඩොක්ටලා ගහන කාර් පාස් එක ගහලා තිබුණා. සර්ත් නෙමෙයි ඩ්‍රයිව් කරෙ. වෙන
කවුද කෙනෙක්. මම සර්ට විෂ් කරලා යතුර අරගෙන
දොර ඇරියා.
‘
රත්නසිරි ආවේ නැද්ද තාම...‘ සර් මම දොර අරිද්දි ඇහුවා.
‘
දැන් එනවා ඇති සර්...‘ මම කිව්වා. මනුස්සා තව පැය භාගයක්වත් යයි එද්දි. අද සර්
කලින් ඇවිත්නෙ...
‘
එහෙනං රංග බෝඩිමට ගිහින් ලෑස්ති වෙන්න. තියෙන සේරම එකතු කරගෙන...‘ සර් හරිම සරල
විදිහට කිව්වා.
‘
සර්...‘
‘
හ්ම්...‘
‘
රත්නසිරි අයියා එනකල්...‘
‘
නැ නැ .... තවත් පරක්කු වෙනවනෙ. දැන් අනුරාධපුර යන්න එපැයි. ඒ හින්දා ලෑස්ති වෙන්න
ගිහින්. ලෑස්ති වෙලා මට කෝල් එකක් දෙන්න...‘
තවත්
මොනා හරි කිව්වොත් හොදට බැනුම් අහන්න වෙනවා. ඒ හින්දා මම එළියට ඇවිත් බැංකුවේ
තිබ්බ අඩුම කුඩුම ටික බැග් එකට දාගෙන පාරට ආවා. මෙන්න බොලෙ අර කාර් එකෙ හිටපු සර්
මයෙ පිටට තට්ටුවක් දාලා කතා කරා.
‘
නඟින්න කාර් එකට...‘ නමක් දන්නෙ නැති ඒ සර් කිව්වා. මම මූණ දිහා බලාගෙන හිටියා. ‘
යමු බෝඩිමට...‘
යකො...
මේ මොකද මේ වෙන්නෙ. කාගෙ නෑ කමද්ද මේ... එක පාරම ඇවිත් කතා කරලා බෝඩිමට යමු කියන්න
තරං...
‘
රංග...‘ සර් එළියට ඇවිත්.
‘
සර්...‘ මම සර් ගාවට යන්න හැදුවා...
‘
මේ අයියත් එක්ක යන්න. එතකොට ඉක්මනින් වැඩ ටික කරගෙන
එන්න පුළුවන්නෙ...‘
මම
ඔලුව වැනුවා...
අර
සර් කාර් එක බැංකුව ගාවට ගෙනත් දොර ඇරියා... මම වාඩි වුණා.
‘
මොකො බය වුණාද මම කිවාම යන්න...‘ හිනාවෙලා ඒ සර් ඇහුවා. මමත් හිනාවුණා.
‘
අපි රංග ගැන කතා වුණා...‘
මම
මුකුත් කිව්වෙ නැහැ. මම ගැන මොනවා කතා වෙන්නද දෙයියනේ....
‘
රංග ඇත්තට දියුණු වෙන ළමයෙක්. රංගට
කවුරුත් උදව් කරන්න නැහැ කියලා හිතන්න එපා. ඔයා කරපු කියපු හැමදේම ජීවිතෙ
ඉස්සරාට ගෙනියන්න අත්දැකිම් කර ගන්න මල්ලි...‘
ඒ
කතාවනං ඇත්ත. කවුරුත් උදව් නොකර හිටියෙ නැහැ. ගොඩක් අය මොනවාම හරි උදව් කරා. කතා
කරා. නවාතැන් දුන්නා. කන්න දුන්නා. බලා ගත්තා. ගොඩක් දේවල්. එකින් එක කියන්න
ගියොත් සමහර අය මග ඇරෙවි...
කාර්
එකෙන් බෝඩිමට ඇවිත් මම ඇදුම් ටික ලෑස්ති කර ගත්තා. එතකල් අර සර් කාර් එකට
වෙලා හිටියා. ගෙනියන්න තරං කියලා ගොඩක්
දේවල් නැනෙ. මම පර්ස් එකෙන් සල්ලි අරන් බෝඩිමට දෙන්න කියලා ලියුමක් ලියලා තිබ්බා.
අයියලා නැනෙ කියලා යන්න.
ආයෙත්
බැංකුවටත් ඇවිත් ඉන්න සේරටම කතා කරා. මම සර්ට වඳින්න කාමරෙට යද්දි සර් හිනාවුණා...
‘
උඹ මාව දාලා අනුරාධපුර යන්නද හදන්නෙ...
ඒවානං හදේ පුතේ...‘ ඇත්තටම සර් මට තාත්තා කෙනෙක් වගෙ. ඉගෙන ගන්න පුළුවන් හැම
උදව්වක්ම කරා. පඩියට අමතරව සර්ගෙන් කොච්චරනං මම සල්ලි අරන් ඇද්ද... සර් කවදාවත්
ඒවා ආයෙත් ඉල්ලලා නැහැ...
‘
සර්...‘ මම සර්ට වදින්න සර්ගෙ පුටුව ගාවට ගියා...
‘
පිස්සුද කොල්ලො.... යමං අපිත් යනවා අනුරාධපුර...‘ සර් කියද්දි මට උඩ ගියා... යකෝ ඒ
කියන්නෙ මාව එක්කගෙන යනවද...?
‘
යමු කාර් එකට... මම පොඩි වැඩක් තියෙනවා ඉක්මනින් එන්නම්...‘
සර්
එහෙම කිව නිසා මම ආයෙත් එළියට ඇවිත් හිටියා. අනිත් සර් එක්ක එකතු වෙලා බෑග් ටික
ඩිකියට දැම්මා.
ඉක්මනින්
ඉක්මනින් වචන ගලාගෙන එන නිසා දැන් කතාව නතර කරන්න කාලය හරි වගෙ...
අපි
අනුරාධපුර ගියා. මයෙ ගෙදර. අම්මට ගොඩක් සතුටුයි. සර්ලා දෙන්නා එයාලගෙ අම්මා වගෙ
අපේ අම්මට වැන්දා. මමත් අම්මත් ගොඩක් ඇඩුවා. අම්මා කරන රස්සාව නතර කරලා. හෙට ඉදලා
එයා ජීවත් වෙන්නෙ එයාගෙ පුතා ගාව. ඒ කියන්නෙ මම ගාව.
සර්ලා
හවස මාත් එක්කම ඒ කියන හොටෙල් එකට ගියා. එකෙ නම කියන එක හරි නැහැ. මොකද මාව
ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්නෙ එතකොට...
ටික
ටික වැඩ ටික අල්ලගෙන මම හොටෙල් එකෙ සම්භාහනක විදිහට වැඩ කරන්න පටන් ගත්තා. පාඨමාලාව ඉවර වෙලා සහතිකය ගත්තා. කොළඹට
සමුදුන්න මම ආයෙත් ඉදලා හිටලා ඇවිත් යනවා හැර කොළඹ ගැන හිතන්නෙවත් නැහැ කියලා
කිව්වා. ඒ තරං මට කොළඹ තිත්ත වෙලා. ඒත් සුදු මල්ලිගෙ ඉදලා එදා මෙදා තුර හමුවුණ
කොළඹ හැම කෙනෙක්ටම ගොඩක් පිං... අද මම මාව තේරුං අරන් ජීවත් වෙන්නෙ ඔයාලා හැමදෙනාම
නිසා. එහෙනං දැන් අපි කතාව නතර කරමු... මම තාමත් ගමනේ... කතාවට පුළුවන් තරං කරුණු
එකතු කරා. සමහර දේවල් ඒ විදිහටම ලිව්වා. සමහර දේවල් අයින් කරා. සමහර චරිත දාන්න
බැරි වෙන්න ඇති. සමහර චරිත අහලා දැම්මා. ටික කාලයක් කාතාව නරතවුණා. ඒකට සමාවෙන්න.
කොහොම
වුණත් කතාව සුවිශේෂි කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි අදටත් මයෙම සහෝදරයෝ වගෙ ඉන්න
ඩොක්ටර් අයියා, පහන් අයියා, දමිත් අයියා, රුවන් අයියා, හසී.. වගෙ අය. මේ මයෙ
පවුලෙ යාලුවෝ...
එහෙනං
ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තූතියි... සංජනගෙ තවත් කතාවක් මේ විදිහට නිමා වෙනවා.
ගිහින්
එන්නම්... අහ් නැ නැ....
Im on the way....
ඔබ බලා සිටි අවසන....
No comments:
Post a Comment
ඔබට බොහොමත් ස්තූතියි...