සතිෂ් අයියා පිගන්
දෙකම අරන් ගිහින් හේදුවා. මමත් කෑම මෙසේ තිබුණ පිගන් කුස්සියට ගිහින් දුන්නා. ‘තියන්න මල්ලි. මම
හෝදන්නම්...‘ මම පිඟන් ගෙනත්
තියද්දි සතිෂ් අයියා කිව්වා.
‘හෝදන්න තමයි මේ ගෙනත් තියන්නෙ...‘ මම පිඟන් ටික තියන ගමන් කිව්වා.
‘පුදුම කටත් තමයි මේකනම්. ඇත්තටම ඔයාද මාත් එකක් චැට් කරේ....?‘ සතිෂ් අයියා මගෙ ඇස් දිහා බලාගෙන ඇහුවා.
‘මම කොහොමද ඒක දන්නෙ? මේ වතුර නාස්ති වෙනවා. ඉක්මනට ඔය පිඟන් ටික හෝදනවා.‘
‘හරි ඔයා තමයි.‘
‘මොකක්‘
‘කුණු ලෝභයා ඔයා තමයි මාත් එක්ක චැට් කරේ....‘ සතිෂ් අයියා හිනාවෙන ගමන් පිඟන් ටික හෝදලා රාක්කෙන් තිබ්බා.
සේරම වැඩ හරිම පිළිවෙලයි. ගිය පාර ගාල්ලෙ අයියගේ බෝඩිම වගේ නෙමෙයි. අපෝ එක නම් ගන්දස්සාරේ බැහැ. ඒ මදිවට බල්ලොයි පූසොයි.. අප්පිරියාම සත්තු. .. මම එහෙමම සාලෙට ආවා. ටිකක් සීතලයි වගේ. වැඩිපුර ටී ෂර්ට් එකක් ගෙනාවේ නැනේ මම. මම සාලූව ඇඟට පොරව ගත්තා. එහෙමම සැටියේ ඇළ වුණා. සතිෂ් අයියා දොර ඇරලා වහන සද්දේ ඇහුණා. රෙදි ටික මැෂින් එකට දාලා හෝදන්න. බාත්රූම්එකත් හොඳනවද කොහෙද? මටත් එහෙම අවුලක්නම් නැහැ. කොච්චර නිදහස් ජීවිතයක් ද? මිනිස්සු හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒත් තාවකාලික සතුටක් මිසක් කවුරුත් සදාකාලික සතුටක් ලබන්නේ නෑනේ. බලාගෙන යද්දි අපි විතරක් නෙමෙයි දුක් විදින්නේ. සම්මත විදිහට කසාද බැදපු කී දෙනෙක් ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන අසම්මත වැඩ කොච්චර නම් කරනවද? ඒකත් හරියට අමරසිරි පීරිස් කියන ලදුනේ සිංදුව වගේ...‘ අදුරේ පව් කරන දනා එළියේ රවන ළදුනේ...‘ මම ආසම තේමාවක්. මාත් එක්ක බදුලූ ගියපු පොරට මම අවසානෙට යවපු එස්.එම්.එස් එකනෙ ඒක. දැන්නම් උගෙ ෆොන් එක වැඩත් නැහැ. සමහරවිට ඌ මාව බ්ලැක් ලිස්ට් දාලා ඇති. බොටම් වුණා කියලා උගෙත් ඇති රහක් නැහැනෙ... එක පාරටම නළලට සීතලක් දැණුනා. මම ගැස්සිලා ඇහැරුණා. මේ ගැස්සිලා ඇහැරෙන එක කලින් මට තිබුණනම් කොච්චර හොඳයිද? දැන් තමා ඒකත් හුරුවෙලා තියෙන්න...
‘ඇඟ රස්නෙයි නේද?‘ සතිෂ් අයියා මගෙ නළලට අත තියලා බලලා. ‘මෙන්න පෙනඩොල් දෙකක් බොන්න.‘
‘අපෝ මට බෙහෙත් බොන්න බැහැ.‘ මම කිව්වා. ඇත්තටම මම බෙහෙත් බොන්න ආස නැහැ. එපා වෙලා. පොඩි කාලේ හතිය හැදිලා ස්වල්ප බෙහෙත් තොගයක් බීව්වද මම.
‘ඒකත් එහෙමද‘
සතිෂ් අයියා බෙහෙත් ආයෙත් බෝතලෙට දාලා මොනාද බාම් බෝතලයක් අරන් ආවා. ඒකනම් පට්ට සුවඳයි. මගේ ළගින්ම වාඩිවෙලා කරෙන් ඇඳලා අරන් ඔලූව ඔඩොක්කුව උඩින් තියාගත්තා. මමත් මුකුත් කියන්නෙ නැතිව ඕන දෙයක් කියලා හිටියා. නළලෙයි නළල දෙපැත්තෙයි බාම් ගන්න ගත්තා. සුපිරි හෙඩ් මසාජ් එකක් එක්ක. ලාවට වගේ තිබ්බ හින්දා නිදිමත ඇස් දෙක මටත් හොරෙන් පියාගෙන.
අහම්බෙන් fb chat එකේදි සතිෂ් අයියා මිට් වුණේ. කලින් කලින් මම ලියන කවි වලට පොර ලයික් දැම්මා. පස්සේ කමෙන්ට් කරා. කොහොමත් මට කැහිල්ල තියෙන එකෙ මම චැට් කරා. හිතේ ඇදිලා තිබ්බ රූපෙ වගේම එකක් නිසා මම අවධානෙන් හිටයේ. පස්සේ කවි ලිව්වේ හිමීට එයාට අඟවන්නමයි. ඒක මගෙ කපටිකම වෙන්න ඇති. මගේ ජීවන සහකරු ඩොක්ටර් කෙනෙක් හරි, බැංකු නිළධාරියෙක් හරි, ගුරුවරයෙක් හරි වෙනවනම් හොඳයි කියලනේ මම හිතාන ඉන්නෙ. සතිෂ් අයියා ඒ පොරොන්දම පාස්. මොකද එයා බැංකු නිළධාරියෙක් නිසා.
මට වඩා අවුරුදු 5ක් වගේ වැඩිමල්. තාත්තා නැති වුණාට පස්සේ එයාට ඒ බැංකුවේම ජොබ් එක හම්බෙලා තියෙන්නෙ. දැන් අවුරුදු 27යි සතිෂ් අයියට. බැංකුවේ හොඳ පොස්ට් එකක් තියනවා. නැත්තම් මෙහෙම ගෙවල්, කාර් දීලා තියාගනිවි යැයි. මට සල්ලි වලින් උදව් කරන්න හැදුවත් මම ඒකට කැමති වුණේ නැහැ. ඉදලා හිටලා ස්කයිප් සෙක්ස් කරන්න කාඩ් දාගත්තා වෙන වුන්ගෙන්. ඒත් සතිෂ් අයියගෙන් තවවෙනකල් සත පහකවත් ගත්තේ නැහැ. මට ගන්න හිතුණෙත් නැහැ. රීයල් ෆෙස්බුක් එකේ කලින් මම ගේ කෙනෙක් කියලා කීවාම ගොඩාක් අය මාව බොලොක් කරා. මම පොන්නයෙක් කිව්වා. ඒ අයගෙන් සමහරු ආයෙත් ෆේක් අහනවා අරකෙ සයිස් එක කීයද කියලා. එතකොට මම අඟලට මැනලා උන්ට සයිස් එක කියලා දුන්නා. ඒත් සතිෂ් අයියා මම ගේ කිවාට පස්සේ ඒ ගැන හාර හාර ඇහුවේ නැහැ. එයා කිව්වේ එක මගෙ කැමැත්ත කියලා. මම හිදලා හිටලා එයාව අවුස්සන්න හැදුවත් එයා ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ නිසාමයි මම මගේ කතාව සතිෂ් අයියට කිව්වේ. එයා රෑට පැය ගණන් කතා කරලා මගෙ දුක තුනී කරා. මම ඇඬුවා. ගෙදරට නැහුණ ඒ දුක සතිෂ් අයියට ඇහුණා.
සීතල හුළං එක්ක තටු විහිදලා පියාඹනවා වගෙයි හිතට දැන් දැනෙන්නෙ. වෙනදා වටයක් දාන්න ගියාම එක විකාරයයි. අද කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. හිත නිදි. මෙච්චර කාලෙකට තිබුණ කාමුක හැගිම් යටපත් කරගෙන නිදි. හීලෑකරපු අලියෙක් වගේ.
‘හෝදන්න තමයි මේ ගෙනත් තියන්නෙ...‘ මම පිඟන් ටික තියන ගමන් කිව්වා.
‘පුදුම කටත් තමයි මේකනම්. ඇත්තටම ඔයාද මාත් එකක් චැට් කරේ....?‘ සතිෂ් අයියා මගෙ ඇස් දිහා බලාගෙන ඇහුවා.
‘මම කොහොමද ඒක දන්නෙ? මේ වතුර නාස්ති වෙනවා. ඉක්මනට ඔය පිඟන් ටික හෝදනවා.‘
‘හරි ඔයා තමයි.‘
‘මොකක්‘
‘කුණු ලෝභයා ඔයා තමයි මාත් එක්ක චැට් කරේ....‘ සතිෂ් අයියා හිනාවෙන ගමන් පිඟන් ටික හෝදලා රාක්කෙන් තිබ්බා.
සේරම වැඩ හරිම පිළිවෙලයි. ගිය පාර ගාල්ලෙ අයියගේ බෝඩිම වගේ නෙමෙයි. අපෝ එක නම් ගන්දස්සාරේ බැහැ. ඒ මදිවට බල්ලොයි පූසොයි.. අප්පිරියාම සත්තු. .. මම එහෙමම සාලෙට ආවා. ටිකක් සීතලයි වගේ. වැඩිපුර ටී ෂර්ට් එකක් ගෙනාවේ නැනේ මම. මම සාලූව ඇඟට පොරව ගත්තා. එහෙමම සැටියේ ඇළ වුණා. සතිෂ් අයියා දොර ඇරලා වහන සද්දේ ඇහුණා. රෙදි ටික මැෂින් එකට දාලා හෝදන්න. බාත්රූම්එකත් හොඳනවද කොහෙද? මටත් එහෙම අවුලක්නම් නැහැ. කොච්චර නිදහස් ජීවිතයක් ද? මිනිස්සු හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒත් තාවකාලික සතුටක් මිසක් කවුරුත් සදාකාලික සතුටක් ලබන්නේ නෑනේ. බලාගෙන යද්දි අපි විතරක් නෙමෙයි දුක් විදින්නේ. සම්මත විදිහට කසාද බැදපු කී දෙනෙක් ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන අසම්මත වැඩ කොච්චර නම් කරනවද? ඒකත් හරියට අමරසිරි පීරිස් කියන ලදුනේ සිංදුව වගේ...‘ අදුරේ පව් කරන දනා එළියේ රවන ළදුනේ...‘ මම ආසම තේමාවක්. මාත් එක්ක බදුලූ ගියපු පොරට මම අවසානෙට යවපු එස්.එම්.එස් එකනෙ ඒක. දැන්නම් උගෙ ෆොන් එක වැඩත් නැහැ. සමහරවිට ඌ මාව බ්ලැක් ලිස්ට් දාලා ඇති. බොටම් වුණා කියලා උගෙත් ඇති රහක් නැහැනෙ... එක පාරටම නළලට සීතලක් දැණුනා. මම ගැස්සිලා ඇහැරුණා. මේ ගැස්සිලා ඇහැරෙන එක කලින් මට තිබුණනම් කොච්චර හොඳයිද? දැන් තමා ඒකත් හුරුවෙලා තියෙන්න...
‘ඇඟ රස්නෙයි නේද?‘ සතිෂ් අයියා මගෙ නළලට අත තියලා බලලා. ‘මෙන්න පෙනඩොල් දෙකක් බොන්න.‘
‘අපෝ මට බෙහෙත් බොන්න බැහැ.‘ මම කිව්වා. ඇත්තටම මම බෙහෙත් බොන්න ආස නැහැ. එපා වෙලා. පොඩි කාලේ හතිය හැදිලා ස්වල්ප බෙහෙත් තොගයක් බීව්වද මම.
‘ඒකත් එහෙමද‘
සතිෂ් අයියා බෙහෙත් ආයෙත් බෝතලෙට දාලා මොනාද බාම් බෝතලයක් අරන් ආවා. ඒකනම් පට්ට සුවඳයි. මගේ ළගින්ම වාඩිවෙලා කරෙන් ඇඳලා අරන් ඔලූව ඔඩොක්කුව උඩින් තියාගත්තා. මමත් මුකුත් කියන්නෙ නැතිව ඕන දෙයක් කියලා හිටියා. නළලෙයි නළල දෙපැත්තෙයි බාම් ගන්න ගත්තා. සුපිරි හෙඩ් මසාජ් එකක් එක්ක. ලාවට වගේ තිබ්බ හින්දා නිදිමත ඇස් දෙක මටත් හොරෙන් පියාගෙන.
අහම්බෙන් fb chat එකේදි සතිෂ් අයියා මිට් වුණේ. කලින් කලින් මම ලියන කවි වලට පොර ලයික් දැම්මා. පස්සේ කමෙන්ට් කරා. කොහොමත් මට කැහිල්ල තියෙන එකෙ මම චැට් කරා. හිතේ ඇදිලා තිබ්බ රූපෙ වගේම එකක් නිසා මම අවධානෙන් හිටයේ. පස්සේ කවි ලිව්වේ හිමීට එයාට අඟවන්නමයි. ඒක මගෙ කපටිකම වෙන්න ඇති. මගේ ජීවන සහකරු ඩොක්ටර් කෙනෙක් හරි, බැංකු නිළධාරියෙක් හරි, ගුරුවරයෙක් හරි වෙනවනම් හොඳයි කියලනේ මම හිතාන ඉන්නෙ. සතිෂ් අයියා ඒ පොරොන්දම පාස්. මොකද එයා බැංකු නිළධාරියෙක් නිසා.
මට වඩා අවුරුදු 5ක් වගේ වැඩිමල්. තාත්තා නැති වුණාට පස්සේ එයාට ඒ බැංකුවේම ජොබ් එක හම්බෙලා තියෙන්නෙ. දැන් අවුරුදු 27යි සතිෂ් අයියට. බැංකුවේ හොඳ පොස්ට් එකක් තියනවා. නැත්තම් මෙහෙම ගෙවල්, කාර් දීලා තියාගනිවි යැයි. මට සල්ලි වලින් උදව් කරන්න හැදුවත් මම ඒකට කැමති වුණේ නැහැ. ඉදලා හිටලා ස්කයිප් සෙක්ස් කරන්න කාඩ් දාගත්තා වෙන වුන්ගෙන්. ඒත් සතිෂ් අයියගෙන් තවවෙනකල් සත පහකවත් ගත්තේ නැහැ. මට ගන්න හිතුණෙත් නැහැ. රීයල් ෆෙස්බුක් එකේ කලින් මම ගේ කෙනෙක් කියලා කීවාම ගොඩාක් අය මාව බොලොක් කරා. මම පොන්නයෙක් කිව්වා. ඒ අයගෙන් සමහරු ආයෙත් ෆේක් අහනවා අරකෙ සයිස් එක කීයද කියලා. එතකොට මම අඟලට මැනලා උන්ට සයිස් එක කියලා දුන්නා. ඒත් සතිෂ් අයියා මම ගේ කිවාට පස්සේ ඒ ගැන හාර හාර ඇහුවේ නැහැ. එයා කිව්වේ එක මගෙ කැමැත්ත කියලා. මම හිදලා හිටලා එයාව අවුස්සන්න හැදුවත් එයා ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ නිසාමයි මම මගේ කතාව සතිෂ් අයියට කිව්වේ. එයා රෑට පැය ගණන් කතා කරලා මගෙ දුක තුනී කරා. මම ඇඬුවා. ගෙදරට නැහුණ ඒ දුක සතිෂ් අයියට ඇහුණා.
සීතල හුළං එක්ක තටු විහිදලා පියාඹනවා වගෙයි හිතට දැන් දැනෙන්නෙ. වෙනදා වටයක් දාන්න ගියාම එක විකාරයයි. අද කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. හිත නිදි. මෙච්චර කාලෙකට තිබුණ කාමුක හැගිම් යටපත් කරගෙන නිදි. හීලෑකරපු අලියෙක් වගේ.
තරු එකින් එක පිපිලා
දැක්කද?
සද නැති අමාවකක් තමයි
අහස නම්
ඒත්
නිවි නිවි දැල්වෙන තරු
ඔයාගේ මේ නිල්පාට අහස
වගේ
තරහා නැත්තම් එනවද
තුරුළට ටිකක්
සත්තයි පොරොන්දු වෙනවා
රිදවලා මිරිකන්නේ නැහැ
කියලා...
-------------------------------------------------------------------------------------
දොළොස් වන සිත්තම
එක පාරම මම ගැස්සිලා ඇහැරුණේ කොහොමත් මට තියෙන හොඳ පුරුද්දක් නිසා. ගෙදර හිටියත් නිදාගෙන ඉද්දි පාන්දර එකට දෙකට මට ඇහැරෙනවා. කොහෙද මම මේ ඉන්නේ...? අහ් මම කොළඹ ආවනෙ. කො බොලේ සතිෂ් අයියා. ආයෙත් නැඟිටලා ජනේලිය ගාවට ගියා. කලින් වෙලාවේ හිටිය තැනම තමයි ඉන්නෙනම්. ලයිට් එක දාලා බැලූවා. සතිෂ් අයියා කාමරේ නැහැනෙ. අඩෙ මාව දාලා මේකා කොහේ ගියද?
මම පඩිපෙළ හිමීට බැහැගෙන ආවා. ඇස් දෙක අදහගන්න බැරි වුණා. අනේ දෙයියනේ මේ ටි‍්‍රබල් ඇඳක් තියෙද්දි සතිෂ් අයියා තනියම සැටියට වෙලා නිදි. රෙද්දක්වත් පොරවගෙන නැහැ. මම පඩිපෙලේ ඉදගත්තා. ටිකක් වෙලා සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා. මාර්ටින් වගේම තමයි. අහ් මාර්ටින් කියන්නෙ මගෙ රට යාලූවෙක්. ගේ නෙමෙයි. ඒත් මගෙ හිතේ ඇදුණ රූපේ එක තමයි. මොකද මගෙ ආත්මීය ආදරෙ ඒ වගෙ නිසා. ඒ ආත්මීය ආදරෙන් ගොඩාක් පාඩම් ඉගන ගත්ත නිසයි කවදාවත් අය මල්ලි කෙනෙක්ට ආදරේ කරන්නෙ නැහැ කියලා මම තීරණේ කරේ. කවමදාවත් ඒක නම් කරන්නේ නැහැ. කී පාරක් මැරෙන්න ගිහින්ද මේ ගොඩ ආවේ. අන්තිමට අහගන්න තියෙන සේරම කතා ටික අහගෙන තමයි ඒ ගෙදරින් එළියට ආවේ. ඒව මතක් වෙද්දිනම් ආයෙත් අඬන්න පුළුවන්. මම පඩිපෙළින් නැඟිට්ටා. හෙමින් හෙමින් සතිෂ් අයියා ගාවට ගියා. මම පොරවගෙන ආව බෙඩ් ෂීට් එක එයාට පෙරෙව්වා. ඒක පොරවද්දිම සතිෂ් අයියා ලාවට ඇස් ඇරලා බැලූවා. එයා ලාවට හිනාවක් දාලා,
‘මොකද හීනෙන් ඇවිදිනවද?‘ කියලා ඇහුවා
‘ඇයි මෙතන නිදි අයියේ....‘
‘මෙතන සීතලයිනේ. මදුරුවොත් ඉන්නවා. අච්චර ලොකු ඇඳක් තියෙද්දි ඇයි මේ.....‘
‘ඔයා කිව්වනෙ කාත් එක්කවත් නිදා ගද්දි ඔයාට ? නින්ද යන්නේ නැහැ කියලා..‘
අනේ සතිෂ් අයියා මම කීව සේරම මතක තියාගෙන ඉදලානෙ. කිව්වනම් තමයි. වටේ ගිහින් ඉද්දි කොහොමද නිදාගන්නෙ. මොනව හරි කරලා ගියොත් එහෙම...
‘මොනවද කල්පනා කරන්නෙ. දැන් පාන්දර 2යි. නිදා ගන්න ගිහින්...‘
‘මට බැහැ.‘
‘ඇයි?‘
‘සීතලයි මට...‘
‘ඉතින් මේ බෙඩ්ෂීට් එක අරගෙන ගිහින් පොරවගෙන නිදාගන්නකෝ‘
‘එතකොට ඔයාට සීතලයිනෙ‘
‘මට සීතල නෑ මල්ලියෝ... මම සමහර දවස් වල ඇවිත් මෙහෙම නිදාගන්නවනෙ. ‘
‘අපරාදේ ඇඳක් ගත්තෙ...‘
මම උඩ තට්ටුවට එන්න හැරුණා. සීතල නැත්තම් නිදාගත්තදෙන්. මට මොකො. අච්චර හොඳ ඇඳක් නෙට් එකක් දාලා තියෙද්දි පව් ගෙවනවා...
සතිෂ් අයියා එක පාරම මාව ඇඳලා ගත්තා.
‘හිතුවද ළගට ආවම යන්න දෙයි කියලා.‘
මම කැරකිලා ගිහින් සතිෂ් අයියා ගාව වැටුණා. දැන්නම් එයාගෙ පපුව උඩ. ඩිග් ඩිග් ගාලා පපුව ගැගෙනවා. සතිෂ් අයියා මාව පැත්තට තුරුල් කර ගත්තා. හරියට වහු පැටියෙක් වගේ. පැත්තට නිදා ගන්න. බෙඩ්ෂීට් එක දෙන්නටම පෙරෙව්වා. මගෙ අත දෙකත් අල්ලන් මගෙ පපුවට තුරුල් කර ගත්තා. මගේ නළලට හාදු ගොඩායි. මගේ හිත පුරුණා. මේකනම් ඇත්තටම හීනයක්. රාගයක් ගැවිලාවත් නැහැ.
පැතුම් පුරන්නද ආයෙත්
මම
අත් අල්ලන් දුර යන්නට
සද මඩල ලගට වෙලා
මඟ බලාන ඉන්නවද
තරු කැටිති අතර මැද
සිදි ගියොත් තටු යුග
දුවලා ඇවිත් මාව
එක්කන් යනවා නේද?
විෂ නොමැති තුඩින් ඔබෙ
නැති නමුත් මකරන්ද
ඇසි පිල්ලමක් යටින්
තබාගන්න පුළුවන්ද
------------------------------------------------------------------------------------
දහතුන් වන සිත්තම
උදේ නැඟිට්ද්දි මම ආයෙත් ඇඳේ. මේකව නම් හම ගහන්න ඕන. වේලාව 8යි. වැඩට යන්නේ නැද්ද දන්නේ නැහැ. අහ් අද ඉරිදනෙ. මම ආවේ ඊයේ. සතිෂ් අයියට සැටිස් නැත්තම් ආපහු හතරේ ටේ‍්‍රන් එකේ ගෙදර යන්න හිටියෙ. මම කොළඹ කියල ගෙදරට කියන්න වෙයිද ? හ්ම්.... තව වෙනකල් මට කතා කරලා මම කොහෙද කියලවත් ගෙදරින් ඇහුවේ නැනේ. ගෙදරට මම හිටියත් එකයි. නැතත් එකයි. සල්ලි මොනවා හරි ඕන වුණොත් කොහෙ හිටියත් කතා කරලා විස්තර අහවි. අනෙ ඕන නැ....
මම ඇඳෙන් නැඟිටලා කුස්සියට ගියා. සතිෂ් අයියා කෑම හදලා ඉවරයි. සේරම මේසෙ තියල... ඉඳිආප්ප මාළු හොදි එක්ක. කටට කෙලත් එනවා. ඉඳිආප්ප හදන්නත් දන්නවද බොලේ මෙයා... ඉස්සර දොර ඇරලා තිබුණ නිසා මම එළියට ගිහින් බැලූවා කොයි කියලා. ආව්... මල් වලට වතුර දානව...
‘දැන්ද නැඟිට්ටෙ...‘ මම දිහා හිනාවෙලා බලලා සතිෂ් අයියා ඇහුවා.
‘නැහැ. ? ඉදන් නැඟිටලා හිටියෙ...‘
‘එහෙමද?‘
‘මොකද මාව ආයෙත් ඇඳෙන් තිබ්බෙ...‘
‘ඇයි ඇහැරලා හිටියනම් මගෙන් අහන්නේ. හාහාහාහා‘
මුගෙ ආච්චිට හාල් ගරන්න....
‘මම බැලූවේ මොනවද කරන්නෙ කියලා...‘ මම ඉස්සරා පඩියෙ වාඩිවෙන ගමන් කිව්වා.
‘මොනවද දැන් මම කරේ..‘
‘මොකවත් කරපු නැති එකනෙ හිතට දුක..‘
‘ඇයි මොනව හරි කරගන්නද ආවේ දැන්?‘
‘නැහැ. මොනවා හරි කරලා යන්න..‘ මම හිනා වෙලා කිව්වා.
‘මේ මගෙන් මුකුත් නාහා ගිහින් දත් මැදලා මූණ හොඳ ගන්නවා.‘
‘කියනවකෝ මටත් ටිකක් දැන ගන්න...‘ මමත් රණ්ඩුවටම කියාගෙන ගියා.
අයියෝ............. මෙන්න මට වතුර ගැහුවා.... ඉවරයි ඇඟ දැන් ඉතින් නාපන්කො. මම නැඟිටලා ගිහින් පොර බැදුවා. දෙන්නම උදේම නෑවා...
‘හරිද දැන් ආසාව...‘ හාහාහාහ සතිෂ් අයියා මාව උස්සන් බාත්රූම් එකට ආවා.‘ හොඳට නානවා දැන් නැත්තම් හෙම්බිරිස්සාව හැදෙයි..‘ මාව බාත්රූම් එකෙ තියලා සතිෂ් අයියා එළියට යන්න හැදුවා. මම එයාව ඇඳලා ගත්තා.
‘මොකද මේ...‘
‘මාත් එක්ක නාන්නකො...‘
‘නාවන්නද කියන්නේ....‘ සතිෂ් අයියා ෂවර් එක අරින ගමන් ඇහුවා... සීතල වතුර පාර දෙන්නම නාවගෙන ගියා.
‘හ්ම්... ‘ කියන ගමන් මම කමිසෙ ගැලෙව්වා.
සතිෂ් අයියා මාව තුරුල් කර ගත්තා. වතුර වල සීතලට වඩා සතිෂ් අයියගෙ පපුවෙ රස්නෙ මට දැනුණා. මම සතිෂ් අයියගෙ කමිසෙත් ගැලෙව්වා. පිරිමියෙක්ට තියෙන ලස්සනම පපුව. පිටින් විතරක් නෙමෙයි ඇතුළිනුත් මම දැක්කෙ සතිෂ් අයියගෙ වෙන්න ඕන. මම සතිෂ් අයියගෙ මුහුණ දිහා බැලූවා... සතිෂ් අයියා මගෙ නළල ඉම්බා.. සීතල වතුරත් එක්ක ඒ උණුසුම් හාදුව මගේ හදවත සලිත කරා. මගෙ කම්මුල් ඉබ්බා. සතිෂ් අයියට කැමති දෙයක් කරන්න දීලා මම හිටගෙන හිටියා. සතිෂ් අයියා මගේ ඇඟිලි වලට එයාගේ ඇඟිලි තද කරලා අල්ල ගත්තා. දෙන්නම ඉන්නෙ උපන් ඇදුමින්. ඒත් තවම රාගයක් මතු වෙලා නැහැ. සේරම අවයව තියෙන විදිහමයි. මටත් පුදුමයි. එක පාරම මට කිවිසුමක් ගියා... සතිෂ් අයියා මාව තුරුල් කරන් හිටියේ...
‘හරි... ඔන්න එලාම් එක වැදුණා. තාම සබන් ගැවෙත් නැහැනෙ....‘
‘ඔයා සබන් ගාන්න දුන්නේ නැනේ‘
‘මොකක්‘
‘අත් දෙකෙන් අල්ලන් බදාගෙන ඉද්දි කොහොමද සබන් ගාන්නේ...‘ තවත් කිවිසුමක් යනව ගමන් මම කිව්වා.
‘කපටියා...‘ සතිෂ් අයියා ෂැන්පු අරන් මගේ ඔලූවේ ගෑවා.. සබන් ගාලා රෙදි කෑල්ලෙන් අතුල්ලනවා... ‘ කෝ පිට....‘
මම එහා පැත්ත හැරුණා.
‘ෆුල් සර්විස් එකක් දෙන්න වෙනවා.‘ සතිෂ් අයියා ඇඟ පුරාම මගේ සබන් ගාන ගමන් කිව්වා. රහස් තැන් වල සබන් ගාද්දිනම් මට කිච් කැව්වා.... මම හිනාවෙවි දඟලනවා බලාගෙන හිටිය සතිෂ් අයියා...
‘ලංකාව වටේම ගිහින් තියෙනවලූ... ඒත් හරියට කිචි ටික යවාගන්න කෙනෙක් හම්බුණේ නැද්ද....?‘
මම මුකුත් නොකියා හිටියා. ඒකට සතිෂ් අයියට දුක හිතුණා වගෙ.
‘ඔන්න ඉතින් මූණ දෙල් කර ගත්තා. මම විහිලූවටනෙ කිව්වෙ පැටියෝ..‘ පැටියෝ... ඉස්සර ගාල්ලෙ ඩොක්ටර් කෙනෙකුත් මට පැටි කිව්වා. දැන් එයා කතා බතා නැහැ. මම ගෙදර ගිහින් තියෙනවා. දවසක යන්න ඕන බලන්න පොරව.
‘අහ් ඒකට කමක් නැහැ අයියා. මට ඒක ගාණක් නැහැ. හාහාහා...‘
‘ඒක මිසක් කො දැන් සබන් හෝද ගන්න ඇති නෑවා...‘
මාව නාවලා ඉවර කරපු සතිෂ් අයියා තුවායෙන් මාව පිහදැම්මා. මට තුවාය අන්දවල එයා නාන්න ගත්තා. නොකීවට එයාටත් කිවිසුම් දෙකක් තුනක් ගියා වගෙ.
‘ඔය කන්නෝ...‘ සබන් ගාන ගමන් සතිෂ් අයියා බාත්රූම් එකෙ කෑ ගහනවා.
‘ඔයත් එනකල් ඉන්නම්....‘
බයික් එකක් ඇවිත් දොර ගාව නතර වුණා. දොර ඇරලා තිබුණෙ. මම සාලූව ඇඳන් ඉන්නෙ. කවුද මේ... උඩ තට්ටුවට යන්නත් බැහැ. මම ටක් ගාලා බාත්රූම් එකට ගියා.
‘අයිය කවුද ආව වගෙ. ...‘
‘කවුද?‘
‘පිස්සො කවුද කියල දන්නවනම් මම කතා කරනවනෙ....‘
‘ඉතින් කතා කරලා බලනවකො කවුද කියලා‘
‘සීතල ඔලූවට ගහලද යකෝ... මම දොර ළගට කට ලංකරලා ඇහුවා...‘
------------------------------------------------------------------------------------
දා හතරවන සිත්තම
‘අයියා....‘ සාලෙන් සද්දේ ඇහුණා...
‘හුටා මල්ලි ඇවිත්...‘
සතිෂ් අයියා බාත්රූම් එකෙ දොර ඇරලා මාව ඇතුළට ගත්තා.
‘මම නානවා..‘ මගේ කටට ඇඟිල්ල තියාගෙන කිව්වා. මම අත අයින් කරා.
‘උඹ මී හරක් මස් කාලා ආවද? මේ උදේ පාන්දර නාන්නෙ... මොකද අර ඉස්සරා ටැප් එක ඇරලා දාලා...‘
අම්මට සිරි දෙන්නා පිස්සු කෙළියා. ටැප් එක වහන්නත් බැරිවුණානෙ...
‘ඉතින් වැහුවද?‘ සතිෂ් අයියා මවාගත්ත හිනාවක් එකක් ඇහුවා. ‘මොකද උදේ ම ම. හදිසියක්ද?‘
‘හදිසියක්ම නැහැ.‘ සතිෂ් අයියගෙ මල්ලි කිව්වා. ‘අම්ම දවල් ඇවිත් යන්න කිව්වා. උඹ ඊයේ හවස එනවා කියලා ආවේ නැනෙ. මම මේ ක්ලාස් යන ගමන් ආවේ පණිවිඩෙ කියලා යන්න...‘
‘ඉතින් කොල් එකක් දෙන්න තිබ්බනෙ..‘
‘මම යනවා... උඹ දවල් ගෙදර ගියාම ඒක අම්මට කියපන්... කාටද මෙච්චර ලස්සන කෑම මේසයක් හදලා තියෙන්නෙ... බඩුවක්වත් ගැහුවද උඹ උදේම මට නොකියා ...‘ මල්ලි හිනාවක් දාගෙන කියලා යන්න ගියා.
මම හිමින් දොර ඇරියා. බයික් එක ස්ටාට් කරන සද්දෙ ඇහුණා. සතිෂ් අයිය මම ඇඳගෙන හිටපු තුවාය අරගෙන ඔලූව පිහිදාගත්තා.
‘මොන මඟුලක් කරනවද...‘ මට සාලූව ගලවද්දිම කියවුණා.
‘හොඳ මඟුලක් වෙන්න තිබ්බා මල්ලි දැක්කනම්.... හාහාහාහා‘ සතිෂ් අයියා ඒක කියාගෙන සාලූව මට දීලා සැටියෙ තිබුණ සරමක් ඇඳ ගත්තා.
ඒ ගමන් ගිහින් දොර ලොක් කරලා ආවා. ‘එන්න මල්ලි... අපි කමු.‘
සතිෂ් අයියා සැටියෙ හිටපු මාවත් ඇඳගෙන කෑම මෙසෙ ගාවට ආවා.
‘කවුද අයියා ඒ ආවේ...‘ මම දන්නවා ඒ මල්ලි කියලා. එත් උපන්තේකට තාත්තා දැකලා නැත්තම් කොහොමද ඒ මල්ලි වෙන්නෙ..
‘ඒ මගෙ බාප්පගෙ පුතා.‘ සතිෂ් අයියා පිඟාන තියල මට කෑම බෙදෙන ගමන් කිව්වා. ‘අපේ අම්මා කසාද දෙකක් බැදලා ඉන්නෙ. මගෙ තාත්තා දාලා ගිහින්ලූ. ඒත් එයා මට පෙන්න නැතුවට මට උදව් කරනව. තාත්තා කවුද කියල මම හොයාගන්න ගොඩක් ට‍්‍රයි කරා මල්ලි....‘
‘අනේ....‘ මම සතිෂ් අයියගෙ අත උඩින් අත තියන ගමන් කිව්වා.
‘ඒව මට දැන් ගාණක් නැහැ මල්ලි... කෝ ඉතින් කන්න පටන් ගන්නකෝ. මෙන්න මගෙන් ඔයාට කටක්.
‘ඇයි අයියා මං වගේ කෙනෙක්ට මෙහෙම සලකන්නේ ඔයා...‘ මම සතිෂ් අයියගෙන් ඉඳිආප්ප කට කන ගමන් ඇහුවා.
‘ ඒ කිව්වෙ... මට තේරුණෙ නැහැ...‘
‘ඔයා හොඳටම දන්නවා මම වටේ ගියපු එකෙක් කියලා. දැනටමත් මට මොන ලෙඩ තියෙනවද දන්නෙ නැ. මම ඇත්තමට ආවේ ඔයත් එක්ක බුදිය ගන්න... ඒත් ඔයා මාව අසරණ කරනව අයියෙ...
මම ඉඳිආප්පත් එකක් ආව කඳුළු රස බලන ගමන් සතිෂ් අයියට කිව්වා.
‘මට ඕන වුනේ මාත් එකක් කතා කරපු. චැට් කරපු... මගෙ දුක කවි වලින් ලියපු ඒ සුන්දර හදවත බලන්න විතරයි මල්ලි. අනිත් කිසිම දෙයක් මට අදාළ වුනේ නැහැ. මතක තියා ගන්න මඩේ තමයි සුදු නෙළුම් මල් පිපෙන්නෙ... රෝස මලෙත් නටුවෙ කටු තියෙනවා පැටියෝ..‘
‘මම නෙළුම් මලක්වත්, රෝස මලක්වත් නෙමෙයි අයියේ...මම ඉටි පන්දමක්.‘
‘ඇයි එහෙම කියන්නේ ඔයා‘
‘මමත් විනාශ වෙනවා. මං ගාවට එන අයත් විනාශ කරනවා.‘
‘මාවත් විනාශ කරනවද ඔයා...‘
‘මම දන්නෙ නැහැ...‘
මම කෑම මෙසෙන් නැඟිටලා උඩ තට්ටුවට දුවගෙන ආවා..
‘සංජන......‘ සතිෂ් අයිය මම පිටි පස්සෙන් දුවගෙන ආවා.
‘ඇයි මේ මල්ලි...‘
ඇඳේ නිදාගෙන හිටපු මාව අනිත් පැත්ත හරවලා සතිෂ් අයියා ඇහුවා.
‘මට ගෙදර යන්න ඕන අයියෙ... මම මෙහෙ හිටියොත් ඔයාට මොනව වෙයිද කියලා මම දන්නෙ නැහැ. මම ඒ තරම් නරකයි අයියෙ...‘ මම ඉකි ගහ ගහ අඬන ගමන් කිව්වා.
‘මම ඔයාට යන්න දුන්නේ නැත්තම් ...‘ සතිෂ් අයියා මාව බදාගත්තා.. ‘ඔයත් එක්ක චැට් කරපු පළවෙනි දවසෙමයි මම හිතුවෙ කවදහරි ඔයා මගෙ කරගන්නව කියල. මං ගැන විශ්වාස කරලා කියපු හැමදේකින්ම ඔයා ගැන ආදරේ වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ රත්තරං... ඔයා කොයි වගේ කෙනෙක්ද කියලවත් මට බලාගන්න ඕන වුණේ නැ. මට ඕන වුණේ ඔයා මගෙ කරගන්න විතරයි. අනේ මාව දාලා යන්න එපා රත්තරං මල්ලි. මම ඔයාට ආදරෙයි...‘
මම හිරිවැටිණා. මොකද්ද මම කරන්නෙ. කවුරුත් මට මෙහෙම ආදරෙයි කියල නැහැ. සතිෂ් අයියා චැට් එකෙදි කවදාවත්ම මට මෙහෙම කිව්වෙත් නැ. මට එන්න කිව්වෙ හොඳ ජොබ් එකක් හොයල දෙන්න. ඒකට අකමැතිනම් හවසම ආපහු කොච්චියෙ ගෙදර යවනවා කිව්වා. ඒත් දැන් .. මට ආදරේ කරාලූ...
‘ඇයි ඔයා මුකුත් කියන්නෙ නැත්තෙ...‘ සතිෂ් අයිය මගෙ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා...‘ඔයා මට කැමති නැද්ද? මම ආවේගශ‍්‍රීලි උනානම් මට සමාවෙන්න මල්ලි... සතිෂ් අයියා මගෙ ඇඟ උඩින් නැටිට්ටා. ඇඳේ එහා පැත්තට පෙරලූණා. මම කිව්වෙ ‘මගෙ අදහස... ඔයාට කැමති තීරණයක් ගන්න අයිතිය තියෙනව. හැබැයි ඔයාට කරදරයක් වෙන්න මම අය ඉඩ තියන්නෙ නැ. ඔයා කැමති වුණත් නැතත් මම ඔයාගෙ හෙවණැල්ල වගේ ළගම ඉන්නවා..‘
‘මට බඩගිනියි‘ මම සතිෂ් අයියගෙ පපුව උඩ ඔලූව තියන ගමන් කිව්වා.
‘කපටියා‘ සතිෂ් අයියා මගෙ ඔලූව අත ගාන්න පටන් ගත්තා. ‘චැට් එකෙදිත් එහෙමයි. කොල් කරද්දිත් එහෙමයි... මඟ අරින්න හරි දක්ෂයි....
‘ඉතින් බඩගිනි නිසානෙ කිව්වෙ...‘ මම ආයෙත් කිව්වා.
‘ආ ඇත්තද?‘ සතිෂ් අයියා මගෙ නළලට හාදුවක් දුන්නා ‘ යමු කන්න එහෙනම්...‘ සතිෂ් අයියා නැඟිට්ටා... කෝ ඉතින් නැඟිට්න්න... ‘
මම නැඟිට්ටා.. සතිෂ් අයියා මාව අත් දෙකට වඩා ගත්තා. හරියට ඇවිදින්න බැරි කෙනෙක් වගෙ..
‘මෙ මොකෝ...
මම සතිෂ් අයියගෙ කර වටෙ අත්දෙක දාගෙන පපුවට තුරුල් වුණා. මෙච්චර කාලෙකට නොලැබුණ අමුතුම ආදරයක උණුසුම ඒ පපුවෙ තිබුණා.
සතිෂ් අයියා පඩිපෙළ බැහැගෙන ආයෙත් කෑම මෙසේ ගාවට ආවා. මාව පුටුව ගාවින් බිමින් තියලා පුටුව ඇඳලා දුන්නා වාඩි වෙන්න. හරියට චිත්‍ර පටියක් වගෙ...
මමත් හිනාවක් දාලා වාඩි වුණා. එයාගෙ පිඟානෙ තිබුණ ඉඳිආප්ප වලට මාළු කැල්ලක් දාලා හොදිත් දාලා මට කැව්වා. මමත් සතිෂ් අයියට කැව්වා. ඉඳිආප්ප ටික ඉවර වෙනකල්ම ඉස්මුරුත්තාවට එනකල් දෙන්නා උදේට කෑවා. අම්මෝ බඩ උස්ස ගන්නත් බැහැ වගෙ... කෑම කලා ඉවර වෙද්දිම මම ටොයිලට් එකට දිව්වා... සතිෂ් අයියා හිනා වෙනවා. හිටපන්කෝ මම එනකල්...
ඔබ නැති මේ රැයට
පුරසද එළිය කුමටද?
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද?
නළමුදු සුවඳ කුමටද?
මහ කනදරා වැවට සඳ
වැටිලා
දියේ ගිලේය විකල්වී...
තුරු හිස හාදු දිදී
උන්
කිරලුන් කොහේ ගිහින්ද
ඉගිල්ලී...
හමුවී ඇසට ඇසක් නැගූ පහන්
නිවී ගියාද නො
කල්හී...
සුන්දර රාත්‍රිම මවීත
සිතින්
බලා හිදීවි නොසෙල්
වී...
ගායනය - නන්දා
මාලිනිය..
පහළොස්වන සිත්තම
ඇත්තටම මේ ජීවිතයට අලූත් ඉරක්ද පායන්න හදන්නේ. මම මොකද ඇත්තටම කරන්නෙ. ආදරය... මේක ඇත්තක්ද? මම දන්න ආදරය පැයකට දෙකකට ඇඳක බුදිය ගන්න එක විතරයි. එහාටයි මෙහාටයි පෙරලි පෙරලි... අනේ මන්දා. සතිෂ් අයියා ඇත්තටම මං ගාව ඉදිද? මෙච්චර දවසකට එයත් Gay කියල මම දන්නෙ නැහැ. තාම එයාගේ ඒ ගැන මොකවත්ම මම දන්නෙ නැහැ. සතිෂ් අයිය පළවෙනි පාරටද මට ආදරෙ කරන්නෙ ? ඒක වෙන්න බැහැ. මෙච්චර කාලයක් එයා ඒක පාලනය කරගෙන ඉන්න විදිහක් නැහැ. එයත් කාට හරි ආදරෙ කරලා තියෙන්න ඕන. නැත්තම් මට මේ තරම් ආදරයක් කරන්න විදිහක් නැහැ එයාට. විහඟට තරම් ආදරයක් සතිෂ් අයියට දෙන්න මට පුළුවන් වේද? විහඟ මට ආදරෙ කරෙ නැහැ. ඒක මගෙන උදව් ගන්න තිබුණ කපටිකමක් විතරයි. නැත්තම් ගන්න පුළුවන් තරම් සල්ලි අරන් ගෙදරිනුත් බැනල මාව එළියට දාවිද? එත් මං ආදරේ කරේ සමලිංගික ආදරෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැතිවයි. විහඟ නිසා ජීවිතෙ මොන තරම් දේවල් නැති කර ගත්තද? සමහර විට ගෙදරටත් මාව ගොඩාක් එපා වුණේ ඒ සම්බන්ධෙ නිසා. ගෙදර නංගි මල්ලි ඉද්දි කොහෙවත් යන එකෙක්ට මොකටද ඉගන ගන්න මෙච්චර උදව් කරන්නෙ කියල හැමදාම වගෙ අපෙ ගෙදර රණ්ඩු තිබුණා. ඒ අතින් අම්මා තමයි මං වෙනුවෙන් හැමදාම බැණුම් ඇහුවේ.
‘අද එළියට එනවද?....‘ සතිෂ් අයියා දොරට තට්ටු කරන ගමන් ඇහුවා.
මම පියවි ලොකෙට ආවෙ ඒ වෙලාවෙයි...
‘මොනවද මෙච්චර වෙලා කරෙ...‘ සතිෂ් අයියා කෑම මෙසෙ අස් කරලා ඉවරයි. ටි.වි එක දාගෙන.
‘මම අතුරු පස කෑවා..‘ මම හිනාවක් දාගෙන කිව්වා.
‘වෙලාවට හරිම සැහැල්ලූයි. වෙලාවට තේරුම් ගන්න හරි අමාරුයි..‘ සතිෂ් අයියා මාව එයා ළගට ඇඳලා ගන්න ගමන් ඇහුවා. ‘ඇයි ඒ...?‘
‘මිනිස්සු තේරුම් ගන්න කොහොමත් අමාරුයි නේද අයියේ...‘ මමත් සතිෂ් අයියගෙ උරහිසට නළල තියන ගමන් කිව්වා.
‘පණ්ඩිත උත්තරනම් තාමත් තියෙනව....‘ සතිෂ් අයියගෙන මට තවත් හාදුවක්.
‘අයියා ඔයා කාටවත් ආදරේ කරේ නැද්ද?‘ මෙච්චර වෙලා මගේ හිතෙ තිබුණ ප්‍්‍රනය මම සතිෂ් අයියගෙන් ඇහුවා.
‘මම ඒත් බැලූව ඇයි ඒක අහන්න මෙච්චර පරක්කු කියලා... මොකො නැත්තෙ මල්ලි.‘ සතිෂ් අයියා නැඟිට්ටා. ‘කෝ ඉන්නකො ටිකක්.‘
සතිෂ් අයියා උඩ තට්ටුවට ගියා. ඇල්බම් එකක් අරන් ආවා.
‘මේ ඉන්නෙ නිසල. මේ ඉන්නෙ මම. ‘ පොඩි ළමයි දෙන්නෙක් කරට අත දාගෙන.
‘කවුද නිසල කියන්නේ...?‘
‘ ඒ තමයි ඔයා අහපු ප‍්‍රශ්නෙට උත්තරෙ..‘
මම ඇල්බම් එක පෙරළ පෙරළ බැලූවා. අනුරාධපුර, පොළොන්නරු, නුවර, නුවර එළිය... දිය ඇළි ... පින්නවල... සත්තුවත්ත.. දෙන්න ඇවිදපු තැන් වල ෆොටො ගොඩයි. නිසල හරි හැඩයි. එත් සතිෂ් අයියා තරම් නැහැ.
‘කො දැන් නිසල....‘
‘නිසල දැන් නිසල වෙලා අවුරුද්දක් වෙනවා මල්ලි...‘
සතිෂ් අයියා පින්තූරයක මූණ අතගාන ගමන් කිව්වා. මට නොපෙණුනාට ඇස් වල කඳුළු පිරිලා තියෙනව මම දැක්කා.
‘ඒ කිව්වේ....‘
‘එයා ඇක්සිඩෙන්ට් එකකින් නැතිවුණා මල්ලි...‘ සතිෂ් අයිය හංගගෙන හිටිය කඳුළු බිංදුවක් ෆොටෝ එක උඩට වැටුණා. ‘නිසලයි මමයි එක වයසෙ. මොන්ටිසොරියේ ඉදලම. අපේ ගෙදරට ඉස්සරා ගෙදර නිසල හිටියෙ. මට ප්‍රශ්නයක් වෙච්ච හැම වෙලෙම වගෙ මගෙ හෙවණැල්ල වගෙ හිටියෙ නිසල. මගෙ තාත්තා කවුද කියල දැන ගන්න මට ගොඩක් උදව් කරා. බාප්පයි මායි අතර රණ්ඩු ඇති වුණ හැමවෙලෙම මම හිටියෙ නිසලගෙ ගෙදර. නිසලගෙ ගෙදර අයත් මට සැලකුවෙ එයාලගේ පවුලෙම දරුවෙක් වගෙ. ඒක නිසා අපි දෙන්නට ප‍්‍රශ්නයක් වුණෙ නැහැ මල්ලි. නිසල ඇක්සිඩෙන්ට් වුණෙත් තාත්ත ගැන තොරතුරක් හොයන්න යද්දි. වෙලාව යන නිසා මට කියන්නෙත් නැතිව මෙයා තනියම ගිහින් තිබුණා. බයික් එක ඔනාවටත් වඩා වේගෙන් ගිහින්... දවස් දෙකක් සිහි නැතිව දැඩි සත්කාරෙ හිටිය. මට කිසිම දෙයක් කරකිය ගන්න බැරිවුණා. නිසල මාව දාලා ගියා මල්ලි....‘
‘අනේ අයියේ... ‘ මම සතිෂ් අයියට තුරුල් වුණා.‘
‘මම ඔයාට මේ මොකවත් චැට් එකෙ නොකිවේ මම තවත් එක්කෙනෙක් විතරක් වෙයි කියලා බයටයි මල්ලි. නැතිව ඔයාව රවට්ටන්න හිතාගෙන නෙමෙයි මල්ලි...‘ සතිෂ් අයියා කිව්වා...
‘ඔයා මට ආදරේද සංජන...‘ සතිෂ් අයියා මගෙ ඇස් දිහා බලාගෙන ආයෙත් ඇහුවා.
මම බිම බලාගත්තා. ජීවිතෙ කවමදාකවත් අයෙත් ආදරයක් කරන්න මම ලෑස්ති නැහැ. මට මේ සැහැල්ලූ ජීවිතය හොඳයි.
‘මම මටවත් ආදරෙ නැහැ අයියෙ...‘
‘ඇයි ඒ‘
‘ආදරය කියන වචනය ඕනාවටත් වඩා අහලා, ඔනාවටත් වඩා විදලා, අදටත් විදවන කෙනෙක් මම...‘
‘මම ඒ සේරම දන්නවනෙ මල්ලි.. ඔයාට මාවත් පෙන්නෙ ඒ වගේමද?‘
‘මම කවුරුත් දිහා බලලා දැන් තීරණ කරන්නෙ නැහැ අයියෙ. මිනිස්සු ගතිකයි. ඒ ගතිකත්වයට වෛර කරන්න, පළිගන්න තරම් මම මෝඩ නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කරපුවාවෙ. මම කිසි දෙයක් දැන් ගණන් ගන්නේ නැහැ. මම මගෙ පාඩුවෙ ඉන්නවා.‘ මම බිම බලාගෙන කිව්වා.
සතිෂ් අයියා නැඟිට්ටා. ‘යමු අපි ගෙදර ගිහින් ඒ ගමන් ඔයාගෙ ජොබ් එකත් බලාගෙන එමු.‘
‘ජොබ් එක හොඳ නැත්තම් ඔයා කැමති තීරණයක් ගන්න. මම කැමති ඔයා මගෙත් එක්ක මෙහෙ ඉන්නවනම් මල්ලි...‘
මම මුකුත් නොකිය හිටියා. ‘කෝ යමුකො ලෑස්ති වෙන්න.‘
සතිෂ් අයියා මාවත් ඇඳගෙන උඩ තට්ටුවට ගියා. මම ඇඳගෙන ඇවිත් තියෙන ටී ෂර්ට් එක හොඳටම පොඩි වෙලා. ඒ මදිවට එකෙ තැනින් තැන පැල්ලම්. මම ආසම පාට සුදු පාට නිසා පිළිවෙලකට ගමනක් බිමනක් යන්න වෙන්නෙ මගේම කියලා වාහනයක් ගත්ත දවසට තමයි. නැත්තම් ඇදුම් ඉවරයි.
‘ඔක ඇඳගෙන යන්න බැනේ වස්තුවේ..‘ මම කමිසෙ දිහා බලාගෙන ඉන්නවා දැක්ක සතිෂ් අයියා මගෙ උරහිසට නිකට තියෙන ගමන් කිව්වා.
‘කෝ දෙන්න ඔයාගේ රෙදි ටික සේරම...‘ සතිෂ් අයියා පුටුව උඩ තිබුණ රෙදි සේරම ගත්තා. මම තාම ට‍්‍රවල් එක ඇඳගෙන. පහළට ගිහින් ඒවා වොෂින් මැෂින් එකට දාන සද්දෙ මට ඇහුණා. දැන් මම මොකද්ද ඇඳගෙන යන්නෙ? මම ඇඳ උඩ වාඩිවුණා.
‘මොකද්ද මම දැන් ඇඳගෙන යන්නෙ?‘ මම සතිෂ් අයිය දොරෙන් ඇතුළ් වෙද්දිම ඇහුවා.
‘ඔහොම යමු‘ සතිෂ් අයිය හිනා වෙලා කිව්වා.
‘මටනම් කමක් නැහැ කොහොම ගියත්... මෙහෙම ගියාම කෙනෙක් හොයාගන්නත් ලේසිනෙ මට...‘
‘ඇත්තද හිතගෙන ඇති නේද?‘
සතිෂ් අයියා අල්මාරිය ඇරියා. මෙන්න කැමති එකක් තොරගෙන අදින්න. පිළිවෙලට ෂර්ට්, ටී ෂර්ට්, ෂෝර්ට් අනිත් ඇදුම් හරිගස්සල තිබුණා.
‘ඔයාගෙ ඉන 32නෙ. මම 29. කොහොමද කලිසම් අදින්නෙ...‘ මම ඩෙනිම් කලිසමක් ඉනට තියෙන ගමන් ඇහුවා. තියෙන කලිසමත් දැන් හෝදන්න දාලා. උපන් ඇදුමෙන් තමයි යන්න වෙන්නෙ..
‘මේ සරම ඇඳ ගන්නකො දැනට... ගැලපෙන ටී ෂර්ට් එකක් තියෙද කියලා බලන්න..‘
සතිෂ් අයියා මගෙ අතේ තිබුණ ඩෙනිම ඇඳ ගත්තා. මම අල්මාරියෙන් සුදුපාටට හුරු ටී ෂර්ට් එකක් තෝර ගත්තා.
‘මෙක හොඳයි.. දැන් ටී ෂර්ට් එකයි, තුවායයි ඇඳගෙන යන්නද මට කියන්නේ....
‘කවුද දෙයියනෙ දැන් එහෙම කිව්වේ...‘ සතිෂ් අයියා තද නිල් පාට ඩෙනිමට මාර ගති. මෙන්න එයත් සුදු පාටම ටී ෂර්ට් එකක් ඇඳ ගත්තා.
දැන් නම් රන්ධීර් කපූර් වගේ... ‘මොනවද බලන් ඉන්නෙ..‘
‘අපො වැඩ්මයි වෙන නැත්තම් මම ...‘ ඔලූව පීරන්න කණ්ණාඩි මේසෙ ගාවට යන ගමන් කිව්වා. ‘මම මූණෙ ගාන ක‍්‍රීම් එක මෙතන නැහැනේ... තෙල් මොකවත් ඇත්තෙත් නැහැ. මම ජෙල් ගාන්නෙ නෑ....‘
‘හරි හරි දැනට ඔහොම යමුකො ඉතින්... අපේ ගෙදර යන්නෙ... බස් එකෙ නෙමෙයිනෙ යන්නෙ. කාර් එකෙනෙ. එක්කෙනයිනෙ ඉතින් ඔයාව බලන්න එකෙ ඉන්නෙ...‘
‘කවුද ඒ...‘
‘ඇයි ළමයො මමයි ඔයයි විතරනෙ කාර් එකෙ ඉන්නෙ... හා හා හා
‘සමයංද මන්දා... ‘ මම කාමරයෙන් එළියට එන ගමන් කිව්වා.
‘තරහා ගියා දෝ....‘ සතිෂ් අයියා ඇතුලේ ඉදන් කෑ ගහනවා.
සතිෂ් අයියා වැඩ කරන තැන ළගම කොමියුනිකේෂන් එකක ටයිප් සෙටින් වලට තමයි මට ජොබ් එකක් බැලූවා කිව්වෙ. උසස් පෙළ පාස් වෙලා. බාහිර උපාධි කරන එක අතරමඟ නැවැත්තුවේ අපරාදේ... දහම් පාසල් අවසානෙ, ධර්මාචාර්ය තිබුණට වැඩක් නැනේ... කොයි රස්සා. අවුරුදු 16-25 කොල්ලෝ ජීවිතෙ ගැට ගහගන්න මොන තරම් දේවල් කරනවද දෙයියනෙ. අර කියන්න වගෙ තරුණ තරුණියන්ට පැහැදිලි ප‍්‍රතිපත්තියක් නැති ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවම තමයි.
මම සැටියෙ වාඩි වුණා. සතිෂ් අයියත් ගේ කෙනෙක්. ඇයි මට ඒක කලින් කීවෙ නැත්තෙ. එක අතකට මම තවත් එක්කෙනෙක් වෙයි කියල එය හිතන්න ඇති. ඒ නිසල එක්ක විතරද සතිෂ් අයියා හිටියේ.. ඒක නම් වෙන්න බැහැ. මොකද සතිෂ් රහත් වෙලා නැනෙ. මෙ ගෙදර කවුරුත් නැති එකෙ දවසට දෙන්නා තුන්දෙනා ගානෙ ගෙන්න ගන්න බැරියැ. ෂික් මට නැහැනෙ මෙහෙම චාන්ස් එකක්. හිතෙ තිබුණ වල් පාහර ගතිය නැති කරන්න කෝවක දාලා මැකුවත් හරියන එකක් නැහැ. ඒක උපතින් ආව කියන්න බැහැ.
අවුරුදු 10 වගෙ වෙද්දි මම මේ දේවල් කිසිම දෙයක් දන්නෙ නැහැනෙ. හා හා පුරා කියලා මගේ පිරිසිදුකම නැතිවෙද්දි මම කටෙ කිරිසුවඳවත් ගියෙ නැති පොඩි එකෙක්. ඒ දවස් වල ආසාවට ඌ මට කරපුවා මම යාලූවො එක්ක කරා. මොන තරම් විකාර කරාද ඇත්තටම... සමහර අයියල රුපියල් 10ක් දීලා කියනවා මගෙ එක ටිකක් උරපන් කියලා. එක එක හැඩෙ එවා... අප්පෝ දැන් නම් ඒවා මතක් වෙද්දි වමනෙ යන්නත් එනවා. ඉංග‍්‍රීසියෙන් ෂක් කිරිල්ල ඇර මම ගමේ උන් එක්ක වැඩි දෙයක් කෙරුවෙ නැහැ. හැබැයි ඉස්කෝලෙ යාලූවෝ දෙතුන් දෙනෙක් එක්කනම් එතනින් එහාට ගිය දේවල් ටිකක් කරා. ඒත් අසාවට තිබ්බ එකට මිසක් ආදරයකට නෙමෙයි. මට කවදාවත් මතක නැහැ තාත්තා අම්මා මාව තුරුල් කරන් ඉන්නවා. වැඩිම වුණොත් ආච්චි මාව තුරුල් කරන් ඉදලා ඇති. බිම හරි මේසෙක හරි, ඇඳක හරි මාව තුරුල් කරන් ඉද්දි මට පුදුම සතුටක් ඇති වෙන්නෙ. ඒක නිසාම වෙන්න ඇති මම මේ වැරදි පාරෙ මේ තරම් දුර එන්න ඇත්තෙ...
‘මොනවද දෙයියනේ මේ තරම් කල්පනා කරන්නෙ...‘ සතිෂ් අයියා සැටිය ගාවට ඇවිත් මගෙ ළගින් වාඩි වුණා. ‘ පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැහැ කල්පනාව.. ඇයි මල්ලියා මේ...‘
මම මුකුත් නොකිය හිටියා. ‘හරි යමු අපි දැන්...‘ සතිෂ් අයියා මාව වඩාගන්න හැදුවා. මට කිසි දෙයක් තේරුම් ගන්න බැහැ. වේලාවකට කෑ ගහලා අඬන්න හිතෙනවා. වේලාවකට සේරම දමලා ගහලා යන්න හිතෙනවා. ඇත්තටම මම මොනව කරන්නද? මට මාවම තේරුම් ගන්න බැහැ. අවංකයි කියන ආදරේට මම මේ තරම් වෛර කරන්නෙ ඇයි? විහඟ නිසාද? ආනත් නිසාද? ලක්ෂාන් නිසාද? සුපුන්, නිර්මාල්, සිසිර, චාමර... කී දෙනෙක් නම් ඔන්ලයින් ආදරේ කරදා? කී දෙනෙක් ගෙදර ඇවිත් මාත් එක්ක බුදිය ගත්තද? සමහරුන්ගෙ නම් ගම් පවා දැන් මතක නැහැ මට. සතිෂ් අයියට අවංකව ආදරෙ කරන්න තරම් මම දැන් පිරිසිදු කෙනෙක් නෙමෙයි. මට මගෙ හිතට වග කියන්න බැහැ. විශ්වාසයක් තියල දිවුරන්න බැහැ. හොඳයි කියලා හිතෙන ඕන එකෙක් එක්ක බුදිය ගන්න තරම් මම දැන් පිරිහිලා. ඉස්සර එහෙම දෙයක් කරාම පැය ගණන් අඬනවා. දැන් නම් ඒ කිසිම දෙයක් නැහැ. දවසට දෙකක් තුනක් එක්ක වුණත් ඉන්න මම ලෑස්තියි.
‘මාත් එක්ක තරහා වෙලාද සුද්දෝ... ‘ සතිෂ් අයියා මාව කාර් එකෙ දොර ගාවින් තියන ගමන් ඇහුවා.
‘ඇයි මම ඔයා එක්ක තරහා වෙන්නෙ අයියේ..‘
‘මොකද එක පාරටම වැස්සක් වහලා පෑයුවා වගේ ඔයා නිශ්ශබ්ද වුණේ...‘
‘ඉතින් සමහර වෙලාවට මම එහෙම තමයි.‘
‘හරි හරි... කතා කරලා දිනන්න පුළුවන් කෙනෙක්නම් නෙමෙයි... ආ මෙන්න යතුර මම දොරවල් ජනෙල් වහලා එන්නම්....‘
මටත් ලයිෂන් තියෙනවා වාහන එළවන්න. සැහැල්ලූ, ත‍්‍රීවීල් , මෝටර් බයික්.. ඉස්සර ඉස්කොලෙ යද්දි හැමදාම වගේ ගුටි කනවා පරක්කු වෙලා ගියා කියල. උදේ කීයට හරි ඉස්කොලෙට යන්න තාත්ත එනකල් ඉන්න එපැයි. සමහර දවස්වල පාන්දර නැඟිටලා උදේම යනවා. ආපහු එන්න වෙන්නෙත් පයින්ම තමයි. අම්මෝ කකුල් පට්ට විදිහට රිදෙනවා රෑට . හැතැම්ම 5-6ක් වගේ ඇති මගෙ හිතෙ. අවුරුදු දෙකක්ම මම පයින් ඒ දුක වින්දනෙ. නැන්දම්මා, ඒ කියන්නෙ තාත්තගෙ අක්කා. එයා මට බයිසිකලයක් අරන් දුන්නා. පහ වසරෙ ඉදලා 10 වසරට යනකල් මම ඉස්කොලෙ ගියෙ ඒ බයිසිකලෙ. ඒත් 9 වසරෙ ඉදලා නංගියි, මල්ලි දෙන්නම ඒ බයිසිකලයේ දාගෙන එන්න වුණා. වෙලාවකට පයින් යන එක හොඳයි කියලා හිතුණා. තාත්තගෙ සමිති සමාගම් වැඩ, රස්සාව නිසා එයාලව එක්ක එන්න එයාට වෙලාවක් තිබුණෙ නැහැනෙ. 11දි සීයා මට බයිසිකලයක් අරන් දුන්නා. මම පැදපු එක නංගිලාට දීලා. මම ඒක පැද්දා. අම්මෝ දැණුන නිදහසක්.....
‘යතුර තියාගෙන නිකන් ඉන්නෙ... ඕන රිවස් කරලා එළියට ගන්න එපැයි.‘ සතිෂ් අයියා ඉස්සරා ෂිට් එකෙ වාඩිවෙලා ඉන්න මට කිව්වා. දොර වහල ඇවිත් මගෙ නළලට හාදුවක් දීලා...‘ යමු දැන්...‘ කිව්වා
ඇයි සතිෂ් අයියා මෙහෙම හැසිරෙන්නෙ... මට තෙරෙන්නෙ නැහැ. එයාට හිත රිදෙන්න මුකුත් කියන්න මම මගෙ හිත ඉඩ දෙන්නෙත් නැහැ. මම එයාට ආදරේද? නැහැ නැහැ එහෙම දෙයක් නැහැ... කාලයට ඉඩ දීලා බලාන ඉන්නවා විතරයි. වෙන දෙයක් වුණාවේ.
‘ඔයා ගෙදරට කතා කරාද මල්ලි..?‘
‘මම මොකටද ගෙදරට කතා කරන්නේ...‘
‘ඇයි වස්තුවේ එහෙම කියන්නෙ.‘
‘මොකක්‘
‘ඔයාව මේ ලොකෙට බිහිකරපු අම්මා තාත්තට ඔහොම කතා කරන්න එපා රත්තරනෙ‘
‘මාව මේ ලොකෙට බිහිනොකෙරුවානම් හොඳයි‘ මම ඒකනම් කිව්වෙ ටිකක් ආවේගෙන්
‘මොනවද කියවන්නෙ... ‘ සතිෂ් අයියා වාහනෙ නතර කරලා මගෙන් ඇහුවා. ඒක නම් මමත් ටිකක් ඩිම් වුණ සද්දයක්.
‘ මම කිව්වෙ මට හිතුණ දේ...‘
‘ඔයා හරි නපුරුයි මල්ලි.‘
‘දැන්ද ඔයාට ඒක තෙරුණේ ...‘ මම මවා ගත්ත හිනාවක් එක්ක ඇහුවා.
‘නපුරු ඔයාගේ සිතුවිලි මිසක් ඔයා නෙමෙයි...‘ මගේ ඔලූව අත තියලා සතිෂ් අයියා කිව්වා.
‘දැන් ඔයා මගෙ මල්ලි. හැමදාමත් එහෙමයි. මම ඔයාව බලා ගන්නවා.‘
පිස්සු මනස්ගාත කියනවා. ඒ සුරංගනා කතාවනම් මම කිප සැරයක්ම අහලා තියෙනවා. ඒත් සතිෂ් අයියගෙ හිත රෙදෙයි කියලා මම මොකවත් කිව්වෙ නැහැ. කට පියාගෙන හිටියා. ගේට් එක ලොක් කරලා ඇවිත් සතිෂ් අයියා වාහනය ඩ‍්‍රව් කරන්න පටන් ගත්තා. මඟදි කඩ්කින් මගෙ ඉනෙ සයිස් එක අහගෙන ගිහින් ලස්සන ඩෙනිම් ෂෝට් එකක් ගෙනාවා. තව කලිසම් දෙකක් එක්ක ටීෂර්ට් දෙකක්, මම ගාන ක්‍රීම්, තෙල්, සෙන්ට්.. අරන් ඇවිත් තිබුණා. මම කාර් එකෙදිම ඇදුම් මාරුකරගෙන එයාලගෙ අම්මලගෙ ගෙදර ගියා.
සතිෂ් අයියලගෙ අම්මලාගෙ ගෙදර තිබුණේ බියගම... දෙහිවල ඉදලා පරණ කොට්ටේ පාරෙන් බත්තරමුල්ලට දාලා එතනින් මාලඹේ, කඩුවෙල පහු කරගෙන බෙල්ල කපාපු හන්දියෙන් හැරිලා බියගමට යන්න ඕනි. සමහර වෙලාවට වාහන පෝලම. අපරාදෙ කියන්න බැහැ අනුරාධපුර ඒ වගෙ පෝලිමක් හිටින්නෙ පොසොන් එකට විතරයි. නැත්තම් පාඩුවෙ යන්න පුළුවන්.
‘මොකද්ද අම්මට කියන්නෙ දැන්‘ මම මෙච්චර වෙලා තිබුණ නිහැඩියාව බින්ඳා.
‘ ඒ කිව්වෙ..‘
‘ මම කවුද කියලා අහවිනේ ‘
‘ ඒ මොකටද? එයාට ඔයාගෙන් වැඩක් නැනෙ පැටියෝ. ඔන්න අපි ගෙදරට ආවා..‘ සතිෂ් අයියා ලොකු ගේට් එකක් ගාව වාහනෙ නතර කරන ගමන් කිව්වා. වාහනෙන් බැහැලා ගේට් එකෙ බෙල් එක ගහපු එයා ඉස්සරා ගේ දිහා බලාන හිටියා. දැන්නෙ මතක් වුණේ ඒක නිසලගේ ගෙදර වෙන්න ඇති. මමත් ෂීට් එකෙ ඉදලම හැරිලා බැලූවා. ගේට්ටුව ඇරෙන්න ගත්තා. remote එකකින් වෙන්න ඇති.
‘බලාන හිටියට කවදාවත් අය නිසල එන්නෙ නැහැ මල්ලියා.‘
සතිෂ් අයියා ආයෙත් වාහනේ ස්ටාර්ට් කරන ගමන් කිව්වා. මම මොනව කියන්නද අයියේ... මාව දාලා ගිය කිසිම කෙනෙක් ආයෙ ආවෙත් නැහැ. හැබැයි එයාලා මැරිලානම් නෙමෙයි. එයාලගෙ හදවත් වලින් මාව මරලා දාලා.
‘එන්න යමු ගෙට...‘
සතිෂ් අයියා වාහනෙ නතර කරලා ඉස්සරා දොර අරින ගමන් කිව්වා.
‘මම මෙහෙම ඉන්නම් අයියේ... ඔයා අම්මා එක්ක කතා කරලා එන්නකො...‘
‘පිස්සුද ළමයෝ... මෙන්න මෙහෙ එන්න.‘ සතිෂ් අයියා මාව ඇඳලා එළියට ගත්තා.
සිලි සිලියේ බෝ පතින්
බොදු බැතිය වැඩුණේ ය
නිතර කෑ මොර දුන්න
නිවහනෙන් මිදුණේය
සිත් නිවා පහන් වන
ගත යහනේ සැතපුණේ ය
දෑස් විවරව සැණින
නෙළුම් පෙති සැලූණේ ය
දෙපා වෙර ගෙන ඉතින්
මිදෙන්නට තැනුවේ ය
දුබල ගත කුලූදුල්ව
බිදෙන් බිද මැරුණේ ය
මොණරු ඉගි බිගි නගා
අවට රඟ දුන්නේ ය
නොදුටු නොලැබුණ සෑම
දේ ගැබ්ව තිබුණේ ය
රතිය ප්‍රේමය සිතා
මිරිගුවේ දිව්වේ ය
ඇතිය කියන්නට පෙරම
තව වරක් තැලූණේ ය
පෙම් ලොවම බිද වැටී
රති මතින් නැටුවේ ය
ළගින් සුව වින්දවුන්
දුරින් හිද රැවුවේ ය
කෙමෙන් නැවතත් හදෙයි
නැගෙන ගෙත්තම
නොපැමිණි ඔබ ඇයිද
සිතනු මා පෙම්දම
පිළිකුලයි අපවාද තමයි
මා නිති ලැබු වත්කම
එදා වගෙමයි තාම
පෙම් කෙරූ කඳුළු
සිත්තම
------------------------------------------------------------------------------------
දහසය වන සිත්තම
සතිෂ් අයියගෙ මහ ගෙදර මාර ලොකු ගෙයක්. උඩ රිමෝට් එක තියාගෙන ඉන්නෙ අම්මා වෙන්න ඇති. අපි බහිනවා දැක්ක එයා පහළට ආවා. මම ටිකක් දුරින් හිටියෙ. බයෙන් වගෙ. සාලේ ලස්සන ටයිල් අල්ලලා ෆොටොස් එල්ලලා පුදුම ලස්සනයි. රාජ මලිගාවක් වගෙ. ඒත් කො සතිෂ් අයියගෙ එක ෆොටෝ එකක්වත් නැනෙ. සේරමගෙ ඉන්නේ එයාගෙ අම්මා. අනිත් කෙනා මල්ලි පොඩිකාලේ වෙන්න ඇති. අහ් ලස්සන මඟුල් ෆොටෝ එකක්. සතිෂ් අයියා තාත්තා දැකලා නැත්තම් මේ ඉන්නේ තාත්තා.
‘ඔය ඉන්නෙ බාප්පා හරිද?‘
‘හච්...‘ සතිෂ් අයියා මම ෆොටෝ එක දිහා බලාන ඉන්න නිසාම ළගට ඇවිත් කිව්වා.
‘මල්ලි පණිවිඩෙ කිව්වද?‘ පඩිපෙළ බැහැගෙන ආපු ඇන්ටි ඇහුවා. ටිකක් මිටි මහත කෙනෙකේ. සුදුයි. ඇට මාලයක් දාලා. බෝතල් කණ්ණාඩි දෙකක් දාලා. නුවර කෙනෙක් වෙන්න ඇති. කුමාරිහාමි කෙනෙක් වගෙ. නපුරු සැර පාට හොඳට පෙණුනා මූණෙන්...
‘කවුද මේ අනිත් ළමයා...‘
‘මගේ ඔෆිස් එකෙ...‘ සතිෂ් අයියා වැඩිය ගණන් ගන්නෙ නැතිව කිව්වා. සමහර විට යාලූවෙක් කියලා එයාට තෙරෙන්න ඇති.
ඇන්ටි මගෙ දිහා බලලා මට දෙකයි පනහෙ හිනාවක් දාලා කකුලක් පිටින් කකුලක් දාලා පුටුවෙ වාඩි වුණා.
‘මම පුතාට එන්න කිව්වෙ වැඳගත් කාරණාවක් කතා කරන්න.‘ සතිෂ් අයියගෙ අවධාන ගන්න ආයෙත් ඇන්ටි කිව්වා.නොකියා කියන්නෙ මට ටිකක් එළියට යන්න කියලා වෙන්න ඕන. කටින්ම ඕක අහගන්න ඕන නැහැනෙ මම නෝමල් එකෙ එළියට යන්න හැදුවා. මම යන දිහා බලලා ඇන්ටි ආයෙත් කට කොනින් හිනා වුණා.
‘සංජන ඔයත් ඉන්න...‘ සතිෂ් අයියා හයියෙන් කිව්වා. මම එතනම නතර වුණා. ඇන්ටිගෙ මූන දෙල් වුණා. මෙතන වලියක් යන්න වගෙ යන්නෙ. අම්මලා පුතාල අතරට යන්න මම කවුද?
‘නෑ අයියෙ... මම ටිකක් එළියට යන්නම් ඇවිදින්න. ඔයා අම්මත් එක්ක කතා කරන්න...‘ මම හිටගෙන කිව්වෙ යාන්තම් ඇන්ටියා දිහා බලන ගමන්. මූණ පුපුරන්න වගෙ...
‘ ඒ ළමයට යමක් කමක් තෙරෙනවා... කොහෙද අපෙ එක්කෙනා... හැදියාව ගැවිලාවත් නැහැ..‘ මට කාරුණික බටර් පාරක් ගාලා සතිෂ් අයියගෙ කන අත ගෑවා.
‘අනෙ අම්මෙ මගෙන් හැදියාව අහ ගන්න එපා...‘ සතිෂ් අයියට මොකද මේ වෙලා තියෙන්නෙ.. මේ තරම් අම්මා එක්ක තරහා ඇයි? මට බණ කියනවා හැදුව වැඩුව අම්මා තාත්තට සලකන්න කියලා. ඒත් මූ අම්මට කෑ ගහල බණිනවා. වරෙන්කො මට ආයෙත් බණ කියන්න.
අම්මල පුතාලා ඔන මඟුලක් කරගත්තදෙන්. මම එළියට ආවා. අනිත් සැරෙ මටත් ගුටි කාලා තමයි යන්න වෙන්නෙ....
මිදුල නම් ලස්සනට හදලා තියෙනවා මොනවා නැතත්. තණකොළ ගානට කපලා. මල් වවලා. තැනින් තැන පුටු තියලා. මාර ගති. මල් වත්තක් වගෙ. මම ගිහින් එළියෙ තිබ්බ පුටුවක වාඩි වුණා. මෙච්චර ලොකු ගෙයක ඉන්නෙ තුන් දෙනයිද? ඇත්තටම කියන්නා වගේ ලංකාවේ තියෙන්නෙ ආදායම් විෂමතාවයක් තමයි. කොතනද වාසි එතනටමයි බිගු රාසි...
සතිෂ් අයියා බීම විදුරුවකුත් අරන් මම ඉන්න තැනට ආවා. ‘සොරි මල්ලි පැටියෝ..‘ මම අවුලෙන් ඉන්න බව එයාට තෙරෙන්න ඇති.
මම හිනාවක් දාගෙන බීම විදුරුව ගත්තා. මට මැනස් කියලා දෙයක් එදත් නැ. අදත් නැ. මම කකුල් දෙක අරන් පුටුව උඩ තියාගත්තා. එක උගුරට ඔක්කම බීම ටික බීගෙන ගියා.
‘තව එකක් ගෙන්නද?‘
‘නො තැන්ක්... මිස්ටර් සතිෂ්.‘ මම ඇහැක් ගහලා කිව්වා.
‘අපි යමුද දැන්...‘ සතිෂ් අයියා බීම වීදුරුව ගන්න ගමන් ඇහුවා.
‘මම දන්නෙ නැහැ. ඔයා කරන දෙයක්... ‘
‘ඒකත් ඇත්තනෙ... ඉන්න මම මේ තියලා අම්මට කියලා එන්නම්...‘
අහ් නැ කිව්වට සතිෂ් අයියා අම්මට ආදරෙයි වගෙ.
‘හරි හරි‘
චැට් කරන සිස්ටම් එකම තමයි මගේ වචනත් නේද?
සතිෂ් අයියා හිස් බීම වීදුරුවත් අරන් ගේ ඇතුළට ගියා.
ඇන්ටි දොර ළගට ඇවිත් කියවන්න ගත්තා.
‘මොනවා වුණත් මම පණ පිටින් ඉන්නව බලන්න ආසනම් උඹ ඒ ළමයට කැමති වෙන්නම ඕන.‘
මොකද්ද බොලෙ මේ වෙන්න යන්නෙ... මොන ළමයටද? මටද? හිහිහි ෂුවර් එකට මේක ලව් කෙස් එකක්. කෙල්ලෙක් බදින්න කියලනෙ ඔය කියන්නෙ ඉතින්. ඕක මැරෙන්න කෑ ගහන්න දෙයක්ද දෙයියනෙ. මේකාට තෙල මොරපුවාම බදිවිනෙ.
‘මගෙ තීරණෙ මම කෙලින්ම අම්මට කිව්වා. මට බදින්න බැහැ. ඒක කියටවත් කරන්නෙ නැහැ මම...‘ මෙන්න දෙයියනේ ආයෙත් සතිෂ් අයියා අවේෂ වෙලා ගෙයින් එළියට ආවා.
‘සංජන අපි යමු..‘ මටත් සැරෙන් කිව්වා. මම දුවලා ගිහින් කාර් එකට නැග්ගා.
‘පුතෙ...‘ සතිෂ් අයියා කාර් එකට නගිද්දිම ඇන්ටි ආයෙත් කතා කරා. ‘උබ සෙල්ලම් කරන්නෙ නොවිදිනා දුක් විදලා ලොකු මහත් කරපු අම්මගෙ ජීවිතෙ එක්ක...‘
‘ඒක තමයි අම්මා කරපු ලොකුම ගොන්කම...‘ සතිෂ් අයියා කිව්වා. සතිෂ් අයියට හිතත් පපුවක් නැද්ද දෙයියනේ. අම්මට මෙහෙම කතා කරන්න. මොකද්ද මෙයා අම්මා එක්ක තියෙන වෛර මේ තරම් නපුරු විදිහට කතා කරන්න.
ඇන්ටි ඔලූව උළුවස්සේ ගහගන්න පටන් ගත්තා. ‘ඇයි දෙයියනේ අම්මා කෙනෙක්ට අහන්න පුළුවන් තරම් දේවල් ද? නොවිදිනා දුක් විදලා ළමයි හදලා ... අයියෝ...‘
සතිෂ් අයියා කාර් එකෙන් බැස්සා. මාත් දොර ඇරගෙන බැස්සා. එතනම හිටගෙන හිටියා. සතිෂ් අයියා දුවගෙන ගියා.
‘මොනවද අම්මෙ මේ කරන්නෙ...‘
සතිෂ් අයියා අම්මව ඇඳලා ගත්තා. ඔලූව තුවාල වෙලා. මොනවද මේ වෙන්නෙ. අයියෝ මම ඇවිත් කරගත්ත මෝඩකමක්.
‘මට මැරෙන්න දියන්...‘ සතිෂ් අයියගෙන් මිදිලා ආයෙත් ඔලූව ගහගන්න ඇන්ටි හැදුවා. සතිෂ් අයියා ඇන්ටිව හයියෙන් අල්ලන් හිටියේ. ඒ තරහට එයා තවත් කියන්න ගත්තා.
‘අප්පා නැති උඹව මලක් වගේ හැදුවෙ දුක් විදිනවා බලන්නද? මෙහෙම කතා අහන්නද? ඊට මීට වඩා හොඳයි මෙතනම මැරිලා යන එක...‘
මගේ සත්තෝ.... මම මොකද කියන්නේ ඉතින් ඔවාට නේද? ඒත් එක්කම බයික් එකෙන් මල්ලි ආවා... අම්මව ලේ පෙරන් ඉන්නව දැක්ක මල්ලි බයික් එකක් බිම දාලා දුවගෙන ආවා.
‘මොකද මේ ...‘ මුගෙ කටෙ සද්දේ... ‘අම්මා... ඇයි මේ...‘
මම කෝකටත් කාර් එකට නැඟ්ගා. හැම විජ්ජාවකට වඩා ලොකුනෙ ගැලවිජ්ජාව.
‘නැ මුකුත් නෑ...‘ ඇන්ටිත් බොරු කියන්න දන්නෙම නැහැ. ‘ මට කලන්තෙයක් ආවා. දොරෙ ඔලූව වැදුණා. අයියා ඇවිත් අල්ල ගත්තා.‘
‘එතකොට මේ සද්දෙ ඇහුණේ කෑ ගහනවා.‘ මල්ලි ඇහුවා. දැන් දීපන්කො උත්තර...
‘දන්නෙ නැද්ද අම්ම හැමදාම මම ආවම කෑ ගහනවනෙ..‘ සතිෂ් අයියා ඇන්ටිව ගේ ඇතුළට අරගෙන යන ගමන් කිව්වා.
දැන්නම් මට තෙරෙන්නෙ මෙතන ඉන්න එක එච්චර හොඳ නැහැ වගෙ. හවස කොච්චියේම ගෙදර යන්න ඕන.
‘මම දන්නවා යකෝ උඹ කවුද කියලා...‘ අන්න ගේ ඇතුළින් ආයෙත් සද්දේ... මල්ලි කෑ ගහනවා ඇහුණා. අද නම් මොකක් හරි වෙනවා. ‘ අය තෝ හින්දා අම්මාගෙ එක ලේ බිංදුවක් හරි ආයෙත් බිමට වැටුණොත් මම තෝ අයියා කියලා බලන්නෙ නැ. දැනගනින්....‘
‘පොඩි පුතා ‘ ඇන්ටිගේ ස්වීට් සවුන්ඩ් එක...‘ කට වහගනින්. උඹලා දෙන්න මරාගන්න එපා...‘
සතිෂ් අයියා දොර ගාවට ආවා. ‘මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න අම්මෙ... ‘ අනේ දෙයියනෙ සතිෂ් අයියා අඬනවා..‘ මම වැඳලා ඉල්ලන්නෙ එච්චරයි..‘ සතිෂ් අයියා දොර ඉදන්ම අත් දෙක එකතු කරලා වැන්දා. කෙලින්ම ගිහින් ගේට්ටුව ඇරලා ඇවිත් මම දිහාවත් බලන්නෙ නැතිව වාහනේ රිවස් කරා. මමත් මුකුත්ම කතා කරෙ නැහැ.
ආයෙ ගේට්ටුව වහන්නෙත් නැතිව සතිෂ් අයියා වාහනය එළවන්න ගත්තා. මමත් සතිෂ් අයියත් කිසිම කතාවක් නැහැ. මම සතිෂ් අයියා දිහා බැලූවෙත් නැහැ. ඇස් වලින් කඳුළු බේරෙනවා. ඉස්සරා කණ්ණාඩියෙන් පේනවා. අනේ දෙයියනේ... මගේ පපුවත් මොකද වෙලා දැන්නම්.
‘ටිකක් හිමින් යමුද? ‘ මම බැරිම තැන කතා කරා. සතිෂ් අයියා මගෙ දිහා බැලූවා.
එද්දී ආවේ ආපහු කැලණියට දාලා. කාර් එකෙ එද්දි චෛත්‍ය පෙණුනත් මම මුකුත් කීවේ නැහැ. පෑලියගොඩ, මරදාන, කොටුව, ටවුන්හොල් පහුකරගෙන අපි ගෙදර යනවා. තුන්මුල්ල හරියෙදි කාර් එක අයින් කරලා නතර කරා. සතිෂ් අයියා තාමත් ඉස්සරා බලාගෙන. මම කාර් එකෙන් එළියට බැස්සා. සතිෂ් අයියා ඉන්න පැත්තට ගියා. දොර ඇරියා. අතින් ඇඳලා ගත්තා. මෙන්න ඒ පාර හිනාවක් දාගෙන සතිෂ් අයියා එළියට ආවා. වෙලාව 10-11 වගෙ ඇති. අව්ව ටිකක් රස්සෙයි.
‘මට වතුර තිබහයි අයියේ...‘ මම සතිෂ් අයියට කිව්වා.
‘මටත්...‘ සතිෂ් අයියා වට පිට බැලූවා.
‘යමු ද මොනවා හරි බොන්න එහෙනම්‘
‘මොනවද?‘
‘අතන තියෙන්නෙ රෙස්ට්ටුරන්ට් එකක්...‘
‘තැඹිලි වගෙ නැද්ද බොන්න...‘
‘තැඹිලි කොහෙද ළමයෝ මේ හරියේ...‘
‘අපරාදේ දන්නවනම් අරන් එන්න තිබ්බා.‘
‘මොනවද?‘
‘වතුර...‘
සතිෂ් අයියා හිනා වුණා. ‘ඉතින් ගිහින් අයිස් ක‍්‍රීම් එකක් කමුකෝ ‘
‘අම්මෝ මට කූල් ඇලජික්...‘
‘එහෙනම් මොකද කරන්නෙ...‘
‘මොනවා කරන්නද ගිහින් වතුර බෝතලයක් අරන් එන්න දිව ගිලිලා මැරෙන්න කලින් මෙතන...‘
මම එහෙමම බිම වාඩිවුණා.
‘අයියෝ මේ මොකද මේ...‘
‘ඇයි මොකද?‘
‘නැඟිට්න්නකෝ... මිනිස්සුත් බලාන ඉන්නවා.‘ සතිෂ් අයියා හිනාවෙන ගමන් කිව්වා.
‘අනේ මේ මගෙන් කුණුහරප අහ ගන්න එපා. බලන එකෙක් බලපුදෙන්. මට මොකද? මෙතන වාඩිවෙන්න තහනම් කියලා නැනේ...‘
‘හරි හරි... මම වතුර එකක් අරන් එනකල් වාහනෙන් වාඩිවෙලා ඉන්න එහෙනම්...‘
සතිෂ් අයියා කාර් එකෙ දොර ඇරලා දීලා වතුර බෝතලයක් ගන්න ගියා. මමත් ඒසී එක දාගෙන දොර වහගෙන යන එන කොල්ලෝ දිහා බලන්න ගත්තා. එක එක ඩයල් සැරිසරනවා... අනේ මෙතන බොටම් වුන් ඉන්නවද දන්නෙ නැහැ. ටිකක් මහත, සුදු මූණ රවුම් හරි හතරැස් හරි... මතක් වෙද්දිත් කිචි කිචි වගේ ඇඟට. ඒත් විහඟ තරම් කිසිම කෙනෙක් හිතට ඇල්ලූවේ නැ මට. අශේන් අයිය නම් නිතරම මට බණිනවා පහුගිය දේවල් තාම හිතෙ තියාන ඉන්නව කියලා. ඒත් ආදරෙ හොයාගෙන එනකල් ආදරෙ පස්සෙ යන්න එපා කියලා එයාමනෙ මට කිව්වෙ. හා බොරුද කියන්න...
සතිෂ් අයියා වතුර ගේන්න ජල සම්පාදන මණ්ඩලයට ගියාද මන්දා. සමහර තැන් වල කොල්ලො දෙන්නා දෙන්නත් ඉන්නවා. උන් ෂුවර් එකට ගේ කපල් හරි ලවර්ස් හරි වෙන්න ඕන. මායි සතිෂ් අයියයි ඇවිදින්න ගියාමත් බලන උන් එහෙම හිතයිද දන්නේ නැහැ. එහෙම හිතුවොත් මට එකෙක් සෙට් කර ගන්න වෙන්නෙ නැහැ. සතිෂ් අයියා බොටම්ද දන්නෙ නැහැ. එයා ආදරෙ ගැන දෙඩුවට මට දැන් ආදරේ දැනෙන්නෙ නැනෙ. මම කැමති ඩයල් ඉන්නවා සෑහෙන්න. ඒත් කණ්ඩායම් බැනෙ. ඒවා නිකං මස් කඩ වගෙ. ඔය pron sex වල තියෙන්නෙ. එකෙක්ටවත් හරියට කර ගන්න බෑ. හාහාහාහ
--------------------------------------------------------------------------------------------------------------------------
දා හත්වන සිත්තම
මොකද දෙයියනෙ සතිෂ් අයියා මෙච්චර පරක්කු... මම දොර ඇරගෙන එළියට ආවා. එයා පෙන්නපු කඩ් ගාව මිනිස්සු වට වෙලා. මොකද වෙලා තියෙන්නේ... මම ටක් ගාලා කාර් එකෙ දොර වහලා ලොක් කරලා දිව්වා... මිනිස්සු එහාට මෙහාට කරලා බැලූවා. පොලීසියෙනුත් ඉන්නවා. වාහන කාරයෙක්ගෙන් මොනවද අහාගෙන ලියාගන්නාව. මම ආයෙත් කාර් එක දිහා බැලූවෙ සතිෂ් අයියා කාර් එක ගාවට ඇවිත්ද කියලා. පෙන්න කවුරුත් නැහැ.
‘අයියේ මෙතන ඇක්සිඩෙන්ට් එකක් වුණාද?...‘ මම එතන හිටපු කෙනෙක්ගෙන් ඇහුවා..
‘ඔව් මල්ලි... කොල්ලෙක් හැප්පිලා..‘
‘ඔයා දැක්කද ඒ කොල්ලව...‘
‘ ඔව්... දැන් ටිකකට කලින් හොස්පිටල් අරන් ගියේ...‘ ඒ අයියා කිව්වා.
‘කොයි වගේ ඇදුමක්ද ඇඳන් හිටියේ....‘
‘සුදු ටී ෂර්ට් එකකුයි... නිල් පාට ඩෙනිම් කලිසමකුයි....‘
‘අයියෝ.............. සතිෂ් අයියා....‘ මම එතනම බිම ඉද ගත්තා.
අර අයියා මාව අල්ල ගත්තා...
‘ඔයා දන්නවද එයාව...‘
‘ඔව් අයියෙ.. ඒ මගෙ අයියා...‘ මට කියවුණා. මම ඉදගන්නවා දැකපු අනිත් අය මට කිට්ටු වුණා.
‘සර් ... ‘ අර අයියා පොලීසියට කතා කරා. ‘අර ඇක්සිඩෙන් වෙලා තියෙන්නෙ මෙයාගෙ අයියා...‘
පොලිසියේ රාළහාමි මම ගාවට ආවා. එයත් මා ගාවින්ම ඉදගෙන මගෙන් ප‍්‍රශ්න අහන්න පටන් ගත්තා.
‘කොහෙ ඉදලද ඔයාලා එන්නෙ...‘ කියන ඒවා එයා ලියාගන්න වගෙ හදන්නෙ.
‘අපි ඇන්ටිලාගේ ගෙදර ගියා. බියගම. මේ එන ගමන්...‘ මම ඇස් වලින් කඳුළු බේරෙන ගමන් කිව්වා.
‘මේ ඔයාගෙම අයියද?‘
‘නැහැ. මම අනුරාධපුර. මගෙ නැන්දගෙ පුතා...‘බොරු කියන එකනම් මට දැන් ඉබේටම වෙන දෙයක්. මේ වගෙ වෙලාවට ඒ වගෙ බොරු ආවෙ නැත්තම් ඉවරනෙ.
‘සර් අයියට මොකද වුණෙ...‘
‘එයා එක පාර පාර පැනල. බලන්කො දැන් වාහනකාරයත් අමාරුවේ. මෙන්න එයාගේ ෆොන් එකයි. පර්ස් එකයි. දැන් කොහොමද වාහනෙ අරන් යන්නෙ...‘ රාලහාමි ඇහුවා.
‘මම සර් අයියලාගෙ ගෙදරට කොල් එකක් දෙන්නම්...‘ මම පර්ස් එකයි, ෆොන් එකයි ගන්න ගමන් කිව්වා.
‘ඒක හොඳයි...‘ රාලහාමි නැඟිට්ටා...
මම සතිෂ් අයිය ෆොන් එක අරන් ගෙදර නම්බර් එක හොයන්න ගත්තා. මල්ලි කියලා සේව් කරලා තියෙන නම්බර් එක ඩයල් කරා. දෙපාරක් තුන් පාරක් ගත්තත් ඒක ආන්සර් කරෙ නැහැ. සමහරවිට මල්ලි තාම තරහින් ඇති. ඒකයි ආන්සර් කරන්නෙ නැත්තෙ... හෝම් කියලා සේව් කරලා තිබ්බ එකටත් ගත්තා. එකත් රින් වෙනවා. එත් කවුරුත් ආන්සර් කරන්නෙ නැහැ. මොකද දෙයියනෙ මං කරන්නෙ. මිනිසුත් මම දිහා බලාගෙන. සතිෂ් අයියා හැප්පුණ වාහනෙ අයිතිකාරයා මම ගාවට ආවා.
‘මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මාත් හදිසි ගමනක් යන ගමන්. ‘ එයා කලබල වෙලා වගේ කියවගෙන ගියා. මට තරහක් ආවත් එ මනුස්සයා හරි අහිංසක නිසා මුකුත් කියන්න හිතුණේ නැහැ. ‘මොකද්ද මගෙන් දැන් කෙරෙන්න ඕන...‘
‘මට අයියා බලන්න යන්න ඕන අයියේ...‘ මම බැගැපත්ව කිව්වා.
‘ඔයාට වාහන ඩ‍්‍රව් කරන්න පුළුවන්ද? මට දැන් පොලීසියට යන්න වෙනවා කට උත්තරයක් දෙන්න... ඒ ගමන් ඔයාව හොස්පිට්ල් එක ගාවින් දාන්න පුළුවන්. මමත් හවස එනවා බලන්න.
‘අයියගෙ කාර් එක අතන... ඒකත් ගෙදරට ගෙනියන්න ඔන අයියෙ..‘ මට ලයිෂන් තිබ්බට ට්‍රයල් පෙන්නුවාට පස්සෙ කවදාවත් වාහනයක් අල්ලලා නැනෙ..
‘ඉන්න මම රාලහාමි එක්ක කතා කරලා එන්නම්...‘
මොනවා වුණත් ඒ මනුස්සයා හරි කරුණාවන්තයි.
එයා රාලහාමි එක්ක තනියම මොනවද කතාකරනවා. මට මුකුත් හිතා ගන්න බැහැ. අනෙ දෙයියනෙ මමයි වැරදි. මෙතන නතර කරලා වතුර බොන්න ඕන කිව්වෙ මමනෙ. මාත් එයා එක්ක ගියානම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ. මගෙ හිතුවක්කාරකම නිසා තමයි මෙ. මට තිබහ නිසා ඉක්මනට වතුර අරන් එන්න ගියා. මම තද කරන් හිටියත් කඳුළු ගාලගෙන ආවා. මිනිස්සුනම් දැන් ගිහිල්ලා. වාහන වලින් යන කට්ටිය බල බල යනවා. හැප්පුණ තැන ටිකක් ලේත් ගිහිල්ලා... අනේ සතිෂ් අයියට කරදරයක් වෙන්න එපා දෙයියනේ....
‘හරි මගේ වාහනෙ මෙහෙම්ම පොලිසිය අරගෙන යාවි. මම ඔයාව ගෙදරට ඇරලවන්නම්... ඔයාට හොස්පිටල් එකට යන්න පුළුවන් නේද?..
‘ඔව් අයියේ...‘ මට දන්නෙ නැහැ. ඒත් කොළඹ හොස්පිටල් එකට ටිකට් ගත්තාම හරිනෙ.
‘කොතනද වාහනෙ?‘
මම ඒ අයියත් එක්ක කාර් එක තියෙන තැනට ආවා. යතුර ඒ අයියට දීලා වාහනේට නැඟි්ගා..
‘කොහෙද ගෙවල් තියෙන්නේ...‘
දෙයියනේ ඇත්තටම කොහෙද ගෙවල් තියෙන්නෙ... මම ටක් ගාලා සතිෂ් අයියගෙ පර්ස් එක බැලූවා. වෙලාවට සතිෂ් අයියගෙ කාඩ් එකෙ තිබ්බා. මම ඒක අර අයියට දුන්නා..
කාඩ් එක අතට ගත්ත එයා... ‘අහ් නුගේගොඩ ද අපි හයිලෙවල් එකෙන් දාලා යමු එහෙනම්...‘
වාහනෙ ස්ටාර්ට් කරා. මොන ලෙවල් එකෙන් හරි ඉක්මනින් යමන් යකෝ...
‘අයියට ගොඩාක් අමාරුද අයියේ...‘ මම බය වෙලා හිටියෙ. ඒක නිසාම එයාගෙන්ම ඇහුවා.
‘ අනෙ මම හිතලා කරපු දෙයක් නෙමෙයි මල්ලි. අයියා කලබලේට එක පාරම පාරට පැන්නා. ඒකයි අවුල. මම හිතන්නෙ ඔලූව වැදුණේ පාරේ. කකුල ටිකක් ඩැමේජ් වගේ තිබ්බා. බයටම ද කොහෙද එයාට සිහිය නැතිවයි හිටියෙ. කරදරයක් වෙන්නෙ නැහැ. බය වෙන්න එපා...‘
මට හොඳ සුද්ධ සිංහල වචන මතක් වෙනවා ඇත්තමයි... ඒත් කෑ ගහලා වැඩක් නැනෙ දැන්. මම ආයෙත් සතිෂ් අයියගෙ ගෙදර අයට කතා කරන්න ට‍්‍රයි කරා. මේ ගෙදර මිනිස්සු ඇයි මෙචචර සතිෂ් අයිය එක්ක තරහා. ෆොන් එක ආන්සර් නොකරන්න තරම්... අනේ සතිෂ් අයියට මොනව වෙලාද දන්නෙ නැහැ. නොදන්න මඟුලකට ඇවිත් මම කරගත්ත දෙයක් දෙයියනෙ. ඊයෙම ගෙදර ගියානම් මේ කිසිදෙයක් නැනෙ. හිටියා හැමිනෙන්න ෂික්... කවදානම් මේ රතිය ඉවර වෙයිද දන්නෙ නැහැ. ෆෙස්බුක් එකයි, ස්කයිප් එකයි මාව කෑවා. ඒවා නැත්තම් ඇත්තටම මට මොනවා වෙයිද? සමහරවිට මේ වෙද්දි මම මැරිලා. විහඟ මාව දාලා ගියපු දවසෙ මම වහ බීවේ ඒක නිසානෙ.. කියන්න කවුරුත් නැහැ. තේරුම් ගන්න කවුරුත් නැහැ. තනියම හිතෙ තියාගෙන පුදුම දුකක් වින්දෙ... ඒක ලිංගික හැගීමක්ම නෙමෙයි. විහඟ හරියට මගෙත් එක්ක හිටියනම් අපි කොච්චර සතුටින් ඉන්නවද දෙයියනෙ... එක අතකට ඒ අහිංසකයගෙ වැරැද්දකුත් නැහැ. මටනෙ පුදුම විසයක් තියෙන්නෙ. ඒත් විහඟ ඉද්දි මම පිට කාත් එක්කවත් හිටියෙ නැහැනෙ. විහඟට සෙක්ස් කරන්න මම බලකරත් නැහැ. එයත් කැමති, මාත් කැමති වෙලාවට අපි ඒවා කරා. එක පාරම විහඟ ඇවිත් එයාට කරදර කරන්න එපා. පාඩුවෙ ඉන්න දෙන්න කියලා ගියාම මම කරකලා අත ඇරියා වගේ වුණා. ආපු ආවේගෙට මම මොනවා කරාද කියලා මම දන්නෙත් නැහැ. සිහිය එද්දි මම ඉස්පිරිතාලේ....
වාහනෙ සතිෂ් අයියගෙ ගෙදර ගාවින් නතර කරා. මම එළියට බැහැලා ගේට් එක අරින්න ගියා. ෂික් ලොක් කරලනෙ... යතුර අහ් කාර් එකෙ නේද?
ආයෙත් කාර් එක ඇරලා යතුර අරන් ගේට් එක ඇරියා. ඒ අයියා කාර් එක නතර කරලා එළියට ආවා.
‘මම එහෙනම් යන්නම්...‘ ගේට් එක ගාවට ආව ඒ අයියා කිව්වා... ‘ඔයාට මෙතනින්ම හොස්පිල් එක ගාවට යන්න පුළුවන්...
‘හරි අයියේ‘
මම ගේට්ටුව වහලා ගේ ඇතුළට ගියා. මොනවද මම දැන් අරන් යන්නෙ. මෙහෙම මෙතන මට ඉන්නත් බැහැ. මම ආයෙත් සතිෂ් අයියලාගෙ ගෙදරට ගත්තා. මොන මඟුලක්ද යකෝ... හදිසියකදී මෙහෙම කතා කරන්න බැරිනම් මොන....... ෆෝන් තියන් ඉන්නවද මන්දා...
උඩ තට්ටුවට ගිහින් අල්මාරිය ඇරියා... යට රාක්කෙ තිබ්බ බෑගයක් අරන් තුවායකුයි සරමකුයි, ටී ෂර්ට් එකකුයි, ෂෝටා කලිසමකුයි දා ගත්තා. බුරුසුවයි, සබන් දා ගත්තා. මම පර්ස් එකෙනම් තව රුපියල් තුන්සියක් වගෙ තියෙන්නෙ... සතිෂ් අයියගෙ පර්ස් එකයි ෆොන් එකයි ගත්තා. ආයෙත් ගෙදරට කොල් කරා. මෙන්න බොලේ මේ ගෙදර රින්ස් යන්නේ.... අයියෝ...... වෙන යාලූවෙක්ට ගන්නත් බැහැ. නම්බර්ස් නම් සෑහෙන්න. ඉස්සෙල්ලා මම හොස්පිට්ල් එකට ගිහින් බලන්න ඕන මොකද කියලා. නැත්තම් කලබල වෙයි හැමෝම. ඉට පස්සෙ එන ප‍්‍රශ්න වලට උත්තර බදින්න ගියාම ආයෙත් කරදරෙ....
එකම මගක පියවර මැන
යන්නයි
එකම බිමක සෙවනැළි
පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මිවිත
පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට
හිමිවෙන්නයි
වැලේ පිපුණ මල නොවේ
වැලට බර
බිගුන් සලාවි පැතුම්
මවා
සිතේ රැදුනු පෙම්
නොවදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන්
පලා
එකම මගක පියවර….
මගේ ලොවට සද ඔබේ
සිගිති මුව
අගින් එබෙවි කැලුම්
මවා
ඔබේ පිනට මතු මගේ
ගෙපැල ලග
කුසුම් පිපේවා පවන්
සලා
එකම මගක පියවර……
ගායනය - පුන්සිරි
සොයිසා මහතා
------------------------------------------------------------------------------------
දහඅටවන සිත්තම
ගෙදර දොරත් වහලා ගේට් එකත් වහලා මම පාරට ආවා. මොකේද දැන් නගින්නෙ... අහන්න කවුරුත් ඇත්තෙත් නැහැ. හැමකෙනාම එහාට මෙහාට දුවනවා. වාහන සද්දෙ විතරයි. එක්කො ෆොන් කනේ ගහන්. පුදුම වාහන කැටියක්. මට නම් මෙක විකාරයක්. එතැන තිබුණ ලොතරැයි කඩේකින් මම ඇහුවා ගිහින්... හිටියේ වසයක අංකල් කෙනෙක්. අංක ගොඩාක් කියාගෙන ගියා. කෝකටත් මම ඒවා ලියාගත්තා. 138 නැගලා ටවුන් හොල් එකෙන් බහින්නලු. එතනින් පාර පැනලා ඇස් වාට්ටුව ගාව ඇතුල් පාරෙන් යන්න කීවා.
ඒත් එක්කම ආව 138 බස් එකට මම නැග්ගා. සෙනග සූ ගාලා. අද ඉරිදා වෙලත් දෙයියනෙ.. මට බස් වල හිටගෙන යනවා කියන එක අරහං. ඒකනෙ මම යන යන තැන කෝච්චියේම යන්නෙ. ඒක ලේසි. අපෝ දුම් ගද, දාඩියගද, මට වමනෙට වගෙ. මම එහෙම්ම ඔලුව පාත් කරලා සීෂ් ඇන්දට තියාගත්තා. ඒ ළග හිටපු එකෙක් මගෙ පිටට හේත්තුවෙලා. සෙනග ගොඩ. මුකුත් කියන්නත් බැහැ. පර්ස් එකයි, ෆොන් එකයි බැග්ගෙ දාලා තියෙන නිසා අවුලක් නැහැ. මට පේන්නෙ මූ ජැක් තියන්න එනවා වගෙ. කන ළං කරානම් කියන්න තිබ්බ මම Gay Top කෙනෙක් කියලා. බස් එක යනවා යනවා ඉවරයක් නැහැ. බහින ගානට සෙනග නගිනවා. මේ ගල් මූසලයත් මගෙ ඇගටම ගොඩ වෙලානෙ. මම ටිකක් ඇඹරුණා. මූත් ලස්සනට ඇඹරෙනවා. මුට හොදටම නැගලා වගෙ. ඉදකින් විතරක්... මම හෙමීට පොරට කට ළංකරා.
‘අයියා කොහාටද යන්නෙ...‘
‘කැම්පස් එක ගාවට...‘ ඒ පාර බය වුණා වගෙ පොර කිව්වා. ටිකක් ඈත් වුණා.
‘මට ටවුන් හොල් එක ගාවින් කියනවද බහින්න...‘ මම කිව්වා.
‘හරි මල්ලි... ‘ මූ මට තව ටිකක් කිට්ටු වෙන ගමන් කිව්වා. මට පේන්නෙ ඊට කලින් මූ මට බස්සන්න වගෙ හදන්නෙ. මම බොරුවට සතිෂ් අයියගෙ ෆොන් එක අරන් කොල් කරන්න ගත්තා.
‘Hellow aiya.. now im on the way.. wait few minutes dear. I will come soon...‘ මිදි කොහෙද තිත්ත.. නරි කියයිද ඇත්ත. අනේ මගෙ ඉංග්‍රිසි. නිලාන් අයියනම් කියන්නෙ බැරිනම් සිංහලෙන්ම කියපන් කියලා. එත් එහෙම කිව්වාම කොහොමද ඉගෙන ගන්නෙ. ළග පාත ඇහුණ උන් ලාවට හිනාවෙනව මම දැක්කා. මට මොකද අනුරාධපුර එකෙක්වත් මෙහෙ නැනෙ. ජැක් තියපු එකත් ටිකක් ඈත් වුණා. සමහර විට මට පිස්සු කියල හිතන්න ඇති.
‘මල්ලි මම ඊළග හොල්ට් එකෙන් බහිනවා. ‘ අරෑ මට අතට අත දෙන ගමන් කිව්වා. මුගෙ ආච්චිට හාල් ගරන්න. නෝමල් එකෙ මූ නොම්බරේ නේද දුන්නෙ. ‘ ඔයා ඊළග එකෙන් බහින්න. කොන්දා කියයි.‘
‘හරි අයියේ මම බහින්නම්.‘ අහිංසකයාගෙ හිත රිද්දන්න හොද නැනෙ.. මමත් කිව්වා.
මමත් ඊළග ටවුන් හෝල් එකෙන් බැහැලා පාර පැනලා ඇස් වාට්ටුව පාරෙන් හොස්පිට්ල් එක ගාවට ආවා. අනුරාධපුර එක වගේම ලොකුයි. ඊට වඩා තට්ටු වැඩි. ජීවිතෙ පළවෙනිපාරට ආවෙ මෙ මගුලට. පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනවා වගෙ තමයි දැන් සතිෂ් අයියා හොයන එක. හදිසි අනතුරු ඒකකයට තමයි ගෙනියන්න ඇත්තෙ. මම වැඩකරන නර්ස් කෙනෙක් ගාවට ගිහින් ඇහුවා ඒක. 72 වාට්ටුවට ගිහින් බැලුවා. එකෙ නැහැ. එකෙන් ඇහුවාම කිවා 52 වාට්ටුවට දාලා කියලා. කැරකිලා කැරකිලා මම කොහොම හරි ඒ වාට්ටුවත් හොයා ගත්තා. ලෙඩ්ඩු බලන වෙලාවම සෙට් වුණ නිසා අවුලක් නැහැ. කෙළවරෙ ඇදක සතිෂ් අයියා හිටියා. සතිෂ් අයියා මම එන දිහා බලාගෙන හිටියා. අනෙ පපුව හොස් ගලා යනවා. ලොකු අමාරුවක් නැති බව තේරෙනවා. ඒත් සේරටම වඩා හිතේ අමාරුවෙන් ඉන්නවා වගෙ.
ෂික් පොඩි එකා වගෙ අඬන්නෙ.. පිස්සුද මන්දා
‘ කාත් එක්කද ආවේ ඔයා..‘ මම ඇද ළගට ආවට පස්සෙ සතිෂ් අයියා ඇහුවා.
‘කාත් එකක් එන්නද? ‘ මම ඇදේ කොනින් වාඩු වුණා. ‘ අහගෙන අහගෙන ආවා.‘
‘අනේ මං නිසා කරදරෙ නේද මල්ලියා.‘ සතිෂ් අයියා මගෙ අත අල්ලන ගමන් කිව්වා.
‘කරදරෙ නෙන්නම්. . . ‘ මට ජෝක් කරන්න තැනක් නොතැනක් නැනේ. හිතුණ තැන කරා. ‘මොකද දැන් හැප්පුණේ කියනවා බලන්න...‘
සතිෂ් අයියා හිනාවෙනවා. ‘බය වෙන්න දෙයක් නැහැ ළමයෝ හෙට උදේ යන්න පුළුවන් කිව්වා. මේ පොඩ්ඩක් කකුල තුවාල වෙලා තියෙන්නෙ...‘
‘ අනේ මේ...‘ ඒක නම් සද්දෙ වැඩිද මන්දා එහා ඇදේ ඉන්න කෙනත් මම දිහා බැලුවා. ‘බලනව අයියෙ මම පුදුම විදිහට බය වුණෙ. ඇස් දෙක කටෙ දාගෙනද පාරෙ යන්නෙ... මහ ලොකුවට මට කෑ ගහන්නෙ... මෙන්න ෆොන් එක ගෙදරට කතා කරලා කියන්න...‘ සතිෂ් අයියා අහිංසක හිනාව දාගෙන... මම ෆොන් එක සතිෂ් අයියට දුන්නා.
‘ඕන නැහැ මල්ලි... ‘ සතිෂ් අයියා මට ආයෙත් ෆොන් එක දුන්නා. ‘ මට එහෙම කියන්න තරම් පවුලක් නැහැනෙ...‘
‘අයියෝ...‘ සතිෂ් අයියා මගෙ අත උඩින් අත තිබ්බා. ‘ මොනවද දැන් කන්න ගෙන්නෙ... මම දන්නෙ නැහැ මොනවද හොද කියලා.‘
‘මට එහෙම ලොකු අමාරුවක් නැහැ මල්ලි.‘ සතිෂ් අයියා ඇදට කොට්ටෙ තියලා හේත්තු වුණා. ‘ කම්පනේ වගෙ ටිකක්. හෙට වෙද්දි හරි යයි. ඔයා දවල්ට කෑවද?‘
‘ නැහැ තාම...‘
‘එහෙනම් ඔයා කන්න. මගෙ අයිඩෙන්ටි එක තියලා පර්ස් එක අරන් යන්න. ගෙදර යන්න පුළුවන් නේද? පාර මතකනෙ ඔයාට...‘
‘ ආපු පාර මතකනම් මම ආයෙත් ගිහිල්ල අයියේ ගොඩක් කල් අයියේ...‘ මම සතිෂ් අයියගෙ ඇස් දිහා බලාගෙන කිව්වා. ඇත්තමට වෙලාවකට මට මං ගැනම හරි දුකයි අප්පා. ඇයි මම ගේ කෙනෙක් වුණේ දෙයියනෙ.
සතිෂ් අයියා මොකවත් නොකියා මං දිහා බලාගෙන හිටියා. මෙහෙම ඉදලා බැහැනෙ සතිෂ් අයියට කන්න මොනා හරි ගෙනත් දෙන්න එපැයි. මම නැගිට්ටා...
‘කොහෙද යන්නේ... ‘
‘පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්... කෝ පර්ස් එක දෙනවා මෙහාට.‘ ඌරාගෙ මාලු ඌරාගෙ ඇගේ තියලම කපනවා වගේ වැඩක් තමයි මම මේ කරන්න යන්නෙ දැන්.
‘ආ මෙන්න. ‘ කොහෙද යන්නෙ කියලවත් ඇහුවෙ නැහැනෙ.
මම පර්ස් එකත් අරන් වාට්ටුවෙන් එළියට ආවා. මගදි හම්බෙන නර්ස්ලගෙන් අහගෙන කැන්ටීන් එකට ආවා. උදෙත් ඉදිආප්ප. ඒක නිසා මම මාලු කෑම බත් එකයි, ඇපල් ගෙඩි දෙකයි, මිදි සීයයි, යෝගට් එකයි, ලීටර් එකෙ වතුර බෝතලයි.. අරගෙන ආයෙත් වාට්ටුවට ආවා.
‘ මෙන්න දැන් ඔයා කන්න.. ‘ මම සතිෂ් අයියට දුන්නා.
‘මේව ගේනනද ගියේ... ඔයා කන්නෙ නැද්ද? ‘
‘මම යන ගමන් කාලා යන්නම්... ඔයාටනෙ දැන් කන්න ඕන... හෙට උදේ මම එන්නම්. විශේෂ ගේනන මුකුත් තියේද?...‘
‘අනෙ මම නිසා කොච්චර කරදරද ඔයාට...‘
‘ ඔයා නිසා නෙමෙයි අයියේ.. මම නිසයි ඔයාට කරදර. මේ මෙතන හුරතල් වෙන්න බැහැ. කියනවා මොනවා හරි ගේන්න තියේද?‘
‘නැහැ නැහැ...‘
‘හරි එහෙනම් කාලා නිදා ගන්න. මෙන්න පර්ස් එක... මට දැන් ගෙදර යන්නයි. හෙට එන්නයි මම 500ක් ගන්නවා හරිද?‘
‘මට 500යි අයිඩින්ටි කාඩ් එකයි දීලා ඔයා පර්ස් එක අරන් යන්න මල්ලි...‘
‘ඒකත් හොද අදහස... ‘ මම හීනාවක් දාලා පර්ස් එකෙන් 500ක් අරන් සතිෂ් අයියට දුන්නා. සතිෂ් අයියා දන්නව මම පට්ට කුණා කියලා. ඒ දවස් වල කතා කරද්දි කොල් ගත්තෙ එයාමයි. මැසේජ් කරෙ එයාමයි. වැඩිය ඕන නැහැ ෆෙස්බුක් චැට් කරන්න හොරෙන් සල්ලි දැම්මෙත් එයාමයි. කවදා හරි ඒ ණය ගෙවන්න ඕන...
‘හරිනෙ එහෙනම්...‘
මම අයෙත් බැගේ අරගෙන යන්න හැරුණා. සතිෂ් අයියා මගෙ අත අල්ලගෙන. ලාවට පපුවට මොකද්ද දැණුනා වගෙ. එත් මම හිනාවක් දාලා එහෙම්ම ආවා. දොර ගාවින් හැරෙද්දි මම දැක්කා සතිෂ් අයියගෙ ඇස් වල කඳුළු තියෙනවා.
මම ඉස්පිරිතාලෙ ඉද්දි විහඟ මාව බලන්න එයි කියලා කොච්චර නම් බලන් හිටියද? එත් කවමදාවත් එයා මාව බලන්න ආවේ නැහැ. ආයෙත් ආපු විදිහටම බස් වල නැගලා මම සතිෂ් අයියගෙ ගෙදරට ආවා. දොර ඇරලා උදේ ඉතිරි වෙලා තිබ්බ ඉදි ආප්ප දාගෙන කෑවා. ටී.වි බලනවද? රේඩි එක දා ගන්නවද? සතිෂ් අයියගෙ ලැප් එක මෙසෙ උඩ. අද කවුරුත් ගෙදර නැති එකෙ එෆ්බී ලොග් වෙලා එකෙක් සෙට් කර ගන්නවද? ඔලුව විකාර වෙලා... මුකුත් කරන්න ඕන නැහැ. මම ගේ අතුගාලා රෙදි ටික නවලා අල්මාරියේ තිබ්බා. ඇද හදලා, අයෙත් සැටියට ඇවිත් වාඩිවුණා. කල්පනා කරන්නම් එමට දේවල්. ඒත් වැඩක් තියේද?...
එක පාරටම දොරට කවුද තට්ටු කරනවා ඇහුණා....
සෙනෙහස විදිනට
පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්...
ඔබේ දෙපා ළඟ
දුහුවිල්ලක්වත්
වන්නට නොමැත
වරම්......
එකතැන රැදුනද
මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්...
කුමටද නිදිනැති
යහනක නැතිනම්
ඔබගේ සුසුම් පවන්...
යළි යළි බැදුනද
නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකළ
සෙවනට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්...
ගායනය - චන්ද්‍රලේඛා
පෙරේරා මහත්මිය
------------------------------------------------------------------------------------
දහනව වන සිත්තම
‘අයියා...දොර ඇරපන්...' ඒ සතිෂ් අයියගෙ මල්ලිගෙ කට හඩ.
මම උඩ ගිහිල්ල නැගිට්ටා. කමිසෙකුත් නැහැ ඇගෙ. උඩ තට්ටුවට දුවලා ගිහින් බැනියමක් දාගෙන ආව. දොරට ගහනවා ඉවරයක් නැහැ. මම ටක් ගාලා දොර ඇරියා.
‘මොකද බං මේ පට්ට දවල් දොරවල් වහගෙන.‘ මාවත් එහාට කරගෙන මල්ලි ගේ ඇතුළට ආවා. ‘ කෝ අපේ එකා...‘
‘අයියා ඉස්පිරිතාලේ ‘ මම දොර ගාව ඉන්න ගමන් කිව්වා.
‘ඒ මොකටද?‘
‘එහෙ ඉදලා එද්දි පොඩි ඇක්සිඩෙන්ට් එකක් වුණා.‘
‘මොකක්....‘
‘දැන් වාට්ටුවට දාලා ඉන්නෙ... සමහර විට හෙට ටිකක් කපයි කිව්වා.‘
‘අම්මගෙ හිත රිද්දවනවට වෙන පල විපාක තමයි. ඉදකින් එක පාර නැති වෙලා යන්නෙ නැනෙ...‘
තමන්ගෙම අයියට කියන කතාද මේ... සමහර විට මගේ පවුලෙ අයත් මට එහෙම කියනවද දන්නෙ නැහැ. මොකද
මං වගේ පඹයෙක් ඉන්නවට වඩා හොදයිනෙ නැති වෙලා යන එක.
‘දැන් උඹ මොකද කරන්නෙ...‘ මල්ලි මං දිහා හැරිලා බැලුවා.
ඇත්තටම මම මොකද කරන්නෙ...
‘ හෙට උදේ ගිහිල්ලා බලන්න ඕන අයියට කොහොමද කියලා.‘ මම කිව්වා.
‘ ඇයි ඒ උඹේ ගෑණිද?‘ මල්ලි අවඥාවට මට හිනාවක් දැම්මා. ‘මේ යකෝ අහක යන නයි රෙද්ද අස්සෙ දා ගන්නෙ නැතිව ගෙදර ගිහින් තියෙන වැඩක් බලාගනින්...‘
ඔහ් දෙයියනේ දැන් මොකද කරන්නෙ...
‘මම දැන් ගෙදර යතුර අරන් යන්න ඕන. නොදන්න කෙනෙක්ට ගේ භාරදීලා යන්න මට බැහැ...‘
‘නොකියා කියන්නෙ මට යන්න කියලනෙ..‘ මම කෙලින්ම ඇහුවා.
මල්ලි මුකුත් කිවේ නැහැ. මම උඩ තට්ටුවට දුවලා ගියා. කරන්නෙ මොනවද කියලා ඇත්තටම මම දන්නෙ නැහැ. ගෙනාපු බෑගෙට ගෙනාපු දේවල් දා ගත්තා. ඇදගෙන ආපු රෙදි තාම වේලිලා නැතිව ඇති. ඒත් පහළට ඇවිත ඒවා අරගෙන ගිහින් ඇද ගත්තා. කලිසම ටිකක් තෙතයි. කමිසෙනම් ගාණක් නැහැ. ෆොන් එකේ බැටරිත් ටිකක් බැහැලා. මේ මගුල් නිසා ඒක චාර්ජ් කර ගන්නත් බැරිවුණා. මම ගෙදර යන්න ලෑස්ති වෙලා එළියට ආවා. මල්ලි සතිෂ් අයියගෙ ෆොන් එකයි පර්ස් එකයි අරගෙන. මට මුකුත් කියන්න බැහැනෙ. මම දොර ගාවට ඇවිත් බාටා දෙක දා ගත්තා.
‘ හරි මම යනවා එහෙනම්... සතිෂ් අයියට කියන්න මම ගියා කියලා.‘ මම කදුළු පිරුණත් හිත තද කරගෙන කිව්වා.
මල්ලි මුකුත් කිව්වෙ නැහැ. ෆොන් එක ඔබ ඔබා හිටියා. කොහාටද දෙයියනෙ දැන් යන්නේ... පර්ස් එකටම තියෙන්නෙ රුපියල් දෙසීයයි. මෙතැන ඉදලා ස්ටේෂන් එකට කීයක් ගන්නවද දන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉස්පිරිතාලෙ ගාවට රැපියල් විස්සක්ද කොහෙද ගත්තා. එන බස් එකකට අත දාලා මම නැග්ගා. නගින ගමන් ඩ්‍රයිවර්ගෙන් ඇහුවෙ අයියේ මේක ඉස්ටේෂන් එක ගාවට යනවද කියලා. ඌත් ඔව් කීව නිසා හරි.
පර්ස් එකෙන් රුපියල් සීයක් අරගෙන කොන්දට දුන්නා. ඒක මට ඉතුරු පණහක් දුන්නෙ.. මාරු නැ කියලා ඉතුරු පස්සේ දෙන්නම් කීවා. එදා ඉදලා බස් වලින් ඉතුරු සල්ලි ඉල්ලන්න ආස නැහැ මං. සමහර වුන් බස් එකටම ඇහෙන්න කෑ ගහනවනෙ. වස ලැජ්ජාව එහෙම වුණොත් එහෙම. ඒක නිසා මම කට පියාගෙන හිටියා. කොච්චියට රුපියල් 180/-ක් යනවා. අනේ දෙයියනේ ඉතුරු රුපියල් තිහ කොහෙන්ද මම හොයගන්නෙ දැන්. මම ෆොන් එක අරගෙන බැලුවා. එකෙත් බැටරි නැහැ. අහ්... බස් එක ස්ටේෂන් එක ගාව එහා පැත්තෙන් නතර කරා. මාව බිමට තල්ලු කරගෙන තඩි කොල්ලෙක් බැස්සා. මූ නම් ෂුවර් එකට බොටම් එකෙක්... මම බස් එකෙන් තල්ලු වෙන ගමන් පාරට වැටුණෙ. ‘ අයියේ ඉතුරු....‘ කියද්දිම බස් එක ආයෙත් ඇද්දුවා. හච්.... පාර දිගේ ඉතුරු ඉල්ලලා දුවන්නද? ගුවන් පාලමෙන් එහා පැත්තට යන්න නැග්ගට කොහොමද ඉතුරු රුපියල් 30 හොයාගන්නෙ දැන්. ෆොන් එක ඔන් වෙන්නෙත් නැහැ. අයියෝ මම කරගත්ත මෝඩකමක්. කාටද දැන් කියන්නෙ...
මම සාක්කුවට අත් දෙක දාගෙන ගුවන් පාලමේ එහාටයි මෙහාටයි සක්මන් කරා. රුපියල් එකසිය පණහයි. ඇත්තටම රුපියල් දහයේ වටිනාකම තේරෙන්නෙ දැන් තමයි. ගුවන් පාලමේ තැනින් තැන හිගන්නෝ. සේරම වයසක අයනෙ. මටත් ලේන්නුව එලාගන්න හිතුණා. රුපියල් තියක් හොයාගත්තනම් මම ගෙදර. ෆෝන් එක විකුණමුද? ඒත් මේක දැන් රුපියල් අටසීයක් විතර වෙයි. චයිනීස් එවා ඒ ගාණටවත් සෙකෙන්ඩ් හැන්ඩ් ගන්නේ නැ මගෙ හිතෙ. කෝකටත් සිම් එක ගලවලා ඒ ළග තිබ්බ කමියුනිකේෂන් දෙක තුනකින් ඇහුවා බලන්න. ෂික් වස නොන්ඩිය. ෆොන් එක බලලා කට්ටිය හිනාවෙනවා මිසක් ගන්නෙ නැහැ. එකෙක් කියනවා කෝචිච්ය එනවා බලලා කොච්චියට තියන්නලු. ඌ ලගට ආවනම් මම තියනවා උට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න..
අයෙත් මම පාලම උඩට ආවා. මෙතන ගොඩක් වෙලා ඉන්නත් බැහැ. කට්ටිය බලයි දැකලා නැති එකෙක් ඇයි මේ කියලා. මම බොරුවට ෆොන් එක කනේ තියාගෙන කතා කරා. ලේන්සුව අරගෙන ෆොන් එකත් එක්කම කනට තියාගද්දි කොල කෑල්ලක් වැටුණා. අහ්..... මේ උදේ බස් එකෙදි දුන්න අංක නේද?
‘හරි හරි බං හම්බුණා....‘ මම බොරුවට ෆොන් එකෙන්ම කිව්වා.
ෆොන් එකේ බැටරි නැහැ. අතේ තියෙන්නේ රුපියල් එකසිය පණහයි. මොකද මම කරන්නෙ...? මුට කතා කරලා විස්තරේ කිව්වොත් මූ මට උදව් කරයිද? දැනට වෙන දන්න කිසිම කෙනෙක් නැහැනෙ. ඒක විතරයි කරන්න තියෙන්නෙ. ඒත් හිත එපා කියනව වගෙ. වටේටම කොමියුනිකේෂන් විනාඩියට රුපියල් පහයි. සිම් එකෙත් තව රුපියල් පණහක් වගේ තිබ්බා. පැයක් ෆොන් එක චාර්ච් කරන්න රුපියල් පණහයි. කෝකටත් අරුට කතා කරලා බලමුකෝ. මම ඒ ළග තිබ්බ කමියුනිකේෂන් එකට ගිහින් ඒ නම්බර් එකට කතා කරා. යන්තම් ඒක වැඩ...
‘අහ් අයියා මම අර උදේ බස් එකෙදි මීට් වුණ මල්ලි කතා කරන්නෙ...‘ මම ඉස්සෙල්ම මාව අඳුරලා දුන්නා.
‘මොන මල්ලිද බං...‘ උගේ උත්තරේ.. ඇයි යකෝ මේක මැරිලා ඉපදුණාද? මාව මතක නැද්ද?
‘ඇයි අයියා උදේ අංකෙ දුන්නෙ.. මම පොඩි කරදරේක ඉන්නෙ අයියේ..‘ මම මගේ අසරණකම කිව්වා.
‘අහ් දැන්නෙ බං මීටර් වුණේ. මොකද්ද අවුල...‘
‘අයියා මගෙ පර්ස් එක නැති වුණා. දැන් මම මේ කමියුනිකේෂන් එකකින් කතා කරන්නෙ. මාව මීට් වෙන්න පුළුවන්ද?‘
‘ හරි කොල්ලෝ දැන මං වැඩක ඉන්නෙ... උඹ ස්ටේෂන් එක ගාව තියෙන බෝ ගහා ගාවම හිටපන් මම තව පැය දෙකක් ඇතුළත එනවා...‘
අනෙ අයියා මට වෙන කියන්න කෙනෙක් නැහැ. මට ගෙදර යන්න සල්ලිත් නැහැ. ප්ලීස් අනිවාර්යෙන් එනවා නේද?‘
ඇයි දෙයියනේ අසරණ වුණාම ඕන එකයි එපා එකයි සේරම එක දිගටම මම කියන්නෙ. පිස්සෙක්. ඇත්තටම මම පිස්සෙක්.
‘ඔව් ඔව් බං... බය නැතුව හිටපන්. වැඩිය කාත් එක්කවත් කතාවට යන්න එපා. රෙස්පට් හිටපන් බස් එකෙ හිටියා වගේ...‘
‘හරි අයියා.. අනිවාර්යෙන්ම එන්න.‘
‘ඔකේ බං....‘
ඌ ෆොන් එක තිබ්බා. කොල් එකට විස්සයි. ඉස්සර සිම් එක තියෙද්දි නම් කොළඹ කී දෙනෙක් හිටියද? දැන එකෙක්වත් නැහැ. ඉදලා හිටලා මොරටුවේ, ගාල්ලේ, රාගම ආපු ගමන් එකෙක් මීට් වෙලා යනවනෙ. දැන් ඉතින් බෝ ගහ ගාවට වෙලා හිටපන්කෝ. මොකක් හරි ධ්‍යානයක් වඩලා තිබ්බනම් භාවනා කරන්නත් තිබ්බා. ඒත් මම වඩපු එකම ධාන්‍ය තමා කොල්ලෝ ගහන එක. ඉදලා හිටලා පෝයට සිල් ගත්තට හිත දමනය කරන්න අමාරුයි. වරද්ද වරද්ද බණ අහනවට වඩා හොදයිනෙ නොවරද්දා නිදා ගන්න එක. ඒක නිදා නෙමෙයි බුදිය ගන්න එක කීවනම් හරි. හිහි හිහි
තව සීයක් තියෙනවා. අනේ දෙයියනෙ මට තව රුපියල් අසුවක් හම්බෙයන්. කොච්චියේ යන්න වඩේ කන්න ඕනත් නැහැ. කෙලින්ම ගෙදර යනවා. අයියෝ මෙහෙම ඉද්දිනෙ දෙයියනේ ගෙදර මතක් වෙන්නෙ. අම්මා හදලා දෙන උණු කෝපි එක බීලා ඇදට වෙලා අත එහාට මෙහාට කරානම් සේරම ඉවරයි. ෂික් ඊට වඩා මදන විසේනෙ මට. මමයි විහඟයි කොච්චර හොදට හිටියද දෙයියනේ... මම බෝගහ ගාව එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තා. දැන් නම් පට්ට චූ බරකුත් එනවා. කොහෙට කියලා දාන්නද දෙයියෙනේ. අගින් රබර් පටියක් දාන්න තමයි වෙන්නෙ දැන්. බඩ ටික ටික කොර වේගෙන එනවා වගේ. වාඩිවෙන්න තැනකුත් නැහැ. සතිෂ් අයියට රෙස්පට් පෙන්නුවා වගේ මෙතෙන වාඩිවෙන්න බැහැනෙ. තව රුපියල් පණහක් දීලා මම ෆොන් එකත් චාර්ජ් කරගත්තා. දැන් තව පනහයි තියෙන්නෙ. අනේ සල්ලි වල අගේ වෙලාවෙන් වෙලාව වැඩි වෙනවා. පට්ට වතුර තිබහයි. ඒ අස්සේ චූ බරයි. අනේ තනි ඇහට ඇඩෙන්න ළගයි දැන්නම් මට. අනේ මගෙ රත්තරං අම්මා හිටියනං. මැදැයි කොහෙවත් යන වේසිගේ පුතාලගෙන් උදව් ගන්න ආවා.
තරු මදිලු අහසට
සද මඩලින් පැන ගිහින්
මන්දාරම් වැහිවලා
මහමෙර වට කරගෙන
කුරුල්ලන්ගේ ගීත නාදේ
ආයෙත් ඇහෙන එකක් නැහැ
ඒත් සයුර තාම
නිසසල රැළි නගනවා
ඒකටත් වැරදි මමද ඉතින්...
විසි වන සිත්තම
මම ෆොන් එක ඔන් කරා. සතිෂ් අයියගෙ ෆොන් එකෙන් මිස් කොල් තිස් හයයි. අම්මට සිරි සතිෂ් අයියා ටිකක් කපලා ආවද දන්නෙ නැහැ. මම කෝකටත් සතිෂ් අයියට මිස් කොල් එකක් දැම්මා. සතිෂ් අයියා ඇවිල්ලනම් කිසිම අවුලක් නැහැ. මට ආයෙත් එහෙ යන්න පුලුවන්. උගෙන් රු.500/- ඉල්ලන් ගෙදර යනවා. අයෙත් කොළඹ දිහා බලන්නෙ නැහැ. මෙන්න අනිත් පැත්තට සතිෂ් අයියගෙ ෆෝන් එකෙන් මට රින් එනවා. මම ටක් ගාලා ආන්සර් කරා.
‘ ඔව් කියන්න....‘
‘ කියන්න... තොගේ වෙලාවට තෝ ගියේ බල්ලෝ...‘
මගෙ ඇස් උඩ ගියා. කවදාවත් හිතේ තරහා තිබුණත් කෙනෙක්ගෙ හිත රිදෙන්න මම කතා කරනවා අඩුයි. හැබැයි හින්ට් නම් පාස් කරනවා තමා.
‘කවුද මේ...‘ මම ගොත ගැහුණු විදිහට ඇහුවා.
‘කවුද කියල පෙන්නන්ඩ තෝ කොහෙද ඉන්නෙ කියපිය. වෙසිගේ බල්ලෝ තොට පුකේ අමාරුව හින්දද යකෝ කොල්ලෝ ගහන්නේ. කැරි බල්ලා. තෝ මට අහුවුණාං තොගේ අමාරුව අරිනවා... ‘
කතා කරපු කෙනා තිත්ත කුණු හරුපෙන් මට බැණගෙන බැනගෙන ගියා. ඒ වචන වල තිබුණ සමහර දේවල් මම සංඛගෙන් අහලා තියෙන හින්දා මට ඒවා නම් හුරුයි. ඒත් මගේ අම්ම තාත්තට බණින්නේ ඒ අසරණ අය මොන වරද කරාටද?
‘ ඔයා කවුද කියන්න මම දන්නෙ නැහැ.‘ මමත් ටිකක් සීරියස් කතා කරන්න පටන් ගත්තා. ‘අනුන්ගෙ ෆොන් අරන් මෙහෙම අනිත් අයට තමන්ගෙ තත්ත්වය කියලා දෙන්න එපා. ‘
‘හුත්තෝ... අම්මට හු.... තෝ මට අහුවෙයන්කෝ. මං.....‘ ඒ කියන වචන මට තවත් අහන් ඉන්න බැරිවුණා.
මම ෆොන් එක කට් කරා. ආයෙත් ඒ අංකෙන් කොල්. මම ආයෙත් කට් කරා. ඉට පස්සෙ ලැන්ඩ් ලයින් එකකින්. ෂුවර් එකට සතිෂ් අයියගෙ ගෙදරින් වෙන්න ඕන. මම ඒක ආන්සර් කරෙත් නැහැ. දැන්නම් මගෙ ඔලුව අවුල් වෙලා. බෝ සෙවණ හෝටලෙට ගිහින් බඩ පිරෙන්න වතුර බිව්වා. ඉස්සරනම් සෝටීස් මොනවා හරි කලා මයිලෝ එකක් බොනවා. හෝටලේට එහා පැත්තේ රෙදි විකුණන්න තියෙනවා. ඒ ටිකෙත් ඇවිද්දා. ආයෙත් හොටලේ ගාවටම ආවා. අරු එනවා කිව්වෙ බෝ ගහ ගාවටනෙ. තව පැයක් තියෙනවා. කකුල් දෙකක් හොදටම රිදෙනවා. පපුව හොස් ගලා ගියා ස්ටේෂන් එකේ හතරයි තිහේ කෝච්චිය යන්න එනවුස් කරනවා. දැන්නම් කෑ ගහලා අඬන්න තරම්. ඇයි මට මෙහෙම වුණේ දෙයියනේ....
කතා කරන්න ඇත්තෙ සතිෂ් අයියගෙ මල්ලි. එයා ෆොන් එක තියාගෙන බැලුවේ මං මැසේජ් කරපුවා වෙන්න ඇති. ලැප් එකත් බලන්න ඇති. Personnel use කරන නිසා සතිෂ් අයියා ලැප් එකට පාස්වර්ඩ් දාලා නැ කියලා මට කිව්වා මතකයි. අනේ දෙයියනේ මගේ රෙදි සේරම ගැලවෙන්න ඇති. කොහොමද මම සතිෂ් අයියට මුණ දෙන්නෙ... සතිෂ් අයියා බලන්න යන්න හිතෙනවා දැන්නම්. ඒත් මල්ලි එතනට ඇවිත් හිටියොත් මාව මරයි. ඒ තරම් කේන්තියෙන් කතා කරේ. ඒත් මම කරපු වරද මොකද්ද? සතිෂ් අයියා බබාද? මම ගැන හැමදේම දැනගෙන එයා මට එන්න කිව්වෙ. සතිෂ් අයියා ඇක්සිඩෙන්ට් වුණේ මගෙ කරුමෙට. දැන් හෙට හරි අද හවස හරි ටිකට් කැපුවොත් මොකද කරන්නේ... මාව හොයාගෙන සතිෂ් අයියා එයිද?
ෆොන් එක මල්ලි ගාව. මගෙ නම්බර් එක සතිෂ් අයියා ලියාගෙන තිබ්බොත් හොදයි. ඒත් දැන් එන කොල්ස් වලට ආන්සර් කරන්නෙ කොහොමද මල්ලි කියලා බය හිතෙනවා.
රුපියල් පණහක් තියාගෙන මම මේ අගනගරෙ මොනවා කරන්නද? චූ කරන්නත් රුපියල් දහයක් ඕන. මම හෙමීට ප්‍රයිවට් බස් තියෙන පැත්තට ගියා. එක දිගට බස් ගහලා. බස් අස්සේ බස්. මම අස්සෙම තිබ්බ බස් එකක් එහා පැත්තට ගිහින් මෙච්චර වෙලා තිබුණ ගතේ බර නිදහස් කර ගත්තා. ඇත්තට පුදුම සැහැල්ලුවක් හිතට. ආයෙත් බස් අස්සෙන් එනවා එනවා හැමතැනම බස්. බැරිම තැන එක බස් එකකට නැග්ගා පාර හොයාගන්න.
බස් එකේ එකෙක් නිදාගෙන ... කොන්දා හරි ඩ්‍රයිවරයා හරි වෙන්න ඇති. අම්මෝ මම මේ බස් ගොඩක් මැදටනෙ ඇවිත් තියෙන්නෙ... තව බස් හතරක් එහා පැත්තට යන්න ඕන.. මම බස් එකෙන් බහිද්දි නිදාගෙන හිටපු එකාට ඇහැරුණා වගෙ...
‘අඩෝ....‘ ඌ මට කතා කරා..
‘ඇයි අයියේ...‘ මට ඉතින් සේරම අයියලා තමයි. හිහිහි
‘ කොහෙ යන්නද උඹ මේ බස් එකට නැග්ගෙ...‘ මුට නිදාගෙන ඉන්න බැරුව අහන ඒවා දෙයියනේ...
‘ බස් අස්සෙන් යන ගමන් පාර හොයා ගන්න බැරි වුණා.‘ මම ඇත්තම කිව්වා. ‘ ඒකයි මේ නැගලා බැලුවේ... අයියේ.‘
‘ උඹ ආසද එහෙම නැගලා බලන්න?‘
මෙකා හීනෙන් දොඩවනවද? මම බස් එකෙන් බහින්න හැදුවා අයෙත්...
‘ඒ මෙහෙට වරෙන්... ‘ ආයෙත් ඌ කතා කරා
එක පාර බැහැලා දුවන්නත් බැහැ. බස් අස්සෙන් .....
‘ඇයි?‘ මම එතන ඉදන්ම ඇහුවා.
‘ උඹ කාගෙන් අහලද මේ බස් එකට නැග්ගෙ‘...
‘සොරි වැරදීමක් වුණේ...‘
‘එහෙම යන්න දෙන්න බැ....‘
‘එහෙනම් කොහොමද යන්නෙ....‘ මගෙ කටත් බ්‍රෙක් නැතිව කියාගෙන ගියා.
‘උඹෙ කටනම් වැඩි...‘
ඒක මු කියන්න ඕන නැනෙ. ඒත් සතිෂ් අයියලාගෙ මල්ලි කතා කරන වෙලාවෙ ඇයි මම බයෙන් හිටියේ.... මට තේරෙන්නෙ නැහැ.
පුංචිම දේටත් තරහා
ගන්නේ ඇයි
ඩිංගක් වත් මා ගැන
නොසිතා
සිනා වෙන්න වගේ අඬන්නවත්
මට පුරුදු කලේ නම් ඔබම
තමයි..
අනාදරෙන් මට කතා කරත්
තව සැනෙකින් මට ආදරේ
කියයි...
හිතාගන්න බැරි සතුට
සේම දුක
මට ළංකර දුන් ඔබේ
ගැනයි....
ඔබේ ගැනයි....
පුංචිම දේටත්...
අනාගතේ ගැන බියක් ඇතත්
සිත
කිසි වෙනසක් නැ ඔබේ
ගැනයි
පළායන්න බෑ ඔබේ ලොවෙන්
මට
රත්තරනේ ඔබ මගේ
පණයි...
මගේ පණයි...
පුංචිම දේටත්...
ගායනය - උරේෂා රවීහාරි
මහත්මිය
No comments:
Post a Comment
ඔබට බොහොමත් ස්තූතියි...