I'm on the way ...( 41 - 50)

I’m on the way…’ (හතලිස් එක්වන කොටස)



ත්‍රින්කෝ කුමාරිගෙ අත ගත්ත අපේ මඩකලපු මල්ලියා ආයෙත් පැද්දි පැද්දි කොළඹ කොටුවට පිටත් වුණා. නින්දෙ නොනින්දේ හිරවෙලා ඉන්න මට සමහර වෙලාවට අක්කා හේත්තු වුණා. මම අක්කට හේත්තු වුණා. නොදැනිම අක්කගෙ අත මයෙ කලවා උඩට වැටුණේ කැකිරාව පහුකරන ගමන් වෙන්න ඕනි.

එතැන් ඉදලා ගැස්සෙන පැද්දෙන වාරයක් ගානේ අක්කා මට කරදර කරා. ඇත්තටම ඒක එයා හිතලා කරපු එකක් නෙමෙයි වෙන්න ඇති. මොකද කෝච්චියටත් එක විදිහකට යන්න බැනේ. එහාටයි මෙහාටයි පැද්දෙනවා. මොකද මඟ ටැෆික්ලා ඉන්නවා කියලා එකක් ඇයි...? ස්ටේෂන් එකක් හම්බෙනකල් කඩාගෙන යනවා. ඇත්තමට මඩකලපු කෝච්චියේ ගියපු කෙනෙක් විතරයි ඒ අත්දැකීම දන්නෙ. මොකද අටට පොළොන්නරුවෙන් නැග්ගාම පැය නමයක් විතර කෝච්චියේ.

ආයේ අපි දෙන්නම ඇහැරුණේ මහවේ කිරිකෝපි කාරයන්ට පින් සිද්ද වෙන්නයි. හැබැයි අපි නිදාගෙන හිටියට අපේ හැඟීම් අවදි වෙලයි තිබුණේ. බෑග් එකෙන් ආවරණය කරලා තිබ්බ මයෙ රහස් අවයවය බෑග් එකෙන්ම පාත් කරේ නයි නටවන කෙනෙක් නයාව කූඩේට දාලා වහනවා වගෙ. අක්කා මයෙ  දිහා බැලුවේ නැහැ. එයාට ලැජ්ජ හිතෙන්න ඇති. මොකම මම අත අනිත් පැත්තෙන් එයාගෙ කරට දාගෙන හිටියෙ. කෝපිකාරයා කෑ ගහනවත් එක්කම මම ඒක ටක් ගාලා ගත්තෙ කරන්ට් එක වදිනවා වගෙ.

ආයෙත් මුල ඉදලා වැඩේ පටන් ගන්න බැනේ. අක්කා ඉස්සරා එහා පැත්තෙ හිටපු අන්කල් එක්ක මාරුවක් දා ගත්තා. මම බෑග් එක සීට් එක උඩින් තියලා දොරගාව හිට ගත්තා. ආයෙත් එන්ජින් මාරු කරපු කෝච්චිය කොටුව බලා ධාවනය කරන්න පටන් ගත්තා. දැන් මට එච්චර නිදිමතත්ත නැහැ. ඒක නිසා බෑග් එක දිහා ඇහැ ගහගෙන මම දොරගාව හුළං වලට හිතලේ එහා මෙහා පැද්දෙමින් හිටියා.

අදනං කිසි වාසියක් නැහැ. අක්කත් එහා පැත්තට ගියානෙ. තනියම තමයි ඉන්න වෙන්නෙ. පොල්ගහවෙල පහු කරාම මම ආයෙත් සීට් එකට ඇවිත් බෑග් එක උඩින් ඔලුව තියාගෙන නිදා ගත්තා. අදත් එදා වගෙ රාගමින් බැහැලා ස්ලොව් එකක් එඩේරමුල්ලෙම යනවා. ඒක නිසා ගම්පහෙන් මම නිදාගත්තේ නැහැ. දොර ගාවට වෙලා හිටියා. සමහරවිට ගිහාන්ට දුක හිතලා මට කතා කරොත් දෙයියනේ කියලා වොෂ් එකක් දාලා ටිකක් නිදාගෙන පන්ති යන්න පුළුවන්.

රාගම ස්ටේෂන් එකෙන් බැහැලා මම ඒකෙ ටොයිලට් එකට ගිහින් බඩ සුද්ද කර ගත්තා. උදේ පාන්දර වැසිකිලියකින් එන ගඳ බඩ කට පුරා ගියාම දවසම සුබයි. එහෙම හිතමු නේද? වෙන මොනවා කරන්නද? ස්ටේෂන් එකෙ ටැප් එකෙන්ම කට සෝදලා වතුර බීලා ස්ලෝව් කොච්චියක් එනකල් බලාගෙන හිටියා. මම හිතන්නෙ මම පාන්දර හතරට විතර රාගමින් බැස්සෙ. හතරාමාරට විතර කෝච්චියක් ආවා. මම එකෙන් එඩෙරමුල්ල ස්ටේෂන් එකට ආවා. පුරුදු විදිහට එදා වගෙ බංකුවේ බෑග් එක තියලා ඇලවුණා. ගිහාන්ගෙ ෆොන් එක ඔෆ් කරලා. කෝකටත් කියලා ආයෙත් බංකුවෙන් නැඟිටලා එදා ගිහාන් මාව එක්කන් ගියපු පාර දිගෙ එයාලගෙ ගේ ගාවට ගියා.

ගේට්ටුව වහලා. ඒත් ගිහාන්ගෙ කාමරේ ලයිට් දාලා. මම හිතන්නෙ එයා උදේම පාඩම් කරනවා ඇති. එදා කිවනෙ පන්ති යන්න තියෙනවා කියලා. මට හිතුණා ගේට්ටුව ඇරගෙන ගිහින් බලන්න. ඒත් ඇයි මම එයාට කරදර කරන්නෙ. සමහර විට එයා ඇත්තනෙ කියන්න ඇත්තෙ. මනුස්සයෙක් හදිසියේ එක පාරක් උදව් කරපු පළියට එයාගෙන් තවත් උදව් අපේක්ෂාවෙන් පස්සෙන් යන්න නරකයි. ඒක එයාට කරදරයක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ මට පුළුවන් විදිහට මම මේ දේ කරගන්න එකයි.  මම ආයෙත් ගිහාන්ගෙ ගේ ගාවින් ආවා මරියා මව්තුමියගෙ සුරුවම තියෙන තැනට.

පුංචි ජේසු පුතාව තුරුල් කරන් මරියා අම්මා මම දිහා බලාගෙන හිටියා. අනේ මයෙ අම්මත් මාව පොඩි කාලේ මෙහෙම වඩාගෙන ඉන්න ඇති. අද මම පාරක් පාරක් ගානෙ ඇවිදිනවා කියලා දන්නවනං අම්මා මොනවා කරගනී ද? මේ රස්සාව පැත්තකින් දාලා මට ගෙදරට වෙලා ඉන්න කියාවි. දැනටත් එහෙම්ම කියන එකෙ... කොයි අම්මද කැමති තමන්ගෙ දරුවෝ පාරක් පාරක් ගානෙ නන්නත්තාර වෙලා ඇවිදින එකට.


හැම අම්මම ආසයි ටයි එකක් දාලා කාර් එකකින් යන ජොබ් එකක් තමන්ගෙ පුතා කරනවට. මම මේ කට්ට කන්නෙ මයෙ රත්තරං අම්මගෙ ඒ හීනෙ සැබැ කරන්නයි අම්මේ. බඩගින්නේ වතුර බීලා බස්ටෑන්ඩ්. ස්ටේෂන් වල අද නිදාගන්න මම දවසක මයෙම තට්ටු ගෙදරක ටයිල් කාමරේක ඒසි දාලා මයෙ අම්මාට සැප විඳින්න දෙනවා. ඒක මේ මරියා මව්තුමිය ඉස්සරා මම දෙන පොරොන්දුවක්. 


-------------------------------------------------------------------



I’m on the way…’ (හතලිස් දෙවන කොටස)




මරිය මව්තුමියගෙ දිහා බලාගෙන හිටපු මම එහෙම්ම ඉස්සරාට තිබ්බ පාරේ ඇවිදගෙන ගියා. එතනින් දිගටම ඉස්සරාට ආවාම මාබෝල හන්දිය. ඒ සුරුවම ගාවින් තමයි කොළඹ මීගමු හයිවේ එක යන්නෙ. ඉතින් මාබෝල හන්දිය ගාවට ආපු මම එතනින් ආපහු කොළඹ පැත්තට ඇවිදගෙන ගියා.  මම හිතන්නෙ මාබෝල ඉදලා මම කි.මි. 02ක් විතර කොළඹ පැත්තට ඇවිදගෙන ආවා. ඒ  හරිය පැපිලියානද කොහෙද?

‘ තස්මාහි භූතා නිසාමේත සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්ථියෙ බලිං
තස්මාහිනෙ රක්ඛත අප්පමත්තා...‘

තාලෙට ඇහුණ පිරිත් පද ගාව මම ටිකක් නතර වුණා. පන්සලක තාප්පයක් ආරම්භ වෙලා. මම පන්සලේ ගේට්ටුව ගාවට ගිහින් හිටගෙන හිටියා. ගේට්ටුවේ දොර වහලා.  මම ගේට්ටුව ගාව වාඩිවුණා. එහෙම්ම ගේට්ටුවට ඇළ වෙලා හිටියා. ඇත්තටම මයෙ කකුල් රිදෙනවා දැන්. මම හිතන්නෙ මම කිලෝමීටර් හතරක් පහක් වගේ ඇවිද්දද කොහෙද? උදේ පාන්දර ඇවිදින එකනං ඇඟට හොඳයි තමයි. ඒත් ඉතින් මහ පුරාවට නිදි මරලා කිසිම කෑමක් බීමක් නැතිව මෙහෙම ඇවිදනවා කියන එක ලේසි නැ අප්පා.

ගේට්ටුවට හේත්තු වෙලා හිටපු මට එහෙම්ම නින්ද යන්න ඇති. එක පාරටම මම ගැස්සිලා පිටිපස්සට වැටුණා... ටක් ගාලා නැඟිටලා මම වට පිට බැලුවා. අහ් දැනුයි මට මීටර් වුණේ මොකද වුණේ කියලා. කවුද ගේට්ටුව ඇරලනෙ...

‘ කවුද මේ..‘ හාමුදුරු කෙනෙක් මයෙන් ඇහුවා... ‘ මොකද මේ ගේට්ටුවට හේත්තු වෙලා හිටියේ....‘
මම මුකුත් නොකියා හිටියා.

‘ කවුද මේ ලමයා... ඇයි මෙතන.. මොනවද කරන්නෙ...‘ ආයෙත් හාමුදුරුවෝ ඇහුවා.

‘ මම අනුරාධපුර හාමුදුරුවනේ...‘

‘ ඉතින් මෙතන මොකක් කරනවද?‘

‘ අද පාන්දර කෝච්චියේ කොළඹ ආවා පන්ති වලට...‘ මම ආයෙත් කීවා


‘ පාන්දර කොච්චිය කිවේ රැජිනෙද? ...‘

‘ නැහැ මඩකලපුවේ ඉදලා එන්නේ...‘

‘ අනුරාධපුර කොහෙද ළමයෝ මඩකලපුවෙ ඉදලා එන කෝච්චියක්...‘ හාමුදුරුවෝ හිනාවෙලා කිව්වා.

‘ මම වැඩ කරන්නෙ පොළොන්නරුවේ...‘

‘ ඒ මොකද්ද...?‘

‘ සිකුරිටි ... ලංකා බැංකුවේ...‘

‘ අනේ මන්දා මේ ළමයා මොනවා කියනවද කියලා. අග මුල තේරෙන්නෙ නැහැ. හරි දැන් මෙතන මොනවද කරන්නෙ...‘

‘ මම මේ එඬේරමුල්ල ස්ටේෂන් එකෙන් බැහැලා පයින් ඇවිදගෙන එන ගමන්...‘

‘ මොනවා... ඒ මොකද? කෝච්චිය කෙලින්ම කොටුවට  යනවනෙ...‘

‘ කොටුවට ගියාට මට ඉන්න තැනක් නැනේ එළ වෙනකල්. ඒක නිසා මගින් බැහැලා පුලුවන් තැනක ටිකක් නිදා ගන්නවා...‘

‘ දැන් එතකොට ඔය ලමයට නිදා ගන්න හම්බුනේ මෙතනද...?‘ හාමුදුරුවෝ හිනාවෙන ගමන් ඇහුවා.

‘ මම දන්නෙ නැහැ හාමුදුරුවනේ... පිරිත් අහගෙන ඉන්න ගමන් මට නොදැනිම නින්ද ගියා...‘

‘ පිරිත් කියන්නෙ නැලවිලි කවියක් නෙමෙයි දරුවෝ... ඔය ළමයා දැන් කාලද?‘

‘ පාන්දර කෝච්චියේ ආප් මම කොහෙන් කන්නද හාමුදුරුවනේ...‘

‘ ඒකත් හැබැව... එහෙනං එමුකෝ ඇතුලට...‘  හාමුදුරුවෝ මට කතා කරා.


මම හිතන්නෙ හාමුදුරුවන්ට වයස අවුරුදු තිහක් විතර ඇති. ප්‍රියමනාප පෙනුමක් තිබුණා. පන්සලේ නම කියන්න බැරි ඒක පන්සලට හොද නැති නිසයි.

‘ එහෙනං බෑග් එක මෙතනින් තියලා කාරිය... අන්න අතන ළිඳ තියෙනවා. ගිහින් නාලා කරලා ආවනං හොදයි නේද? ‘ හාමුදුරුවෝ කිවා.

මම හිතන්නෙ මේක දාන ශාලාව වෙන්න ඕනි. දිග බංකු දාලා තිබ්බා වාඩිවෙලා කන්න පුළුවන් විදිහට. දෙපැත්තකට එහෙම තිබ්බා. මැද ලොකු මේසයක්. අනිත් පැත්තක කබඩ් වල වීදුරු බඩු පුරවලා. අනිත් පැත්තෙ සින්ක් එකයි තව මේසයකුයි.

මම බෑග් එක තියලා එකෙන් බුරුසුවයි, සබන් කෑල්ලයි, මයෙ පොඩි තුවායයි අරගෙන ළිඳ ගාවට ගියා. දත් ටික මැදගෙන කමිසේ ගලවලා ඇඟපත සෝදගත්තා. සීතල වතුර ටික ඇඟේ ගෑවෙද්දි අමුතුම ගතියක් එනවා උදේම. නා ගන්නම තියේනං කොච්චර එකක්ද? ඒත් එහෙම බැනේ...  පුළුවන් විදිහට උදේ වතාවත් ටික කරගෙන මම ආයෙත් දාන ශාලාවට ආවා.

‘ මේ ටික අරගෙන එන්න පුළුවන්ද?‘ හාමුදුරුවෝ බන්දේසියක් රෙද්දකින් වහන ගමන් මට කිව්වා.
මම හාමුදුරුවෝ දිහා බලාගෙන  හිටියා.

‘ අපි ඉක්මනින් බුද්ධ පුජාව තියලා ඉමු...‘

මම හිනාවක් දාලා බුද්ධ පුජාවට වැඳලා ඒක අත් දෙකින් අරගෙන හාමුදුරුවෝ පස්සෙන් ගියා. මම හිතන්නෙ පන්සලේ තවත් හාමුදුරුවරු හිටියා. මොකද හාමුදුරුවෝ බොහොම අවධානයෙන් වට පිට බලනවා මම දැක්කා. එක පාරම පාරේ යන එකෙක් පන්සලට වද්දගෙන ඒකා ලවා බුද්ධ පුජාව තියන්නෙ මොකද කියලා බලයිනෙ අනිත් අය.

හාමුදුරුවෝ එක්ක බුදු ගෙට ගියපු මම බුදු හාමුරුවන්ගේ දෙපා ළඟින් බුද්ධ පුජාව තිබ්බා. ඉට පස්සේ හාමුදුරුවොත් ඒකට අත ගහලා වැන්ඳා. ඉක්මනින් ගාථා කියලා ඒක බුදු හිමියන්ට පුජා කරපු හාමුදුරුවෝ ආයෙත් දාන ශාලාවට ආවා. පිඟානක් අරගෙන ඒකට ඉදියාප්පයි, අප්පයි, බතුයි, කව්පියි බෙදලා මට දුන්නා... 

මෙච්චර ගොඩක් එක පාර කන්නෙ කොහොමද...?

‘ හාමුදුරුවෝ කන්නෙ නැද්ද...?‘ මම පිගාන ගන්න ගමන් ඇහුවා.

‘ නැනේ... ‘ හාමුදුරුවෝ හිනාවෙල කිව්වා. ‘ හාමුදුරුවරු කන්නෙ නැහැ දරුවෝ...‘

‘ වළඳන්නෙත් නැතිද ...?‘ මම ආයෙත් වරද හදලා කීවා...

‘ මම පස්සෙ වළදන්නම්... ඔය දරුවා කන්න...‘

‘ඒත් හාමුරුවෝ වළඳන්න  කලින් මම කන එක හරිද?‘ මම ආයෙත් ඇහුවා.

‘ අපිට බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට බණ කියන්න කලින් ඒ කෙනාගෙ කුසගින්න නිවලා ඉන්න කියලා දරුවෝ... දැන් ඔයා දරුවා කාලා ඉන්නකො. බය වෙන්න එපා මම බණ කියන්න යන්නෙ නැහැ. හිමිට කලා පන්ති යන්න....‘ හාමුදුරුවෝ කාරුණික හිනාවක් එක්ක දාන ශාලාවෙන් එළියට ගියා.

කාලෙකින් හම්බුණු සම්මිශ්‍රණ කෑම වේල මමත් කොනක ඉදලා කන්න පටන් ගත්තා. මම හිතන්නෙ වෙලාවත් හතට විතර ඇති දැන්... තව පැය දෙකක් තියෙනවා පන්ති පටන් ගන්න. මෙහෙන් අටට විතර ගියොත් ඇති වෙයිද මම දන්නෙ නැහැ. කෝකටත් කලා ඉක්මනින් යන්න ඕනි.

මම කෑම කලා ආයෙත් බෑග් එක කරේ දා ගත්තා. එතන තිබ්බ දැහැත් වට්ටියෙන් බුලත් විටකුත් කාලා තව එකක් සාක්කුවේ දා ගත්තා. හාමුදුරුවෝ පේන්න නැහැ වගෙ. මම බුලත් විට සාක්කුවට දා ගද්දි තව හාමුදුරු කෙනෙක් දාන ශාලාවට ආවා.


---------------------------------------------------------------


I’m on the way…’ (හතලිස් තුන්වන කොටස)


‘මේ ළමයා කවුද‘ මාව දැකපු ගමන් ඒ හාමුදුරුවොත් ඇහුවා. ‘ මොනවද මෙතන කරන්නේ...‘

ඔහ් මම මොනවා කියන්නද? මම හාමුදුරුවන්ගෙ මූණ දිහා බලාගෙන හිටියා. වෙලාවකට කතුර වගෙ කියවන මයෙ කට සමහර වෙලාවට මුකුත්ම නොකියා නිහඬ වෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ.

‘ මේ උදේ ආපු ළමයෙක් ලොකු හාමුදුරුවනේ...‘ අනිත් හාමුදුරුවෝ කොහෙද ඉදලා එක පාරම දාන ශාලාවට ආවා. ‘ බඩගින්නෙ හිටිය නිසා මමයි කතා කරලා කෑම ටිකක් දුන්නේ...‘

‘ හ්ම්.... හ්ම්...‘ ඒ හාමුදුරුවෝ ඇවිත් දාන භාජන වල තියෙන දේවල් බලාගෙන ගියා... ‘ ධම්මිස්සර දන්නවනෙ.. මෙතන තව හාමුදුරුවරු තුන්නමක් ඉන්න විත්තිය. මෙහෙම උදේට හතරක් පහක් කෑම නැතිව ආවොත් හාමුදුරුවරුන්ට කුසගින්නෙ තමයි ඉන්න වෙන්නෙ...‘ ඇඟට නොදැනෙන ගානට හාමුදුරුවෝ කිව්වා.

කාපු ටික පිච්චිලා ගියා වගෙ. ධම්මිස්සර හාමුදුරුවන්ටත් කරකියා ගන්න දෙයක් නැහැ. මම ධම්මිස්සර හාමුදුරුවෝ ගාවට ගියා.

‘ මම යන්නං හාමුදුරුවනේ...‘ මම ධම්මිස්සර හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා... ‘ උදේම බුදු හාමුදුරුවන්ගෙ බණ පදයක් කියලා දුන්නට ඔබ වහන්සේට ගොඩක් පින්...‘

මම අනිත් හාමුදුරුවන්ටත් වැඳලා දාන ශාලාවෙන් එළියට ආවා. බුදු ගේ තිබුණේ පන්සලේ ඉස්සරාට වෙන්න. එළියට යන්න ඕනි බුදු ගේ පාස් කරගෙන. එන ගමන් බුදු ගෙට ගියා. බුදු හාමුදුරුවෝ දිහා බැලුවා. වෙනසක් නැහැ. උන් වහන්සේ හිටියා වගේමයි... මම බුද්ධ පුජාව දිහා බැලුවා. එතන මල් ගෙනාපු ෂොපින් එකක් අරගෙන මම බුද්ධ පුජාව ඒකට හලා ගත්තා. ආයෙත් ඒක රෙද්දෙන් වහලා මම පන්සලෙන් එළියට ආවා.
මම දන්නෙ නැහැ මම කරපු ඒ වැඩේ ඔයාලා කොයි තරං අනුමත කරයිද කියලා. ඒත් ඒක අනුමත කරත් නැතත් මට වැඩක් නැහැ.

නුගේගොඩට එනකල් මට එතන ඉදලා පයින් එන්න බැනේ.. මම එතනින් ආපු බස් එකක නැඟලා මරදානටත්, එතනින් නුගේගොඩටත් ආවා.  දැන් ඉතින් ආපහු පන්තිය තමයි. දැන් ටික ටික විෂය ධාරාව ඇතුළට යනවා. වාත පිත කඵ පසාරු කරගෙන සප්ත ධාතු, ත්‍රිමල, ප්‍රකෘතිය... එක එක වචන. කවදාවත් අහලා නැති ඒවාත් තියෙනවා. මොනවා වුණත් විෂය හරි රසවත්. දෙයියනේ කියලා මට මේකෙන් ගොඩ යන්න පුළුවන් වුණොත්...

මම කැම්පස් එකට එද්දි සිනියර් අයියලා මොනවද පොස්ටර් වගයක් බිම දාගෙන ලියනවා මෙලහට මොකක් හරි උද්ඝෝෂණයක්ද දන්නෙ නැහැ... මම එතන වටෙන් ඇතුළට යන්න හදද්දි හසිත එතන හිටියා.

‘ උඹට දැන් අපිව පේනේනෙත් නැහැ නේද...?‘ හසිත හිනාවෙලා කිව්වා. මම හසිත ගාවට ගියා.

‘ අයියෝ එහෙම දෙයක් නැහැ....‘ මම හසිතගෙ කරට අත දාග ගමන් කිව්වා. ‘ මොකද්ද මෙතන වෙන්නෙ මේ...‘

‘ අපේ කොස් වල ගණන් වැඩි කරන්න හදනවලු...‘ හසිත කීවා...

‘ මොකක්...?‘ මම පුදුමයෙන් කිව්වා. ‘ ඒක හරි අසාධාරණයිනෙ...‘

‘ ඒ අසාධාරණය වෙනුවෙන් තමයි මල්ලි අපි මේ සටන් කරන්නෙ...‘ හසිත හිනාවෙලා අත මිටි කරලා උස්සලා හොලවන ගමන් කිව්වා.

‘ කොච්චර කල් යයිද ඒක වැඩිවෙන්න...‘ මම ආයෙත් ඇහුවා. ‘ දැන් පටන් අරගෙන තියෙන ඒවට නෙමෙයිලු. අලුතින් රෙජිස්ටර් වෙන ඒවට කිවා. ...‘

‘ අහ් එහෙනං කමක් නැහැ... ‘ මම හිනාවෙලා කිව්වා..

‘ ඒ මොකද...?‘ හසිත් ආයෙත් මයෙන් ඇහුවා.

‘ මම රෙජිස්ටර් වෙලා ඉවරයිනෙ...‘

‘ අන්න මල්ලි ඕකට තමයි කියනනෙ කුහකකම කියලා. කලිනුත් මේ කැම්පස් එක හිටපු උන් එහෙම හිතුවනං අද මෙහෙම කැම්පස් එකක්වත් නැහැ... ඒක  මතක තියාගනින්. අපි අද මේ ගණන් අඩු කරන්න කියන්නෙ අපිට නෙමෙයි ගිහංසයෝ.. අපේම නංගිලා මල්ලිලාට...‘

හසි කියන කතාව ඇත්ත. මම එක අතකින් ආත්මාර්ථකාමි විදිහට මම ගැන විතරක් හිතනවා. මට එහෙම හිතුණේ ඇයි කියලා මම දන්නෙ නැහැ.

‘ අනේ අනේ උඹත්...‘ මම හසිතට තට්ටුවක් දාගෙන උඩට එන්න පිටත් වුණා.

‘ දවල් කන්න වරෙන්...‘ හසි හිනාවෙලා මට කෑ ගැහුවා.

පන්තිය පටන් ගත්තා.. පන්තියේ වෙන්නෙ මොනවද? ඇයි ඒවා වැඩිය විස්තර කරන්නෙ නැත්තේ... ඇත්තටම ඒවා විස්තර කරා කියලා වැඩක් නැහැනෙ. මොකද මෙතනත් ඒ පන්තියම තියන්න ඕනි නැහැනෙ නේද? එදා ඉදලා අපිට මිනිස් සිරුර ගැන කියලා දෙන්න පටන් ගත්තා. පළමු පියවර විදිහට සිරුරෙ මූලික හැඳින්වීමක් කරා.

දැන් දවල් කෑම වෙලාව... මම දවල්ට කෑම එකක් ගෙනත්නෙ තියෙන්නෙ. ඒක කොහොමද හසි එක්ක බෙදාගෙන කන්නෙ. හසී හිතන්න ඇත්තෙ මාත් එක්ක කැන්ටීන් එකෙන් කන්න. දොළහට ඉන්ට්‍රවල් එක දුන්න එකෙ ඉක්මනින් කන්න ඕනි. නැත්තං උදේ හදපු කව්පි නරක් වේවි. ආප්ප ඉදිආප්පනං අවුලක් නැහැනෙ... මම දවල්ට කන කෑම එක ඔයාලා දන්නවනෙ. ෂොපින් බෑග් එකෙ තියෙන ඒ කෑම එක ප්‍රසිද්ධ තැන දිග ඇරගෙන කන්න පුළුවන් කෑම එකක් නෙමෙයි යාලුවනේ...

හසිත ඉන්නවද නැද්ද කියලා බල බල මම කැම්පස් එකෙන් එළියට ආවා. එතන ඉදලා හෝල්ට් එකක් වගෙ ඉස්සරාට තමයි වැලි පාර්ක් එක තියෙන්නෙ.  අයියලා පිකටින් එකට මඩුව හදනවා. මම ටක් ගාලා පාරට ඇවිත් වැලි පාර්ක් එක පැත්තට දුවන්න ගත්තා. අම්මෝ යන්තං ඇති කැම්පස් එක ඇසට අසුවෙන මායිමෙන් පැන ගත්තා. හසියා ඇහුවොත් ඔය මොකක් හරි කියනවා අප්පා.  ආයෙත් පන්ති එකට පටන් ගන්නවා. හුරතල් වෙවි ඉන්න වෙලාවක් නැහැ. ඒක නිසා ටක් ගාලා කාලා යන්න ඕනි. කඩේකට ගිහින් ගන්න තිබ්බා කෑම එක මේසෙක දිග අරින්න තරං හොද එකක්නං. ඒකත් බැනේ.


වැලි පාර්ක් එක ගාවට ඇවිත් මම එතන ටැප් එකකින් වතුර බිලා ෂොපින් එකට අත දාලා සේරම ඇණුවා. ආප්ප ඉදිආප්ප කව්පි හොදි ලුණු මිරිස් සේරම... මොකද ඕක බඩට ගියත් කලවම් වෙන එකනෙ. ආයේ මම කලවම කරලම ඇතුළට දැම්මාම මොනවා වෙනවද? කෑම එක දිහා බලන්නෙ නැතිව මම කාගෙන කාගෙන ගියා. කව්පි වල පොඩි සෙවල ගතියක් වගෙ තිබ්බා. අයේ මොකට හොයනවද ඒක...? දෙයියනේ කියලා ලුණු මිරිසෙන් ඒක කැපිලා යන්නෙ නැතැයි... 

-----------------------------------------------------------------------------



I’m on the way…’ (හතලිස් හතර වන කොටස)

‘ කොහෙද බං ගියේ ගිහෝ...‘ මම ආයෙත් කැම්පස් එකට යද්දි දොර ගාව හිටපු හසිත ඇහුවා. ‘ මොක්ක හරි කොක්කක් ගහන්න ගියා ද?‘
මම හිනාවුණා.

‘ උඹ ආපුම දවසෙනං හිටියෙ දෙකට ගනින්න බැ වගෙ... දැන් උඹ කොළඹ පෙරලන්න  හදනවද බං... ඒක නෙමෙයි කෑවද දැන්...?‘

‘ ඔව් හසි... මම උදේ බඩ පිරෙන්න කාලා ආවේ.. දැන්නං මුකුත් කන්න  බැහැ...‘ මම කිව්වා.

‘ යකෝ උදේ කාපුවා කොහොමද මේ වෙනකල් තියෙන්නෙ..‘

‘ නැ මම තෝසේ හතරක් පහක් වගෙ කෑවා. දැන් බඩ පුරවලා දාලා හොඳටම...‘

‘ අනේ මන්දා ඉතින් උඹත්...‘

 ‘ මේ අපේ ඉන්ටවල් එක ඉවර වෙන්න ළගයි මම යන්නද ඇතුළට...‘ මම හසිට කියලා පන්තියට ආවා. අයෙත් එකෙ ඉදලා හතර වෙනකල පන්ති...

හවස පන්ති ඇරෙද්දි අයියාලා මඩුව හදලා ඉවරයි. මම මොකද කරන්නෙ... අද රෑට ඉන්නෙ කොයිද? කවුද දන්නෙ ඒක... මම ෆොන් එක ඔන් කරලා ආයෙත් වැලි පාර්ක් එක පැත්තට ගියා.  චැට් එකෙ පුරුදු විදිහට කස්ටිය ඉන්නවා පිරිලා. මැසේජ් ගොඩකුත් තියෙනවා. එකින් එක ඉතින් බලන්න එපැයි... මේ චයිනීස් ෆොන් එකෙන් එහෙම බලලත් මම චැට් කරනවා කියන්නෙ මොන තරං දෙයක්ද අප්පා...

රාගම, අවිස්සාවෙල්ල, මීගොඩ, පානදුර, පොල්ගහවෙල, කඩුවෙල, මාලඹේ වගෙ තැන් තැන් වලින් ඉන්න දෙන්න කැමති අය කතා කරලා තිබ්බා. ඒත් ඒ අයට මයෙ ෆොටෝ එකක් අනිවා යවන්න ඕනි. ඒක තමයි ඇතුල්වීමේ ගාස්තුව. ෆොටෝ කොහෙ යවන්නද මම ...? නුගේගොඩ ඉන්න කැම්පස් එකෙ යාලුවෙක් එන්න කියලා තිබ්බා. හැබැයි එයා ලෙක්චර් එක ඉවර වෙද්දි හය හත වෙනවා කීවා. කමක් නැහැ. මම එතකල් මෙතන පොඩ්ඩක් ඇළ වෙනවා.  බෑග් එක සිමින්ති බංකුවට තියලා එකෙ ඔලුව තියාගෙන මම ඒ යාලුවට එනවා කියලා පොරොන්දු වුණා. ඒ අතර තව අයියා කෙනක් කීවා එයාලගෙ ගෙදර එන්න කියලා ගල්කිස්සෙ. මම හිතන්නෙ ගල්කිස්සත් මේ ළඟම තමයි. ඒත් දැන් අර යාලුවට කීවනෙ. අර අයියලගෙ ගෙදර එයයි තාත්තයි විතරයි ඉන්නෙ කීවා.

උදේ ඉදලා තිබ්බ ගමන් මහන්සිය නිසාම මට ආයෙත් සිමින්ති බංකුව උඩ නින්ද ගියා. මම ඇහැරෙද්දි හතමාරයි. ඒකත් ඇහුරුණේ මදුරුවෙක් ඇවිත් කන ගාවම සින්දු කියපු නිසා. උගේ අම්මව මතක් කරගෙන මම ඇහැරුණාමයි දැක්කෙ දවල් ඉර එළියේ නිදා ගත්ත මම ඇහුරුණේ විදුලි එළිය පිරුණු රැයක කියලා.  මම ටක් ගාලා අර යාලුවා දුන්න නම්බර් එකට කතා කරා.

‘ හෙලෝ... මම ගිහංස...‘ ෆෝන් එක ආන්සර් කරාම මම කිව්වා. ‘ අද හවස එනවා කිව්වේ.... නුගේගොඩ කොතනටද මම එන්න ඕනි...?‘

‘ මොන ගිහංසද...?‘ එහා පැත්තෙන් යාලුවා ඇහුවා.

‘ ඇයි දැන් හවස ෆෙස්බුක් එකෙ චැට් කරේ...? ගිහංස රංගනාත් බංඩාර කියලා...‘ මම ආයෙත් ටිකක් හයියෙන් කිව්වා.


‘ පිස්සුද...?‘  එහා පැත්තෙන් එක් කියන ගමන් ෆොන් එක  කට් වුණා.

මම ටිකක් කල්පනා කරලා ආයෙත් ෆෙස්බුක් එකට ලොග් වෙලා නම්බර් එක හරිද බැලුවා. හරි මම කතා කරන නම්බර් එක හරි. මම ආයේ ආයේ ඒ නම්බර් එකට ගත්තාම ඒකටත් වුණේ රාගම අයියගෙ ෆෝන් එකට වෙච්ච දේමයි. වෙලාව අටට ළඟයි. මම හෙමින් හෙමින් පයින් නුගේගොඩ ටවුන් එකට ගියා. එතනින් හයිවේ එක ගාවටත් ගියා. හයිවේ එකෙන් කිරුළපන පැත්තට ඇවිත් ඩෙවොන් එකෙන් බඩ පිරෙන්න වතුර බීලා ආයෙත් ඇවිත් නුගේගොඩ ස්ටේෂන් එක ගාව ටික වෙලාවක් වාඩිවෙලා හිටියා.

කොළඹ අහස හරිම පාලුයි. ඒත් කොළඹ පොළව... කිසිම තේරුමක් නැතිව එහාටයි මෙහාටයි දුවන මිනිස්සු. හරයක් නැති කතාවලට හිනාවෙල ගැණු ළමයි. අම්මගෙ තුරුලට එන්න ආසාවෙන් හිටියත් අම්මා වීල් එකක පාරේ තල්ලු කරගෙන යන පොඩි ළමයි. මුළු පාර පුරාම දුවන්න අසාව තිබ්බත් මිනිස්සු අස්සේ හිර වෙලා එහාට මෙහාට යන කොල්ලෝ... කොහොම හරි ලේන්සුවක්, යට ඇදුමක්, පිහියක්, බාස්කට් එකක් විකුණ ගන්න දාහක් බොරු කියන වෙළෙන්දෝ...

මේක තමයි කොළඹ කියන්නේ. මේක තමයි කොළඹ අසිරිය කියන්නේ. හිඟන්නෙක්ට කන්න දෙන්න රුපියල් දහයක් නැති මිනිස්සු අතර හෝටල්වල, ගෙට් හවුස් වල, පාර්ක් වල දහස් ගණන් කුණු බක්කියට දාන බුද්ධිමත් පරපුරක අභිමානවත් අගනගරයි කොළඹ....

තවත් ස්ටේෂන් එක ගාව ඉන්න එකෙ තේරුමක් නැහැ. දැන් ආයෙත් කොටුවට ගිහින් කෝච්චියක් අල්ලගෙන එඩේරමුල්ලට යනවා කියන්නෙ තවත් කීයක් හරි වියදම් වෙන වැඩක්. තව පැය දහයක් විතර තියෙන්නෙ කොහොම හරි ගෙවා ගන්න. මම ආයෙත් වැලි පාර්ක් එකටම ආවා. ෆෝන එක ඔන් කරගෙන කා ගාවට හරි  යන්න පුළුවන් තැනක් තියේද බැලුවා.

කතා කරපු හැමෝටම වගෙ මයෙ ෆොටෝ එකක් ඕනි වුණා. සමහරු නම්බර් එක දුන්නාම කෝල් කරා. මට එන්නමයි කීවා. ඒ අස්සේ ඉන කීයද...? සුදුද...? කළුද...? ටෝප් ද ...? බොටම් ද?.... කටට ගන්නවද...? බැක් දෙනවද...? මොනවටද ආස...? වගෙ එක එක ප්‍රශ්න ගොඩයි. මෙච්චර කට්ටිය මේ අහස ටොප් බොටම් කතාව මොකද්ද කියලා මට දැන ගන්න ඕනි වුණා. මොකක් වුණත් ඒක කොල්ලෝ දෙන්නෙක් අතර වෙන දේක කතාවක් වගෙ.

ජර්මනියේ සුද්දෙක් කඩ්ඩෙන් චැට් කරා. තව කැස්බෑවේ අයියා කෙනෙක් චැට් කරා. උදේ දවල් දෙකේම කව්පි කාපු නිසාද කොහෙද ආයෙත් බඩ පුරවලා දාලා. ටික ටික බඩ ඇතුලේ කෑ ගහනවා. කරන්න දෙයක් නැහැ. මම ඒ පාර්ක් එකේම පදුරක් අස්සට ගිහින් බඩ හිස් කරා. වතුර බෝතලයෙන් පස්ස හෝදගෙන ආයෙත් මොකවත් නොවුණ ගාණට බංකුවට ඇවිත් නිදා ගත්තා.


---------------------------------------------


I’m on the way…’ (හතලිස් පස් වන කොටස)




කොළඹ දවල්ට කරවෙන්න රස්නෙ වුණාට රෑට පට්ටම සීතලයි. පොරවන්නත් මොකවත් නැති නිසා මම අත් දෙක තදින් පපුවට තුරුල් කර ගත්තා. මේ විදහට රෑට බස්ටෑන්ඩ්, පාර්ක්, ස්ටේෂන් වල ඉද්දිනං ඇත්තම හිතෙනවා ගෙදර ගිහින් අම්මා එක්ක එකතු වෙලා කසිප්පු පෙරුවනං හරිනෙ කියලා. ඒත්... අනේ දෙයියනේ තවම එක මාසයයි ගෙවුණේ. තව මාස එකොළහක් එහෙම්ම තියෙනවා. මම මොනවද කරන්නේ. සතියට දවසක් මේ විදිහට පාර්ක් එකක, බස් ටෑන්ඩ් එකක, ස්ටේෂමක ගෙවන්නද කියන්නෙ...

පුරුදු කැඩි කැඩි නිද්දත් එක්ක පාන්දර පහට විතර ආයෙත් යාලුවෙක් එක්ක මම චැට් කරා. එයානං කිවේ එයා මිරිහානෙ කියලා. මම මයෙ ඇත්ත කතාව කීවාම එයාට මම ගැන දුක හිතෙන්න ඇති. එහෙ ඇවිත් වොෂ් එකක් දා ගන්න කිවා. කැම්පස් එකෙ යාලුවෙක් බයිට් කරපු නිසා අද මේ පාර්ක් එකෙ මම ඉන්නෙ කිවාම එයාට තවත් දුක හිතෙන්න ඇති. මයෙ නම්බර් එක දුන්නාම එයාම මට කතා කරා.

‘ මල්ලි ඔයා .. නුගේගොඩට ඇවිත් එතනින් 119 මහරගම බස් එක ගන්න. එකෙ රුපියල් 10ක දුර. හෝල්ට් දෙකයි. ගල්වල හන්දිය කියන්නකෝ. එතනට ඇවිත් මට මිස් කොල් එකක් දෙන්නකො මම පාර කියන්නං...‘ ඒ අයියගෙ කටහඩනං හරිම කරුණාවන්තයි. ඒක කතා කරද්දිම තේරුණා. මම ඇස් දෙක පොඩිකරලා නිදි ගතිය යැව්වා. තවත් මෙතන ඉන්න එකෙ තේරුමක් නැහැ. තව පැයක් හරි දෙයියනේ කියලා ටිකක් නිදාගන්න පුළුවන් වෙයිනෙ ගියොත්...

දැන් එක් එක්කෙනාට කතා කරලා කියන කියන තැනට යනවා හැර මට වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා මම ආයෙත් පාර්ක් එකෙ ඉදලා නුගේගොඩ හන්දියට ඇවිදගෙන ආවා. පහමාරට විතර එතනින් ආව 119ක නැඟලා මම කොන්දට ගල්වල පාර හන්දිය ගාව බස්සන්න කීවා. වැඩි වෙලා ගියෙ නැහැ එතනට එන්න. ඒ අයියා කීවා වගෙ මම එයාට මිස් කෝල් එකක් ගැහුවා. එයා මට කතා කරා.

‘ඔව් කියන්න මල්ලි...‘ ඒක හරිම සුහදශ්‍රීලි කට හඬක්... ‘ දැන් කොතනද ඉන්නේ...?‘

‘ අයියේ මම අර ඔයා කිව හන්දිය ගාවින් බැස්සා...‘ මම කිව්වා.

‘හරි ඒ හන්දිය ඉස්සාරාම ඔයා ආපු පැත්තෙ නෙමෙයි අනිත් පැත්තෙ ඇතුළට තියෙන තාර පාර දිගේම එන්න. මම පාරේ ඉන්නවා.. ඔයා කෙලින්ම එන්න... ‘

‘ හා අයියේ..‘

මම ඒ අයියා කිව ගල්වල  හනදිය පාර දිගේම ඇතුළට ගියා. මම හිතන්නෙ මීටර් පන්සීයක් විතර යද්දි එයා හිටියා. මම එයා ඉන්න තැනටම ගියා...

‘ ඔයාද ගිහංස...‘ ඒ අයියා ඇහුවා.

‘ඔව් අයියේ...‘

‘ යමු මල්ලි ගෙට...‘ එයා මයෙ කරට අත දාලා කිව්වා. ‘ඔයාට ගොඩක් මහන්සි පාටයි...‘

මම හිනාවුණා.

‘ අපරාදේ ඔයා පාර්ක් එකෙ මුළු රෑම හිටියේ... මම සමහර දවස් වල විතරයි මේ ගෙදර ඉන්නේ... ‘ අයියා දොර ඇරලා මට වාඩිවෙන්න සන් කරන ගමන් කිව්වා. ‘ මම ඉන්න දවස් වල ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ...‘

ඒකත් රාගම අයියගෙ බෝඩිම, ගිහාන්ගෙ වචන වගෙ වෙයිද දන්නෙ නැහැනෙ.. ඒක නිසා මම හිනාවෙලා හිටියා.

‘වොෂ් එකක් දාගෙන ටී එකක් බොමු නේද මල්ලියා... ‘ අයියා කීවා.

‘ඔව් අයියේ..‘

‘ බෑග් එක එහෙනං ඔහොම්ම තියලා එන්න... සබන්, ෂැන්පු, සේරම තියෙනවා. ඉන්න මම ට්‍රවල් එකක් දෙන්නම්...‘

ඒ ගෙදර හරිම පුංචි පිළිවෙළකට තිබුණු තැනක්. සාලෙත් එක්කම එහා පැත්තෙ පුංචි කුස්සයි. ඒකට වම් අත පැත්තෙ තමයි වොෂ් රූම් තිබ්බේ. කුස්සියට දකුණු පැත්තේ කාමරයක් තිබුණා. ඒකට ගිහින් තමයි ඒ අයියා ට්‍රවල් එක අරන් ආවේ. ඒක එයාගෙ කාමරය වෙන්න ඇති. මේක ගෙදරක්ද? බෝඩිමක්ද?

‘ ආ මෙන්න...‘ මයෙ පුංචි කල්පනා ලෝකයෙන් අයියා මාව ගොඩට ගත්තා.

මම තුවායත් අරගෙන වොෂ් රූම් එකට ගියා.

කණ්ණාඩියෙන් මයෙ මුණ බැලුවා. රෑ කැඩි කැඩි නිදා ගත්ත නිසාද කොහෙද ඇස් දෙක ඉදිමිලා. මම ෂවර් එක ඇරියා. එක එක සතියේ එක එක වොෂ් රූම් වල හේදිලා යන මයෙ කඳුළු සේරම එකතු කරලා දවසක මම ලොකු දියමන්ති මාලිඟාවක් හදනවා.

මිරිහානටත් මයෙ දුක කියපු මම ආයෙත් ඇඳුම් ඇඳගෙන එළියට ආවා. අයියා තේ හදනවා.

‘සීතලයිද වතුර...‘ එයා ඇහුවා.

‘ නෑ අයියේ...‘

‘ උදේම නෑවාම ඇඟට හොඳ ගතියක් එනවා... මෙන්න තේ එක බොන්න... ‘ මට තේ එක දෙන ගමන් අයියා කීවා.  මම තේ එකත් අරගෙන ඉස්සරා තියෙන සැටියට ආවා. තේ එක ටේබල් එක උඩින් තියලා මම සැටියට හේත්තු වූණා.

පැය ගාණක් පුරාවට කොන්ක්‍රීට් බංකුවක් උඩ එහාට මෙහාට තැලුණු මයෙ පේශි, සෛල කුෂන් සැටියක එහා මෙහා වෙද්දිම නිදාගෙන. මමත් දන්නෙ නැතිව මයෙ ඇස් දෙක පියවෙලා. කිසිම හීනයක් හතර සීමාවට එන්න දෙන්නෙ නැතිව මම නිදා ගත්තා. කොච්චර වෙලා කොහොම නිදා ගත්තද කියන්න මම දන්නෙ නැහැ.

‘ මල්ලී.... මල්ලී...‘ කවුද මයෙ උරහිසෙන් සොලවනකොටයි මම ඇහැරුණේ... අහ් මනුෂ අයියා. මෙච්චර වෙලා මම හිටියේ එහෙනෙ. ‘කීයටද ඔයාට ක්ලාස් තියෙන්නෙ...‘

මම ටික වෙලාවක් මනුෂ අයියා දිහා බලාගෙන හිටියා. සති ගාණක් නිදාගෙන ඉදලා ඇහැරුණා වගෙ.

‘ නමයට අයියේ....‘ මම කිවා.

‘ දැන් අටාමාරයි...‘

‘ හුටා...‘ කියාගෙන මම නැඟිට්ටා..

‘ ඔයා තේ එක බීලත් නැහැ. ඉන්න මම තව එකක් හදන්නං...‘ මනුෂ අයියා ආයෙත් කුස්සියට ගියා. අනේ අයියේ තේ එකනං මොකක් හරි. මොනවා හරි කන්නත් තියෙනවනං ගේන්න... මම හිතින් කිව්වා. මම බෑග් එක ආයෙත් පැක් කරගෙන මනුෂ අයියා තේ හදන තැනට ගියා.

පිටි පස්සෙන් ගිහින් මම එයාව බදාගත්තා. පිරිමි සිරුරකට පිරිමි සිරුරක් ගෑ වෙද්දි ඇයි මට මේ තරං හිතට අමුතු සතුටක් එන්නේ. මම දන්නෙ නැහැ. මම මනුෂ අයියගෙ බෙල්ලට  හාදුවක් දුන්නා. මනුෂ අයියා මයෙ අත් දෙක අත ඇරියා...

‘ මේ මොකද මේ...‘ මනුෂ අයියා මයෙ දිහා පුදුමයෙන් බලලා ඇහුවා. මම අයෙත් මනුෂ අයියාව බදාගන්න ගියා. ‘ මොනවද මල්ලි මේ කරන්නෙ...‘ ආයෙත් මනුෂ අයියා ඇහුවා.

‘ මට ටිකක් ඔයාට තුරුල් වෙලා ඉන්න ආසයි අයියේ... ‘ මම බිම බලාගෙන කිව්වා.

‘ පිස්සු වැඩ කරන්න එපා මල්ලි... ‘ මනුෂ අයියා තේ එක මයෙ අතට දෙන ගමන් කිව්වා. ‘ මෙන්න තේ එක බීලා ඉක්මනට පන්ති යන්න...‘

මම තේ එක අරගෙන ආයෙත් සාලෙට ආවා. ක්ෂණිකව ආපු සිතුවිල්ල මාව අසරණ කරාද? මම තේ එක බීලා කෝප්පය සෝදලා මනුෂ අයියා බැලුවා. එයා කාමරේ... ඇඳට වෙලා ඉන්නවා. මම කාමරයට යන්නද එපාද? කොහොමද ආයෙත් කාමරේට යන්නේ... ඒක හරි නැනේ.

‘ අයියේ... ‘ මම දොර ගාව ඉදලා කතා කරා. ‘ මම යන්නද එහෙනං...‘

‘ හරි මල්ලි.. ආවා වගේම අර ගල්වල හන්දියට යන්න. එතනින් නුගේගොඩ හන්දියට ගිහින් යන්න මතකනේ නේද?‘
හිනාව අතුරුදහන් වුණු මූනේ මනුෂ අයියා කිවා.

‘ ඔව් අයියේ...‘ මම බෑග් එක ආයෙත් කරේ දාගෙන පාරට ආවා.


දශක කිහිපයකට බැදීම් හදාගන්න මනුස්ස ආත්මයක් ගන්න අපි කොයි තරං වැරදි කරනවද? සමහර ඒවා හිතලම කරනවා. සමහර ඒවා නොහිතා කරනවා. සමහර පොඩි වරදක් නිසා ඒ බැඳීම් සේරම නැති වෙලා යනවා. ඒ මුළු සංසාරය පුරාවටමයි. ඒත් මට මේ භවයේ එක ඉලක්කයක් තියෙනවා. මම ඒක කොහොම හරි ගොඩ දා ගන්න ඕනි. ඒ වෙනුවෙන් මට ගොඩාක් වරදීවි. මම ගොඩක් තනි වේවි. මට සමහර වෙලාවට මාවත් නැති වේවි. ඒත් මම ඉස්සරාට යනවා. මැරෙනකල්ම... ඒ ඉලක්කය ගාවට මම  නොමැරී ගියොත් මට වතුර වීදුරවක් හරි දුන්න කිසිම කෙනෙක් එක්ක මම තරහා නැහැ. මාව දාලා ගියත් කවදා කොතන කොහොම මුණ ගැහුණත් ඒ කෙනා නිසයි මම මෙතනට ආවේ කියන එක මම අමතක කරන්නෙ නැහැ....



----------------------------------------------------------------------------


I’m on the way…’ (හතලිස් හය වන කොටස)




කඳුරුවෙල ටවුන් එකෙ බෝඩිමෙන් මම ගල්ලෑල්ලේ ස්ටේෂන් ක්වාටස් වලට ගියා. ගේ ඇතුළේ තිබුණු කාමරය අස් කරලා ගත්තා. එකෙ නිදියන්න බූරු ඇඳක් තිබුණා. ඒත් එක සමහර වෙලාවට එහාට මෙහාට පෙරළෙන්න බැහැ. කඩන් වැටෙනවා. ඒක නිසා මම ඒක අයින් කරලා කුස්සියේ තිබුණු කාපට් දෙකක් නමලා බිමට දා ගත්තා. නෙට් එකත් උඩින් ගැට ගහලා ඒකටම යට කරා. දැන් දෙයියනේ කියලා ඉන්න තැන හරි.

උදේම ගල්ලෑල්ලෙන් යන ඔෆිස් කෝච්චියේ වැඩට යනවා. මල්ලිලාගෙ ගෙදරින් රෑට ගන්න කෑම එක නතර වෙලා ඒක එහෙම්ම උදේට ගන්න පටන් ගත්තා. මොකද දැන් මට රෑට එහෙං කන්න වෙන්නෙ නැති නිසා. සමහර දවස් වලට උදේටත් කන්න වෙන්නෙ නැහැ. මොකද මම නයිට් කරලා උදේ පාන්දර යද්දි නංගි උයලා නැහැ. එයාලා උයලා දෙනකල් ඉන්න වෙන්නෙ නැති නිසා ටික ටික එහෙං කෑම ගන්න එක නතරම වුණා. පඩි ගත්ත ගමන් මම මොනවා නැතත් මල්ලිට මාසේ කැම බිල ගෙවලා දැම්මා.

දැන් මයෙ කාල සටහන මෙහෙම තමයි ගෙවෙන්නේ. මටම කියලා පොඩි ස්ථාවර තැනක් හදා ගන්නකල් මම මේ කිසිදෙයක් ගැන වැඩිය නොසිත හිටියේ. දැන් මට පොඩි වෙනම කාමරයක් තියෙනවා. සිකුරාදා  රෑට මෙතනින්ම කොළඹ ගිහින් සඳුදා පාන්දර මෙතනින්ම බහින්න පුළුවන්. කිසි කේස් එකක් නැහැ.

දැන් සතියෙ මැද වෙන දේවල් එච්චර කියලා වැඩක් නැහැ. ඒක නිසා සති අන්තයේ වුණු දේවල් තමයි ලියන්න තියෙන්නෙ. මම හිතන්නෙ මේ ඇවිත් තියෙන්නෙ අගෝස්තු මාසය. මොකද මම ජොබ් එකට ආවේ මැයි වලනෙ. මාසෙට සති හතරයි. එකෙන් සෙනසුරාදාවල් හතරක් පහක් එනවානෙ. දැන් මාස තුනක් ගිහින්. ඒ කියන්නේ සති දොළහක් විතර මම එක දිගට හැම සිකුරාදා රෑම කොළඹ ගියා... සඳුදා පාන්දරම ආවා. එකෙන් රාගම අයියලගෙ ගෙදර, ගිහාන්ලගෙ ගෙදර, පෑලියගොඩ පන්සල, මනුෂ අයියගෙ ගෙදර ඇරුණාම අනිත් සේරම දවස් කොටුව ප්‍රයිවට් බස් ටෑන්ඩ් එක, ස්ටේෂන් එක ඉස්සරා බුදු පිළිමය, ඒඩේරමුල්ල ස්ටේෂන් එක, ගොල්ෆේස් එක, නුගේගොඩ බුදු පිළිමය, වැලි පාර්ක් එක වගෙ තැන් වල හිටියා. ඒක නිසා මෙතන ඉදලා අනිත් සති අන්ත වල හිටියේ කරේ කිවේ මොනවද කියලා කියන එක තමයි හොඳ කියලා මම හිතන්නේ...

ඒක අගෝස්තු මාසයේ තවත් සති අන්තයක්. පුරුදු විදිහට මම ආයෙත් ගල් ලෑල්ලෙන් කෝච්චියට නැග්ගා. මේ රත්මලානේ අයියා කෙනෙක් උදේ මට ඇඟපත සෝදගෙන යන්න පුළුවන් කීව නිසා මම කොටුවෙන් බැහැලා ආපහු රත්මලාන ස්ටේෂන් එකට ගියා. එයා ත්‍රීවීල් එකක් අරගෙන ස්ටේෂන් එක ගාවට ඇවිත් හිටියා. මට කිවේ එයා එස්.පි.සි එකෙ වැඩ කියලා. ඒත් බෝඩිමට ගියාමයි දැක්කේ එයා රත්මලානේ කෑම්ප් එකෙ කියලා. ටිකක් කෙට්ටු සිගරට් බොන අයියා කෙනෙක්. මම  හිතන්නෙ එයා අරක්කුත් බොනවා වගෙ. බෝඩිමක් කීවාට ඒක ගෙදරක උඩ තට්ටුවක්. පහළ ගෙදර අය. මෙයා හිටියෙ උඩ තට්ටුවේ. තව ඇඳක් තිබුණා කාමරේ. ඒ කියන්නෙ තව කෙනෙක් ඉන්නවානෙ...

‘ ඔකෙ එකා අද උදේ එනවා. පොර එද්දි 9-10 වෙයි. ඔයා පහළට ගිහින් වොෂ් දාන්න..‘ පොර මම ඇඳේ වාඩිවෙලා ඉන්නවා දැකලා කීවා..

මමත් බෑග් එක තියලා පහළට ගියා වොෂ් දාන්න. මේ රත්මලානට මයෙ දාඩිය කඳුළු දිය කරපු වෙලාවයි. ඉස්සරාට වෙන්නෙ මොනවද කියන්න මම දන්නෙ නැහැ. මොනවා වුණත් මම ආවා. ඇත්තටම මෙ කවුද ? කොහෙ මොනවා කරන එකෙක්ද  කියලවත් නොදැන ඇයි මම මෙහෙම ෆෙස්බුක් එකෙ චැට් කරන මිනිස්සු ගාවට එන්නේ...?

මයෙ හිතම මට දොස් කියනවා. පාරේ බුදිය ගත්තනං මීට වඩා සැප නැද්ද දෙයියනේ...? ඒත් පැය දහයක් විතර කෝච්චියේ නිදිමරලා ඇවිත් ඉතුරු වෙලාවත් මදුරුවෝ තල තලා කොටුවේ ඉන්නද මට කියන්නෙ දෙයියනේ... ඊට වඩා හොඳ නැද්ද රස්නෙට තේ එකක් බීලා උදේටත් මොනවා හරි කලා පැයක් දෙකක් නිදාගෙන යන එක. ඇත්තමට මම ඒ කෙනෙක් ගාවට යන එකෙන් බැලුවේ උදේට කෑම එක ෂේප් කර ගන්න. යන්න එන්න රුපියල් විස්සක් වියදම් වුණා කියමුකෝ. මට රුපියල් හතලිහක් විතර ඉතුරුවෙනවනෙ. එක අතකට මේක මයෙ අසරණකම නිසාම මම කරපු දෙයක්. වෙන කරන්න දෙයක් නැහැ. උදේට, රෑට කන්න ඕනි නිසාම දන්නෙ නැති අඳුරන්නෙ නැති එකෙක් ගාවට යන එක මොන තරං පහත් වැඩක්ද? ‍

මේකම නේද දෙයියනේ ගණිකාවොත් කරන්නේ. ඒ කියන්නෙ මම දැන් වේස බඩුවක් වගේද? ඔව් එක අතකින් එහෙම තමයි. වෙනසක් නැහැ. කමක් නැහැ. ඕනි එකෙක් ඕන දෙයක් කියපුවාවෙ. ඒ කියන එකෙක්වත් මම උදේට කෑවද? දවල්ට කෑවද කියලා අහන්නෙ බලන්නෙ නැහැනෙ. හදන පදයක් හදපුවාවේ. කියපුවාවේ. මම මයෙ රත්තරං අම්මා නංගි වෙනුවෙන් මේ කට්ට ඉවසනවා.

‘ මල්ලී...‘ අර ආමි අයියද කොහොද වොෂ් රූම් එකෙ දොරට ගහනවා ඇහුණා. ‘ යකෝ දැන් පැය භාගයක් විතර වෙනවානෙ... මොකද වුණේ...?‘

මම ආයෙත් පියවි ලෝකෙට ආවා.

‘ මේ එනවා අයියේ...‘ මම ඇඟ පිහදාගෙන තුවාය පිටින්ම උඩට ආවා ආයෙත්. අදනං තේ නැ වගෙ.

‘ සීතලයිද ...?‘ ඒ අයියත් ඇහුවා.

‘ ටිකක්...‘ මම හිනාවෙලා කිව්වා.

‘ කීයටද ක්ලාස්...‘

‘ නමයට අයියේ...‘

‘ එහෙනං ඔයාට පැය තුනක් විතර නිදාගන්න පුළුවන් වෙයි. එක්කෝ මෙහෙන් අටට විතර යන්න. මොකද 
උදේට ටික්ක ට්‍රෆික් එකත් තියෙනවනෙ... එහෙනං ඔයා ඔය ඇඳේ නිදාගන්න...‘ මට ඇඳ පෙන්වන ගමන් එයා කිව්වා.

‘ හා අයියේ...‘ මම තුවාය පිටින්ම ඇඳේ ඇළ වුණා.

විනාඩි 10ක් විතර දෙන්නම කිසිම කතාවක් නැතිව උඩ සිවිලිම දිහා බලාගෙන හිටියා.

‘ මොකද කතාවක් නැත්තේ.... මහන්සිද...?‘ අයියා ඇහුවා.

‘ ටිකක්...‘ මම හිනාවක් එක්ක කීවා.

‘ ඔලුවත් රිදෙනවද...‘

‘ ඔව් අයියේ...‘

‘ මම ටිකක් ඔලුව අත ගාන්නද?‘

මම මුකුත් නොකියා හිටියා...

‘එපානං කමක් නැහැ...‘

‘ අනේ එහෙම දෙයක් නැහැ අයියේ...‘ මම කිව්වා. ‘ ඔයාට කරදර කන්න බැහැනෙ...‘

‘ කරදරයක් නැහැ. ඒකනෙ මම ඇහුවේ...‘

‘ හා අයියේ...‘

‘ මම එන්නද ඔතනට...‘

‘ හා අයියේ...‘

අයියත් මම ඉන්න තැනට ආවා. එයා මයෙ ඔලුව අත ගාන්න ගත්තා. ඔලුව ටික ටික කන් දෙක බෙල්ල මූණ පුරාවට යන්න ගත්තා. ඉස්සරාට වෙන්න යන දේ මම දැන ගත්තා. මේකත් තව එක සමනල පාළමක් වගෙ. කැමති වුණත් අකමැති වුණත් වෙන්න යන දේට ඉඩ දෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැනෙ. අඩු ගානේ ආයෙත් ලබන සතියෙත් මෙහෙ ඉන්න දුන්නොත් ඒකම ලොකු දෙයක්නෙ.

අයියා බඩ පපුව අත ගාගන පහළට යන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ. ඔලුව අත ගානවට වඩා අයියට උවමනාව තිබ්බේ මොනවා අත ගාන්නද කියලා මට තේරුණා. කමක් නැහැ. ආසාවනේ අත ගාපන්කෝ...

‘ මොකො මෙයා නිදි තාම...‘ මයෙ රහස් අවයවය හොල්ලන ගමන් අයියා මයෙ කනට කරලා ඇහුවා. ‘ ඔයාට අවුල් වගේද...?‘

‘ නැහැ අයියේ...‘ මම අයියා පැත්ත හැරෙන ගමන් කිව්වා. අයියගෙ කටේ බියර් ගඳ ඒ පාරනං මට හොඳටම දැණුනා.  ‘ ඔයා බොනවද?‘

‘ ඇයි ගඳ ආවද?..‘ අයියා ඇහුවා.

‘ ටිකක්...‘

‘මේවගෙ ඉද්දි දන්නෙ නැද්ද ඉතින් මල්ලි...‘ අයියා කිව්වා. ‘ ඔයා හරි පොඩියි... ආස හිතෙනවා දැක්කාම....‘ 
ඒ කියන ගමන් අයියා මාව තුරුල් කර ගත්තා.

පාන්දර නාලා සීතලේ හිටපු මටත් ඇගට සනීපයක් ලැබුණාම එපා කියන්නද?

බියර් ගඳත් එක්ක අයියා මට හාදු දෙකක් විතර දුන්නා. එතනින් පස්සේ මම හාදු එපා කිවා. ඇත්තටම මට ඒක ඉවසන්න බැරි ගඳක් වුණා. එතනින් එහාට අයියා කැමති විදිහට මයෙ සිරුරෙ පහස හොයන්න මම එයාට ඉඩ දුන්නා. මාව අනිත් පැත්ත හරවලා එයාගෙ රහස් අවයවය මට ඇතුල් කරන්න හදද්දිම මම ආයෛත් අයියා පැත්ත හැරුණා.

‘ අනේ ඒක කරන්න බැහැ අයියේ...‘

‘ ඇයි කැමති නැද්ද...?‘

‘ නැහැ...‘

‘ අවුලක් නැහැ රිදෙන්නෙ නැහැ... ජෙල් තියෙනවා...‘

‘ බැහැ අයියේ... මම ඒකට කැමති නැහැ...‘ මම කිව්වා.

‘ අයියෝ... මම හිතුවේ හොඳ ෆන් එකක් දෙයි කියලා ආවාම...‘

‘ මම පැය ගාණක් කෝච්චියේ එයාට මෙහාට හෙම්බත් වෙලා ආවේ අයියේ. මේ ටිකත් කරේ ඔයා වෙනුවෙන්... මම මේවට කැමති නැහැ අයියේ...‘

‘ අහ්... ඒකත් එහෙමද...? හරි හරි අවුලක් නැහැ. මයෙ පොඩ්ඩක් ගන්න බැරිද?‘

‘ මොකක්..?‘

‘ හරි හරි අවුලක් නැහැ. මම එහා ඇඳේ නිදා ගන්නං... ඔයාට උදේ යන්න තියෙනවනෙ. ඒක හින්දා දැන් නිදාගන්න...‘

අයියා නැඟිටලා එහා ඇඳට ගියා. යන්තං ඇති. ඒත් එයා ඒ ඇඳට ගියා වගෙ නෙමෙයි. මට ආයෙත් මෙහෙ එන්න වෙන්නෙ නැහැ. එච්චරයි වෙන්නෙ. ඒක නිසා ඉන්න පැය දෙක හරි නිදාගන්න මම ඇස්පියා ගත්තා. ඒත් කැඩි කැඩි ගියපු නින්ද ආයෙත් මාව හතට විතර ඇහැරුවා. මම ආයෙත් වොෂ් රූම් ගිහින් මූණ කට සෝදගෙන ආවා යන්න ලෑස්ති වෙන්න. මම ලෑස්ති වෙන අතර අයියා පහළට වොෂ් දාන්න ගියා. මම එයාගෙ කලිසමේ තිබ්බ පර්ස් එක අරගත්තා. ඒකෙ දාහෙ කොළ පුරවලා තිබ්බා.

අයියා එන්න කලින් මම එයාගෙ පර්ස් එකෙන් රුපියල් දෙදහක් ගත්තා. ඒ ගමන් එයාගෙ අයිඩින්ටියත් බැලුවා. බදුල්ල පැත්තේ ගෙවල් තියෙන්නෙ. පර්ස් එකෙම පැත්තක තිබ්බ කෙල්ලෙක්ගෙ ෆොටෝ එක බඳින්න ඉන්න කෙනා වෙන්න ඇති මයෙ හිතේ. ඉතින් යකුනේ බඳින්න ඉන්නවනං මඟුලකටද මෙහෙම කොල්ලෝ ගෙන්න ගන්නේ. ෂික්...

ආමි අයියා වොෂ් දාලා එද්දි මම ලෑස්ති වෙලා. මාව ගන්න වීල් එකෙ රත්මලාන ස්ටේෂන් එකට ආපු අයියගෙ හිතවත්කම ආයෙත් මම යද්දි තිබුණේ නැහැ. බෝඩිමෙන් පහළට ඇවිත්...

‘ මේ පාර කෙලින්ම යන්න මල්ලි...‘ කියලා අත දික් කරලා පෙන්නුවා. ‘ මේක ප්‍රධාන පාරට වැටෙන්නෙ... එකෙන් 154 අරගෙන බොරැල්ලෙන් බැහැලා 176 ගත්තාම හරි...‘


ඕක ඉතින් උඹ කියන්න ඕනි නැහැනෙ... මඟුල...


==================================


I’m on the way…’ (හතලිස් හත් වන කොටස)

‘හරි අයියේ...‘ ඒ තවත් එක් සිකුරාදාවක මයෙ ෆෝන එකට එන ඇමතුමක්... ‘ එහෙනං මම උදේ ගල්කිස්සට එන්නං. එතනින් කොහොමද එන්න ඕනි..‘

‘ ඔයා ගල්කිස්සට ඇවිත් එතනින් ටෙම්පෙයාස් පාර දිගේ ඇතුළට එන්න ඕනි...‘ එහා පැත්තේ දුරකථනයේ හිටපු මධුෂාන් අයියා කිව්වා. ‘ ඒ පාරේ කොහාටවත් හැරෙන්නෙ නැතිව කෙලින්ම එන්න. මිටර් 500ක් වගෙ ආවාම ස්පා කරන තැනක් හම්බෙයි දකුණු අත පැත්තේ. ඒක පහු කරලා තව ටිකක් ඉස්සරාට එද්දි තියෙනවා දකුණු අත පැත්තටම තාර දාපු පාරක්. ඒ පාරේ ආවාම හරි. අපි පාරට එන්නං...‘

‘ අපි...‘ මම ආයෙත් ඇහුවා.

‘ ඔව්... මමයි මගෙ යාලුවයි...‘

‘ එයාගෙ අකමැත්තක් නැද්ද මම එනවට...‘

‘නැ නැ...‘

‘ මම සෙනසුරාදා පාන්දර ආවාම වොෂ් එකක් දාලා යන්න පුළුවන් නේද අයියේ...‘

‘ ඔව් ඒක අවුලක් නැහැ. ඔයාට සෙනසුරාදා රෑ ඉදලා ආයෙත් ඉරිදා ක්ලාස් ගිහින්ම යන්න පුළුවන්...‘

‘ මට පින් විතරයි දෙන්න තියෙන්නෙ අයියේ...‘ මම කිව්වා.

තවත් සිකුරාදා රෑක මඩකලපු කෝච්චියෙන් මම කොටුවට ආවා. කියන්න තරං විශේෂ දෙයක් කෝච්චියේ වුණේ නැහැ. ඉදලා හිටලා වදින අතක්, ගැවෙන කුක්කුවක් හැරුණාම කැඩි කැඩි පැද්දෙන නින්ද විතරයි.
ගල්කිස්සේ අයියා කියපු විදිහට මම මොරටු යන බස් එකක නැග්ඟා. කොටුවෙන් බැස්සද කියලා අහන්න එපා. මොකද මම කොටුවෙන් බැස්සට එළියට එන්නේ මහලේකම් කාර්යාලය ගාව තියෙන පඩිපෙලේ නැඟලා.

‘ අයියේ... මම එන ගමන්...‘ මම අර අයියට මැසේජ් එකක් දැම්මා.

‘ හරි මල්ලි එන්න...‘ එයාගෙන් රිප්ලයි එකක් ආවා. ‘ ඔයා ආවාම අපිට මොනවද දෙන්නේ...‘

‘ ඒ කිවේ අයියේ...‘

‘ ඔයා මසාජ් කෝස් එකක් නේද කරන්නෙ...‘

‘ ඔව් අයියේ...‘

‘ අපි දෙන්නටත් මසාජ් එකක් දෙනවද එහෙනං...‘

‘ හා අයියේ...‘

‘ දැන් උදේම දෙනවා නේද...‘

‘ හා අයියේ...‘

‘ මසාජ් කරද්දි කොහොමද ඉන්න ඕනි...‘

‘ ඔයාලා කැමති විදිහට ඉන්න අයියේ...‘

‘ ඒ කියන්නෙ ඇඳුම් ගලවන්න ඕනි නැද්ද...?‘

‘ ෆුල් බොඩි කරන්නනං ඉතින් ගලවන්න වෙයි අයියේ...‘

‘ ෆුල් බොඩි තමයි... අපි දෙන්නටම කර ගන්න පුළුවන් වෙයිද...?‘

‘ හා අයියේ...‘

එක දිගට එහෙනුත් මෙහෙනුත් යන මැසේජ් නතර වුණේ නැහැ. ඇයි දෙයියනේ මේ පැය ගාණක් මහන්සි වෙලා යන මයෙන් මෙහෙම අහන්නේ. මෙයාලට ඕනි මට කියලා මසාජ් එකක් දා ගන්නද? කමක් නැහැ මොනවා කරන්නද... ගිහින් බලනවා.

‘ මල්ලි... මෙතන දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයා එක්කෙනෙක්ට විශේෂයක් කරයිද දන්නේ නැහැ...‘

‘ ඒ කිව්වේ...‘

‘ ඔයා අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට වැඩියෙන් කැමති වෙලා එයාව වැඩියෙන් මසාජ් කරොත්...‘

‘ නැහැ මට එහෙම විශේෂයක් නැහැනෙ අයියේ...‘

‘ මට වඩා මයෙ යාලුවා ලස්සනයි...‘

‘ මට ලස්සන කියන්නෙ මිනිස්සු මනින සාධකයක් නෙමෙයි අයියේ...‘

‘ හැබැයි මසාජ් කරද්දි ඔයාත් ඇඳුම් ගලවන්න ඕනි...‘

මම තාම බස් එකෙ. අයියලා ටික ටික එන්නෙ මොකාටද කියලා මම දැන ගත්තා. දෙන්නත් එක්ක එකතු 
වෙලා මාව දුෂණය කරාවිද? නැ එහෙම වුණොත් කෑ ගහනවා මුළු ගල්කිස්සටම ඇහෙන්න. මම ටෙම්පෙයාර් පාර ගාවින් බැස්සා. මෙතනට කලර් ලයිට් එක කියලත් කියනවා. කීවා වගෙම ඇතුළට තියෙන තාර පාර දිගේ ඇවිදගෙන ගියා.

‘ ඇයි රිප්ලයි නැත්තේ... දැන් කොහෙද ඉන්නෙ...‘ අයියගෙන් ආයෙත් මැසෙජ් එකක් ආවා.

‘ දැන් බස් එකෙන් බැස්සෙ අයියේ. මේ ටෙම්පෙයාර්ස් පාර දිගේ එන ගමන්...‘ මම රිප්ලයි යැව්වා.

‘ ඔයා ආවාම ඇඳුම් සේරම ගලවනවා නේද...?‘

‘ හා අයියේ...‘

‘ අපි ඔයාව කිස් කරාට කමක් නැද්ද...?‘

‘ හා අයියේ...‘

‘ ඔයත් අපිව කිස් කරනවද..?‘

‘ හා අයියේ...‘

එක දිගට අහන හැම දේකමට මම කැමති වුණා. ඒ වෙන කිසි දේකට නෙමෙයි. එදා පාන්දර පැයක් දෙකක් නිදාගෙන උදේම මූණ කට සෝදගෙන මොනවා හරි කාලා පන්ති යන්න ඕනි නිසා.  ඒ වගෙම සෙනසුරදා රෑත් ඉදලා ඉරිදා පන්ති යන්න ඕනි නිසා.

මම එයාලා කීව ස්පා සෙන්ටර් එක ගාවට ආවා. එතන පහු කරාම තියෙන පාරේ ඇතුළට ගියා. මම යද්දි කවුද දෙන්නෙක් පාරට වෙලා හිටියා. මම හිතන්නෙ ඒ අය තමයි.

‘ ඔයාද ගිහංස...‘ මයෙන් ඇහුවා.

‘ ඔව් අයියේ...‘

‘ යමු ඇතුළට එහෙනං...‘

ඒක ගෙදරක වෙනම තිබුණු බොඩිමක්. ලොකු තට්ටු දෙකෙ ගෙදරක ඉස්සරා අයිනෙ කෙළවරට වෙන්න මේ බෝඩිම තිබුණේ. එක කාමරයි, කුස්සයි. එළියෙ කුස්සියත් එක්කම ටොයිලට් තිබුණා. නාන්න තිබුනේ බෝඩිම ඉස්සරා තිබුණු ළිඳ. මම බෑග් එක කාමරෙ බිමින් තිබ්බා. අර ජෝඩුව ඇඳට ගියා. කාමරය පුරාම බඩු. ලොකු එල්.ඊ.ඩී. ටීවි එකක් තිබ්බා. රෙදි කබඩ් එකයි, පුටු දෙක තුනකුයි, ඒ දෙන්නගෙ ෆොටෝ, රෙදි රැක්...

‘ මම වොෂ් එකක් දාගෙන එන්නද?..‘ මම ඇහුවා.

‘ ඔයා යනවද මෙයා එක්ක...‘ කළු යාලුවා අනිත් කෙනාගෙන් ඇහුවා.

අනිත් කෙනා ටිකක් මහතයි. සුදුයි. පොර ඇඳෙන් නැඟිටලා ආයෙත් දොර ඇරියා. මම ට්‍රවල් එක අරගෙන ළිඳ ගාවට ගියා. ඌ දොර ගාවට වෙලා හිටියා. දෙන්නා මම ගැන මොනවා හිතනවද මන්දා. කරන්න දෙයක් නැහැ මොනවා හිතුවත්.  මම ළිඳෙන් ඇඟ සෝදගෙන තුවාය ඇඳගෙන කාමරේට ආවා ආයෙත්. සුදු යාලුවා ආයෙත් දොර වහලා ඇඳට ආවා. ඒක ත්‍රිබල් ලොකු ඇඳක්. මම කාමරේ හිටගෙන හිටියා.

‘ කෝ ඔයා කීව දේ කරන්නකෝ දැන්...‘ කලු යාලුවා කිව්වා.

‘ ඒ කිවේ...‘ මම ඇහුවා.


‘ ඇයි මම මැසේජ් වලින් කිව්වේ ඔයාට...‘ මේ කියන්නෙ මට නිරුවත් වෙන්න කියන එක. මයෙ නිරුවත ඒ තරං ලස්සනද දෙයියනේ. මොනවද මේකෙ අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අනිත් අයට තියෙන පුරුෂ ලිංගයම තමයි මටත් පිහිටලා තියෙන්නෙ. ඒක වෘෂණ කෝෂ දෙකත් එක්ක ශිෂ්ණය තියෙනවා. වටේට රෝම ටිකක් තියෙනවා. එච්චරයිනේ...

--------------------------------------------------------------------------------



I’m on the way…’ (හතලිස් අට වන කොටස)

‘ ඉතින් මම තුවාය විතරයි ඇඳගෙන ඉන්නේ...‘

‘ කමක් නැහැ... ඒකත් ගලවන්නකෝ...‘

මම තුවාය ගලවලා අතේ තියාගත්තා.

‘ ඕක  දාන්න අර පුටුව උඩට...‘ පොර මට පුටුවක් පෙන්වන ගමන් කිව්වා.
මම තුවාය පුටුව උඩින් දාලා හිටගෙන හිටියා. දෙන්නා මයෙ දිහා හොඳට බලාගෙන හිටියා.

‘ අනිත් පැත්ත හැරෙන්න බලන්න..‘ ආයෙත් මට අණ ලැබුණා. මම අනිත් පැත්ත හැරුණා. එහා පැත්තයි, මෙහා පැත්තයි දෙපාරක් තුන් පාරක් හැරුණු මට ඇඳට එන්න ආරාධනා ලැබුණා. ඒ දෙන්නා දෙපැතතේ ඉද්දි මට මැදට එන්න කිව්වා.

එයාලගෙ ෂර්ට් ගලවලා ඒ දෙන්නා දෙපැත්තෙ ඉදලා කිස් කරගන්න ගත්තා. මම ඇදේ මැද නිදාගෙන බලාගෙන  හිටියා මේ වෙන්න යන්නෙ මොනවද කියලා. කලු එකා මාව ඇඳලා අරගෙන කිස් කරන්න ගත්තා. ඒ අස්සේ අනිත් එකා මයෙ නිපල් කිස් කරන්න ගත්තා. විලි බියෙන් ඇඹරෙනවද ? නැත්තං කරන දේට උදව් කරනවද කියලා මම දන්නෙ නැහැ. ශරීරයේ තැන් දෙකකින් දෙවිධිහකට දැනෙන මේ  හැඟීම මාව මුසපත් කරා.

කෝච්චියේදී හෙම්බත් වුණු ඇඟ ආයෙත් දෙන්නෙක් අතින් එහාට මෙහාට පොඩි වෙද්දි දැනෙන වේදනාව මම ඉවස ගත්තේ මයෙ රත්තරං අම්මගෙ මූණ හිතේ මවාගෙන. මදුරුවෝ තල තල කොටුවේ බුදියනවට වඩා කුෂන් මෙට්ටෙක ෆෑන් එකක් දාලා මෙහෙම ලැබෙන කායික සතුට මාව ඒකට යොමු කරා වෙන්නත් පුළුවන්.

පහා මාරට විතර ඇඳට ගියපු අපේ සෙල්ලම ඉවර වෙද්දි හත විතර වුණා. ආයෙත් ළිඳෙන් වොෂ් දාගෙන මම පන්ති එන්න ඇඳ ගත්තා.

‘ ඔයා ඔක්කම ගෙනියන්න ඕනි නැහැනෙ...‘ කලු යාලුවා කිව්වා. ‘ ආයෙත් හවස එන එකෙ පොත් ටික විතරක් අරගෙන යන්න. තව ඔයාගෙ වටිනා මොනවා හරි තියෙනං අරගෙන යන්න...‘
ඇත්තටම ඒකනං කාරුණික වචනයක්. මේ කිලෝ දහයක් විතර බර බෑග් එක උස්සගෙන මම අහිගුණ්ඨිකයා වගේ තැන තැන යනවා. සබන් පෙට්ටිය, තුවාය, අමතර ඇඳුමක්, ටෝච් එක, පොත් ටික, බෙහෙත් ටිකක්... අනේ මන්දා.

‘ ඒකනං හොඳයි...‘ මම රෙදි ටික එළියෙන් තියෙන ගමන් කිව්වා. ‘ ඔයාලා හවස කීයට වගේද එන්නේ...‘ මම ආයෙත් ඇහුවා.

‘ ඔයාගේ පන්ති ඉවර වෙන්නෙ කීයටද...?‘

‘ හතරට ඉවරයි...‘

‘ හරි එහෙනං ඔයා ක්ලාස් ඉවර වෙලා කියන්නකෝ...‘

‘ අපි බෝඩිමේ හිටියොත් ඔයා කෙලින්ම බෝඩිමට එන්න... නැත්තං අපි බෝඩිමට එන වෙලාව ඔයාට කියන්නං...‘

එයාලා වැඩට යන ගමන් මාව පාරට ගෙනත් දැම්මා. වෙනදා පිට පුරා තියෙන බෑග් එකෙ බර අඩුව මට හොඳට දැණුනා. 154 බස් එකක් නැඟලා මම වාඩි වුණා.

‘ ඔයා හරි ක්‍යුට් අනේ...‘ කලු යාලුවාගෙන් මට මැසේජ් එකක් ආවා. ‘ අද රෑට අපි සුපිරි ෆන් එකක් ගමු හරිද...?‘

ඒ කියන්නෙ අද රෑටත් මට නිදාගන්න වෙන්නෙ නැද්ද...? උදේට තේ එකක්වත් නොබී ආපු මට බඩ හොඳටම දන්න ගත්තා. බොරැල්ලෙන් බහිනකල් මොකවත් කර කියා ගන්න වෙන්නෙ නැහැ.

‘ ඒ කිවේ...‘ මම එයාට රිප්ලයි එකක් යැව්වා.

‘ අපි ආසයි ඔයාව ෆක් කරන්න...‘ ආයෙත් මැසේජ් එකක් ආවා.

‘ ෆක් කරනවා කියන්නෙ මොකද්ද...‘ මම අහලා යැව්වා.

‘ ඔයා බාබාද අනේ... පිටි පස්සට දාන එකටනෙ කියන්නෙ...‘

මයෙ ඇස් උඩ ගියා. දෙයියනේ මුන් දෙන්නා රෑට මාව රේප් කරන්නද කොහෙද ප්ලෑන් කරන්නෙ... උදේ පොඩි පොඩි දේවල් ටිකක් කරාට ඒ තරං දුර දිග ගියේ නැනේ...

‘ අනේ මම ඒකට ආසා නැහැ යාලුවා...‘ මම කිව්වා.

‘ අපෝ මොකද්ද අනේ...‘

‘ මට ඒක කරන්න බැහැ... හවස කීයටද මම එන්න ඕනි...‘

‘ අපි මේ තාම වැඩට යන ගමන්... ගිහින් කියන්නම්... මම කීව දේ ගැන ටිකක් හිතලා කියන්න මට...‘

‘ මොකද්ද..?‘

‘ෆක් කරන එක..‘

‘ බැහැ... මට ඒක කරන්න බැහැ...‘

‘ ඔකෙ...‘

යාලුවගෙ මැසේජ් එතනින් ඉවර වුණා. වෙන්නෙ යන්නෙ මොනවද කියන්න මම දන්නෙ නැහැ. කමක් නැහැ. වෙන දෙයක් වුණාවේ. මෙච්චර දේවල් වුණේ මම හිතලා ප්ලෑන් කරලා නෙමෙයිනෙ. තවත් ඉස්සරාට එහෙම්ම වුණාවේ.

මම කැම්පස් එකට ආවා. එදා උදේ හසි ගානේ තේ එකක් බීලා ලැවරියක් කෑවා. දවල්ට කාටත් හොරෙන් ටැප් එක ගාවට ගිහින් බඩ පිරෙන්න වතුර බීවා. මම මේ විදිහට වතුර බිබී දුක් විඳින්නෙ ඇයි කියලා ඔයාලා අහනවා ඇති. මට මාසෙට පඩිය දැන් විස්සක් විතර හම්බෙනවා. ඉතින් එකෙන් කාලාබීලා දෙයියනේ කියලා ඉන්න පුළුවන්නෙ.... නේද? ඒකට හේතුව ඔයාලට පස්සේ දැන ගන්න හම්බෙයි...

මම පන්තියේ ඉද්දි තුනට විතර මට කෝල් එකක් ආවා. ඒත් ඒක ආන්සර් කරන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මම ක්ලාස් එකෙ හිටිය නිසා. ඉට පස්සේ මැසේජ් එකක් ආවා. සර්ට හොරෙන් මම ඒක බැලුවා.

‘ හවස අපි බෙල්ලන්විල පෙරහැර බලන්න යනවා. හවස අපි එද්දි හත විතර වෙයි බෝඩිමට... ඔයා අපිත් එක්ක පෙරහැර බලන්න යන්න එනවද? හැබැයි පෙරහැර ඉවර වෙද්දි පාන්දර දෙක තුන වෙයි... මොකද කියන්නේ...‘


මොකද්ද දෙයියනේ මම කරන්නෙ... හිටපු හැමතැනම එක දවසයි. නැත්තං එක මොහොතයි ඉන්න වෙන්නෙ. පාන්දර දෙක තුන වෙනකල් මම කොහොමද පෙරහැර බලන්නෙ. හෙටත් මට පන්තිනෙ. පෙරහැර බලලා කොහොමද මම පන්තියේ ඉන්නේ. ඒ කියන්නෙ ආයෙත් එඪේරමුල්ලෙ යන්න තමයි නේද වෙන්නෙ. කමක් නැහැ... මම හිත ආයෙත් එකලස් කරගෙන ඉතුරු පැයක් පන්තියේ හිටියා. ඒත් සර් කිවේ මොනවද කියන්න මම දන්නෙ නැහැ. 


==============================================


I’m on the way…’ (හතලිස් නව වන කොටස)

හතර වෙනකල් මම මොනවා කරන්නද...? නුගේගොඩ ස්ටේෂන් එකට ආපු මම එතනින් කොළඹට ටිකට් එකක් අරගෙන කොටුවෙන් ආයෙත් බම්බලපිටියට ආවා. ඒ ටිකට් නැතිව... එතන බීච් එකට වෙලා එහාට මෙහාට සක්මන් කර කර හිටියා. එතනින් ආයෙත් වැල්ලවත්තට ආවා. එතනත් බීච් එකෙ ටිකක් ඇවිදලා දෙහිවලට ආවා. දෙහිවලත් බීච් එකෙ ඇවිදලා ගල්කිස්සට ආවා. මේ සේරම බීච් වල සැරිසරන්න ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නා. ගල්කිස්සෙ ස්ටේෂන් එකෙන් බැහැලා කලර් ලයිට් ගාවට එනකල් පයින් ගියා. මම හිතන්නෙ එතකොට හයාමාරට විතර ඇති. හතර වටින් ටික ටික කළු කරලා.
යාලුවගෙ බෝඩිම ගාවට එද්දි බෝඩිමෙ ලයිට් දාලා තිබුණා. ඒ කියන්නෙ එයාලා බෝඩිමෙ ඉදලද? එක පාරට බෝඩිමේ දොර ඇරුණා. කවුද පොඩි එකෙක් එළියට ආවා. මම ගේට්ටුවට කවර් වුණා. මම හිතන්නෙ කලු යාලුවා මාව දැක්කෙ නැද්ද කොහෙද...? ඒක නිසා මම අර පොඩි එකා එළියට යනකල් එළියෙ හිටියා. පොඩි එකා මම දිහා බලාගෙන එළියට ඇවිත් ගල්කිස්ස පැත්තට ගියා. මම යාලුවාට මිස් කෝල් එකක් ගැහුවා.

‘ ඔයා කොහෙද දැන් ඉන්නෙ... ඉක්මනින් එන්න අපිට පරක්කු වෙනවා. ඔයාගෙ බෑග් අරගෙන යන්න....‘

අහ් බෑග් අරගෙන යන්න කියන්නෙ අද ඉන්න දෙන්න වෙන්නෙ නැ කියන එකනෙ. කමක් නැහැ යාලුවා. මට වතුර උගුරක් හරි උඹලත් දුන්නානෙ. මයෙ පස්ස අද රෑට උඹලා දෙන්නට හැමිනේන දෙනවනං උඹලත් උඩ දාගෙන මට හු#යි. එහෙනං අද රෑට විතරක් නෙමෙයි හැමදාම රෑට මට ඉන්න දෙයි. ඒත් ඒකත් උඹලට දවසක එපා වෙයි. ඉට පස්සේ මම තව එකෙක් හොයගන්න වෙයි. එහෙම එහෙම සතියෙන් සතිය කොළඹ ඉන්න එක එකාට පු# දිගෙන මට මේ පන්ති යන වැඩේ කර ගන්නද කියන්නෙ... ඕනි නැහැ යකෝ. මම මොකටවත් දෙකට නැමෙන්නෙ නැහැ.

‘ මම බෝඩිම ගාවට ඇවිත් ඉන්නෙ...‘ මම රිප්ලයි යැව්වා.

‘කොහෙද ඉන්නෙ...‘

‘ ගේට්ටුව ගාව...‘

පොර දොර ගාවට ඇවිත් ගේට්ටුව දිහා ඉස්සිලා බැලුවා. මයෙ බෑග් ටික අරගෙන පොර එළියට ආවා. සුදු එකා පේන්න හිටියෙ නැහැ.

‘ ගොඩක් වෙලාද ඇවිත්...‘ පොර බෑග් දෙන ගමන් ඇහුවා. ‘ අපි දැන් ආවේ... ටක් ගාලා ලෑස්ති වෙලා යන්න ඕනි. ෂීට් දෙකක් හම්බුණා...‘

මම හිනාවුණා.

‘ බලන්න ඔයාගෙ සේරම තියේද කියලා... මොකවත් මඟ හැරුණේ නැහැනෙ..‘

මම රෙදි ටික බෑග් එකට දාගෙන  බෑග් එක අරගෙන කරේ දා ගත්තා. මොනවා අඩු වෙන්නද?

‘ හරි සහෝ... සේරම තියෙනවා...‘ මම හිනාවෙලා කිව්වා. ‘මම යන්නං එහෙනං...‘

‘ සොරි... හිතපු නැති විදිහට පෙරහැර බලන්න යන්න වුණේ... අපි හැමපාරම පෙරහැර බලන්න යනවා. ඔයාට හෙට පන්ති නැත්තං අරන් යන්න තිබ්බා. ඒත් අපි ගාවනං ඉන්න වෙන්නෙ නැහැ...‘

‘ කමක් නැ සහෝ... මම වෙන දවසක පෙරහැර බලන්නං...‘

‘ හරි එහෙනං පරිස්සමෙන්  යන්න..‘ එහෙම කියලා යාලුවා ඇතුළට ගියා.

පායලා තිබුණු අඬ  සඳ එළියෙ මම ටෙම්පෙයාර්ස් පාරේ දිගෙ ඇවිදගෙන ආවා.   යන්නෙ කොහෙද... කරන්නෙ මොනවද කියලා මට කිසිම දැනුමක් තිබුණේ නැහැ. කකුල් දෙක හැරෙන පැත්තට හැරියන් කියලා මම පාරේ ඇවිදගෙන ගියා. අද රෑ මෙහෙම කොළඹ ගෙව්වාම අවුරුද්දෙ මාස දෙකක් විතර මම ඉවර කරා. තව මාස අටක් තියෙනවා. ඒ කියන්නෙ තව රෑ විසි හතරක් මම මේ සෙල්ලම කරන්න ඕනි. එක අතකට කොළඹම රස්සාවක් හොයාගෙන මේක කරානං ඉවරයි අප්පා. එතකොට එක වියදමයිනෙ. ඒත් සර් කියපු විදිහට මට බැංකුවේම රස්සාවක් හරි සෙට් කර ගන්න පුලුවන් ටිකක් කාගෙන හිටියොත්...

මයෙ කකුල් දෙක හැරි හැරි ආවේ ගල්කිස්ස බීච් එකට... උදේට දවල්ට එක දිගට එක පෙළට වෙරළට සද්දෙ දාපු මුහුද මම වගේම අහස දිහා බලාගෙන හිටියා. නිල් පාට අහසයි නිල් පාට මුහුදයි. ඒත් මුහුදට වඩා අහස ලස්සනයි වගෙ. අහසෙ තරු තියෙනවා. හඳ තියෙනවා. නැ නැ .... මුහුදත් ඒ වගෙම තමයි. ඈතින් සමහර වෙලාවට නැව් වල ලයිට් එළි පේනවා.

බෑග් එක වෙරළේ අයියන කියලා වැටකෙයියා පදුරකට මුවාවෙලා මම බිම දිගාවුණා. සුදු පාට සිනිදු වැලි මයෙ ඇඟට අමුතුම සුවයක් ගෙනත් දුන්නා. ස්ටේෂන් එකෙ ලෑලි බංකුවටයි, බස් ටෑන්ඩ් එකෙ කොන්ක්‍රිට් බංකුවටයි වඩා මේ වැල්ල හොඳයි වගෙ. ආයේ ඉදලා හිටලා මෙහෙටත් එන්න ඕනි. අවුලක් නැනේ. සඳ එළියේ මද පවනේ සිත සැනසේ කියලා නිදා ගන්නයි තියෙන්නෙ...

බෑග් එක ඔලුවට තියාගෙන මම අත් දෙක බැඳ  ගත්තා. කකුල් දෙක පද්ද පද්ද හිටපු මට එහෙම්ම නින්ද යන්න ඇති.

ටික ටික මයෙ ඇඟට දැනෙන උණුසුම ආයෙත් මාව හීනෙක රැන්ඳුවා වගෙ. රෙදිත් එක්ක ඒ දැණුනු උණුසුම එක පාරම ලොකු හීතලක් වුණේ මයෙ කලිසම ගැලවෙනවා වගෙ දැණුනු නිසා. මම නින්දෙන්ම අත් දෙකන් කලිසම අල්ල ගත්තා. එතකොටම මයෙ අත් දෙක කවුද අල්ල ගන්නවා වගෙ දැණුනා. මම ගැස්සලා ඇහැරුණා. කවුද මනුස්සයෙක් මයෙ ගාව හිටියා. නිදිමර ගාතෙම බීපු මිනිහෙක් වගෙ මම වැනි වැනි මයෙ බෑග් එක හෙව්වා. අර මිනිහා ආයෙත් ඇවිත් මාව පෙරළ ගන්න හැදුවා.

බීපු අරක්කු වල ගඳක් එක්ක මට වමනෙට වගෙ. කෝටු මයෙ ඇඟේ  තිබුණු හැම හයියක්ම එකතු කරලා මම ඒ මිනිහත් එක්ක පොර බැදුවා. දෙයියනේ කියලා වතුර බීලා හිටියත් ඒ වෙලාවට මට ආව හයිය නිසාම උට පෙරළගෙන ගහන්න මට පුළුවන් වුණා. මූණට දෙකක් තුනක් ගහද්දි ඒ මිනිහා දුවන්න ගත්තා. මමත් ටක් ගාලා බෑග් එක අරගෙන කොච්චි පාර දිගෙ කොළඹ පැත්තට එන්න ගත්තා.

පාන්දර එකයි... මයෙ ඇඟ හොඳටම රිදෙනවා. නිදාගෙන ඉද්දි එකා මට මොනවත් කරාවද්ද දෙයියනේ. වතුරට කලිසමේ කකුල් දෙකත් තෙමිලා. පාන්දර පින්නත් එක්ක මට කිවිසුම් දෙක තුනකුත් ගියා. ගල්කිස්සේ ඉදලා රේල් පාර දිගෙම ඒ පාන්දර මම කොළඹ පැත්තට ඇවිදගෙන ආවා. නිදි මත නිසාම දෙතුන් පාරක් කොච්චි පාරේ වැටුණත් එක්ක.

මැදැයි හොඳයි කියලා වැල්ලෙ නිදා ගත්තා. දෙයියනේ කියලා ඇහැරුණේ නැත්තං මයෙ පස්ස ඉවරයි. කොහෙ යන වේස බල්ලෙක්ද දන්නෙ නැහැ. යකෝ කොළඹ ඉන්නවනං මට දැන් කොලු කාරයෙක් වෙන්න වෙනවා. පාරේ ඉදන් එන එන එකාට දුන්නනං මට රෑට ඉන්න තිබ්බා.

එදා රෑත් ආයෙත් දෙහිවල ස්ටේෂන් එකෙම නිදා නොනිදා හිටපු මම දෙහිවලින් 176ක නැඟලා උදේම කැම්පස් එකට ආවා. කැම්පස් එකෙ වොෂ් රූම් එකෙන් මූණ කට සෝදගෙන එළියෙ බංකුවට වෙලා මම නිදා  ගත්තා.

‘ රංග... රංග...‘ කවුද මට කත කරනවා ඇහුවා.  අහ් හසි...

‘ මොකද බං කවදාවත් නැතිව මෙතන නිදි...?‘ හසි මම ගාව වාඩිවෙන ගමන් ඇහුවා. ‘ මොකද උඹෙ මූණත් ටිකක් ඉදිමිලා වගෙ... උඹට මොකක් හරි කරදරයක්ද රංග...?‘

හසි මයෙ මූණ අත ගාන ගමන් ඇහුවා.

‘ නැ මචං...‘ ඒක කියද්දි මයෙ ඇස් වලින් කඳුළු ආවා.


‘ උඹ මට නොකියන මොකක් හරි ලොකු කතාවක් තියෙනවා රංග...‘ 


===============================================


I’m on the way…’ (පනස් වන කොටස)

මම බංකුවෙන් නැඟිටලා ගියා. හසි මම ගැන මොනවා හිතුවද මන්දා. මම හිතන්නෙ දැන් මම වෙනස් වෙන්න වෙනවා. කොළඹට ඕනි විදිහට හැඩ ගැහෙන්න ඕනි. චාල්ස් චාඩින් කිවා වගෙ ඒ පරිසරයට අනුවර්තනය වුණේ නැත්තං ඒ සතා විනාශ වෙනවා. මට දැන් විනාශ වෙලා බැහැ. මට යන්න ඉලක්කයක් තියෙනවා. ඒකට යන්න මම මේ කොළඹට ඕනි විදිහට හැඩ ගැහෙන්න ඕනි. හරි කමක් නැහැ. බලමු වෙන දෙයක් වෙයිනෙ....

එදත් පන්තියට ඉදලා දවල් වතුර බීලා හවස ආයෙත් නාවල ඉදලා පයින් කොටුවට එන්න පටන් ගත්තා. ෆෝන් එකෙ දාලා තිබ්බ මැසේජ් සේරටම වගෙ රිප්ලයි කරා. ඒ වෙද්දි රාජගිරියේ ඔබේසේකර පුර කණ්ණාඩි බෝඩ් වෙලා හිටපු එකෙකුත් හම්බුණා. මම හිතන්නෙ ඌ වැඩ කරන්නෙ කණ්ණාඩි විකුණන තැනක. එන ගමන් එකා මාව කාර් එකෙ දාගෙන උගේ බෝඩිමට එක්කගෙන ගියා. හවස එහෙන් නාලා ඌත් එක්ක බුදිය ගත්තා. ලබන සතියෙ උදේ පාන්දර උගේ බෝඩිමෙන් වොෂ් දාගෙන පන්ති යන්න පුළුවනි කීවත් මම ඒක ෂුවර් කරේ නැහැ. මයෙ ජීව ධාතු ටික උගෙ කටේම තියලා මම ආයෙත් වොෂ් දාගෙන පාරට ආවා.

එන ගමන් ආපහු මරදානෙ මුස්ලිම් එකෙක්ගෙ ගෙදරටත් ගියා. ඌට ඇර ගන්නකල් සිහියක් නැතිවයි හිටියෙ. මම මොනවා කරන්නද... දෙයියනේ කියලා පැයකට පස්සෙ ආයෙත් සක්‍රීය වෙලා තිබුණු මයෙ පුරුෂ නිමිත්ත උගෙ අධෝ මුඛය හරහා යන්න වැඩි වෙලා ගියෙ නැහැ.

උගෙ ගෙදරින් දුන්න තේ එකත් බීලා මම ආයෙත් පාරට ආවා. හතර වටින් ටික ටික කළු කරගෙන එන කොළඹ අහස ගොඩාක් දෙනාගෙ සිතුම් පැතුම් වලට වහන් වෙන්න ඉඩ දෙනවා වගෙ. ලයිට් දාගෙන දවස ගෙවෙන්න කලින් තවත් කීයක් හොයාගන්න ට්‍රයි එක දෙන ප්‍රයිවට් බස් පාරේ ඉගිල්ලෙනවා. 144, 176, 177.... බස් එකකට එකක් පරදින්න කැමති වෙන්නෙ නැහැ. මරදානෙ ඉදලා කොටුවට ගන්න රුපියල් දහයත් එයාලට වටිනවා.

එදත් කොටුවට පයින් ඇවිත් එහෙම්ම ගොල්ෆේස් එකට ගියා. හැමදාම තියෙන ගෝල්ෆේස් එකෙ දේවල් කියලා වැඩක් නැහැනෙ නේද...? ඒක නිසා වේලාව ආවාම මම කොටුවට යන්න පිටත් වුණා. මහලේකම් කාර්යාලය  හරියෙදි පාර පනිද්දි එක පාරම කළු පාට කාර් එකක් මයෙ ඇඟට ආවා. මම පාරේ වැටුණා. කෑ ගස්සෙන්න ගියත් මම බය වුණු නිසා සද්දෙ පිට වුණේ නැහැ. කාර් එකෙ ඉස්සරා හරිය ඔන්න මෙන්න තියලා නතර වුණේ. අම්මෝ..... මයෙ ඇඟ හීතල වුණා. මොකද්ද මේ වෙන්න  යන්නෙ කියලා. කාර් එකෙන් බැහැපු උස මහත අයියා කෙනෙක් ටක් ගාලා මම ගාවට දුවගෙන ආවා. ටැෆික් කවුරුත් එන්න කලින් එයා මාව උස්සලා නැගිට්ටෙව්වා. මට බාහිරින්නං තුවාල නැහැ. මාව පාරේ පැත්තට කරලා එයා කාර් එක ඉස්සරාහින් නවත්තලා ආයෙත් මම ගාවට දුවගෙන ආවා. අයියා ඉක්මනින් වැඩේ කරපු නිසා වාහන නතර කරේ නැහැ. ඒත් ගෝල්ෆේස් එක පැත්තෙ දෙතුන් දෙනෙක් බලාගෙන ඉන්නවා මම දැක්කා.

‘ අනේ මල්ලි....‘ එයා මයෙ උරහිසෙන් අත තියන ගමන් කිව්වා.  ‘ ඔයාට අමාරුද...? ‘ අයියා මයෙ කකුල් එහෙම බලන ගමන් කිව්වා. ‘ එන්න අපි යමුකො කාර් එකට....‘

අයියා මාව කාර් එකට එක්කගෙන ගිහින් ඉස්සරා සීට් එකෙන් වාඩි කරව්වා. එයා බිමින් වාඩිවෙලා මයෙ කකුල ගැන බැලුවා. ඇත්තමට මට ඒක හැටි රිදුණේ නැහැ.

‘ මම හිතුවෙ නැහැ එක පාරම ඔයා පාර පනීවි කියලා...‘ ග්‍රීන් කලර් එක තිබ්බ නිසා මම ඩ්‍රයිව් කරා. ‘ ඔයාට අමාරුනං අපි බෙහෙත් ගන්න යමු මල්ලි... ඔයා කොහෙද ගෙවල්.. මම ඔයාව ඩ්‍රොප් කරන්නං...‘

මම හිනාවුණා. ඇත්තටම ඔයාට පුළුවන්ද අයියේ මාව පොළොන්නරුවට ගිහින් දාන්න...

‘ ඇයි මල්ලි හිනාවෙන්නෙ...‘

‘ දැන් වෙලාව කීයද අයියේ...‘ මම ඇහුවා.

‘ දැන් අටාමාරයි...‘ අයියා අතේ ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් කිව්වා.

‘ අනේ එහෙනං මාව ස්ටේෂන් එක ගාවින් දාන්න පුළුවන්ද...‘

‘ ඒ ඇයි...‘

‘ මයෙ ගෙවල් පොළොන්නරුවෙ අයියේ... මම නමයයි කාලට තියෙන කෝච්චියෙන් යන්න ඕනි...‘

‘ අහ් හරි මල්ලි...‘

අයියා කාර් එකෙ එහා පැත්තෙන් ඇවිත් නැඟ්ගා. එතකොටයි මම දැක්කෙ කාර් එකෙ ඩොක්ටර්ස්ලගෙ වගෙ කොළ පාට කතිරයක් ගහලා තියෙනවා. ඒත් මම මුකුත් අහන්න ගියෙ නැහැ.

‘මේ තියෙන්නෙ මයෙ කාඩ් එක මල්ලි. ඔයාගෙ ෆෝන් එකෙන් මට රින් එකක් දාන්න. මම ඔයාට කොල් එකක් ගන්නං... දැන් බැනේ මම අනිව ඔයාට හෙට කතා කරනවා...‘

මම අයියා දුන්න කාඩ් එකෙ තිබුණු නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවා.

‘ මොකද්ද ඔයාගෙ නම...‘

‘ රංග අයියෙ...‘

‘ ඒකද සම්පුර්ණ නම...‘

‘ නෑ... ගිහංස රංගනාත් බංඩාර...‘

අයියා නම්බර් එක සේව් කරගත්තා.

‘ ඔයා ඩොක්ටර් කෙනෙක් ද?‘ මම ඇහුවා.

‘ ඇයි එහෙම අහන්නේ...‘

‘ කාර් එකෙ ගහලා තියෙන නිසා...‘

අයියා කතා නැතිව හිනාවුණා. මාව කොටුව ස්ටේෂන් එක ගාවට එක්කගෙන ඇවිත් මඩකලපුවට සෙකන්ඩ් ක්ලාස් ටිකක් එකක් අරන් දුන්නා.

‘ මේක තියාගන්න මල්ලි...‘ මට රුපියල් පන්දාහකුත් අතට දෙන ගමන් එයා කිව්වා.

‘ අනේ මට මෙච්චර සල්ලි එපා අයියේ... ‘ මම ටිකට් එක විතරක් ගන්න ගමන් කිව්වා.

‘ නැ නැ මේක ඔයා ගන්න ඕන... එ වගෙම හෙට මම උදේට කතා කරනවා. ඔයාට මගදි හරි පස්සෙ හරි මොකක් හරි උදව්වක් ඕනි වුණොත් කියන්න. කිසිම දේකට බය වෙන්න එපා. හරිද...?‘


‘ හා අයියේ...‘ කියන ගමන් මම කොටුව ඇතුළට ගියා..

===========================================

51 සිට කියවන්න...

http://kkandulu.blogspot.com/p/im-on-way-51-60.html

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...