කඳුළු සිත්තම් ( 01 සිට 10 දක්වා)

 හැඳින්වීම...


සියල්ලෝම නිවැරදි වුයේ කෙසේදවැරදිකරුවා මා පමණක් වී ඇත. කියන්නා වූ දහසක් රිදුම් දෙන වදන් සවනත කණිනු ඇත. එසේත් කම් නැත. මන්ද යත් සිදුවුයේ කුමක්දැයි මා මෙන් ඔවුන්ද දන්නා නිසාවෙනි. කිසිවෙකුට හෝ බොරුකාරයෙකුවංචාකාරයෙකු වීමට මට අවශ්‍යතාවයක් නොමැත. මන්ද යත් ජීවත් වන කාලය සෙමින් නිමාවෙමින් පවතින නිසාවෙනි. අහසෙහි පියසලන පුංචි ගේ කුරුල්ලෙකු සේ මාගේ නිදහස් හුස්ම පොද සොබාදහමට එක්වන තුරු මා සතුටින් කාලය ගත කරමි....

එය කිසිවිටක් කරුමය හෝ උරුමය ලෙස මා සලකන්නේ නැත. කාලය ගත වනු ඇත. සියල්ල හොදින් විසදෙනු ඇත. කල යුත්තේ අවස්ථානෝචිතව කල්පනාවෙන් මුහුණ දීම පමණි. මුහුණු පොතෙහි මවිසින් ඇඳි සිත්තම් මෙහි පළවෙනු ඇත. එය කඳුළුගේ ලෝකයයි. නමුත් දැන් කඳුළු ඒ ලෝකයට හිමි නොවන බව මතක තබාගනන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

ස්තූතිය...

‘යථාර්ථය සොයාගන්න‘ නැතිනම් get real අදහසින්  යුතුව මා දැනුවත්ව ලංකාවෙහි සමලිංගිකයින් වෙනුවෙන් කාමුකත්වයෙන් තොරව සැකසූ වෙබ් අඩවියක් වන getreal.fullboards.comහි නිර්මාර්තෘ සොයුරාණන් හට මාගේ පළමු ස්තූතිය පුද කරමි. ඒ මෙම කතාව ලිවීමට ආරම්භ කළ නිසාවෙනි. එවකට මෙම කතාව ආදරයෙන් වැළඳගත් සියලු සොයුරු සොයුරියන් හට ස්තූතිවන්ත වෙමි. එදා මෙදා තුර කතාවෙහි ගුණ දොස් විවරණය කරමින් කතා බහ කරන සියලු දෙනා හට තුති පුදමි...
--------------------------------------------------------------------------------------------------------------------------

පිදුම...

කඳුළු වෙනුවෙන්
ආදරය කැප කළ
කේඩෑරි ගිම්හානයේ
සුවඳ විහිදන
වෙරළු මල්
දේදුන්නේ පායලා
සමනළ තටු ගසමින්
වැල් දොඩම් මල් වලින්
ලස්සන උදෑසන
මල් වැස්සේ අසම්මත ලෝකයට
පියඹා යන
සියල් ගේ කුරුල්ලන්ටයි...
--------------------------------------------------------------------------------------------------------------------------


කුළුඳුල් සිත්තම් -

අදත් උදේම කොළඹ එනවා කියලා ඊයේ ෆෙස්බුක් එකේ දාපු පොස්ට් එකට කමෙන්ට්ස් ගොඩයි. කොළඹ කොච්චර කොල්ලෝ හිටියත් ගමේ එකෙක් කොළඹ එනවා කීව ගමන් කොළඹට අවුරුදු වගේ. මොකද කොළඹ ඉන්න බෝනික්කෝ වගේ උන් නෙමෙයිනේ ගමේ ඉන්නේ. 9.30 කොච්චියේ කොළඹ යනවා කියන එක එපා වෙන වැඩක්. කෝ මම උදේ එන්න ඇහුවාම එපා කිව්වනෙ. එයාලගේ වාසිය විතරයි බලන්නේ. මටත් නහුතෙට මොල්නෙ. නැත්තම් මෙහෙම අතින් කාලා හරක් බලයිද?

මහව ඉදන් ඉස්සර ෂීට් එකේ කොල්ල මං දිහා බලාගෙන. අමුතු හිනාවක් පොර දාන්නේ. ඉස්සරනම් ඉතින් ඔහොම හිනා වුණාම මාත් මනුස්සකමට හිනා වුණා. ඒත් දැන් එහෙම බැනේ. හිනාවෙන්න ගිහින් තමයි මට ගොඩාක් තැන්වල වැරදුණේ. උගේ හිනාව මට තේරෙන්නේ නැ කියලා උගේ හිතේ ඇති. දැන් ඉතින් මම මේකේ සැහෙන්න දුරට මුල් ගියපු එකෙක්. හද්ද පිටිසර වුණත්මේ ලෝකේ ගොඩාක් දේවල් මම දැන් දන්නවා. ආඩම්බරකමට හිටියට මොකද උගෙත් අමුතු ලස්සනක් තියෙනවා. ඒ හින්දම උගේ අවධානෙ තියාගන්න ඕන.

--------------------------------------------------------------------------------------------------------------------------


දෙවන සිත්තම

කවුරු හරි මුලින්ම කොළඹ කෝච්චියේ යනවනම් යවන්න ඕන මේ 09.30 තමයි. ඒ මනුස්සයා අය ජීවිතේට කෝච්චියේ යන්නෙ නෑ. ඒත් ලව් කරන ජෝඩු වලට නම් 09.30 තරම් වටින කෝච්චියක් නැහැ. හොඳ ෆන් අරන් මේකේ යන්න පුළුවන්... යන්තම් මරදානේ. මම වතුර බෝතලයත් අරන් නැඟිට්ටා. ඊළගට කොටුව සේරම බහින්න ලෑස්ති වෙනවා. ඒත් අරූ විතරක් තවම වාඩි වෙලා ඉන්නේ..


තාම මං දිහා බලාගෙන. එක පාර බලන්නත් නොණ්ඩි වගෙ. මම බෑග්ගෙත් අරන් ඌ ඉන්න පැත්තෙන්ම දොර ගාවට ගියා. මම එතනින් යද්දිම මෙන්න මු නැඟිට්ටා. කටින් එකයි හිනාව. මමත් දෙකයි පනහෙ හිනාවක් දැම්මා.

මල්ලි කොහෙද?‘ දොර ගාවින් ඌ ඇහුවා. මම ඇහුණේ නෑ වගේ හිටියා. 

ඒ පාර මෙන්ම මූ මගෙ කරට අත දැම්මා. කෝච්චිය කොටුවට ආවා. නවත්තපු ගමන් මම අර අත ගසා දාගෙන බැහැලා ඉක්මනටම එළියට ආවා. ආයේ පිටිපස්සවත් බලන්නේ නැතිව. පොරත් ඒත් එක්කම ආවා. මේ යකා ඇයි මගෙ පස්සෙන්... මීට් වෙන්න එනවා කියපු කෙනාට කොල් එකක් ගත්තේ ඉක්මනට මේ වදෙන් බේරෙන්න. අපො ඒකගේ ෆොන් එක බිසි. මෙලහට සෙට් එකක්ම ඉන්නවද දන්නෙ නැහැ. මට නම් කමක් නැ මොකෙක් හිටියත්. මම මගෙ කොන්දේසි කියලනෙ තියෙන්නෙ. අකමැති වුණොත් ඊළග කොච්චියේ ගෙදර යනවා. ඒත් ඌ මගේ ගමන් ගාස්තු දෙයිද දන්නෙ නැ එහෙම යන්න. මම ෆොන් එක කනේ තියාන ඉන්න හින්දද කොහෙද අරූ ස්ටේෂන් එකේ ගේට් එක ගාව නැවතුණේ. මම හෙමින් සැරේ ප්‍රයිවෙට් බස්ටෑන්ඩ් එක පැත්තට ආවා. උගෙන් බේරෙන්න. මෙකා තාම අන්සර් කරන්නේ නැහැනේ. උදෙත් හරියට කැවේ නැහැ. මොනවා හරි කන්න ඕන..

හිමි නොවී මතු දිනක
දුර ඈත ගොස් සැගව
පියාපත් නැති මගෙන්
පාර නාසන් තවත්

අහිමි නුඹ වෙන්ව ගොස්
මග වැටී පණ අදින
ආදරේ මිහිරියාව
කියා නොදි සැගවෙන්...

පින් පිරු සසර ඉම
මුල් නොවි ආදරය
තනි කපා රැය ද ලොව
අවසරයි වෙන්වන්න...

-------------------------------------------------------------------------------------

තෙවන සිත්තම

ෆොන් එක පැත්තකින් තියල මම ඒ ලග තිබුණ හොටෙලෙකින් ෂෝටීස් දෙකකුයිමයිලෝ එකකුයි අරන් කන්න ගත්තා. ඒ ගමන් වාඩිවෙලා ඉන්න වුන් දිහා බලන්න ගත්තේ මගෙ පුරුද්ද හින්දමයි. පාරේ යද්දිත් මම සෙම දදා යන්නේ... මම ගැන කියන්න මම මොකටද බය වෙන්නේ. ඇස් දීලා තියෙන්නේ ලස්සන අවලස්සන දේවල් බලන්නනේ. ඇස් දෙක පියවුණ දාට මොනවා බලන්නදතියෙනකල් තියෙන සේරම බලනවා..

කෝචිචියේ එද්දිත් බලනවා...‘ මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. හිනාවක් දාගෙන මෙන්න අරූ මං ගාව...

මමත් කට කොනින් හිනාවෙලා පාරේ යන්න ඇවිදගෙන යන්න ගත්තා. මගේ රෙස්පට් වැඩි හින්දද කොහෙද පොර එහෙමම නතර වුණා. මම ආපහු හැරිලා හිනාවක් දාලා පාරෙන් එහා පැත්තට පැන්නා.

යන්තම් එනවා කීව එකාගෙන් එස්.එම්.එස් එකක් ආවා. සි.ටි.බී. බස්ටෑන්ඩ් එක ගාවට එන්න. කොහෙද දෙයියනේ සි.ටි.බි බස් ටෑන්ඩ් එක. මමත් රිප්ලි යැව්වා. කාගෙන් හරි අහන්න සුදෝ. මුගේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ. කොල් කරලා හරියට කියන්න බැරිනම් මම යනවා යන්න. එහෙනම් යන්නමට කමක් නැහැ.... මොන මඟුලක්ද? පිට කොටුවේ බෝ ගහ ගාවට වෙලා මයිලෝ එක බිබී හිටියා.


මෙන්න ඒ එස්.එම්.එස්. එනවා එකක්ම බෝ ගහ ගාවට ලස්සන සුදුපාට කාර් එකක් ආවා. ඔයාද සංජන?‘ දොර අරින ගමන් සුදු හැන්ඩ්සම් කොල්ලෙක් ඇහුවා. මම ලාවට හිනාවක් දාලා හ්ම්...‘ කියන ගමන් මගේ ෆොන් එකෙන් ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා. හරි මිනිහ තමයි.

නගින්න‘ දොර අරින ගමන් එයා කීවා. මොකද්ද නම....‘ මමත් නැඟලා ඇහුවා.

මම ඇත්ත විස්තරද කියන්න ඕන?‘ මගේ අත අල්ලන ගමන් හිනාවක් දාලා පොර ඇහුවා.

කැමැත්තක්‘ මම අත අයින් කරන ගමන් කිව්වා. මාව 3.30ට මෙතනට ගෙනත් දාන්න පොරොන්දු වෙන්න.

ඇයි එච්චර හදිසි‘ වාහනය ස්ටාර් කරන ගමන් පොර කිවා. මම ඔයාව අපේ ගෙදරට එකක් යන්නම්. එතකොට මං ගැන විශ්වාසයක් ඇති වෙයිනේ.

ගො‍ඩාක් දුර ද ගෙවල්?‘ මම ඇහුවේ යන්න ඕනම හින්දා නෙමෙයි.

නෑ මල්ලියාළගයි.‘ පොර මම දිහා බල බල වාහනය එලවන්නේ. මම ඔයාව දකින්න හරි ආසාවේ හිටියේ

හරි හරි දැන් දැක්කනේ‘ මමත් පොරට හින්ට් එකක් පාස් කරා. පාර බලාගෙන වාහනය එළවන්න නැත්තම් මට අපි දෙන්නම පරලොව යාවි

ඉතින් ආස නැද්ද මාත් එකක් පරලොව යන්න‘ මම දිහා බලාගෙන ආයෙත් පොර ඇහුවා.

අනේ මේ...‘ මම ගොඩයා කියන්නේ නිකං ඇයි. හාහාහාහ මට කොහොමත් මැනස් නැනේ. මට තව කාලයක් ජීවත් වෙන්න ඕන. දැන්ම අපායේ ගිහින් බැහැ.‘ මම ඒක කියන ගමන් බැලුවේ මුගේ නම මොකද්ද කියලා. වාහනයේ අලවලා තියෙන ආදායම් බලපත්‍රයේ තියෙන විදිහටනම් පොර සතිෂ්.. සතිෂ් පෙරේරාද දන්නේ නැහැ.

දැන් මගේ නම දන්නවනෙ‘ මම ආදායම් බලපත්‍රය දිහා බලනවා දැක්ක පොර ඇහුවා. දැන් පොර කීවා ඇති නේද? ‘ඔයාගේ නම මොකද්ද

මොකක් කියලද මගේ නම සේව් කරේ?‘ මම කින්ඩියට ඇහුවා.

‘ 
මෙන්න බලන්නකෝ...‘ කියලා මට ෆොන් එක දුන්නා.
--------------------------------------------------------------------------------------------------------------------------


 සිව්වන සිත්තම

සංජන. මම ඩිම් වුණා...

මොකද බය වෙලා වගේ.. මගෙ දිහා හිනා වෙලා බලන ගමන් ඇහුවා.

‘ බය වෙනවා නෙමෙයි හිරි වැටෙනවානෙ හලෝ මෙහෙම දැක්කාම..

‘ ඒ ඇයි ?

‘ මොනද මේ මයි මල්ලි  .. කියලා දාලා තියෙන්නේමුල් අකුරුත් එක්ක නමද?’

‘ ඇයි එහෙම දාන්න එපාද ? ’

පිස්සු හැදෙයි. සඳ බැස යයි. හාහාහා 

ඇයි එහෙම කියන්නේ. ලස්සන නැද්ද සතිෂ් සංජන කියලා ආදර කතාවක් ලීවොත් ? ’

‘ සතිෂ් සංජන කියලා ආදර කතාවක්මොන පිස්සු වැඩක්ද ඒක? ’

මම ආවේ කාත් එකක්වත් ආදර කතා ලියන්න නෙමෙයි හරිද? ’

‘ අම්මෝ සැර, fb එකේ නම් ඉන්නේ දහයට ගණින්න බෑ වගේ නේද? ’

‘ දහයට ගණින්න බැ වගේ කවුද හිටියේමම දාහට ගැණලා ඉන්නේ හොඳදආදර කතා ලියන්න එනවා. දැන් මට ජොබ් එකක් බැලූවදමම කියපු කොන්දේසි සේරටම එකඟයි නේද?

‘ ඔව් ඔව්.. ගෙදරට කීව්ව ද දැන් මෙහෙම කොළඹ එනවා කියලා?

‘ ගෙදර කවුද මට ඉන්නේ කියන්න..... 

මේ ඒ දේවල් කතා නොකර ඉමු. මෙන්න මගේ අයිඩින්ටි කාඩ් එක. මෙන්න එකේම පොටෝකොපි එක. සැකයක් තියෙනවනම් හොඳට බලාගන්න. පොටෝකොපි එක තියාගන්න. හදිසියේ හරි ඕන වුණොත්. හැබැයි ගෙදරට ලියුම්පණිවුඩ යවන්න බැහැ. එහෙම ආරංචි වුණොත් මම යනවා කොළඹින්. හරිද? ’

කොච්චිම තමයි ඔයා නම්හරි සේරටම කැමති වෙලානේ මම ඔයාට කොළඹ එන්න කිව්වේ. දැන් ඒවා ගැන ආයෙත් මතක් කරන්න ඕන නැහැ. දැන් උදේට කෑවද? ’

‘ කොච්චියෙන් වඩෙ කෑවා රුපියල් සියකම. ඒක නිසා බඩගිනි නැහැ. 

‘ වඩෙ කාලා පුළුවන්දඑහෙනම් මඟින් මොනවා හරි කාලම ගෙදර යන්න යමු. 

‘ ගෙදරට කිවුවද දැන් මම එනවා කියලා. මොනවද මම ගෙදරට කියන්න ඕන.. 

‘ මම කිව්වා මගේ ඔෆිස් එකේ යාලූවෙක්ගේ මල්ලි කෙනෙක් කියලා. ජොබ් එකක ඉන්ටවීව් එකකට යන්න. ඒ ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරනවා කියලා. කොහොමත් ඔයා මාත් එකක් උදේ යනවා. මාත් එකක් හවස එනවා. ඕනෙනම් මාත් එකක්ම හැමදාම ඉන්නවා... හාහාහාහා 

‘ සමයං. හිතලා තියෙන දුර. 

කතාවෙන් කතාවෙන් අපි කැලණියට ආවා. ස්ටේෂන් එකේ ඉදලා කැලණියට එච්චර දුර නැහැ වගේ. දවසක් මම කැලණියට ආව කැම්පස් එකේ වැඩ වලට. දැන් නම් උපාධියේ කිසිම දෙයක් මතක නැහැ. ගිය අවුරුද්දේ වගේ ආවේ.

මොනවද වටපිට බලන්නේකවුරු හරි දැලේ දා ගන්නදහහාහාහ ‘ 

මම උවමනාවෙන් බලන නිසාද කොහෙද සතිෂ් අයියා ඇහුවා. යමු යමු මොනවා හරි කන්න.‘ වාහනය නතර කරන ගමන් සතිෂ් අයියා කිව්වා.


 පස්වන සිත්තම

මාතර රතු බත් කඩේ...


අපෝ මට නම් බැ රතු බත් කන්න‘ මම වාහනෙන් බහින ගමන් එතන තිබුණ බෝඩ් එක බලලා කිව්වා.

ඔය ඇඟ හැදෙන්න ටිකක් හොඳ දේවල් කන්න ඕන.‘ මට හින්ට් එකට වගේ සතිෂ් අයියා කිව්වේ. මෙන්න මෙහෙ එනවා

මගෙ ඇඟ ගැන පුදුම අමාරුවක්ගෙ මෙ කොහෙවත් යන එකෙක්ට තියෙන්නේ. වවුලගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු කියන්නෙ නිකං ඇයිදැන් ඉතින් කාපන්කෝ රතු බත්... ආපෝ වමනෙට වගේ

රයිස් එකක් දෙන්න. චිකන් එක්ක..‘ පුටුවක වාඩිවෙන්න යන ගමන් සතිෂ් අයියා කිව්වා.

චිකන්.... ඒ වචනෙ ඇහෙනවත් එක්කම දිව අගට අමුතු රසක් දැණුනා වගේ. මොනවා හරි කමක් නෑ කාලා අපේ බඩ පුරවපන්. යටි බඩේ ඉන්න පණුවෙක් පයින් ගහලා කියනවදෝ කොහෙද?

වාඩිවෙන්න මහත්තයා‘ මම පුටුව ළග හිටගෙන වටපිට බලන නිසාද කොහෙද සතිෂ් අයියා කිව්වේ.පාරේ ගියත් වටපිට බලනවා. වාහනේ ආවත් එහෙමයි. තැනකට ගියත් සුක්කානම වගේ කැරකි කැරකි ඉන්නවා...

අනේ මේ...‘ මම පුටුව ටිකක් හයියෙන් ඇඳලා ඉදගත්තා.

‘ 
මේ පුටුවටත් ගෙවන්න වෙයි මට‘ සතිෂ් අයියා හිනාවෙන ගමන් කිව්වා.

උණූ උණු රතු බත් දුන් දානවා. කුකුල් මස්පරිප්පුසම්බෝලමෑකරල්පපඩම් එක්ක මිරිස් බැදලා... අනේ දෙයියනේ ඇත්තටම බත් රතු පාටදමට නම් කිසිම පාටක් පෙන්නේ නැහැ. කීරි සම්බා වගේ.

ගෙනාපු පිඟාටම මම හැදි නැතිව පිරීසියෙන්ම හොදි එකින් එක හලාගත්තා. සතිෂ් අයියා පුටුවට හේත්තු වෙලා බලාන ඉන්නවා. හරි වැඩක්නේ එහා මේස වල උන්ට වෙන වැඩක් නැද්දසතිෂ් අයියනේ මෙවාට ගෙවන්නේ. උන් මොනවද බලන්නේ... මම සතිෂ් අයියේ මුහුණ දිහා බැලූවේ මම වරදක් කරද කියල අහනවා වගේ...



ගලා දිය වැල් සලා මුතුවැල්
පලා ගොස් සිටි නුඹ ගත වෙලා
මා දමා විත් මුත් බලා යලි යලි
කලා ආලය පල කලා
මම....
එදා මෙන් මතුවද මෙදා එනතුරා
මග හිදිමිය බලා 
ඔබ ....
එයි සිතා යලි යලිද ඔබ එනතුරා...
--------------------------------------------------------------------------------------------------------------------------



 සය වන සිත්තම

ඒත් සතිෂ් අයියා මුකුත් නොකියා ඔහේ මම දිහා බලාන හිටියා. බලූ කපුටු දානයක් දීලා පින් සිද්ධ කර ගන්නවා කියලා හිතනවද දන්නේ නැහැ. අනේ ඕන මඟුලක් මට මොකදඇයි දෙයියනේ මම විතරනේ කන්නෙ. සතිෂ් අයියා කනවද නැද්ද කියලවත් අහන්න බැරි වුණා. මම භාගයක්ම කාලාත් ඉවරයි දැන්. මම යාන්තමට ඔලූව උසස්ලා සතිෂ් අයියා දිහා බැලූවා.

ඔයා කන්නේ නැද්ද අයියේ?‘ හිතුවට වඩා වචන සෙට් එක හැගීම් බරට කියවුණා.

මම කාලානේ ඉන්නේ මල්ලි‘ සතිෂ් අයියා මේසට ළංවෙන ගමන් කිව්වා. ඔයා කන්නකෝ ඉතින්

ඒක මිසක්. මම ඇහැක් ගහලා ඉතුරු බත් ටිකටත් වග කිව්වා.

රතු බත් කන්න බෑ වගේ නේද මල්ලියා‘ බිල ගෙවලා කාර් එකට නගින ගමන් සතිෂ් අයියා කිව්වා.

අපරාදෙනෙ ඔයා ඕඩර් කරපු එක‘ මම දොර ඇරලා වාඩිවෙන ගමන් කිව්වේ‘ නැත්තම් මගේ බල්ලවත් රතු බත් කන්නේ නැ‘ මටත් මැනස් කියලා දෙයක් නැනේ. කටට එන දේ එහෙම්ම කියලා දානවා. අය මොකටද හිත හිත ඉන්නේ...

අහ් එකත් ඇත්ත නේන්නම්. ඉතින් මහත්තයෝ දැන් කොහෙටද යන්නේගෙදර යනවදකැලණි පන්සල් යනවද?‘

කැලණි පන්සල් ගිය කාලයක් මතක නැ. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කියමනකුත් තියෙන්නේ. ඒත් මම කරපු පව් ගෙවන්න පුළුවන් වෙයිද දන්නේ නැ. දන්න කියන කාලේ ඉදන් කරේ හිතෙන් විදවන්න වෙන වැඩ තමයි.

අපි ගෙදර යමුද අයියේ. මට හරි මහන්සි.‘ මම බැගෑපත් විදිහට සතිෂ් අයියා දිහා බලලා කිව්වා. ‘ මෙ එක නෙමෙයි ගෙවල් මොරටුවේනං මොකද මේ කැලණි ආවේ....?‘

‘ 
ඇයි ගෙම්බෝ අපේ ගෙදර යන්නෙ නැද්ද? ඔයා ඔහොමම සීට් එකට ඇළ වෙලා නිදාගන්න.‘ සීට් එක පාත් කරන ගමන් සතිෂ් අයියා කිව්වා. බය වෙන්න එපා මම මුකුත් කරන්නේ නැ හරිද?

මට ඉතින් අමුතුවෙන් මොනවා කරන්නද ඔයා‘ සීට් එකට හේතතුවෙන ගමන් මම කිව්වා. මහන්සිය වැඩි හින්දම මගේ ඇස් මටත් හොරෙන් පියවෙන්න පටන් ගත්තා.


මියෙන මල් කම්
ගොතා නුඹ හට
පුදන්නම් නිති...
ආදරෙන්
සුවඳ ඉතිරිව තිබෙන නිසා...

ළගින් හිදගෙන
උකුල හොවාගෙන
රදන්නම් නුඹ
සෙනෙහසින්
කොපුල් දෙතොලින් වසා...

 -------------------------------------------------------------------------------------------------------------------------

 හත්වන සිත්තම

මුහුණු පොත නැත්තම් ෆෙස්බුක්... දැන් ලෝකේ විතරක් නෙමෙයි ලංකාවෙත් ජනප‍්‍රිය සන්නිවේදන මාර්ගයක්. අවුරුදු හයේ හතේ ඉදන් මරණාසන්න අය පවා මානසික සුවයක් ලබාගන්න චැට් කරන තැනක්. ඒත් මගේ ජීවිතෙත් මුහුණු පොත නිසා වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ජීවිතේ ඇත්තමට හරිම පුදුමාකාරයි. මේ වෙද්දි කොයි තරම් දේවල් වලට මම මුහුණ දුන්නදදැන් අවුරුදු විසිතුනටත් ළගයි. ඒත් අවුරුදු හතලිහක වගේ අත්දැකීම්. මම ඒවා හිතලා කරපුවාම නෙමෙයි. ඒ ඒ වෙලාවට අනුව සිද්ද වෙච්ච දේවල්. 

ඉස්සර නම් වැරැද්දක් වුණාම ගෙදර පහන ගාවට හරිගමේ පන්සලට හරි ගිහින් අඬ අඬා බුදු සාදුට කියනවා අනේ මට මේ වැරැද්දට සමාව දෙන්න කියලා. අය කරන්නේ නැ කියලා. ඒත් තනිවෙලා කල්පනා කර කර ඉද්දි එක පාරටම හිත එන ආවේග නවත්තන්න මට පුළුවන් වුණේ නැහැ. ඉස්ඉස්සෙල්ලාම අසම්මත සුවඳක් දැණුනේ මට අවුරුදු දහයෙදි වගේ. ඒක අමිහිරි අත්දැකීමක්. කාගෙවත් හැගිම් අවුස්සන්න පියවරෙන් පියවරට ඒක කියන්න මට ඕන නැහැ. කොහොම හරි ජීවිතේ පළවෙනි පාරට මම පිරිමියෙක්ගේ හැඩි දැඩි සිරුරකට යට වුණා. මම විතරක් නෙමෙයි මගේ ආත්මයම යට වුණා. එතනින් එහාට ස්ථිර කෙනෙක් කියලා නැහැ. යාලූවෝනැදෑයෝහිතවත්තුබලවත්තු හැමකෙනෙක් වගේම මගේ සුවඳ ගත්තා. බලෙන්ම කියන්න බැහැ. හේනට ගියාම ඈතින් පෙනෙන රුවන්වැලිසෑයේ කොත බල බලා ගොඩාක් දවස් වලට මම තනියම ඇඬුවා. සමාජය කොයි තරම් කුරිරුදමම යන්නේ කාමාශාවන් පිරුණු වෘකයින් ඉන්න තිරිසන් අපායකට. මම ඒක දැනගෙන හිටියා.

ගෙදර අම්මා තාත්තානංගිලා මල්ලිලා මොනවා කරනවද කියලා හොයලා බලන්න මට වේලාවක් තිබුණේ නැහැ. සමහරවිට පොඩි කාලේ මාව නොසලකා ඇරියා කියලා මට දැණුන නිසා මම හිතාමතා මගෙ පවුල නොසලකා අරින්න ඇති. මට ඒ ගැන දුකක් හිතුණේ නැහැ. තාමත් නැ මම හිතන්නේ. හා හා පුරා කියලා අසම්මත ගේ කුරුල්ලෙක් විදිහට ගමේම මල්ලි කෙනෙක්ට ආදරේ කරේ මුහුණු පොතේ සෙම පෙරන විදිහට ඇඳවල් ගානේ බුදිය ගන්න කියලා හිතලා නෙමෙයි. මම ඒ කාලේ පරිගණකයක් දැකලත් නැ. මම ෆෙස්බුක් මඟුලක් ගැන දන්නෙත් නැහැ.  අදටත් ඒ නම අහද්දි මගෙ කකුල් පණ නැති වෙනවා. ඒ තරම් ආදරෙයි. තාමත් ආදරෙයි. සතිෂ් අයියා මුහුණු පොතින් හම්බුණ අනිත් අයට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්. කවදාවත් මම ටොප්ද බොටම්ද  කියලා අහලා නැ. මගේ පරණ කතා අහලා මගේ හිත රිදවලා නැ. එයාට ඕන උණේ මුහුණු පොතේ කවි ලියන ඇත්ත කෙනාව බලන්න විතරයි. මගේ කවි ඒ තරම් ලස්සනයි කියලා මම දන්නේ නැ. මට හිතෙන දේ මම ලියනවා. ඒත් ඒවාට සමහරු තිස්සේ අඬනවා කියලා මම දන්නේ සතිෂ් අයියා කිව්වට පස්සෙයි.

පිපුණු මල් මිට ඔබට භාරයි
සුවඳ පිසගෙන සුළග හමා යයි
එකදු තරුවක් නොමැති අහසේ
සදුට පාලුයි සද සාවි වැළපෙයි
කෙමෙන් කෙමෙන්

වැහි වලා ඇතිර 
සද මඩල මුවාකර
මුළු ලොවම අදුරේ
මල් වරුසා වසී..
දුටුවාද....?

අගිස්සක හිද කොපුල්
කදුලින් තෙමාගෙන
සද සාවි දෙස බලන්
සිටි පුංචි පළගැටියා...

 ------------------------------------------------------------------------------------

අටවන සිත්තම

වේලාව  7.00යි. ‘ 


රේඩියෝ එකක එක පාරට ඇහෙනවා වගේ දැණුනා. මම ගැස්සිලා ඇහැරුණේ මම ඇඳක් උඩ ඉන්නවා දැක්කාමයි. ටක් ගාලා අතගාලා බැලූවේ මගේ ඇදිවත ඇගේද කියලා. තැක්ස් ගොඩ්... රෙදි ටික ඇගේ. හෝටලයක්දබිල ගෙවන්න දීලා සතිෂ් මාරුදමගේ පර්ස් එකයි, කැමරාවයිබෑග් එකයි... කෝ... පොරවලා තිබ්බ රෙද්ද පැත්තකට විසිකරලා මම ජනේලය ගාවට ගිහින් බැලූවේ මේ කොහෙද කියලා. තට්ටු දෙකේ පොඩි ගෙයක්. ඇයි දෙයියනේ මම මේකට කිව්වේ 3.30ට මාව ආයෙත් ස්ටේෂන් එකට ගිහින් දාන්න කියලා නේද? ? හත වෙනකල් මට මොනවා කරාදකෑලි පහ අතගාලා බැලූවේ මොනවා හරි අලාභ හානියක් වෙලාද කියලා.

මොනවද පණ දාගෙන හොයන්නේ?‘ සතිෂ් අයියා කාමරයේ දොර ඇරගෙන ඇතුළට ආවා. තියෙන ඒවා නැති වෙලාද නිදාගෙන ඉද්දි?‘

කොහෙද මේ මම ඉන්නේ?‘ මම පුදුමයෙන් ඇහුවා

මඩමකට ගෙනාවා විකුණලා කීයක් හරි ගන්න.‘ සතිෂ් අයියා හදාගෙන ආව තේ එක මගේ අතට දෙන ගමන් කිව්වා.

මොනවද මනුස්සයෝ කියන්නේමම තේ කෝප්පේ පොළේ ගැහුවා. කාමරේ වටේ යන ගමන් මගේ බෑග්ගෙයිබාටා දෙකයි අරගෙන දොරෙන් එළියට ආවා.

සංජන...‘ සතිෂ් අයියා මගේ අතින් අල්ල ගන්න හැදුවා.

මම හයියෙන් අත ගසා දාලා සතිෂ් අයියව තල්ලූ කරා. සතිෂ් අයියා තල්ලූ කරා. ඒත් එක්කම එයා බිත්තියේ වැදෙනවා මම දැක්කා. ඒත් එක්කම මම දොර ඇරගෙන පහළට බැස්සා. ලයිට් දාලා තිබුණ නිසා පහළ තට්ටුවත් හොඳට පෙණුනා. මඩමක් කියලා නේද සතිෂ් අයියා කිව්වේඑත් මේක ගෙයක්නෙ. මම ජනෙල් ගාවට ගියා තාප්පක් තිබුණත් එහා පැත්තේ පාරෙන් වාහන යන සද්දේ මට හොඳට ඇහුණා. මම සාලේ බැලූවා. එහා පැත්තේ කුස්සිය. ඊට එහා පැත්තේ බාත්රූම් එක. කුස්සියෙන් එළියට යන දොරක්. ඒක ලොක් කරලා. ආයෙත් සාලෙට ආවා. සතිෂ් අයියා සාලේ තිබුණ සැටිය උඩ ඉදගෙන හිටියා.

දැන් සතුටුද?‘ ඔලූව අල්ලන් හිටිය සතිෂ් අයියා මගෙන් ඇහුවා.

කට වහගෙන දොර අරිනවා‘ මම සතිෂ් අයියගෙ ඇස් දිහා බලාගෙන කිව්වා. මට ගෙදර යන්න ඕන

සතිෂ් අයියා සාක්කුවෙන් යතුර අරගෙන දොර ඇරියා.

‘ 
හරි. දැන් ඕන මඟුලක යනවා. තමුසේ හිතුවද මේක අනුරාධපුර කියලා. මේක කොළඹ .‘ සතිෂ් අයියා දොර ඇරලා එළියට ගිහින් මට ඇහෙන්න කිව්වා. ඇවිත් බලනවා. තමුසේ ලියන කවි වල වගෙ කොළඹ ජීවිතේ සුන්දර නැ. මේක මිහිපිට අපායක්. තමුසෙට මොනවත් කරන්න ඕනෙ නම් මට ඒවා තමුසෙ නිදාගෙන ඉද්දිම කරන්න තිබ්බා. මම ඒහෙම මානසික ලෙඩෙක් නෙමෙයි. මොනවා වුණත් මාස ගාණක් තිස්සෙ කතා බහ කරපු නිසයි උදව්වක් කරන්න හැදුවේ. පවට පින දෙන්න බැනේ. ඒක නිසා ඕන මඟුලක් කර ගන්නවා....

කොළඹ කිසිදෙයක් මම දන්නේ නෑ. ඇත්තටම මේ මහ මම මොනවා කරන්නදමම සැටියේ වාඩිවුණා. ඔලූවට අත් දෙක තියාගෙන බිම බලාගෙන කල්පනා කරා. දොර ඇරලා තියෙද්දිම සතිෂ් අයියා මගෙ ගාව වාඩිවුණා. මගේ ඔලූව අත ගාන්න පටන් ගත්තා.


ඉකි බිදි නෙත් පියන්
කදුළු පිරි කොපුල් පෙති
සොයයි නිරතුරු සෙමින්
සැගව ගිය ඔබ කෝ කියා...

දුටුව දනන් සිටිය මුත්
නොකියයි කිසිත් උන්
අඬන්නට ඉඩ හැරම
සීටි ඔබටත් මටත්...

 ------------------------------------------------------------------------------------


නවවන සිත්තම

සංජන‘ මගේ පපුව සීතල වුණා. ‘ මේ අහන්න මගේ මල්ලි. ඔයාට අබමල් රේණුවකවත් කරදරයක් කරන්න හිතාගෙන නෙමෙයි මම එන්න කිව්වේ. ඔයාව නරක කෙනෙක්ට අහුවුණොත් ඔයාගෙ වටින ජීවිතය විනාශ වෙනව මල්ලි. හැමතිස්සෙම කලබල වෙලාහැගිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. ඉක්මන් වෙන්න එපා මල්ලි. මම ඔයාට පොඩි විහිලූවක් කරේ. මට තිබුණා ඔයාව 3.55 කෝච්චියෙන් ආපහු ගෙදර යවන්න. ගෙදර යන්නෙත් නැතිව කෙලින්ම ඔයාව බෝඩිමට එක්කන් ආවේ  ඔයා නිදාගෙන හිටියෙ හරිම අහිංසක විදිහට නිසා. මම කොහොමද ඔයාව ඇහැරවලා ආපහු යවන්නෙඔයාට යන්නම ඕනෙනම් හෙට උදේ කොච්චියට මම ගිහින් ඇරලන්නම් මල්ලි. මම පොරොන්දු වෙනවා ඔයාට කරදරයක් කරන්නෙ නැහැ කියලා.

මම සතිෂ් අයියගේ මුහුණ දිහා බැලූවා. බිත්තියෙ වැදුණ පාරට නළල ගෙඩි ගැහැලා. මම අතින් එතන අත ගෑවා. 

ඌයි‘ සතිෂ් අයියට කෑ ගැහුණා. මම සතිෂ් අයියා බදා ගත්තා.

අනේ මට සමාවෙන්න අයියේ.‘ ඇස් ඇතුළේ කැකෑරුණු කඳුළු එළියට ආවා.‘ මම ඉක්මන් වුණා.

ඒක දැන් අමතක කරන්න මල්ලි.‘ සතිෂ් අයියා මාව තුරුලූ කරගෙන කිව්වා. කෝ දැන් වොෂ් එකක් දාගෙන තේ එකක් බොමු...

ඔයා දන්නවද අයියේමම විහින් මගෙ ගොඩාක් දේවල් නැති කරගත්තා. මම හරි මෝඩයි අයියේ...

අඬන්න එපා මගේ පැටියෝ. ඒවා අපි පස්සෙ කතා කරමු. කො දැන් හොඳ ළමයා වගේ නාඩා ඉන්න.

මම තාමත් සතිෂ් අයියා බදාගෙන. සතිෂ් අයිය මගේ ඔලූව අත ගානවා. මට මතක් වුණා සතිෂ් අයියගේ නළල ගෙඩි ගැහිලා නේද කියලා. මම සාක්කුවෙන් ලේන්සුව අරගෙන ඒක පොට්ටනියක් වගේ බැන්දා. සතිෂ් අයියත් එක්කගෙන කුස්සියට ගියා. රයිස් කුකර් එක දුම් දානවා. මම ඒකෙ පියන ඇරියා.

මොකද ඔය කරන්න යන්නේඅත පිච්චෙයි.‘ මම පියන අරිද්දිම සතිෂ් අයියා කිව්වා. 

කෑ නොගහ වාඩිවෙන්න.‘ එතන තිබුණු පුටුවෙ මම සතිෂ් අයියව වාඩි කරවලා දුමට පොට්ටනිය ඇල්ලූවා. එක ටිකක් රත් වුණාම සතිෂ් අයියගේ ගෙඩි ගැහුණ තැන තිබ්බා. දෙවනි පාරටත් සතිෂ් අයියා කෑ ගැහුවා. ඒත් මම දිගටම ඒක කරද්දි එයා ඇස් පියාගෙන විදගෙන හිටියා. ඇස් පියාගෙන ඉන්න සතිෂ් අයියා දිහා මම බලාගෙන හිටියා.

රෝස පැහැ ඇති
සියුම් දෙතොල්පෙති
සීතලට උණුසුමක්
ඉල්ලමින් වදදෙති
ඈත අරණේ සිට
පැමිණ වෙහෙස ඇති
කුමරුනේ එවන් ගත
සතපවන් සැනින් නිති....

 ------------------------------------------------------------------------------------

දසවන සිත්තම

ඉවරද දොස්තර මහත්තයෝ?‘ මම සතිෂ් අයියා දිහා බලාගෙන ඉන්නවා දැක්ක සතිෂ් අයියා ඇහුවා. ‘ මොනවද බලන් ඉන්නේචන්ඩිකම් කරලා...

මම බිම බලාගත්තා. ඇත්තමට මම හදිසි තීරණගන්නවා. ඒක නිසාමනෙ මට ගොඩාක් දේවල් නැති වුණේ.

හරි දැන් ඔයා වොෂ් එකක් දාන්න මල්ලි. මම කෑම හරි ගස්සන්නම්.‘ සතිෂ් අයියා පුටුවෙන් නැඟිට්න ගමන් කිව්වා.

ඉස්සරා සැටියේ තිබුණ මගේ බෑග්ගෙයි බාටා දෙකයි ආයෙත් උඩ තට්ටුවට අරගෙන යන ගියපු සතිෂ් අයියා තුවායකුයිෂෝටා එකකුයි අරගෙන ආවා.

ආ මෙන්න.... දැන් යන්න මහත්තයෝ.

මාව බාත්රූම් එකට තල්ලූ කරපු සතිෂ් අයියා උයන්න ලෑස්තිවෙන බව මට ඇහුණා. ඇඳගෙන හිටපු ඇදුම් සේරම මම ගලවලා ෂවර් එක ඇරියා. 9.30ට අනුරාධපුරින් ගත්ත දූවිලි වල ඉදලා හැම ස්ටේෂන් එකකම කුණු සේරම ටික ටික හොඳගෙන වතුර ගලාගෙන ගියා. මම ඇස් දෙක පියාගෙන වතුර වලට නිදහසෙ ගලාගෙන යන්න දුන්නා. මීට කලින් හැමපාරම වගේ මෙහෙම වතුර ගලාගෙන ගියේ කඳුළුත් එක්ක. මොකෙක් එකක් හරි පැයක් දෙකක් බුදියගෙන ඉදලා ටක් ගාලා තියෙන බාත්රූම් එකකට ගිහින් තනියම අඬ අඬා පිරිසිදු වෙන්න හදනවා. ඒක සතියකට දෙකකට විතරයි. ෂැම්පු ගාලා ඔලූව හෝදලා තිබුණ සේරම දේවල් ගෑවා. රැවුලත් ටිකක් කපාගෙන දත් ටිකත් මැදගෙන දුන්න ෂෝටා එක ඇඳගෙන මම එළියට ආවා. ඒක ටිකක් වැඩියි මට. ඒත් පටි දෙක ඇදලා ගැට ගැහුවාම හරි. සතිෂ් අයියා කෑම ලෑස්ති කරලා මේසෙට වෙලා වාඩි වෙලා හිටියා.

අම්මෝ සුවඳ......‘ මම එනවා දැක්ක සතිෂ් අයියා කිව්වා.

සුවඳ සබන් ගෑවාම එහෙම තමයි ඉතින්‘ මම තුවායෙන් සතිෂ් අයියට දමලා ගැහුවා. දැන්නම් ටිකක් නළලේ ඉදිමුම බැහැල වගෙ. කෑම වල සුවඳ.. එපා වෙනවා.

කමු ද එහෙනම් ...


කන්න තමයි තියෙන්නේ ‘ සතිෂ් අයියා මට කෑම බෙදන ගමන් කිව්වා. රසද කියලනම් මම දන්නේ නැ. මොකද මට කන්න පුළුවන් විදිහට තමයි ඔය උයන්නේ. මේ ගෙදරට මීට කලින් කෑමට කවුරුත් ඇවිත් නැනේ...

අනේ මේ මම කොණ්ඩෙ බැදපු චීනෙක් කියල හිතුවද?‘ මම බත් ඇති කියලා අතින් සන් කරන ගමන් කිව්වා. ඕන දේයි එපා දේයි කියන වෙලාවල් තියෙනවා. ඒත් මට එහෙම පුරුද්දක් තිබිලා නැහැ. ඒ ගැන සමාවෙන්න ඕන. මොකද ගමේ බයියෙක්ට මොන මැනස්ද? ‘ මේ කාත් කවුරුවත් නැති ගෙදරට කවුරුත් නැහැ. බොරුව නැතිව ඉන්න අයියා. ඇත්තටම කවුද හලෝ ඊයේ ආවේ...?‘ මම එහෙම කිව්වේ හින්ට් එකට.

සතිෂ් අයියා බිම බලාගත්තා. මට මාලූ වර්ග බෙදලා ඉවරයි.

ඔයා හිතනවද මල්ලි මම එහෙම කෙනෙක් කියලා...‘ මෙන්න දෙයියනෙ සතිෂ් අයියගෙ ඇස් වල කඳුළු. මම කිව්වා වගේ මම හොඳ ජොබ් එකක් කරනවා. එකෙන් තමයි මට මේ ඇනෙක්ස් එක දීලා තියෙන්නේ. මේ ගෙදර තියෙන බඩු සේරම මම ගත්තුවා. හිදලා හිටලා මල්ලියි අම්මයි ඇවිත් යනවා. තාත්ත නම් කවදාවත්ම මම දැකලා නැහැ මල්ලි. මේ ගෙදරට එහෙම කවුරුත් ඇවිත් නැහැ. මම එහෙම ගෙන්න ගන්න කෙනෙක් නෙමෙයි මල්ලි...

අනේ අපරාදෙ හලෝ...‘ මම බත් අනන ගමන් කිව්වා. සතිෂ් අයියගෙ ඇස් වල කඳුළු දැක්කෙ නැතිව නෙවෙයි. කවුද දන්නෙ මේක මායමක්ද කියලා. හරි හරි දැන් කන්නකෝ‘ මම සතිෂ් අයියට බත් බෙදුවා. දෙන්නම කලා ඉවර වෙනකල් මුකුත් කතාවක් බතාවක් නැහැ. මීයට පිම්බා වගේ .

පිපී මල් හිත වටේ විත් 
ගත සුවඳ දෙන හැටි අපූරුයි
ඔබ වගේ මද පවන ගත්
සිසිලසයි මගේ ජීවයයි

අත් බැද සෙමින් වැව්
ඉවුර මත අපි ගියා 
ඇවිදගෙන හරි නිදහසයි
එක රැයක් වෙන් කල

අපේ හීනය තාම මතකයේ
මා ළගයි...
 -----------------------------------------------------------------------------------

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...