සංසාර ප්‍රාර්ථනා ( 01 සිට 10 දක්වා)

 පළමු ප්‍රාර්ථනය




අම්මයි තාත්තයි කොච්චර කෑ ගැහුවත් ඉතින් මම හැමදාම ගෙදර ඉන්නදබැනේ.... මොකක් හරි ජොබ් එකක් කරන්නම ඕනනෙ. තාමත් නිදි මතයි. උදේ හරියට කෑවෙත් නැහැ. අහම්බෙන් පත්තරේ දැක්ක හින්දා මේ ජොබ් එකට සෙට් වුණේ. හිතුවට වටා ඉන්ටව් එකට සෙනග ඉන්නවා වගෙ...  උදේම ඇවිත් මට 10 වෙනියා. නම්බර් බෙදපු නංගිනම් මාරම ගති. සාය තමයි ටිකක් අවුල..... තිවංකයත් හිටියනං...



පුටුවේ වාඩි වෙලා ඉදලා දැන් නම් පස්සත් රිදෙනවා අප්පා. මෙකෙ ලොක්කෝ එන්නෙ නැද්ද දන්නෙ නැහැ. මගුල... මමද කොහෙද දුරම ඉදලා ඇවිත් තියෙන්නෙ. 

සංසාර පැතුම් පොදි

හිරවෙලා තෙරපිලා...
දෑස් යුග තිබු නෙක
කදුළු බිදු වියැලිලා...
අහස් කුස පෑයු නෙක
සද මඩල විසිරිලා...
හිරුත් තරු එක රැයේ
යලිත් ඇත හමුවෙලා...
ඒ හදින් පැතු චේතනා...
සංසාර ප්‍රාර්ථනා...

=====================================



දෙවන ප්‍රාර්ථනය

මම ඈනුම් ඇර ඇර බලාගෙන හිටියා. යන්තම් 10.30 වගෙ වෙද්දි ඉස්සරාම හිටපු පොර ඇතුළට ගියා. මගෙ සපත්තු දෙක අවුලද කොහෙද? තිවංකගෙන් හදිසියට ඉල්ලගෙන ආවේ. හා හා පුරා කියලා පානදුර ආපු පළවෙනි දවස මේක... පත්තරේ තිබ්බ විදිහටනම් මේක පට්ට ජොබ් එකක්. කන්න බොන්නත් සේරම දෙනවා. ඉන්න හිටින්නත් දෙනවා කියලා තමයි පත්තරේ තිබ්බේ. රට යන්නත් චාන්ස් එකක් වදීවි... ආවු අම්මා.... කොල්ලා රට ගියොත් කාටද ආඩම්බර...

යන්තං 11 වගේ වෙද්දි මම ඉන්ටව් එකට ගියා. අහලා තිබ්බට ඉන්ටව් ආවෙත් අදනේ. කමිසෙත් ටිකක් පොඩි වෙලා. කරන්න දෙයක් නැහැ. එක සර් කෙනයි හිටියේ. අයියා වගේ එළියේ වාඩි වෙලා හිටියට මෙතනට එද්දි කකුල් දෙක ටිකක් වෙව්ලනව වගෙ අප්පා. මම සක්මන් භාවනාව කරනවා වගෙ පුටුව ළගට ගියා.
‘වාඩිවෙන්න...‘ සර් කිව්වා.

මම ෆයිල් එක දෙන ගමන් වාඩි වුණා. පුටුව උස්සලා ගත්තත් ටිකක් සද්දේ ඇහුණද කොහෙද...

‘උසස් පෙළ කරලා නැහැ නේද?‘ මගෙ සහතික ටික බලන ගමන් සර් ඇහුවා. මම බිම බලාගෙන හිටියා. සර් උසස් පෙළක් කතා කරනවා. මම සාමාන්‍ය පෙළ ලියා ගත්තෙත් බොහොම අමාරුවෙන්...

‘ඇයි සාමාන්‍ය පෙළ හොදට පාස් වෙලා උසස් පෙළ කරේ නැත්තේ...‘

‘ මේ ...‘ මට මාර බයක්නෙ දැනෙන්නෙ. මොකක් වෙලාද මන්දා. ‘ සර් අපේ .... අපේ... තාත්තා ලෙඩින්... ඉතින් ...මේ...‘

‘කොහොමද ළමයෝ නෙට්වර්ක් මාර්කටින් කරන්නෙ මෙහෙම ගොත ගගහා...‘ සර්  හිනාවුණා. ‘කමක් නැහැ ගම්වලින් ආපු ඔය වගෙ සබකොලේ තියෙන අය තමයි මේ ෆීල්ඩ් එකට හරියන්නෙ. එයාලා මුල ඉදලම මේක අල්ල ගන්නවා. ඒක හින්දා අපි කැමතියි ඔයාව එකතු කර ගන්න...‘

අම්මට සිරි. එළනෙ. කොළඹට කිරි ගමට කැකිරි කියන්නෙ බොරුනෙ. තිවංක නම් කිව්වෙ මේක හරි යන්නෙ නැහැ කියලා. ඌ කොහොමත් මම කියන ඒවාට හරස් වෙනවනෙ.

‘මොනවද කල්පනාව...‘ සර් එක පාර අහද්දි මම ගැස්සුණා. ‘ මොකද ජොබ් එකට කැමති නැද්ද?‘

‘අයියෝ නෑ සර්....‘

‘මොකෝ අකමැති...‘ සර් පුදුමයෙන් ඇහුවා. මෙච්චර වෙලා ගොලුවා වගේ හිටපු කොල්ලා එක පාර 
වන්නියේ භාෂාවෙන් කතා කරද්දි සර් පුදුම වෙන්න ඇති.

‘අකමැති නෑ සර්... කැමතියි..‘ මගෙ සබකොලේ දැන්ම ඉවරයි වගෙ.

සර් හිනා වුණා. ජොබ් එකෙ වෙන්නෙ කොහොමද කියලා දුන්නෙ ඊට පස්සෙයි.

ඇහි පිල්ලම්ක් සලා
යලිත් නුඹ ඉගි කලා
වෙල් එළියේ නියර මත
පෙර දිනක දග කලා...
හීන මල් නෙලාගෙන
දෝතින්ම දරාගෙන
ඔබේ සිත පතාගෙන
කාලයයි වඩින්නට...
හදින් හද යාවෙනා...
සංසාර ප්‍රාර්ථනා...


====================================

තෙවන ප්‍රාර්ථනය

‘මේකට කියන්නෙ නෙට්වර්ක් මාර්කටින් කියලා.  මේක අපි කණ්ඩායමක් හදා ගන්න ඕන. අද පළවෙනි දවසේ අපි ඔයාලට පොඩි එක්සෑම් එකක් දෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේක අමාරු එකක් නෙමෙයි. අපේ මැනේජර් කෙනෙක් එක්ක අපි ඔයාලව කේෂ්ත්‍රයේ යවනවා. ඒක අලුත් අත්දැකීමක් වෙයි ඔයාට. හවස පොඩි පේපර් එකක් දෙනවා ලියන්න. දැන් කැමතිනම් මේ දැන්ම අපිට පුළුවන් පටන් ගන්න...‘

‘කැමති සර්...‘

සර් ආයෙත් හිනා වුණා.

‘අෂින්ත...‘ කාටදෝ සර් කතා කරා. ඒ ගමන් ටිකක් කෙට්ටු කොල්ලෙක් ආවා. ටයි සපත්තු දාලා. පොරත් ගමක කෙනෙක්. ස්මාර්ට් විදිහට ඇදුම් ඇන්දට මුණෙන් ගමේ කම පෙනුණා.

‘අෂින්ත මෙයා ඔකෙ. අද මෙයා එක්ක මාර්කටින් කරන්න. හවස එක්සෑම් එක ලියනවා මෙයා. රෙඩි කරලා ගේන්න...‘

‘ඔකෙ සර්...‘

‘මම අෂින්ත...‘ පොර එක පාරම මම ගාවට ඇවිත් අත දිග් කරා. 

‘ඉතින් මට මොකද? ‘  කියලා මම ඇහුවා.

සර්ට බකස් ගාලා ආයෙත් හිනා ගියා.

‘අෂින්ත මේ ඉන්නෙ මිලාන්... ‘ සර් මාව අෂින්තට අදුන්වලා දුන්නා. ‘මිලාන් මේක තමයි අපේ සිස්ටම් එක. අපි කෙනෙක්ට අදුරලා දෙනවා. දැන් මම කලින් කිව්වා වගේ අෂින්ත තමයි මිලාන්ගෙ මැනේජර්. මෙයා එක්ක තමයි ඔයාට මම කීව ෆීල්ඩ් එකෙ යන්න තියෙන්නෙ...‘

‘හරි හරි..‘ මම කිව්වා.

‘ඔයාගේ ෆයිල්, බෑග් මෙහෙන් තියලා යන්න. වටිනා කියන දෙයක් තියෙනම් අරන් යන්න... අපි වගකීම සහතික වෙනවා..‘ සර් මම බෑග් එක කරේ දා ගද්දි කිව්වා. ආයෙත් බෑග් එක තියලා මම පර්ස් එක අරගෙන සාක්කුවේ දා ගත්තා.

‘මිස්ටර් මිලාන් අපි යමුද එහෙනං...‘ මිස්ටර් අෂින්ත මගෙන් ඇහුවා.

මිස්ටර් කියන කෑල්ල ඇහෙද්දි මට බකස් ගාලා හිනා යන්න ගියා. එත් වාවගෙන හිටියා. මිස්ටර්... කෙහෙල්මල....

‘ඔකෙ.‘  ඇයි මට ඉංග්‍රිසි බැරිද....?

එතන ඉදලා අෂින්ත මොකද්ද බෑග් එකක් කරේ දාගෙන ගේට්ටුව ගාවට ආවා.

‘වේලාවට ඔයා අත් දිග කමිසයක් ඇදගෙන ඇවිත් තියෙන්...‘ අෂින්ත සාක්කුවෙන් ටයි එකක් ඇදලා ගත්තා. මෙන්න බොලේ ඒක මගේ කරේ ගැට ගහනවා.

‘මේ මගුල මොකද්ද‘ මම පස්සට වෙන ගමන් ඇහුවා.

‘මේ ෆීල්ඩ් එකෙ යද්දි එහෙම තමයි මිස්ටර් මිලාන්...‘ අෂින්ත බලෙන්ම මගෙ කරේ ටයි එක ගැට ගැහුවා.

‘ගොඩක් හිර කරන්න එපා බං....‘ මම ටයි ගැටේ ටිකක් බුරුල් කරන ගමන් කිව්වා.

‘දැන් ඕන එකක් කියලා කතා කරන්න. ඒත් සර් ඉන්න තැන එහෙම කතා කරන්න එපා හරිද?‘ අෂින්ත මගෙත් එක්ක හිනා වෙලා කිව්වා.

‘ඇයි ලොක්කා සැරද?‘

‘සැර නැහැ. ඒත් අපේ කණ්ඩායමේ සිස්ටම් එකක් තියෙනවා. ඒක නැති කරන්න බැහැ. එහෙම වුණොත් අපිට මේ ෆීල්ඩ් එකේ ඉන්න බැරි වෙනවා.‘

‘මොකද්ද ඇත්තමට මෙකෙන් වෙන්නෙ...‘ මම අෂින්තගෙන් ඇහුවේ මට මේ මගුල තෙරෙන්නෙ නැති හින්දමයි.

‘මේ බෑග් එකෙ තියෙන්නෙ මොප්... ‘

‘මොකක්....?‘

‘මොප් එක දන්නෙ නැද්ද ඔයා....‘

‘නැහැ...‘

‘බිම සුද්ද කරන එක?‘

‘කෝ මට එක්ක පෙන්නන්ඩ...‘

අෂින්ත බෑග් එක පාර මැද තියලා මට මොප් එකක් අරන් පෙන්නුවා.

‘මේක හරි ලේසියි...  මෙන්න මේ විදිහට කෑලි ටික සෙට් කර ගන්නවා. ඉට පස්සේ සබන් වතුර එකෙ ඔබලා බිම ඇදගෙන යනවා. වැඩි වතුර මේ ස්පොන්ච් වලින් උරා ගන්නවා. මේ හැඩල් එක පස්සට අදිද්දි ඒවා මිරිකෙනවා... තේරුණාද?

‘ආයිෂ් අම්මා... එලනේ...‘ මම ඇස් නළලේ තියාගෙන අෂින්ත කියන දේ අහගෙන හිටියා. ‘ඉතින් ඇයි අපි මේවා අරන් මේ පාර දිගේ යන්නේ...? කඩවල් වලට දාන්න බැරිද?

‘හැම මනුස්සයාම කඩවල් ගානේ යන්නෙ නැනේ මිලාන්... ඒක නිසා අපි ගෙවල් ගානේ ගිහින් මේක තියෙන වාසිය පැහැදිලි කරලා දෙනවා. වාසියක් තියෙන අය ගන්නවා..‘

‘ගෙවල් ගානේ මොප් විකුණන්න යන්න? මේ සූට් බූට් දාගෙන?‘

‘මේක මාර්කටින් සිස්ටම් එකක් මිලාන්... පිටරට වලදී දැන් ගොඩක් පාවිච්චි කරන්නෙ මේක තමයි...‘
එහෙනම් රට ගිහින් හමාරයි... මම මටම කියා ගත්තා. කතාවෙන් අෂින්ත මාත් එක්ක බස් ටෑන්ඩ් එකක් ගාවට ආවා. හොරණ හරහා ආපු බස් එකකට අපි දෙන්නම නැග්ගා. අෂින්ත මටත් එක්ක ටිකක් ගත්තා.

‘පිළියන්දලට 02ක්...‘

පිළියන්දල, ඒක නම් අහලා තියෙනවා. ඒත් දැකලා නැහැ. අද ඒකත් බලා ගන්න පුළුවනි. බස් එකෙ ටිකක් සෙනග නිසා දෙන්නම හිටගෙන ආවේ. අෂින්ත බෑග් එක කකුල් දෙක ගාවම තියා ගත්තා. අපෝ මොන විකාරයක් ද මේක. ටයි බයි දාලා බස් එකෙ යන්න. ඇත්තටම කොළඹ මිනිස්සු මේ වගේ ගෝත වැඩද කරන්නෙ? මීට හොදයි අමුඩයක් ගහගෙන කුඹුර කොටන එක....
________________________________
ඇහි පිල්ලමක් යටින්
කදුළු එයි බේරිලා
කොපුල් රූරා වැටේ
දෙනෙත් යුග රතු වෙලා
මග බලන් සිටින ඔබ
ඈතදී සිහි වෙලා
හනි හනික මම එන්නෙ
නළල සිපගනු කියා...

================================


සිව්වන ප්‍රාර්ථනය



අෂින්ත බෙල් එක ගැහුවා. ඉස්සරා බහිනවා වෙන්න ඇති. ඇති නෙමෙයි මෙන්න බොලේ බහිනවා. මමත් සට සට ගාලා බැස්සා. මේ මගුලෙ ටයි එක පැටලිලා. අෂින්තට හිනා.

‘මේ පළවෙනි පාරද ටයි එක්ක දැම්මේ මිලාන්...‘ මම ටයි එක හදනව දැක්ක අෂින්ත ඇහුවා.

‘නැතුව...‘ මමත් කිව්වා. දැන්නම් මට කොළඹ එච්චර ගාණක් නැහැ වගෙ. ‘පිළියන්දල....‘

‘අද අපිට තියෙන්නෙ මේ ඒරීයා එක කවර් කරන එක...‘ අෂින්ත බෑග් එකත් උස්සගෙන ඉස්සරාහට ඇවිදගෙන ගියා.

‘ කෝ දෙන්න  මම පැත්තකින් අල්ලන්නම්...‘

‘ නැ නැ.... ඔයා අද පුහුණු වෙන කෙනානෙ... ඔයා මම අද දවසේ කරන කියන හැමදේම හොදට බලාගෙන ඉන්න ඕන...‘

‘ඒවාද හවස එක්සෑම් එකට අහන්නෙ....‘

‘ඔව් ඔව්....‘

මට නම් කිසි දෙයක් තෙරෙන්නෙ නැහැ. මොන විකාර මාර්කටින් සිස්ටම් එකක්ද කියලා මේක....?

‘ඔයා උදේට කලාද ඉන්නෙ...‘ මාත් එක්ක ඇවිදගෙන යන ගමන් අෂින්ත ඇහුවා.

‘උදේ ස්ටේෂන් එකෙන් ටී බනිස් එක්ක කෑවා... ප්ලේන්ටියක් බිව්වා...‘

‘බඩගිනිද දැන් ....?‘

‘නැ ගාණන් නැහැ....‘

‘හරි අපි දැන් අර ඉස්සරා තියෙන කඩෙන් පටන් ගන්නයි යන්නෙ... මම එයාට කතා කරන විදිහ එහෙම හොදට බලාගෙන ඉන්න ඕන... හරිද?‘ අෂින්ත මීටර් 10ක් වගේ ඈතින් තියෙන කඩයක් පෙන්නලා මට කිව්වා. ඒ ගමන් බෑග් එකෙන් මොප් එකක් අරගෙන කෑලි ටික සෙට් කරලා අතට ගත්තා. මම බෑග් එක ඉල්ලුවත් මට දුන්නේ නැහැ.

වෙන්න යන්නේ මොනවද කියලවත් මටනම් හිතා ගන්න බැහැ. වෙන දෙයක් වෙයිනෙ.. මමත් ගිහින් බලාගෙන ඉන්නවා ඉතින්. කඩේ හිටියේ ගෑණු කෙනෙක්...

‘ගුඩ් මෝර්නින් මිස්....‘ අෂින්ත වැඩේ පටන් ගත්තා.

‘මොනවද ඕන....‘ කඩේ ගෑණු කෙනා ඇහුවා.. මට හිනා ගියා...

‘ මිස් අපි පොඩි ප්‍රමෝෂන් එකක් කරනවා අද...‘

‘ කඩේට ආවේ බඩු ගන්න නෙමෙයි ද?‘ ගෑණු කෙනා ඇහුවා.

‘ මිස් අපි මෙන්න මේ මොප් එක අද හදුන්වා දෙනවා. මිස්ට පුළුවන් මේක ටිකක් බලන්න. මේක ආෆිකෝ එකේ ගන්න ගියොත් 2250ක් වගේ වෙනව. අපි අද මේක මිස්ලට දෙන්නෙ රුපියල් 1000කට. ගන්න මිස් අරන් බලන්න...‘ අෂින්ත චතුර කට හඩින් කියාගෙන ගියා. මම ගල් ගිල්ලා වගේ බලන් හිටියා.

‘පිස්සුද ළමයෝ.... ‘ කඩේ හිටපු ගෑණු කෙනා අෂින්තගේ මූණටම කියන්න ගත්ත. මොන නෝන්ඩි වෙන වැඩක් ද මේක අප්පා...

‘ දැනුයි කඩේ ඇරියේ... තාම කිසිම බිස්නස් එකක් නැහැ. මේ ගේ සිමින්ති. වැස්සට කාණු උතුරලා ගේ ඇතුලේ. ඔය මගුලෙන් ඒවා සුද්ද කරන්න බැ. මේ අත් දෙකෙන්ම තමයි සේරම එහාට මෙහාට කරන්නෙ... මොප්... එච්චරයි අඩු දැන්...‘

‘හොදයි මිස් අපි ගිහින් එන්නම්...‘ අෂින්ත හිනා වෙලා කිව්වා..‘ බොහොම ස්තූතියි ‘
අයෙත් බෑග් එක අරගෙන ඉස්සරාට ඇවිදගෙන ආවා.

‘මොකද්ද හලෝ මේ විකාර වැඩේ...‘ මම අෂින්තගෙන් ඇහුවා. ‘ ගෙවල් ගානේ කඩවල් ගානේ ඔය අටමගලේ විකුණන්න යන්න පිස්සුද?

අෂින්ත මම දිහා  බලලා හිනා වුණා.

‘මේ අහන්න මිස්ටර් මිලාන්...‘ ඒක නම් සීරියස් කඩ හඩක්. ‘ මේක මාර්කටින්.. හැමදේම බිස්නස්. අපි මිනිස්සු කතා කරලා තේරුම් ගන්න ඕන. කිසිම කස්ටර්මර් කෙනෙක් තරහා කරගන්න බැහැ. ගත්තත්  නැතත් අපිට කමක් නැහැ. අපි අදුන්වලා දෙනවා. ළගමට ගෙනත් දෙනවා. මොලේ තියෙන අය ගන්නවා. නැති අය නිකං ඉන්නවා....‘

මම කට පියා ගත්තා. දැන්නම් 1ටත් ළගයි. උදෙත් හරියට කෑවේ නැනේ... ගෙවල්, කඩවල්, පාරේ ඉන්න මිනිස්සු ගාවට ගිහින් හිගන්නෝ දෙන්නා වගේ අපි මොප් විකුණන්න පටන් ගත්තා. යන්තම් 3ට විතර එක්ක විකිණුවා. අෂින්තට මාර හැපි.. පොර නොපෙන්නුවට අවුලෙන් හිටියේ. ඇයි ඉතින්.... යන යන තැන එපා කියනවා. ජෝක් කරනවා.

‘බඩගිනි නැද්ද බං... ‘ මට මිස්ටර් බිස්ටර් සේරම අමතක වුණා... ‘ දැන් 3.30යි. හේනක වැඩට ගියානම් දැන් හවස තේ වෙලාව. උදේ ඉදන් ඇවිදිනවා ඇවිදිනවා වතුර ටිකක්වත් බිව්වේ නැනේ...‘

‘අහ් මට සමාවෙන්න මිලාන්. මම හිතුවේ ඔයාට මේකට ආස ඇති කියලා. මම නම් හරි කැමති ෆීල්ඩ් එකේ යන්න. හරිම සැහැල්ලුයි. අලුත් මිනිස්සු හම්බෙනවා. අලුත් අත්දැකීමක් මේක...‘

‘කෙහෙල්මල...‘

‘ඔයාට බඩගිනිද මිලාන්...‘

‘ඔව් හලෝ... කොහෙන් හරි කලා යමුද..?‘

‘හරි අපි කලා ඉමු. අපිටනම් මේක දැන් හුරුයි. වැඩ කරන්න ගියාම කෑමක්, බීමක් ගැන ගාණක් නැහැ. මිනිස්සු එක්ක වැඩ කරද්දි එහෙම තමයි....‘

‘නොකා නොබී හම්බ කරලා මොකටද?‘

‘අද දුක් විදින්නේ හෙට සැප විදින්නයි ...‘ අෂින්ත හිනා වෙලා කිව්වා...

ඒ ළග තිබුණ කඩයකට ගිහින් සාමාන්‍ය විදිහට අපි බත් දෙකක් කෑවා. මම සල්ලි ගෙවන්න ලෑස්ති වුණත් අෂින්ත ඒක ගෙව්වා. සමහරවිට ඒකත් මේ මාර්කටින් සිස්ටම් එක වෙන්න ඇති. මටත් මේකම කරන්න වෙනවා ඒ කියන්නේ... පාරේ යන ගමන් ඉතින් මම ලස්සන නංගිලා දිහත් නොබැලුවා නෙමෙයි. කොළඹ බට්ටිත්තියෝ හරි ආඩම්බරයි කියනවනෙ. මටත් අපේ ගමේ කෑලියි, කොළඹ කෑලියි අතර වෙනසක් පෙණුනෙ නැහැ. ගමේ අයට වඩා කොළඹ නංගිලා ඇදුම් අඩුවෙන් පාවිච්චි කරලා තියෙනවා.

හවස අපිට බිස්නස් එකක් කරන්න ඕන කමක් තිබුණේ නැහැ. හැතැම්ම ගාණක් ඇවිදලා දෙන්න හෙම්බත් වෙලා හිටියේ. තඩි බෑග් එකකුත් අරන් අෂින්ත හිටපු නිසා එයාට මහන්සි වැඩියි. ඒත් ඒක එයා පෙන්නුවේ නැහැ. මටත් කුඹුරේ වැඩ කරලා ගියාම පට්ට මහන්සිනෙ කොහොමත්...

මම නැතිව අම්මා බයේ ඇති. ඉස්සරාහට ගිහින් කෝල් එකක් දෙන්න ඕන. තිවංකයාට කිව්වනං කියයි. පව් තාත්තා අද තනියම කුඹුරේ වැඩ ඇති. මේ මගුලේ ආවට වඩා එක අතකින් කුඹුර කරගෙන හිටියනං හොදයි තමයි. ඒත් ඉතින් වී බදු හැමදාම කරලා කොහොමද ගොඩ එන්නෙ... සීයත් කරේ එක. තාත්තත් එක.. මාත් කරන්න ඕන ඒකද? තාත්තට කිසිම උවමනාවක් නැහැ. ඔහෙ කුලියක් මලියක් කරගෙන ඉන්නවා. අම්මා කඩෙ. වෙලාවට මම විතරක් ළමයිට ඉන්නෙ. තව හිටියනං කොහොම කරයිද මන්දා... මගෙ ළමයිටනං මම දුකක් විදින්න දෙන්නෙ නැහැ. මොන කට්ට කාලා හරි මම හොද තැනකට එනවා...

‘මොකද මිලාන් ගොළු වෙලා...‘ අෂින්ත මම පාර ඉස්සරා බලාගෙන යනවා දැකලා ඇහුවා.

‘හිතලා ගොලු වුණා නෙමෙයි බං... මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා...‘

‘දැන් උත්තරයක් හම්බුණාද?‘

මම හිනා වුණා. උත්තරයක් තියනවාද?

‘මගෙ ගම බදුල්ල... මම දැන් මේ ජොබ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා...‘ අෂින්ත එයාගෙ කතාව පටන් ගත්තා. ‘ මම උසස් පෙළ කරේ බයෝ.. මට ඒ එකයි, බී දෙකයි තියන්නේ.. මට නංගිලා පස් දෙනෙක් ඉන්නවා. අපේ තාත්තා හේන් ගොවිතැන් කරන්නේ. අම්මට නිතරම ලෙඩ. මට තවත් ඉගන ගන්න ඕන කියලා ගෙදරට කරදර කරන්න බැරි වුණා. ඒක හින්දා මාත් තාත්තත් එක්ක ගොවිතැන් කරා. මගෙ යාලුවෙක් තමයි මට මේ ජොබ් එක කිව්වේ. මගෙ වියදමට සල්ලි තියාගෙන ඉතුරුවා සේරම මම ගෙදරට යවනවා....‘

අෂින්ත මම දිහා බලලා හිනාවුණා..

‘අවුරුදු දෙකක් වෙනවා...‘ මම නතර වෙලා අෂින්තගෙ මුණ දිහා බැලුවා.

අෂින්ත ගොලු වුණා. පත්තරේ දාලා තියෙන තරම් සුන්දර ලෝකයක් මෙකෙ නැහැ වගේ. මාස හයක් පුහුණූව. ඊට පස්සේ විදෙස් සංචාර කියලා තිබුණේ. ඒ විදිහට බැලුවොත් අෂින්ත දැන් තුන් පාරක් රට ගිහින් එන්න එපැයි. තාම පාරේ බඩු විකුණනවා.. අෂින්ත මගෙ මූණ දිහා බැලුවා.

‘මට සමාවෙන්න මිලාන්....‘ අෂින්ත ආයෙත් ගමන පටන් ගත්තා. ‘මම හැගීම් බර වුණා. ඔයාගේ හීන මට තේරෙනවා. මටත් ඒ වගේම හීන තියෙනවා. ගෙදරින් මේ ජොබ් එකට ආවේ ඒ වගෙ හීන ගොඩාක් එක්ක. ඒත් ගමෙන් එන අපිට කොළඹදි ජීවිතෙ ජය ගන්න එක ඒ තරම් ලේසි නෑ යාලුවා... ටීවි එකේ පත්තරේ මවා පානව තරම් අගනුවර සුන්දර නැ‘

අෂින්තගෙ ඒ වචන වල ලොකු කතාවක් හැංගිලා තිබුණා. හොරණට එනකල් පයින් ඇවිදගෙන ආපු අපි දෙන්නා එහෙන් බස් එකක් අරගෙන පානදුරට ආවා. ඔෆිස් එකට හැරෙන්න කලින් අෂින්ත මට කතා කරා.

‘මිලාන් මට මේක අහන්න අයිතියක් නැහැ. ඒත් ආයෙත් ඔයා එක්ක කතා කරන්න ලැබෙයිද කියල දන්නෙ නැති නිසයි අහන්නෙ...‘

‘මොකද්ද ?‘

‘ඔයා මේ ජොබ් එකට කැමතිද?.....‘

අෂින්තගෙ මූණේ ගොඩක් බලාපොරොත්තු තියෙන බව මට පෙණුනා. කොහොමත් අම්මට කිව්වෙ ජොබ් එක කරනවා කියලා. ඉදුම් හිටුම් කෑම බීම සේරම තියෙන හින්දා අවුලක් නැහැ. ටිකක් කරලා බලනවා මොනවා වුණාත්. එක පාරම ආයෙත් ගෙදර යන එක හරි නැනේ...

‘ඔව් මචං...‘ මම කිව්වා

‘තැක්ස් මිලාන්...‘ අෂින්ත මගෙ කරට අත දාලා මාව වැළද ගත්තා.

ඉට පස්සේ දෙන්නම ඔෆිස් එකට ගියා. ඔෆිස් කිව්වට මේක ගෙයක්. ඉස්සරා සාලේ වගෙ කෑල්ලෙ තමයි ඉන්ටව් එක තිබ්බේ. අර ස්වීට් නංගි හිටියේ සන්සෙට් එකෙ... අඩුම ගානේ ඒ සුටික්කිගෙ මූණවත් බල බලා ඉන්න බැරියැයි මෙකෙ..

මම ඉස්සරාහින් වාඩි වෙලා  හිටියා. අෂින්ත ඇතුළට ගියා. පොර සර්ත් එක්ක මොන මොනාද කතා කරනවා මට ඇහුණා.

‘ගුඩ් ලක් මයි බෝයි...‘ මට ඇතුළින් ඇහුණා.
_______________________________________
තරු අහස පිරවරා
සද කොමලි හිනහුණා
දැක්කා ද?
මල් පොකුරු සරසවා
මල් ගසම පැද්දුනා

දුටුවා ද?

ඔබේ රුව බල බලා
තුන් යාමේ සැනසුණා

දැනුණා ද?

නෙත් මානේ හමුවෙලා
ආදරේ ඉගි කලා
සිතුණා ද?

=======================================

පස්වන ප්‍රාර්ථනය


‘මිස්ටර් මිලාන්‘ අෂින්ත මට ඇතුළින් කතා කරනවා ඇහුණා.

මම ටයි එකත් හදාගෙන ඇතුළට ගියා.

‘කොහොමද මිලාන් ගමන....‘? සර් පුටුවේ ඉදගෙන  හිටියේ. අෂින්ත සර්ට එහා පැත්තෙන් හිටියා.

‘වරදක් නැහැ සර්...‘ මම පුටුව ගාවට ගිහින් හිටගෙන කිව්වා.

‘මොකද මිලාන් දැන් කියන්නේ...? අපිත් එක්ක වැඩ කරන්න කැමතිද?‘ සර් මගෙන් ඇහුවා.

මම අෂින්තගෙ මූණ දිහා බැලුවා. බලාපොරොත්තු ගොඩක් ඒ මූණේ පිරිලා තිබුණා...

‘අවුලක් නැහැ සර්... අපි කරලා බලමු නේද?‘ මම හිනාවෙලා සර් දිහා බලාගෙන කිව්වා.

අෂින්තගෙ මුණේ අව්‍යාජ හිනාවක් මතු වුණා. සර්ටත් හිනා. සර් ෆිට් එකට වගේ ඔලුව හෙල්ලුවා.

‘එහෙනං මිලාන් එක්සෑම් එක කරන්න ඕන නැහැ. මිලාන්ට පුළුවන් අපිත් එක්ක අද ඉදන් වැඩ පටන් ගන්න.‘

‘ඔව් සර්. මං කැමතියි...‘ මමත් එකග වුණා. ‘ සර් මම ගෙදරට කොල් එකක් ගන්න ඕන..‘

‘ඔව් මෙකෙන් ගන්න...‘ සර් ඔෆිස් එකෙ ෆොන් එක පෙන්නලා මට කිව්වා.

මම පර්ස් එක ඇදලා තිවංකගෙ නම්බර් එක ගත්තා.

රින් දෙකක් තුනක් යද්දි පොර ආන්සර් කරා.

‘මචං තිවංක... මම රනේ කතා කරන්නෙ...‘ අෂින්තට හිනා ගිහිං

‘අහ් මම ඒත් බැලුවා කොළඹින් කවුද මට කතා කරන්නෙ කියලා.‘ තිවංක කිව්වා.

‘මචං පොඩ්ඩක් අම්මට කතා කරන්න ඕන... ෆොන් එක ගිහින් දියන්කෝ..‘

‘ ඔකෙ... රනෙ පොඩ්ඩක් හිටපං...  මම මේ වැලක් බල බල හිටියේ.. උඹලත් ඇණ වෙන්නෙ මේ වෙලාවටමනෙ බං. හොදම හරිය යන්නෙ දැන්...‘

තිවංක කියන ඒවා සර්ටත් අහෙනවද මන්දා. මම කෝකටත් ෆොන් එක කනට තද කර ගත්තා. අෂින්ත පේන්න හිටියේ නැහැ... තිවංක ගෙදර යනව මට ඇහුණා. මේ දවස් වල හේන් වැඩ හින්දා තිවංකලාගෙ ගෙදර කවුරුත් නැතුව ඇති. අපරාදෙ හිටියනං මටත් වැලක් බලන්න තිබ්බා.

‘උඹ අදම එනවා කියලා නේද ගියේ...‘ අම්මා.... අම්මගෙ ඝණ්ඨාරේ කන පුරා වැදුණා. ‘බලපන් දැන් පහත් පහු වෙලා. මහ එකා ආවම දැන් මාව කන්ඩ හදයි. කොහෙද දැන් උඹ ඉන්නේ....?‘
මම සර් දිහා බැලුවා. සර් ඇහිලා තමයි. මොනවදෝ ලියන ගමන් සර් හිනාවෙනවා.

‘අම්මා මම දැන් පානදුර ඉන්නේ...‘ මම අම්මව කූල් කරන්න හිතාගෙන කිව්වා. ‘ජොබ් එක සෙට් වුණා අම්මා...‘

‘ඉතින්...‘ අම්මා තාම සැරෙන් ඇහුවේ..

‘තාත්තා කොයි දැන්...?‘ මම මාතෘකාව වෙනස් කරන්න හැදුවා.

‘අද තනියම කුඹුරේ වැඩ.. තාම ආවේ නැ. මමත් මෙතන කඩේට හිර වෙලා. ඉන්න තැනකින් ඉක්මනට වරෙන්...‘

‘අම්මට පිස්සුද අම්මේ...‘ මටත් මල පැන්නා. ‘ අම්මා හිතුවද මම මේ එහා ගමේ ඉන්නෙ කියලා. මට හැමදාම හේන් කුඹුරු කොටන්න බැහැ. මම මේ ජොබ් එක කරනවා. මට කරදරයක් නැහැ කියලා කියන්න කතා කරේ. මම මාසෙකින් විතර නිවාඩු අරන් ගෙදර එන්නං....‘ මම සැරෙන් කියලා ෆෝන් එක තිබ්බා.

සර් මම දිහා බැලුවා. මුකුත් කිව්වේ නැහැ.

‘අෂින්ත...‘ සර් කතා කරා..

‘ඇයි සර්...‘ අෂින්ත ඇදුම් මාරු කරලා. ෂෝටා එකකුයි, ටී ෂර්ට් එකකුයි ඇදගෙන එළියට ආවා.

‘මිලාන්ට කාමරේ පෙන්නන්න...‘ සර් අෂින්තට කිව්වා. ‘ මිලාන් ගිහින් වොෂ් එකක් දාලා, පොඩි රෙස්ට් එකක් ගන්න. ඇදුම් ගෙනාවද?‘

‘ඔව් සර්...‘ මම  අෂින්ත එක්ක යන ගමන් සර්ට කිව්වා.

මේ ගෙදර කාමර 4ක් වගේ තිබුණා. මම හිතන්නෙ එක්කෝ මේක සර්ගෙම ගෙදර. පානදුර මේ වගෙ ගෙයක් කුළියට ගන්නවා කියන්නේ සුළු පටු වැඩක් නෙමෙයිනෙ..

හැම කාමරේකම ඇදවල් හතරක් වගේ තිබ්බා. ඒ ඒ ඇද ගාව පොඩි අල්මායෙක්. හරියට ඉස්පිරිතාලේ වාගෙ. මැදින් රෙදි වැල්. සාලේ තමයි ටී.වි. එක තිබුණේ. සර්ට එක කාමරයක්. ටික ටික හවස් වෙද්දි අනිත් කොල්ලොත් එක එක ආවා. කොහොමත් 10ක් වගේ හිටියේ. අද ඉන්ටව් එකෙන් මම විතරද කොහෙද නතර වෙලා තියෙන්නෙ... අෂින්ත මාවත් එක්කගෙන එයාගෙ ඇද ගාවට ආවා.

‘මම ඉන්නෙ මේ ඇදේ. මිලාන්ට මේ ඇද මම ලෑස්ති කරලා දෙන්නම්..‘ අෂින්තට එහා පැත්තෙ තිබුණ ඇද පෙන්නලා මට කිව්වා. ‘දැනට බෑග් එක ඇද උඩින් තියන්න. එන්නකෝ වොෂ් රූම් පෙන්වන්න...‘
මමත් බෑග් එක ඇද උඩින් තියලා වොෂ් රූම් එක බලන්න ගියා.

‘මේක ගේ ඇතුළේ තියන එක. තව දෙකක් එළියේ තියනවා. ‘ අෂින්ත වොෂ් රූම් එකෙ දොර අරින ගමන් කිව්වා. ‘කැමතිනම් ළිදෙන් නාන්නත් පුළුවන්...‘

‘ළිදෙන් නාන එක හොදයි වගේ බං...‘ මම වොෂ් එක දිහා බලලා කිව්වා. එක මට ඇල්ලුවේ නැහැ.

‘හරි එහෙනමං ට්‍රවල් එකයි, ෂොට් එකකුයි අරන් එන්න. සබන් එතන තියෙනවා. ඔය ඇදුම් ටිකත් හෝදලා දැම්මොත් හොදයි..‘ අෂින්ත කිව්වා.. ‘මම පොඩ්ඩක් කුස්සියට ඔලුව දාලා එන්නං. ඔයා රෙඩි වෙලා එතනට එන්නකො.‘

‘ඔව් බං ... හොදන්න ඕන ‘ මම කිව්වා. ‘මාත් එන්නද සපෝර්ට් එකක් දෙන්න‘

‘ නැහැ නැහැ... අද ඔයා අපේ විසිටර්..‘ අෂින්ත එහෙම කියාගෙන කුස්සියට ගියා.
මම ආයෙත් රූම් එකට ඇවිත් සපත්තු දෙක ගැලෙව්වා. කාමරේ අනිත් උන් කට කොනින් හිනා වුණා විතරයි. වැඩි කතා බහ නැහැ. කුස්සියෙ උයන සද්දෙත් ඇහුණා. මම යට ඇදුම උඩින් සාලුව ඇදගෙන හෝදන්න තියෙන රෙදි ටිකයි, අදින්න ෂෝටකුයි අරගෙන කුස්සිය ගාවට ගියා.

‘අහ් මල්ලි...‘ පොල් ගාගා හිටිය සුදු අයියා කෙනෙක් මට කතා කරා. ‘සතුටුයි අපිත් එක්ක එකතු වුණ එක ගැන..‘

මම හිනා වුණා.

‘ඔව් මල්ලි. අපි සේරම ගම් වල කොල්ලෝ තමයි...‘ ඒ බතේ ලුණු බල බල හිටිය කෙනා ‘ අපි සේරම එකතු වෙලා ගොඩ යමු සහෝදරයා...‘

‘මේ ඉන්නේ මිලාන්...‘ අෂින්ත අල සුද්ද කරන එක නතර කරලා මගෙ කරට අත  දාලා සේරටම කිව්ව. ‘ මේ නිශාන්ත, මේ සුදීප, මේ අශාන්.... ‘ එක එක්කෙනා පෙන්නගෙන මට කියාගෙන ගියා. ‘නිශා අයියේ මම මිලාන්ට ළිද පෙන්නල එන්නම් හරිද?‘

‘හරි අෂි...‘ පොල් ගගා හිටිය අයියා කිව්වා.

අෂින්ත මාත් එක්ක ළිද ගාවට ආවා. ගේ ඇතුළේ වොෂ් රූම් එකට වඩා මෙතන කොච්චර හොදද ? අනේ මුන්ගෙ වොෂ් රූම්....

අෂින්ත බාල්දිය අරගෙන වතුර අදින්න පටන් ගත්තා. මෙන්න බොලේ එයා ඒ ළග තියෙන ටැංකිය පුරවනවා.

‘මොකද ඔය කරන්නේ....‘ මම ඇහුවා.

‘ටැංකිය පුරව ගත්තාම ඔයාට ලේසියි...‘ අෂි වතුර අදින ගමන් කිව්වා.

‘මගෙ ටැංකිය ඔයා පුරවන්නෙ මොකද ඉතින්...‘

‘මතකනෙ මම කිව්වා ...‘

‘මොකද්ද?‘

‘ හැමදේම පාඩම්...‘ අෂි හිනා වුණා.

 ‘ඒ කියන්නේ මාත් දවසක ඔවා කරන්න ඕන...‘ මමත් හිනාවෙන ගමන් කිව්වා.

‘ ඔයා හරි ෆ්‍රෙන්ඩ්ලි මිලාන්..‘ අෂි කිව්වා...

‘මොකක්...‘

‘ෆ්‍රෙන්ඩ්ලි...‘

‘ ඒ කියන්නේ...‘

‘ ඒ  කියන්නේ හරි මිතුරුයි...‘

මම හිනා වුණා. කතාවෙන් කතාවෙන් මම රෙදි ටික හෝදලා නා ගත්තා. වතුර ටික ඇගට වැටුණාම මාරම සනීපයක්. අර මගුලේ ඇවිත් කොන්දත් රිදෙනවා. කොරේ පිටට මරේ කියලා ආපු ගමන් හැතැම්ම ගාණක් පයින් ඇවිද්දා. ගොයම් කපලා පාවරේ දැම්මා වගේ අදනම්... මම නාලා එද්දි කෑම සේරම ලෑස්ති කරලා. සාලේ පැදුරක් එළලා. කෑම ටික මේසේට ඇරලා. පිගන් ටික අයියෙන් තියලා. කොල්ලෝ වුණත් වැඩ හරිම පිළිවෙළයි.

තාම මට මේ අයගේ නම් සේරමනං මතක නැහැ. මම හිතන්නෙ සර්ගෙ රූම් එකෙ ඇටෑට් බාත්රූම් ඇති. හවස දැක්කට පස්සේ සර්ව දැක්කෙම නැහැ. එක එක්කෙනා පැදුරට ඇවිත් වාඩි වෙලා. මමත් ඇදුම් මාරු කරගෙන කුස්සිය පැත්තට ගියා.

‘අෂි වොෂ් දානවා මල්ලි...‘ වතුර ජොග්ගුව පුරව පුරව හිටපු අයියා කිව්වා.

මම යාන්තමට හිනා වෙලා ආයෙත් සාලෙට ආවා...

‘එන්න මල්ලි වාඩිවෙන්න...‘ ඉස්සෙල්ලා පොල් ගාගා හිටපු අයියා කිව්වා. තවත් එක්කෙනෙක් ටී.වි එක දැම්මා. ගෙදර හිටියනං මම මේ වෙලාවට කඩේට වෙලා ඉන්නවා. පව් අම්මයි තාත්තයි පාලුවේ ඇති.  අම්මා තමයි ටිකක් සැර. තාත්තනං මොකවත්ම කියන්නෙ නැහැ. මම හිතන්නෙ මට ගහපු බැනපු නැති තරම්. සැර කරත් ඇවිත් ආයෙත් ඔලුව අත ගාලා හොදින් කියනවා. අප්පා... ඒකට අම්මා. දවසක් දුන්නා මඤ්ඤොක්කා කෝට්ටක් කැඩෙන්න. එදානම් තාත්තගෙන් ලුණු ඇඹුල් ඇතුව අම්ම අහගත්තා.

එක පාරම පිටට තට්ටු කරා.

‘මොකෝ කල්පනාව...‘ අෂි මම ගාවම ඉදගෙන.. සේරම මම දිහා බැලුවා.

‘මල්ලට ගෙදර මතක් වෙන්න ඇති...‘ එක්කෙනෙක් කිව්වා.

‘පිට තැනක ඉල්ල පළවෙනි වතාවද?‘ තවත් කෙනෙක් ඇහුවා.

ඇත්තටම ඒක තමයි. පිට තැනක තනියම ඉන්න පළවෙනි දවස. ගමේ නං මළ ගෙවල් මගුල් ගෙවල් වල ගියාම රෑ 11-12 වෙනකල් ඉන්නවා. නැත්තං ඉතින් තාත්තා හොයගෙන එනවනෙ. මම කනකල් කන්නෙත් නැහැ. පව් අම්ම අදත් මම හිනදා බැණුම් අහයි.

‘යමු දැන් කන්න. උදේටත් හරියට නැහැ. දවල්ටත් හරියට නැහැ...‘ අෂි නැගිටලා මට අත දිග් කරන ගමන් කිව්වා.

පොල් ග ගා හිටපු අයියගෙ මූණ ඇඹුල් වුණා වගෙ. මම අෂිගේ අත අරන් නැගිට්ටා. සර්ට බත් එකක් බෙදලා අයියා කෙනෙක් අරන් ගියා. මටත් පිගානක් දිලා අෂි කෑම බෙදන්න ගත්තා. ආයෙත් සෙට් එකම පැදුරේ වාඩිවෙලා  ටී.වී බල බල කන්න ගත්තා. නොකීවට මොකද මට ගෙදර මතක් වෙලා ඇහෙන් කදුලක් ආවා හිටන්. සාමාන්‍යයෙන් මම අඩන්නෙ නෑ ලේසියනේ...

එක පාරම බත් පිට උගුර කියා. අම්මෝ.... ඇස් වලින් කදුළු. නහයත් දනවා. ආයෙත් සේරම මම දිහා බැලුවා. අෂි ඉක්මනට නැගිටලා මට වතුර එකක් ගෙනත් දුන්නා. කවුරුත් මොකත් කිව්වේ නැහැ. අෂි පොඩ්ඩක් හිනා වුණා.

අලයි, කරවලයි එකට දාලා, ගලේ අරඹපු පොල් සම්බොලේ එක්ක කැකුළු හාලේ බත් උණුවෙන්... ඒත් මයෙ රත්තරං අම්මගේ කිරිහොද්දයි, ලුණු මිරිසයි ළගින් මේක තියන්න බැහැ. එක එක්කෙනා කාලා අත හෝදගෙන පිගන් හෝදගෙන කෑම මේසේ අස් කරා. කාලා ඉවර වුණාට පස්සේ සේරම ආයෙත් වාඩි වුණා. සර්ත් සරමයි, ටී ෂර්ට් එකයි දාගෙන සාලෙට ආවා. පුටුවේ වාඩි වෙලා එක එක්කෙනාගේ දවසේ විස්තර කතා කරා. එක එක්කෙනාගේ එක එක අත්දැකීම්...

‘හරි අපි දැන් අහලා බලමුද අපේ අලුත් යාලුවගෙ විස්තර...‘ සර් මම දිහා බලලා කිව්වා.

අලුත් යාලුවා ඒ මොකාද?.....

අෂි මගෙ පිටට තට්ටු කරා..

මම මැඩ්ලින් ගහන කකුල් දෙක අයියෙන් තද කරන් නැගිටින්න හැදුවා.

‘වාඩි වෙලා කියන්න මිලාන්...‘ සර් මම බයෙන් නැගිටිනවා දැකලා කිව්වා. ‘මේක රැස්වීමක් නෙමෙයිනෙ. මේක සුහද හමුවක්.. බය නැතිව කතා කරන්න..‘

සේරම යක්කු පේරතයෝ වගෙ මගෙ මූණ දිහා බලාගෙන. දිව අගට එන වචන ටිකත් ආයෙ හිර වෙනවා අප්පා. මම එක එක්කෙනාගෙ මූණවල් දිහා බැලුවා. හරියට හෝ දහය විස්ස ගනිනවා වගේ.

‘මෙහෙමයි...‘ මම ගැස්සුණා. අෂි මං වෙනුවෙන් කතා කරනවා වගෙ. ‘ මමයි මිලානුයි අද ගියේ පිළියන්දල. බස් එකෙනම් සෙනග ගොඩයි නේද මිලාන්..‘ අෂි මගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
මම අෂිගෙ කට දිහා බලාගෙන හිටියා. කඩේ ඇන්ටිගෙ ඉදලා අයෙත් එනකල් වෙච්ච බිස්නස් එකෙ සේරම අෂි හැඩ වැඩ දාලා කිව්වා.

කතාවෙන් කතාවෙන් රෑ නමයාමාරත් වෙලා දැන්...

‘හරි ළමයිනේ එහෙනං හෙට උදේම වැඩ පටන් ගන්නත් තියෙනවනෙ... ඒක නිසා අපි දැන් නිදාගමු.‘ සර් පුටුවෙන් නැගිටින ගමන් කිව්වා.

එක එක්කෙනා ගිහින් සර්ට අතට අත දීලා විෂ් කරා. මමත් ගිහින් ‘ගුඩ් නයිට් සර් කිව්වා..‘ සර් මාව බදාගෙන ‘අපි සේරම එකතු වෙලා හොද වැඩක් කරමු පුතා...‘ කියලා හීනියට කිව්වා...

අපේ කාමරේ අය මෙහේ ආවා. අනිත් අය අනිත් කාමර වලට ගියා... එහෙනම් ඔන්න රාත්‍රිය උදා වුණා. හිතනවද මට නින්ද ගියේ නැහැ කියලා. අපරාදේ කියන්න බැහැ. නිදි මත හැදුණාම පතොක් පදුරකට විසි කරත් මම එකත් තුරුළු කරගෙන නිදි ඔන්න...
________________________________________________
අහස කොතරම් දුර වුණත්
සද එළිය ළගටම වැටෙනවා
හිරු කුමරු නැති වුණොත් දවසක
ලොවේ අසිරිය මැකෙනවා

ගගේ වෙරළේ රැළි වලින් මම
නුඹට කවිකම් කරනවා
නොකීවට ඒ වචන හැම විට
මටත් වැඩියෙන් නුඹ වටිනවා...


================================================
ළබැදි සොයුරනි...,

ඉතින් ‘කදුළු සිත්තම්‘ කතාවෙන් පසුව යලිත් කිසිදු දිනක කතාවක් ලිවීමට මා තුළ අදහසක් නොවිණි. නමුත් ‘කදුළු සිත්තම්‘ කිය වූ බොහෝමයක් කතාව ලියු මා හට වෛර කළ බව මම දනිමි. ඒ ඉතා කුරිරු අවසානයක් ‘කදුළු සිත්තම්‘ වෙනුවෙන් ඉටුකර දීම නිසාය.

අසන්න... එය එසේ නිම නොවුණිනම් ඔබ කදුළට පෙම් කරයිද?

ඉතින් ඒකී කදුලේ තවත් ආරම්භයක් මෙලෙස පටන් ගන්නෙමි. ‘සංසාර ප්‍රාර්ථනා‘ කියවීමට පෙර ඔබ අනිවාර්යෙන්ම ‘කදුළු සිත්තම්‘ කියවා තිබිය යුතුමය. නැතිනම් මෙහි අවස්ථා සම්බන්ධයෙන් ඔබට ගැටලු ඇතිවනු නිසැකය. ‘කදුළු සිත්තම්‘ වෙනුවෙන් ඔබේ දෑස් බොහෝ විඩාපත් කළ බව මම දනිමි. ‘සංසාර ප්‍රාර්ථනා‘ ඒ වෙනුවෙන් ලියවෙන්නා වූ සමා භජනයකි...

කදුළු සිත්තම් අවසානයේ ඒ පිළිබද මවිසින් පසුවිපරමක් සිදු කලෙමි. ඔබෙත් මගෙත් ජීවිතයේ යම් යම් සිදුවීම් අලලා රචනා වූ නිසාවෙන් පෞද්ගලිකව මට බොහෝ අපහසුතා වලට මුහුණ පාන්නට සිදුවිය.  ඒ සියලු චිත්ත සන්තාපයන් පසෙක ලා යලිත් කදුළුක් සිත්තම් කිරිමට සිතුවේ කිවයුතු බොහෝ කරුණු තිබෙන නිසාවෙනි. එය ප්‍රාර්ථනාවකි. ඒ කදුලක්ද? සිනහවක්ද?

පියවරෙන් පියවර එකී ප්‍රාර්ථනය මෙහි පළවනු ඇත. ඒ සදහා වන ඔබගේ ඇගයීම්, පැසසුම්, යෝජනා, චෝදනා සියල්ල ඉතා නිහතමානීව භාරගනිමි. මුලින් මා සදහන් කළ පරිදි කතාවට ඇගයීම් පළකරන ඔබ කිසිවෙකු හට නම් වශයෙන් ස්තූති නොකරන අතර එය like එකක් මගින් ඔබට යොමුවනු ඇත. එසේම වචනයෙන් පළ නොකළද ඔබට මාගේ ස්තූතිය නිබදව හිමිවන බව හදවතෙහි සනිටුහන් කරගනු මැනවි...

ඉදින් ඉවසා සිටිය කාලය නිමා වනු ඇත. විවේකය, කාලය ලැබුණු මොහොතක් දැන් වෙන් වෙනුයේ ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා පිරිමටයි. එය ඔබගේ නෙත් මානයේ හසුවනු නිසැකය. බලන්න එය ඔබ සිතු ප්‍රාර්ථනයක්ද කියා...


=========================================

හයවන ප්‍රාර්ථනය...

ඈතින් පෙනෙන සයුර උඩු මහළට කදිමට පෙනේ. රළ නිහඩය. හිරු සයුරේ ගිලෙන්නට පටන් ගෙන ඇත. බොහෝ දවස් වල මෙම චමත්කාරජනක සිදුවීම බලා සිටීම තවමත් මට එපා වී නැත. ජීවිත කාලය පුරාවට දැණුන තනිකම දැන් හුරුය.  පවුලේ සිහිනය පරිදි මා දැන් වෛද්‍යවරයෙකි. හෙට මුලින්ම වැඩ භාරගත යුතුව ඇත. තවත් සුළු මොහොතකින් කිසිදු දිනක ගොස් නැති අනුරාධපුරය බලා යෑමට සිදුවේ.

‘පුතා...‘ ඒ තමන්ගේ මිත්තණියගේ හඩයි. ‘මෙන්න පොඩි මාමා ආවා...‘

‘එනවා අත්තම්මේ...‘

බෑගයද රැගෙන පඩිපෙළ බහින්න පටන් ගත්තා. පඩිපෙළ අවසානයේ දුටුවේ පුදුමාකාර දර්ශනක්. වසර ගණනක් පුරාවට එක්තැන්ව රෝද පුටුවේ සිටි තම බාප්පා මම පඩිපෙළින් බසිනයුරු බලාගෙන. ඇසින් කියගත නොහැකි බොහෝ දෑ ඔහු බාප්පගේ දෑසින් කඩා හැලනවා. නමුත් බාප්පා දුටු විගස මට ඇති වුයේ පිටකල නොහැකි තරම් වූ තරහක්.

‘හොද ගමනක් යන්න හදද්දිත් ඔය මුස්පේන්තු මූණ පෙන්නන්න උදේම ආවද?‘ බාප්පා දුටු සැනින් මම අහක බලාගෙන කිව්වා. ‘ අත්තම්මා.... අත්තම්මා...‘

අත්තම්ට දැන් අවුරුදු අසු පහටත් කිට්ටුයි. ඒත් හොඳට එයාගෙ වැඩ එයාම කර ගන්වා. මම කෑ ගහද්දි අත්තම්මා කුස්සියේ ඉදලා ඉක්මනට ඉක්මනට ආවා.

‘කවුද මෙයාව මෙතන ගෙනත් තිබ්බේ...‘ මම සැරෙන් අත්තම්මාගෙන් ඇහුවා.  ‘මම කොච්චර කියලා තියෙනවද මේ මුස්පෙන්තු මූණ මට පෙන්වන්න එපයි කියලා...‘

අත්තම්මා දෑසින් සුපුරුදු ඉකි බිඳුම පටන් ගත්තා. හෙමින් සැරේ වීල් චෙයාර් එක හරවගෙන කාමරේට තල්ලු කරගෙන ගියා.

‘කොච්චර කීවත් මොකෙක්වත් අහන්නේ නැහැ. එපා කීවාම එපා. කවමදාකත් එපා මට...‘ බෑගය සාලේ මැදින් තිබ්බ මම  කෑ ගසන්නට පටන් ගත්තා. ගෙදර සියලු දෙනා නිහඩයි. ‘වෙලාවට මට දුරකට පත්වීම හම්බුණේ. මේ වෛරක්කාරයෝ එක්ක ඉදලා මට එපා වෙලා. එපාම වෙලා...‘

පොඩි මාමා එළියේ පුටුවේ වාඩිවී සිට මගෙ කතාව අසාගෙන සිටිනවා මම දැක්කා. පොඩි මාමා කිසිවක් නොකියා සිටියේ දීර්ඝ කතාවකට ඇරඹුමක් දිය යුතු නැති නිසාවෙනි.

‘කරන්න පුළුවන් හතුරුකම් සේරම කරලා තවත් එනවා බලාගෙන ඉන්න... මොනවද බලාගෙන ඉන්නෙ. කාපියව් මාව... මරලා දාපියව්... මෙහෙම වද දෙන්නෙ නැතුව...‘

ඒ හඩට නම් පොඩි මාමා පුටුවෙන් නැගිටලා ආවා. ඒ ආවේ ඇස් වලින් කදුලු පුරවගෙන....

‘නගින්න කාර් එකට...‘ දොර ගාව ඉදලා පොඩි මාමා කිව්වා. ‘මදිද දැන් කෑ ගැහුවා..‘

මම දත්මිටි කා ගෙන ‘ අත්තම්මේ... මම යනවා....‘ කියලා හයියෙන් කිව්වා. ‘ ඔය මැරෙනකල් බලාගෙන ඉන්න උන්ට කියන්න ආයෙත් මම එන එක ෂුවර් නැහැ කියලා.. අපේ පව්කාර කමට මැරෙන්නෙ නැහැ‘
මම බෑග් එක අරගෙන කාර් එකට නැග්ගා.. පොඩි මාමා කාමරේට ගියා.

‘අඩන්න එපා මල්ලි...‘ පොඩි මාමා බාප්පව සනසනව වගෙ. ඔත්පල වුණ දවසෙ ඉදලා බාප්පා හරියට අඩනවා. අඩල මදි. ඉදකින් මැරිලම යන්න ඕන ඉක්මනටම... ‘ එයා තාම පොඩි ළමයෙක්. එයා කියන්නෙ කරන්නෙ මොනවද කියල එයා තාම දන්නෙ නැහැ. ඒ දෙවල් තේරුම් ගත්ත දවසට එයා ඉස්සර වගෙම ඉදියි... අර අපේ හුරතලා වගෙ‘

හිතාගෙන ඇති කට්ටිය මාව ආයෙත් හුරතල් කරන්න. එකෙක් එක්කවත් මම හුරතල් වෙන්නෙ නැහැ.

‘මාමා මට පරක්කු වෙනවා. ට්‍රේන් එක හතරට.‘ දෙන්න පෙම් කෙලින් ගත්තා. මම හයියෙන් කෑ ගැහුවා. අම්මෝ මේ භූත ගෙදරින් යන එක තරම් සතුටක් මට තවත් නැහැ.  පොඩි මාමා ඇස් පිහදාගෙන ඇවිත් කාර් එකට නැග්ගා. අත්තම්මත් එයා පිටිපස්සෙන් ආවා. මේ ගෙදර මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. පිස්සු හොදටම.... මල සමයං

‘අපි ගිහින් එන්නම් අම්මේ...‘ පොඩි මාමා අත්තම්මට වදින ගමන් කිව්වා.

‘දළදා  හාමුදුරුවන්ගේ පිහිටයි මයේ පුතාලාට...‘ අත්තම්මා මාමගෙ නළල සිප ගන්න ගමන් ආශිර්වාද කරා. මට නං වදින්න උවමනාවක් වුණේ නැ කාටවත්...

‘මැදැ බඩ ගෑවා... යමුද දැන්වත්. මට මේ අපායෙන් ඉක්මනට යන්න ඕන.‘ මම අයෙත් පොඩි මාමා මාමට කිව්වා. අත්තම්මගෙ ඇස් වල පොර කන කදුලු ඒ වචන ඇහෙනවත් එක්කම කම්මුල් දිගේ පාරවල් නැතුවම ගලාගෙන ගියා.

පොඩි මාමා ඇවිත් කාර් එක ස්ටාර්ට් කරා. අත්තම්මා දොර ගාවට ඇවිත් මයෙ ඔලුව අත ගෑවා. වචනයෙන් පිට නොකරපු ආශිර්වාදය මගෙ හදවතට දැණුනා. මම හොරෙන් ගේ දිහා බැලුවා. මට පේන්න නැති වෙන්න බාප්පා දොර රෙද්දෙන් බලන් ඉන්නව මම දැක්කා. මම ගස්සලා ඉස්සරා බලා ගත්තා.
කාර් එක ටික ටික ගෙදරින් පිටත් වුණා.

අවුරුදු විසි අටකින් පස්සේ මම මගේම ලෝකයක් හොයාගෙන යනවා. ගෙදර ඉදන් ස්ටේෂන් එකට එච්චරම දුර නැහැ. බස් එකේනම් රුපියල් දහයෙ දුර. එත් ට්‍රැෆික් අහුවුණොත් පැය ගාණක් යනවනෙ ඒ ටික යන්න. ටිකක් බුක් කරලා තියෙන හින්දා අවුලක් නැහැ. පොඩි මාමා හොරෙන් හොරෙන් මම දිහා බලනවා මම දැක්කා. එයාලා මම හදන්න ගොඩක් දුක් විද්ද එක ඇත්ත. ඒක කොහොමත් එයාලා කරන්න ඕන. මොකද මම තනි වුණේ මගෙ වරදින් නෙමෙයි. එයාලගෙම වරදින්. මම නිකම්ම ඕපාතිත වුණේ නැනේ.

‘ගිහින් කොල් එකක් දෙන්න...‘ පොඩි මාමා ස්ටේෂන් එක ළගින් කාර් එක නතර කරන ගමන් කිව්වා. ‘ මේක ඔයාට ...‘

කවරෙක දාපු ලියුමක් මට දිග් කරා.

‘මේ මොකද්ද මේ...‘ මම ලියුම අතට ගන්න ගමන් ඇහුවා.

‘ඕක ගිහින් කියවන්න... කරන හැම දෙයක්ම පරිස්සමෙන් කරන්න ඕන.‘ පොඩි මාමා බණ කියන්න පටන් ගත්තා. ‘ ගෙදර වගේ රණ්ඩු අල්ලන්න යන්න එපා තේරුණා ද? ‘

‘කෝළං...‘ මම ඒක කියන ගමන් කාර් එකෙන් බැස්සා.

‘ මම යනවා එහෙනං....‘ මම බෑග් එක කාර් එකෙන් බහින ගමන් කිව්වා. ලියුම උඩ සාක්කුවේ දා ගත්තා.  පොඩි මාමා මාමත් කාර් එකෙන් බහින්න  හැදුවා. ‘ මට දැන්වත් තනියෙන් ඉන්න දෙන්න... මම පොඩි ළමයෙක් නෙමෙයි.‘

පොඩි මාමා ආයෙත් කාර් එකෙ වාඩි වුණා.

ආයෙත් පස්ස බලන්නෙ නැතුව මම ටිකක් එක පෙන්නගෙන ඇතුළට ආවා. අංක 10 පුටුව... ඒක හොයගන්න මුළු කෝච්චියේම ඇවිදින්න වෙයිද මන්දා.  නැහ් එහෙම වෙන්නෙ නැහැ. මම කිරිත් එක්ක සමහන් බොනවනෙ නේද?

ඉතින් මම ෂීට් එක හොයාගෙන බෑග් එක උඩින් තියලා වාඩි වුණා. අපරාදේ කියන්න බැහැ කෝච්චියනං හොදයි. අහලා තියෙන විදිහට නෙමෙයි. කුෂන් ෂීට් එක. ඉස්සරා පොඩි රැක් එක්ක. වතුර බෝතලක් වගේ තියා ගන්න පුළුවන්. එහෙනං මම අනුරාධපුර යනවා. අනුරාධපුර... ශ්‍රී ලංකාවේ පළවෙනි රාජධානිය ඒක නේද? 11 වසර ඉතිහාසෙට ඒ වගෙ තිබ්බ මතකයි. ලංකාවේ ඉදලත් ඇයි මම මෙච්චර කල් කොළඹින් පිට ගියේ නැත්තේ.. අඩුම ගානේ කැම්පස් එකෙ ට්‍රිප් එකක්වත් ගියේ නැනේ මං. ඒ ගෙදර අයත් එක්ක තරහටද ? නැත්තං මම මාත් එක්ක තරහ නිසාද? අද වෙනකල් මට කිසිම යාලුවෙක් නැහැ. අඩුම ගානේ මට මමවත් නැහැ. දකින පේන හැමදේටම මම වෛර කරනවා. ඒක නිසාමයි ගෙදරින් ගොඩක් දුරට යන්න හිතුවේ. යාපනේ වගේ හම්බුණානං තවත් හොදයි. නැත්තම් මොණරාගල, බදුල්ල, මඩකලපුව... කමක් නැහැ. අනුරාධපුරත් හොදයි. අටමස්ථානේ... අනුරාධපුර පූජා නගරය, පැරණි රෝහලෙහි සීමාවාසික ඩොක්ටර් මම... අනුරාධපුර ගැන මගෙ ආත්මීය බැඳීමක් තියෙන්න ඕන. මම පුදුම විදිහට ආදරේ කරා අනුරාධපුර ජීවත් වෙන්න. හිතු දේ තමයි මේ ලැබෙන්නෙ. එහෙම කසාදයක් කරගෙන පාඩුවේ ඉන්න ඕන...

හතරවන වේදිකාවේ ඇති දැයට කිරුළ දුම්රිය තව සුළු මොහොතකින් අනුරාධපුර හා කිලිනොච්චිය, ඕමන්තේ බලා පිටත් වේ. දුම්රිය නවත්වන්නේ ගම්පහ, කුරුණෑගල, ගල්ගමුව, තඹුත්තේගම, අනුරාධපුර, මැදවච්චිය, කිලිනොච්චිය හා ඕමන්තේ. දෙමළෙන් කීව එකනං මට තේරුනේ නැහැ. කොහොම හරි ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගද්දි කෝච්චිය ටික ටික යන්න පටන් ගත්තා.

---------------------------------------------

සද කොමලි පිරිවරන්
සද මඬල බැබළෙනවා
කුමුදු මල් ගං තෙරේ
ලතාවට රඟදෙනවා
අලුත් පැතුමක් අරන්
මම ආයේ දුර යනවා
කඳුළු සිතුවම් කරත්
සිනා මල් පීදෙනවා

==================================


හත්වන ප්‍රාර්ථනය...

කොළඹින් පිට ගමනක් මම යනවමයි මේ. ඇත්තමට මගෙ ජීවිතේ පුදුමාකාර හුදකලා එකක්. තෙරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා. මම ඩොක්ටර් කෙනෙක් වුණේ කොහොමද කියලවත් මම දන්නෙ නැහැ. සමහර විට දෛව්‍ය අනුව වෙන්න ඇති. පොඩි මාමා තමයි මටත් වඩා ඒකට මහන්සි වුණේ. එයා මට වෛද්‍ය ලෝකෙ ගැන ලස්සන හීන ගොඩාක් මැව්වා. ඒ හීන කොච්චර සාර්ථකද කියනවනං මම අන්තිමට වෛද්‍යවරයෙක් වුණා.  අනුරාධපුර යනවට ගෙදර කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. සේරමට ඕන වුණේ මාව රට යවන්න. රට යන්න මගෙ කිසිම අදහසක් නැහැ. මෙච්චර සුන්දර ලස්සන රටත් තියාගෙන ඇයි මම රට යන්නේ...

මට ක්වාටස් එකක් දෙනවා කියල තමයි ලියුමෙනං තිබ්බේ. වැඩිම ලකුණු ගත්ත අයට කොළඹ හොස්පිටල් එකෙ ඉන්න ඕන තරං අවස්ථා තිබුණා. මේ සංකීර්ණ නගරයේ මම හිටියා ඇති දැන්. හැමෝටම මම නපුරු වෛරක්කාරයෙක් කියල පෙණුනට එයාලා නොදකින මගෙ ජීවිතේ තනිකම, පාලුව මම පිට කරන්නෙ ඒ තරහින්.

බාප්පා මට ආදරේ ඇති. ඒත් ඒ ආදරේ මම දැනෙන්නෙ නැහැ. එයාව දකිද්දි, ඒ මූසල කට හඬ ඇහෙද්දි මට පුදුම තරහක් එන්නේ...මොකද්ද මේ පොඩි මාමා දුන්න ලියුම මට... මම සාක්කුවෙන් ඒක ඇදලා ගත්තා. ලියුමක් කිව්වට මේක ඉරිදා ලංකාදීපේ නමලා දාලා වගේ. ෆුල්ස්කැප් කොල 10ක් විතර... ඇයි දෙයියනේ මේක මොකාද කියවන්නෙ...

‘ආදරණීය පුතේ...‘ ලියුම පටන් අරන් තිබුණේ එහෙමයි... ෂීට් එක එහා පැත්තෙ හිටපු ඇන්ටි මම ලියුම දිග අරිද්දි බැලුවා. ෂුවර් එකට හිතන්න ඇති කෙල්ල දුන්න ලියුමක් කියලා.. මම කෝකටත් ලියුම පේන් නැති විදිහට කවරේ තියා ගත්තා. ගෑණුන්ටත් ඕං නැති දෙයක් නැ අප්පා...

‘මේක ඇත්තමට දිග කතාවක්... කොහොම පටන් අරන් කොහොම නතර කරන්නද කියලා මම දන්නෙ නැහැ.‘ මම ඒ වචන ටිකටනං බය වුණා. මොකද්ද මේ කතාව කියලා.

‘ඒත් මේක දවසක ඔයා දැන ගන්න ඕන කතාවක් පුතෙ. බාප්පට කතා කරන්න පුළුවන්නම් කවමදාකවත් ඔයාට මේ කතාව කියන්න දෙන්නෙ නැහැ මට. ඒ වගෙම ඔයාට අනුරාධපුර යන්න දෙන්නෙත් නැහැ. ඒ එයා ඔයාට තියෙන තරහක් නිසා නෙමෙයි. පණටත් වඩා ඔයාට තියෙන ආදරේ නිසයි ඒ.

කෝච්චිය නම් එන්න එන්නම ස්පීඩ් වෙනවා. රාගම හරියට වගෙ එද්දි ළඟ හිටපු ඇන්ටි කතා කරා.

‘පුතේ ජනේලිය ටිකක් අරිනවද?‘ ‍

මේ ගෑණිට පිස්සුද මන්දා.. මේ ෆෑන් දාලා තියෙද්දි ජනේලි අරින්න කියන්නෙ. මම රවලා බැලුවා. 

පුතා ... කොහෙන් ආපු නෑ කමක්ද ඒක?

හච්..... ආච්චට හාල් ගරන්න... මොකද්ද මේ කරපු බලු වැඩේ... ඊයා........................................ මගෙ ඇඟේ වමනෙ දැම්මා නේද? එහා ෂීට් එකෙ කට්ටියත් මම දිහා බලාගෙන.

‘මොනවද ඇන්ටි කරන්නෙ....‘ මම එක පාරම නැඟිට්ටා. ලියුම පුරාවට වමනෙ. මම ජනේලිය ඇරලා ලියුම විසි කරා. ‘ වමනෙ යනවනං දන්නෙ නැද්ද ෂොපින් එකක් අරගෙන එන්න... දහඅටේ ගෑණු වගෙනෙ තාම වමනෙ දාන්නෙ... බලන්න ඇන්ටි කොහොමද දැන් මම මේ විදිහට ඉන්නෙ...‘

ඇන්ටිට කට උත්තර නැහැ. මගෙ කලිසම හැම තැනම වමනේ... පෙට්ටියේ හිටපු අයත් ගොළු වෙලා. බොරුවටද මම කෑ ගහන්නෙ. වෛද්‍ය විද්‍යාලයේ ඉද්දිනං ඉතින් අත ගෑවේ නැති ජරාවක් නැ. ඒත් අත් මෙස් දාලනෙ ඒ. මම බෑග් එකෙන් ට්‍රවල් එකයි, කලිසමකුයි අරන් ටොයිලට් එකට ගියා. ඇඳුම් මාරු කරලා පිරිසිදු වෙලා ආවා. මම එද්දි ඇන්ටි බිමට පත්තර කොළ දාලා. එයා මගෙ ෂීට් එකෙ වාඩි වෙලා.

‘මට සමාවෙන්න පුතා...‘ ඒ කියපු විදිහටනං මට දුක හිතුණා. ‘පුතා මේ පුටුවෙ වාඩිවෙන්න...‘ එයා මට පුටුව පෙන්නලා කිව්වා. මම මුකුත් නොකියා ඒ පුටුවේ වාඩි වුණා. කට්ටියම මම දිහා බලාගෙන. ඔව් ඉතින් මිනිස්සුන්ටත් මේ වගෙ දෙයක් හරි ලොකු දෙයක්නෙ.

ඉස්සසෙල්ලා කියපු ස්ටේෂන් සේරම පහු කරගෙන ඔන්න මම ඒ හදවතේ තිබුණු ආත්මීය නගරයට ආවා. හෙට උදේම හොස්පිට්ල් එකට ගිහින් පත්වීම සනාථ කරලා නිල නිවාසෙ භාරගන්න වෙන්නෙ. දැන් ඉදින් සීබෑන්ක් ගිහින් ඉන්නවා. මාමා තමයි ඒවා ඔක්කම හරි ගැස්සුවේ. නෙට් බලපු විදිහටනං මෙතන ළගම තියෙන්නෙ එක. මම කොච්චියෙන් බැහැලා එතන තියෙන වීල් එකකට නැග්ගා.

‘කොහාටද මහත්තයා...‘ වීල් එකට නගිද්දි ඩ්‍රයිවර් ඇහුවා.

‘සීබෑන්ක් හොටෙල් එකට...‘

‘තුන්සීයයි මහත්තයා...‘

‘ හරි මනුස්සයෝ යමු..‘ මම වාහනටය නගිද්දිම කිව්වා.

මිනිහ බය වුණාද කොහෙද...? එක පාරම වීල් එකට නැග්ගා. 

‘ඉස්සෙල්ලා යන්න එපැයි... ආ මෙන්න තුන්සීය...‘ මම ඩ්‍රයිවර්ට තුන්සීයක් දුන්නා...

‘නැ සර්... සීයක් ඇති...‘ මිනිහා වීල් එක ස්ටාර්ට් කරන ගමන් කිව්වා...

‘ඒ මොකද එක පාරම 200ක් අඩු වුණේ..‘ මම පුදුමයෙන් ඇහුවා.

මිනිහා හිනා වුණා... මුන් සේරටම පිස්සු.

මම 300 මිනිහගෙ අතේ තිබ්බා.

‘එපා සර් එපා.. හොටෙල් එක මේ ළඟ තියෙන්නෙ... 100ක් හොඳටම ඇති.‘

මිනිහා අයෙත් මට 200ක් දුන්නා. මම කට පියාගෙන සල්ලි ගත්තා. නොදන්න පැත්තකට ඇවිත් ගුටි කන්න ඕන නැනෙ.  මෙන්න විනාඩි පහෙන් මම සීබෑන්ක් එක ගාව.. මුව මරන්න එපැයි දෙයියනෙ. මේ ටිකටනෙ 300ක් කිව්වෙ.

‘තමුසෙලා තමයි ඕයි මිනිස්සු හලෝ...‘ මම වීල් එකෙන් බැහැලා කිව්වා. ‘ අනුරාධපුර ඉන්නෙ මෙහෙම කපටියෝ කියලා මම දන්නෙ නැනේ. බලාගෙන ගෙදර උන් හොදයි...‘

වීල් කාරයාගේ මූණ දෙල් වුණා. අනේ මට මොකද මම බය වෙයි දැන්... මම බෑග් එකත් අරගෙන හොටෙල් එකට ආවා. පිළිගැනීමේ නිළධාරිනියට විස්තර ටික කියලා රෑම් එක ගත්තා.

‘මිස්ටර්..‘ ඒ සුදු නංගි ඇහුවා.

‘මම එස්.කේ. බණ්ඩාර...‘ ඊයේ රෑ කොල් කරේ..

‘සර් මට අයිඩින්ටි කාඩ් එක දෙන්න පුළුවන්නද?‘ ආයෙත්නංගි ඇහුවා. මොකද බැරි අනේ...

මම අයිඩින්ටි කාඩ් එක දුන්නා.

අයිඩින්ටියයි මාවයි ආයෙත් බැලුවා එයා. ඇයි දෙයියනේ මම වෙනස් වෙලාද අයිඩින්ටියට වඩා....

‘රූම් නම්බර් 10‘ මට යතුරු කැරැල්ල දෙන ගමන් කිව්වා. ‘ දෙනුවන් ..‘ ඒ ගමන් කාටද කතාකරා. කළු කෙට්ටු කොල්ලෙක් දුවගෙන ආවා. 

‘ හෙල්ප් ටු සර්...‘

කොල්ලා ඇවිත් බෑග් එක ගත්තා.

‘නො තැක්ස්‘ මම කිව්වා. ‘ අයි කැන් බ්‍රින් ඉට්...‘‍

කොල්ලට අප්සට් වගේ.

‘ඩොන්ට් වොරි මෑන්.. අයි විල් පෙයඩ් යු... ගයිඩ් මී ටු රූම් සූන්...‘  මම හිනා වෙලා කිව්වා.

ඒක ඇහිලා සුදු නංගිත් හිනා වුණා. පොඩි මල්ලිටත් හිනා. පොර හිනාව එක්කම ඉස්සර වුණා. මම යතුරයි බෑග් එකයි අරන් පිටි පස්සෙන් ගියා.

උඩ තට්ටුවේ අයිනෙක මගෙ රූම් එක තිබ්බා. මම දොර ඇරියා. පොඩි මල්ලි තාම දොර ගාව. මම සාක්කුවෙන් රුපියල් 100ක් අරන් එයාට දුන්නා. පොරට මාර හැෆි...

‘තැන්ක් යූ සෝ මච් සර්... ‘ කටෙන් එකයි හිනාව. මමත් පොඩි හිනාවක් දැම්මා.

රූම් එක නම් හරි පිළිවෙළයි. මම ඇතුළට ඇවිත් දොර වහගත්තා. බෑග් එක මේසෙ උඩින් තියලා එහෙම්ම ඇඳේ ඇළ වුණා. අම්මා දැනෙන සනීපයක්...

එත් එක්කම දොරට ගහන සද්දෙ ඇහුණා. මොන කරදරයක් ද මේක...

මම නැඟිට්ටා. හයියෙන් දොර ඇරියා.  හිටියේ අර පොඩි මල්ලි.

‘මොකද? ‘ මම සැරෙන් ඇහුවා. පොර බය වුණා වගේ

‘සර් මේ... මේ...‘

‘ගොතද තමුසේ...‘

‘ නැ සර්... කෑම ...‘

‘කෑම ඉතින්...‘

‘උඩට ............ ගේන්නද? නැත්තම්.....‘

‘ගේනවා උඩට‘ මම දොර හයියෙන් වහන ගමන් කිව්වා. මම අයෙත් ඇඳේ ඇළ වුණා. හැමදෙයක්ම හීනයක් වගෙ...ලොකු ට්‍රිබල් ඇඳක් මේක. මගේ කාමරේ වගේමයි. හිහි මම සපත්තු දාගෙනම ඇඳේ එහාටයි මෙහාටයි පෙරලුණා. කමිසෙ බොත්තම් එක එක ගලවන්න පටන් ගත්තා. කමියේ ආයෙත් පොඩි වෙන්න දෙයක් නැ. සේරම පොඩි වෙලා තියෙන්නෙ... යාන්තමට ඇස පියවේගන එද්දි ආයෙත් දොරට තට්ටු කරන සද්දේ ඇහුණා.

මම අකුණක් ගහනවා වගේ ගැස්සිලා ඇහැරුණා...

‘සර් කෑම ගෙනාවා...‘ දොර ගාවින් සද්දයක් ඇහුණා.

මම ටක් ගාලා නැඟිටලා දොර ඇරියා. ට්‍රොලියක තල්ලු කරගෙන කෑම ගෙනත් තිබුණා. පොර කාමරේ ට්‍රොලිය තියලා දොර ගාවට ගියා. බොත්තං ඇරලා කමිසෙ බැනියම පේනවා. බෙල්ලෙ දැම්ම රත්තරං සුරේ දිහා පොර බලාගෙන හිටියා. මම සාක්කුවෙන් අරන් ඉතුරු රුපියල් සීයත් දුන්නා. පොර ඒක එපා කිව්වා. මම බලෙන් සල්ලි දීලා දොර වැහුවා.
___________________________________________
හන්තානේ වැසි දාක
සිත මගේ තනි වෙලා
ගිම්හානේ වැලි කතරේ
පද පේළි නැවතිලා
නිල් අහසේ වළාකුළු
ආදරේ සඟවලා
ලෝකයක් දෑස් යුග
හැමදාම තෙත් කලා....

===================================


අටවන ප්‍රාර්ථනය...

ඇඳුම් මාරු කරලා මම වොෂ් එකක් දා ගත්තා. ට්‍රවල් එක ඇඳගෙනම කෑම ටික කාලා මම ෆොන් එක කතා කරලා කිව්වා. අපේ පොඩි මල්ලි ඇවිත් ට්‍රොලිය තල්ලු කරන් ගියා. පොර දොර ගාවට ගිහින් මයෙ දිහා බැලුවා.

‘සර්ට ගොඩක් මහන්සි පාටයි...‘ පොර කිව්වා.

‘ඔව් ඕයි...‘ මම ඇඳේ වාඩි වෙන ගමන් කිව්වා. ‘ මම මේ ජීවිතේ පළවෙනි පාරට අනුරාධපුර ආවේ. ඒ වගේම කෝච්චියක ගියේ...‘

‘මම සර්ට මසාජ් එකක් දෙන්නද?‘ පොර බිම බලාගෙන ඇහුවා.

‘මොකක්?‘

‘මසාජ් එකක් සර්... සල්ලි එපා.... සර්ගෙ හොඳ හිත හින්දයි මම අහන්නේ... මට සර් ගැන දුකයි...‘

‘මගෙ අම්මටවත් මම ගැන දුකක් හිතුණේ නැ ඕයි... තමුසෙට මොකද එක පාරම මම ගැන දුකක්...‘

‘අම්මා ගැන එහෙම කතා කරන්න එපා සර්....‘

‘ඇයි තමුසෙ මගෙ අම්මව දන්නවද? ‘

මිනිහා ගොලු වුණා. මුලදි පවුනෙ කියලා හිටියාම දැන් මූ කරේ නඟින්න එනවා වගෙ.

‘අනේ මෙ ගිහින් තියෙන වැඩක් කර ගන්නවා. එනවා මසාජ් කරන්න...‘

පොරට ඒකට දුක හිතුණද කොහෙද? දොර වහගෙන එළියට ගියා. මම නැඟිටලා දොර ලොක් කරා. ට්‍රවල් එකත් ගලවලා දාලා මම නිදා ගත්තා. හිතේ කියාගන්න බැරි තනිකමටයි, දුකටයි මට නින්ද යන්න ඇති.

හැමෝටම ප්‍රශ්නෙ දැන් මම කවුද කියන එක. හැමෝටම විතරක් නෙමෙයි මටත් ඒක ලොකු ප්‍රශ්නයක්. ටික ටික මම ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඔයලා ඒ වෙනකල් මාත් එක්ක ඉදියි කියලා මම විශ්වාස කරනවා. අම්මා තාත්තා නැති අසරණයෙක් මම. මට කවුරුත් අනුකම්පා කරනවා පේන්න බැහැ. මට ආදරේ කරනවා පේන්නත් බැහැ. අවුරුදු එකාමාරෙදි වගෙ මගෙ තාත්තා නැති වෙලා තියෙන්නෙ. ආච්චි කියපු විදිහට අම්මා මාව ඉපදුණු ගමන් නැති වෙලා. හැබැයි එයා මාව දාලා ගියා කියල මම පස්සෙ දැන ගත්තා.

පවුලේ සේරටම ඕන වුණේ මාව එක්කන් රට යන්න. ඒක නිසාද කොහොද බාප්පා එක්ක මම රට යැව්වේ. එහෙදි බාප්පා මට උගන්වන්න ලොකු මහන්සියක් ගත්තා. ඒත් මම එයා කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. පොඩි මාමා මාසෙකට සැරයක් වගෙ ඇවිත් අපිව බලලා ගියා. මාසෙකට සැරයක් එන පොඩි මාමාට මම ගොඩාක් ආදරේ කරා. රට ඉගෙන ගෙන ලංකාවේ ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන එක ගැන මාමා සතුටු වුණේම නැහැ. එයාලට ඕන වුණේ මාව රටම තියන්න. මට හිමි ලංකාව තියෙද්දි මම මොකටද පර හැත්තට බෙහෙත් කරන්නෙ. මාව ලංකාවට අඳින මොකක් හරි නොපෙනන බලවේගයක් තිබුණා. යටි හිතේ කවුරු හරි මට ලංකාවට එන්න කියලා නිතරම කිව්වා. ඇහුවට පුදුම වුණාද කලින් මට යාලුවෝ නැහැ කියන එක. පුදුම වුණත් ඒක තමයි ඇත්ත. මේ එකෙක් වත් විශ්වාස  කරන්න බැහැ. ඒක නිසා මට යාලුවෝ යෙහෙළියෝ කවුරුත්ම නැහැ. මට ෆොන් නැහැ. මට ලැප්ටොප් නැහැ. මට ඕන වුණේ පුළුවන් තරං සරල වෙන්න. තනියම ඉන්න. මම කාමරේට වෙලා දිගට හරහට නිදාගන්නවා. නින්ද ගියාම මට මොකවත් මතක නැහැ. පැහැදිලි නැති ලස්සන රූපයක් මගෙ ඔලුව අත ගානවා. සමහරවිට ඒ මගෙ අම්මා වෙන්න ඇති.

එකම හීනයක්වත් පේන්නෙ නැතිව රාත්‍රිය ගෙවිලා ගියා. උදේ එලාම් තිබ්බ නිසා හත වෙද්දි ඇහැරුණා. ඇහැරිලා එහා පැත්ත හැරෙන්න හම්බුණේ නැහැ දොරට තට්ටු කරනවා. මට ඉතින් අ-ෆ මතක් වෙන්නෙ මේ වෙලාවට. ඇයි යකෝ හෝටලේට ඇවිත්වත් නිදහසේ ඉන්න බැහැනෙ. මම හොද දෙකක් කියන්න හිතගෙන නැඟිටලා දොර ඇරියා.

‘මොන මඟුලක්ද යකෝ...‘ මම දොර ඇරගෙන කෑ ගහද්දි ඇවිත් හිටියේ අපේ පොඩි මල්ලි.

‘පොර මාව එක පාරම කාමරේ ඇතුළට තල්ලු කරා.

‘සර් ... සමාවෙන්න...‘ පොර කාමරේට ඇවිත් දොර වැහුවා. ‘ සර් ඉන්නෙ උපන් ඇඳුමින්...‘

අම්මට... මම ටක් ගාලා ඇඳේ රෙද්ද අරන් මගෙ රහස් අවයව වහ ගත්තා.

‘මොනවද හු.. උදේම කරන්නෙ..‘ මම රෙද්ද අඳින ගමන් අරකට කෑ ගැහුවා. ‘ ප... නිදා ගන්නත් නැහැ. තොපිට අපි ගෙවලනෙ ඇවිත් ඉන්නෙ. අපිට ඕන විදිහට ඉන්න බැරිද ආවාම ප....‘

‘ සර් උදේට කෑම ගැන අහන්නයි ආවේ.. ‘ පොර බිම බලාගෙන කිව්වා.

‘කෑවත් නැතත් තොපේ ලොක්කට කියපිය මම ගෙවනවා කියලා. මට ඕනෙනං මම කනවා. නැත්තම් නැහැ. කීය වුණත් බිල ගෙවනවා කියපිය. මොන  හු......... මේක. අපිට කවන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ...‘
පොඩි මල්ලි මොකවත් කීවේ නැහැ. කට වහගෙන බිම බලාගෙන දොර ඇරියා.

‘මට රතු ඉඳියාප්පයි,  කිරි මාලුයි, ලුණු මිරිසුයි ඕන කියාපන් ....‘ මම දොර වහන්න කලින් කිව්වා. පොරට හිනා ගියා. මටත්  හිනා ගියා.

එහෙම්ම උදේම නාලා පහළට ගිහින් මම කෑම කෑවා. ඇඳුම් ටික රෙඩි කරලා තිබ්බා. ඔෆිස් එකට ගිහින් එන ගමන් ඇඳුම් ටික ගත්තනං හරි. නැත්තං මේ මඟුලත් උස්සගෙන පලයන්කො මහ ඉස්පිරිතාලෙට. රූම් එක මම එදා දවසටත් බුක් කරා. පොඩි බෑග් එකකට ඕන කරන ෆයිල් ටික දාලා එතන තියෙනවීල් එකක් අරගෙන හොස්පිට්ල් එකට ආවා. සඳුදා දවසක් හින්දද කොහොද සෙනඟ ටිකක් වැඩි.

කොහොම හරි මම හොස්පිට්ල් එකට එද්දි 10ට වගේ ඇති. ඒක තමයි ඉතින් ඩොක්ටර්ස්ලා හොස්පිට්ල් එන නියම වෙලාව. 10.30ට වගෙ ඩිරෙක්ටර් සර් ආවා. පොර හොඳට මාත් එක්ක කතා කරා. පූජා නගරේ තියෙන ප්‍රාදේශීය රෝහලට තමයි මට පත්වීම හම්බෙලා තියෙන්නෙ. ක්වාටස් එකත් එතනම තියෙනවලු.

‘මිස්ටර් බංඩාරට හොඳයි...‘ ඩිරෙක්ටර් සර් ලියුම් ටික සයින් කරන ගමන් කිව්වා. ‘ රුවන්වැලි සෑය පේන සීමාවෙ ඉන්නෙ. හිතේ සංතෝසෙන් වැඩ ටික කරගන්න පුළුවන්... අපි පර්සර්නල් ෆයිල් එකට මෙහෙ ලියුම් ටික යවන්නම්. සතියකින් විතර මෙහෙට ෆයිල් එක ඒවි. හැම සතියෙම බදාදට මෙහෙ වැඩ බලන්න දාන්න වෙනවා. බංඩාර වාහනයකද ආවේ....?‘

‘නැහැ සර්... මම ඊයේ ට්‍රේන් එකෙ ආවේ...‘ මම කිව්වා.

‘දැන් කොහෙද නතර වෙලා ඉන්නේ....‘

‘සීබෑන්ක් හොටෙල් එකෙ සර්....‘

‘අහ් එහෙමද.... මම අදම ක්වාටස් එක හරි ගස්සලා දෙන්නං. හැබැයි බංඩාර අපිට කෝකියෝනං දෙන්න විදිහක් නැහැ. බංඩාරට උයන්න පිහන්න පුළුවන්ද?‘

‘පුළුවන් සර්...‘ මම හිනාවෙලා කිව්වා.  ඉව්වට සර් එවා කන්න පුළුවන්ද කියලා තාම ටෙස්ට් කරලා නැහැ. ඒක කිව්වා කියලා හිතා ගන්නකො.

‘හරි එහෙනං මම එස්.කේ මහත්තයා යවලා එහෙ අඩුපාඩු ටික හරි ගස්සලා ඉක්මනට බංඩාරට ක්වාටස් එක ලෑස්ති කරලා දෙන්නං. හෙට ඉදන් වැඩ කරන්න වෙනවා. ක්වාටස් එකනං රෙපයාර් කරලා තියෙන්නෙ. අඩුපාඩු වෙලා තියෙන බඩු ටික ගෙනත් දැම්මාම හරි මගෙ හිතෙ... ‘ සර් ඒක කියන ගමන් කොල් එකක් ගත්තා...‘ පොඩ්ඩක් ඉන්න බලන්න...‘

‘ආ එස්.කේ මහත්තයා. අර ක්වාටස් එකෙ බඩු එහෙට යවලද තියෙන්නෙ... උදේ යැව්වද? ඔව් ඔව් ඒ දොස්තර මහත්තයා ඇවිත් ඉන්නවා. මම එහෙනං ගබඩාවට එවන්නං.. ඔව් මෙහෙ වැඩ ටික ඉවර කරලා එවන්නංකො..‘

‘හරි බංඩාර...‘ සර් ෆොන් එක කට් කරන ගමක් කිව්වා. ‘ එස්.කේ මහත්තයා උදේ ගිහින් බඩු ටික බලා ඇවිත්. එස්.කේ මහත්තයා එක්කම ගිහින් ඒවා ටික භාරගන්න. අඩු පාඩු මොනවා හරි තියෙනවනං ඒ ටික හදව ගන්න. බංඩාර බැඳලද....?‘

‘තාම නෑ සර්...‘ මම හිනා වෙලා කිව්වා.

‘එහෙනං ඉතින් පාඩුවේ උයා පිහාගෙන කාලා ඉන්න පුළුවන්...‘ සර් නැඟිට්ටා.. මමත් නැඟිට්ටා. ‘ මෙහම්ම පහළට බැහැලා පාර එහා පැත්තෙ තියෙනවා අපේ ගබඩාව. එකෙ එස්.කේ මහත්තයා හම්බෙන්නකො.... සතුටුයි පිට රටක ඉගනගෙන ලංකාවට ඇවිත් මෙහෙම සේවය කරන එක ගැන...‘ සර් මට අත දෙන ගමන් කිව්වා.

‘හොඳට වැඩ ටික කරගෙන ඉන්න එහෙනං...‘

‘තැන්ක් යූ සර්...‘ නිසල මාමා ඩොක්ටර් කෙනෙක් හින්දම මට ලංකාවේ ලිස්ට් එකට දා ගන්න පුළුවන් වුණා. අනික මම දුෂ්කර ඉල්ලාම ගත්ත හින්දා චාන්ස් එක වැඩි. ඩිරෙක්ටර් සර් කියපු විදිහට මම ස්ටොක් කීපර් හොයාගෙන ආවා. හරි අහිංසක මනුස්සයෙක් වගෙ.
මම ගියපු ගමන් නැඟිටලා අතට අත දුන්නා.

‘මහත්තයා බොහොම වාසනාවන්තයි...‘ හිනා වෙලා කිව්වා.

‘ ඒ මොකද?‘ මමත් හිනා වෙලා ඇහුවා.

‘හැමදාම වුණත් ශ්‍රී මා බෝධිය වඳින්න පුළුවන්... අතේ දුර.. ක්වාටස් එකනං මහත්යෝ පංකාදු පහයි. කාමර 03යි, සාලෙයි, කුස්සයියි. අද අපි ඇඳවල් පුටු මේස දැම්මා. දොර රෙදි ජනෙල් රෙදිත් දාලා තියෙන්නෙ. ෆොන් එකයි, ලයිට් ටිකත් හරි. ඇටෑච් බාත්රූම් තියෙනවා. පිටිනුත් එකක් තියෙනවා.....‘
මම හිනාවුණා.

‘අපි යමුද එහෙනං බළලා එන්න...‘ එස්.කේ මහත්තයා නැඟිටින ගමන් ඇහුවා.

‘හොඳයි‘ මමත් නැඟිටින ගමන් කිව්වා.

ඉතින් ගබඩාවේ ලොරියෙන්ම අපි ක්වාටස් එක බලන්න ආවා. යද්දි සීබෑන්ක් හොටෙල් එකත් පහුවුණා. මල්වතු ඔයා උඩින් පාලම... එතනින් කි.මි භාගයක් වගේ ගියාම ශ්‍රී මහා බෝධිය.... ‘ අනේ සාදු සාදු සාදු...‘ එක්.කේ මහත්තයා පුටුවෙන් නැඟිටලා වැන්ඳා. භික්ෂු විශ්ව විද්‍යාලය මැදින් දාලා රුවන්වැලිසෑය පාර ඉස්සරහින් කෙලින්ම ගියා. මෙන්න ක්වාටස් එක... හොස්පිට්ල් එක එහා පැත්තේ. පිටතින්නම් ලස්සන පරිසරයක් තිබ්බේ. කොළඹදි ඈතින් මුහුද දැක්කා වගේ ලොරියෙන් බහිද්දම තිබුණේ රුවන්වැලි සෑය. මහා සෑය. බුදු හාමුදුරුවන්ගේ වැඩිම ධාතූන් වහන්සෙලා ප්‍රමාණයක් ඉන්නෙ මෙහෙ කියවනෙ. ‘ අනේ සාදු සාදු සාදු...‘ මමත් හිතින් වැන්දා....

එස්.කේ. මහත්තයා එක්කම ගිහින් ක්වාටස් එක බැලුවා. සේරම පිළිවලට අස් කරලා. කාමර තුනක්නං මට වැඩියි. ඒ කියල ඉතින් කඩල අයින් කරන්න යැයි... කොසු ඉදල් ටික බිත්තිය අයිනට හේත්තු කරලා. ඇඳවල් වලට බෙඩ් ෂීට් දාලා, කොට්ට පිළිවළට තියලා. මේස අස් කරලා. රාක්ක ගහලා. සාලේ ටී.වී එකක් තියලා. පොඩි වේවැල් සැටියකුත් තිබ්බා.

කුස්සියෙත් පිගන් රාක්කයක්, පිගන් 4ක්. කෝප්ප ටිකක්, පහේ දාන්න බොතල්, වතුර ෆිල්ටර් එකක් තිබ්බා. ගෑස් ලිපක් පවා තිබුණා. එස්.කේ මහත්තයා එකින් එකට පෙන්නලා පොතේ මාර්ක් කර ගත්තා. මම නං මොනවද කියලත් බැලුවේ නැහැ. කොහොම වුණත් පරිසරය හරි නිස්කලංකයි වගෙ.

‘මහත්තයාට හෙට ඉදලා නතර වෙන්න පුළුවන් මෙහෙ....‘ සේරම වැඩ ටික ඉවර කරල එස්.කේ  මහත්තයා කිව්වා.

‘අපි යමු එහෙනං... අද වැඩ භාරගත්තනෙ.. හෙට ඉදලා එහෙනං වැඩ කරන්නයි තියෙන්න.. මෙන්න යතුර...‘
මගේම ගෙදරක යතුරක් මට ලැබෙනවා වගෙයි දැණුනෙං...
_________________________________________________________________
ගලා ගලා දිය ගලාන ඇවිදින්
සලා සලා නෙතු සලාන සිටිමින්
බලා බලා ඔබ බලාන හිදිමින්
තලා තලා හද තලාන නිතැතින්...

============================

නව වන ප්‍රාර්ථනය...

ලොරියෙම ඇවිත් මම හොටෙල් එක ගාවීන් බැස්සා... දවල්ට කාලා ටිකක් නිදා ගත්තා. පොඩි මල්ලි පෙන්න හිටියෙ නැහැ. මම නැගිටිද්දි වෙලාව හතරට වගෙ ඇති. පහළට ඇවිත් තේ එකක් බීලා ටී.වී. එක බලාගෙන හිටියා. හුටා.... පොඩි මාමට කොල් එක්ක දෙන්න බැරි වුණානෙ. මම අයෙත් උඩට දුවගෙන ආවා. පොඩි මාමා යන්න කලින් දවසෙත් මට ෆෝන් එකක් ගෙනත් දුන්නා. මම ගත්තෙ නැහැ. මොකාට කතා කරන්නද මට ෆෝන්. ගෙදර ඉන්නෙත් ගෝනි බිල්ලෝ ටිකක්...

මම නම්බර් එක ලියාගෙන තිබ්බ පොතත් අරගෙන සුදු නංගි ගාවට ආවා.

‘මිස් මට කොල් එකක් ගන්න පුළුවන්ද?...‘ මම ඇහුවාම එයා පුදුම වුණා‍. මේ විසිඑක්වන ශත වර්ෂෙ මට ෆොන් එකක් නෑ කිව්වාම ඉතින් පුදුම නොවී පුළුවන්ද?  ‘පුළුවන් සර්...‘

මම පොතේ තිබ්බ අංක ඩයල් කරා... පොතත් අරගෙන ආවාම පුදුම ඇති. රින් දෙකක් යද්දි පොඩි මාමා ආන්සර් කරා.

‘ අහ් පොඩි මාමා මම ඊයේ හවස අනුරාධපුර ආවා.‘ මම නංගි දිහා බලාගෙන කතා කරා. ‘ අද උදේ හොස්පිට්ල් එකට ගිහින් වැඩ භාරගත්තා. ක්වාටස් එකත් හරි. හෙට උදේ ඒකට යනවා. මට අවුලක් නැහැ....‘

‘කරන කියන හැමදේම හොඳට කල්පනා කරලා කරන්න පුතේ..‘ පොඩි මාමා කිව්වා... ‘ මම සතිඅන්තෙ ඇවිත් යන්න එන්නං...‘

පුදුමයි පොඩි මාමා බය වුණේ නැ කිව්වාම...

‘හරි හරි... මෙහෙ අවුලක් නැහැ. එහෙනං මම තියන්නං..‘ මම එහෙම කියලා ෆොන් එක තිබ්බා. තව මොනවද කියනව වගෙ ඇහුණා. ඒවා වැඩක් නැහැ...

‘සර් ඩෝකටර් කෙනෙක් ද?‘ මම ආයෙත් හැරෙද්දි සුදු නංගි ඇහුවා...‘

‘ඔව් ඇයි?‘

‘ මහ ඉස්පිරිතාලෙද සර් ඉන්නෙ එතකොට...?‘ ආයෙත් ඒ නංගි ඇහුවා.

‘ නැහැ. රුවන්වැලිසෑය ගාව තියෙන ප්‍රාදේශීය රෝහලෙ...‘ මම බොඩ් එකෙ තිබ්බ නම එහෙම්ම කිව්වා.

‘අපෙ ගෙවල් ඒ පැත්තෙ තියෙන්නෙ සර්...‘

‘ අහ් එහෙමද....?‘ මම ඒක කියල ආයෙත් උඩට යන්න හැරුණා. ‘මේ ඒක නෙමෙයි මිස්. ඒ පැත්තෙ නැද්ද මට කෑම ගන්න තැනක් කතා කරගන්න...?‘

‘පුළුවන් ඩොක්ටර්...‘ මෙච්චර වෙලා සර් කියපු කෙල්ලට එක පාරම ඩොක්ටර් කියවුණා. ‘ අපේ ගේ ගාව ඉන්නවා එහෙම කෑම හදන ඇන්ටි කෙනෙක්... මම අහලා ඩොක්ටර් කොල් එකක් දෙන්නං...‘
කෝල් කරන්නෙ මගෙ අහවල් එකටද නංගියේ...

‘නංගිගෙ නම්බර් එක මට දෙන්න පුළුවන්ද? මම හැන්ඩ් ෆොන් යූස් කරන්නෙ නැහැ.‘ තවත් පම්පෝරි මොකටද මම ඇත්තම කිව්වා. ‘ මම හෙට ක්වාටස් එකට ගිහින් කොල් එකක් දෙන්නං ඔයාට. ඔයා විස්තරේ අහලා බලලා කියන්න. තුන් වරුවම ඕන... ගාණ ප්‍රශ්නයක් නැහැ. කෑම ටික පිරිසිදුව තිබ්බොත් ඇති...‘

‘මම දැන් ඒ නැන්දට කෝල් එකක් දීලා ඩොක්ටර්ට විස්තරේ කියන්නං. ඩොක්ටර් හෙට උදේ නේද යන්නෙ...?

‘ඔව් මිස්...‘ ඩොක්ටර් කෙනෙක් මිස් කියද්දි නංගිට හරි හැෆි ඇති... මම හිනාවක් දාගෙන රූම් එකට ආවා.
කෑම ප්‍රශ්නෙත් විසඳුනොත් මට කරදරයක් නැතිව වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්... එක පාරම ජීවිතේ සෑබෑ වෙනසක් වෙන් යන්නෙ... කාමරේට ඇවිත් ශ්‍රී මා බෝධිය වඳින්න යන්න ලෑස්ති වුණා. ඊයේ ආවට යන්න බැරි වුණානෙ. සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳලා ඩාර්ක් නිල් පාට ඩෙනිම ඇන්දා. මේ ටී ෂර්ට් එක තාත්තගෙ යාලුවෙක්ගෙලු. බාප්පා හරි ආසයි මම සුදු ටී ෂර්ට් එක අඳිනවට... ඇත්තටම ඒක ඇන්දාම මට කලින් දැනෙන සංසාර පුරුද්ද දැනෙනවා. මගෙ ඇඟ ඇතුළේ කවුරු හරි ජීවත් වෙනවා වගෙ. මේ හොල්මන්නං කරන්න එපා හරිද? ඩොක්ටර් වෙලා මිනී කැපුවත් මමත් බය වෙන වෙලාවල් තියෙනවානෙ...

කාමරේ වහලා මම එළියට ආවා. හරිම සැහැලුවෙන් වගේ. එහා කාමරේ හිටපු කෙල්ලක් කන්න වගෙ බලාගෙන. ඔයිට වඩා කෙල්ලෝ කන්න ආවා යු.කේ ඉද්දි. එහෙං කාපු නැති මම මෙහෙං කයිද අක්කෙ ආප්ප... හිහි කෝකටත් කෙල්ල අවුස්සන්න ඕන හින්දා මම පොඩි ඇක්ෂන් ඒකක් දාන්න ගත්තා.

‘ඩොක්ටර්..‘ පිටි පස්සෙන්  ඇහුණ සද්දෙට මම ගැස්සුණා. හච් මේ පොඩි මල්ලිනේ... මෙකා කොහොමද දන්නෙ මම ඩොක්ටර් කෙනෙක් කියලා...?

‘මොකද යකෝ බය කරන්නෙ....‘ මම ඇහුවා.

‘සර් බය වුණාද?‘ කොල්ලා මාව දැන් ජෝක් එකට අරන් වගෙ. අම්මට සිරි මේකා උදේ මගෙ කුට්ටමත් දැක්කා නේද? කාටවත් කිව්වද දන්නෙ නැහැ.

‘උඹ අර උදේ මම යකඩ ඇඳුමෙන් හිටියා කියලා කාටවත් කිව්වෙ නැහැ නේද?‘

‘ නැහැ ඩොක්ටර්...‘

‘ඒක උබේ වරද? මේ පාන්දර යාමේ එනව හු..... ගන්න....‘

‘සර් මාර ලස්සනයි ඒ ඇඳුමට...‘

‘ඔව් බං මේක ඇන්ඳාම මට නොලැබෙන දෙයක් නැහැ....‘

‘කොහෙද සර් දැන් යන්නේ...‘

‘ශ්‍රි මා බෝධියට ගිහිං එන්නං කොල්ලෝ... ඊයෙ යන්නත් බැරිවුණානෙ...‘

‘අපරාදේ මටත් නිවාඩුනං එන්න තිබ්බා...‘

‘උඹ මොකටද එන්නෙ...‘

පොරට ඒකට අප්සට් ගියා.. ඇත්තනෙ ඌ  මොකටද එන්නෙ...? මම පඩිපෙළ බැහැගෙන කවුන්ටර් එක ගාවට ආවා.

‘මම මිස් ශ්‍රි මා බෝධියට ගිහින් එන්නං...‘ මම කිව්වා

‘සර් දැන් ඉන්දියාවේ යනවද?‘ මේ ගැණි මොනවද මේ අහන්නේ...

‘මොකක්?‘

‘ශ්‍රී මා බෝධිය තියෙන්නෙ ඉන්දියාවේ සර්...‘ කින්ඩියට හිනාවෙලා මේකි කියපු ලස්සන අප්පා...

‘එතකොට මෙහෙ තියෙන්නෙ ඒක නෙමෙයිද?‘

‘මෙහෙ තියෙන්නෙ ජය ශ්‍රී මා බෝධිය සර්...‘

‘ඒකත් එහෙමද.... මම නෙමෙයිනෙ මිස් ගෙනාවේ.. ඒක නිසා හරියට මතක නැහැ මට....‘ මම නෝන්ඩිය වහගන්න කිව්වා. ‘ මම ගිහිං එන්නං..‘

මම එන්න හැරෙද්දිම සුදු නංගි ආයෙත් කතා කරා.

‘සර්...‘

‘ඇයි මිස්...‘

‘සර් මම අර ගෙදරට කතා කරා. ඒ නැන්දලා ටවුං ගිහිං. ගෙවල් ගාව මල්ලි කෙනෙක්ට කතා කරෙ. මම හෙට උදේම කියනංකො. සර් එද්දි මම ඔෆ් වෙලා ඉදිවි. සර් හෙට කීයටද යන්නෙ...?‘

‘මම හෙට උදේ 9ට වගෙ යන්න ඕන මිස්...‘

‘හරි සර් මම උදේ 7ට එනවා...‘ සුදු නංගි හිනාවෙලා කිව්වා.
නංගිට බැරිද එහෙම්ම ඒ වෙලාවට මගෙ රූම් එකට එන්න....? මේ ඒක ඇහෙන්න කිව්වෙ නැහැ හරිද? නැත්තම් ඒකටත් බනිවී පස්සෙ...

‘බොහොම ස්තූතිය මේ කරන උදව්වට...‘ මම එහෙම කියල පාරට ආවා. හොටෙල් එක ගාව වීල් තිබුණත් මට ආස හිතුණේ පයින් යන්න...

හවස් වෙලා තිබුණ නිසා අව්වත් එච්චර තිබුණේ නැහැ. එතන ඉදලා මීටර් දහයක් වගෙ තිබුණේ සිංහ කණුව ගාවට. හැබැයි එතන ඉදලනං කිලෝ මීටරයක් වගෙ ඇති ශ්‍රී මා බෝධියට.. අහ් නැ නැ. ජය ශ්‍රීමා බෝධියට. ඈති පෙනෙන රුවන්වැලි සෑය දිහා බලාගෙන මම පාරේ අයියෙන් ආවා. ඇහැල ගස් වල මල් පිපිලා. පාරට කහා පාට මල් වැටිලා හරිම ලස්සනයි. එහා පැත්තෙන් ඉර බැහැගෙන යනවා. අහස රතුම රතු පාටයි. රතු පාට වුණු අහස පරයා නැගී තිබුණු රුවන්වැලි මහ සෑය අමුතුම භක්තියක් ඇති කරනවා.

රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන ජය ශ්‍රි මා බෝ සමිඳු ගාවට මම ආවා. හදුන්කූරු, මල්, පහන් මොකවත් මං ගාව නැහැ. හතර වටේටම කට්ටිය. ලොකු සෙනඟක් හිටියෙ නැහැ. ඒත් අතරින් පතර හිටියා.
මම අයිනක තිබ්බ බුද්ධ රූපයක් ගාවට ගිහිං බලාගෙන හිටියා...

මම ඉස්සරාට වෙලා කවුද කෙනෙක් බලාගෙන. හරිම ප්‍රසන්න මූණක්. පොර මම ගාවට ඇවිත්,

‘ආ පුතේ මල් ටිකක්...‘ කියලා පිච්ච මල් අහුරක් මට දික්කරා. ඒ නැන්දත් එතනම හිටියා. දෙන්නගෙම සිරියාවන්ත හිනා පොඩ්ඩ.

‘බොහොම ස්තූතියි ...‘ මමත් හිනවෙලා මල් ටික ගත්තා.

මට මල් ටික දීලා ඒ දෙන්න යන්න ගියා. මම මල් එකින් එක අරගෙන එතන පිළිවළට තියන්න ගත්තා. ලස්සන හදවතක විදිහට. මල් ටික පූජා කරලා මම බෝධිය වටේ ඇවිදින්න ගත්තා. ‘ප්‍රාර්ථනා ගස‘... ඒ මොකද්ද ඒ...? බෝධියේ වැලි මළුවේ කෙළවරක ප්‍රාර්ථනා ගහා කියලා සඳුන් ගහක් තිබුණා. එන එන හැමකෙනාම වගෙ ඒක අත ගාලා ගිහින්. කොච්චර අත ගාලද කියනවනං ගහෙ පොත්තත් ගෙවිලා. මමත් ගහ ගාවට ගිහින් අත ගාලා බැලුවා. ගගෙ කඳ සිනිඳු වෙලා. 

මෙන්න එතන හිටපු අංකල් කෙනෙක් මගෙ ඇඟට කඩාගෙන වැටුණා.

‘අනේ.....‘ අතන හිටපු ඇන්ටි කෑ ගැහුවා. මම අංකල්ව අල්ල ගත්තා. එහෙම්ම පාත් කරා.

‘මොකද වුණේ...‘ පොඩි කලන්තයක් වගෙ.. අංකල් යාන්තමට කිව්වා.

‘ ඇන්ටි වතුර ටිකක් ගෙන්න...‘ මම අංකල් වාඩි කරවන ගමන් කිව්වා . එතනට ඇවිත් හිටපු තවත් ඇන්ටි කෙනෙක් වතුර බෝතලයක් දුන්නා. මම අංකල්ගෙ මූණට වතුර ටිකක් ඉහල බොන්න දුන්නා. ‘අංකල් ඔලුව ටිකක් පාත් කරගෙන ඉන්න...‘

‘පෙෂර් තියේද?‘ මම ඇන්ටිගෙන් ඇහුවා.

‘අනේ නැ පුතේ...

_____________________________
සඳවතී කොයි ගිහින්
ඉකි බිඳී හදවතින්
තණ පලස පිනි වැටී
මල් පඳුර විසිරිලා...
කෝ....
කෝ....
ඔබ....?

දස වන ප්‍රාර්ථනය...


මම ඒ අංකල්ගෙ නාඩි චෙක් කරලා බැලුවා. නැති වෙන්න බැහැ. මොකක් හරි වෙනසක් තියෙනව.

‘මේ කලන්තේ හැඳුනු පළවෙනි පාරද?‘ මම දැන්ම බෙහෙත් දෙන්න පටන් ගත්තා.

‘ඔව් මහත්තයෝ...‘ මෙච්චර වෙලා පුතේ කිය කිය හිටිය ඇන්ටි මට මහත්තයා කියන්න ගත්තා. මම නාඩි බැලුව නිසා මම ඩොක්ටර් කෙනෙක් කියලා හිතුවද දන්නෙ නැහැ. ‘ මේ දවස් ටිකේම හරියට කෑමක් බීමක් නැහැ... ‘

‘ඒක තමයි. මානසික ආතතිය...‘ මම අංකල්ගෙ ඔලුව කෙලින් කරලා ඇස් බැලුවා. අංකල් ඉස්සරා බලාගෙන හිටියා. ‘අංකල් නේද මට මල් ගෙනත් දුන්නේ...  මොකද අංකල් එක පාරම වුණේ...‘ මම හිනාවක් දාගෙන ඇහුවා.

‘ළමයි හින්දා තමයි මහත්තයෝ...‘ උත්තර දුන්නෙ ඇන්ටි.. අංකල් හිමින් නැඟිට්ටා.

‘දැන් අඩුද අංකල්...‘ මම අත අල්ලන ගමන් ඇහුවා.

‘ඔව් පුතේ දැන් හරි වගෙ...‘ අංකල් මගෙ වාරුවෙන් නැඟිටින ගමන් කිව්වා.

‘මේ පුතා දොස්තර මහත්තයෙක් ද?‘ ඇන්ටි හිනා වෙලා ඇහුවා...

‘ ඔව් ඔව්...‘ මමත් හිනාවෙලා කිව්වා.

‘අනේ පුතේ මෙයාට කිව්වනං ඔය කල්පනා කිරිල්ල නතර කරන්න කියලා...‘ ඉස්සරාට ඇවිදගෙන යන ගමන් ඇන්ටි මට කිව්වා.

‘එහෙම කිව්වට බෑ පුතේ..‘ අංකල් මට හේතු ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ‘ළමයි පොඩි කාලේ හිතෙනවා මුං ලොකු උනානං හොඳයි කියල... ඒත් උං ලොකු උනාම හිතෙනවා හිටිය විදිහට හිටියනං හොඳයි කියලා....‘

අනේ දෙයියනෙ මගෙ අම්මයි තාත්තත් මං ගැන මෙහෙම හිතුවනං... මං අද කොච්චර සතුටින් ජීවත් වෙනවද නේද? හයක් හතරක් නොතේරෙන මාව අම්මා දාලා ගියා. තාත්තා බීලාම මැරුණා. පිට රටක ආගන්තුක මිනිස්සු එක්ක මම ජීවිතේට වෛර කරන්න ඉගන ගත්තා. මිනිස්සුන්ට නින්දා කරන්න, අපහාස කරන්න, දුකට පත් කරන්න ඉගන ගත්තා. මට බනින්න එපා. මට වෛර කරන්න එපා. පුළුවන්නම් ආදරේ කරන්න. මගෙ හිත ඉල්ලන, මගෙ පපු කැනැත්තට දැනෙන ඒ ආදරේ කරන්න...

‘අපි මෙතනින් යන්නං පුතේ...‘ මම උඩ බලාගෙන ඇවිදිනවා දැක්ක අංකල් කිව්වා. ‘ පුතා රුවන්වැලි සෑයටත් යනවද?‘

‘දැන් යන්න බැහැ අංකල්...‘ මම නතර වෙන ගමන් කිව්වා. ‘ මම හෙට එහෙ යන්නං ... තව ටිකක් මෙතන ඉදලා හොටෙල් එකට යන්න ඕන...‘

‘එහෙනං අපි යන්නං පුතේ...‘ අංකල් හැරෙන ගමන් කිව්වා.

‘පුතා ඉන්නේ අනුරාධපුර ඉස්පිරිතාලෙද?‘ ඇන්ටි ඇහුවා. අංකල් ආයෙත් මයෙ පැත්ත හැරුණා.

‘නැහැ ඇන්ටි.... මේ රුවන්වැලිසෑය ගාවම තියෙන්නෙ... මොකද්ද නම කිව්වේ.... ආ ප්‍රාදේශීය රෝහල....‘ මම කිව්වා

‘අනේ වාසනාවන්....‘ ඇන්ටිගෙ කටින් එකයි හිනාව‘ පරණ ඉස්පිරිතාලේ..... අපි බෙහෙත් ගන්නෙ ඒකෙන් තමයි පුතේ. ‘ ආයේත පුතා වුණා.

‘එහෙනං වෙලාවක එන්නකෝ...‘ මටත් අමුතු සතුටක් දැණුනා. මේ දෙන්නා හිතට ළබැඳි බවක් හිතුණා. ‘මම අංකල්ට බෙහෙත් ටිකක් දෙන්නං...‘

‘තෙරුවන් සරණයි මහත්තයෝ...‘ ඒ පාර අංකල්ට මාව මහත්තයා වෙලා... ‘ අපි එහෙනං ගිහිං එන්නං...‘

‘හරි හරි....‘ ජන්මෙට වඩා පුරුද්ද ලොකුනෙ නේද? මතකද ඒක....

ඇන්ටියි අංකලුයි යන දිහා මම ටිකක් බලාගෙන හිටියා. මම හිතන්නෙ හතලිහක් හෝ හතලිස් පහක් වගෙ ඇති අංකල්ට. ඇන්ටිටනම් තිහක් වගෙ... කොහොමද බොලෙ එහෙම වෙන්නෙ. මටත් දැන් විසි අටක් වෙන එකෙ. පොඩි මාමාට නම් දැන් පනස් හයක් හතක් වගේ ඇති. එයා හැටෙන් පැන්ෂන් යනවා කිව්වෙ. බාප්පට පහනයි මගෙ හිතේ. ඒ දෙන්නට එච්චර වයස පේන්නෙ නෑ ඒ වුණාට. ආත්තම්මාත් ඔය අසුව පැනලා හොදට ඉන්නෙ තාම.

මම ඉස්සරා තියෙන බෝ ගහක් ගාව වාඩි වුණා. හඳුන්කූරු සුවඳින් අමුතුම ගතියක් දැනෙනවා. රෑ වෙන හින්දද කොහෙද ලයිට් එකින් එක දානවා. ඒ එළියත් එක්ක ලොකු ඉතිහාසයක් දරාගෙන ජය ශ්‍රී මා බෝ සමිඳු වැඩ හිටියා. කොයි තරම් පව්කාර හිතක් මෙතනට ආවත් ඒ දිහා බලාගෙන ඉද්දි ශ්‍රද්ධාව දැනෙනවා. ඒකයි බුදු හාමුදුරුවෝ කිව්වේ. ධර්මයට කාලයක් නැහැ කියලා. අකාලයිකයි.... ඒක ඇත්ත.

මම ජීවිතේ පළවෙනි පාරට ජය ශ්‍රී මා බෝධියට දණ ගහලා වැන්දා. මම කිසිම දෙයක් ප්‍රාර්ථනා කරෙ නැහැ මයෙ හිතෙ. කිසිම ගාථාවක් කිව්වෙවත් නැහැ. රට හිටියත් මට තුන් සූත්‍රය පුළුවන්. ඒ මම පාඩම් කරලා නෙමෙයි බාප්පා කියනවා ඇහිලම මට පාඩම් වෙලා. ඉස්සර මාව නිදිකරවද්දි බාප්පා ඒක ගාථා කියනවා. පිටරටක හිටියට මට හොඳට සිංහල පුළුවන්. සුද්ද සිංහලත් පුළුවන් වුණේ බාප්පා කතා කරන නිසා වෙන්න ඇති. මට නෙමෙයිත මට කරදරයක් කරන හැම කෙනෙක්ම බාප්පා හොඳට අමතලා යැව්වෙ. උන්ට ඉංග්‍රීසියෙන් බැනලා ඉවර වෙලා මදි වුණාම තමයි ඔය මම අතරින් පතර පාවිච්චි කරන වචන කියන්නෙ. හැබැයි මට නම් ඒ වචන කලට වෙලාවට කටට එනවා. ඒක බැලුවාම පේනවා නේද?

උතුම් වන්දනීය තැනකට ඇවිත්  ඇත්තට මොනවද මම මේ හිතන විකාර දේවල්...?

මම නැඟිට්ටා... ආයෙත් හිමින් හිමින් හොටෙල් එකට... දැන්නම් පයින් යන්න බැහැ වගෙ. මම එළියට ඇවිත් එතනින් වීල් එකක් අරගෙන හොටෙල් එකට ආවා. මම එද්දි කවුන්ටර් එකෙ පොඩි මල්ලි හිටියේ.

‘සර් ඇයි පරක්කු....‘ මූ මම දැක්ක ගමන් එක පාරට ඇහුවා. ‘මම කී පාරක් ගියාද සර්ව බලන්න කාමරේට...‘

‘ඇයි උඹ මාව කවලා පොවලා නිදි කරන්න හෙව්වද?‘ මම හිනාවක් දාලා කිව්වා.

‘අනෙ නැ සර්....‘ පොරට සවුත්තුව ‘ සර් තාම මෙහෙට අලුත්නෙ... ඒකයි..‘

‘යකෝ... මම ලෝකෙ වටේ ගිහින් ආපු එකෙක්. මගෙ රටෙ ඇවිදින්න මම බය නැහැ.‘

‘සර් මොනවද රෑට කන්නෙ...‘ පොර මාතෘකාව වෙනස් කරා.

‘මට එළවළු සුප් එකක් හදන්න...‘ මම ඒක කියාගෙන උඩට යන්න හැදුවා.

‘මම රූම් එකට ගේන්නද සර්...‘

‘හරි අරන් වරෙන්‘

පොරගෙත් ආසාවනෙ...

මම කාමරේට ඇවිත් ඇඳුම් මාරු කරා. වොෂ් එකක් දාගෙන උපන් ඇඳුමින් ටිකක් ඇළ වුණා. කොහොම හරි පැය භාගයක් විතර යන්න ඇති. සුප් එක අරන් වෙන්න ඇති පොඩි මල්ලි දොරට තට්ටු කරා. මේ පාරනං එහෙම්ම දොර ඇරියෙ නැහැ. මම ටවල් එක ඇඳගෙන දොර ඇරියා... හාහාහාහාහ

‘ මම හිතුවා සර්ට නින්ද යන්න ඇති කියල...‘ දොර අරිනවත් එක්කම පොඩි මල්ලි කිව්වා.

‘ඒකද උඹ හිමින් තට්ටු කරේ....‘ මම ඇහුවා.

පොර හිනාවක් දාගෙන සුප් එක මේසෙ  උඩින් තිබ්බා. මම එහෙම්ම ඉදගෙන සුප් එක බොන්න පටන් ගත්තා.

‘සර්ට නූල්ඩිස් ටිකකුත් හදලා දෙන්නද?‘  මම සුප් බොන දිහා බලාගෙන හිටපු පොර ආයෙත් ඇහුවා.
මම ඌ දිහා බැලුවා.

‘උඹ තාම ගියෙ නැද්ද?‘ ඇත්තමට මම හිතුවෙ සුප් එක දීලා ඌ යන්න ඇති කියලනෙ.

‘නෑ සර්... නූල්ඩිස් එපාද?‘

‘ඈ යකෝ... නූල්ඩස් ඕනෙනං මම ඒවා ඉල්ලනවනෙ... මට ඕන සුප්. දැන් උඹ මට සුප් හදලා ගෙනත් දුන්නනෙ නේද? මම මේක බීලා කතා කරන්නං. එතකං ගිහින් තියෙන වැඩක් කර ගනිං....‘ මම එක හුස්මට කියාගෙන ගියා.

පොර බිම බලාගෙන අහගෙන හිටියා.

‘උඹත් අපෙ බාප්පා වගෙ බං.... ‘ මම සුප් එක බොන ගමන් කියන්න පටන් ගත්තා. ‘හැමදේම බාප්පා ළඟ ඉදන් දුන්නා. ඒත් උඹ දන්නවද එයා දුන්නෙ එයාට ඕන දේවල්... මට ඕන දේවල් නෙමෙයි.. නිකමටවත් මට මොනාද ඕන කියල එයා ඇහුවෙ නැහැ....‘

‘ඇයි සර්ගෙ අම්ම තාත්තා නැද්ද?‘ පොර දොර ගාව ඉදගෙනම මගෙන් ඇහුවා.

‘මම දන්නෙ නෑ බං....‘ මම සුප් එක බීලා ඉවරයි.... ‘ ආ මේක අරන් පලයන්... කකුල් දෙක රිදෙනවා හොඳටම... කාලෙකින් මෙහෙම ඇවිද්දෙ මං‘

‘මම සර්ට මසාජ් එකක් දෙන්නද?‘ පොර බන්දේසිය ගන්න ගමන් ඇහුවා.

මුට මාර ආසාවක්නෙ තියෙන්නෙ මාසාජ් දෙන්න.

‘උඹ මේකට එන හැම එකාටම මසාජ් දෙනවද?‘

‘අනෙ නෑ සර්... මට හිතුණාම විතරයි...‘

‘මොකද දැන් උඹට හිතුණේ මට මසාජ් දෙන්න...‘

‘සර් හරි හොදයි...?‘

‘හොදයි?‘

‘ආව වෙලාවෙ ඉදල මම උඹට බැන්න එකනෙ බං කරෙ...‘

‘ඒ සර්ගෙ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකනෙ සර්...‘

අනේ ඉතින් මගෙ කට. මම පොර දිහා බලලා  හිනා වුණා.

‘හරි හරි ඕක දැන් අරන් පලයන්....‘

‘සර් මසාජ් එක...‘ පොර දොර ගාවට වෙලා ආයෙත් පිං සෙන්ඩු වෙන්න ගත්තා.

‘හරි හරි ඕක තියල වරෙන්කො එහෙනං... මෙච්චර පිං සෙන්ඩු වෙලා මසාජ් දෙනව දැක්කමයි බං....‘ මම හිනා වෙලා කිව්වා.

එහෙ ඉද්දිනං මාසෙකට සැරයක් වගෙ ෆුල් මසාජ් එකක් දා ගන්නවා. මට මසාජ් එපා වුණේ උන් අපිව නිදි කරලා කරන වැඩ හින්දනෙ. හොඳට තෙල් ගාගා අත ගාලා සේරම ඇඳුම් අයින් කරවනවා. අන්තිමට අපිට නින්ද ගිහින් අපි දන්නෙත් නැහැ. රහස් ප්‍රදේශයෙන් ලාවට රස්නයක් දැනෙද්දි තමයි දැක්කෙ. මගෙ අහවල් එක ඌ කටේ දාගෙන කියලා. අම්මෝ.... එදායින් පස්සෙ මට මසාජ් ඕන නැහැ. බාප්පට කීවම කිව්වෙ ඒක සාමන්‍ය දෙයක්ලු. එයා හරි ආස ඇති කටට දී දී ඉන්න.... ෂික්..

කලා මම ටිකක් පුටුවට වෙලා වාඩි වුණා. කෑව ගමන් නිදා ගන්න හොඳ නැනෙ. කල්පනා කරනවනං කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න. අනේ මන්දා. මට හිතා ගන්න බැහැ. හෙට ඉදලා මම ඩොක්ටර් කෙනෙක්. අවුරුදු ගාණක් ඉගන ගත්ත එවායින් ලෙඩ්ඩු සනීප කරන්නයි මට තියෙන්නෙ.

‘සර් මම ආවා....‘ පොඩි මල්ලි දොර ගාවට ඇවිත් කිව්වා.

කළු වුණාට පොර හරි හැඩයි. සිත් කළු, දැකුම් කළු ලස්සන කන්කළු ගතියක් තිබ්බා.

‘කීයද බං වෙලාව..‘ මම පුටුවෙන නැගිටින ගමන් ඇහුවා.

‘දැන් අටයි සර්...‘

‘උබේ මසාජ් එක කොච්චර වෙලා තියෙනවද?‘

‘වැඩිය නෑ සර්. පැය භාගයයි...‘

‘ඔව් බං මට නිදි මතයි.... ඒකයි...‘

මම ඇඳ ගාවට ආවා.

‘දැන් උඹ මොනවා ගාලද මසාජ් කරන්නෙ....‘ මම ඇඳේ වාඩිවෙන ගමන් ඇහුවා.

‘මේ තියෙන්නෙ සර්...‘ පොර සාක්කුවෙන් ක්‍රොලොන් බෝතලයක් අරන් පෙන්නුවා.

‘හාහාහාහාහ උඹ රෙඩි වෙලා නේද ඉදලා තියෙන්නෙ.... දැන් මම කොහොමද ඉන්න ඕන...‘

‘සර් මුණින් අතට නිදා ගන්න...‘

‘අර දොර වහපන්... මම ඇඳේ ඇළ වෙන ගමන් කිව්වා... නැත්තං කවුරු හරි ආවොත් හිතයි මෙතන වෙන සීන් එකක් යනවා කියල..‘

‘වෙන සීන් එකක් කිව්වෙ සර්..‘ පොර දොර වහන ගමන් ඇහුවා.

‘අනේ මෙ උඹ බාබා... හොටෙල් වල වෙන දේවල් තෝ දන්නෙ නැද්ද....? ‘ මම මුනින් අතට නිදාගන්න ගමන් කිව්වා. ‘උඹලා කැමරා හයි කරලා නැ නේද?‘ මම ආයෙත් ඔලුව උස්සලා වට පිට බැලුවා.

‘ඒ වගෙ සෙකන්ඩ් ක්ලාස් වැඩ අපි ගාව නැ සර්...‘ පොර මගෙ පිටට ක්‍රොලොන් ඉසින ගමන් කිව්ව. ඇඟට මාර සනීපයක් දැණුනෙ. ලාවට සීතලකුත් එක්ක. ‘ අපි අපිට කියන වැඩ ටික කරගෙන ඉන්නවා. මෙහෙට එන කස්ටර්මස්ලගෙ විශ්වාසෙ අපි රකිනව. නැත්තං ආයෙත් එන්නෙ නැනෙ සර්....‘

‘ඒකත් ඇත්ත...‘ මම ඇඳට යන ගමන් කිව්වා.

‘සර් ඇයි ඉන ගාව කැපුමක් තියෙන්නෙ...‘ පොඩි මල්ලි මම ගාවට එන ගමන් ඇහුවා. ‘ මම උදෙත් දැක්කා. ඒ වෙලාවෙ අහන්න බය හිතුණා....‘

‘ඒ මගෙ මොලේ පොඩි කාලෙම අරන් දාලා බං...‘ මම හිනා වෙලා කිව්වා...‘ එකෙ පැච් එක තියෙන්නෙ....‘
පොර මසාජ් එක පටන් අරන් දැන්... උරිස් දෙක ගාව ඉදල පිටේ දෙපැත්ත තදට මිරිකගෙන ගියා. ලාවට මට කිචියක් තිබුණත් දත්මිටි කාගෙන හිටියෙ මගෙ රෙස්පට් ගතිය නැති වෙන හින්දා.

‘උඹෙ නම මොකද්ද කිව්වෙ...‘ මම පොරව කතාවට අල්ල ගත්තා.

‘මම දෙනුවන් සර්...‘

‘දෙනුවන් කියන්නෙ ඇස් වලට... උඹෙ වයස....?‘

‘මට දහඅටයි සර්... සර්ට කීයද?‘

‘උඹට කීයක් වගෙ පේනවද මට...?‘

‘විසි පහක්...‘

‘යකො එහෙනං මම මෙලහකටත් තාම කැම්පස්නෙ....‘

‘අනේ මාත් කැම්පස් ගියානං...‘ පොර එක පාරම මසාජ් එක නතර කරන ගමන් කිව්වා.

‘ඇයි උඹට යන්න බැරි වුණාද?‘

‘අපිට හරියට කරදර ආවා සර්....‘

මම ආයෙත් උඩබැලි අතට හැරුණා.

‘ඒ මොනාද කොල්ලෝ....‘
පොර කතා නැහැ.  වැරදි දෙයක්ද මම ඇහුවෙ. පොරගෙ ඇස් වල කඳුළු පිරිලා...

‘සර්ගෙ ෆොටෝ එකක් අපේ ගෙදර තියෙනවා සර්...‘ මෙච්චර වෙලා හංගගෙන හිටිය කඳුළු පොඩි මල්ලිගෙ නැහැ නැහැ දැන් පොඩි මල්ලි කීවා ඇති... දෙනුවන්ගෙ ඇස් වලින් බිමට වැටුණා. ඒ වැටුණේ තවත් දිග කතාව ආරම්භය කියල මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. ‘ඒකයි මට සර් ගැන මෙච්චර ලෙන්ගතුකමක් ඇති වුණේ...‘

‘මොකක්....‘ මම නැඟිටින ගමන් ඇහුවා.
______________________________________________
තුරුළු වෙන්න පපුව ළඟට
මට සීතලයි හුගක් හිතට
අත් අරගෙන දෑත් වලට‍
දෙනවද උණුසුම් එක  හාදුවක්
මගෙ නළලට?

දෑස් යොමන් දෑස් මතට
එකම හීනෙක ඉන්නට මට
කිසිදා අවදි නොවී ඇත්තට

ආසයි රත්තරං තාමත් මං...

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...