කඳුළු සිත්තම් (31-40)

 තිස් එක්වන සිත්තම

සේරම පව් කමා කරගත්තද?‘ සතිෂ් අයියා මගෙන් ඇහුවා.

මම ඔව් කියනවා වගේ ඔළුව හෙල්ලූවා. එහෙනම් යමු පඬුර දාන්න. සතිෂ් අයියා කිව්වා. මොන පඩුරක්ද? සතිෂ් අයියා නැඟිටලා සාක්කුවෙන් සුදු රෙදි කෑල්ලක ඔතලා තිබුණ කාසියක් ලෙහලා ගත්තා.

මේ මම ඔයාව අයෙත් හම්බුණාම ඔයාගෙ අතින්ම රුවන්වැලිසෑයට දානවා කියලා අයින් කරේ...සතිෂ් අයියා කාසිය මගෙ අතට දුන්නා. මම සතිෂ් අයියගෙ ඇස්දෙක දිහා බැලූවා. මම වෙනුවෙන් හැදුණු ලොකයක් ගැන බලාපොරොත්තු ගොඩක් ඒ ඇස් දෙකෙ තිබුණා. මට මම ගැනම දෙපාරක් ආයෙත් හිතන්න වෙනවා.

මම කාසිය අරගෙන ඇස් දෙක පියාගත්තා. මම දන්නෙ නැහැ සතිෂ් අයියා ඇයි මේ තරම් මට ආදරේ කියලා. මටත් සතිෂ් අයියටත් අලූත් ජීවිතයක් ගත කරන්න ශක්තිය දෙන්න, ධෛර්යය දෙන්න. මම මගෙ වැරදි හදාගන්නවා. මට ඒකට උදව් කරන්න..මම කාසිය පිං පෙට්ටියට දැම්මා.

දවසක ආලෝක පූජාවටත් සතිෂ් අයියා සල්ලි දුන්නා. ඒත් මගෙ නමින්. කිසිම දෙයක් කියන්න බැරිව මම ගොළුවෙලා. සතිෂ් අයියා එක්ක ආයෙත් කාර් එකට ආවා. බසවක්කුලම වැව් බැම්ම දිගේ කාර් එක ගෙදරට ආවේ හැරෙන තැන් වලින් විතරක් මම කතා කරපු නිසයි. සතිෂ් අයියත් කතා කරේ නැහැ.

කාර් එක ගේට්ටුවෙන් ගේ ඇතුළටම දැම්මා. මේක තමයි කඳුළු උල්පත... 

අම්මා ඉස්සරා ලොකු නංගිගෙ ඔලූව බල බල හිටියේ. කාර් එක දැක්කාම අම්මයි නංගියි ඇස් ලොකු කරගෙන බැලූවා. මම කාර් එකෙන් බහිද්දි මල්ලි දුවගෙන ඇවිත් මගෙ අත අල්ල ගත්තා. ඒ ගමන් කාර් එක අතගාන්න පටන් ගත්තා.

අයියා මේක තමයි අපෙ ගෙදර... එන්න ..

සතිෂ් අයියා කාර් එකෙන් බැස්සා.

අම්මා ... මේ මට කොළඹදි උදව් කරන අයියා.. මම කොළඹ ගියාම මෙහෙ තමයි ඉන්නෙ මම සතිෂ් අයියව අම්මට අඳුරලා දුන්නා.

එන්න මහත්තයෝ ගෙට...අම්මා ගේ ඇතුළට සතිෂ් අයියාට ආරාධනා කරා.

බිම මැටි ගාලා තිබුණත් සතිෂ අයියා දොර ගාවින් සපත්තු දෙක ගලවන්න හැදුවා. 

මේ ටයිල් අල්ලලා නැහැ. ඔහොම එන්න..මම සතිෂ් අයියාව ගේ ඇතුළට ඇඳලා ගත්තා.

ඔය.... වැටෙයි..

ලොකු නංගිට හිනා.. මල්ලි තාම කාර් එකෙ දිග පළල මනිනවා. දවසක මාත් ගන්නවා කාර් එකක්.

අම්මා .... තාත්තා කෝ..මම ඇහුවා.

කුඹුරට ගියා. අද වතුර ටිකක් හරවන්න ඕනය කිව්වෙ...අම්මා කිව්වා

අම්මා.... අයියා ඇවිත් තියෙන්නෙ මාව කොළඹ එක්ක යන්න..

අම්මා ඉස්සරා දොර ගාවට ඇවිත් හේත්තු වුණා.

මහත්තයාට කියන්න මහත්තයෝ පහුගිය ටිකේ පුදුම ගින්දරක් අපි විදින්නෙ මේ ළමයා හින්දා. හරියට කෑමක් බීමක් නැ. කොහෙ යනවද එනවද දන්නෙ නැ. මේ සෙනසුරු දසාව ගෙවන්නෙ... යන්තරයක් දාන්ඩ කියලා මායි අපෙ එක්කෙනායි කතා වුණේ...

මටත් පුතා කියලා කතා කරන්න අම්මෙ.. මම මහත්තයෙක් නෙමෙයි... මල්ලි මෙහෙම හිටියොත් තවත් නරක් වෙනවා අම්මා...සතිෂ් අයියා මගෙ දිහා බලන ගමන් කිව්වා. මම බිම බලාගෙන හිටියෙ. මගෙ තවත් මොනවද නරක් වෙන්න තියෙන්නෙ අයියෙ...

මම වැඩ කරන්නෙ කොළඹ සම්පත් බැංකුවේ ප‍්‍රධාන ඔෆිස් එකේ... මේ තියෙන්නෙ මගේ අයිඩෙන්ටිකාඩ් එක. සතිෂ් අයියා අම්මට එයාගේ අයිඩින්ටිය දුන්නා. මම වැඩ කරන තැනටමයි මල්ලිව ගන්න යන්නෙ... මෙයා උසස් පෙළ පාස් නිසා මට පුළුවන් එතන වැඩට ගන්න.

ඒක තමයි ළමයෝ... විභාගෙත් හොඳට පාස් වෙලානෙ අර කොහෙවත් යන කොල්ලෙක් අල්ලගෙන පිස්සු නැටුවේ... තමන්ට නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා කියලද? මුන් දෙන්නා වහකදුරු වගෙ වුණා. බැදගත්තු යකෙක් වගෙ මෙයාගෙන් වැඩ ගත්තා ඒ ගෙදර වුන්...

අම්මා මගෙයි විහඟගෙයි සම්බන්ධෙ සතිෂ් අයියට කියන්න පටන් ගත්තා.

ඒ මහ එකා යන්තර මන්තර දන්නවා. කොච්චර කිව්වත් ඇහුවෙ නැනෙ. අපිටත් නොගැහුව එක විතරයි. හැමදාම ගෙදර රණ්ඩු... එක යන්තං නතර වුණාට පස්සෙ තමයි මේ තැන් තැන් වල ඇවිදින එක පටන් ගත්තේ..

සතිෂ් අයියා මම දිහා බලනවා. මම කරපු හපන්කම් තමයි ඉතින් ඔය කියන්නෙ.. මම බිම බලාගෙන හිටියා.

පුතේ කේතලෙ ලිපෙ ටිකක් බලන්ඩ...අම්මා නංගිට කිව්වා. ඔය පුතාට කියන්ඩ, මාරක අපල මේ ළමයට... අවුරුදු 30වෙනකල්. අවුරුදු විසි දෙකක් උස් මහත් කරලා මොනවා හරි වුණොත් මොකටද ඉතින් මාත් ජීවත් වෙලා...අම්මා අඬන ගමන් කිව්වා. මටත් ඇස් වලට කඳුළු ආවා.. මට සමාවෙන්න අම්මෙ. අම්මා මම ගැන මොකවත් දන්නෙ නැහැ. ඒවා දන්නවනම් අම්මා මීට වඩා දුක්වෙනවා...

අපි යමුද අයියෙ වෙලට...මම සතිෂ් අයියගෙන් ඇහුවා.

හ්ම් .......... ඒක හොඳයි....

තේ ටිකක් බීලා ගියානම්...අම්මා කිව්වා.

අම්මා තේ එක හරිගස්සලා දෙන්ඩ.. තාත්තටත් ගිහිල්ලා දෙන්නම්..මම කිව්වා.

අම්මා පොඩි උණුවතුර බෝතලෙට තේ එකකුයි හකුරු බෝතලෙයි, කෝපප දෙකකුයි දුන්නා. මම ඒකත් අරගෙන සතිෂ් අයියා එකට වෙලට ගියා. වෙල තිබුණෙත් ගේ පිටිපස්සට වෙන්න ටිකක්. වෙල ගාවට ගියාට පස්සෙ සතිෂ් අයියා සපත්තු දෙක ගැලැව්වා..

අයියෝ......... දැන් කකුල් වල මඩ ගැවෙනවා.මම කිව්වා.

මඩ ගැවුණා වගේද?‘

ඇයි?‘

මේවා පූජා භුමි.. සපත්තු දාගෙන ඇවිදින්න හොඳ නැහැ. අපෙ බඩගින්න නිවන්නෙ මේ කුඹුරු... තේරුණාද?‘

මෙයාගේ බණ....

කියන දේ අහන කෙනෙක්ට ඕන කියන්න... මටනෙ වැරදුණේ.. සතිෂ් අයියා හිනාවුණා.

මම මුකුත් නොකියා නියර දිගේ තාත්තා ගාවට ආවා. ඊට ටිකක් මෙහෙන් මම බාටා දෙක ගැලෙව්වා. මොකද තාත්තා දැක්කො ත් බනිවි කියලා. මම බාටා දෙක ගලවද්දි සතිෂ් අයියා විසිල් එකක් ගැහුවා. මම ඔරවලා සතිෂ් අයියා දිහා බැලූවා..

තාත්තා....මම කෑ ගැහුවා..

අම්මෝ කටේ සද්දේ...සතිෂ් අයියා කන් වහ ගත්තා.මොකද ඔය සද්දේ කොළඹදි නොදා ආවේ...

කොළඹ මගෙ නෙමෙයිනෙ...

ඒත් කොළඹ කෙනෙක් දැන් ඔයාගෙනෙ...

මම මුකුත් කිව්වෙ නැහැ. තාත්තා තේ බොන්න හෙවන තිබුණ මයිල ගහ ගාවට එන්න ගත්තා. මම මයිලගහ උඩට නැග්ගා. කොළ අතුවලින් බැදලා තිබුණ රහසක් ලිහුවා...

මොනවද ඔය...

මේ තමයි මමයි විහඟයි පාඩම් කරපු මයිල ගහ. විහඟ ආවෙ නැති වුණාම මම විහඟගෙ නම මේ අත්තෙ කෙටුවා. මම ඒක විහඟට කිව්වා. එයා කිව්වා දවසක එයා මගෙ නමත් මේ ගහේ කොටනවා කියලා...

ඉතින් බැලූවේ දැන් නම කොටලද කියලද?‘ සතිෂ් අයියා මගෙන් ඇහුවා.

හ්ම්...

තියෙනවද ඉතින්....?‘

නැහැ....

මොකද ඔය ගහ උඩ කරන්නෙ...තාත්තා තේ බොන්න ආවා.

මම ටක් ගාලා ගහෙන් බැස්සා. තාත්තා සතිෂ් අයියා දිහා බලලා හිනාවුණා. ඉස්සරත් ඉදලා හිටලා අපේ ගෙදර යාලූවෝ ආපු හින්දා තාත්තා හිතන්න ඇති මේත් ඒ වගේ යාලූවෙක් කියලා.

කොහෙද මේ ළමයා...තාත්තට කවුරුත් අඳුරලා දෙන්න ඕන නැහැ. එයාම කතා කරලා අහනවා. තාත්තා බෝක්කුවෙ වාඩිවෙන ගමන් ඇහුවා.

මේ අයියා කොළඹ...මම සතිෂ් අයියට කලින් උත්තර බැන්දා මම කොළඹ ගියාම මෙහෙ තමයි ඉන්නේ

උඩමලූවේ ආවද?‘ තාත්තා අයෙත් ඇහුවා..

නැහැ. අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ... මාව එක්ක යන්න

කොහෙ එක්ක යන්නඩද? ‘ තාත්තා බෝතලෙන් තේ වක්කර ගන්න ගමන් ඇහුවා.

කොළඹ ජොබ් එකක් හම්බෙලා මට...

දැන් හොටලේට මොකද වෙන්නෙ එතකොට...

මම එතනින් අයින් වුණා...

ඒකත් ඉවරද? අනේ මන්දා මනුස්සයෝ තමුසෙනං....

මම වැඩ කරන්නෙ බැංකුවක තාත්තේ...සතිෂ් අයියා කතා කරා. මල්ලිට මම එතන ජොබ් එකක් ලැස්ති කරා..

කොළඹ ගිහින් මෙයා ඉන්නෙ කොහෙද?‘ තාත්තා ඇහුවා.

අපේ ගෙදර ඉන්න පුළුවන්...සතිෂ් අයියා ගෙදර විස්තර කියන්න ගියෙ නැහැ.

සතිෂ් අයියටයි, තාත්තටයි කතා කරන්න දීලා මම කුඹුරෙ උඩහට ආවා.

තාත්තයි සතිෂ් අයියයි බරටම කතාව. මම අයෙත් කොළඹ ගිහින් මොකද කරන්නෙ? සතිෂ් අයියගෙ මල්ලි මට මොනවා නොකරයිද? සේරම දන්නවා කියලා සතිෂ් අයියා කිව්වේ... අපි දෙන්නා එකට ඉන්නව කියලත් කියලද? දෙයියනේ.. කොහොමද මම ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ.. එක අතකට ඇයි මම එයාලට මූණ දෙන්නෙ. මම ඉන්නෙ සතිෂ් අයියත් එක්කනෙ. මෙක මට හැදෙන්න ලැබෙන අවසාන අවස්ථාව වෙන්න ඔන ඒක හින්දා අයෙත් නරක් වෙලා බැහැ. සතිෂ් අයිය එක්ක ගිහින් සතුටින් ජොබ් එක කරගෙන ඉන්නවා. ගෙදරටත් සල්ලි එවනවා.

මල්ලී... සතිෂ් අයියා මට කතා කරා... අපි යමුද?....‘

මම නියර දිගේ ඇවිදගෙන තාත්ත ඉන්න තැනට ආවා.

මේ මහත්තයා එක්ක ගිහින් හොඳට වැඩ ටික කරගෙන ඉන්ඩ එහෙනම්. මාසෙකට සැරයක් ගෙදර එන්න පුළුවන් කියලා කියනවනෙ. ඒකවත් හරියට කරන්ඩ බලන්ඩ ඉතින්..තාත්තා අවවාද කරා.

අපි හෙට උදේ යමුද අයියේ....මම සතිෂ් අයියගෙන් ඇහුවා.

ඔයාගෙ කැමැත්තක් ...සතිෂ් අයියා තාත්තා දිහා බලලා හිනාවුණා.

දැන් එහෙනම් වැවට යමු නාන්න...මම උණුවතුර බෝතලේ ගන්න ගමන් කිව්වා. සතිෂ් අයියා හිනාවුණා. තාත්තා අයෙත් උඩහ ලියැදි වලට වතුර හරවන්න ගියා. මමයි සතිෂ් අයියයි ගෙදර ආවා. අම්මා අපි දෙන්නටම බත් උයනවා.

මොකද තාත්තා කියන්නෙ...අම්මා මගෙන් ඇහුවා..

තාත්තා කැමතියි අම්මෙ මල්ලි කොළඹ යනවට...සතිෂ් අයියා ගෙදර කෙනෙක් වගෙ පිලෙ වාඩිවෙන ගමන් කිව්වා. අම්මටත් පුදුමයි.

අනේ ළමයෝ ඔය හොඳ ඇදුමේ කුණු ගෑවෙනවා... දුව පුටුවක් ගෙන්ඩ මේ අයියට...

කමන් නෑ අම්මෙ... ඕන නැහැ. අපි දැන් නාන්න යනවා..සතිෂ් අයියා කිව්වා.

අයියෙ මාත් එන්නම් නාන්ඩ යන්ඩ... මල්ලි ඇහුවා.

යමු...සතිෂ් අයියා කිව්වා. මල්ලිට අවුරුදු වගේ... අනේ දෙයියනේ මේ සතුටු පිරුණු කැදල්ලටනෙ මම ගින්දර දුන්නේ. ඒත් ඒ දේවල් එහෙම නොවුණනම් අද මට සතිෂ් අයියා හම්බෙන්නෙ නැහැ. හැමදේම හොඳට තමයි..

සතිෂ් අයියයි, මල්ලියි, මමයි කාර් එකේම බසවක්කුලම වැවට ආවා නාන්න. ගස් අස්සෙ තිබුණ මංකඩක් ගාව කාර් එක නතර කරලා අපි නැවා. සතිෂ් අයියට ඔළුව ගිල්වලා නාන්න අමාරුයි. ඒක බල බල මල්ලි හොඳටම හිනාවෙනවා. මටත් ටිකක් හිනා ඉතින්...

ගෙදර ඇවිත් උණු උණුවෙ අම්මා බෙදලා දුන්න බත් එක කන්න පටන් ගත්තා. මම බත් කන්න මැටි කෝප්පෙ ගත්තාම සතිෂ් අයියා හිනාවුණා.

මේක තමයි මෙයාගෙ පාත්තරේ...අම්මා බත් බෙදලා දෙන ගමන් කිව්වා. මේකෙ කැවේ නැත්තං බඩ පිරෙන්නෙ නැලූ...

මොන බොරුද අම්මෙ... එහෙ ගිහින් අපුරුවට කෑවේ..සතිෂ් අයියා හිනාවෙවි කිව්වා.

මම අයෙත් සතිෂ් අයියා දිහා රවලා බැලූවා. ඒත් මට ඇහැක් ගහලා හිනාවෙලා බත් කෑවා. අම්මා නොහිටියනං සතිෂ් අයියා මට බත් කවනවා. මම ඒක දන්නවා. කට්ටිය එහාට මෙහාට වෙනකල් ඉදලා සතිෂ් අයියට මට බත් කටක් කැව්වා.

මෙච්චර රහට කන්න තිබිලත් ගියානෙ ....සතිෂ් අයියා කිව්වා.

මම මුකුත් කිව්වෙ නැහැ.

කලා මම කාමරේට ආවා. පැදුර දාගෙන බිම නිදාගන්න හැදුවා.

පුදුම ළමයෙක් තමයි... අම්මා දොර ගාවට ඇවිත් කෑ ගහන්න ගත්තා. අරහෙ අයියා තනියෙන්. මෙයා ඇවිත් නිදි...

අහ් සතිෂ් අයියා...මම පැදුරෙන් නැඟිට්ටා. සතිෂ් අයියා රෙදි වෙලෙන්න දානවා. වේලාව තුනට විතර ඇති.

මම ඉස්තෝපුවේ වාඩිවුණා. සතිෂ් අයියා මම ගාවට ආවා.

මල්ලි මොකද කිව්වෙ...මම සතිෂ් අයියට පුටුව දෙන ගමන් ඇහුවා.

මල්ලි අම්මට සේරම විස්තරෙ කියලා.. අම්මට හාර්ට් ඇටැක් හැදුණා. සතියක් විතර එතන පරක්කු වුණා...

ඇයි අම්මට ඇත්ත කියන්න ගියේ... කොහොම දැන් ඔයා අම්මට මූණ දෙන්නේ අයියේ...

මට තවත් මේ බොරු ලෝකෙක ජීවත් වෙන්න ඕන නැහැ මල්ලි. අම්ම මාව තේරුම් ගන්න ඕන... මේක මගෙ හැගීම. මේක වරදක් නෙමෙයි. එයාලා හිතන විදිහයි වැරදි... ඒකට මට කරන්න දෙයක් නැහැ.

අපිට මොනව වෙයිද අයියේ...

මොනව වුණත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා මල්ලි..සතිෂ් අයියට පුදුම විශ්වාසයක් තිබුණා.

කවුද අයියේ අර ඔයත් එක්ක ආව කෙනා...මම සතිෂ් අයියාගෙන් ඇහුවා.

කවුද?‘

ඔයා එද්දි මාත් එකක් හිටියේ....

සතිෂ් අයියා මගෙ මූණ දිහා බැලූවා.

ඇයි හොඳයි ද ඌ

මට හිනා ගියා. මට නං වරදක් නැහැ. හැබැයි ටිකක් මහත වැඩියි වගෙ...

ඇත්තද? මම ආවේ නැත්තං මහත වැඩියි කියලා නිකං ඉදියි නේද?....‘

මම නිකං ඉන්නේ මොකටද?‘ මම කිව්වා. මට සල්ලි දෙනවනෙ....

අය ඒවා කරන්න බැහැ... සල්ලි ඕන තරං මම දෙන්නං....

මම ගොලූ වුණා. මොකවත් කීවෙ නැහැ. දෙන්නත් එක්කම කිසිම කතාවක් නැතිව පාර දිහා බලාගෙන හිටියා. ලොකු නංගි පහන තියන්න මල් කඩනවා. මමයි සතිෂ් අයියයි මල් වට්ටියට ඇත ගැහුවා. මම දිහා බලලා හිනාවෙලා සතිෂ් අයියා කාර් එකට නැග්ගා.

යමුද ? දැන් උඩමලූවේ...සතිෂ් අයියා ඇහුවා.

හා..................මල්ලි කොහෙද ඉදන් දුවගෙන ඇවිත් කෑ ගැහුවා.

තාත්තා ගෙදර හිටියා. අම්මයි, නංගියි, මල්ලියි, මමයි දාගෙන සතිෂ් අයියා රුවන්වැලි සෑයට ආවා. දවල් ආවා වගෙ නෙමෙයි. රෑට  රුවන්වැලිසෑය ගාව හරිම නිස්කලංකයි. දකුණු දොරටුව ගාව සතිෂ් අයියා වාඩිවුණා. අම්මා මල්ලි නංගි එක්ක මල් පූජා කරලා අපට ටිකක් එහාට වෙන්න වාඩිවුණා.

දැන් මට ජොබ් එකක් ඇත්තටම තියෙනවද?...‘ මම සතිෂ් අයියගෙන් ඇහුවා.

ඇයි ජොබ් එකක් කරන්න ඕනෙද?‘

ඔව්..

ඒ ඇයි?‘

නැත්තම් මගෙ හිත අයෙත් එක එක දේවල් වලට යාවි...

හ්ම්... ඒක ඇත්ත. කොයි වගෙ ජොබ් එකක්ද ඔයාට ඕන...

ඇයි දැන් ඔයා කිව්වෙ තාත්තටයි අම්මටයි ඔයාගෙ ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනව කියල

ඔෆිස් එකෙ ජොබ් එකක් හොයලා දුන්නොත් මට වැඩ කරන්න වෙන්නෙත් නැහැ.

ඒ ඇයි...

ඇයි ඔයාගෙ දිහා බලාගෙන ඉන්න වෙයි මට....

මේ කටු මගේ මොනවා බලන්නද?‘

ලස්සන...

විකාර...

සතිෂ් අයියා හිනාවුණා.

කොහොම හරි රෑ අට විතර වෙනකල් අපි රුවන්වැලිසෑය ගාව හිටියා. අම්මලනං උඩමලූවටත් ගියා. මම බෑ කියපු නිසා සතිෂ් අයියා මගෙ ගාව හිටියා. අපි දෙන්නම රුවන්වැලිසෑයෙ කොට දිහා බලාගෙන හිටියා. සතිෂ් අයියා භාවනා කරා. මම සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා. ගෙදර ඇවිත් රෑට  කෑවා. පැදුරේ දෙන්නම නිදා ගත්තා. එදා ගෙදර සැටියෙ මට ලැබුණු උණුසුම එහෙම්ම මට ආයෙත් ලැබුණා. මම සතිෂ් අයියට තුරුළු වුණා. හා පැටියෙක් වගේ ළං වුණා. අත් දෙක අල්ලගෙන් පපුවට තුරුළුකර ගත්තා. හැමදාම මට මෙහෙම ඉන්න දෙන්න අයියේ... මට තියෙන එකම සතුට ඒක තමයි.

සංසාර වන්දනා
හිත් මඩලේ හැංගුණා
නෙත් පියන් අතර මගෙ
ඔබ ඇවිත් නැවතුණා
මම හිටියා ගොළු වෙලා
ඔබ ළගට ආ නිසා
තුරුළු කරගෙන මාව
සිප ගන්න හැදු නිසා
හාදු පොදි වැහෙනා
ජීවිතය වැටහුණා
එක හිතක එක වරම
පෙම් මලක් පීදුණා..
අවට මං වැසී ඇත
පියවරක් පෙනෙන්නට
අඩිය තබමින් මමත්
එමි ඔබෙම පසු පස
යලි සිනා කැන්දනා
ඔබ මටම වාසනා
සද ඇවිත් හැංගුණා
තරු වළා ගෙන ගියා
අදුරු අහසට එකම
එක තරුව ඇති වුණා...


පහුවදා උදේම මම අම්මට තාත්තට වැඳලා සතිෂ් අයියා එක්ක කොළඹ ආවා. එන ගමන් මඟ දිගට තියෙන ආස හිතෙන තැන් බලන්න අපි ගියා. ෆොටෝ ගැහුවා.

අයෙත් සතිෂ් අයියගේ ගෙදර... උදේ හතට අනුරාධපුරෙන් ආව අපි දවල් 2.30 විතර වුණා කොළඹට එද්දි. මඟදි දවල්ට කෑව නිසා අවුලක් වුණේ නැහැ. එත් ඇඟට හරිම මහන්සි.

ඔන්න ඔයාගෙ ගෙදරට ආවා. සතිෂ් අයියට ගාණක්වත් නැහැ. කාර් එක නතර කරලා එයාම බෑග් ටික ගෙයින් ගෙනත් තිබ්බා. මම කමිසෙ ගලවලා සැටියේ ඇළ වුණා. ඔයාට මහන්සිද චූටියෝ....

සතිෂ් අයියා මයෙ ගාවින් වාඩිවුණා. මම සතිෂ් අයියගෙ ඔඩොක්කුවෙන් ඔලූව තිබ්බා.

මට වඩා ඔයාටනෙ මහන්සි...මම කිව්වා.

ඒ හැම මහන්සියක් ඔයාගේ මේ ලස්සන මූණ දැක්කාම නැති වෙනවා.. සතිෂ් අයියා දාඩිය පිරිලා තිබුණ මගෙ නළලට හාදුවක් දුන්නා. මම ඇස් දෙක පියාගත්තා. අපි හෙට හොස්පිටල් එකට යමු ...

ඒ මොකටද?‘

මම කොල් කරලා ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්නම්...

මොකටද?‘

සතිෂ් අයියා නැඟිට්ටා. මොකවත් කිව්වෙ නැහැ. මමත් නැඟිට්ටා.

කියනවා... මොකටද හෙට හොස්පිටල් යන්නෙ...

ඒක ගියාම බලාගන්න පුළුවන්.. දැන් ඇදුම් මාරු කරලා වොෂ් එකක් දා ගන්නකො..

සතිෂ් අයියා කුස්සියට ගියා. මම සැටියෙම වාඩිවෙලා හිටියා. එක අතකින් මම හරිම හිතුවක්කාරයි. ඒ ඇයි... මම දන්නෙ නැහැ.

සතිෂ් අයියා රෑට උයන්න ලෑස්ති කරනවද කොහෙද? මම ටී.වී. එක දා ගත්තා. සෑහෙන කාලෙකින් මම ටී.වි බලන්නෙ. ස්කූබි ඩූ යනවා. කරන්න දෙයක් නැති නිසා මම ඒක බල බල හිටියා. සතිෂ් අයියා මට කතා කරෙ නැහැ. තනියම පාඩුවෙ උයනවා. ස්කූබි ඩූ ඉවර වුණාම ටොම් ඇන්ඩ් ජෙරි... මම ඒකත් බැලූවා. ජාතිකෙ මායා බන්ධන. ඒකත් බැලූවා කොහොම හරි දැන් රෑ හතයි වෙලාව. සතිෂ් අයියා කෑම ලෑස්ති කරලා මෙසෙ හැදුවා. මම තවත් චැනල් එක එහාටයි, මෙහාටයි ඔබ ඔබ ඉන්නවා.

සුදු මහත්තයෝ දැන් රෑ වෙලානෙ...සතිෂ් අයියා කෑම මෙසේ හදලා කිව්වා. එන්න දැන් බත් කමු..

මට නාන්න ඕන... ටි.වි එක දාලා එහෙමම කෑම මෙසෙ වාඩිවුණා.

එහෙනම් නාලා ඉන්න.

ඇයි ඔයා නාන්නෙ නැද්ද?‘

මම රෑ වෙලා නාන්නම් පැටි

ඕන වෙලාවක නා ගන්නවා...මම වොෂ් රූම් එකට ආවා. ටිකක් ටැප් එක ඇරලා බැලූවා. අම්මෝ වතුර පට්ට සීතලයි... නාන්න බැහැ වගෙ. මම ආයෙත් කෑම මෙසෙන් වාඩිවුණා.

මොකෝ නෑවද?‘

සතිෂ් අයියා ටී.වි. බලනවා.

වතුර පට්ට සීතලයි... මට නාන්න බැහැ දැන්...

අනේ රත්තරං දැන් ඇගෙ දාඩියනෙ ගොඩක්... පැය කීයක් වාහනෙ ඉදලද ආවේ..

ඉතින් මම සැටියට වෙලා ඉන්නං... ඔයා ඇඳේ නිදාගන්න. ඔච්චර ගදනං

ඇයි සුදු මල්ලි ඔයා එහෙම කියන්නෙ...සතිෂ් අයියා අහපු විදිහට මට දුක හිතුණා. ඔයා ගඳ නං මම අනුරාධපුර ගිහින් එක්ක එනවද? මහන්සිය අඩු වෙනවා නෑවාම.. හරි බැරිනම් දැන් බත් කමු...

ඇත්තට මට හිතක් පපුවක් නැ තමයි වෙලාවකට. කාගෙවත් දුකක් තෙරෙන්නෙ නැති තරම් මගෙ පපුව ගලක් වෙලා.

මට නාන්න ඕන... ඒත් වතුර සීතලයි...මම කෑම මෙසෙට ඔලූව තියාගත්තා.

සතිෂ් අයියා නැඟිට්ටා. කුස්සියට ගිහින් ආයෙත් වොෂ් රූම් එකට ගියා.

මට විනාඩි 15ක් දෙන්නකො... මගෙ ගාවට ඇවිත් ඔලූව අතගාන ගමන් සතිෂ් අයියා කිව්වා.

මාව එක්කගෙන ඇවිත් ඔයා නැති කරදර විදිනවා අයියේ...මම ඔලූව මෙසෙ තියාගෙනම සතිෂ් අයියට කිව්වා.

මට කවදාවත් ඔයා කරදරයක් වෙන්නෙ නැ මල්ලි..

ඇයි මම වගෙ කෙනෙක්ට ආදරෙ කරන්න හිතුණෙ ඔයාට...?‘

මම ඒක දන්නෙ නැහැ...

කොළඹ ඕන තරම් ලස්සන කොල්ලෝ ඉන්නවා... අවංකව ආදරෙ හොයන අයත් ඉන්නවා... ඇයි මටම ආදරෙ කරන්නෙ... මොකද්ද මම ගාව තියෙන විශේෂත්වෙ අයියේ...

ඒක අහන්න ඔන මගෙ හදවතින්...

ඉතින් හදවත ඔයාගෙ නෙමෙයිද?‘

නැහැ...

එහෙනම්...

දැන් ඒක ඔයාගේ...

මොනවද අයියෙ මෙ කියන්නෙ...

ඇයි...?‘

කියන්නකො... ඇයි මට ආදරෙ කරන්නෙ..

මට ඕන නිසා...

ඉතින් මම ආදරේද නැන්ද කියලා ඔයා දන්නවද?‘

ඔව්...

ඒ කොහොමද?‘

ඒකනෙ මාත් එක්ක ආවේ...

මම ආවෙ වෙන වැඩකට...

ඒ මොකද්ද?‘

මට හොඳ කොල්ලො ටිකක් හොයාගන්න...මම තාමත් ඔලූව මෙසෙ තියාගෙන. සතිෂ් අයියා මගෙ ගාව තිබුණ පුටුවෙන් වාඩිවුණා.

මමත් හොයලා දෙන්නං කොල්ලෝ ඇති තරං...

ඒ මොකටද

ඔයා ඇයි කොල්ලෝ හොයන්නෙ..

ෆන් ගන්න...

මාත් ඒකට ඔයාට හොයලා දෙන්නං..

එහෙනං ඇයි මට හෝටලෙ ඉන්න දෙන්නෙ නැතුව එක්ක ආවේ...

මම ඔයාට ආදරේ නිසා...

ඉතින් ආදරෙනං මම වෙන අයත් එකක් ඉද්දි දුක නැද්ද?‘

වෙන අයත් එක්ක ඉන්නවට දුක නිසා තමයි මගෙ ගාවට එක්ක ආවේ..

එහෙනං මට වෙන අය හොයල දෙනව කිව්වෙ...

ඒ ඔයාගෙ සතුට වෙනුවෙන..

මගෙ සතුට විතරද හිතන්නෙ...

ඔයාගෙ සතුට තමයි මගෙ සතුට...

ඇයි මේ තරං.........මම ඔලූව ඉස්සුවා..

මම දන්නෙ නැහැ රත්තරංසතිෂ් අයියා මාව බදාගත්තා. මම සතිෂ් අයියගෙ ඔලූව අත ගෑවා.

යමු දැන් නාන්න...සතිෂ් අයියා මාව වාඩාගෙන වොෂ් රූම් එකට එක්ක ආවා. අනේ දෙයියනේ බේසට වතුර පුරවලා හීටරේ ගහලා.

සතිෂ් අයියා හීටරෙ ගලවලා ලොකු බේසමකට වතුර පිරෙව්වා. කෝප්පෙන් උණු වතුර දාලා වතුර ඇල්මැරුවා. නාන්න පුළුවන් ගාණට රත් වුණු වතුර වලින් මාව නෑව්වා. හරියට ලෙඩෙක් නාවනවා වගෙ.. මම ඇඬුවා. ඇත්තට මම ඇඬුවා. ඇයි මම මෙහෙම කරන්නෙ... මම අඬනවා කියලා සතිෂ් අයියට තේරුණේ නැහැ. වතුර එක්ක කඳුළු ගලාගෙන ගියා. මම සතිෂ් අයියට පෙන්න හිනාවුණා. හදවතින් කෑ ගහලා ඇඬුවා.

ෂැන්පු ගාලා මගේ ඔලූව හේදුවා. ඇඟහැමතැනම බොඩි වොෂ් ගාලා සේරම කුණු අයින් කරා. මම මුකුත්ම කීවෙ නැහැ. අවසානෙ මාව පිහදාලා ට‍්‍රවල් එක අන්දවලා ගෙනත් සැටියෙන් තිබ්බා..

දැන් ඔයා කන්න පැටි... මම වොෂ් එක දාගෙන එන්නං..

බැහැ..මම කිව්වා.

ඒ පාර ඇයි ඉතින්..

ඔයා එනකල් මමත් ඉන්නවා.

හරි මම ටක් ගාලා එන්නං

ටක් ගාලා කියලා බාගෙන නාන්නෙ නැහැ හරිද?...‘ මම කිව්වා. ඒකට සතිෂ් අයිය හිනා වෙලා වොෂ් රූම් ගියා.

සිනාසෙන්න මට අවසර දෙනු මැන සිනාසෙන්න මට ආසයි
හඩන්න අවසර දෙනු මැන මා හට හඩන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි.....

රොෂාන් ප‍්‍රනාන්දු කියන ඒ සින්දුව සතිෂ් අයියා කියනවා මට ඇහුණා.. මම වෙනුවෙන් හිනාවෙනවා කෙසේ වෙතත් ඔයා අඬනවා කියලා මම දන්නවා අයියේ.. මම හිතලා මතලා ඔයාට දුක් දෙන්නෙ නැහැ. මම උපරිම උත්සහ ගන්නවා ඔයත් එක්ක හොදින් ඉන්නා.

සතිෂ් අයියත් වොෂ් දාගෙන ආවට පස්සෙ අපි පාන් රොස් කරලා උණු උණු පරිප්පු හොදිත් එකක් කෑවා. සතිෂ් අයියට මම කැව්වා. එයා මට කැව්වා. කොහොම හරි පාන් රාත්තල් දෙකක් විතර අපි දෙන්න කෑවා. බඩ හොඳටම පිරිලා. ආයෙත් සැටියට ඇවිත් මම සතිෂ් අයියගෙ ඔඩොක්කුවේ ඔලූව තියාගෙන හිටියා.

සතිෂ් අයියා මගේ ඔලූව අත ගෑවා. අපි ටි.වි. එක දාගෙන බලාන හිටියා. හැබැයි ටි.වි. එකෙ ගියපු දෙයක් මට මතකනං නැහැ. මම හිටියෙ සතිෂ් අයියගෙ මූණ දිහා බලාගෙන. සතිෂ් අයියා ටී.වි. එක දිහා බලාගෙන හිටියට එයාගෙ ඇස් වලින් කඳුළු කම්බුල් දිගෙ ගලාගෙන යනවා මම දැක්කා. සතිෂ් අයියට නිසල මතක් වෙනවා ඇති. නිසලනං මම වගේ සතිෂ් අයියගෙ හිත රිදවන්න නැතිව ඇති. මමම වැරදි කරලා මම අනිත් අයගෙ හිතත් රිදවනවා. මම සතිෂ් අයියගේ ඔඩොක්කුවෙන් නැඟිට්ටා...

අයියා ඇයි මේ අඬන්නෙ...

මම ඇඩුවෙ නැහැ පැටියෝ...

ඇස් වලට බොරු කරන්න එපා අයියේ...

මට වඩා ඔයා නේද බොරු කරන්නෙ රත්තරං

මොකද්ද මම කරපු බොරුව..

ඔයා ඔයාට බොරු කරනවා.

මොකද්ද?‘

ඇයි තමන්ව විනාශ කරගන්නෙ...

මම මාව විනාශ කරගන්නෙ නැහැ අයියේ...

මොකද නැත්තෙ.. ඔයා කොච්චර ලස්සනද? කොච්චර අහිංසකද? තමන්ගෙ ආත්මය පාවාදෙන්න එපා දෙයියෝ..

මට දැන් ආත්මයක් නැහැ අයියේ...

ඔයා ඔයාට ආදරෙ නැහැ. මම කිව්වෙ ඔයා දැන් මේ ජීවිතෙට ඇබ්බැහි වෙලා රත්තරං...

වෙන්න ඇති.. මම මේ සරල ජීවිතේට ආසයි අයියේ..

මේ ජීවිතේ සරල නැහැ පැටියෝ... ඔය අයාලෙ යන ජීවිතෙ භායනක ලෙඩකින් කෙළවර වුණොත්..

මම දැන් ඒ හැමදේටම ලෑස්ති වෙලයි ඉන්නෙ අයියේ...

ඇයි රත්තරං ඔහොම කතා කරන්නෙ...

වැඩිම දෙයක් වුණොත් මැරෙයි...

සතිෂ් අයියා මගේ කටට අත තිබ්බා. අනේ ප්ලීස් ඔහොම කතා කියන්න එපා රත්තරං... කවදාවත්ම එහෙම දෙයක් කියන්න එපා.

නොකියා ඉන්නෙ ඇයි මම... ඇත්ත ඒකනං...මම සැටියෙන් නැඟිට්ටා. උඩ තට්ටුවට ආවා. සතිෂ් අයියාත් මාත් එක්කම උඩට ආවා.

නිදිමතයිද ඔයාට...

හ්ම්...

ඉන්න මම ඇඳ හදලා දෙන්නං. දවසෙම වාහනේ ඇවිත් ඔයාට මහන්සි ඇතිනෙ.

මම සතිෂ් අයියා ඇඳලා ගත්තා ඇඳට... සතිෂ් අයියා මුනින් අතට ඇඳේ වැටුණා. මම සතිෂ් අයියගෙ බඩ උඩට නැග්ගා. අත් දෙකට ඇඟිලි දාලා අල්ල ගත්තා.

ඇයි ඔයාට මහන්සි නැද්ද?...‘

සතිෂ් අයියා හිනාවුණා. මම සතිෂ් අයියගෙ පපුව උඩින් ඔලූව තිබ්බා. අත් දෙක අත ඇරියා. සතිෂ් අයියගෙ හදවත ගැහෙන සද්දෙ මගෙ කන් වලට හොඳට ඇහුණා. සතිෂ් අයියා මගෙ ඔලූව අත ගාන්න පටන් ගත්තා. කමිසයක් නැති සතිෂ් අයියගෙ පපුව රෝස පාටයි... මම නිපල් එකක් ගාවට කට ළං කරා. මේක මට හිමි දෙයක්ද? මං වෙනුවෙන් ආදරේ හොයාගෙන ආපු සතිෂ් අයියත් එකක් මෙහෙම හැසිරෙන එක හොඳ දෙයක්ද? මම ආයත් නැඟිට්ටා. ඇඳේ වාඩිවුණා. බැදලා තිබුණ නෙට් එක ලිහිව්වා..

ඇයි ෆෑන් එක දා ගන්නකෝ...සතිෂ් අයියාත් අදේ වාඩිවෙන ගමන් කිව්වා.

මොකදට ෆෑන් දැන්..

ඔයා ජීවිතෙ විදින්න ආස නැහැ මල්ලියා...

හ්ම්... මම ආස විදවන්න විතරයි...

ඔයා විහින් විදවන්නෙ රත්තරං... සතිෂ් අයියා මාව ඇඳලා ගත්තා. අය ඔයාට විදවන්න දෙන්නෙ නැහැ මම. මාත් එක්ක ජිවිතෙ විදිමු...

සතිෂ අයියා ඇඟිලි වලින් මගෙ මූණෙ ඉරි ඇන්දා. මම ඇස් දෙක පියාගත්තා. සතිෂ් අයියා මගේ නළලට, කොපුල් වලට හාදු දුන්නා. මාව තුරුල් කරගෙන නිදාගත්තා.

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්...//

මල් පූදින්නේ දෑගිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ..//
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි 
හිතරිදවා හඬවන්න නොවේ...

කඳුළ නිවන්නම්...

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝණදුර දුරු කරවා ලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
හිතකට එළියක් ලැබ දෙන්නයි

කඳුළ නිවන්නම්...

ගායනය : ප්‍රියානි ජයසිංහ මහත්මිය
පද රචනය : අශෝක කෝවිලගේ මහතා 
සංගීතය : අශෝක කෝවිලගේ මහතා




මම උදේ නැඟිට්ද්දි සතිෂ් අයියා කෑම හදනවා. වෙලාව හතට වගේ ඇති මගෙ හිතේ. පුදුමෙ කියන්නෙ ඊයෙ රෑ මට ඇහුරුණේ නැහැනෙ. 

මම බෙඩ්ෂීට් එක පොරවගෙන සැටියට ආවා.

හා පැටියා නැඟිට්ටද?...‘ සතිෂ් අයියා කුස්සියේ ඉදන් ඇහුවා.

මොන හා පැටියෙක්ද?...‘

ඇයි ඊයේ රෑ මට තුරුල් වෙලා නිදාගෙන හිටියේ...

පිස්සු පිස්සු....මම හෙමින් කියාගෙන ආයෙත් සැටියෙ ඇළ වුණා. සතිෂ් අයියා තේ එක හදාගෙන ආවා. මයෙ ගාවම වාඩිවෙලා නළලට හාදුවක් දුන්නා.

මම තේ එක අරන් බොන්න ගත්තා. 

අද යමු අපි දෙන්නා වැඩට....සතිෂ් අයියා මගෙ ඔලූව අතගාන ගමන් කිව්වා.

මට කොහෙද වැඩ තියෙන්නෙ...

මම ගාව තමයි ඔයාට වැඩ තියෙන්නෙ...

මොනවද මම කරන්න ඕන....

මගේ රෙදි ටික හෝදන්න ඕන, ගේ අස් පස් කරන්න ඕන, මාත් එක්ක ඔෆිස් එන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන... මගේ හැමදේකදිම හෙවණැල්ල වගෙ ඉන්න ඕන...සතිෂ් අයියා ආයෙත් හාදුවක් දුන්නා.

හෙවණැල්ල ළග ඉන්නෙ ආලෝකය තිබුණාම විතරනෙ...

ඉතින් ඔයා තමයි මගෙ ආලෝකය වස්තුවේ...

මමත් ඉන්නෙ අදුරේ...

ඇති ඇති.... ඔයා හැමදාම ඔයාව පහත් කරලමයි කතා කරන්නෙ.. දැන් ලෑස්ති වෙන්න.

සතිෂ් අයියා තේ කොප්පෙත් අරන් නැඟිට්ටා. මමත් වොෂ් රූම් ගිහින් දෛනික වතාවත් ටික ඉටු කරලා ලෑස්තිවුණා. සතිෂ්
 අයියත් ලෑස්ති වුණා. එයානම් ටයි එක එහෙම දාලා. හරියට මනමාලයෙක් වගෙ. මම සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා...

ඇයි පැටියෝ... සතිෂ් අයියා මගෙ ගාවට ආවා.

මම සතිෂ් අයියා බදාගත්තා..

මට සමාවෙන්න අයියෙ...

ඇයි එහෙම කියන්නෙ මගෙ රත්තරං...

මට හැදෙන්න ඕන... මට ටික දවසක් දෙන්න.

ඔයාට ඕන තරං සමාව මම ගාව තියෙනවා. මම ඔයාව එක්ක ආවෙ ආයෙත් ඔයාගෙ කඳුළු දකින්න නෙමෙයි රත්තරං. මට පොරොන්දු වෙන්න ඔය ඇස් වලට ආයෙත් කඳුළු එන්න දෙන්නෙ නැහැ කියලා....සතිෂ් අයියා මගෙ ඇස්වල කඳුළු පිහ දැම්මා.

දැන් ඇති කෝලංකරා...මම සතිෂ් අයියව අතඇරියා.

නපුරා...සතිෂ් අයියා හිමීට කියනවා මට ඇහුණා. මම හිනාවෙගන පහළට බැස්සා.

මොකද්ද මම දැන් කරන්න යන ජොබ් එක...මම සතිෂ් අයියගෙන් ඇහුවා.

ඒක ගියාම බලන්නකෝ..සතිෂ් අයියා උඩ තට්ටුවෙන් බැහැගෙන ආවා. පහළට ඇවිත් සේරම ජනෙල් දොරවල් වහගෙන කාර් එකට නගින්න මට දොර ඇරියා.

තෑන්ක් යූ මිස්ටර් සතිෂ්...මම හිනාවක් දාගෙන ඉස්සරා ෂීට් එකට නැඟිගා.. සතිෂ අයියා ගේට්ටුව ඇරලා කාර් එකට නැග්ගා. කාර් එක එළියට අරගෙන ගේට් එක වහන්න යද්දි මම දොර ඇරලා ගිහින් ගේට් එක වැහුවා.

හැමදාම මෙ වගෙ සතුටින් ඉන්නයි මට ඔන..සතිෂ් අයියා මම කාර් එකට නැඟ්ගට පස්සේ මගෙ අත අරගෙන කිස් එකක් දෙන ගමන් කිව්වා.

උදේ අටහමාරට විතර ඇති වෙලාව. කිරුළපන පහුකරගෙන අපි ආවා. මම කොළඹ කොටුව විතරනෙ දන්නෙ හරියටම.

මෙහෙද ඔයා වැඩකරන තැන තියෙන්නෙ...මම පාරේ බෝඩ් දිහා බලන ගමන් සතිෂ් අයියගෙන් ඇහුවා.

නැහැ...

එහෙනං මේ කොහෙද යන්නෙ...

සතිෂ් අයියා මොකවත් කිව්වෙ නැහැ. මමත් කට පියාගෙන හිටියා. කාර් එක ඇවිත් නතර කරා. නවලෝක හොස්පිටල් එක. අදනෙ බොලේ නවලෝකෙ දැක්කෙ. මෙච්චර කල් අහලා තිබුණට.. ලංකාවෙ හොඳම පෞද්ගලික රෝහල. මාර ලස්සනයි. මේකට ඉතින් එන්නෙ රටේ හොඳ හොඳ පොසත් අය තමයි. හච්..... මොකටද දැන් සතිෂ් අයියා මේකට ආවේ.. සතිෂ් අයියා ඉස්සරහින් ඇවිත් දොර ඇරියා.

බහින්න...මමත් බැස්සා. සමහරවිට සතිෂ් අයියාගෙ යාලූවෙක් මීට් වෙන්න ඇති. මම එහෙම හිතුවා.

සතිෂ් අයියා මාවත් එක්කගෙන නවලෝකෙ ඇතුළට ගියා. ලිප්ට් එකෙ ගිය නිසා කීය තට්ටුවද දන්නෙ නැහැ. ලෙඩෙක් බලන්නද? මොන මඟුලටද මේකට ආවේ දැන්... ඇහුවට කියන්නෙත් නැහැ. මේ වෙලාවට තමයි මාරයා ආවෙස වෙන්නෙ මට.

STD Clinic..

බෝඩ් එක තියෙන තැන සතිෂ් අයියා නතර වුණා. මොකද්ද මේ වෙන්න යන්නෙ. මම සතිෂ් අයියගෙ අතින් ඇඳ්දා. සතිෂ් අයියා මාවත් ඇඳගෙන රූම් එක ඇතුළට ගියා. තුණ්ඩුවක් ඇතුළේ හිටපු මිසීට දුන්නා. මිසි ඇත්තටම හොඳයි වගේ. අපි දෙන්නටම ගුඩ් මෝර්නින් කියලා හිනා වුණා.

වාඩිවෙන්න සර්..පුටු පෙන්නලා කිව්වා. පුටු පෙන්නලා වාඩිවෙන්න එයා කියන්න ඕන නැනෙ.. මම ගිහින් වාඩිවුණා. කකුලූ දෙක ඉස්සරා පුටුවෙන් තිබ්බා. සතිෂ් අයිය හිනාවුණා. මිසිටත් හිනා. මම නෝමල් එකෙ කකුල් දෙක අයෙත් බිමට ගත්තා. මහ ලොකු නවලොකෝ..

සංජන කෙනෙත් බංඩාරඇතුළෙන් මගෙ නම කියනවා ඇහුණා. මම ඩිම් වුණා. මම සතිෂ් අයියා දිහා බැලූවා.

යන්න මල්ලි...සතිෂ් අයියා වරදක් කරා වගෙ මම දිහා බලාගෙන කිව්වා. මට වැඩෙ තේරුණා. කමක් නැහැ අයියේ.. ඔයාගෙ හිතත් පිරිසිදු කරගන්නකො එහෙනං.

මම ඇතුළට ගියා. වෙනම කොටු කරපු කාමරේකට මාව එක්ක ගියේ මෙල් නර්ස් කෙනෙක්. මට ඇඳක් පෙන්නලා ඒක උඩින් වාඩිවෙන්න කිව්වා.

සර්... ට‍්‍රව්සර් එක දනිස්ස ගාවට ගලවන්න...මෙල් නර්ස් කිව්වා. මම කලිසම දනිස්ස ගාවට ගැලෙව්වා. හිතට පොඩි බයක් නොදැණුනා නෙමෙයි. එත් මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

සර් අන්ඩර්වෙයර් එකත් එක්ක...මම යටඇදුම ඇඳගෙන ඉන්නවා දැක්ක මෙල් නර්ස් කිව්වා... මම එහෙමම හිටියා...

සර් බයවෙන්න එපා..

මම මොකටද බයවෙන්නෙ...

මගෙ අයියා ඉන්නවා එළියෙ.. එයාටත් එන්න කියන්න පුළුවන්ද?‘ මම මෙල් නර්ස්ට කිව්වා.

ඔකෙ සර්...මේල් නර්ස් එළියට ගියා. මාව සැක නිසාද සතිෂ් අයියා මේ වැඩෙ කරන්නෙ. එයාගෙ සැකෙ එයා ළගම නැති කරන්න ඕන. මම අනුරාධපුරෙන් චෙකප් එකක් කර ගත්තා කීව්වොත් සතිෂ් අයියා ෂුවර් කරන්නෙ නැහැනෙ. ඒක නිසා එයා ඉස්සරාදිම මේක කරපුදෙන්. සතිෂ් අයියා මම ඉන්න තැනට ආවා. මම අන්ඩර්වෙයර් එකත් ගැලෙව්වා. සතිෂ් අයියා මම දිහා බැලූවෙ නැහැ.

සර් පේෂන් රෙඩි...මෙල් නර්ස් කිව්වා.

ග්ලවුස් දා ගත්ත ඩොක්ටර් කෙනෙක් එහා රූම් එකෙ ඉදන් ආවා. සතිෂ් අයියායි ඩොක්ටර්යි, මෙල් නර්සුයි අතර මම නිරුවත්ව හිටියා. ඩොක්ටර් මගේ ශිෂ්ණය පාත් කරලා බැලූවා. මෙල් නර්ස් මොකද්ද කූරකින් ශිෂ්ණය ඇතුළට දාලා ආයෙත් ගත්තා. වෘෂණ, කලවා, ගුද මාර්ගය, මේ හැමදෙයක්ම ඩොක්ටර් චෙක් කරා. මට ඇදුම් ඇඳගන්න කියලා ඩොක්ටර් එයාගෙ රූම් එකට ගියා. මම ඇදුම් ආයෙත් ඇඳගෙන එළියට එන්න හැදුවා.

සර් බ්ල්ඩ් එකක් ගන්න තියෙනවා....මෙල් නර්ස් කිව්වා. මම සතිෂ් අයියගෙ මූණ දිහා බැලූවා. සතිෂ් අයියා බිම බලාගෙන. මම ආයෙත් ඇඳෙන් වාඩිවුණා.

මගේ වම් අතේ වැලමිටට ටිකක් උඩින් සේලයින් බටයක් බැදලා මේල් නර්ස් ඉන්ජෙක්ෂන් එකකට ලේ ගත්තා. සර් මීට කලින් ලේ අරන් තියෙනවද?‘ සති දෙකකට වගෙ කලින් මම ලේ ගත්ත තැන ලාවට තිබුණු පැල්ලම නිසාද කෙහෙද නර්ස් ඇහුවා.

ඔව් මම  එකක් අනුරාධපුරදි චෙක් කරා ..මම සතිෂ් අයියට ඇහෙන්න කිව්වා.

අහ් අපරාදෙ එහෙනං දැන් ආයෙත් කරේ සර්..නර්ස් හිනාවෙන ගමන් කිව්වා.

අවුලක් නැහැ අයියේ... මම ඊට පස්සෙ ආයෙත් සෙට් වුණා. තව දැන ගන්න ඕනි අයත් ඉන්නවනෙමමත් හිනාවෙලා කිව්වා. ෂුවර් එකට හිතන්න ඇති මම බඩු ගහනවා කියලා. සතිෂ් අයියා එළියට ගිහින් ද කොහෙද? පවු ලැජ්ජා ඇති එයාට. මම ඩොක්ටර් මීට් වූණා. මම කරපු හැමදෙයක්ම කෙටියෙන් ඩොක්ටර් කිව්වා.

මම අහන පළවෙනි කතාව නෙමෙයි සංජන මේක. ඒත් හැමදේටම වඩා අපි අපේ ජීවිත වලට ආදරේ කරන්න ඕන. හැගීම් යටපත් කරගෙන ජීවිතෙ විදවන්න කියලා මම කියන්නෙ නැහැ. මම ඩොක්ටර් කෙනෙක්. මගෙ වගකීම සෞඛ්‍යයට අහිතකර නොවන දේවල් කියල දෙන එක. ඒක නිසා ආයෙත් මෙහෙම ලිංගික ඇසුරක යෙදනවං ආරක්ෂිතව කරන්න ඕන. ඒත් ඔයාගේ රීපොට්ස් එනකල් කිසිම ලිංගික සම්බන්ධයක් පවත්වන්න එපා. ඒක ඔයා ඔයාටත්, සමාජයටත් කරන උපකාරයක්, ඒක ඔයාගේ වගකීමක්...

මම ඒක දන්නවා ඩොක්ටර්... මම එහෙම දෙයක් කරන්නෙ නැහැ.

බොහොම ස්තූතියි සංජන... අපිට දවස් හතරකින් රිපොට්ස් ගන්න පුලූවන්. අනිවාර්යෙන් දවස් හතරකින් එන්න... අපි හිතනවා සුබවාදි ප‍්‍රතිඵලයක් ලැබෙයි කියලා

හොඳයි ඩොක්ටර්...මම ඩොක්ටර් අතට අත දීලා එළියට ආවා. සතිෂ් අයියා වීදුරු ජනේලියෙන් එහා පැත්තෙ ලොකු බිල්ඩින් දිහා බලාගෙන ඉන්නවා.

අයියේ...මම සතිෂ් අයියා ගාවට ගියා. අපි යමු...

සතිෂ් අයියා මගෙ මූණ දිහා බැලූවා.. මාව ළගට අරගෙන බදාගත්තා.

මට සමාවෙන්න රත්තරං..සතිෂ් අයියා කිව්වා.

ඇයි මේ...

ඔයාව සැක කරා නෙමෙයි.. ඔයාගෙ හොඳටයි මම මෙහෙම දෙයක් කරේ...

මම ඒක දන්නව අයියෙ.. මම වැරදි විදිහට ඔයා ගැන හිතුවෙ නැහැ. දැන් අපි යමු...

සතිෂ් අයියා මගෙ අත්දෙකට ආයෙත් හාදුවක් දුන්නා. දෙන්නත් එකක්ම ආයෙත් කාර් එකට ආවා. දැන් වෙලාව දහයාමාරට විතර ඇති...

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ 
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී මහත්මිය
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා
සංගීතය: රෝහණ වීරසිංහ මහතා


තිස් හතරවන සිත්තම
අපි එහෙම්ම එම්.සී. ගියා... බලන්න දේවල් ගොඩා......යි. ජීවිතේ පළවෙනි පාරම මම මේ වගේ තැනකට ආවෙ. ඉස්සෙල්ලම මොනවා හරි කන්න ඔන. සතිෂ් අයියා පහළ තට්ටුවට ගියා. පඩිපෙළේ පහළට බහින්න තියෙන්නෙ. උඩට යන්න ලිප්ට් පඩිපෙළක්. මට එකෙ යන්න හුරු නැහැ. වැටෙන්න වගෙ. ඒක නිසා දෙන්නම පඩිපෙළින් ආවා. සතිෂ් අයියා වුඩ් ඇපල් ජූස් දෙකක් අයිස්ක්‍රීම් දාලා අරන් ආවා. මේවා බීලා හරියන්නෙ නැහැ. ඒත් දෙන්නත් ඒක්ක දිවුල් බීම දෙක බීලා මැජෙක්ස් සිටියෙ ඇවිද්දා. කොල්ලෝ ජොඩු, කෙල්ලෝ ජෝඩු... නාකි ජෝඩු, තරුණ ජෝඩු... සමහරු පවුල් පිටින්.. ඇත්තටම මෙහෙම ලයිෆ් එකකට කොළඹ කොයි තරම් නිදහස්ද ඒ අතින්...

ඉට පස්සේ ගියේ ගොල් ෆෙස් එකට... දෙන්නම ෆොටෝ ගැහුවා... ඇවිද්දා. රැල්ල පෑගුවා. කඩචෝරු කකා පැය ගාණක් මුහුද දිහා බලාගෙන හිටියා. අව්ව සැර දැණුනෙ නැහැ.

දවල්ටත් කඩෙන් ගාලා දෙන්නත් එක්ක ගංගාරාමෙට ගියා. අහලා තිබුණට ගංගාරාමෙත් දැක්කෙ අදනෙ. හැබැයි අනුරාධපුර වගෙ බැතිබර හැගීමක්නම් ගංගාරාමෙදි මගෙ හිතට ආවෙ නැහැ. හැමතැනම ගොඩනැඟිලි. බුද්ධ ප‍්‍රතිමා සෑහෙන්න, කෞතුක භාණ්ඩ.. අහ් පොඩි අලි පැටියෙකුත් හිටියා.

සතිෂ් අයියා බෝධියට පැන් වක් කරා. පැන් කළ 07ක්. මමත් වත් කරා. ඇත්තටම මම පැතුමක් නම් පැතුවෙ නැහැ. සතිෂ් අයියා පිටිපස්සෙ ගිහින් ඔහෙ වතුර වක්කරලා ආවා. බුදුගෙට ඇවිත් සතිෂ් අයියා ඇස් පියාගෙන මොනවද කියනවා. මම බුදු හාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා.

වැඳලා ඉවර වෙලා සතිෂ් අයියා මම දිහා බැලූවා...මොනවද ප‍්‍රාර්ථනා කරේ ඔයා...

මුකුත් නැහැ... මම කිව්වා. ඔයා මොනවද ප‍්‍රාර්ථනා කරේ..?‘

හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියල...

මම සතිෂ් අයියා දිහා බලලා හිනාවුණා.

යමුද දැන් අපි...සතිෂ් අයියා කිව්වා.

යමු...මමයි සතිෂ් අයියයි ගංගාරාමෙ වැඳගෙන එළියට ආවා.

දැන්නං හවස් වෙලා. ගෙදර එද්දි පහමාරයි වගෙ. ඇඟට හරි මහන්සි. ආවා ගමන් මම වොෂ් රූම් ගිහින් නෑවා. නැත්තං අදත් සතිෂ් අයියට වතුර උණු කරන්න වෙනවා. ලේ ගත්ත තැන රිදෙනවා. ඒත් මම ඒක නොකියා හිටියා. නාලා ඉවර වෙලා මම එද්දි සතිෂ් අයියා රෑට  කන්න ෆයිඩ් රයිස් හදනවා. සුවඳට බඩගින්න වැඩියි. මම කෑම මෙසෙ අස් කරා. පිගන් ටික හෝදලා මෙසෙන් තිබ්බා. සතිෂ් අයියා හිනාවෙනවා. එයාට සතුටු ඇති... මේකද එයා මගෙන් බලාපොරොත්තු වෙන ආදරේ.. මටත් පුළුවන් ඒ ආදරේ දෙන්න. සතිෂ් අයියත් වොෂ් දා ගත්තට පස්සෙ අපි දෙන්නාම වෙලාසනින් රෑට  කෑවා.

සතිෂ් අයියගෙ ලැප් එක මෙසෙ උඩ..

අයියේ ටිකක් ස්කයිප් යන්නද?‘ මම සතිෂ් අයියගෙන් ඇහුවා.

ඉතින් යන්න...සතිෂ් අයියා හිනාවෙලා කිව්වා.

මම ලැප් එක ඔන් කරා. සතිෂ් අයියා ටීවි බලනවා.

මොකද්ද මේකෙ පාස්වර්ඩ් එක?‘ මල්ලිට ලැප් එක අහුවුණාට පස්සෙ මෙයා පාස්වර්ඩ් දාලා...

සංජන කියලා ගහන්න....

හච්... ඒකටත් මගේ නමම දාන්න ඕනද ඉතින්... මම ලැප් එක ඔන් කරා. ඒ.ඩි.එස්.එල් කේබල් එක කනෙක්ට් කරලා ස්කයිප් ඔන් වුණා. අම්මෝ කාලෙකින් සංජන ස්කයිප් ආවා.... ඉස්සෙල්ලම ඉන්විෂුවල් දාලා බැලූවා කවුද ඔන්ලයින් ඉන්නෙ කියලා. මගේ අම්මෝ ඇවිත් තියෙන රික්වෙස්ට් ගොඩ. මම නැති ටිකෙ කට්ටිය පාලූවෙ ඉන්න ඇති. හාහාහා මොනව වුණත් ටෙක් එකෙදි ස්කයිප් එකෙන් චැට් කරනවා හැර වෙන දෙයක් කරන්න වුණේ නැහැනෙ. හා හා පුරා කියලා කැම් සෙක්ස් එකක් කරෙ ඩොකාගෙ ලැප් එකෙන්. ඩොකාත් බල බල ෆන් ගත්තා. එක අතකින් රීල් සෙට් නොවි කැම් කරානං මට අද චෙකප් දාන්න ඔන නැහැ. කොහොම හරි හැගීම් පිට කරන්න ඕන. මොකද මටම කියලා කෙනෙක් කලින් හිටියෙ නැහැනෙ.

ගේ ලව් ඉන්න සමහරුත් ලව් එකට හොරෙන් මට එස්.එම්.එස් කරනවා. කොල් කරනවා. ස්කයිප් කැම් වලට අනුබල දෙනවා. පස්සෙ දෙන්නත් එක්කම මට හින්ට් දෙනවා. මට දැන් ඒවා ගණක් නැහැ. මම මගෙ වරද පිළිගන්නවා. කවුරු මොන දේ කරත් මම තමයි වැරදි. මම මිනිස්සු පස්සේ ගියා. මම බලෙන් මිනිස්සු එක්ක බුදියගත්තා. මම බලෙන් ස්කයිප් එකෙ සෙක්ස් කරා. බලෙන් රීල් ෆෙස්බුක් ඉල්ලගෙන චැට් කරා. රිලේෂන් හදාගත්තා. ලව් කරලා, සෙක්ස් කරලා අතඇරියා... මේ සේරම මම විතරමයි කරෙ. මම වරද පිළිගන්නවා. කියන්කො මට දැන් දෙන දඩුවම මොකද්ද කියාල. මාව උල තියෙනවද? නැත්තම් ෂරියා නීතියට අනුව හිස ගසා මරා දමනවද? කමක් නැහැ. දඩුවම ඒකනං ඒක කරන්න. හැබැයි මම හිතට හොරා ජීවත් වුණේ නැහැ. මගෙ හැගීම් හංගගෙන කතා කරේ නැහැ. මගෙ හැගීම තුන්වෙනි පන්තියේ අන්තිම පහත් බලූ වේස හැගීමක් තමයි. කියන්න ඕන වෙලාව ගැන මම බැලූවෙ නැහැ. කියන්න ඕන කෙනාව මම බැලූවෙ නැහැ. මට ඒක කිව්වා. කැමති අයත් එක්ක මම ඒ දේවල් කරා. මාව ඒ දේට අවුස්සලා තියාලා හෙමීට ෂෙප් වෙලා ගිහින් දැන් මට ඇඟිල්ල දික් කරනවා. කමක් නැහැ. ජීවත් වෙන මේ දශක පහ හයට මට ඕන දෙයක් කරන්න. මොකටද මම තරහා කාරයෝ හදා ගන්නේ... මාව තේරුම්ගත්ත අය මා එක්ක ඉදිවි. නැති අය මාව දාලා යාවි.

ඇයි රත්තරනේ මේ.............මම ගැස්සිලා බැලූවා.... සතිෂ් අයියා මගෙ ගාවටම ඇවිත් පුටුවෙ වාඩිවෙලා..මම දැන් පැය භාගයක් තිස්සෙ බලාගෙන... මොනවද පැටියෝ ඔයා තනියම මෙච්චර කල්පනා කරන්නෙ...

මම මම ගැන කල්පනා කරෙ අයියේ....

මොනවද වස්තු ඔයා ගැන ඔය තරං කල්පනා කරන්න තියෙන්නෙ ඔයාට...

මම කොච්චරනං තැන් වැරදුණාද අයියේ...

දැන් ඒවා සේරම අමතක කරන්න රත්තරං...

මමත් ආසයි එක පාර ඒ අමිහිරි අතීතය මකලා දාන්න අයියේ...

ඒත් ඒක කරන්න අමාරුයි.... ඒ අතීතය සොදුරු නැහැ. අමතක කරන්න හදද්දි පපුව හූරගෙන යනවා අයියේ....

සතිෂ් අයියා මාව පපුවට තුරුල් කර ගත්තා.

මම දන්නවා වස්තුව... මම උදව් කරන්නං ඔයාට ඒ දේවල් අමතක කරන්න... සතිෂ් අයියා මගෙ නළලට හාදු දුන්නා. ඒ අස්සෙ ස්කයිප් එකේ කොල් එකක් ආවා. මට හිනා ගියා... සතිෂ් අයියටත් හිනා...

මම ආන්සර් කරන්නද?...‘

හ්ම්....

මම කොල් එකට ආන්සර් කරා... සතිෂ් අයියා බලාගෙන. කතා කරපු කෙනාගෙ නමනං කියන්නෙ නැහැ. මම කැම් නැතිව මයික් විතරයි යූස් කරෙ...

කොහොමද මල්ලි....

අහ් කාලෙකින් ... මම හොදින් ඔයාට කොහොමද අයියා....

මාත් හොදින් මොකද බං වෙලා හිටියේ....

දන්නෙ නැද්ද ඉතින් ... ජොබ් කරා.. පොඩි පොඩි කරදර ටිකක් වුණා...

දැන් අවුලක් නැනේ නේද බං... උඹ බලන්න ආසාවෙන් හිටියේ...

දැන් හොඳයි අයියේ...මම සතිෂ් අයියගෙ මූණ දිහා බැලූවා. සතිෂ් අයියා හිනාවෙලා කට ඇඳ කරලා මට සුපර් කිව්වා...

කැම් ඔන් කරහන්කෝ බං මූණ බලන්න ආසයි....

සතිෂ් අයියා ටිකක් එහාට වුණා.

මම කැම් එක ඔන් කරා. එයත් එහා පැත්තෙන් කැම් ඔන් කරා...

අම්මට සිරි... උඹ මාර විදිහට ලස්සන වෙලානෙ බං...

මම හිනාවුණා. ඇත්ත කියහන්කෝ..

මොකද්ද අයියේ...

මොකද වුණේ උඹට... මම එෆ්බී එකේ බැලූවා එකෙත් නැහැ. ෆොන් එක වැඩත් නැහැ. මම හිතුවා උඹට මාව අමතක වෙලා කියලා මල්ලි...

අයියෝ මම එහෙම අමතක නැහැ අයියේ... මොනවද ඔයාගේ අලූත් විස්තර ඉතින්.

මම උපාධිය අරගෙන ජොබක් සෙට් වෙනකල් ගෙදරට වෙලා ඉන්නවා බං... ඒක නෙමෙයි ළගදි සෙට් වුණේ එහෙම නැද්ද?...‘ පොර ඇහැක් ගහලා මගෙන් ඇහුවා.

සතිෂ් අයියා මෙසෙ උඩ තිබුණ පත්තරයක් බලනවා. ඒක අහපු ගමන් මගෙ දිහා බැලූවා.

මොකෝ නැත්තෙ...

කාත් එක්කද බං සෙට් වුණේ...

සුද්දෙක්....මම හිනාවෙලා කිව්වා. සතිෂ් අයියා ඇඟිල්ල උස්සලා මට සරදම් කරා..

ඊයා බං... උඹ දැන් එවත් කරනවද?‘

කරන්න වුණා අයියේ...

කරන දෙයක් පරිස්සමෙන් මල්ලියා... අපි නං වෙලෙනවා බං.... කෝ උඹ එන්නෙ නැනේ අපිව බලන්න...

මම හිනාවුණා.

මොකද බං උඩ බලන්නෙ... කවුරු හරි ඔතන ඉන්නවද තව...

ඔව් අයියේ....

හුටා... කලින් කියන්න එපැයි බං... කවුද ඒ...

මම කැම් එක සතිෂ් අයියා පැත්තට හැරෙව්වා. සතිෂ් අයියා කැමරාව දිහා බලලා හිනාවුණා.

ඔහ් පට්ට කෑල්ලක්නෙ බං. බොටම් ද? උඹ ඉතින් කවුරු ආවත් ඌව බොටම් කරගන්න දක්ෂයානෙ... දැන් ගෙවල් ගානෙ ගිහින්ද සෙට් වෙන්නෙ...ස්කයිප් අයියා හිනාවෙවි කිව්වා.

එහෙම දෙයක් නැ අයියේ... ඒ මගේ අයියා.

අහ් උඹට අයියලා හිටියෙ නැනෙ බං....

මුටත් ඉතින් ඔන නැති දෙයක් නැහැ. මගෙයි වරද සේරටම සේරම කියලා තියෙන එක.

හිටියෙ නැහැ. දැන් ඉන්නවා....මම හිනාවෙලා කිව්වා. සතිෂ් අයියා මගෙ දිහා බැලූවා.

‘අහ් එහෙනං අපිට චාන්ස් එකක් වඳින එකක් නැහැ නේද බං... අවුලක් නැහැ. උඹ යාලූවෙක් විදිහට හරි ඉන්න එක ලොකු දෙයක්.. එහෙනං අපි කැපුණා කොල්ලෝ.. හිතට දුකයි.. ඒත් සුබ පතනවා...මස්සිනාටත් කියහං...
කැම් ඔෆ් කරන්න කලින් ඒ අයියා කිව්වා.

දන්නවද කවුද කියලා ඒ...

ඔයාගේ යාලූවෙක්නෙ...සතිෂ් අයියා කිව්වා..

ඔන්ලයින් යාලූවෝ තමයි ඉතින්...

ඇයි එහෙම කියන්නෙ...

ඔන්ලයින් ආව වෙලාවට කතා කරා. ෆන් ගත්තා. ගියා...

ඒක තමයි ජංගම ජීවිතෙ මල්ලියා...

මම හැදුවෙ මටම කියලා සහෝදරයෝ ටිකක් හදාගන්න අයියේ...

මිනිස්සු ගතිකයි පැටියෝ. ඔයාව තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා. බැරි අයත් ඉන්නවා...සතිෂ් අයියා මම ඉන්න තැනට ආවා. ඔයා කැමති විදහට හැමකෙනාටම හිතන්න බැහැ රත්තරං. එයාලා කැමති විදහත් තියෙනවා. ඔයා එයාලගෙ මතයටත් ගරු කරන්න ඕන...

ඒකනං ඇත්ත අයියෙ.. මට අසූහාරදාහට කේන්ති යනවා... ඒ වගේම දුකයි...

ඇයි දුක...

මම මිනිස්සුන්ව විශ්වාස කරනවා අයියේ... මගෙ හැමදේම කියනවා... එයාලා පස්සෙ ඒ දෙවල් වලින්ම මට රිද්දනවා...

එයාලට සමාව දෙන්න පැටි... තවත් ඒ දේවල් හිතන්න එපා. අද අලූත් දවසක්. හෙට තවත් දවසක්. අපි අලූත් වෙමු. වෙනස් වෙමු...සතිෂ් අයියා මට හාදුවක් දුන්නා.

පැහැබර අහසේ සද තනියම දිලෙන කොට
මතකෙට ආවා සද කෙතරම් දුරද මට
ඈතින් ඉදන් තරු විසිතුරු පාන විට
සද බැස ගියේ ඇයි දැයි නොසිතුව ලෙසට

රොන් බිද බිදෙන් සිත වියැකෙන හෝරාවේ
සුව විදගන්න ආ බඹරයි තනි මැකුවේ...
අකලට පිපුණු මල මුත් මම සංසාරේ
තහනම් කිමද සමනල් බිගුවට නාවේ

මස ඇති නියා හද ගලකට සමවෙන්නයි
මගේ පෙම කිසිත් ඔබ හට බර නොම වෙන්නයි
සිතු පැතු සියල් යස ඉසුරින් තර වෙන්නයි
අලූයම හෙටත් බඹරෙකු මා පිඹුදන්නයි....




සතිෂ් අයියා වැඩකරන බැංකුවෙම මටත් ජොබ් එකක් එයා හදලා දුන්නා. මට තිබුණේ බැංකු පොත් වල සීල් ගහන්න. එවාගේ ශේෂයන් කම්පියුටර් එකට දාන්න වගේ වැඩ. මම ඉන්න තැනට සතිෂ් අයියා පෙණුනෙ නැහැ. එයා කිව්වෙ එහෙම උනොත් දෙන්නටම වැඩ කරන්න බැරිවෙයි කියලා. ඒක ඇත්ත.

දවසක් මම වැඩ කර කර ඉද්දි සතිෂ් අයියා මගෙ ගාවට ආවා. ඔෆිස් එකෙදි එයා මට කතා කරන්නෙ මිස්ටර් සංජන කියලා. මොනවා වුණත් බැංකුවෙදි ඒ විදිහට හැසිරෙන්න එපැයි. මම සතිෂ් අයියට කතා කරේම නැහැ. මොකද මම කොහොමද ජොක් එකට කීවට මේ සෙනග අස්සෙ මිස්ටර් සතිෂ් කියන්නෙ. මට හිනා යනවා.

එදා දවල් කෑමට සතිෂ් අයියා පිටට  යනවා කීවා. මට   බැංකුවෙන් එළියට එන්න කියලා කොල් එකක් දීලා එයා කාර් එක ගේට් එක ගාව නතර කරන් හිටියා.  මම කාර් එක ගාවට යද්දිම මට නගින්න ඉස්සරා දොර ඇරියා. වෙලාව එකට විතර ඇති...

කොහෙද මේ වෙලාවෙ යන්නෙ...මම වාඩිවෙන ගමන් ඇහුවා.

අද හාෆ්ඩේ...

ඒ මොකද....?‘

අද මට මගෙ ජීවිතේ අයෙත් ලැබුණා.... මගෙ හිතෙ තිබුණ හැම බයක්ම නැති වුණා..

ඒ මොකද්ද....

සතිෂ් අයියා කාර් එක ඩ්‍රයිව් කරෙ අමුතු සතුටකින්. එයාගෙ මූණෙන් මට ඒක පෙණුනා. සතිෂ් අයියා රේඩ් එක දැම්මා. රූකන්ත පෙරේරාගේ ලස්සන සින්දුවක් ඒත් එක්කම ඇහුණා.

අනාත මාරුතේ...
කුණාටු සාගරේ...
දිවිය තිබෙන තුරු මගෙ...
ඔබයි ආදරේ....

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩු හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ....

අනාත මාරුතේ...
කුණාටු සාගරේ...
දිවිය තිබෙන තුරු මගෙ...
ඔබයි ආදරේ....

සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගෙ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තුරු මගේ ඔබයි ආදරේ...

අනාත මාරුතේ...
කුණාටු සාගරේ...
දිවිය තිබෙන තුරු මගෙ...
ඔබයි ආදරේ....

ගායනය- රූකන්ත ගුණතිලක මහතා

සතිෂ් අයියා මගෙ මූණ දිහා බැලුවා. මම ඉස්සරා බලාගෙන හිටියෙ... ආයෙත් ඉස්සරා බලාගෙන සතිෂ් අයියා වාහනෙ එළෙවව්වා. අපි ආවේ අපේ රාජධානියට. සතිෂ් අයියාගෙත් මගෙත් ගෙදරට... කාර් එක නතර කරලා සතිෂ් අයියා දොර ඇරියා. මමත් සුපුරුදු විදිහට දොර ලොක් කරගෙන උඩ තට්ටුවට ගියා. ඇදුම් මාරු කරගෙන වොෂ් රූම් එකට ආවා. අද කලින් ආව නිසා ටිකක් නිදාගන්න ඕන. සතිෂ් අයියගෙන් අහලා මසේට සැරයක් අරවින්ද අයියටත් කීයක් හරි යවනන් ඕන. මටත් දැන් විස්සක් විතර පඩි හම්බෙන එකෙ ගෙදරට පහළවක්ම යවනව. මට කොහොමත් කිසිම වියදමක් යන්නෙ නැහැනෙ. මාසෙට පන්දාහක් හොදටම ඇති. මම නාලා උඩ තට්ටුවට  ගියා. සතිෂ්  අයියා කොහෙ ගිහින්ද? කාර් එකත් නැහැ. මම කෝකටත් දොර ලොක් කරල හිටියේ.... සතිෂ් අයියා ලැප් එක තියලා ගිහින්. චැට් එකක් දාන්නත් හිතයි. එක්කෝ මොකටද? මම ටී.වි එක දා ගත්තා. බලන්න කියලා දෙයක් නැහැ. එහෙම්ම මට සැටියේ නින්ද ගියා. පැයකින්  විතර සතිෂ් අයියා ආවා.

මල්ලියා.......දොරට තට්ටු කරන ගමන් සතිෂ් අයියා කතාකරා.

මම නැගිටලා දොර ඇරියා... කොහෙද ගියේ අනේ...........මම නිදිගැට කඩන ගමන්.

පැටියා නිදාගෙනද හිටියෙ..සතිෂ් අයියා මාවත් තුරුළු කරගෙන දොර වහලා සැටියට ආවා.
මම සතිෂ් අයියට හොදට තුරුළු වෙලා.

සතිෂ් අයියා මගේ නළල ඉම්මා..කෝ ඉන්න ඔයා නාලා නේද ඉන්නෙ... මමත් නාගෙන ඕන..

අනේ...

මොකද මේ...

ඔහොම ඉන්නකෝ...මම සතිෂ් අයියට තවත් තුරුල් වුණා. හැමදාමත් මම හෙව්වෙ මේ වගෙ ආදරයක්. මට ඕන වුණේ මේ වගෙ ආදරයක්. ඇයි සතිෂ් අයියා මට මේ තරම් ආදරයක් දෙන්නෙ... මගෙ අපල කාලෙ ඉවර ඇති දැන්. සතිෂ් අයියා මගේ ඔලුවටත් හාදුවක් දීලා ඔලුව අත ගාන්න පටන් ගත්තා..

අද රෑට මොනවද අපි කන්නේ....සතිෂ් අයියා මගෙන් ඇහුවා. කඩෙන් කමුද?‘

බෑ............මම කිව්වා.

එහෙනං...

සුප් හදමු...

සුප් බීලා ඉන්න බැහැනෙ පැටියෝ...

කොහොම හරි ඉමු....මමත් නිදිමතේ ඔහෙ කියවගෙන ගියා. මට එහෙම්ම නින්ද ගියා.

පැය හතරක් මම නිදාගෙන. නැගිටිද්දි හත පහු වෙලා.  සතිෂ් අයියා මාව ඇදෙන් ගෙනත් තියලා. මම පහළට ආවා. පහළට වෙලා ටී.වී. බලනවා. මමත් ගිහින් තුරුල් වෙලා ඉදගත්තා.

හ්ම් නැගිට්ටද?‘

මම මුකුත් කිව්වෙ නැහැ.

අන්න මම සුප් හැදුවා.

ඇයි අයියේ.. මම මේ තරම් වාසනාවන්ත?‘

මම තවත් සතිෂ් අයියට තුරුළු වෙන ගමන් ඇහුවා.

මමත් වාසනාවන්තයි පැටියෝ... ඒ වාසනාව ගෙනාවේ ඔයායි මට..

මට තාම පුදුමයි අයියේ...

ඒ මොකද?....‘

මම කවමදාකවත් මෙහෙම ඉන්න හිතුවෙ නැහැ.

එහෙනං...

මම හිතුවෙ හැමදාම මට අතින් අතට යන්න වෙයි කියල අයියෙ...

මගෙ අතින් කා ගාවටත් යන්න එපා පැටි....

ඇයි අතින් අත ගියපු මාව භාරගන්නෙ අයියේ...

ඔයා ඉස්සෙල්ලම මගෙ අතට ආවානං වෙන අතකට යන්නෙ නැහැ වස්තු...

ඒත් දැන් මම ගොඩක් දෙනෙක් එක්ක හිටිය කෙනෙක් අයියේ...

වැරදි කරන්නෙ මිනිස්සු පැටියෝ... මම ඔයාට එදත් කිව්වනෙ...

ඒ වුණාට මට හිතෙන්නෙම මම ඔයාට ගැළපෙන්නෙ නැහැ කියලා...

ඇයි ඔයාට එහෙම හිතෙන්නේ....

මම ගොඩක් අය එක්ක හිටපු නිසා...

මට ඔයාව විටිනවා රත්තරං... ඔයා කීයක් එක්ක හිටියද? මොනවද කරෙ කියලා මට වැඩක් නැහැ. ඒ සේරම අතීතෙ වස්තු. මටවත් ඔයාටත් ඒක වෙනස් කරන්න බැහැ. ඒ දේවල් ඒ වෙලාවෙ හැටියට සිද්ද වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙමු මගෙ මැණික...

සතිෂ් අයියා මගෙ ඔලුවට කිස් එකක් දුන්නා.

යමු දැන් කන්න...

සතිෂ් අයියා කෑම මෙසෙ ලෑස්ති කරන්න නැගිට්ටා.

ඉන්න අද මම ලෑස්ති කරන්න...

හා හා... එක්ත් හොදයි..

මම නැගිටලා සුප් එක මෙසෙන් ගෙනත් තිබ්බා. දෙන්නටම කප්දෙකයි හැදි දෙකයි තියලා සතිෂ් අයියට කතා කරා. 


මම දැන් ඇවිල්ලා දවස් පහයි. ඒත් තාම සතිෂ් අයියත් එක්ක කිසිම කායික සම්බන්ධයක් නැහැ. මගෙ හැගීම් වලට මොනව වෙලාද? වෙන එකෙක් එක්ක මෙහෙම ඉන්න හම්බුණානං මම දියවෙලා. සතිෂ් අයියා මට ආදරෙ කරන නිසා මට ලිංගික හැගීම එන්නෙ නැද්ද

සුප් බොන ගමන් සතිෂ් අයියා මට සුප් පෙව්වා. මමත් එයාට පෙව්වා. මම සතිෂ් අයියගෙ මූණ දිහා බලාගෙන හිටියා...

මගේ ජීවිතේ අලූත් පිටුවක් පුරා...
ලියවෙන්නෙ ඔබමයි ගීයක් වෙලා...
තරුවක් පැතූ මා සද හමුවෙලා...
හිනහේවි සසරේ පුරා...

මොකද මාවත් කන්නද බලාගෙන ඉන්නේ...සතිෂ් අයියා මගෙන් ඇහුවා.

කන්න ආසයි...මමත් කිව්වා.. කන්න දෙන්නෙ නැහැනේ ඒත්...

එහෙමද? එහෙනං අමාරුවෙන් ඇත්තෙ නේද?‘

අපො අමාරු තිබුණනං මෙලාට ඒවා කරගෙන...

ඉතින් ඇයි නොකළේ...

පව්නෙ...

මමද?‘

මම හිනාවුණා...

මොකද හිනාවෙන්නෙසතිෂ් අයියා ඇහුවා. මම මුකුත් කිව්වෙ නැහැ.

අන්න ඒකයි මම කියන්නෙ ඔයා විතරක් වැරදි නැහැ කියලා පැටියෝ..

ඒ ඇයි අයියේ...

ගින්දරයි පුළුනුයි ළං වුණාම පිච්චෙනවා රත්තරං.. ඒත් පුළුං තෙමිලං පිච්චෙන්නෙ නැහැ. ඒ කිසිදෙයක් ඔයා විතරක් කරපුවා නෙමෙයි. ඔයා බලහත්කාරෙන් පොළඹවාගත්තේ නැනෙ...

ඇයි නැත්තේ...

නැහැ පැටියෝ... එහෙනං ඔයා මටත් ඒ දේ කරනවා... ඔයා හොයන ආදරේ ඔයාට දුන්නාම ඔයා ඒකට යොමුවෙන්නෙ නැහැ...

සතිෂ් අයියා මාව පරික්ෂා කරලා. මගෙ හැගීම් තේරුං අරගෙන. ඇත්තමයි. මට ඕන වුණේ තුරුල් වෙලා ඉන්න. හැමදාම එයා මාව තුරුල් කරං හිටියා. මට නින්ද ගියාට පස්සෙ මාව ඇඳෙන් තියලා එයා සැටියට ඇවිත් නිදාගත්තා.

ඔලූවට, නළලට, කම්මුල් වලට හාදු දුන්නා මිසක් තාම එක ලිප්ස් කිස් එක්ක නැහැ. මගෙ දෙතොල් දැන් වේලිලා... සුප් බීලා ඉවර වෙලා සතිෂ් ආයත් සැටියට ගියා. එයා ටී.වි. බලනවා. මම උඩ තට්ටුවට ඇවිත් හෙට ඔෆිස් යන්න දෙන්නගෙ රෙදි අයන් කරා. ඇත්තටම දැන් ජීවිතෙ සරලයි. සුන්දරයි.

වෙනදා වගේම සතිෂ් අයියගෙ ගෙදර, නැහැ නැහැ අපේ ගෙදර අපි දෙන්නගෙම ගෙදර ඇඳ හදලා මම නිදාගත්තා. සතිෂ් අයියා තමාත් ටී.වී. බලනවා.... රෑ දහයට විතර ඇති මගෙ හිතෙ. මට නින්ද ගිහින්. පපුවට අමුතු උණුහුමක් දැණුනා. මම ඇස් දෙක පියාගෙනම ඉස්සරා අත ගාලා බැලූවා. සතිෂ් අයියා ඇඳට ඇවිත්. මම සතිෂ් අයියට තුරුල් වුණා.

හ්ම් ... සතිෂ් අයියා මගෙ කන ගාවට ළං කරලා කිව්වා. හොරා නිදි නෑ නේද තාම..

මොකද මේ හොල්මන් කරන්නේ...මම නිදිමතෙන්ම කිව්වා.

මොකද්ද හොල්මන...

ඇයි අද සැටියෙ නින්ද යන්නෙ නැද්ද?‘

නැහැ...

ඒ ඇයි...

අද සීතලයි...

එහෙනං අල්මාරියෙන් බෙඩ්ෂීට් එකක් අරන් ගිහින් පොරවගෙන නිදාගන්න..

මගෙ බෙඩ් ෂීට් එක තියෙද්දි මොකටද අල්මාරියෙන් බෙඩ්ෂීට් ගන්නේ...

සතිෂ් අයියා මට තවත් තුරුල් වුණා.

ඊයේ නේද මගෙ රිපොට්ස් ගන්න තිබුණේ...

හ්ම්...

ඇයි අපි ගියේ නැත්තේ...

මම ගියා දවල් ගියේ ඒවා අරන් එන්න...

නින්දට බුදු සරණයි... මම නැඟිට්ටා...

ඇයි මට නොකිවේ....

මට දැන ගන්න ඕන වුණා ඒක තනියම...

මොකද වෙලා තියෙන්නෙ...

මගෙ පැටියාට කිසිම කරදරයක් නැහැ. දෙවියෝ අපි දෙන්නට සතුටින් ඉන්න අවස්ථාව දීලා...සතිෂ් අයියත් නැඟිටලා මාව තුරුල් කරගෙන කිව්වා. මට මම ගැනම ආඩම්බරයක් ඇති වුණා. මම කීයක් එක්ක හිටියත් ඒ හැමකෙනෙක් එක්කම වගෙ හිටියෙ ආරක්ෂිත විදිහට. මට අවදානමක් ගන්න ඕන වුණේ නැහැ.

අහ් ඒ කියන්නෙ මම පොසිටිව්...

හ්ම්....

ඒකද අද ඇඳට ආවේ...මම සතිෂ් අයියගෙ කන මිරිකලා ඇහුවා. සතිෂ් අයියා මොකවත් කිව්වෙ නැහැ.

එහෙනං මම සැටියට යන්නද?‘

අදනං කොහෙවත් යන්න දෙන්නෙ නැහැ....

මම සතිෂ් අයියව පෙරළ ගත්තා. දැන් සතිෂ් අයියට මාව විශ්වාසයි. සතියක් බලාගෙන හිටපු දවස... මම ඇඳෙන් නැඟිට්ටා. කාමරේ ලයිට් එක දැම්මා. ජනෙල් දොරවල් වහලා. එකම කාමරේ මමයි සතිෂ් අයියයි විතරයි. ඇඳේ නෙට් එක දාලා නැහැ. සතිෂ් අයියා උඩුකුරුව නිදි. කපටි කමට ඇස් පියාගෙන.

මම සතිෂ් අයියගෙ මෙහා පැත්තෙන් නිදාගත්තා. සතිෂ් අයියා ඇස් ඇරියා.

මොකද ලයිට් දැම්මෙ...

නිකං...

සතිෂ් අයියා මගෙ නළලට හාදුවක් දුන්නා. වෙනදා නළලෙන් කම්මුලෙන් නතර වෙන හාදුව අද කන් වලට බෙල්ලට ගලාගෙන ආවා. යටපත් වෙලා තිබුණ මගෙ හැගීම් ඉස්මතු වුණා. මම සතිෂ් අයියගෙ පිට හිමීට අත ගෑවා. සතිෂ් අයිය ගේ ටී ෂර්ට් එක ගැලෙව්වා.

මොකද්ද මේ ඉනේ කැපුමක් තියෙන්නෙ...ඉනේ අයිනට වෙන්න තිබුණ කැළලක් දැකලා මම සතිෂ් අයියගෙන් ඇහුවා. එදා නාද්දි සතිෂ් අයියගෙ නිරුවත දැක්කට පස්සෙ අදයි ආයෙත් සතිෂ් අයියව සම්පූර්ණෙයෙන් දකින්නෙ. ගොඩා වෙල්වාට සතිෂ් අයියට තුරුල් වෙලා ඉන්නවා මිසක් කඳ බඩ ලෙවකන්න ගියේ නැනෙ. ඇත්තටම එහෙම මම වෙනස් වුණේ කොහොමද අප්පා...

ඒ මට වකුගඩුවක් බද්ද කරලා තියෙනවා....සතිෂ් අයියා කිව්වා.

මොකක්මම එතන අත ගෑවා...රිදෙනවද?‘

ඒක බද්ද කරලා තියෙන්නෙ මම පොඩි කාලෙදි රත්තරං...

කවුද වකුගඩුව දීලා තියෙන්නෙ...

සතිෂ් අයියා හිස් සිවිලිම දිහා බැලූවා...

මගේ තාත්තා...සතිෂ් අයියාගෙ ඇස් වල කදුලක්... මම ඒක අතින් පිහ දැම්මා. සතිෂ් අයියා මගේ අල්ලට හාදුවක් දුන්නා...ඔයා දන්නවද දැන් මම ඇයි මගේ තාත්තා හොයන්නෙ කියලා රත්තරං....මම සතිෂ් අයියගෙ පපුවට තුරුල් වුණා...

මම අද ජීවත් වෙන්නෙ තාත්තාගෙ වකුගඩුවකින් වස්තුවේ... මට එක පාරක් මගෙ තාත්තාගෙ මූණ බලන්න ඕන...

අපි තාත්තාව හොයාගමු අයියේ...

ඔව් වස්තුව...සතිෂ් අයියා මගෙ නිකටින් ඔලූව ඉස්සුවා..

නළලට හාදුවක් දුන්නා. බෙල්ලෙන් හාදුව පපුවට ගලාගෙන ආවා. වහුපැටියෙක් අම්මගෙන් කිරි බොනවා  වගෙ සතිෂ් අයියා මගෙ නිපල්  කිස් කරා. මගෙ ඇගෙ හිරිගඩු පිපුණා. මට කෙදිරි ගෑ වුණා. සතිෂ් අයියගේ ඇඟම රතු වෙලා. හාදුව මගෙ පෙකණිය ගාව... එතනින් එහාට එයාට අවසරද කියන්න වගේ සතිෂ් අයියා මගෙ මූණ දිහා බැලූවා. මම ඔලූව හෙල්ලූවා. සතිෂ් අයියා අයෙත් පෙකණිය ගාව ඉදලා හාදුව උඩට ගලාගෙන කන් හාදුවෙන් තෙමද්දි මගෙ හැගීම් උණුසුම් වෙලා. මට සතිෂ් අයියගෙ ඔලූව, පිට අත ගෑවා. සතිෂ් අයිය මගේ ටී ෂර්ට් එකත් ගැලෙව්වා. එදා නාද්දි ෂවර් එකෙදි මගෙ හිත ඇඳගත්ත ලා රෝස පාට පියයුරු දිහා මම බලාගෙන හිටියා. සතිෂ් අයියා කම්මුල් වලට හාදු දුන්නා. ඒ හාදුව දෙතොල් වලට එන්න වැඩි වෙලා ගියේ නැහැ. මම කෙදිරි ගාද්දිම සතිෂ් අයියා මාව සිප ගත්තා. මාව එයාගෙ ඇඟ උඩට ගත්තා. මෙච්චර දවසක් සතිෂ් අයියා සඟවගෙන හිටපු ඒ ආදරේ අද දෝර ගලාගෙන ගියා...

එපිට මෙපිට හැරවුණා හාදු වැස්ස තහනම් කලාපයටත් ගලාගෙන ගියා. ආදරෙයේ ඉඩෝරයට අසුවෙලා තිබුණ ජීවිතයට නොසිතු වෙලාවට ඇඳ හැළුණ වර්ෂාවෙන් මමත් සතිෂ් අයියත් කුල්මල් වුණා. සතිෂ් අයියා මගෙ ලෝකෙට ඇවිත් මාස කීයද? ඒත් අපි දෙන්නගෙ පළමු කායික එක්වීම අද... තෙරෙන සිංහලෙන් කිව්වොත් හනිමූන් එක. නැත්තං මංගල රැය.


ඇදුම් අදිද්දි, නාද්දි දකිනවට වඩා සතිෂ් අයියගෙ නිරුවත් සිරුර අද මට පෙණුනෙ අමුතුම ලස්සනකින්. එදා වාහනෙදි මාව නග්ග ගත්ත රෝස පාට අත් දෙක දිගට මම හාදු දුන්නා. ඒ උණුසුම් පපුවෙන් මව් කිරි බීවා. සතිෂ් අයියා ඒ තහනම් කලාපයේ ඇති තරම් ඇවිදින්නට, දුව පනින්නට, සෙල්ලම් කරන්නට මට අවසර දුන්නා. නිසලගෙන් පස්සෙ සතිෂ් අයියගේ පතිවත මම අතින් බිදුණා. මගේ අත් දෙක තදින් අල්ලගෙන සතිෂ් අයියා ඒ වේදනාව ඉවසගෙන හිටියා. ඒ වේදනාවත් එක්කම සතිෂ් අයියා මට හාදු දුන්නා. එයා බලාපොරොත්තු වුණ සතුට ඒකද? මම සතුටු වුණාද? මැදියම් රෑ පහුවෙනකල් අපි දෙන්නගෙ මදු සාදේ තිබුණා. හාදුවෙන් හාදුවට ගලාගෙන ගිය ඒ කායික වින්දනයේ අවසානය සතිෂ් අයියගෙ ශරීරයේ මම තැන්පත් කරා. සතිෂ් අයියගෙ අම්මා මුණුපුරෙක් දකින්න අසාවෙන් ඉන්න ඒ මිලියන ගණක් බීජ මගෙ පපුවට වැටුණේ ඊට පස්සෙයි...

කිචි කවා කලව මත
හිද කරයි තවත් දග
රති මතින් නුරා නෙත
නිවයි දෙතොලේ පවස
පිනි වැටුණ තන පලස
මත රගති සියොත් කැළ
ඇස රැදුණ තැන කුමට
සැම අයිති අද නුඹට
වැහි වළා පිරුණු නුබ
තෙත් කරයි වියැලි බිම
තිසර රග දෙන කලට
වඩයි සතුටත් නිතින
සැවුල් නද හිමිදිරියේ
මුසුවීය පද පවනේ
කුමරුනේ ආදරෙයේ
උණුසුමයි ඉතිර ගියේ...
දෑත් ගෙන දෑත් මතට
නිදිකරන් පපුව මත
තවත් එක හාදුවක්
දෙනවාද දෙතොල් මතට
අමාවක ලොව මමයි
දැන් මගෙ සද නුඹයි
හැමදාම ආදරෙයි..
මගෙ ජීවේ නූඹ තමයි...  



මේ විදිහට මගෙත් සතිෂ් අයියගෙත් ජීවිතේ දැන් ගලාගෙන ගියා. උදේ නැඟිටලා උයනවා. නාලා ලෑස්ති වෙලා වැඩට යනවා. දවල්ට නං කන්නෙ වෙන වෙනම. ඒකත් අවුලක් නැහැ. හවස ආයෙත් ගෙදර එනවා. ඉදලා හිටලා පන්සල් යනවා. නිවාඩු දවස් වල ෆිල්ම් බලන්න යනවා. ගේ අස් කරනවා.

මාසෙට සැරයක් ගෙදරට මම සල්ලි යැව්වා. අරවින්ද අයියටත් මාසෙට 2000ක් යැව්වා. මට තව යාලූවෝ නැද්ද? අරවින්ද අයියට සල්ලි දෙන්න මට හිතුණෙ මම අසරණ වුණ වෙලෙ මට උදව් කරපු නිසා. හැබැයි අරවින්ද අයියට මම කොහෙද ඉන්නෙ, මොනවද කරන්නෙ කියල මම කිව්වෙ නැහැ. ගෙදරට සල්ලි යනවා විනා කතා කරන එක අඩු වුණා. නිතර නිතර කතා කරලා වැඩක් නැහැ. නංගිටයි, මල්ලිටයි ඉගන ගන්න සල්ලි ඇති. අම්මටත් තාත්තටත් දැන් වැඩි බරක් නැහැ. ඒක නිසා ගෙදරත් එක්ක තිබුණ සම්බන්ධෙ ටික ටික අඩු වුණා.


මගේ ලොකේ සතිෂුත්, සතිෂ්ගෙ ලොකෙ මමත් ජීවත් වුණා. ඉදලා හිටලා රණඩුවක් ගියාම සතිෂ් අයියා මුකුත් නොකියා සැටියට වෙලා ටී.වී. බලනවා. සතිෂ් අයියට තරහා යන්නෙ නැහැ. හැමවෙලෙම රණ්ඩු පටන් ගන්නෙ මම. සතිෂ් අයියා ඒක පැහැදිලි කරලා දෙන්න බලනවා. මම තේරුම් ගන්නෙ නැත්තං එයා කට වහගෙන ගිහින් ටි.වි බලනවා. තරහා වැඩි කමට මම පිඟානක් දෙකක් පොලේ ගහනවා. ඒ වෙලාවට මගෙ අතට සතිෂ් අයියා තවත් පිඟන් දෙනවා. මට හිනා ගියාම මාවත් වඩාගෙන සැටියට එනවා. ඒ කරලා ගිහින් තනියම පිගන් කටු ඇහිදිනවා. මගෙ තරහා නිව්වෙ මට එකට එක කරලා නෙමෙයි. ඒ වෙලාවට එයා නිහඩව ඉදලා. එන්නම එන්නම මට තරහා යන එක අඩුවුණේ ඒ නිසා වෙන්න ඇති.

බලූකමේ වේසකමේ අන්තයේම හිටපු මට දැන් ජීවත් වෙන්න අරමුණක් තියෙනවා. කාලය මට මම හොයපු දේ දුන්නා. දැන් මම ඇයි අත්තෙන් අත්තට යන්නෙ. මට ඕන හැමදෙයක්ම, හැම සතුටක්ම සතිෂ් අයියගෙන් ලැබුණා. මෙච්චර කාලයක් කතාවේ කිව්වනෙ මම ටොප් කියලා. හැබැයි අහන්න එපා සතිෂ් දැන් බොටම්ද කියලා. ඒක කතාවට අදාල නැහැනෙ.

මම මටම සීමාවන් දාගෙන හිටියා. ආදරයත් එක්ක ඒ හැමදෙයක්ම වෙනස් වුණා. දවසින් දවස ජීවිතේ අගය වැඩිවුණා. නොදන්න හැමදෙයක්ම සතිෂ් අයියගෙන් දැනගත්තා. පැයකට දෙකකට ඇඳක බුදියගන්න එක හරි, ඔන්ලයින් යකඩ ඇදුම පෙන්නගෙන ගන්න අරුත්සුන් තාවකාලික සතුටට වඩා දෙයක් අපේ ආදරේ තිබුණා.

මට අසනීප වුණාම සතිෂ් අයියා මගෙ ගාවටම වෙලා හිටියා. සුප් පෙව්වා, බෙහෙත් පෙව්වා. සතිෂ් අයියට බඩේ අමාරුවක් මිසක් වෙන කිසිම ලෙඩක් තිබුණේ නැහැ. ඉතින් දවස්, සති, මාස, අවුරුදු මේ විදිහට ගලාගෙන ගියා. හැමදාමත් අලූත් දවසක්. මටත්... සතිෂ්ටත්.. අවුරුදු ගාණක් අපි හිටියේ අපි වෙනුවෙන්මයි. කවදා හරි අපි දෙන්නගෙ දරුවෝ දෙන්නෙක් හදන්නත් අපිට ඕනි වුණා. ඒ හින්දම අපි දෙන්නගෙ ශුක්‍රාණු අරගෙන සතිෂ් අයියා දන්න ඩොක්ටර් කෙනෙක්ට භාර දුන්නා. මේ වයසෙනෙ ඉතින් කාර්යක්ෂම ධාතු තියෙන්නෙ. බැරි වෙලාවත් පස්සේ මොනවා හරි වුණොත් එහෙම. ඒ හින්දා දැන්ම සුදානම් වෙන එක හොදයිනෙ. කොහොමද පස්සේ කාලේ ආයෙත් සංජන - සතිෂ් කියලා අපි දෙන්නා වගෙ කපල් එකක් ඇති වුණොත්...

ජීවිතය තේරුම්ගත යුත්තේ ඒ දෙස බලා සිටිමින් නොවෙයි. ඒයට මුහුණ දීමෙනුයි. අතීතයේ කරපු කිසිම දෙයක් ගැන මගෙ පසුතැවීමක් නැහැ. මම මාව නිවැරදි කරන්න යන්නෙ නැහැ. වැරදි නොවුණනම් කොහොමද මම ජීවිතේ තේරුම් ගන්නෙ. මම මගෙ ජීවිතේට ගලාගෙන යන්න ඉඩ දුන්නා.

කන්දකින් පටත් ගත්ත ඒ දියපාර දැන් එක විලක නතර වෙලා. ඕලූ නෙලූම් මානෙල් පිපිලා ඒ විල හැඩ වෙලා. ගේ කුරුල්ලන් උණත් අපි දෙන්නා ලස්සන කූඩුවක් හදලා. ජීවිතය ජීවත් කරන, දවසින් දවස අලූත් බලාපොරොත්තු ගෙනන ලස්සනම ලස්සන සුන්දර ආදරයක්.. 

මමත් සතිෂ් අයියත් එහෙම හිටියේ කොහොමද? ලංකාවේ ගේ ලව් කරන්න පුළුවන්ද? හැමදාම දකින කුකුලගේ කරමල සුදුයි නේද? උක් දන්ඩෙ රස ගියාම තවත් හපලා වැඩක් නෑ නේද? මගෙ යාලූවන්ට, සතිෂ් අයියගෙ යාලූවන්ට එහෙම ප්‍රශ්න තිබුණා. ලොකුම ප්‍රශ්න වුණේ ඇඳෙන් ඇඳට බුදියගෙන යන මම අවුරුදු ගාණක් එක කොල්ලෙක් එක්ක රිලේෂන් එකක් අරන් යනවා කිවාම. ඒ වෙලාවට ඉතින් සතිෂ් අයියත් ළග තියාගෙන ස්කයිප් එකෙ කිවාම තමයි පිළිගත්තෙ. මට වඩා කොහොමත් සතිෂ් අයියා ලස්සනයි. ඒක නිසා ගොඩක් අය හිතුවෙ සතිෂ් අයියා පිට යනවා කියලා. ඉදලා හිටලා ගෙදර ෆොන් එකට, මගේ ෆෝන් එකට කොල් මැසේජ් ආවෙ නැතුව නෙමෙයි. යාලූවන්ගෙ ගෙවල් වල ගියාම පැත්තකට අඬගහලා මට ඒ දේවල් නොකියනවා නෙමෙයි. ඒත් මම දන්නවා සතිෂ් අයියා මම තරං වැරදි කරලා නැති විත්තිය. එයාගෙ යාලූවත් එක්කම මම එදා එකට ඉන්නවා දැකලත් මට වැරදි කිව්වෙ නැහැ. එදා මාව ඒ හොටලෙන් එක්ක ආවෙ නැත්තං අනුරාධපුරෙන් තවත් එක ඒඩ්ස් රෝගියෙන් හොයාගන්න තිබුණා. එහෙනං කතාව මෙච්චර දුර ගලාගෙන යන්නෙ නැහැ.

තවත් අපේ මේ ආදරය ගැන මෙහෙම එක දිගටම කියන එකෙ තේරුමක් නැහැනෙ. දැන් දවස් සති මාස ගණන් ගත වුණා. ඇයි මාස විතරක්... අවුරුදු... ඔව් අවුරුදු ගාණකුත් ගත වෙලා. තාමත් අපි අපිට ආදරෙයි... එදා ස්ටේෂන් එකෙදි හමුවුණ ගමේ කොල්ලා සංජන අගනගරයේ ඉන්න ඒ සුන්දරම හදවතට ආදරේ කරනවා. වචනයෙන් එයා ඒක කාටවත් කියන්නෙ නැත්තෙ ඇයි කියන්න එයාවත් දන්නේ නැහැ. එයා නෙමෙයි.. මම දන්නෙත් නැහැනෙ..

පුර පෝයට ගලා රුව දකින්න
ඇදිවත එකිනෙක ලිහන්න
උණුසම් ගත සිසිල් වෙන්න
සයනය වෙත ටිකක් එන්න
දෙකොපුල් හිමිහිට තෙමන්න
සියලග මත දග කරන්න
සුරලොව වෙත සැනින් යන්න
මගේ අත ගෙන වාඩිවෙන්න
දෙතොලට මගෙ හාදු දෙන්න
නුරා බැලූම් තව හෙලන්න
අයදින හිත නිවාලන්න
හැම දෙයක්ම භාර දෙන්න
සංසාරය එකට ඉන්න
පැතුම් මඟින් ලොව දකින්න
පියවර ගෙන ඔබත් එන්න
නුරා ගීය ගයා යන්න..



වසර තුනකට පසුව....

තිස් අටවන සිත්තම

හාත්පසම අදුරුයි... මොකද වුණේ කියන්න මම දන්නෙ නැහැ. මම කැරකිලා වැටෙනවා වගේ දැණුනා. ඇස් අරිද්දි මම හිටියේ වටකරපු කාමරයක. සේලයන් දෙනවා. නහයටත් මොකද්ද ගහලා. අත එහාට කරන්න බැරි වුණා. කොළපාට කාමරයක්... මම යාන්තං ඔලූව හැරෙව්වා. දකුණු පැත්තෙ තිබුණ ලොකු වීදුරුවෙන් එහා පැත්තෙ සතිෂ් අයියා ඉන්නවා මම දැක්කා. මම ඒ දිහා බලාගෙන ඉද්දි අයෙත් ඇස් දෙක පිය වුණා...

කොච්චර දවස් හිටියද කියන්න මම දන්නෙ නැහැ. අයෙත් ඇස් ඇරලා බලද්දි මම තනි කාමරෙක හිටියේ.. සේලයින් දෙනවා. ඒ මදිවට මුත්‍රා බටත් ගහලා. හැරෙන්නත් බැහැ. මොකද මට කරලා තියෙන්නෙ... ඒ කියන්නෙ මම තවත් ජීවත් වෙනවද? මම කොට්ටෙ ඇඳට හේත්තු කරන්න හැදුවා.

මොකද ඔය කරන්නේ?‘ සතිෂ් අයියා එක පාරටම ඇඳ ගාවට ආවා. මොකද කරන්න හදන්නේ? නැඟිට්න්න දෙන්න එපා කියල ඩොක්ටර් කිව්වේ. කෝ මොකද කරන්න හැදුවේ කියන්න

මම මේ ටිකක් ඇඳට හේත්තු වෙන්න හැදුවේමුණ ඇඹුල් කරගෙන මම කිව්වා. මෙන්න මෙයා හිනාවෙනවා.

කෝ ඉන්න මම කොට්ටේ හදලා නැඟිට්වන්නසතිෂ් අයියා කොට්ටේ හදලා මගේ උරිස් දෙකට අත් දාලා මාව ඇඳේ පැත්තට හේත්තු කරා. දඟලන්න එපා. මුත්රාද බටේ ගැලවෙයි.

මට මොකද වුණේ අයියේ....

දැන් එවා කතා කරලා වැඩක් නෑ රත්තරං....සතිෂ් අයියගෙ ඇස් රතුවෙලා. මම ගාවම ඉන්න ඇති.

අනේ කියනවාකෝ.....

ඩොක්ටර් කිව්වා සිහිය අවාම ඔයට මේ සුප් එක පොවන්න කියලා...සතිෂ් අයියා කෝප්පයක තිබුණ සුප් එකකුයි, හැන්දයකුයි අරන් මම ගාවට ආවා.

අනේ මම කරගත්තු කරුමයක්. පුදුම වදයක් මම සතිෂ් අයියට දෙන්නේ. මාව ඇඳට හේත්තු කරලා සතිෂ් අයියා සුප් එක පොවනවා. දවස් කීයක්නං මම සිහි නැතිව ඉන්න ඇද්ද? සතිෂ් අයියා නිදි මරාගෙන මම ගාව ඉන්න ඇති.

මොකද සුප් එක්ක කඳුළු බොන්න ද හදන්නේසතිෂ් අයියා තරහින් බලලා කියනවා. කෝ කට අරින්න. මේ සුප් ටික ඔක්කොම බීවේ නැත්තම් මම ඩොක්ටර්ට කියනවා ටිකක් කපන්න එපා කියලා

ඔව් ආස ඇති මම මෙහෙට වෙලා ඉන්නවටමම කටට දාපු සුප් ටික බොන ගමන් කිව්වා. අනේ ඒකට සතිෂ් අයියගේ ඇස් දෙක රතු වුණා.

නැ මගේ රත්තරනේඔන්න බටර් පාර ගාන්න හදන්නේ. ඔහොම මගේ හිත රිදවන වචන කියන්නේ ඇයි මල්ලි

අන්න ඒ කියපු කතාවට නම් මගෙ පපුවත් හීනීයට රිදුණා. ඒ හින්දම කටේ තිබුණ සුප් ටික බීලා මුණ දිහා බලන් හිටියා.

මට බඩගිනියි. ඕක පොවෙන්නෙ නැද්ද?‘ මගේ කන ටිකක් තදේට මිරිකලා රහට අනන සුප් ටික ටික පොවන්න පටන් ගත්තා. අයෙත් නෝන්ඩි වෙන හින්ද ද කොහෙද මම අමාරුවෙන් සුප් ටික ඔක්කොම වගේ බීවා.

ඔයා කන්නේ නැද්ද අයියේ?‘ මම මූණ දිහා බලාගෙන ඇහුවා.

මම ඔෆිස් එකට ගිහින් කන්නම්මගේ ඔළුව අත ගාන ගමන් සතිෂ් අයියා ආදරෙන් කිව්වා.

දවසක් දෙකක් මම මේ විදිහට හොස්පිට්ල් එකෙ හිටියා. බෙහෙත් පෙති වල සැරට මට ගොඩක් වතුර බොන්න කියල තමයි ඩොක්ටර් කිව්වේ. දවසට ලීටර් හයක් අටක් අනිවාර්යයි. සතිෂ් අයියා බෝතල් වලට වතුර පුරවලා ඇඳ ගාව තියලා තිබුණා. මම බොන වතුර ප‍්‍රමාණයයි, පිටවෙන මුත‍්‍රා ප‍්‍රමාණයයි එක්ක තුවාල කොච්චර දුරට හොඳ වෙනවද කියලා බලන්න පුළුවන් කියලත් ඩොක්ටර් සතිෂ් අයියට කියලා. මම දැන් වතුර බීලා එපා වෙලා. එදත් මට කවලා සතිෂ් අයියා ....

කෝ දැන් බලමු කොච්චර වතුර බීලා තියෙනවද කියලා.මෙන්න මේක තමා මට ලැජ්ජා හිතෙනම වැඩෙ. සතිෂ් අයියා හිමීට මගේ මුත්‍රා බෑගය අයින් කරන්න ටොයිලට් එකට අරන් ගියා.

දන්නෙම නැතුව ඇස් වලට හැමදාම කඳුළු එන්නේ මේ වෙලාවේ තමයි. මගේම කියලා කවුරුත් නැති තනිකම මකන්න සතිෂ් අයියා කොච්චර නම් මහන්සි වෙනවද? පොඩි දවස් වල ඉස්පිරිතාලේ නැවතිලා ඉද්දි නම් කී දෙනෙක් මාව බලන්න ආවද? ඒත් දැන් තුන් වරුවම ඉන්නේ මගේ සතිෂ් අයියා විතරයි. මගේ ඇඟ හෝදවලා, කවලා පොවලා විතරක් නම් ඉවසන් ඉන්න පුළුවන්. ඒත් මගේ කැත කුණු පාවා අහක් කරන්න තරම් සතිෂ් අයියට ණය වෙන්න මම කරපු වැරැද්ද මොකද්ද දෙයියනේ...

බලන්න වස්තුමම දිහා බලාගෙන සතිෂ් අයියා එක පාරටම ටොයිලට් එකෙන් එළියට ආවා. ඔයා වතුර බීලා මදි. අඩුම තරමේ මුත්‍රා වරුවකට මිලි ලිටර් දෙසිය පණහක්වත් තියෙන්න ඕන. දැන් මම උදෙත් කියලා ගියේ ටිකක් වැඩිපුර වතුර බොන්න කියලා නේද? උදෙත් තිබුණේ මිලි ලීටර් සීයක් විතර. හවස එද්දි මේ වතුර බෝතලේ ඔක්කොම බීලා තිබුණේ නැත්තම් බලාගන්නම්...

ඉතින් මම මොනවා කරන්න ද දෙයියනේ. බොන තරම් යන්නේ නැත්නම්. අනික....

මොනවද බිම බලාගෙන තනියම කියවන්නේ...සතිෂ් අයියා මගේ නිකටින් අල්ලලා ඇහුවා.

මුකුත් නැහැමම බිම බලාගෙන කිව්වා.

කෝ මගේ ඇස් දෙක දිහා බලන්නඅනේ සතිෂ් අයියේ ඔයා ඔහොම ආදරෙන් කියන කොට කොහොමද එක පාරට බලන්නේ. ලැජ්ජාවට වඩා අමුතු දුකක් තමා හිතෙන්නේ....

කෝ ඉතින්...

සතිෂ් අයියා ආයෙත් මගේ නිකට ඉස්සුවා. එයාටත් මටත් හොරෙන් ඇස් වල කැකෑරුණ කඳුළු බිංදු එක පාරටම සතිෂ් අයියාගේ අතට වැටුණා. යටි තොල හපාගෙන සද්දයක් පිට නොවෙන්න හිතට බල කරත් එක පාරට හයියෙන් මට ඇඩුණා. සතිෂ් අයියා මුකුත් නොකියා මාව උරහිසට ළංකර ගත්තේ මට නොතේරුණ දුක එයාට තේරුණ නිසා වෙන්න ඇති.

සතිෂ් අයියා හිමීට ඔලූව අතගාන ගමන් කෝ දැන් ඇති පැටියෝ.. මගේ ඔලූව උස්සලා ඒ රත්තරං අත් දෙකෙන්ම කඳුලූ පිහදානවා. මෙන්න වැඩක් මම විතරනේ අඬන්නේ කියලා මම හිතුවට මටත් හොරෙන් සතිෂ් අයියත් අඩලනේ.

ඇයි ඔයා ඇඩුවේ..මම සතිෂ් අයියගේ ඇස් වල කඳුළු පිහදාන ගමන් ඇහුවා.

ඔයා අඩපු නිසාඔන්න මාව මට්ටු කරන විදිහ. එදත් එහෙමයි. ඇයි ඔයා ඇඩුවේ...?‘

දීපන්කෝ දැන් ඒකට උත්තර. මම මුකුත් නොකියා හිටියා. බිත්තියේ ඔරලෝසුව මිසී ආවාම කියලා මාරු කරන්න ඕන. මේ ටික වෙලාවට පැයක් යන්න ඒකට බැටරි චාර්ච් වෙනවද මන්දා. අනේ ඉතින් දැන් සතිෂ් අයියා යාවී. අය හවස් වෙනකල් මේ ඇඳේ හිටපන්කෝ.

කපටියා උත්තර නොදී බොරුවක් ගොතන්න හදනවා නේද?‘ සතිෂ් අයියා මගේ ඇස් දිහා බලාගෙන ඇහුවා. ඉතින් පැටියෝ දැන් වේලාව ඉවර වෙන්න හදන්නේ. මම ටක් ගාලා හවස එන්නම්. මගේ වස්තුව හොඳ ළමයා වගේ වතුර ටිකක් වැඩියෙන් බොන්න ඕන. එහෙම කරනවා නේද?‘

පොඩි කාලෙවත් කවුරුවත් මගෙන් මෙහෙම ඉල්ලීම් කරලා නැහැ. මේ ඉල්ලීම මම වෙනුවෙන් සතිෂ් අයියා කරන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. දැන් ආයෙත් අඬන්න ගත්තොත් සතිෂ් අයියා වැඩට නොගිහින් මෙතන ඉදිවී. හැගීම් බර වෙලාම බැහැනේ. ඒක නිසා මම කොහොම හරි හිනාවක් මවාගෙන සතිෂ් අයිය කියපු දේට ඔලූව වැනුවා.

කෝ ඒක නම් බොරු හිනාවක් සතිෂ් අයියට බොරු කරන්න මට බැහැනේ මට ඉක්මනට ඔයාව සනීප කරගන්න ඕන මගේ පැටියෝ. අපි දෙන්නා අපේ ගෙදර ගිහින් සංතෝසෙන් ඉමු.

මගේ නළලට දෙන සුන්දර හාද්දක් සමඟ සතිෂ් අයියා කිව්වා. ඉස්සර මේ හාද්ද හැමදාම අරගෙන නේද මම උදේම නැඟිට්ටේ. මම හින්දා සතිෂ් අයියා සතුටක් වින්දා කියලා මම හිතන්නේ නැහැ. ඒත් ඇයි තාම මාව දාලා යන්නේ නැත්තේ....

කෝ මගේ ණය ගෙවන්නසතිෂ් අයියා මුණ ළංකරලා කිව්වා.

පුදුම කපටියෙක් එයත්. ඉස්සෙල්ලාම එයා මට හාද්දක් දීලා ඒකේ රිටන් එක ගන්නේ මෙහෙමයි. මම හිමින් සතිෂ් අයියගේ නළල ඉම්බා. එදා වගේම දැනෙන ඉමිහිරි සුවඳ අදටත් අඩු වෙලා නැහැ. මේ ආදරය නේද දෙයියනෙ මම අහිමි කරගන්න ගියේ....

එකක් බැහැසතිෂ් අයියා කිව්වා.

ඒ මොකද මම පුදුමයෙන් ඇහුවා.

අද ඉදලා පොළියටත් එකක් ඕනපුදුම හේතු තමා මෙයත් හදාගන්නේ. එකක් දෙකක් නෙමෙයි ඕන තරම් දෙන්නම්. මගේ රත්තරනේ. මම අයෙත් නළලට හාද්ද දෙන්න ළං කරද්දිම දොරට තට්ටු කරන සද්දේ ඇහුණා. මම ඉක්මනට හාද්ද දුන්නා.

ඒක වංචාවක්...සතිෂ් අයියා දොර අරින්න නැඟිට්න ගමන් කිව්වා.

ආහ් මිස්ටර් සතිෂ් ඉන්නවා නේද?‘ නර්ස් හිනාවක් දාගෙන සතිෂ් අයියගෙන් ඇහුවා. මේ බබා තාත්තා නැ කිය කියා අඬ අඬා හිටියේ

මේ ගෑනිටත් ඕන් නැති දෙයක් නැහැනෙ. මම බිම බලාගෙන හිටියා. සතිෂ් අයියා මුකුත් නොකියා හිටියා.

මෙයා වතුර බොනවා මදි මිස්ටර් සතිෂ්.අයියෝ ඔන්න නර්ස් අයෙත් පටන් ගත්තා. මිස්ටර් සතිෂ් කියනවනම් අපි නහයට බටයක් දාලා වතුර පොවන්නම්.නර්ස් ඒක කියලා හිනාවුණා. මම මුකුත් නොකියා බිම බලාගෙනම හිටියා.

මාත් දැන් ඒක තමා කිව්වේ මිස්.සතිෂ් අයියා කිව්වා. දැන් කොහොමද මිස් මල්ලිට

මමත් අහන්න බලාගෙන හිටිපු දෙයක් තමා සතිෂ් අයියා ඇහුවේ.

මිස්ටර් සතිෂ් උදේ ඩොක්ටර් හම්බුණා ද?‘ මිසි ඇඳ ගාවට ඇවිත් මගේ රිපොට්ස් එක එක පෙරළන ගමන් ඇහුවා.

ඔව් මිස්

අනේ පව් දෙයියනේ මම මේ අසරණයට පුදුම වදයක්නෙ දෙන්නේ. ඔන්න මගේ ඇස් දෙකට හොඳින් කියන්නේ මෙතන විකාර කරන්න නම් ලැස්ති වෙන්න එපා.

මෙයා බීලා තියෙන්නේ ඔළුව අමාරුවට බොන පෙති වගයක්අනේ මේ ගෑණි නම් මගේ හැතිරියක්. සාස්තර කියනවා වගේ කරපු දේවල් කියාගෙන යන්න හදන්නේ. මම ඉදලා ඉවරයි.

මේක ගොඩක් බලපාන්නේ මෙයාගේ බඩවැල් වලට. ඒක හින්දා තමා කියන්නෙ වතුර වැඩිපුර බොන්න කියලා. නැත්තම් බඩවැල් තුවාල වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පස්සේ කාලෙදි නැති ප‍්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි.

සතිෂ් අයියා මං දිහා බලා ඉන්නවා වගේ මම යාන්තමට දැක්කා. මම තමාත් හිටියා වගේම ඔලූව පාත් කරගෙනමයි ඉන්නේ. කොහොමද දෙයියනේ ඔළුව උස්සලා බලන්නේ. මගේ රෙදි ටික ඔක්කොම හිටන් ඉද්දි ගැලෙව්වා වගේ වැඩක්නෙ කරේ. රිපෝට්ස් වල මොනවදෝ ලියපු නර්ස් යන්න ගියා. සතිෂ් අයියත් ඒත් එක්කම යන්න හැදුවා. පුදුම දඩුවමක් තමා දෙන්න යන්නේ. නොකියම යන්න හදන්නේ. මෙන්න මේ වේලාවේ ඇස් කොහොම මුරණ්ඩු නොවී ඉන්නේ. එක දිගට සට සට ගාලා කඳුළු වැටුණා. දොර බාගෙට ඇරලා තියෙද්දි ආයෙත් සතිෂ් අයියා මගේ ඇඳ ගාවට ඇවිත් වාඩි වුණා. මගේ ඔළුව එක අතකින් අත ගාන ගමන් අනිත් අතින් නිකට ඉස්සුවා.

මගේ රත්තරනේ, මට දැන් ඉන්නේ ඔයා විතරයි. මට ඔයාවත් නැති කරගන්න බැහැ. ඒ ගැන ඔයා හිතන්න ඕන වස්තුවේ. මම මේ හැමදේම කරන්නේ අපි දෙන්නා වෙනුවෙන්. යටගිය දේවල් එහෙමම යටගියාවේ. අපිට ඒවා වෙනස් කරන්න බැහැ. අපි ලස්සන අනාගතයක් හදමු මගේ පැටියෝ. ඒකට ඔය කඳුළු නම් එපා ඔන්න. කෝ දැන් මට යන්න පොඩ්ඩක් හිනාවෙන්න. නැත්නම් මම දුකින් තමා යන්නේ...

මම හිමීට ඔළුව ඉස්සුවා. අනේ දෙයියනේ මට හිනාවෙන්න කියලා මෙයා අඬනවා. මම අත්දෙකෙන්ම සතිෂ් අයියගේ කඳුළු පිස්සා. ඔළුව පාත් කරලා නළල ඉම්බා. ඔයාව අඩවන්නේ කොහොමද මම. ඒක නිසා ඔන්න මම හිනාවුණා.

හොඳ කොල්ලා.සතිෂ් අයියා මගේ නළලත් ඉම්බා. එහෙනම් පැටියෝ මම හවසට එන්නම්. නර්ස් කියපු දේ ඇහුණනේ. ඒක හින්දා හොඳට වතුර බොන්න ඕන.

මම ඔළුව දෙපැත්තට වනලා හා කිව්වා. ගෙනාපු දේවල් ටිකකයි. මගෙ රෙදි ටිකයි මල්ලට දාගෙන සතිෂ් අයියා දොර ඇරලා මම දිහා බැලූවා.

දැන් ටිකක් නිදා ගන්න.සතිෂ් අයියා දොර වහන ගමන් කිව්වා.

සිනා තොටක් විය ඔබ් පාමුල මා ලද සරදම්
මහොගයක් විය ඔබෙන් ලැබු අපමන අබිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්
දුටුව නිසා ආදරයෙ දෙව් රුව ඔබගෙන් මන් ....//

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වි
සිටියා මිස නොදනිමි කොයි සිටියා දැයි මල වි
පුදසුන් මත මිය යද්දි දහසක් මල් පරවි
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර වි

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරි කම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මෙ හමු විමත් වාවනු නොහැකි

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්....

ගී පද - බන්දුල නානායක්කාර කාරියවසම් මහතා
සංගීතය - රෝහණ විරසිංහයන් මහතා
ගායනය- නිරෝෂා විරාජනි මහත්මිය



දැන් ඉතින් පැය ගාණක් අය අයෙත් හිටපන්කෝ. නිදාගන්නවා කියලා මෙහෙමත් නිදාගන්න පුළුවන්ද දෙයියනේ. මම වතුර බෝතලේ දිහාත් බැලූවා. මේක ලීටර් පහක එකක්නෙ. කොහොමද බොන්නේ. හලන්න විදිහකුත් නැහැ. මොකද නැඟිටගන්නවත් බැහැනේ. කෝ බලන්න සතිෂ් අයියා මට මොනද ගෙනත් තියෙන්නේ කියලා. ඇපල්, මිදි, දොඩම්... දැන් මම ගිරවෙක් වගේ. කන්න වෙලා තියෙන්නේ පළතුරුයි. එළවළු කෑමයි විතරයි. දවස් ගානක් එකම දේවල් කාලා එපා වෙලා. මොනවා කරන්න ද?

දාඩාස් ගාලා දොර එක පාරට ඇරුණ නිසා මම ගැස්සුණා. මේ සතිෂ් අයියගේ මල්ලි නේද? මං දිහා නපුරු විදිහට බලන්නේ...

මේ ඉන්නේ පාහර බල්ලාකියාගෙන දොරට පයින් ගහපු මල්ලී තෝ අම්මෙක්ට අප්පෙක්ට දාව ඉපදුණ එකෙක් ද බොල

මම බිම බලාගත්තා. මම මේවා අහන පළවෙනි පාර මේක නෙමෙයිනෙ. ඕන දෙයක් කියපුවාවේ.

මොකද බල්ලෝ බිම බලාගෙන ඉන්නෙ. තෝ කරපු අමන වැඩ වලට ඔළුව උස්සන් ඉන්ඩත් බැනේ නේද?‘ මල්ලී මගේ ළඟටම ඇවිත් ඔළුව තල්ලූ කරන ගමන් කිව්වා.

අපේ අයියට පාඩුවේ ඉන්න දීපන් වලත්තයෝ. තොට තියෙන අමාරුව හොඳ කරගන්න පලයන් හොඳ ආමි කැම් එකකට. අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න තෝව හොඳ කරයි. වේසිගේ පුතා. තෝ මොකෙද්ද බොල. කොහෙන්ද අවේ. අර අහිංසකයව රවට්ටගෙන ඒකාව හුරගෙන කන පාහර බල්ලා. තෝ කරන එවා තමයි බල්ලෝ තොට පරිසන් දෙන්නෙ. අපේ කරුමෙට තෝ මැරුණේ නැත්තෙ. තොපි වගේ අමන හැත්ත ජීවත් වෙනවට වඩා හොඳයි යකෝ මකබෑවිලා යන එක. .... බල්ලා. කතා කරපිය.

මම මොනව කතා කරන්නද මල්ලි. මම ගැන මටත් වඩා හොඳට ඔයා කියලා දුන්නේ. ඇස් වලට කඳුළු ආවේ නැති එක හොඳයි. ඔයාගේ දුක නොතේරෙනවා නෙමෙයි. ඒත් මම කරපු වරදට මට ඔහොම කියලා මදි. ඕන දෙයක් කියන්න. මම අහගෙන ඉන්නම්. මම හිතෙන් මිමිණුවා.

තෝ සනීප වෙච්ච ගමන් අයියා ඉන්න හතර සීමාවේ ඉන්නෙ නැතුව යන්න ඕන.මල්ලි මට තර්ජනය කරන්න ගත්තා. නැත්නම් තෝ මැරෙන්නේ මගේ අතින්. බල්ලෙක් වගෙ පාරේ වැටිලා මැරෙන්න අකමැතිනම් තොට ඇවිද ගන්න පුළුවන් වෙච්ච ගමන් කොළඹින් පල.

මගේ ඔළුව අයෙත් තල්ලූ කරපු මල්ලි යන්න ගියා. පුදුමයි මගෙ ඇස් වලට එක කඳුළු බිංදුවක් වත් ආවේ නැ. සමහරවිට මල්ලි කියපු දේවල් හරි නිසා වෙන්න ඇති. සතිෂ් අයියව අසරණ කරේ මම. මම හින්දා කසාද බඳින්න හිටපු එයාගේ පවුලේ, නැදෑයන්ගේ නම්බුව නැති වුණා. සතිෂ් අයියව අම්මගෙන් ඈත් කරා.

සතිෂ් අයිය මැරි කරනවා කියන ආවේගට එක පාරම ඔෆිස් එකෙන් මම ගෙදර ආවා. කෑ ගහලා ඇඬුවා. සතිෂ් අයියට අනිවාර්යෙන්ම මැරි කන්නම වෙනවා. නැත්තම් එයාගෙ අම්මගෙ ජීවිතේට ඒක බලපෑමක් වෙනවා. මල්ලි කියපු විදිහට මම තමයි සතිෂ් අයියට ඉන්න එකම බාධාව. එයා හරි මමයි සතිෂ් අයියාව අසරණ කරේ... මම ඇත්තමට සතිෂ් අයියට ආදරේ නම් එයාගේ සතුට වෙනුවෙන් එයාව නිදහස් කරන්න ඕන. අම්මයි, මමයි අතර සතිෂ් අයියා අසරණ වෙනවා. මම මැරුණාම සතිෂ් අයියා මාසයක් දෙකක් දුක්වෙයි. කාලයත් එක්ක එයාගෙ ඒ දුක නැතිවෙයි. ළමයෙක් හම්බුණාම කොහොමත් මාව සදහටම අමතක වෙයි. මම බෙහෙත් බිවේ එයා බඳින නිසා ද? නැහැ. මට එයා වෙන කෙනෙක්ට හිමිවෙනවා බලා ඉන්න බැරි නිසානෙ. මම මැරුණට පස්සේ සතිෂ් අයියට එයාගේ පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න පුළුවන් කියලා මම දන්නවා. මම කොහේ හරි ජීවත් වුණොත් සතිෂ් අයියා මාව හොයාගෙන එනවා. එතකොට ඒ පවුල් ජීවිතේ නැති වෙයි. බලන් යද්දි කොහොමත් වුණේ ඒක තමයි. මම ඔෆිස් එකෙන් ආවා කියලා සතිෂ් අයියාට කිව්වේ කවුද? සතිෂ් අයියා කලබලා වෙලා ඇවිත් මාව හොස්පිට්ල් එකට ගේන්න ඇති... සතිෂ් අයියා හොඳටම බයවෙලා එදා මම අයි.සි.යු. එකේ ඉද්දි දැක්කා.

එක දිගට ගලාගෙන ආව මනස්ගාත යන්තම් මාව නිදි කරලා තිබුණා. මම ආයෙත් ඇහැරුණේ හවස තුනට විතර. අලූත් මේල් නර්ස් කෙනෙක් ඇවිත් මගේ ලේ ගන්න මාව ඇහැරුව නිසා. ඉස්සර නම් සිලින්ජරයක් දකිද්දි ඇඟ සීතල වෙනවා. ඒත් මේ සතියට කී පාරක් නං කියලා ලේ ගත්තද මම ඇඳේ පැත්තට හේත්තු වෙලා අත දික් කරා. මම නර්ස් දිහා බලලා යාන්තමට හිනා වුණා. නර්ස් හිනාවෙලා මගේ අතේ වැලමිටට උඩින් පටිය බැන්දා.

කොහොමද දැන් ඔයාගේ අසනීපේමම කතා නොකරපු නිසාද කොහෙද නර්ස්ම ඇහුවා. ඒත් එක්කම මට දැණුනා ඉන්ජෙක්ෂන් කටුව මගේ නහරය හරහා යනවා.

දැන්නම් ගොඩාක් සනීපයි මම කිව්වා. මට කවදා වගේ යන්න පුළුවන් වෙයිද

යන්න නෙමෙයි නේද ආවේනර්ස් මට නොදැනෙන්න මගෙ කන හයියෙන් මිරිකුවා වගේ අද ඩොක්ටර් ආවාම කතා කරලා බලන්න. මම හිතන්නේ තව දවස් දෙකකින් තුනකින් ඔයාට යන්න පුළුවන් වෙයි.

ලේ කුප්පිය පුරව ගත්ත පොර පටිය ලිහන්නෙ නැතුවම යන්න ගියා. මම ඒකත් ලිහාගෙන ජනේලිය දිහා බලාගෙන හිටියා. ඇත්තටම මම දැන් මොකද කරන්නේ. මම මගෙ පවුල විහින් අමතක කරා. මොනවා වුණත් අවුරුදු තුනක් තිස්සෙ මම සල්ලි යැව්වා. අම්මා තාත්තට මොනවා වෙලාද දන්නෙ නැහැ. සතිෂ් අයියා එක්ක කොළඹ ආවට පස්සේ මටම කියලා හිටියේ සතිෂ් අයියා විතරයි. දැන් මම එයාගේ පවුලේ අයට ප‍්‍රශ්නයක් වෙලා. මොකද මම කරන්නේ.....

අතොරක් මෙතොරක් නැතිව වාහන එහා මෙහා යනවා. ජීවිතම හීනයකැයි කියා හිතෙනවාමර්වින් පෙරේරා කියන ඒ සින්දුව කොච්චර ලස්සනද? කොච්චර අර්ථවත් ද? මගේ ෆෙස්බුක් එකෙත් මම කොච්චරනම් කවි ලිව්වද? කොච්චර කට්ටිය මට හොඳ කිව්වද? සතිෂ් අයියා ඒවාට කොච්චරනම් කමෙන්ට් කරාද. වාසනාවකට නොදැකපු විශ්ව ලෝකයෙන් නැතුව මගේ හැබෑ ලෝකයෙන් සතිෂ් අයියෙගේ ආදරේ ලබන්න හම්බුණේ මගේ වාසනාවට.

සංජන දැන් නැඟිටලා ඉන්නේ.එක පාරටම නර්ස් ඇවිත් කතා කරා. ඩොක්ටර් සංජනට එන්න කිව්වා. දැන් ඇගේ හිරි යන්නත් එක්ක ටිකක් ඇවිදින්න ඕන කිය කියානේ හිටියේ. කැතීටර් එක ගලවන්න ඕනි. පොඩ්ඩක් රිදෙයි. ඔයා ඔහොම්ම නිදා ගන්න.

මම යාන්තමට හිනා වෙලා ඇඳේ ඇල වුණා විතරයි. නර්ස් මට සරම පාත් කරන්න කීවා. මුත්‍රා බටය හයි කරේ කොහොමද කියලා දන්නෙ නැහැ. ඒත් අයින් කරන්න ඇඳුම් එහා මෙහා කරද්දිනං ලැජ්ජා හිතුණා. ටියුබ් ලයිට් එකක් වගේ රෝම ඉවත් කරලා තිබුණු රහස් අවයවය වෙන කෙනෙක් එහෙම දකිද්දි මොනවා වුණත් ටිකක් අවුල්නෙ. හා නැද්ද මම කියන්නේ. හිතන තරං ලේසී නැ බටයක් ඇතුලේ තියාගෙන ඉන්න එක. අයින් කරද්දි ටික්ක රිදුනේ ඒ හින්දම කොහොද? නර්ස් වැඩියෙන් අවයවය එක්ක සෙල්ලං කරනවා වගෙ මට දැණුනා. පිස්සුනං කරන්න එපා. කොඩිය ඉස්සුනොත් පස්සේ මම වැරදි කියන්න එපා. තාම මම හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්... වැඩේ ඉවර කරපු නර්ස් ඇඳෙන් බහින්න මට උදව් කරා. දැන් තමයි කකුල් දෙකට ලේ යනවා දැනෙන්නෙ. සති ගානකින් ආයෙත් ඇවිදින්න හදන්නේ. පොඩි ළමයෙක් වගේ මම කකුල් තියන දිහා නර්ස් බලන් හිටියා.

සංජනට යන්න අමාරුනම් මම වීල් චෙයාර් එකක් එවන්නම්මම අමාරුවෙන් අඩිය තියනවා වගේ දැකපු හින්දද කොහෙද නර්ස් අයෙත් එහෙම කිව්වා.

කමක් නැ මම හිමීට අඩිය තියන ගමන් නර්ස්ට කිව්වා. මම ආසයි මෙහෙම හිමින් හිමින් ආයෙත් පටන් ගන්න

සංජනට තියෙන්නේ දාර්ශනික අදහස් වගෙ නර්ස් දොර අරින ගමන් කිව්වා.

මම හිනාවුණා විතරයි. කොහොමත් නොදන්න අයත් එක්ක මගෙ වැඩි කතාවක් නැහැනෙ. මෙල් ඇටෙන්ඩර් මං වැටෙයි කියලා බයෙන්දෝ කොහෙදෝ මම ගාවින්ම හිමින් හිමින් ගියා. ඉස්සර ලොකු නංගිත් මේ වගේ මම අසනීප වුණාම මාව එහාට මෙහාට එකක් යන විදිහ මට මතක් වුණා. අනේ උන් දෙන්නා දැන් කොහෙ ඇදේ අයියා කෙනෙක් විදිහට මම එයාලා ගැන හෙව්වේ බැලූවේ නැ. මම අසාර්ථක සහෝදරයෙක්...

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක්ම්
මියෙමි සදවත අද මා නම්

නොනිමි කදුළක පටලා හද
අඳුර කිම සැගවී දුර පෙර
කිබද මහදක ඔබ වූ සද
කිමද ඉකිබිද හද වැඳ අද

නොපිපි කොද කුසුමකි ඉකිබිද - මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක - මිය යනු කෙස්
දිවිතක් නැතත් අද මා හඩවා - ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනනම් හිම වැනි දියේ

අදුරු අහසක රෑ කැටයම්.....

මුකුලිතව සිත වත නෙත වැදි - කදුලැලි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන් - වෙන් වී ගියේ...
දිවිතක් නැතත් අද මා හඩවා - ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනනම් හිම වැනි දියේ

අදුරු අහසක රෑ කැටයම්.....

ගී පද - හිරාන් විජේසිංහ මහතා
සංගීතය - රකිත ඇන්ඩ් රකිත ස්ටූඩියෝ
ගායනය - රකිත භාග්‍ය වෙලගෙදර මහතා

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...