එකොළොස් වන ප්‍රාර්ථනය
අම්මයි තාත්තයි කොච්චර කෑ ගැහුවත් ඉතින් ජීවිතේ ඇත්තටම අපි හිතන දේවල්ම වෙනවං කොච්චර හොදද නේද? අහම්බෙන් කඩේ ඉන්න ගමන් කියවපු පත්තරයක තිබ්බ රස්සාවක් හොයාගෙන මම කොළඹට ආවේ ඇයිද මන්දා? හේනේ කුඹුරේ වැඩ කරලම මට එපා වෙන්න ඇති මයෙ හිතේ. තාත්තටත් ස්ථීර රස්සාවක් තිබ්බ නැති හින්දා හේනයි කුඹුරයි කර ගත්තෙ නැත්තං අපිට හාමතේ ඉන්නයි වෙන්නෙ. කඩෙන් කියල මහ ලොකු ආදයමක් එන්නෙත් නැනේ. ගෙදරට වද කරලා ආයෙ ආයේ ක්ලාස් ගිහින් ඉගන ගන්න මම ආස කරෙත් නැත්තේ ඒකයි. නැන්දලා ගේ වටේට හිටියට වැඩක් නැනේ. තාත්තා අම්මව බැදපු දවසෙ ඉදලා එයාලා අපිත් එක්ක කතාවක් නැ. අනේ මන්දා. අඩුම ගානේ මාත් එක්කවත් කතාවක් නැ. මම මොන වරදක් කරාටද මන්දා...
‘මිලාන්...‘ නැගිටින්න.
මම එක පාර ගැස්සිලා නැගිට්ටා.
ඔහ් අෂි මම ළග.
‘ අද නැගිටින්න කල්පනාවක් නැද්ද?‘ අෂි හිනාවෙන ගමන් ඇහුවා.
මම ටිකක් වෙලා කල්පනා කරා. අහ් මම පානදුර ආවනෙ නේද? මෙච්චර දුර ආවේ ඇයි.... ටයි බයි දාලා මොප් විකුණන්න.. මම අෂිට හිනාවක් දාලා. නැගිටලා ඇදේ වාඩිවුණා. අෂි මට තේ එකක් ගෙනත්දුන්නා.
‘මොකො... ‘ අෂි මගෙ ගාව වාඩිවෙන ගමන් ඇහුවා. කුස්සියේ අනිත් අය උයනවා වෙන්න ඇති. මාව මෙතනට ගැළපෙනවද මන්දා. මම රෑ උයන්න උදව් කරන්න ගියෙත් නැහැ. අදත් මමද කොහොද පරක්කු වෙලා නැගිට්ටෙ.
‘මුකුත් නැහැ....‘ මම තේ එක බොන ගමන් කිව්වා. ‘කීයද වෙලාව...‘
‘දැන් පහාමාරයි....‘ අෂි කිව්වා. ‘අපි පහට නැගිට්ටෙ.. ළමයා පරක්කු නිසා බැලුවෙ මොකද කියලා.. තාම බැරි වුණා නේද උදේම නැඟිටින්න‘
‘ මෙච්චර උදේ නැගිටලා මොනවා කරන්නද හලෝ..‘ ඇත්තනෙ අප්පා. දැන් ඇවිත් සතියක් විතර වෙනවා. මට නම් හොඳට නින්ද යනවා. මෙයාලා උදේම නැඟිටලා මොනවා කරනවද මන්දා. අම්මත් එක්කත් වතුර හරවන දවස් වල මම එක දිගට ගෝරී. ඇයි වදේ උදේම නැඟිට්ටවල කුඹුරට යවනවා. තාත්තනං කැමති නැහැ. ඒත් අම්මගෙ බෙලිකටු මල්ල හොලවනවට වඩා හොඳයි මම කුඹුරට යන එක.
‘අපි හයට එක්සයිස් කරන්න ඕන...‘ අෂි මට මතක් කරා.
මම ආසම නැති වැඩක් අප්පා ඒකනං. පළවෙනි දවසෙ මට නිකං බලාගෙන ඉන්න ඉඩ දුන්නා. දැන් එහෙම නැනෙ. කරන්නම එපැයි. මයෙ වෙනුව ගොඩක් දේවල් අෂි කරා. උදේට රෑට උයන එක පාවා කරේ එයා. කවුරුවත් ඇත්තමට මොකවත් කිව්වෙ නැහැ.
‘මොනවද අද තියෙන එක්සර්සයිස් දැන්...‘
‘අපිට තියෙනවා කිලෝමීටරයක් විතර දුවන්න...‘
‘මොන.....?‘
‘හාහාහාහ දුවලා ඇවිත් නාලා, කාලා... ඉතින් වැඩ පටන් ගන්න තියෙන්නේ...‘
මම මුකුත් නොකියා ඉස්සරා බලාගෙන හිටියා.
‘අෂි...‘ කවුද අයියා කෙනෙක් දොර ගාවට ඇවිත් කතා කරා... ‘සර් එන්නලු...‘
අෂිගෙ මූණ මොකද වුණා.
‘මම පොඩ්ඩක් ගිහින් එන්නං.‘ අෂි නැගිටින ගමන් කිව්වා. ‘ ඔයා බාත්රූම් ගිහින් මූණ කට හෝදගන්න...‘
මම ඔලුව වැනුවා. අෂි දොර ගාවින් ආයෙත් මම දිහා බැලුවා. අෂි හැමදාම වගෙ උදේට උදේට සර්ගෙ කාමරෙට යනවා. මම ඇයි කියල ඇහුවෙ නැහැ. ඔෆිස් වැඩ ඇතිනෙ ඉතින්... නේද?
මම තේ එක බීලා ආයෙත් ළිද ගාවට ගියා. එතන අයියලා දෙන්නෙක් හිටියා...
‘කොහොමද මල්ලියා...‘ එක අයියා කෙනෙක් දත් මැද මැද ඉන්න ගමන් හිනා වෙලා කිව්වා. මට තාම මෙයාලගෙ නම් මතක නැනෙ. ‘ගුඩ් මෝර්නින්...‘
‘ගුඩ් මෝර්නින් දෙන්නටම...‘ මමත් කිව්වා. රෙදි ටික වේලිලා වගෙ.
‘ඊයේ නින්ද ගියාද?‘ අනිත් අයියා ඇහුවා...
‘අවුලක් නෑ අයියේ...‘
‘මල්ලිට මහන්සිය නිසාම නින්ද යන්න ඇති...මේ දවස් ටිකෙම ඇවිඳිනවනෙ‘ එක අයියා කෙනෙක් මූණ කෙනෙක් ලෑස්ති වුණා. මමත් රෙදි ටික එකතු කරලා වැලෙන් එකට තිබ්බා. දත් මදින්න ඕන.
එක එක්කෙනා ළිද ගාවට ආවා. තාම හරියට එළිය වැටිලා නැහැ. ළිද ගාවට ලයිට් එකක් තිබ්බා. අෂි දත් මදින්නෙ නැද්ද? අද තාම නැහැනෙ. මොනා කරනවද මන්දා... අහ් ඔෆිස් වැඩ නේද? අමතක වුණානේ මට....
සේරම මූණ කට හෝදගෙන බොටම් එකක් ඇදගෙන... මට කොහෙද බොටම්. ඇවිත් සතියක් වුණාට බොටමක් ගන්න වුණේ නැනේ. මට සල්ලි නැහැ අවංකවම කිව්වොත්... තිබුණ ෂෝටා එක ඇදගෙන ඇදට වෙලා වාඩිවෙලා හිටියා. මෙන්න අෂි එනවා. බොටමකුත් ගහගෙන.
‘කොහෙන්ද ඔයා මූණ හේදුවේ...‘ මම ඇහුවා.
‘මම ඇතුළෙන් හෝද ගත්තා මිලාන්..‘ අෂි මම දිහා බලන්නෙ නැතිව කිව්වා..‘ කොහොමද ළමයෝ කොට කලිසම ඇදගෙන උදේට දුවන්නේ... සීතලයි.‘
අෂි එයාගේ අල්මාරිය අරින ගමන් කිව්වා
‘ආ මේක ඇදගන්න....‘
අලුත් බොටමක් මට දෙන ගමන් අෂි ආයෙත් කුස්සියට ගියා. මමත් අෂි පස්සෙන්ම ගියා. අහ් බොමට.. ඒකත් ඇදගෙන ගියේ හරිද? හිහි
උදේට උයලා ඉවරයි වගේ. එතකොට සේරම දවල්ට කන්නෙ කඩවලින්ද? ඔව් ඔව් කඩවල් වලින්. තාම මගෙ විදයම් දරන්නෙ අෂි. අපිට ඉදලා හිටලා හොඳ පල්ලම් වැටෙනවා. දුකේ බැ....
සර්ගෙ කාමරෙ තමයි අපි ගෙනියන්න ඕන බඩු තියෙන්නෙ. උදේට සුදු කිරි එක්ක. මමනං කිරි බොන්න ආසම නෑ. ඒත් බඩගිනි නිසා බොනවා.
‘එහෙනං ළමයි අපි යමු...‘ සර් සාලේ ඉදන් කියනවා ඇහුණා. කුකුළන්ට වී දාලා බා බා කියනවා වගෙ මෙන්න කාමර වල හිටපු එක එකා එළියට එනවා. සේරම සාලෙට ආවට පස්සෙ සර් කතා කරා.
‘ගුඩ් මෝර්නින් ...‘ සර් සේරටම විෂ් කරා.
‘ගුඩ් මෝර්නින් ‘ සේරම එක හඩින් කිව්වා. මම කියපු එකනම් මටවත් ඇහුණේ නැහැ.
‘හව් ආ යු ඕල්...‘ ආයෙත් සර් ඇහුවා.
‘ ෆයින් සර්‘
‘ආ යූ එව්ර්රි වන් හැෆි?‘
‘ යර්ස් සර්...‘
‘ ආ යූ එව්ර්රි වන් හැෆි...?‘
‘ යර්ස් සර්...‘
‘ගුඩ් මයි බෝයිස් ... සෝ කැන් වී රන් නව්....‘
‘ෂුවර් සර්...‘
‘ඔකේ.. ලෙට්ස් ගෝ ටු වින් ද වර්ල්ඩ්...‘
සර් හෙමින් දුවගෙන දොර ගාවට ගියා. ළමයි ටිකත් එළියට ආවා.
‘අෂි ඩු යි ක්ලොස්ද කිචන් ඩෝ...?‘ සර් ඇහුවා. අෂිට තමයි සර් හැමදාම කුස්සියේ දොර වහන්න කියන්නෙ.
‘ යර්ස් සර්...‘ අෂි කිව්වා.
සේරම එළියට ආවට පස්සේ සර් දොර වැහුවා. මෙන්න බොලේ දුවනවා දැන්... අයියෝ... මේ උදේ පාන්දර දුවන්නෙ පිස්සුවක් ඇතැයි...
හති දාගෙන යමරෙට කට්ටිය දුවනවා දැන්..
හැම ඉරිදා දවසකම මෙහෙම දුවනලු. ඉරිදා නිවාඩුනෙ. ඒක නිසා දුවලා ආවට අවුලක් නැහැ. වැඩ නැනේ. නැත්තං මේ විදිහට දුවලා මොකාද ආයෙත් හැතැප්ම ගාණක් ඇවිදිනේ ආයෙත්. එහෙම ඇවිදින එකෙත් පොඩි ගතියක් තියෙනවා. විවිධාකාර මිනිස්සු එක්ක කතා බහ කරල වැඩ කරන්න තියෙන්නෙ. අපෙ නම් ට්‍රයි එක කොහොම හරි මොප් එකක් විකුණ ගන්න තමයි. පත්තර වල සුරංගනා ලෝකයක් මවලා ගම්වල කොල්ලෝ ගෙන්න ගත්තට මෙකෙ යථාර්තය මේකයි. ලංකාවේ හරි පිටරට හරි කම්පැණියකින් අඩුවට මේවා ගෙන්න ගන්නවා. එකට එකක් වගෙ ලාබ සර්ට තියෙනවා. කොහොමත් අපි කට්ටියම දවසට හතලිහක් පණහක් හොයනවා. මම තාම පුහුණු නිසා බැහැ. අෂිටත් වඩා පරණ අයියලා දවසට මොප් පහක් හයක් විකුණනවා. කෑම වලට අපිට එච්චර වියදමක් යන්නෙ නැහැ. පුහුණු අයට මාසෙට පහළොවක් දෙනවා කිව්වට කෑමට පස්සෙ පස්සෙ පඩියෙන් කපනවා. ගොඩක් ළමයි මාසයයි දෙකයි වැඩ කරන්නෙ. ඒ මාසෙ පඩිය අරගෙන එහෙම්ම ගෙදර යනවා. ඔරිජිනල් සහතික සර් ගාව නිසා එක පාරම යන්න බැහැ. ඉතින් යන දවසෙ අහන්න තියෙන දේවල් සේරම අහලා නින්දා අපහස විදලා යන්නෙ. සර් බොසත් චරිතයක් වගෙ පෙණුනට ඇත්තටම එහෙම නැහැ. නිසල දිය ගැඹුරුයි වගෙ එයාගෙ ඇතුළාන්තය ගොඩාක් ගුප්තයි. කරන්නෙ කියන්නෙ මොනාද කියල කවුරුත් දන්නෙ නැහැ. මම හිතන්නෙ අෂි සර් ගැන යම් තරමකට දන්නවා.
______________________________ ________________
ගංදෑල ඉතිරිලා
කුමුදු මල් පොඩි වෙලා
සුවඳ නුඹ ගෙන ගියා
කාටත් හොරෙන්...
තණ පලස වියැලිලා
පිනි බිංදු නැති වෙලා
හිරු ගොඩක් සැඩ වෙලා
කඳුලයි සුසුම්...

______________________________
ගංදෑල ඉතිරිලා
කුමුදු මල් පොඩි වෙලා
සුවඳ නුඹ ගෙන ගියා
කාටත් හොරෙන්...
තණ පලස වියැලිලා
පිනි බිංදු නැති වෙලා
හිරු ගොඩක් සැඩ වෙලා
කඳුලයි සුසුම්...
---------------------------------------------
දොළොස් වන ප්‍රාර්ථනය
‘මිලාන්....‘ තවත් අලුත් දවසක මාව ඇහැරවනව ඔන්න... හැබැයි වොයිස් එක වෙනස් වගෙ.. මම හිතුවෙ අෂි කියලා. නිදි මතේ මට වොයිස් එකෙ ගාණක් නැහැ. ලාවට මම එක ඇහැක් ඇරලා බැලුවෙ අෂිට ජොක් එකක් කරන්න හිතාගෙන.
ටික ටික ඇහැ අරිද්දි... අම්මට උඩු... බාගෙන ඇරුණු ඇහෙන් දැක්කෙ සර්..... උඟුර කටත් එක පාර වේලුණා. නැඟිට්ට පාරට සරමත් කඩන් වැටුණා. වෙලාවට කවුරුත් කාමරේ හිටියෙ නැහැ. හිටියා හිටියා... අෂි සර්ගෙ පිටිපස්සෙ. මම ටක් ගලා සරම ඇඳ ගත්තා. සර්ට ආරංචි වෙන්න ඇති මම හැමදාම නැඟිටින්න පරක්කු වෙනව කියල. කේලං කියන කෙනෙක්නං නෑ හැබැයි. සර් අපි එක එක්කෙනා ගැන අවධානෙන් ඉන්නව කියල මට අෂි කියල තිබ්බනෙ.
‘දැන් වෙලාව හයාමාරයි....‘ සර් අතේ තිබුණු ඔරලෝසුව බලලා කිව්ව. ‘දැන් තමුසෙ ඇවිත් මෙහෙට සති දෙකක් වෙනව... අනිත් හැමෝම පහට නැඟිටල උයලා පිහලා ගෙවල් මිදුල් අතු පතු ගානවා...‘
ඇත්ත ඇත්ත... සම්පූර්ණ ඇත්ත. මම බොරු කිවේ නැනෙ ඉතින්...
‘මේක හැමදාම කරන්න බැ හලෝ...‘ මම නිශ්ශබ්දව ඉන්න හින්දා සර්ගෙ සැර ආයෙත් වැඩි වුණා. ‘එක්කෝ තමුසේ මේකෙ සිස්ටම් එක තේරුං අරන් මේක කරනවා. නැත්තං ආයෙත් අර තමුසෙගෙ හද්ද පිටිසර වන්නියට ගිහිං කුඹුරු කොටනව... කොහොමද ඕයි ඔහොම දියුණු වෙන්නෙ... මිනිහෙක් වෙන්න හදද්දි දැක්මක් අරමුණත් තියෙන්න ඕන.. නිදාගෙන පුළුවන්ද අනාගතෙ සාර්ථක කර ගන්න... ගං වල බයියෝ ආවාම හදන්න බෑ. කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැනේ....‘
සර් ඒක කියාගෙන එළියට ගියා. මම අෂි දිහා බැලුවා. අෂිටත් අප්සට්... පව් එයත් මං හින්දා බැනුම් අහන්න ඇති. සර් ගියපු ගමන් අෂි මම ගාවට ඇවිත් වාඩිවුණා.
‘ඕවා ගණන් ගන්න එපා මිලාන්...‘ අෂි මට මිලාන් කියල කතා කරාට මම අෂිට වඩා වැඩිමල්. අෂිට වයස විසි දෙකක් විතර ඇති මගෙ හිතේ... මට දැන් විසි හතරක් වෙනවා...‘ මම ඔයාට ඇහැරවන්න එද්දිමයි සර් ආවෙ... මම කිව්වනෙ ටික දවසක ඉදලා දැන් උදේම නැඟිටින්න කියල.....‘
මම ලාවට හිනා වුණා. අපේ අම්මගෙ බැණුම් එක්ක බලද්දි මේවා මොනාද අනේ....
‘දැන්වත් නැඟිටලා මූණ කට හෝද ගන්න...‘ අෂිත් හිනාවෙලා කියාගෙන කුස්සියට ගියා.
මම සටත් බටස් ගාලා නැඟිට්ටා. ශරීර කෘත්‍යය කරගෙන දත කට මැදගෙන කුස්සියට ගියා. උයලා පිහලා ඉවරයි. මට කරන්න දෙයක් නැහැ. මම කොස්ස අරගෙන කුස්සිය අතු ගෑවා. කට්ටියටම හිනා.... මටත් ගාණක් නැහැ. මේවත් වැඩද අනේ.. මමත් හිනාව දාගෙන අතු ගෑවා.
කට්ටියම ඇඳුම් ඇදගෙන.. මමත් කුස්සිය අස් කරලා ගිහින් ඇඳ ගත්තා. අද උදේ මීටින් එකෙන් පස්සෙ කෑම කාලා ඒ ඒ අය තමන්ගෙ පාට්නර් එක්ක බිස්නස් එකට ගියා. මමයි අෂියි යන්න හදද්දිම සර් කතා කරා...
‘අද අෂි වෙනම යන්න...‘ සර් මෙසෙ ඉදගෙන ඒක කියද්දි මමත් අෂියි සර් දිහා බැලුවා...‘අද අෂි මහරගම පැත්ත කවර් කරන්න...‘
‘එතකොට සර් මිලාන්...‘ අෂි මං වෙනුවෙන් කතා කරා.
‘මිලාන් අද රාගම පැත්තේ යන්න...‘ සර් කිව්වා.
‘සර්... ‘ අෂි ආයෙත් කතා කරා. ‘ මිලාන් තාම එච්චර දුරට ගිහින් නැනේ...‘
‘තමුසෙ මොකාටද එන්න හදන්නෙ...‘ සර් පුටුවෙන් නැගිට්ටා. ඇස් දෙකත් ලොකු වෙලා. මමයි අෂියි ටිකක් පස්සට වුණා. ‘තමුසෙට අමතක වුණාද මම මෙතන බොස් කියලා..‘
අදනං මහ එපාම කරපු දවසක් වගෙ. උදේ ඉදන් මස්තෙ.... මොන කරුමයක්ද මන්දා මෙහෙම උදේ පාන්දර බැනුම් ඇහුවාම එපා වෙනවා අනෙ... මෙහෙම ගිහින් කොහොමද බිස්නස් එකක් කර ගන්නෙ...
‘මම කියන විදිහට තමුසෙල දෙන්නම වැඩ කරනවා.‘ සර් අයෙත් පුටුවෙ වාඩි වුණා. ‘මිස්ටර් අෂින්ත.... තමුන්ට මතකනෙ අපේ ප්‍රතිපත්ති මොනවද කියල.. ඒක නිසා තමුසෙ මහරගමට යනවා... මිලාන් රාගම යයි...‘
අෂි කට පියාගෙන එළියට ආවා. මමත් අෂි පිටිපස්සෙන් ආවා.
‘මොනා වෙලාද අද සර්ට ...‘ මම අෂිගෙන් පාරට ආවට පස්සෙ ඇහුවා.
‘කවුද දන්නෙ...‘ අෂි ඉස්සරා බලාන යන ගමන්ම කිව්වා. ‘ හිතේ තියෙන ඒවා කර ගන්න බැරි වුණාම ඔහොම තමයි...‘
‘මොකක්‘?
අෂි මුකුත් කිව්වෙ නැහැ.
‘මොනවද හිතෙ තියෙන්නෙ...‘ මම ආයෙත් අෂිගෙන් ඇහුවා.
‘බිස්නස් වැඩ තමයි....‘ අෂි ඒක කියන ගමන් එන බස් එකකට අත දැම්ම...බස් එක නතර කරා. අෂි දුවලා ගිහින් බස් නැඟ්ගා. ‘ඔයා කැමති බස් එකක් හොයාගෙන රාගම යන්න. මතක් කරලා ටිකක් එක ගේන්න නැත්තං සර් ෂුවර් කරන එකක් නැහැ....‘ අෂි බස් එකෙ නැගලා යන ගමන් කිව්ව.
මේ මොකද්ද දෙයියනේ මේ වුණෙ.... ඇයි අෂි එක පාර මට එහෙම කරෙ....
මම අෂි යන බස් එක දිහා බලාගෙන හිටියා. එක පාරම හීනයක් දැකලා නැඟිට්ටා වගෙ. බලාන හිටියෙ අෂි බස් එකෙන් බහිවිද කියලා. කවුද දන්නෙ ජොක් එකක් කරනවද කියල. මොන බස් එක අනිත් බස් අස්සෙන් මැකිලා ගියා... දැන් කොහොමද මම රාගම යන්නෙ. මොන බස් එකෙද? ඇත්තම බස් එකක ගියත් ඒක හරියට කියන්න එපැයි. බොරුවට බස් අංක දාලා බැනෙ. මෙන්න මේ වෙලාවට තමයි සංසාර පුරුද්ද මතක් වෙන්නෙ... මොකද්ද ඒ... දන්නවද?
නැහැ... අයියෝ......................... .............................. ..............................
ඇයි දෙයියනේ කෝච්චිය.... හාහාහාහා ඔව් මම කෝච්චියේ යනවා. එතනින් ආව බස් එකක නැඟලා මම පානදුර ස්ටේෂන් එකට ආවා. මේ තියෙන්නෙ ඕන හැටියෙ කෝච්චි.
‘රාගමට එකක්...‘ කවුන්ටර් එකෙන් මම ටිකක් එකක් ගත්තා.
එතනින් රඹුක්කනට යන කොච්චියක නැග්ගා. වැනි වැනි වැනි ඉතින් දැන් මම කෝචිචියේ... අහ් මුහුදත් ටිකක් පේන්නෙ.ඉස්සර ඉස්කෝලෙන් එක පාරක් ආවද කෙහොද මුහුද බලන්න. මුහුද, සත්තුවත්ත, ග්‍රහාලෝකාගාරෙ... ඕවා තමයි ඉතින් මෙහෙ බලන්න තියෙන්නෙ. නැත්තම් ගොඩනැගිලි අස්සෙ තියෙන කුණු කානු, මුඩුක්කු ගෙවල් ඇතුළින් කෝච්චිය යනවද මන්දා. දුප්පත් වුණත් අපේ ගෙදර පිළිවළකට තිබුණා. අපේ කුස්සිය තරං ඇති සමහර ගෙවල්. අනේ අප්පේ මේ පුංචි උන් එකක් ඒ ගෙවල් වල කොහොම ඉන්නවද මන්දා? අපේ පැත්තට ආවනං ඕන තරං ඉඩං... අපේ හේනත් අක්කර හතරක් විතර ඇති මගෙ හිතෙ. මම විතරනෙ ඉන්නෙ. මට ඒක හින්දා අක්කරයක් හොඳටම ඇති. අහලා බලන්න ඕන එනවද කියලා. මේ විදිහට පුළුවන්ද ජීවත් වෙන්න. කොළඹ ඉන්නෙ කියන්න මාර ආසාවක්නෙ ඇත්තෙ මෙහෙ අයට. තිවංකයා මම කිව්වනං මම කොළඹ එනවා කියලා අනිවා ඕකත් එනවා මාත් එක්ක. ඌත් අර ආපු ට්‍රිප් එක විතරනෙ ආවේ. මම යන යන තැන එන්න පුදුම ආසාවක්නෙ ඒකට තියෙන්නෙ. දැන් වෙලාව නමයාමාරයි. කොටුවටනං ආවා. මෙතන ඉදලත් තව දුරද මන්දා....
රාගම.... ෂික් නමේ කැත විතරක්. ඒත් රා නම් මාර රහක්. මායි තිවංකයයි ඉස්සර හොරෙන් රා බොනවනෙ. හාහාහා උන්ගෙ තාත්තා පොල් රා එකතු කරන්න ගහේ මුට්ටියක් බැදලා තියෙනවා. තිවංකයා තමයි මටත් ඕක කියන්නෙ... දවසක් අහු වෙලා.... හාහාහාහාහ කොල්ලෝ උනාම ඉතින් එහෙම තමයි...
‘මේ රාගම දුම්රිය ස්ථානයයි....‘ ලාවට වගෙ ඒක ඇහුවා. ඉතින් මට මොකද? අම්මට හුඩු...
මම සට සට ගාලා බැස්සා. පොඩි ස්ටේෂන් එකක් වගෙ. ටිකක් එක දීලා මම ආයෙත් ඒක ඉල්ල ගත්තා. නැත්තං සර්ට කොහොමද ඔප්පු කරන්නෙ මම රාගම ආවා කියලා. ස්ටේෂන් එක එහා පැත්තෙ බස්ටෑන්ඩ් එක. මේ බැග් එකත් උස්සගෙන කොහොමද ටයි දාන්නෙ. අද අෂි නැනෙ. ඒක නිසා ටයි ඕන නැහැ. කොහොමත් දන්න අදුරන කවුරුත් මෙහෙ නැනෙ. ඒක නිසා අවුලක් නැහැ. හා හා පුරා කියල මම එතන තියෙන කඩේකට ගොඩ වුණා.
‘සුබ උදෑසනක් මිස්...‘ මම ෆුල් හිනාවක් දාලා කතා කරා. පිරිමින්ට වඩා ගෑණූන්ට බිස්නස් එකෙදි මොප් විකුණන්න ලේසියි. ඒක මායි අෂියි හොයාගත්ත න්‍යයායක්. ටිකක් වැඩිපුර විස්තර කරලා කිව්වාම ගෑණු අනිවා මොප් ගන්නවා. පිරිමිනං ඉතින් ජෝක් එකට අරන් විහිලු කරන්නෙ. උන්ට බයිට් වෙනවට වඩා හොදයි ගෑණුන්ට ජොක් කරන එක. නෝන්ඩි වුණත් අවුලක් නැහැ. එකෙත් පොඩි ජොලියක් තියෙනවා....
‘මොනවද ඕන...‘ ඒ නැන්දා ඇහුවා.
‘මිස් අපි අද මේ පැත්තෙ ප්‍රමෝෂන් එකක් කරනවා.‘ මම ඉතින් වැඩ දාන්න පටන් ගත්තා. පපුව යන්තං ඩිග් ඩිග් ගලා ගැහෙනවා ඇහුණා. ඒත් කොහොම හරි වචන සෙට් එක දාන්න ට්‍රයි කරා මං. අද අෂිත් නැනෙ. ‘මිස් අද අපි අලුතින් හඳුන්වා දෙනවා මේ මොප් එක. මිස්ට මේක ආපිකෝ එකෙන් මිලදී ගන්නත් පුළුවන්. හැබැයි ඒ විශාල මුදලකට....‘
ගෑණි මං දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. නයිටිය ගහලා උදේම මෙහෙම ගෑණූ ඉද්දි................ අහ්... සීතලයි අප්පා......
‘අපි අද මේ මොප් එක අලෙවි කරන්නෙ රුපියල් දාහක් වැනි මුදලකට....‘ මම මොප් එක අතට අරගෙන එකෙ කෑළි බෑලි එහා මෙහා කරන්න ගත්තා. ඒකෙන් වැඩ කරන විදිහ, ෂිට් මාරු කරන විදිහ සේරම කිව්වා. මේ ගෑණි මොකවත් අහන්නෙ නැනේ. මම කියන දිහා කන්න වගෙ බලාගෙන ඉන්නවා. හිනාවක්වත් නැහැ. ඉදකින් විතරක්. මම ඩිම් වුණා..
‘මොකද මිස් කියන්නෙ...‘ බැරිම තැන මම ඇහුවා.
‘මුකුත් කියන්න නැහැ. කතාව ඉවරනං දැන් යනවා....‘ මේ ගෑණී එක පාරම මගෙ මූණට කිව්වා. පොළොව පලාගෙන යන්න හිතුණා අයියෝ...
තවත් ඉතින් මොනවා කියන්නද? මම නැට්ට පුකේ ගහගත්ත බල්ලා වගෙ ආයෙත් හැරුණා. මෙච්චර නොන්ඩි වෙන්නෙ ඇයි දෙයියනෙ මං. අර යස අඟේට හේනයි කුඹුරයි කරගෙන හිටියනං... පව් තාත්තා කිව්වා මේ පාර හේනෙන් මට කම්පියුටර් එකක් අරන් දෙනවා කියලා. මම ඉල්ලුවෙත් නැතුව.... තාත්තට ඕන වුණේ මාව හොඳ ජොබ් එකකට යවලා ලොකු මහත්තයෙක් කරන්න. ඒත් තාත්තා තනියම හේනෙ කුඹුරේ මැරෙනවා දැක්කම කොහොමද ඒ සල්ලි වලින් කාලා ඇඳලා මම ඉන්නෙ දෙයියනෙ. එහෙම කරන උන් ලංකාවෙ නැතුව නෙමෙයි. රත්තරං අම්මලා තාත්තලා විඳින දුක ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව ගම් වල ළමයි කොළඹ ඇවිත් නටන පිස්සු ගැන ටී.වී එකෙ පත්තරේ මම දැකලා තියෙනවා. කොහොම එහෙම එයලා කරනවද මන්දා. හිතා ගන්න බැහැ.
මම මොප් එක ආයෙත් බෑග් එකෙ දාගෙන පාරට ආවා. අද දවසම මහ එපා කරපු දවසක්. උදේම සර්ගෙන් බැනුම්. ආයෙත් ඒකමයි. අෂිත් මාව දාලා ගියා. මේ ගැණිත් බැන්නා.... ‘ 175 තේ වත්ත පාර‘ බස් එකක් යන්න ලෑස්ති වෙනවා. වෙන දෙයක් වුණාවේ. අතරමං වුණොත් ලංකාවෙනෙ. මම බස් එකට නැඟ්ගා.
‘පල්ලිය ගාවටද?‘ ටිකක් දෙන ගමන් කොන්දා ඇහුවා.
‘ඔව්...‘ මොන පල්ලියක්ද? කොහොම පල්ලියක්ද? කිසිම දෙයක් මම දන්නෙ නැහැ. ඒත් මම ඔව් කිව්වා. දන්නවද ජීවිතේ හොද දෙයක් හරි නරක දෙයක් හරි වෙන්නෙ හරිම අහඹු විදිහට. මටත් ඒක තේරුණේ මේ බස් එකට නැඟ්ගට පස්සෙ. ඇයි කියලා ඔයාලට පස්සේ තේරේවි....
______________________________ ____________________
අනේ ටිකක් මේ අහන්න
එපා ඔහොම දොස් කියන්න
එක පාරක් තුරුල් වෙලා
නළලට මගෙ හාදු දෙන්න
එක ඇසකින් ඉඟි කරන්න
අනෙත් ඇසෙන් පෙම වඩන්න
අනේ ටිකක් කට වහගෙන
මගේ දොතොළම තෙමා ගන්න...

නැහැ... අයියෝ.........................

-----------------------------------------
දහතුන් වන ප්‍රාර්ථනය
‘පල්ලිය ගාව බහින්න.....‘ කොන්දා අයියා කෑ ගැහුවා.
‘බැසිලිකා දේවස්ථානය....‘ ගේට්ටුව ගාව ලොකුවට ගහලා තිබ්බා. ඒත් ඇතුළට දිග පාරක් තියෙනවා මිසක් මටනං පල්ලියක් පේන්න තිබුණේ නැහැ. බස් එකෙ හිටපු ටික දෙනෙක් බැහැලා තිබුණා. ඉතින් මාත් බැස්සා.
බැස්ස අයගෙන් දෙතුන් දෙනෙක් පාර දිගේ ඇතුළට යන්න පටන් ගත්තා. එයාලා ටික දුරක් ගියාම මාත් ඒ පාර දිගේ ගියා. ජේසු සමිඳාණන්ගේ ජීවිතේ විවිධ අවස්ථා ගැන ප්‍රථිමා හදපුවා යන පාර දෙපැත්තෙ තිබුණා. ඉස්සර නත්තල් දවසට මාර ආසාවෙන් ජේසු සමිඳාණන්ගේ කතාව බලන්නෙ මං. අම්මෝ කුරුසේ ඇණ ගහද්දි ඇහෙන් ලේ විදිනවා. ඒ වෙලාවටනං ඇස් වලින් කඳුලක් වැටෙනවාමයි. තිවංකයා ලොකුවට කෑ ගැහුවට මං දැකලා තියෙනවා ඒකත් හොරෙන් අඬනවා ඒ වෙලාවට....
‘අසල්වැසියාට ප්‍රේම කරන්න...‘ ඒකනෙ මම තිවංකයාට ආදරේ. හාහාහාහාහ වැරදියට හිතන්න එපා ඔන්න දැන්.
බුදු සන්තෝ... ටික ටික පාරේ ඇතුළට ආවාම තමයි දැක්කෙ පල්ලිය. ලොකු පල්ලියක්. හතර පැත්තෙන්ම කුරුස විදිහට හදලා. වටේට ලොකුවට පාර තියලා. මම හිතන්නෙ මේක කතෝලික අයගේ ප්‍රධාන ආගමික ස්ථානයක් වෙන්න ඕන. අපිට රුවන්වැලි මහා සෑය වගෙ. හැබැයි එච්චර ඓතිහාසික තැනක් වෙන්න බැහැ. මම කියන්නෙ කතෝලික ආගමේ අයට වැදගත් ස්ථානයක් වෙන්න ඕන. මම පල්ලිය ඇතුළට ගියා. කුරුසියේ ඇණ ගහාගෙන මම දිහා බලාගෙන ඉන්න ජේසු සමිඳාණන්....
‘බෙත් ලෙහෙන් පුරේ.....
දිළිඳු ගව ලෙනේ...
සිසිලේ රැදී
සුවෙන් නිදයි..
ජේසු බිළින්ඳා
සාමේ රජින්දා.......‘
ඉස්සර නත්තල් දවසට හැමවෙලෙම ඇහෙන සින්දුවක්නෙ ඕක.... ඇයි දෙයියනේ ඇත්තමට මෙහෙම දුක් විදලා මැරුණේ. මට ඒ ගැන කියන්න අවබෝධයක් නැනෙ.
ශාලාව නං ගොඩක් ලොකුයි. ටි.වි දැකලා තියෙන විදිහටම යාඥා කරන්න පුටු පේලි. ඒවායෙ අතරින් පතර කට්ටිය හිටියා. සමහරු දණ ගහාගෙන. සමහරු අඬනවා. ඒ වැරදි කරපු අය විතරනෙ. මමත් බංකුවක වාඩි වෙලා ටිකක් වෙලා බලාන හිටියා. එක එක්කෙනා එක එක විදිහට යාඥා කරනවා. මම ඉතින් මොනවා කරන්නද? දැන් වාඩි වෙලා හිටියා ඇති. මම බෑග් එකත් අරගෙන ආයෙත් යන්න හැරුණා. මොප් දහයක් තියෙනවා විකුණන්න. කොහොම විකුණන්නද මන්දා. තාම එකක්වත් වික්කෙ නැහැ. දැන් 12ටත් ළඟයි. උදෙත් හරියට කෑවෙ නැහැ. බැනුම් අහලා අහලා කන කෑම ඇඟටත් අල්ලන්නෙ නැහැ. හැම පැත්තටම පාරවල්. මේක ලොකු ඉඩමක් වගෙ. පල්ලිය මැද. පැත්තක තිබුණු සිතියම දිහා මම බලාගෙන හිටියා.
‘පුතා කාව හම්බෙන්නද ආවේ...‘ මම එක පාරම පිටිපස්ස බැලුවා. ෆාදර් කෙනෙක්. අවුරුදු හැටක වගෙ. මූණේ හරිම ප්‍රසන්න පෙනුමක් තිබුණා. මම ෆාදර් දිහා බලාගෙන හිටියා. ‘ මම දැක්කා පුතා එනවා. පල්ලියට ගිහින් යාඥා කරනවා. පුතා මෙහෙට ආගන්තුකයෙක් වගෙ. ඒත් පුතා දෙවියන් වහන්සේට ආගන්තුකයෙක් නෙමෙයි... අපි සේරම උන් වහන්සේගෙ දරුවෝ.....‘
මොනවද දෙයියනෙ මේ කියන්නෙ...... ෆාදර් කියන ඒවා දිහා මම ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. අනේ මම මොනවා කියන්නද?
‘මම අහම්බෙන් මෙහෙට ආවේ ෆාදර්...‘ මම ඇත්තම කිව්වා.
‘අපි සේරම අහම්බෙන් පුතේ හමුවෙන්නෙ. අපේ ජීවිතේ දෙවියන් වහන්සේට භාර කරලයි තියෙන්නෙ. උන් වහන්සේ අපි වෙනුවෙන් කුරුසෙට ගියා....‘
ඇයි ඉතින් එයා එහෙම කරේ... අම්මෝ මම ඒක ඇහුවෙ නැහැ.
‘පුතා කොහෙද?‘
‘මම අනුරාධපුර ඉන්නෙ ෆාදර්...‘
‘රජරට... ශ්‍රී ලංකාවේ පළවෙනි රාජධානිය.... අපේ සංස්කෘතියේ ආරම්භය. පින්වත් දිස්ත්‍රික්කයක්.‘ ෆාදර් එහෙම කියාගෙන යද්දි මට ලාවට දුක හිතුණා. එච්චර පින්වත් පෙදෙසක් දාලා මොන මඟුල හොයන්න මම මෙහෙ ආවද මන්ද... ‘ඉතින් මොකද මෙහෙ කරන්නෙ...?‘
‘මම පානදුර ජොබ් එකක් කරනවා ෆාදර්...‘ මම බිම බලාගෙන කිව්වා.
‘දැන් පුතාට වසය කීයද?‘ ෆාදර් මාත් එක්ක කතා කරන ගමන් පාරේ ඇවිදගෙන ගියා.
‘මට දැන් විසි හතරයි ෆාදර්...‘
‘හ්ම් තාම පොඩි ළමයෙක්... මම හිතුවෙ දහඅටක් වගේ ඇති කියලා...‘ ෆාදර් යාන්තමට හිනාවුණා. ‘මොකද්ද දැන් ජොබ් එක...?‘
‘මම මාර්කටින් ජොබ් එකක් කරන්නෙ....‘ මම බිම බලාගෙන කිව්වා.
‘හොඳයිනෙ... දැන් මොනවද ඔයාලගෙ නිෂ්පාදන....?‘
ටිකෙන් ටික ඇවිදගෙන ඇවිත් අපි ඇවිත් තියෙන්නෙ ෆාදර්ගෙ ගෙදරට වගෙ. එතන පල්ලියට ගොඩක් දුර නැහැ. හරිම ලස්සන වටපිටාව. නුවර එළිය වගෙ. ඒ කිව්වට මම තාම නුවර එළිය දැකලනං නැහැ. එහෙම හිතමු. ඒ කියන්නෙ නුවර එළිය මේ වගෙ ඇති කියලා.
මගෙ මුඛරි කටට මොනවා වෙලාද මන්දා. හොදට බිස්නස් එක කර ගන්න හම්බුණු චාන්ස් එක.
‘අපි මේ ...... මේ....... ෆාදර්....‘
ෆාදර් හිනා...
‘ඔහොමද ළමයෝ මාර්කටින් ජොබ් කරන්නෙ....?‘
මාත් ඉතින් බිම බලාගෙන හිනා වුණා.
‘අපි මොප් විකුණනවා ෆාදර්....‘ මම එක පාරම කිව්වා. කඩේ ඇන්ටිට දාපු ඇඩ් බැඩ් මොකවත් දැම්මෙ නැහැ.
‘ඒක කියන්නද ළමයෝ මෙච්චර දැගලුවේ....‘ ෆාදර්ට ආයෙත් හිනා. ‘තමන් කරන වෘත්තිය ගැන ආඩම්බර වෙන්න ඕන දරුවෝ. තමන් ජීවත් වෙන්නෙ ඒ රැකියාව නිසයි. බලන්න දැන් ජේසු .... ජේසු ඉපදුනේ ගව ලෙනක...
සිංහලෙන් කීවොත් බැටලු ගාලක. බැටලු අසුචි, මුත්‍රා, ජරාව ගොඩක් තියෙන තැනක. කතෝලික භක්තිමතුන් හැටියට, දෙවියන් වහන්සේගෙ දරුවන් හැටියට අපේ ආගමික නායකයා ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. උන් වහන්සේ අපිට ඉපදුම සිටන් ජීවිතේට ආදර්ශ දුන්නා....‘
ෆාදර් මට බණ කියනවද මන්දා.... ඒ වෙලාවේ තව ෆාදර් කෙනෙක් ඇවිත් කනට කරලා මොනවද කිව්වා.
‘හරි දරුවෝ....‘ ෆාදර් ඒ ආපු පොඩි ෆාදර්ට කිව්වා. එයා නං සුදුයි. වසය පනස් පහක් වගෙ ඇති. එත් වයස පෙණුනේ නැහැ. හරිම පිරිච්ච ඇඟක්.
‘දෙන්නෙක්ට ලෑස්ති කරන්න...‘
ෆාදර්ට හිස නවපු ඒ පොඩි ෆාදර් ගියා.
‘යමු පුතා... දැන් දවල් කෑම වෙලාව...‘ ෆාදර් නැඟිට්ටා...‘ මොනවා හරි ටිකක් කාලා ඉමු.‘
මට මාරම පුදුමයි. ඇත්තටම ෆාදර්ලා කොච්චර කරුණාවන්තද? සමහරවිට මම අනුරාධපුර කියපු නිසා වෙන්න ඇති. නැත්තං මගෙ මූණෙත් තියෙනව ලැබීමේ පිනක්... හොඳ වගේම තමයි හැබැයි නරකත්. අද උදෙත් හම්බුණෙ හොඳට. අෂි ආවනං... පව් අප්පා. ඒයා කඩෙන් කනවා ඇති. මෙච්චර දවසක් අපි දෙන්නම එකට කෑවේ බීවේ... කරන්න දෙයක් නැහැ. පණ්ඩිතකමට බස් එකෙ නැගලා ගියේ මොකටද? ෆාදර් මාත් එක්ක කාමරයකට ගියා.
කාමරයක් කියන්නෙ කෑම කාමරයක්. මේසෙට කෑම ඇරලා තිබ්බා.
‘වාඩිවෙන්න පුතා....‘ ෆාදර් කෑම මෙසෙ වාඩිවෙන ගමන් කිව්වා.
කෑම මෙසෙ සේරම දේවල් තිබුණා. වතුර, පළතුරු... බත් මාලු ඉතින් කොහොමත් තියෙනවනෙ. පරිප්පු, අල ව්‍යංජන, මැල්ලුම්, මුහුදු මාළු, පපඩම්, පොළොස්, ලුණු මිරිස්.... හ්ම්............... කටට කෙළ ඉනුවා නේද? හාහාහාහා
මමත් වාඩි වෙලා අත හෝද ගත්තා. ෆාදර් කෑම බෙදා ගන්නකල් හිටියා.
‘කන්න පුතේ...‘ මම බලාන ඉන්නවා දැක්ක ෆාදර් කිව්වා. මමත් ලාවට ලස්සන හිනවක් දාලා කෑම බෙදාගන්න පටන් ගත්තා. හිනාවෙද්දි මගෙ දකුණු කම්මුල වල ගැහෙනවනෙ. අම්මා කියන්නෙ ඒක වාසනාවන්තලු. තාත්තා මාර ආසයි මම හිනාවෙනවා බලන්න. ඇයි කියලා කියන්න දන්නෙ නැහැ. මම දැකලා තියෙනව මම හිනාවෙන දිහා තාත්තා හොරෙන් බලාගෙන ඉන්න වෙලාවල් ගොඩක්...
එකපාරම මට පිට උගුර ගියා. හච්...... කැස්ස කැස්ස... මම පුටුවෙන් නැඟිට්ටා. වතුර එක අරගෙන බොන්න යද්දිම ආයෙත් කැස්ස ආවා. වතුර වීදුරුව බිම.....? වීදුරුව බිම වැටුණාම ඉතින් බිඳුණද කියල අහන්න එපා. මොකද ඉතින් බිඳුණා තමයි. අනේ ඉතින් මම හිතලා කරපු දෙයක් නෙමෙයි.
ෆාදර් මම දිහා බැලුවා.
‘කෑම කද්දි හිත එක තැනක තියාගන්න පුතේ....‘ ෆාදර් කිව්වා.
මම වීදුරුවේ කෑලි ඇහිදින්න නැමුණා.
‘දැන් කෑම කන්න. ඒක කාලා අස් කරන්න පුළුවන්නෙ...‘ ෆාදර් හිනාවෙල කිව්වා.
මට මාර අවුල්............... මිනිස්සුන්ට ඉතින් මෙහෙම වැඩ වෙනවනෙ. මිනිස්සුන්ට කියලා ඇයි මටම වෙන්නෙ. කෑම කන්න මම ආයෙත් පුටුවේ වාඩිවුණා. බිම හැමතැනම වීදුරු කෑලි. වතුරත් ඉසිරිලා. බඩගින්නත් ගියා වගෙ. මොකද දෙයියනෙ ඉතින් කරන්නෙ..................
හිමින් හිමින් බත් ටිකක් කෑවා. ෆාදර් මුකුත් කීවේ නැහැ. කාලා ඉවර වුණු ගමන් මම අත හෝදගෙන පුටුවෙන් නැඟිට්ටා. වීදුරු කටු ඇහිදින්න පටන් ගත්තා.
‘පුතේ ඇයි මේ කලබල වෙලා....?‘ ෆාදර් කෙසෙල් ගෙඩියක් මට දෙන ගමන් ඇහුවා. ‘ජීවිතේ ඔහොම කලබල වෙලා තීරණ ගන්න එපා. වැරද්දක් වුණා. ඒක නිවැරදි කරන්න ඕන. හැබැයි හදිසි වෙලා නෙමෙයි..... පියවරෙන් පියවර... නිසි වෙලාවට තමයි ඒක කරන්න ඕන.‘
මම නැඟිටලා කෙසෙල් ගෙඩිය ගත්තා.
‘වාඩිවෙන්න, ඕක කාලා මේ අයිස් ක්‍රිම් ටිකක් කන්න. කෑම ටික බඩට ගියාම පුළුවන් අනිත් වැඩ කරන්න.....‘
‘හසන්ත....‘ ෆාදර් කාටද කතා කරා...
______________________________ _______
පාවී සිතින් ඔබ ඈතක ගිහින්
වඩිනා තුරා මම හිඳිමී බලා
කවුළුව මත දෑසම තබා
සුසුමක් හෙළා
ඔබ යැයි සිතා...
සත්තකින්ම මම
තවමත්
ඉන්නවා බලා.....

-------------------------------------
දා හතර වන ප්‍රාර්ථනය
අහ් පොඩි ෆාදර්...
‘පුතේ මේ වීදුරු කෑලි ටික අරන් දාන්නකෝ....‘ ෆාදර් ඒක කියන ගමන් කාමරයක් ඇතුළට ගියා.
හසන්ත ෆාදර් හිනාවෙලා වීදුරු කටු ඇහිදින්න පටන් ගත්තා. මම කොහොමද පුටුවෙ ඉදන් බලාගෙන ඉන්නෙ මේක...? මමත් පුටුවෙන් නැඟිටලා වීදුරු කටු ඇහිදින්න පටන් ගත්තා.
‘හිත දෙගිඩියාවෙන්ද ඉන්නෙ...‘ හසන්ත ෆාදර් ඇහුවා. ‘ඔයා වාඩිවෙලා කන්න.... මම මේ ටික ඇහිදින්නම්...‘
මම හිනාවෙලා වීදුරු කටු ඇහිදින්න පටන් ගත්තා. ඇයි දෙයියනේ අද දවස උදාවුණේ....?
‘ආව්.........‘ වීදුරු කෑල්ලකට මගේ අත කැපුණා.
‘අත කපාගත්තා නේද? කෝ.....‘ හසන්ත ෆාදර් මයේ ගාවට ආවා. ‘මේ පුටුවේ වාඩිවෙන්න.... හිත සන්සුන් කර ගන්න. මේක සුළු වැඩක් මට.... ඉන්න මම බෙහෙත් අරන් එන්නං....‘
මැද ඇඟිල්ල දෙවැනි පුරුකෙ ඉදලා තුන්වෙනි පුරුක ගාවට එනකල් කැපිලා. ඇතුළටම කැපිලා නැහැ. ඒත් ඉතින් ලේ එනවා. මම ඇඟිල්ල කට ඇතුළට දාගෙන හිටියා. හසන්ත ෆාදර් බෙහෙත් අරන් ඇවිත් මයෙ ගාව වාඩිවුණා. ෆාදර් වාඩි වෙනවත් එක්කම මම නැඟිට්ටා.
‘වාඩිවෙන්න දරුවෝ...‘ ෆාදර් හිනාවෙලා කිව්වා. ‘කෝ ඇඟිල්ල....?‘
මම අත ෆාදර් ගාවට දිග් කරා.
‘සුද්ද කරන්න ඕන නැහැ. බෙහෙත් දාමු. ‘ ෆාදර් බෙටර්ඩින් දාලා ප්ලාස්ටර් එකක් ඇඟිල්ල වටේට එතුවා. ‘දැන් හරි....‘
වීදුරු කෑලි සේරම එකතු කරලා තියෙන්නෙ. ෆාදර් බෙහෙත් අරගෙන ඇතුළට ගියා. බාල්දියක් එක්ක රෙදි කෑල්ලක් අරගෙන ඇවිත් වතුර පිහදාන්න පටන් ගත්තා.
‘අයියෝ ............ ෆාදර්‘ මම එක පාරම පුටුවෙන් නැඟිට්ටා. ෆාදර් එක පාරම උඩ බැලුවා. එක පාරම මට උනේ කියලා බලන්න ඇති....‘මේ දැන් ඔය රෙදි වලින් මොප් කරන කාලේ ඉවරයි....‘
‘මොනවද මේ කියන්නෙ....‘ ෆාදර් පුදුමෙන් මම දිහා බැලුවා.
මම බෑග් එක ඇරලා මොප් එකක් ගත්තා. එකෙ කෑලි ටික හයි කරා. ෆාදර් මම දිහා බලාගෙන ඉන්නවා. හිනා වෙනවා.
‘මේක තියෙන්නේ ඔය වැඩේට තමයි....‘ මම මොප් එකෙන් වතුර තියෙන තැන් පිහදාන්න පටන් ගත්තා. ‘මේ ලීවර් එක පස්සට ඇද්දාම වතුර ටික සේරම අයින් වෙනවා.‘ මම බාල්දියට වතුර ටික දාන ගමන් කිව්ව. ෆාදර් හිනාවෙලා මම දිහා බලාගෙන ඉන්නවා.
‘අතේ ගෑවෙන්නෙ නැහැ. මිරිකන්න ඕන නැහැ. ඕනම තැනක යස අපූරුවට මෙකෙන් මොප් කරන්න පුළුවන්. ඕනනං උදේට ව්‍යයාමයක් විදිහට වුණත් මේක කරන්න පුළුවන්. ෆාදර්ට තියෙන්නෙ එහාට මෙහාට ඇවිදගෙන යන එක විතරයි....‘ මම කියාගෙන ගියා. දැන්නෙ මගෙ බිස්නස් නොලෙජ් එක ආවේ. හාහාහාහා
‘හසන්ත....‘ ලොකු ෆාදර් එක පාරම කාමරෙන් එළියට ආවා. ‘කවුද ආවේ....?‘
මටයි පොඩි ෆාදර්ටයි හිනා.
‘කවුරුත් නැහැ ෆාදර්....?‘ හසන්ත ෆාදර් කිව්වා.
‘එහෙනං සද්දයක් ඇහුණේ...?‘ ලොකු ෆාදර් ඇහුවා.
‘මේ බිස්නස් එකක් කරන්න ළමයෙක් ඇවිත්...?‘ හසන්ත ෆාදර් මම දිහා බලලා කිව්වා. මම බිම බලාගත්තා.
‘මොකද අතට වුණේ...?‘ ලොකු ෆාදර් ඇහුවා.
‘පොඩි ඇක්සිඩෙන්ට් එකක් ඉතින්...‘ මම බිම බලාගෙනම කිව්වා.
‘ඕකද ඔයාලගෙ මොප් එක....?‘ ලොකු ෆාදර් මම ගාවට ඇවිත් මොප් එක බලන ගමන් කිව්වා...
‘මේකෙන් හරි ලේසි ෆාදර් ‘ පොඩි ෆාදර් මොප් එක ගැන හයිලයිට් කරා.
ලොකු ෆාදර් මොප් එක අරගෙන පොඩ්ඩක් බිම එහා මෙහා කරලා බැලුවා.
‘මේක මොකටද තියෙන්නෙ? ‘ ලීවරේ පෙන්වන ගමන් ලොකු ෆාදර් ඇහුවා.
‘ඒක ඇද්දාම උරාගත්ත වතුර ටික මිරිකෙනවා ෆාදර්...‘ පොඩි ෆාදර් ඒක ලොකු ෆාදර්ට කරලා පෙන්නුවා.
‘මේක අපිට හොඳයි නේද හසන්ත....?‘ ලොකු ෆාදර් ඇහුවා.
‘ඔව් ෆාදර්... මේක පල්ලිය උණත් මොප් කරන්න හරි ලේසියි... ‘
මම මුකුත් කිව්වේ නැහැ...
‘කීයද පුතා මොප් එකක්...?‘ ලොකු ෆාදර් මගෙන් ඇහුවා.
‘මේ..... මේ..... මොප්...... ඔව්...... මොප් ...... එක
......එ......ක......ක්.....‘ මම බිම බලාගෙන කියන්න ගත්තා. එක පාරටම මට මොනවා වෙනවද මන්දා අප්පා.
හසන්ත ෆාදර් මම දිහා බලාගෙන. හදවතින් එන අපූරු සහෝදරකමක් ඒ හදවතේ තිබුණා.
‘මොකද දරුවෝ මේ....‘ ලොකු ෆාදර් පුටුවේ වාඩිවෙන ගමන් ඇහුවා. ‘කීයද මේකෙ ගාන....?‘
‘කීයද මල්ලි...?‘ හසන්ත ෆාදර්ත් මගෙන් ඇහුවා. මල්ලි කියද්දි මම හසන්ත ෆාදර්ගෙ මූණ දිහා බැලුවා. හදවතටම ඒ වචනෙ කා වැදුණා. වසයට ගියත් හරි අපූරු තරුණ හිතක් පොඩි ෆාදර් ගාව තිබුණා. ලොකු ෆාදර් දරුවෝ කියද්දි පොඩි ෆාදර් මල්ලි කියලා කතා කරනවා. ඇත්තටම මටම කියලා අයියා
කෙනෙක් හිටියනං.. මට එහෙම සමහර වෙලාවට හිතෙනවා අයියෝ....
‘දාහයි.... සත පහක්වත් අඩු නැහැ.‘ මම එක පාරම කිව්වා. හරියට මාර්කට් එකෙ මාලු විකුණනවා වගෙ...
‘දාහයි....?‘ ලොකු ෆාදර් ආයෙත් ඇහුවා.
‘ඔව් ෆාදර්... අඩු කරනන් නම් බැහැ. අඩු කරොත් පඩියෙන් කපනවා. ඒ අඩුකරපු ගාන....‘ මම බිම බලාගෙන කිව්වා.
හසන්ත ෆාදර්ගෙ මූණේ කාරුණික බැල්මක්. ඇත්තනෙ ඉතින් මම කිව්වෙ. අෂිගෙ පඩියෙන් දැනට කොච්චර කපලා ඇද්ද? ටාර්ගට් එක ගන්න ඕන හින්දා එයා සමහර වෙලාවට 800/-ටත් දෙනවා.
‘මොප් කීයක් තියෙනවද?‘ ෆාදර් ඇහුවා.
‘දහයයි ෆාදර්...‘ මම කිව්වා.
‘හසන්ත අපිට දහයක් ඇතිද?‘
‘දැනට තියෙන්නෙ එච්චරනෙ නේද මල්ලි...?‘ හසන්ත ෆාදර් මයෙ දිහා බලලා ඇහුවා.
‘ඔව් අයියේ....‘ මට කියවුණා. ‘ නැ නැ අයියා නෙමෙයි ෆාදර්...‘
ඒකටනං ලොකු ෆාදර්ටත් හිනා.
‘එහෙනං පුතා අපිට දැනට ඒ මොප් දහය දෙන්න....‘ ලොකු ෆාදර් එහෙම කියන ගමන් කාමරේ ඇතුළට ගියා.
මයෙ ඇස් උඩ ගියා. මොප් දහයම ඕනද?
‘මොකද බලන් ඉන්නෙ....?‘ හසන්ත ෆාදර් මගෙන් ඇහුවා. ‘ඇයි මොප් දෙන්න බැරිද?‘
‘ෆාදර් දහයම ගන්නවද ඇත්තට...?‘ මම ආයෙත් පොඩි ෆාදර්ගෙන් හිමින් ඇහුවා.
‘ඔව් මල්ලි....‘ හසන්ත ෆාදර් කිව්වා. ‘අපිට අනිවාර්යෙන්ම ඕන මේක ටික. තවත් දහයක්වත් ඕන... ඇත්තටම මෙකෙන් හරි ලේසියි මොප් කරන්න. නැත්තං අපි රෙදි මොප් යූස් කරෙ. ඒක කරදරයි. මේක හරිම පහසුයි. කාලය ඉතිරියි....‘
‘ඒකනං ඇත්ත....‘ ලොකු ෆාදර් කාමරෙ ඉදලා එළියට එන ගමන් කිව්වා.
‘මෙන්න මෙතන සල්ලි තියෙනවා....‘ ලොකු ෆාදර් මගේ අතට දාහේ මිටියක් දෙන ගමන් කිව්වා.
අම්මට සිරි.... අද නරකම දවසක් නෙමෙයි. මම මොප් සේරම විකුණුවා. අද සර් උඩ යයි. ගෙවල් ගානෙ ගිහිං විකුණුවා කියනවා මං....
‘ගොඩාක් ස්තූතියි ෆාදර්....‘ මම ෆාදර්ට වදින ගමන් කිව්වා. ෆාදර් මාව නැඟිට්ටුවා.
‘මෙහෙමද ළමයෝ බිස්නස් කරන්නෙ...?‘ ෆාදර් මගෙන් ඇහුවා. ‘මේවා සල්ලි දීලා ගන්න අයට වඳිනවද?‘ ඒකනං පුංචි හින්ට් එකක් වගෙ.
‘මල්ලිගෙ නම්බර් එකක් තියේද?...‘ හසන්ත ෆාදර් මගෙන් ඇහුවා.
‘නම්බර් එකක් කිව්වෙ...?‘ මම හසන්ත ෆාදර් දිහා බලන ගමන් ඇහුවා.
‘ෆොන් එකක්...‘
අනේ මට කොහෙන්ද ෆොන්...? ගෙදරට කතා කරන්නෙත් ඔය පාරේ අහුවෙන එකකින්. මම බිම බලාගත්තා. මේ කාලේ බල්ලෝ ගාව පාවා ෆොන් තියෙනවා.
‘අනෙ මා ගාව නැහැ ෆාදර්...‘
‘ඒකත් හොඳයි...‘ හසන්ත ෆාදර් මේසෙක ලාච්චුවක් අරින ගමන් කිව්වා. ‘ මේ තියෙන්නෙ අපේ විසිටින් කාඩ් එක....‘ මට කාඩ් එකක් දෙන ගමන් කිව්වා. මොකද්ද කියන්නනං මම දන්නේ නැහැ. ඉංග්‍රිසියෙන් මොනවද තිබ්බා. යටින් නම්බර්ස් තිබ්බා.
‘ආයෙත් මේ පැත්තේ ආවොත් ඇවිත් යන්න එන්න...‘ ලොකු ෆාදර් කිව්වා. හරිම පුදුමයි. ළඟම ඥාතියෙක් හම්බුණා වගෙ එක පාරටම. හිතාගන්න බැහැ.
‘හසන්තත් රජරට කෙනෙක්...‘ ලොකු ෆාදර් හිනාවෙලා කිව්වා. ඒ වෙලාවේ මට ඒක ඒ තරං ගාණක් ගියේ නැහැ. රජරට කියන්නේ කොහොද? කොහෙ වුණාම මට මොකද?
මම බෑග් එකත් අරගෙන එළියට ආවා. ලොකු ෆාදර්යි, හසන්ත ෆාදර් මගේ පිටිපස්සෙන් ආවා. සල්ලි ගැන්නෙත් නැහැ මම ඒක සාක්කුවේ දාගත්තා. හරි ඇති. ෆාදර් ඇයි මට වංචා කරන්නෙ...? හිතට ගොඩාක් දුකයි. ඒ වගෙම සතුටුයි. සංසාර පුරුද්දක්ද මේ? ෆාදර්ලා මට මේ තරං ළං වුණේ....
‘මම එහෙනං යන්නං ෆාදර්...‘ මම ලොකු ෆාදර් කිව්වා...
‘ඇයි ආයෙත් මේ පැත්තෙ එන්නෙ නැද්ද?‘ හසන්ත ෆාදර් ඇහුවා.
‘එනවා ෆාදර්... පුළුවන් හැම වෙලාවකම එනවා. ...‘ මම කිව්වා. ‘ෆාදර්ලා මට පවුලෙ කෙනෙක්ට වගෙ සැලකුවේ...‘
‘එහෙනං පරිස්සමෙන් ගිහිං එන්න දරුවෝ...‘ ලොකු ෆාදර් ඒක කියන ගමන් ඇතුළට ගියා. ‘ජේසු පිහිටයි...‘ මගේ ඔලුව අත ගාන ගමන් ලොකු ෆාදර් කිව්වා.
හසන්ත ෆාදර් මගේ පිටිපස්සෙන් ම ආවා. ලොකු ෆාදර් ඇතුළට ගියා. අපි දෙන්නා පාරේ ඇවිදගෙන ආවා. අතරින් පතර මිනිස්සු හිටියා. ෆාදර්ට හිනා වුණා.
‘මල්ලි මේක ඔයා තියාගන්න.‘ ෆාදර් මට ලියුම් කවරයක් දුන්නා. ‘ඔයාගේ සි.වී. එකක් තියෙනං මට තැපැල් කරන්න. මම ඔයාට වෙන ජොබ් එකක් බලන්නං. හැමදාම මේක කරන්න බැහැනෙ. නේද?
‘මොකද්ද මේ...‘ මම ලියුම් කවරේ දිග අරින ගමන් ඇහුවා. සල්ලි...? මම ලියුම් කවරෙන් එළියට සල්ලි ගත්තා. රුපියල් පන්දාහක්.... ‘ඇයි මෙච්චර සල්ලි මට...?‘ මම හසන්ත ෆාදර්ගෙන් ඇහුවා.
‘ඔයා හරි අහිංසකයි... ඔයා දැකපු ගමන් මට පුදුම බැදීමක් ඇති වුණා. වයසින් බාල වුණත් ඔයාට තියෙන්නෙ හරිම ලස්සන රූපයක්....‘
මම ලොකු ෆාදර් දුන්න සල්ලි එළියට ගත්තා. ඒක ගනින ගමන් දෙන්නත් එක්ක ඇවිදගෙන ගියා.
‘අහ්... ෆාදර්ට ගාණ වැරදිලා...‘ මම සල්ලි ගැන්නෙ දැන්නෙ.. ‘මෙතන රුපියල් තුන්දාහක් වැඩියෙන් තියෙනවා....‘ මම ආපස්සට හැරෙන ගමන් කිව්වා.
‘ නැහැ ළමයෝ....‘ හසන්ත ෆාදර් මාව ආයෙත් හැරෙව්වා. ‘ඕන ෆාදර් ඔයාට ඕනකමින් දුන්නෙ....‘
‘ඇයි දෙයියනේ මෙතන තුන්දාහයි, මෙතන පන් දාහයි... වැඩියෙන් මට අටදාහක්ම තියෙනවනෙ... ඇයි මේ....?‘ මම පුදුමයෙන් ඇහුවා.
‘ඔයා හරිම අව්‍යාජයි මල්ලි.... මොකද්ද ඔයාගෙ නම....‘
‘මිලාන්...‘ මම කිව්වා
‘ලස්සනයි නමත් කොල්ලා වගේ....‘
‘ඇයි ඔයා ෆාදර් කෙනෙක් වුණේ...‘ මම හසන්ත ෆාදර්ගෙන් ඇහුවා.
‘මම උපතින් බුද්ධාගමේ කෙනෙක්... මමත් ඔයා වගේම ගොඩක් දුක් විදලා මෙතනට ආවේ. මමයි අයියයි හොදට ඉගන ගත්තා. අයියා අපිට උදව් කරා ඉගන ගන්න. ඒත් ඉගන ගත්ත තරමට අපිට වටිනාකමක් නැහැ මල්ලි...
අනික තාම මම ෆාදර් කෙනෙක් නෙමෙයි.... සෙමිනේරියන් කෙනෙක්....‘
‘මොකක්....‘ මම ඇහුවා.
‘සෙමිනේරියන් ළමයෝ...‘
‘කවුද බොලේ ඒ....‘
‘ඒ කියන්නේ ඔයාලගේ සාමණේර හාමුදුරුවරු ඉන්නෙ .... අන්න ඒ වගෙ.... ඒත් දැන්ම මට ෆාදර් කියන්න එපා. බ්‍රදර් කියලා කියන්න. ෆාදර් කියන්න කලින් එහෙම තමයි කියන්නෙ..... ‘
ඒ ගැන කවර කතාද ?
‘මට මෙච්චර සල්ලි එපා... මේ දාදාහෙන් මට කොමිස් එක්ක හම්බෙනවා. සීයට දහයක්... මට ඒක හොඳටම ඇති ෆාදර්...‘
‘මේ සල්ලි ඔයාට දුන්නෙ ෆෝන් එක්ක ගන්න ළමයෝ...‘
‘අම්මට සිරි එහෙමද?..... එහෙනං අය පාරේ ෆොන් කණු ගානේ ඇවිඳින්න ඕන නැහැ......‘ මම හිනා වෙලා කිව්වා. ෆාදර්ටත් හිනා.
දෙන්නත් එක්ක කතා කර කර පාර ගාවටම ආවා. අය මම ඇවිදින්න ඕන නැනෙ එහෙනං. දැන් කෙලින්ම බෝඩිමට යන්න පුළුවන්. අද මට මාර හැෆි... මෙච්චර කාලෙකට කවුරුත් ඔක්කම මොප් විකුණන්න නැතිව ඇති. ඔන්න තේ වත්ත පාර බස් එක එනවා....
‘එහෙනං ෆාදර් මම ගිහින් එන්නං... ෂුවර් එකට ආයෙත් එනවා. ‘ මම ෆාදර් දිහා බලලා කිව්වා.
‘ඉක්මනට ෆොන් එකක් අරන් මට කොල් එකක් දෙන්න.‘ බස් එක නතර කරද්දිම ෆාදර් කිව්වා.
‘අනිවා ඩෙෆා බ්‍රදර්.....‘ මම බස් එකට නඟින ගමන් කිව්වා. හිනාවකුත් එක්ක... අනේ ඇත්තමට දුකයි වගෙ... බස් එක යනකල් පොඩි ෆාදර් බලාගෙන හිටියා.
______________________________ __________________
ගඟක් යැයි නොකියම් මම
නිතරම එය වෙනස් වන නිසා
සඳක් යැයි නොකියම් මම
මසකට වරක් අඳුරුවන නිසා
හිරු යැයි නොකියම් මම
හවසට බැස යන නිසා
ඔබ යැයි කියනෙම් මම
ඔබ ඔබම වන නිසා....

පහළොස් වන ප්‍රාර්ථනය
වෙලාව හතරට විතර ඇති. පැය භාගෙන් ආයෙත් රාගම ස්ටේෂන් එක ගාව. දැන්මම ගියොත් කට්ටිය මට අවුලක් වෙයි. ඒක හින්දා තව ටිකක් රෑ වෙලා යන්න ඕනි. ස්ටේෂන් එක ගාව ඉදලා මම කෝච්චි පාර දිගේ ඉස්සරාහට ඇවිදගෙන ගියා. දෙපැත්තටම කොච්චි... එහාට යන්න එකයි. මෙහාට එන්න එකයි.
කවදාවත් එකතු නොවෙන රේල් පීලි දෙක උඩින් සිය දහස් ගාණක් එහාටයි මෙහාටයි යනවා. කවදාවත් එකතු වෙන්නෙ නැති ආදරවන්තයෝ තමන්ගේ ආදරේ රේල් පීලි වලට උපමා කරන්නෙ ඒකනේ.... හිමි නොවෙනා බව දැණනුත් වෙන් වීමක් නොමැති.... අවසානය දක්වාම රේල් පීලි දෙක එකටයි තියෙන්නෙ.... ඒත් කවදාවත් එකතු වෙන්නෙ නැහැ. රාගමට එහා ගම්පහා එච්චර දුර පයින් යන්න බැහැනෙ.... මොකද කරන්නෙ. කෝච්චිනං විනාඩි දහයෙන් දහයට වගෙ එහාටයි මෙහාටහි යනවා. මෙහෙම දෙපැත්තටම යන්න තියෙන්දි හොඳයි. එතකොට හැප්පෙන්නෙත් නැහැනෙ. කෝච්චි එන්ජිමත් හරියට ගෑණු ළමයි වගෙ කියනවනෙ නේද? ඇත්තමට ඇයි අනේ එහෙම කියන්නෙ... මම බබාද අහන්න එපා ඉතින්. දන්නෙ නැ මං..... දැන් ඉස්සරාට ගියා ඇති... ආයෙත් ස්ටේෂන් එකට යන්න ඕන. මම පැත්ත මාරු කරා. කෝච්චිය ඉස්සරහින් පේන විදිහට යන්න ඕන. නැත්තං පිටිපස්සෙන් එන සද්දෙ ඇහෙන්නෙ නැනේ. අය මොකද ළඟට ඇවිත් බ්‍රේක් ගහන්න කියලයැයි?
මෙන්න බොලේ ඉස්සරාහින් එනවා කෝච්චියක්.... රැජිණ... රජරට රැජිණ මම ගෙදර යන්න ඕන කෝච්චිය ඒක. මේක රැජිණ නෙමෙයි. මේක මොකද්ද...? මොක වුණාම මට මොකද මම එළවන්නෙ නැනේ. හැබැබි හැටට හැටේ එනවා. මම ආව එකනං ගෑටුවා. මට පයින් දුවගෙන එන්න පුළුවන් ඊට වඩා හයියෙන්. දැන් ඇවිත් සති දෙකක් තුනක් වගෙ. මේ මාසේ පඩි හම්බුණාම ගෙදර යන්න ඕන. මම කෝච්චියට ඉඩ දීලා පුළුවන් තරං අයින් වුණා.
ඊයා........................... .............................. .................... මොකද්ද මේ කරපු බලු වැටේ... වමනේ තලියයි. අපෝ..... මෙහෙම කරන්න එපා හලෝ කෝච්චි වල යද්දි. මෙච්චර කොළ ගොඩක් එක්ක මොකටද වමනේ මගේ ඇඟට විසි කරේ... වෙලාවට බඩේ වැදිලා බෑග් එක උඩට වැටුණා. මම ටක් ගාලා ඒක විසි කරා. උඩ කොලේ ගැලවිලා විසි වුණා. කෝච්චියනං ගියා. මොකද්ද මේ මඟුල....?
මම කොළ සෙට් එක අතට ගත්තා....
‘පුතා දැන ගන්න ඕන ඒක....‘ මම උඩ කොලේ ඉදලා කියවන්න ගත්තා.
‘පුතා හොඳටම දන්නවා. මමත් බාප්පත් කොච්චර මහන්සියක් ගත්තද කියලා පුතාව හදාගන්න. ඔයා අපි ගාවට එද්දි අවුරුදු දෙකක් විතර ඇති. අද ඔයා අවුරුදු විසි අටක තරුණයෙක්. ඒ වෙනකල් ඔයාව රැකබලා ගත්තේ, ඔයාගේ හැමදේම කරේ මට වඩා ඔයාගේ බාප්පා....‘
මොකද්ද මේ හරුපේ... පළවෙනි කොලේ ගන්න බැහැ. ඒක වමනේ වලට දියවෙලා. කම්මැලි කම නිසා මම ලියුමත් බල බල රේල් පාර අයියෙන් ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ආවා.
‘ඔයා බාප්පට මේ තරං වෛර කරන්නෙ ඇයි කියන එක මටත් ලොකු ප්‍රශ්නයක් පුතේ. ඒක මට ලොකු වේදනවක්. ඔයා දැන ගන්න ඕන ඔයා ජිවත් වෙන්නෙ තනියෙන් නෙමෙයි. ඔයා අද ජීවත් වෙන්නෙ ඔයාගෙම තාත්තාල දෙන්නෙක් නිසා. මේක දිග කතාවක්. පිටරටක හැදුණු වැඩුණු ඔයාට මේක සුළු දෙයක් වෙන්න පුළුවන්. ඔයා මේක ප්‍රතික්ෂේප කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඔයා ඇත්ත දැන ගන්න ඕන. රත්තරං තාත්තලා දෙන්නෙක් නිසා ඔයා අද පොළොවේ පය ගහලා ජීවත් වෙනවා පුතේ. ඔයා අනුරාධපුර යනවට මට වඩා බාප්පා අකමැති වුණේ ඒ අනුරාධපුර ඔයාට හැංගිච්ච අයිතියක් තියෙන නිසයි. කවමදාකවත් හිතුවෙ නැහැ ඔයා අනුරාධපුර යාවී කියලා. අපි බය වුණේ යට ගිය අතීතෙ ඔයා දැන ගනිවී කියලයි. දැන් ඉතින් ඔයා කොහොමත් අනුරාධපුර ගියපු නිසා මේක ඔයා දැනගත්තට කමක් නැහැ.
පුතේ, ඔයාගේ තාත්තා රත්තරං මනුස්සයෙක්. ඔයාගේ දෙවනි තාත්තත් එහෙමයි. ඒ දෙන්නම ඔයාට ජීවිතේ දුන්නා. ඒ රත්තරං තාත්තගේ ජීවිතයෙන් ජීවිතයක් ගත්ත ඔයා මේ තරං දරුණු වුණේ කොහොමද කියලා මටම පුදුමයි. මම පුතාගේ තාත්තලා දෙන්නම ළඟින්ම ඇසුරු කරා. ඒ දෙන්නම දෙවිවරු වගෙ. පුතාගේ දෙවැනි තාත්තා පුතා වෙනුවෙන් ජීවිතේ කැප කරා. ලෝකේ ඒ වගේ ආදරයක් මම දැක්ක පළවෙනි පාර ඒක. ඔයා වෙනුවෙන් ඒ කරපු කැප කිරීමට අපි මොකවත් කරේ නැහැ පුතේ. ඒ යට ගියපු අතීතේ එහෙම්ම තිබුණාවේ කියලා අපි ඔයාව රට යැව්වෙ. බාප්පට ඕන වුණේ ඔයාව කවදාවත් ලංකාවට එවන්නෙ නැතිව ඉන්න. ඒත් එයා එක පාරම අසනීප වුණ නිසි ලංකාවට එන්න වුණා. වෙලාවකට හිතෙනවා පුතේ මේ සේරම ආයෙත් අනෙක් පැත්ත කැරකෙනවද කියලා. අපි ඔයාගෙන් ඈත් කරන්න හදන හැමදෙයක්ම ඔයා ළංකර ගන්නවා......‘
‘මොන විකරයක්ද අප්පා මේක....?‘ මම තනියම ලියුම කියව කියව ආවා.
ස්ටේෂන් එකටත් දැන් ළඟයි වගෙ. මේ මඟුලෙන් වැඩක් නැහැ. විසිකරලා දැම්මා. විසි කරන්න අත උස්සද්දිම තමයි දැක්කෙ ඇතුළේ ෆොටෝ එකක් තියනෙවා. ඒකත් බලලා විසි කරමුකො. මගෙ ඇස් උඩ ගියා. මගෙ ෆොටෝ එකක්. මයෙ ඇස් උඩ ගියා. කවුද මේ මයෙ කරේ අත දාගෙන ඉන්න කෙනා....? මම මේ කෙනාව කොහෙ හරි දැකලා තියෙනවා.
‘මේ අයිස් බ්ලූ ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ මයේ පුතාගේ දෙවනි තාත්තා....‘ ෆොටෝ එක යටින් එහෙම ලියල තිබ්බා. මම නෙමෙයි.... මම ඇඳගෙන හිටියේ සුදු පාට ටී ෂර්ට් එකක්. කොහේදීද මම මෙයාව දැක්කේ... හ්ම්....... මතක් වෙන්නෙ නැනේ අප්පා. මම කෝකටත් ලියුම නමලා බෑග් එකෙ දා ගත්තා. දැන් ස්ටේෂන් එක ගාවටම ඇවිත් මම.
‘රඹුක්කන සිට දකුණු කළුතර දක්වා ගමන් කරන මන්දගාමී දුම්රිය තව සුළු මොහොතකින් දෙවන වේදිකාවට ළගා වේ.‘ ස්වීට් වොයිස් එක ඒකනං. ‘ දුම්රිය කළුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇති...‘
පානදුරට ටිකක් එකක් අරන් මම දෙවැනි වේදිකාවට ගියා. වැනි වැනි පැද්දි පැද්දි කොහොම හරි හය විතර වෙද්දි මම පානදුරට ආවා. කෝච්චියෙන් බැස්ස ගමන් මොප් වල සල්ලි අයින් කරලා වෙනම සාක්කුවට දා ගත්තා. ලියුමත් සාක්කුවට දා ගත්තා. මේ ටයිම් වෙද්දි අනිත් අය ඇවිත් ඇති. මම බෝඩිමට එද්දි මඟ අෂි පාර බලාගෙන හිටියා. මාව දැක්ක ගමන් එයාට ෆුල් හැෆි වගෙ. දුවගෙන ආවා.
‘අම්මෝ ... මම බය වුණා...‘ අෂි මම ගාවට ඇවිත් කිව්වා. ‘මොකද මෙච්චර වෙලා කරේ...‘
මම කට පුරා හිනාවක් දාලා බෑග් එක උස්සලා පෙන්නුවා.
‘කෝ මොප්....‘ අෂි බෑග් එක උස්සන ගමන් ඇහුවා.
මම සල්ලි පෙන්නුවා...
‘මයි ගොඩ්....‘ අෂිගෙ ඇස් නළලෙ....‘ ඔයා සේරම වික්කද? හව් නයිස්....‘ මෙන්න මේකා මාව බදාගෙන...
‘ඇති යකෝ ඇති....‘ මම අෂිගෙ අත් ගලවන ගමන් කිව්වා. ‘අපිට බෑ කියලනෙ අපිව දාලා ගියේ... කොහොමද අපෙ වැඩ...‘
‘ඒකනෙ මාත් මේ පුදුම වුණේ... අපරාදේ පළවෙනි දවසෙම තනියම යවන්න තිබ්බේ. එහෙනං අද ඔයා දෙවනි බොස් වෙලා අපෙ... මේ ඇත්තටම කොහොමද සේරම වික්කේ. මොකද්ද රහස....?‘ අෂි මට ළං වෙලා ඇහුවා.
‘ඒවා බිස්නස් රහස් ළමයෝ... ‘ මම ටිකක් ගණන් උස්සලා කිව්වා.
‘හරි සර්....‘ අෂි මගෙ අතේ තිබුණ බෑග් එක ගත්තා. දෙන්නම බෝඩිමට ඇවිත්.... ‘ ළමයි දන්නවද අද සුපර් බෝයි කවුද කියලා.... ‘
අෂි ගේ ඇතුළට ඇවිත් කෑ ගැහුවා. කාමර වල හිටපු සෙට් එකම මෙන්න දැන් එළියට ඇවිත්... සර්ත් ඇවිත්.....
‘මොකද අෂි මේ...‘ නිශාන්ත ඇහුවා.
‘මොකද වෙලා තියෙන්නෙ...‘ දමිත් අයියා ඒ...
‘අපි සේරටම මෙච්චර කාලයක් කරන්න බැරි දෙයක් මිලාන් අද කරලා....‘ අෂි බෑග් එක අනිත් පැත්ත හරවන ගමන් කිව්වා. මුට පිස්සුනෙ.
‘කෝ මොප් ටික....‘ සර් ළඟට ඇවිත් ඇහුවා.
මම සාක්කුවෙන් සල්ලි ටික අරගෙන සර්ට දුන්නා. සෙට් එකම බලාගෙන. අෂිට තමා මාර ෆන්. මූණෙන් එකයි හිනාව එයාට. සර් අපි ඉස්සරාම සල්ලි ගනින්න ගත්තා. අටයි... නමයයි.... සර්ට ඉතිරි එක කියාගන්න බැහැ වගෙ. හාහාහා
දහයයි දහයයි.... ඒ කියන්නේ දා දාහයි. මම මොප් දහයම වික්කා. ඒ විකුණපු විදිහ ගැන අහන්න එපා ඉතින්. කොහොම හරි වික්කනෙ.
සර් මාව ඇදගෙන තුරුළු කර ගත්තා. සේරම සෙට් එක අත්පුඩි ගැහුවා. සර්ගෙ පපුවට ළං වෙද්දිම මට මයෙ රත්තරං තාත්තා මතක් වුණා. අනේ... මම සාමාන්‍ය පෙළ පාස් කීවාම, උසස් පෙළ පාස් කීවාම මේ විදිහට මාව තුරුල් කර ගත්තා එයා. ඒ ඇස් වල පිරුණු කඳුළුත් එක්ක.
‘අද අපි රෑට උයන්න ඕන නැහැ ළමයි.‘ සර් මගෙ උරහිස් දෙක හොල්ලන ගමන් කිව්වා. ‘ අද මිලාන් ගානේ අපිට කෑම... දසුන්.. නිශාන්ත එක්ක ගිහින් අද අපිට චිකන් රයිස් අරන් එන්න. ඊ.ජී.බී. මෙගා දෙකකුත් ගේන්න.‘ සර් දසුන් අයියට සල්ලි දෙන ගමන් කිව්වා.
‘හරි පුතා... වොෂ් එකක් දාගෙන එන්න...‘ සර් මයෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා. දසුන් අයියයි, නිශාන්ත අයියයි මට අතට අත දීලා කඩේට ගියා. අනිත් සේරමත් මට අතට දීලා පිටට තට්ටු කරා. අෂි එක්ක මම ඉට පස්සේ කාමරේට ආවා. අෂි මාව ඇදලා ඇද උඩින් වාඩි කෙරෙව්වා.
‘කොහොමද ඔයා ඒක කරේ මිලාන්...‘ මම ගාවින්ම වාඩිවෙන ගමන් අෂි ඇහුවා.
ඉතින් මම ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා අෂිට විස්තරේ කිව්වා.
‘වුවාව්... නියමයිනෙ... අපරාදේ මටත් එන්න තිබුණේ.‘
‘දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නැහැ.....‘ මම ටිකක් සැරෙන් කිව්වා.
‘ඇත්තටම ඔයා දාලා ගියාම මම බය වුණා අෂි...? ඇයි ඔයා එහෙම කරේ....?‘
‘ඒක බිස්නස් තියරි එකක් ළමයෝ... දැන් බලන්න ඔයා සේරම විකුණලා.
කාටද ආඩම්බර.. මම ආවනං ඒක නොවෙන්න තිබුණා.‘
‘ඒකත් ඇත්ත තමයි....‘ මාත් හිනා වුණා.
‘හරි ඔයා දැන් ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාගෙන එන්න එහෙනං.... අෂි නැගිටින ගමන් කිව්වා. අද ඔයා ගානෙ අපිට කෑම.... මම පිඟන් ටික හෝදලා එන්නං...‘
මටත් පට්ට සතුටුයි. අනේ ලොකු ෆාදර්ටයි, පොඩි ෆාදර්ටයි ජෙසු සමිදු පිහිටයි.... මම ඉතිරි සල්ලි ටිකයි, ලියුමයි මගේ කබඩ් එකට දාලා. ළිඳ ගාවට ගියා වොෂ් එකක් දාන්න. මම වොෂ් දාගෙන එද්දි සේරම සෙට් එක ලෑස්ති වෙලා. අම්මා රයිස් වල සුවඳ... මෙහෙ ආවත් හරි කටට රහට කනවයිමද කොහෙද? නැත්තං අපි අපිම අර ලුණු කැඳ වගෙ මොන මොනවා හරි උයාගෙන කනවා. දවල්ට කඩෙන් කෑවත් බඩ පිරෙන්න හොඳට කන්න බැහැනෙ. උපරිම එකසිය පහනයි. ඒකෙන් දැන් කාලේ හැරෙන්නවත් පුළුවන්ද?
රූම් එකට ගිහිං ෂෝටක් දාගෙන ඇඳ උඩ වාඩිවුණා. කබඩ් එකෙ දොර බාගෙන ඇරලා. මම සටස් ගාලා නැඟිට්ටා. කෝ බොලේ ලියුමයි සල්ලියි....?
‘මිලාන්..................‘ අෂි කෑ ගහගෙන ආවා. ‘ඔයා මෙතනද තාම.... සේරම බලාගෙන ඔයා එනකල්....‘
‘අෂි....‘ අෂි මගේ අතින් ඇඳගෙන සාලෙට එන්න ආවා. ‘ මට දෙයක් කියන්න තියෙනවා....‘
‘කියන දෙයක් කලා කියන්න ළමයෝ... දැන් බඩගිනි....‘
මොනාද මම කියන එක අහන්නකෝ..... කාටද දෙයියනෙ කියන්නෙ.
වෙනදා රුපියල් සීයක් ඇඳ උඩ තිබ්බත් ඒක එහෙම්ම තියෙනවා. කවුරුත් අදින්නෙ නැහැ. ගන්නෙත් නැහැ. මොකද මේකට වුණේ....? සහෝදරයෝ වගෙ එක බත් පත කාගෙන ඉන්න අයගෙන් කොහොමද මම අහන්නේ... අනේ මොකද ඒකට වුණේ...?
______________________________ _________________________
කඳුල නෙතු ඉකි බිදි
හදවතත් හැර ගොසින්
පාලු සීත රැයේ මා
කෑ ගසා හඬන්නම්...
බිහිරි සවනත වැකි
වඩිනවාද මා ළඟට
ඈස් නොපෙනෙනා තුරු
මඟ බලා හිඳින්නම්....
කවදාවත් එකතු නොවෙන රේල් පීලි දෙක උඩින් සිය දහස් ගාණක් එහාටයි මෙහාටයි යනවා. කවදාවත් එකතු වෙන්නෙ නැති ආදරවන්තයෝ තමන්ගේ ආදරේ රේල් පීලි වලට උපමා කරන්නෙ ඒකනේ.... හිමි නොවෙනා බව දැණනුත් වෙන් වීමක් නොමැති.... අවසානය දක්වාම රේල් පීලි දෙක එකටයි තියෙන්නෙ.... ඒත් කවදාවත් එකතු වෙන්නෙ නැහැ. රාගමට එහා ගම්පහා එච්චර දුර පයින් යන්න බැහැනෙ.... මොකද කරන්නෙ. කෝච්චිනං විනාඩි දහයෙන් දහයට වගෙ එහාටයි මෙහාටහි යනවා. මෙහෙම දෙපැත්තටම යන්න තියෙන්දි හොඳයි. එතකොට හැප්පෙන්නෙත් නැහැනෙ. කෝච්චි එන්ජිමත් හරියට ගෑණු ළමයි වගෙ කියනවනෙ නේද? ඇත්තමට ඇයි අනේ එහෙම කියන්නෙ... මම බබාද අහන්න එපා ඉතින්. දන්නෙ නැ මං..... දැන් ඉස්සරාට ගියා ඇති... ආයෙත් ස්ටේෂන් එකට යන්න ඕන. මම පැත්ත මාරු කරා. කෝච්චිය ඉස්සරහින් පේන විදිහට යන්න ඕන. නැත්තං පිටිපස්සෙන් එන සද්දෙ ඇහෙන්නෙ නැනේ. අය මොකද ළඟට ඇවිත් බ්‍රේක් ගහන්න කියලයැයි?
මෙන්න බොලේ ඉස්සරාහින් එනවා කෝච්චියක්.... රැජිණ... රජරට රැජිණ මම ගෙදර යන්න ඕන කෝච්චිය ඒක. මේක රැජිණ නෙමෙයි. මේක මොකද්ද...? මොක වුණාම මට මොකද මම එළවන්නෙ නැනේ. හැබැබි හැටට හැටේ එනවා. මම ආව එකනං ගෑටුවා. මට පයින් දුවගෙන එන්න පුළුවන් ඊට වඩා හයියෙන්. දැන් ඇවිත් සති දෙකක් තුනක් වගෙ. මේ මාසේ පඩි හම්බුණාම ගෙදර යන්න ඕන. මම කෝච්චියට ඉඩ දීලා පුළුවන් තරං අයින් වුණා.
ඊයා...........................
මම කොළ සෙට් එක අතට ගත්තා....
‘පුතා දැන ගන්න ඕන ඒක....‘ මම උඩ කොලේ ඉදලා කියවන්න ගත්තා.
‘පුතා හොඳටම දන්නවා. මමත් බාප්පත් කොච්චර මහන්සියක් ගත්තද කියලා පුතාව හදාගන්න. ඔයා අපි ගාවට එද්දි අවුරුදු දෙකක් විතර ඇති. අද ඔයා අවුරුදු විසි අටක තරුණයෙක්. ඒ වෙනකල් ඔයාව රැකබලා ගත්තේ, ඔයාගේ හැමදේම කරේ මට වඩා ඔයාගේ බාප්පා....‘
මොකද්ද මේ හරුපේ... පළවෙනි කොලේ ගන්න බැහැ. ඒක වමනේ වලට දියවෙලා. කම්මැලි කම නිසා මම ලියුමත් බල බල රේල් පාර අයියෙන් ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ආවා.
‘ඔයා බාප්පට මේ තරං වෛර කරන්නෙ ඇයි කියන එක මටත් ලොකු ප්‍රශ්නයක් පුතේ. ඒක මට ලොකු වේදනවක්. ඔයා දැන ගන්න ඕන ඔයා ජිවත් වෙන්නෙ තනියෙන් නෙමෙයි. ඔයා අද ජීවත් වෙන්නෙ ඔයාගෙම තාත්තාල දෙන්නෙක් නිසා. මේක දිග කතාවක්. පිටරටක හැදුණු වැඩුණු ඔයාට මේක සුළු දෙයක් වෙන්න පුළුවන්. ඔයා මේක ප්‍රතික්ෂේප කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඔයා ඇත්ත දැන ගන්න ඕන. රත්තරං තාත්තලා දෙන්නෙක් නිසා ඔයා අද පොළොවේ පය ගහලා ජීවත් වෙනවා පුතේ. ඔයා අනුරාධපුර යනවට මට වඩා බාප්පා අකමැති වුණේ ඒ අනුරාධපුර ඔයාට හැංගිච්ච අයිතියක් තියෙන නිසයි. කවමදාකවත් හිතුවෙ නැහැ ඔයා අනුරාධපුර යාවී කියලා. අපි බය වුණේ යට ගිය අතීතෙ ඔයා දැන ගනිවී කියලයි. දැන් ඉතින් ඔයා කොහොමත් අනුරාධපුර ගියපු නිසා මේක ඔයා දැනගත්තට කමක් නැහැ.
පුතේ, ඔයාගේ තාත්තා රත්තරං මනුස්සයෙක්. ඔයාගේ දෙවනි තාත්තත් එහෙමයි. ඒ දෙන්නම ඔයාට ජීවිතේ දුන්නා. ඒ රත්තරං තාත්තගේ ජීවිතයෙන් ජීවිතයක් ගත්ත ඔයා මේ තරං දරුණු වුණේ කොහොමද කියලා මටම පුදුමයි. මම පුතාගේ තාත්තලා දෙන්නම ළඟින්ම ඇසුරු කරා. ඒ දෙන්නම දෙවිවරු වගෙ. පුතාගේ දෙවැනි තාත්තා පුතා වෙනුවෙන් ජීවිතේ කැප කරා. ලෝකේ ඒ වගේ ආදරයක් මම දැක්ක පළවෙනි පාර ඒක. ඔයා වෙනුවෙන් ඒ කරපු කැප කිරීමට අපි මොකවත් කරේ නැහැ පුතේ. ඒ යට ගියපු අතීතේ එහෙම්ම තිබුණාවේ කියලා අපි ඔයාව රට යැව්වෙ. බාප්පට ඕන වුණේ ඔයාව කවදාවත් ලංකාවට එවන්නෙ නැතිව ඉන්න. ඒත් එයා එක පාරම අසනීප වුණ නිසි ලංකාවට එන්න වුණා. වෙලාවකට හිතෙනවා පුතේ මේ සේරම ආයෙත් අනෙක් පැත්ත කැරකෙනවද කියලා. අපි ඔයාගෙන් ඈත් කරන්න හදන හැමදෙයක්ම ඔයා ළංකර ගන්නවා......‘
‘මොන විකරයක්ද අප්පා මේක....?‘ මම තනියම ලියුම කියව කියව ආවා.
ස්ටේෂන් එකටත් දැන් ළඟයි වගෙ. මේ මඟුලෙන් වැඩක් නැහැ. විසිකරලා දැම්මා. විසි කරන්න අත උස්සද්දිම තමයි දැක්කෙ ඇතුළේ ෆොටෝ එකක් තියනෙවා. ඒකත් බලලා විසි කරමුකො. මගෙ ඇස් උඩ ගියා. මගෙ ෆොටෝ එකක්. මයෙ ඇස් උඩ ගියා. කවුද මේ මයෙ කරේ අත දාගෙන ඉන්න කෙනා....? මම මේ කෙනාව කොහෙ හරි දැකලා තියෙනවා.
‘මේ අයිස් බ්ලූ ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ මයේ පුතාගේ දෙවනි තාත්තා....‘ ෆොටෝ එක යටින් එහෙම ලියල තිබ්බා. මම නෙමෙයි.... මම ඇඳගෙන හිටියේ සුදු පාට ටී ෂර්ට් එකක්. කොහේදීද මම මෙයාව දැක්කේ... හ්ම්....... මතක් වෙන්නෙ නැනේ අප්පා. මම කෝකටත් ලියුම නමලා බෑග් එකෙ දා ගත්තා. දැන් ස්ටේෂන් එක ගාවටම ඇවිත් මම.
‘රඹුක්කන සිට දකුණු කළුතර දක්වා ගමන් කරන මන්දගාමී දුම්රිය තව සුළු මොහොතකින් දෙවන වේදිකාවට ළගා වේ.‘ ස්වීට් වොයිස් එක ඒකනං. ‘ දුම්රිය කළුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇති...‘
පානදුරට ටිකක් එකක් අරන් මම දෙවැනි වේදිකාවට ගියා. වැනි වැනි පැද්දි පැද්දි කොහොම හරි හය විතර වෙද්දි මම පානදුරට ආවා. කෝච්චියෙන් බැස්ස ගමන් මොප් වල සල්ලි අයින් කරලා වෙනම සාක්කුවට දා ගත්තා. ලියුමත් සාක්කුවට දා ගත්තා. මේ ටයිම් වෙද්දි අනිත් අය ඇවිත් ඇති. මම බෝඩිමට එද්දි මඟ අෂි පාර බලාගෙන හිටියා. මාව දැක්ක ගමන් එයාට ෆුල් හැෆි වගෙ. දුවගෙන ආවා.
‘අම්මෝ ... මම බය වුණා...‘ අෂි මම ගාවට ඇවිත් කිව්වා. ‘මොකද මෙච්චර වෙලා කරේ...‘
මම කට පුරා හිනාවක් දාලා බෑග් එක උස්සලා පෙන්නුවා.
‘කෝ මොප්....‘ අෂි බෑග් එක උස්සන ගමන් ඇහුවා.
මම සල්ලි පෙන්නුවා...
‘මයි ගොඩ්....‘ අෂිගෙ ඇස් නළලෙ....‘ ඔයා සේරම වික්කද? හව් නයිස්....‘ මෙන්න මේකා මාව බදාගෙන...
‘ඇති යකෝ ඇති....‘ මම අෂිගෙ අත් ගලවන ගමන් කිව්වා. ‘අපිට බෑ කියලනෙ අපිව දාලා ගියේ... කොහොමද අපෙ වැඩ...‘
‘ඒකනෙ මාත් මේ පුදුම වුණේ... අපරාදේ පළවෙනි දවසෙම තනියම යවන්න තිබ්බේ. එහෙනං අද ඔයා දෙවනි බොස් වෙලා අපෙ... මේ ඇත්තටම කොහොමද සේරම වික්කේ. මොකද්ද රහස....?‘ අෂි මට ළං වෙලා ඇහුවා.
‘ඒවා බිස්නස් රහස් ළමයෝ... ‘ මම ටිකක් ගණන් උස්සලා කිව්වා.
‘හරි සර්....‘ අෂි මගෙ අතේ තිබුණ බෑග් එක ගත්තා. දෙන්නම බෝඩිමට ඇවිත්.... ‘ ළමයි දන්නවද අද සුපර් බෝයි කවුද කියලා.... ‘
අෂි ගේ ඇතුළට ඇවිත් කෑ ගැහුවා. කාමර වල හිටපු සෙට් එකම මෙන්න දැන් එළියට ඇවිත්... සර්ත් ඇවිත්.....
‘මොකද අෂි මේ...‘ නිශාන්ත ඇහුවා.
‘මොකද වෙලා තියෙන්නෙ...‘ දමිත් අයියා ඒ...
‘අපි සේරටම මෙච්චර කාලයක් කරන්න බැරි දෙයක් මිලාන් අද කරලා....‘ අෂි බෑග් එක අනිත් පැත්ත හරවන ගමන් කිව්වා. මුට පිස්සුනෙ.
‘කෝ මොප් ටික....‘ සර් ළඟට ඇවිත් ඇහුවා.
මම සාක්කුවෙන් සල්ලි ටික අරගෙන සර්ට දුන්නා. සෙට් එකම බලාගෙන. අෂිට තමා මාර ෆන්. මූණෙන් එකයි හිනාව එයාට. සර් අපි ඉස්සරාම සල්ලි ගනින්න ගත්තා. අටයි... නමයයි.... සර්ට ඉතිරි එක කියාගන්න බැහැ වගෙ. හාහාහා
දහයයි දහයයි.... ඒ කියන්නේ දා දාහයි. මම මොප් දහයම වික්කා. ඒ විකුණපු විදිහ ගැන අහන්න එපා ඉතින්. කොහොම හරි වික්කනෙ.
සර් මාව ඇදගෙන තුරුළු කර ගත්තා. සේරම සෙට් එක අත්පුඩි ගැහුවා. සර්ගෙ පපුවට ළං වෙද්දිම මට මයෙ රත්තරං තාත්තා මතක් වුණා. අනේ... මම සාමාන්‍ය පෙළ පාස් කීවාම, උසස් පෙළ පාස් කීවාම මේ විදිහට මාව තුරුල් කර ගත්තා එයා. ඒ ඇස් වල පිරුණු කඳුළුත් එක්ක.
‘අද අපි රෑට උයන්න ඕන නැහැ ළමයි.‘ සර් මගෙ උරහිස් දෙක හොල්ලන ගමන් කිව්වා. ‘ අද මිලාන් ගානේ අපිට කෑම... දසුන්.. නිශාන්ත එක්ක ගිහින් අද අපිට චිකන් රයිස් අරන් එන්න. ඊ.ජී.බී. මෙගා දෙකකුත් ගේන්න.‘ සර් දසුන් අයියට සල්ලි දෙන ගමන් කිව්වා.
‘හරි පුතා... වොෂ් එකක් දාගෙන එන්න...‘ සර් මයෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා. දසුන් අයියයි, නිශාන්ත අයියයි මට අතට අත දීලා කඩේට ගියා. අනිත් සේරමත් මට අතට දීලා පිටට තට්ටු කරා. අෂි එක්ක මම ඉට පස්සේ කාමරේට ආවා. අෂි මාව ඇදලා ඇද උඩින් වාඩි කෙරෙව්වා.
‘කොහොමද ඔයා ඒක කරේ මිලාන්...‘ මම ගාවින්ම වාඩිවෙන ගමන් අෂි ඇහුවා.
ඉතින් මම ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා අෂිට විස්තරේ කිව්වා.
‘වුවාව්... නියමයිනෙ... අපරාදේ මටත් එන්න තිබුණේ.‘
‘දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නැහැ.....‘ මම ටිකක් සැරෙන් කිව්වා.
‘ඇත්තටම ඔයා දාලා ගියාම මම බය වුණා අෂි...? ඇයි ඔයා එහෙම කරේ....?‘
‘ඒක බිස්නස් තියරි එකක් ළමයෝ... දැන් බලන්න ඔයා සේරම විකුණලා.
කාටද ආඩම්බර.. මම ආවනං ඒක නොවෙන්න තිබුණා.‘
‘ඒකත් ඇත්ත තමයි....‘ මාත් හිනා වුණා.
‘හරි ඔයා දැන් ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාගෙන එන්න එහෙනං.... අෂි නැගිටින ගමන් කිව්වා. අද ඔයා ගානෙ අපිට කෑම.... මම පිඟන් ටික හෝදලා එන්නං...‘
මටත් පට්ට සතුටුයි. අනේ ලොකු ෆාදර්ටයි, පොඩි ෆාදර්ටයි ජෙසු සමිදු පිහිටයි.... මම ඉතිරි සල්ලි ටිකයි, ලියුමයි මගේ කබඩ් එකට දාලා. ළිඳ ගාවට ගියා වොෂ් එකක් දාන්න. මම වොෂ් දාගෙන එද්දි සේරම සෙට් එක ලෑස්ති වෙලා. අම්මා රයිස් වල සුවඳ... මෙහෙ ආවත් හරි කටට රහට කනවයිමද කොහෙද? නැත්තං අපි අපිම අර ලුණු කැඳ වගෙ මොන මොනවා හරි උයාගෙන කනවා. දවල්ට කඩෙන් කෑවත් බඩ පිරෙන්න හොඳට කන්න බැහැනෙ. උපරිම එකසිය පහනයි. ඒකෙන් දැන් කාලේ හැරෙන්නවත් පුළුවන්ද?
රූම් එකට ගිහිං ෂෝටක් දාගෙන ඇඳ උඩ වාඩිවුණා. කබඩ් එකෙ දොර බාගෙන ඇරලා. මම සටස් ගාලා නැඟිට්ටා. කෝ බොලේ ලියුමයි සල්ලියි....?
‘මිලාන්..................‘ අෂි කෑ ගහගෙන ආවා. ‘ඔයා මෙතනද තාම.... සේරම බලාගෙන ඔයා එනකල්....‘
‘අෂි....‘ අෂි මගේ අතින් ඇඳගෙන සාලෙට එන්න ආවා. ‘ මට දෙයක් කියන්න තියෙනවා....‘
‘කියන දෙයක් කලා කියන්න ළමයෝ... දැන් බඩගිනි....‘
මොනාද මම කියන එක අහන්නකෝ..... කාටද දෙයියනෙ කියන්නෙ.
වෙනදා රුපියල් සීයක් ඇඳ උඩ තිබ්බත් ඒක එහෙම්ම තියෙනවා. කවුරුත් අදින්නෙ නැහැ. ගන්නෙත් නැහැ. මොකද මේකට වුණේ....? සහෝදරයෝ වගෙ එක බත් පත කාගෙන ඉන්න අයගෙන් කොහොමද මම අහන්නේ... අනේ මොකද ඒකට වුණේ...?
______________________________
කඳුල නෙතු ඉකි බිදි
හදවතත් හැර ගොසින්
පාලු සීත රැයේ මා
කෑ ගසා හඬන්නම්...
බිහිරි සවනත වැකි
වඩිනවාද මා ළඟට
ඈස් නොපෙනෙනා තුරු
මඟ බලා හිඳින්නම්....
---------------------------------------------
දහසය වන ප්‍රාර්ථනය...
‘ඩොක්ටර්...... ඩොක්ටර්.....‘ මේකට කොච්චර කිව්වත් අහන්නෙ නැනේ... මොන හු.... මන්දා හැමදාම උදේට ඇවිත් දොරට ගහලා මාව ඇහැරවනවා. ෂික්...
‘ඩොක්ටර්.....‘ ආයෙත් කෑ ගහනවා.
‘මොකද යකෝ මොකද?‘ මම බෙඩ් ෂීට් එක ඇඳගෙන දොර ඇරියා. දෙනුවන් මාව ගේ ඇතුළට තල්ලු කරා... ‘මොන හු... කරනවද මන්දා....‘ මේකට හිනා
‘ඔහොම එළියට එන්න එපා ඩොක්ටර්...‘ දෙනුවන් බෑග් එක ඇරලා කෑම එක ගන්න ගමන් කිව්වා. ‘ මිනිස්සු දැක්කොත් හරි නැනෙ. ඩොක්ටර් ඔහොම ඉන්න එක...‘
‘ තොට මම කියලා තියෙනවා නේද දොරට උදේ පාන්දර තඩි බාන්න එපා කියලා. මම තොට යතුරක් දීලා තියෙනවා. එකෙන් දොර ඇරලා ගෙනාපු ඉටි ගෙඩියක් තියලා කැමතිනං වතුර උණු කරලා උණු වතුර බෝතලේට දාලා යන අතක පලයන්...‘ මම ඈනුම් අරන ගමන් කිව්වා.
‘හරි හරි...‘ දෙනුවන්ට හිනා. ‘උදේම ඩොක්ටර්ගෙ මූණ බලලා යන්න ආසයි ඩොක්ටර්...‘
‘ඒ මොකද බං....?‘ මම ඇහුවා.
‘මම කිව්වෙ ඩොක්ටර්ගෙ පින්තූරයක් අපේ ගෙදර තියනවා කියල.... මම තාත්තට කිව්වා ඩොක්ටත් ඒ වගෙ කියලා‘ දෙනුවන් බිම බලාගෙන කිව්වා.
‘අම්මත් ආසාවෙන් ඉන්නෙ ඩොක්ටර් බලාගන්න...‘
‘ඇයි තාත්තට කිව්වේ...? අම්මටත් කියන්න එපැයි....‘ මම ඒ වචනෙ ආයෙත් කිව්වා. මටනං අම්මා කියන වචනෙ මතක නැහැ. මොකද මම දන්න කියන කාලේ ඉදලා මට අම්මා කෙනෙක් හිටියෙ නැනේ.
‘මයෙ අම්මා මම ඉපදෙද්දිම මේ ලෝකෙන් ගිහින් ඩොක්ටර්...‘ මෙච්චර වෙලා දඟ දාපු මූණ දුකෙන් බර වුණා.
මට මම ගැනම කලකිරීමක් ඇති වුණා. නොකීවට දෙනුවන් කොච්චර දුකක් හිතේ තියාගෙන ඉදලද? මම ඒ කිසිදෙයක් මායිම් කෙරුවේ නැහැ. අනේ අහිංසකයා...
‘ඩොක්ටර්... වෙලාවක එන්නකො අපේ ගෙදර ඇවිත් යන්න....‘ මම දෙනුවන් දිහා බලාගෙන හිටින හින්දද කොහොද දෙනුවන් ඒක කියන ගමන් එළියට ආවා.
‘උඹ යන්නද හදන්නෙ....?‘
‘ඔව් ඩොක්ටර්... ‘ දෙනුවන් බයිසිකලේට නැග්ගා. ‘අද උදේම වැඩ මට.... මම දවල් කෑම එක ගෙනත් දෙන්නංකෝ...‘
‘පරිස්සමෙන් පලයං මල්ලියා....‘ මම දොර වහන ගමන් කිව්වා...
දැන් ඉතින් මම මෙහෙම කිව්වට මොකද වුණේ කියල දන්නෙ නැනේ නේද? ඒකනේ මේ කටවල් ඇරගෙන බලාගෙන ඉන්නෙ. අර නංගි කීව තැනින් කෑම ගන්න බැරි වුණා. ඒක නිසා දෙනුවන්ගෙ ගෙදරින් කෑම ගන්නවා දැන්. එයා උදේට වැඩට යද්දි මම කෑම ගෙනත් දෙනවා. දවල්ට හොස්පිටල් එකෙ මිස් කෙනෙක් ගේනවා. රෑටත් දෙනුවන් ගෙනත් දෙනවා. මේ විදිහට තමයි දැනට මේ දවස් ටික යන්නෙ නං.... තාම සතියක්වත නැහැ. දවස් හතරයි. බෝඩිමට මම හුරු වෙලා. තට්ට තනියම තමයි ඉන්නෙ. ඉදලා හිටලා දෙනුවන් ඇරෙන්න දන්න කියන මෙකෙක්වත් නැහැ. හවසට රුවන්වැලි සෑයට යනවා හැමදාම. සමහර දවස්වල මහා රෑත් බෙහෙත් ගන්න කට්ටිය එනවා. මම ක්වාටස් එකෙ ඉන්නවා කියලා දැනගෙනම වෙන්න ඕන. රෑ දවල් කියලා බැහැනෙ. අපේ රැකියාව දුප්පත් මිනිස්සුන්ට සේවයක්. ඒක නිසා දෙනුවන්ට වගෙ කෑ ගහන්නෙ නැ එයලාට. දෙනුවන් මම මොනවා කිව්වත් ගණන් ගන්නෙ නැහැ. හොඳට ඉන්නවා. උට මම බනින ඒවා ඇහෙන්නෙ නැහැ වගෙ....
මම කුස්සියට ගිහින් තේ එකක් හදාගෙන උදේ පත්තර ටී.වී එකෙන් බල බලා හිටියා. මයෙ හිතේ වෙලාව හයාමාරට විතර ඇති. මේ ගස් ගෙම්බා මෙච්චර පාන්දරින් මාව නැඟිට්ටුවානෙ. ජනේලිය ඇරියනං රුවන්වැලි මහා සෑය හොඳට පේනවා. ඒත් මගෙ චුඩා මාණක්‍ය කාටවත් පෙන්වන්න ඕන නැති හින්දා ආයෙත් ජනෙල් වහලා ටී.වි. බල බල හිටියා.
‘දොස්තර මහත්තයෝ.....‘ මම ගැස්සුණා.
‘දොස්තර මහත්තයෝ.... අනේ දොස්තර මහත්තයෝ..... දොර අරින්නකෝ....‘
ඒ පාර මොකාද අයෙත් දොරට ගහන්නේ.... මෙහෙම ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙක් වෙනවා කියන්නෙ ඉතින් මේක තමා. කෑමක් නැහැ. බීමක් නැහැ. නින්දක් නැහැ.
‘කවුද....?‘ මම ඇහුවා.
‘අනේ දොස්තර මහත්තයෝ... අපේ එක්කෙනාට අමාරුයි.....‘ ආයෙත් එළියෙන් සද්දෙ ඇහුණා.
මම තේ එක පැත්තකින් තියලා ටක් ගාලා ෂෝටක්, ටී ෂර්ට් එකක් දාගෙන එළියට ආවා. එළියේ පඩිය උඩ අංකල් කෙනෙක් වාඩිවෙලා හිටියා. අංකල් අමාරුවෙන් හුස්ම ගත්තේ... මම වෙද නාලාව තියලා බැලුවා.
‘අංකල්ට වීස් එකට ඇවිත් වගෙ.....‘
‘අනේ දොස්තර මහත්තයෝ...‘ ඇන්ටි බැගෑපත් වුණා.
‘එන්න ඇතුළට....‘ මම ඒ දෙන්නට කිව්වා.
මම ගෙදර තිබුණ බෙහෙත් වලින් සැල්බුටමෝල් පෙත්තක් අරන්,
‘අංකල් මේක බොන්න....‘ අංකල්ට වතුර වීදුරවක් දෙන ගමන් කිව්වා.
ඇන්ටි ළඟ ඉදන් අංකල්ගෙ ඔලුව අත ගෑවා.
‘දොස්තර මහත්තයා එදා මළුවෙදි හම්බෙච්ච දවසෙ ඉදල මම මෙයාලට කියන්නෙ ගිහිං බෙහෙත් ටිකක් ගමුයි කියල...‘ ඇන්ටි මම දිහා බලාගෙන කිව්වා. ‘කෝ මම කියන එක අහන එකක් යැයි....‘
ඔහ් මේ එදා මළුවෙදි හම්බුණ ඇන්ටියි, අංකලුයි නේද? කීයක් කියල මතක තියාගන්නද අප්පා. දවසට බෙහෙත් ගන්න පන්සීයක් විතර එනවා. ඒ මදිවට ක්වාටස් එකෙ ඉද්දිත් එනවා. සමහර වෙලාවට රුවන්වැලි සෑයට ගිහින් එද්දි කට්ටිය බලාගෙන ඉන්නෙ එනකල් බෙහෙත් ගන්න.
‘අංකල් සීතල දේවල් කන්න බොන්න එපා. ඇදුමට එන්න ඉඩ තියෙනවා. ‘
‘අනේ දොස්තර මහත්තයෝ ඊයෙත් රෑට රෑ වෙනකල් වෙලෙ... තනියම නියර බදිනවා. මේ දවස් ටිකේම වතුරේ සීතලෙ ගැහෙනවා... එහෙන් රෑට හේන රකින්ඩ යනව....‘ ඇන්ටිගෙ ඇස් වල කඳුළු
‘ඒව නොකර කොහොමද දොස්තර මහත්තයෝ ජීවත් වෙන්නෙ....‘ අංකල් හීන් කෙඳිරියත් එක්ක කිව්වා.
‘කෝ අංකල්ගෙ පෙෂර් බලමු....‘ මම බී.පී. එක අරගෙන අංකල්ගෙ පෙෂර් බැලුවා. ‘පෙෂර්නම් ටිකක් තියෙනව වගෙ අංකල්...‘
‘අනේ ඉහින් බහින ලෙඩක් තිබුණේ නැති මනුස්සයා...‘ ඇන්ටි සුසුම් හෙළුවා.
මම පෙෂර් බලද්දි අංකල් මයෙ දිහා බලාගෙන හිටියා. ඒ ඇස් වල කඳුළු පිරිලා. මම බැන්ඩේජ් එක ලිහද්දි අර ඇස් වල පිරිලා තිබුණු කඳුළු බිමට වැටුණා.
‘ඇයි අංකල් මේ.....‘ මම අංකල්ගෙන් ඇහුවා.
‘පුතා මතක් වෙන්න ඇති මහත්තයෝ....‘ ඇන්ටි අංකල්ගෙ කඳුළු පිහදාන ගමන් කිව්වා.
‘ඇයි පුතාට මොකක් වෙලාද?‘ මමත් ඕන නැති දේවල්නෙ අහන්නෙ...
‘පුතා කොළඹ ජොබ් එකකට ගිහින්....‘ ඒකටත් උත්තර දුන්නෙ ඇන්ටි....‘ දැන් මාසෙකටත් කිට්ටුයි.. එදා ඉදලා මෙයා හරියට කෑමක්, බීමක් නැහැ. නිතරම ලෙඩ ගානේ.....‘
‘ඉතින් පුතාට කිව්වෙ නැද්ද තාත්තා අසනීපෙන් කියලා...?‘ මම ඇහුවා.
‘එයා කොහෙ ඉන්වද, මොනව කරනවද කියලා දන්නෙ නැ....‘ ඇන්ටි සුසුම් හෙළුවා.
‘ඒකා කොල්ලෙක්...‘ අංකල් කතා කරා. ‘බය වෙන්න දෙයක් නැහැ. මයෙ පුතාට කරදරයක් වෙන්නෙ නැහැ. කොහෙ හිටියත් කරදරයක් නැතුව සනීපෙන් ඉන්නවා.. කොල්ලො වුණාම හේනෙ පිටියෙ වැඩම කරල බෑ මහත්තයෝ. රටේ ලෝකෙ ගැනත් දැන ගන්න ඕන...‘
ඇන්ටිට කට උත්තර නැහැ. මොනව වුණත් දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් දුක් විඳිනවා. ඒ දුක දරුවෝ දන්නෙ නැහැ. මගෙ අම්මා තාත්තත් එහෙමද? මගෙ අම්මා කෝ... එයාට මොනවා වෙලාද? මයෙ තාත්තනං මාව දාලා නොයෙන ගමන් ගිහිං....
මම නැඟිට්ටා... බෙහෙත් වර්ග පැකට් වලට දාලා ඇන්ටි අතට දුන්නා.
‘මම බෙහෙත් බොන විදිහ මෙකෙ ලියලා තියෙනවා අංකල්. ටික දවසක් යනකල් නාන්න එපා. සීතල කෑම බීම ගන්න එපා. ගොඩක් මහන්සි වෙන්න එපා. උණු වතුර හුමාලෙ අල්ලන්න. අඩු වුණාම සිංහල බෙහෙත් කරන්න. හතියට හොද ඉංග්‍රිසි බෙහෙත් වලට වඩා සිංහල බෙහෙත්...‘
මම බටහිර වෛද්‍යවරයෙක් වුණත් මට ඕන වුණේ හැමකෙනාම වගෙ සිංහල බෙහෙත් කරන්න. බැරිම අසනීපයක් ආවොත් ඉංග්‍රිසි බෙහෙත් කරනවා.
‘එහෙනං දොස්තර මහත්තෝ අපි ගිහින් එන්නම්...‘ අංකල් පුටුවෙන් නැඟිට්ටා...
‘කීයද මහත්තයෝ ගාන..?‘ ඒක ඇහුවේ ඇන්ටි..
‘සල්ලි එපා ඇන්ටි...‘ මම අංකල්ට නැඟිටින්න අත දෙන ගමන් කිව්වා.
‘මෙතන දෙන්නෙත් ඉස්පිරිතාලෙ බෙහෙත්ම තමයි. අංකල්ව පරිස්සමෙන් බලාගන්න...‘
අංකල්ගෙ ඇස් වල මම අමුත්තක් දැක්කා. ඒ අතේ අමුතුම සෙනෙහසක් මට දැණුනා. මට අංකල්ව ගොඩක් හුරු පුරුදු කෙනෙක් වගෙ. ඉස්සර හීනෙන් මම දැක්ක රූපයක් ද මේක?
අංකල් ආයෙත් මගෙ මූණ දිහා බැලුවා. එදා මම අංකල්ව හරියට දැක්කෙ නැහැ. දැනුත් හදිසියට බෙහෙත් කරා මිසක් අංකල් දිහා හරියට බැලුවෙ නැහැ. අංකල්ගෙ ඇස් මගෙ ඇස් වල ගැටුණා. විනාඩියක් විතර මම අංකල් දිහා බලාගෙන ඉන්න ඇති. අංකල් එක පාරම මාව බදා ගත්තා.....
ඇන්ටිට පුදුමයි. මටත් පුදුමයි.... අංකල් ඉකි ගහ ගහා අඬනවා. සමහර විට අංකල්ට එයාගෙ පුතා මතක් වෙනවා. අනේ පව් අංකල්...
‘මට සමාවෙන්න සංජන අයියේ....‘ අංකල් එක පාරම කිව්වා. මගෙ ඇස් උඩ ගියා. මම කොහොමද අංකල්ට අයියා වුණේ... අංකල්ගෙ මොලේ විකාර වෙලාද? කොහොමද අංකල් මගෙ නම දන්නේ...?
‘ඒයි.... මොකද මනුස්සයෝ මේ...‘ ඇන්ටි අංකල්ව ඇදලා ගත්තා. ‘මේ දොස්තර මහත්තයා. අපේ පුතා නෙමෙයි...‘
මොනවද මේ වෙන්නෙ.....? කොහොමත් පුතා වෙන්න බැහැ. උට මගෙ නම තිබ්බත් සංජන අයියේ කිව්වෙ පුතාටද? මේ උදේ පාන්දර මයෙ ඔලුව අවුල් කරනවද සේරම....
අංකල් ආයෙත් මයෙ මූණ දිහා බැලුවා. පුදුමේ කියන්නෙ මට ඒ ඇස් දිහා ඕන තරං කාලයක් බලාගෙන ඉන්න පුළුවන් වගෙ...
‘අංකල් දැන් ගෙදර ගිහිං විවේක ගන්න...‘ මම අංකල්ව ඇන්ටිට භාරදෙන ගමන් කිව්වා.
‘ඊයේ රෑම ඇහැරලා හිටියේ මහත්තයෝ....‘ ඇන්ටි අංකල් අරගෙන එළියට යන ගමන් කිව්වා. ‘නිදි මතට වෙන්න ඇති.... කියවන්නේ....‘
මම හිනා වුණා. ඇන්ටි අංකල්ව අල්ලගෙන හෙමින් හෙමින් පාරට ගියා. ගේට්ටුව ගාවදි ඇන්ටි,
‘මොනවද අර කරේ.... කවුද සංජන කියන්නෙ....‘ අංකල්ගෙන් ඇහුවා. මමත් උළුවස්ස ගාවම ඉදගෙන ටිකක් කන් දීගෙන හිටියා.
අංකල් ආයෙත් මම දිහා හැරිලා බැලුවා. උත්තර නැහැ.... ඒ බැල්මෙ උත්තර හැංගිලා තිබුණාද? මම දන්නේ නැහැ....

-------------------------------------------
දා හත් වන ප්‍රාර්ථනය...
අම්මට සිරි වෙලාව අටහාමාරයි.... මම සට සට ගාලා ලෑස්ති වුණා.
දැන් ජීවිතේ ඒකාකාරි වෙලා වගෙ. හැමදාම උදේට කනවා වැඩට යනවා. හවසට රුවන්වැලි සෑයට යනවා. බදාදාට මහ ඉස්පිරිතාලෙට යනවා. මාසයක් විතර යන්න ඇති මයෙ හිතේ... එදානං ඉරිදා දවසක්. ඉරිදා දවස් වලට රෙදි ඔක්කම හොදලා දානවා. නිදා ගන්නව. සති තුනක්ම ඕක තමයි කරේ. අදත් ඉතින් ඒකම තමයි කරන්නෙ....
‘ඩොක්ටර්....... ඩොක්ටර්.....‘ දෙනුවන්........................... මෙකාත් එක්ක මොකවත් කරන්න බැරි හැටියක් අම්මප....
‘ඩොක්ටර්....‘
‘ඇයි බං ඇයි....?‘ මම ඇඳේ ඉදන්ම කතා කරා ‘ඩොක්ටර් තමයි... මෙච්චර කල් වෙන එකෙක් හිටියෙ නැනේ. ඩොක්ටර් ඩොක්ටර් ඩොක්ටර්....‘
‘අද මට නිවාඩුවක් හම්බවුණා...‘ දෙනුවන් එළියෙ ඉදලා කියනව ඇහුණා මට ‘මං කෑම ගෙනාවා. අද කන්නෙ නැද්ද ඔයා?‘
‘අනේ... හු... කට වහන් හිටපන්කෝ...‘ මම ඇඳේ අනිත් පැත්ත පෙරලුණා. ‘ ඇයි බං උඹට නිවාඩු කියල මගෙ නිවාඩුව කන්නෙ...?‘
‘මම හීටරේ ගැහුවා. තේ හදන්ද?...‘ දෙනුවන් ආයෙත් මගෙන් අහනවා.
‘අනේ රත්තරං පුතේ ...‘ මම ඇඳේ ඉදන්ම දෙනුවන්ට බැගැපත් වුණා. ‘අදවත් මට ටිකක් නිදා ගන්න දියන් වස්තුවේ... ‘
ගොඩක් වෙලාවට ඉරිදා දවස මෙහෙම තමයි. දෙනුවන් ඇවිත් ගේ අස් පස් කරලා අතු පතු ගානවා. මම ඩි.වි.ඩි ප්ලේයර් එකක් ගෙනත් තිබුණ නිසා පොර ඩිවිඩි ගෙනත් බලනවා. මම ගොඩක් වෙලාවට නිදිම තමයි. උදේ කනවා රෙදි ටික හෝදලා දාලා 12-1 වෙනකල් නිදා ගන්නවා. දවල්ට නාලා කලා ඔය ටි.වි එකෙ මොනවා හරි බලනවා. හතරට පහට බෝධියට යනවා. හතට අටට එනවා. රෑටත් කනවා. හොස්පිටල් එකෙ වැඩක් තිබ්බොත් කරනවා. නැත්තං නිදා ගන්නවා.
‘ඩොක්ටර්....‘ දෙනුවන් කාමරේ ගාවට ඇවිත්... මම උපන් ඇඳුමෙන් ඉන්න හින්දා දොර ලොක් කරලා තිබුණේ. නැත්තං එදා වගෙ වෙයි. හැමවෙලාවෙම කවර් වෙලා තියෙන රහස් අවයව වලටත් නිදහසක් තියෙන්න එපැයි...
‘හ්ම්...‘ මුට කීවට අහන්නෙ නැහැ. මම ඇඳේ ඉදලම නිදිමතෙන් කිව්වා..
‘අද නිවාඩු නේද?‘
‘හ්ම්...‘
‘ උදේට කාලා අපේ ගෙදර යමුද?‘
‘හ්ම්...‘
‘කෝ...‘ මෙන්න මේකා එක පාරටම දොරට ගහන්න ගත්තා. ඒකටනං මම ගැස්සිලා ඇහැරුණා.
‘මොනවද යකෝ....‘ මම නැඟිට්ටා...
‘නැඟිටින්න... ‘
මම එක පාරටම දොර ඇරියා. දෙනුවන් විසි වුණා.
‘මොනවද උඹ දැන් කියන්නෙ...‘ මට යකා නැගලා හිටියේ...
දෙනුවන් බිම බලාගත්තා.
‘මුකුත් නැහැ ඩොක්ටර්...‘ හෙමිට කියනවා ඇහුණා.
මම කුස්සියට ගියා. පාන් රොස් කරලා බටර් ගාලා කෝලිකුට්ටු එක්ක පිඟානකට හදල තිබුණා. මම එහෙම්ම බාත් රූම් එකට ගියා. කොයි බොලේ මම හෝදන්න දාපු රෙදි ටික?
‘කෝ මගෙ රෙදි ටික.....‘ මම කොමඩ් එකෙ වාඩිවෙන ගමන් ඇහුවා.
‘මම ඒ ටික හෝදලා වැලෙන් දැම්මා....‘ දෙනුවන් කුස්සියට ඇවිත්...
‘අන්න එහෙම හිටපන්කෝ.. මේ උදේ පාන්දර මල පන්නවන්නෙ නැතුව...‘
‘මල පනිනවනං ඔය වගේ ටොලියට් ගියනං හරිනෙ....‘ මේකා දැන් මාත් එක්ක එකට එක කියනවා...
‘මොකක්...‘ මම ආයෙත් සැරෙන් ඇහුවා...
කරපු වැඩේ ඉවර කරලා මම බ්‍රෂ් එකත් අරගෙන දත් මදින්න පටන් ගත්තා. දත කට මැදගෙන උදේම ඇඟ හෝදගෙන එද්දි හොදට කහට දාපු කිරි තේ එකක් එක්ක ඉස්සෙල්ලා කියපු උදේ කෑම වේල.... කොහොමට හිටිද නේද?
දෙනුවනුත් තේ එකක් හදාගෙන ඇවිත් ඉස්සරා පුටුවෙන් වාඩිවුණා. ටී.වි එකේ මොකද්ද නළු නිළියන් ගෙනල්ලා වැඩ සටහනක්. තේ එක බොන නිසා මමත් ඔහෙ බලාගෙන හිටියා.
‘සව්සරා සපිරි මුදුනින් වඩින්නේ
නැව් පුරා රුවල් සුළඟට වැනෙන්නේ
ගව් ගණන් ගොසින් මහතුන් දකින්නේ
මව් මරා උපන් කුමරා කියන්නේ...‘
එක නිළියකගෙන් නිවේදිකාව ඒ තේරවිල්ල ඇහුවා. නිළිය හරියට උත්තර දුන්නා.
‘සව්සරා සපිරි මුදුනින් වඩින කල
නැව් පුරා රුවල් සුළඟට වැන කල
ගව් ගණන් ගොසින් මහතුන් දකින කල
මව් මරා උපන් කුමරා කෙහෙල් මල....‘
දෙනුවන් මගෙ අතේ තිබුණ රිමෝඩ් එක උදුරගෙන ටි.වි එක වැහුවා.
‘මොන කෙහෙල් මලක් කරනවද මන්දා... තව ටිකෙන් තේ එකත් හැලෙනවා....‘
‘ඩොක්ටර් කියන්න බලන්න හරි උත්තරේ...‘ දෙනුවන් ඉස්සරා ඉදගෙන මගෙන් ඇහුවා.
‘මොන හරි උත්තරේද?‘
‘ඇයි දැන් අර කවියෙන් ඇහුවේ...‘
‘ඉතින් බං උත්තරෙත් කවියෙන් කිව්වෙ...‘
‘ඒක හරි උත්තරේ නෙමෙයි....‘
‘පිස්සුද?....‘ ඇත්තටම මේකට මෙලෝ කොලොප්පන් වෙලාද කොහෙද? මම පුටුවෙන් නැඟිට්ටා. කුස්සියට එන්න හදද්දි මෙන්න මූ ආයෙත් අර කවිය කියනවා...
‘සව්සරා සපිරි මුදුනින් වැඩීයන්
නැව් පුරා රුවල් සුළඟට වැනීයන්
ගව් ගණන් ගොසින් මහතුන් දැකීයන්
මව් මරා උපන් කුමරා දෙනූවන්....‘
අවසාන පදේ අහද්දි මම එතනම නතර වුණා...
කලින් මට දෙනුවන් ඒක කිව්වා වගේ මතකයි.
හච්....
මමත් මගේ අම්මාව දැකලා නැහැ. ඒත් අම්මා ජීවතුන් අතර ඉන්නවා කියලා මම දන්නවා. මම කුස්සියට ඇවිත් කොප්පෙ හෝදලා අයෙත් සාලෙට ආවා.
‘මොකද්ද බං ඒ කවිය...?‘ මම පුටුවෙ වාඩිවෙන ගමන් කිව්වා. ‘අදමයි මම ඇහුවේ....‘
‘ඇයි ඒක වැරදිද?‘
‘මොකද්ද?‘
‘මම අම්මා මරාගෙන ඉපදුණා කියන එක?්
‘එහෙම අම්මා මරාගෙන ඉපදෙන්න බැහැ මල්ලියේ....‘
‘ඒත් මම එහෙම ඉපදුණා...‘
මම දෙනුවන් ගාවින් වාඩිවුණා.
‘මේ අහපන් මල්ලි...‘ මම දෙනුවන්ගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තා. ‘ මරණය කියන දේ ස්වාභාවික දෙයක්. අපි ජීවත් වෙනවා වගේම මැරෙනවා. ඒක සොබා දහම. අපිට මැරෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. එක්කෝ අනතුරක්. නැත්තම් ලෙඩක්. සිය දිවි නසා ගැනීමක්... මොකක් හරි වෙන්න පුළුවන්. මැරෙන්න හේතුවක් තියෙන්න ඕන... ඒක කවුරුත් කරනවා නෙමෙයි. ඒ ඒ කෙනාගෙ කර්මය අනුව සිද්ද වෙන දෙයක්...‘
‘අම්මා කෑ ගහලා, වේදනා විදලා, මට ජීවිතේ දීලා එයා ගියා ඩොක්ටර්....‘ දෙනුවන් අඬන්න පටන් ගත්තා. ‘අඩුම ගානේ එයාගෙන් එකම එක කිරි බිංදුවක්වත් බොන්න මට බැරි වුණා...‘
‘ඔයා අම්මට ණය කාරයෙක් නෙමෙයි වෙන්න ඇති... මම වගේම...‘ මම දෙනුවන් තුරුල් කර ගත්තා. හදවතට ළං වෙද්දිම පුරුදු උණුසුමක් ඒ ඇඟේ තිබුණා. අනේ ඇත්තටම මේ මගේ මල්ලිනං....

--------------------------------------------
දහ අට වන ප්‍රාර්ථනය
දෙනුවන් තාමත් මගේ පපුවට තුරුල් වෙලා. ජීවිතේ පළවෙනි පාරට පිරිමියෙක් කැමැත්තෙන් මම තුරුල් කර ගත්තමයි. කැම්පස් එකෙ ඉද්දිනං ඔය අවාට ගියාට එක එකා එනවනෙ බදා ගන්න. මම ගෙදරත්, කැම්පස් එකෙත් ගුප්ත චරිතයක් වෙලානෙ හිටියේ. කවුරුත් ඒක නිසා වැඩි කතාබතාවක් නැහැ මාත් එක්ක....
‘හරි දැන් නැඟිටින්න...‘ මම දෙනුවන්ගෙ උරිස් දෙකන් අල්ලලා නැඟිට්ටන ගමන් කිව්වා. ‘දැන් අද නිවාඩු දාලා මොකද කරන්නෙ....‘
මගෙ සැරත් බාල වෙලා. පිටතින් මාව අදුර ගත්තට වඩා දෙනුවන් මාව ඇතුළින් අඳුර ගත්තා මගෙ හිතේ.
‘අද අපේ ගෙදර යමුකෝ...‘ දෙනුවන් මගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා.
අනුරාධපුර ආවත් හරි මම කොහෙවත් ගියෙ නැහැනෙ. තාම හරියට අටමස්තානෙවත් ගියෙ නැහැ.
‘ගෙදර ගිහින් මොනවා කරන්නද ? ‘ මම පුටුවේ වාඩිවෙන ගමන් කිව්වා.
‘මේකෙ ඉදලා මොනවා කරන්නද?‘ දැන් මෙකා මාවත් කට උත්තර නැති කරනවනෙ..... ‘ නිදා ගන්නද? අපි වැවෙන් නාලා, හේනට කුඹුරට ගිහින් ආයෙත් හවස එමු... මම ගෙනත් දාන්නංකෝ.... අනේ ඩොක්ටර් යමුකෝ... ‘
මම දෙනුවන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඒ ඇස් මගේ ඇස් වගේම ලා නිල් පාටයි.
‘අනේ යමුකෝ....‘ දෙනුවන් ආයෙත් කිව්වා.
‘හරි යමු එහෙනං...‘ මම කිව්වෙ ඇත්තටම ගෙදර ඉදන් මටත් කම්මැලිම නිසයි.
‘එල එල....‘ දෙනුවන්ගෙ කටින් එකයි හිනාව.... ‘ එහෙනං ලෑස්ති වෙන්න ඉතින්...‘
මාව පුටුවෙන් අදින ගමන් කිව්වා. මම කාමරේට ඇවිත් මගෙ නිළ ඇඳුම වගෙ තියෙන සුදු ටී ෂර්ට් එකයි, අයිස් බ්ලූ ඩෙනිමයි ඇද ගත්තා. මේ ඇදුම ඇන්දාම මටත් නොදැනෙන්න කවුරු හරි මගෙ ඇඟ ඇතුළේ ජීවත් වෙනවා. වෛද්‍ය විද්‍යාවට තේරුණේ නැතත් ඒ හැඟීටම මම ආදරෙයි.
‘ඩොක්ටර් මේ ඇඳුමට මාර ලස්සනයි...‘ මම කාමරෙන් එළියට එද්දි දෙනුවන් ඇස් නළලේ තියාගෙන කිව්වා. ‘ මම කිව්ව ෆොටෝ එක තියෙන්නෙ වගේම ෂර්ට් එකකින් තමයි.....‘
‘හරි හරි ගිහින් බලමුකෝ.....‘ මම පුටුවෙ වාඩිවෙන ගමන් කිව්වා.
‘ආයෙත් වාඩිවුණේ ඇයි...? යමුකො ඉතින්....‘
දෙනුවන් එළියට බහින ගමන් කිව්වා.
‘කුස්සියේ දොරවල් වැහුවද ?‘
‘ඔව් ඔව් ජනෙල් දොරවල් සේරම වැහුවා මම....‘
‘පුදුම උනන්දුවක් නේද තියෙන්නෙ ළමයට...‘
‘නැත්තං ඉතින්... සෙල්ලං ද ඩොක්ටර් කෙනෙක් මගෙ අයියා කියලා කිව්වාම....‘
මමත් ඉස්සරා දොර වහගෙන එළියට ආවා.
‘එහෙනං ඉතින් ඩොක්ටර් කියන්නෙ නැතුව මට අයියා කියලම කියන්න...‘
‘ඒක හරි නැනේ....‘
‘ ඒ මොකද අප්පේ ඒ...‘
‘මොනවා වුණත් ගරු කරන්න එපැයි....‘
‘මොකටද ගරු කරන්නෙ....‘
‘අයියට...‘
‘අනෙ මගෙන් කුණු හරප හන්නෙ නැතිව ඉන්නවා....‘
දෙනුවන්ට හිනා....
‘එහෙනං දැන් ඇවිත් මගෙ නිළ රථයට නඟිනවද?‘ දෙනුවන් බයිසිකලෙට වාඩිවෙන ගමන් කිව්වා.
දෙනුවන්ට තිබුණේ පොඩි ලේඩිස් බයික් එකක්. ඉස්සරා කූඩයක් දාලා. පිටිපස්සෙ මම ඉඳගත්තා. දෙනුවන්ට මොටර් බයික් එකක් අරන් දෙන්න ඕන..
‘හරි එහෙනං යමුකො..‘
දෙනුවන් වාරුවක් අරගෙන බයිසිකලය පදින්න ගත්තා. ථූපාරාමය ඉස්සරාහින් තියෙන පාරෙන් අභයගිරිය, ලංකාරාමය හරහා ඔන්න අපි දෙනුවන්ගෙ ගෙදර යන්න පටන් ගත්තා.
‘පොඩ්ඩක් ඉන්න....‘ මම ලංකාරාමය ගාවින් බයික් එකෙන් බිමට පැන්නා...
‘මොකද මේ...‘ දෙනුවන් බයිසිකලය නතර කරා.
‘ කෝ මට දෙන්න බයිසිකලය...‘
මීට කලින්නං මම බයිසිකල් පැදලා නැහැ. ඒත් අමාරුවෙන එකක් නැහැ වගේ.... මම බයිසිකලය අරගෙන පොඩි ළමයෙක් ඇවිඳිනව වගෙ පුරුදු වුණා. හාහාහාහාහ අවුලක් නැහැ. පුළුවන් කරගෙන යන්න. මම එතන රවුමක් දෙකක් ගහලා දෙනුවන්ට කතා කරා...
‘දැන් මම ඩ්‍රයිවර්... නඟින්න සර්....‘
‘ඩොක්ටර් දැන් පොඩි ළමයෙක් වගෙනෙ....‘ දෙනුවන් හිනාවුණා.
ඇත්තටම මටම පුදුමයි. මම දැන් හැසිරෙන විදිහ. හරියට පොඩි ළමයෙක් වගෙ තමයි. මිනිස් සබඳතා එපා වෙලා හිටිය මට දෙනුවන් අලුත් බැඳිමක් එකතු කරනවා වගේ. මොකද්ද කියල මටවත් තාම තෙරෙන්නෙ නැහැ.

---------------------------------------
දහ නව වන ප්‍රාර්ථනය
දෙන්නට දෙන්නා එක එක කෝලං කරගෙන බයිසිකලේ පැදගෙන ආවා. මට නං මම ඩොක්ටර් කෙනෙක් කියල ගාණක්වත් නැහැ. ඇත්තටම මට ඕන වුණේ මේ සාමන්‍ය ජීවිතේ තමයි. නොදන්න මිනිස්සු එක්ක ජීවිතේ බෙදාගන්න මට ඕන නැහැ. දෙනුවන් මගෙ කවුරුවත් නෙමෙයි තමයි. ඒත් ඒ කටහඬ, ඒ හැඩරුව මාව පුදුම විදිහට වෙනස් කරා.
‘ඔය ඉස්සරා තියෙන ගෙදර....‘ පාර කිට්ටුවම තියෙන පිළිවෙළට හදපු ගෙදර දිහාට අත දික් කරලා දෙනුවන් කිව්වා. ඒ ගමන්ම බයිසිකලෙන් පැන්නා. මට බයිසිකලය කොන්ට්‍රොල් නැතිව ගිහින් කාණුවට ගියා. යන්තං මාත් බිමට පැන්නා. නැත්තං අඩු කඩා ගන්න වෙනවා....
‘මොන මඟුලක් කරනවද මන්දා..‘ මට කියවුණා. දෙනුවන්ට හිනා....
පාරේ යන දෙතුන් දෙනෙකුත් හිනා වේගෙන ගියා. සමහරවිට බෙහෙත් ගන්න ආපු අයට මාව මතක ඇති. මටනං එහෙම විශේෂ මතකයක් නැහැ. ඇයි දෙයියනේ කීයක්නං දවසට එනවද? දෙනුවන් ඇවිත් බයිසිකලය අරගත්තා. බයිසිකලේටත් ඩැමේජ් නැහැ.
‘යමු යමු....‘ පාරෙන් එහා පැත්තෙ තිබුණු ගෙදරට මාවත් අතින් ඇදගෙන යන ගමන් දෙනුවන් කිව්වා.
මම දොර ගේ ඇතුළට යන තැන නතර වුණා. ගේ ඇතුළට මාව අදිනවා වගේ. කාන්දමක් ද? නුපුරුදු කට හඩක් හිත ඇතුළෙන් ඇහෙනව වගෙ...
‘මේ බලන්න අත්තම්මෙ මම බොරුද කිව්වෙ කියලා....‘ දෙනුවන් වයසක ආච්චි කෙනෙක් අල්ලගෙන ගේ ඇතුළින් එළියට ආවා.... දෙනුවන්ගෙ වාරුවෙන් ආච්චි අම්මා මයෙ ගාවටම ආවා.
‘අනේ මගේ රත්තරං පුතේ...‘ අත්තම්මා මගෙ මූණ අත ගන්න පටන් ගත්තා... ‘අයේ කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතුවේ නැහැ රත්තරනෙ.... එක පාරම අපිව දාලා යන්න හිතුවේ ඇයි පුතේ....‘
අත්තම්මා මාව බදාගෙන අඬන්න ගත්තා. කිසිම දෙයක් මට තෙරෙන්නෙ නැහැ. වෛද්‍ය විද්‍යාවට අනුව අඩු වැඩි විදිහට අපි සේරම රෝගීන්. එක්කෝ කායික රෝග, නැත්තං මානසික රෝග. කිසිම රෝගයක් නැත්තං ජීවත් වෙන්නත් බැහැ.
අරෝග්‍ය පරමා ලාභා... පරම ලාභය නිරෝගීකම තමයි. ඒ නිරෝගි කම නිවන වෙන්නම ඕන.
අත්තම්මා තාමත් මාව බදාගෙන. එයාට වයසයි ගොඩක්. අපේ අත්තම්මට වඩා වසයද මන්දා... නැත්තම් කාලයත් එක්ක එයා වැඩියෙන් පොර බදලා වගේ. දෙනුවන්ගෙ වාරුවෙන් තමයි එයා හිටගෙන හිටියෙ. අත්තම්මට හිතේ දුක නිවෙනකල් අඬන්න ඉඩ දීලා මම බලාගෙන හිටියා. දෙනුවනුත් එහෙම හිතන්න ඇති.
‘අත්තම්මේ... ‘ දෙනුවන් අත්තම්මට කතා කරා. ‘ අපි ඩොක්ටර් අයියට ගේ ඇතුළට එන්න කියමු නේද?‘
මාව බදාගෙන ඉන්නව ඇති කියලා දෙනුවන්ට හිතෙන්න ඇති. හාහාහාහාහා
‘අත්තම්මට දැන් අසූවටත් කිට්ටුයි. ටිකක් කන් ඇහෙනවා අඩුයි එයාට....‘ දෙනුවන් මයෙ දිහා බලලා කිව්වා.
‘යමු යමු....‘ අත්තම්මා මාව අල්ලගෙන ගේ ඇතුළට යන්න පටන් ගත්තා. ‘ එදා ආපු වෙලෙ මට කියල බත් කටත් කවාගෙන ගියා ගියාමයි. අවුරුදු කීයක්නං මම බලාගෙන හිටියද? ඉස්සර වගෙ තාමත් මාසෙට ගෙදරට සල්ලි එන හින්දා මම කිව්ව මගෙ පුතාට කරදරයක් වෙලා නැහැ කියලා.... කෝ එකෙක්වත් මාව විශ්වාස කරෙ නැනේ....‘
ආච්චි අම්මා හිනාවෙන්න ගත්තා.
‘මට පිස්සු කිව්වා... දැන් ඉතින් කාටද දන්නෙ නැහැ පිස්සු... වාඩිවෙන්න පුතේ... මේ සේරම මගෙ පුතා එවපු සල්ලි වලින් ගත්ත ඒවා. මේ ගෙදරත් හැදුවේ මගෙ පුතාගේ සල්ලි වලින්....‘
‘මේ ඉන්නෙ මම කියපු අයියා....‘ දෙනුවන් මට පින්තූරයක් ගෙනත් පෙන්නුවා...
මගෙ ඇස් උඩ ගියා. දෙයියනේ මේ මමනෙ ඉන්නෙ...

------------------------------------------------
විසිවන ප්‍රාර්ථනය
සුදු පාට ටී ෂර්ට් එක මගේම ටී ෂර්ට් එක. ලා නිල් පාට ඇස් දෙක මම දිහා බලාගෙන. මම ගොළු වෙලා ෆොටෝ එක දිහා බලාගෙන හිටියා. ඇත්තමට කවුද මේ. සාමාන්‍ය යෙන් එක වගේ මිනිස් රූප දරන ඕන තරං කට්ටිය ඉන්නවා. එත් මේ තරං සමාන වෙන්න පුළුවන්ද? ආච්චි අම්මා රැවටුණ එකෙ පුදුමයක් නැහැ බලාගෙන යද්දි. මේ දෙනුවන්ගෙ කවුද? ආච්චි අම්මා ඉන්න නිසා අහන්නත් බැහැ වගෙ. එයා හිතන්නෙ මම එයාගෙ පුතා කියලා.
මම ෆොටෝ එක අරගෙන එළියට ආවා. දෙනුවන් මට ගොඩක් ළං වෙන්නත් ඇත්තේ මේ නිසා වෙන්න ඕන..
‘ඩොක්ටර් ...‘ දෙනුවන් මගෙ පස්සෙන් ඇවිත්.
‘හ්ම්...‘
‘දැන් තේරුණාද මම ඩොක්ටර්ට මෙච්චර ලෙංගතු වුණේ ඇයි කියලා....‘
‘හ්ම්.... මට මේක හරි පුදුමයි දෙනුවෙන්....‘
‘ඒ ඇයි.... ඩොක්ටර්...‘
‘මේ රූපේ මම හිතුවේ මට මමම කරදර කරන දෙයක් කියලා. බලාගෙන යද්දි එහෙම නෙමෙයි. ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා. මොකද්ද මෙයාගෙ නම.....?‘
‘මේ මගෙ ලොකු තාත්තා ඩොක්ටර්.... ලොකු තාත්තගෙ නම සංජන කෙනෙත් බංඩාර...‘
දෙනුවන්ගෙ කටින් ඒක පිට වෙනවත් එක්කම ෆොටෝ එක බිම වැටුණා. වීදුරුව බිඳිලා මූණ ඒ අතරින් මට හිනාවෙනවා වගේ. මට මොනවා වුණාද? සංජන කෙනෙත් බංඩාර....? ඒක වෙන්නෙ කොහොමද? මගෙ නමත් ඒකනෙ.. දෙනුවන් ගැස්සුණා.
‘මොකක්....‘ මම බිම වාඩිවෙන ගමන් ඇහුවා.
‘ඇයි ඩොක්ටර්...?‘ දෙනුවනුත් බිම වාඩිවෙලා වීදුරු කෑලි එකතු කරන්න ගත්තා. ‘බලාගෙන අත කැපෙයි....?‘
දෙනුවන් ඒක කියද්ද මගෙ ඇඟිල්ලක් කැපිලා ඉවරයි... ඒක ගාණක් නැහැ. හොස්පිටල් එකෙ ඉද්දි අපි මාරුවට බෙහෙත් විද ගත්තේ පුරුදු වෙන්න.
‘ඔය මම කිව්වේ...‘ දෙනුවන් අත අල්ලගෙන... ‘ඉන්න මම රෙදි කෑල්ලක් ගේනනං‘
‘නැහැ මේක ගාණක් නැහැ. ‘ මම ෆොටෝ එක අරගෙන නැඟිට්ටා... ඇත්තටම කවුද මේ... මාව හොල්මන් කරන් තරං මෙයාගෙ තියෙන විශේෂත්වය මොකද්ද....
‘පොඩි පුතේ....‘ ගේ ඇතුළින් පිරිමියෙකුගේ කට හඩක් ඇහුණා.
‘අප්පච්චි ඇවිත්....‘ දෙනුවන් එකතු කරපු වීදුරු කෑලි ටික විසිකරලා ගෙට යන්න හැදුවා...
‘අප්පච්චි මේ බලන්න කවුද ඇවිත් තියෙන්නෙ කියල....‘ දෙනුවන් අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක් අතින් අල්ලගෙන එළියට ආවා.
මම වගේම ටිකක් හුරු පෙනුමක් එයාටත් තිබුණා.
‘අයියා....‘ මම දිහා බලාගෙන හිටිය ඒ අයියා කිව්වා. මටත් වසය දැන් 28ක් වෙන එකෙ මම එයාට අයියා කිව්වට කමක් නැහැනෙ.
‘නැහැ අප්පච්චි.. ‘ දෙනුවන්ට හිනා... ‘ මේ තමයි අපි කෑම දෙන ඩොක්ටර්... මම හැමදාම කියන්නේ ....‘
දෙනුවන්ගෙ තාත්තා තාමත් මම දිහා බලාගෙන .
‘මේ අත මක් වෙලාද?...‘ ලේ බිංදු බිමට වැටෙනවා දැක්ක දෙනුවන්ගෙ තාත්තා ඇහුවා.
‘ලොකු තාත්තගෙ පින්තූරේ බිම වැටුණා අප්පච්චි...‘ දෙනුවන් උත්තර බැන්දා.
‘අනේ සමාවෙන්න...‘ මම කතා කරා. ‘ මයෙ අතිනුයි ඒක බිම වැටුණේ.... මම ඒක හදලා දෙන්නං‘
‘පිස්සුද ඩොක්ටර්...‘ දෙනුවන් කිව්වා.
‘අනේ නැහැ මහත්තයෝ ‘ ඒ අයියත් කතා කරන්න ගත්තා. ‘යමු අපි ගෙට....‘
‘අම්මා.... අම්මා.... කෝ පුතේ අත්තම්මා...?‘
‘දැන් මෙතන හිටියා වාඩිවෙලා....‘ දෙනුවන් කිව්වා. ‘ මම බලන්නං... ඩොක්ටර් වාඩිවෙන්න...‘
දෙනුවන් ගේ ඇතුළට ගියා.
‘ඇත්තමයි දොස්තර මහත්තයෝ මේ ළමයා කිව්වට මම විශ්වාස කරේම නැහැ.‘ දෙනුවන්ගෙ තාත්තා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ‘ කෑම ගෙනත් දෙන්න ඕන කියල පොරේ. අම්මටත් වයසයි දැන්. ඒත් උන්දෑ ගෙදර දොරේ වැඩ ටික හොදට කරනවා. මමත් ඉතින් පොඩි ජොබ් එකක් කරනවා.....‘
‘කවුද අයියා කිව්වේ...‘ මටත් මෙච්චර වෙලා දැන ගන්න ඕන දේ මම ඇහුවා.
‘මගෙ අයියා දොස්තර මහත්තයෝ....‘
‘දැන් එයා කෝ....‘
දෙනුවන්ගෙ තාත්තා කල්පනාවක වැටුණා....
‘අප්පච්චි..... ආච්චි වෙලට ගිහින්...‘ දෙනුවන් හිනාවෙලා සාලෙට ආවා.
‘මේ දවල් මොකට ගියාද?‘
‘බිම්මල් හොයන්න ගිහින්...‘
‘බිම්මල් කොහෙද මේ වෙලාවට....?‘
‘ඩොක්ටර් කන්න දෙන්න....‘ දෙනුවන් හිනා වෙලා කිව්වා...
බිම්මල්..? මම ආසම කෑම. ඒත් මම බිම්මල් වලට ආසයි කියලා අත්තම්මා දන්නෙ කොහොමද?
‘අම්මට හරි සතුටුයි දොස්තර මහත්තයා දැක්කාම... එයාගෙ හිතේ අයියා ආවා කියල. අයියා හරි ආසයි බිම්මල් කන්න.... කෝ දැන්න අත්තම්මා...‘
‘මම එක්ක ආවා. ඔය කේතලෙ ලිපේ තියනවද කොහෙද?‘
‘කෝ දැන් සංජන අයියා...‘ මම ආයෙත් ඇහුවා.
‘අයියා නැති වෙලා දැන් අවුරුදු විසි හයක් විතර වෙනවා මහත්තයෝ....‘ බිඳුණු කට හඬකින් දෙනුවන්ගෙ තාත්තා කිව්වා...
මගෙ කකුල් පණ නැති වෙලා යනවා වගෙ මට දැණුනා. මෙච්චර කල් හිතේ මට නොපෙන්න සැඟවුණු චරිතෙද මේ...? මම කාන්දමකින් වගෙ ලංකාවටත්, අනුරාධපුරේටත් එතනින් මේ ගෙදරටත් ඇදගෙන ආවා කියලා මට හිතෙනවා මේ ඇස් දෙකෙන් මේ රූපෙම දකිනකල්.... දෙනුවන්, දෙනුවන්ගේ තාත්තා, දෙනුවන්ගෙ අත්තම්මා... බලාගෙන ඉදලා තියෙනවා. සංජනට මොනවා වුණාද? ඇයි එයා නැති වුණේ...? එයා නැති වුණත් එයා මට මෙච්චර සමීපයි කියලා මට දැනෙන්නෙ ඇයි.? මොකද්ද හේතුව? මට සේරම විකාර වෙලා වගෙ. .... තේරෙන්නෙ නැහැ මම මොනව හිතනවද කියලා. සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියන්න අනුරාධපුර ඇවිත් මම ප්‍රශ්න ගොඩක් හදා ගත්තවත් ද?

----------------------------------
No comments:
Post a Comment
ඔබට බොහොමත් ස්තූතියි...