කඳුළු සිත්තම් (41-45)


එන්න සංජන වාඩි වෙන්නකාමරය ගාවට ගියපු මට ඩොක්ටර් අඩගැහුවා.

ඩොක්ටර් එහා පැත්ත හැරිලා මොනවද ලිය ලියා හිටියේ. මම පුටුවෙ වාඩිවෙද්දි ඩොක්ටර් එක පාරම මගෙ දිහා බැලූවා. දෙයියෙනේ ..... මේ එදා සතිෂ් අයියා ඇක්සිඩෙන්ට් වුණ කාර් එකෙ අයියානෙ... මෙයා ඩොක්ටර් කෙනෙක්ද? මම පුදුම වෙලා බලාන හිටියා. මෙච්චර දවස් ඇයි මෙයා මාව බලන්න රූම් එකට නාවේ...

ඔහ් එහෙනම් ඔයයි මේ හිතුවක්කාරකමට බෙහෙත් බීව චණ්ඩියා...මාව අඳුරගත්ත ඩොක්ටර් ඇහුවා. මාව දන්නවද?‘

මට ලැජ්ජ හිතුණා. මම මොනව කියන්නද? අයියෝ... මොකට මාව මෙතනට ගෙනාවද දන්නේ නැහැ.

ඉතින් මල්ලි... කොහොමද ජීවිතේ.ඇත්තටම මුට පිස්සුද? මොනවද මේ අහන්නෙ. මම මුකුත් නොකියා හිටියා. සංජන,‘ මම ඔලූව ඉස්සුවා. මේ අහන්න මල්ලි බොළද වෙන්න එපා. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා මෙහෙම මෝඩ තීරණ ගන්න කෙනෙක් කියලා... ඔයා ඔපරේෂන් අයි.සී.එකෙ ඉද්දිත් මම ඇවිත් බලලා ගියා.

මට පෙන්නෙ සතිෂ් අයියා මෙයාට හැමදේම කියලා වගෙ..

මේක ප‍්‍රයිවට් හොස්පිටල් එකක් වුණාට අපිත් රටට සේවයක් කරන්නෙ. මගෙ රස්සාව මිනිස්සුන්ගෙ නිරෝගීකම සලසන එක. එයාලට තියෙන ප්‍රශ්න අහලා ඒවට විසදුම් ගන්න එයාට උදව් කරන එක. උපදේශනය හා ප්‍රතිකාරය. ඒකයි ඔයාව මා ගාවට ගෙන්නුවෙ. මම මනෝවෛද්‍යවරයෙක්...ඩොක්ටර් එයා ගැන මට කියලා දුන්නා. කොහෙද ඒ දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලනෙ මෙයාව මට මීට් වුණේ.

මම සංජනට එන්න කිව්වේ බොහොම වැදගත් දෙයක් කතා කරන්න.ඩොක්ටර් එක පාරටම ලස්සන හිනාව අතුරුදහන් කරගෙන මම දිහා බැලූවා. සංජන මම ඔයාගේ හොඳම යාලූවෙක් කියලා හිතලා කතා කරන්න ඕන. එහෙම වුණොත් මට පුළුවන් සංජනට උදව් කරන්න.

ඩොක්ටර් කියන දේ මට තෙරෙන් නැ.මම ඩොක්ටර්ගේ ඇස් දිහා බලාගෙන කිව්වා. මොනවද මගෙන් දැන ගන්න ඕන.

සංජන, ඔයාගේ රිපොට්ස් බැලූවාම තෙරෙනවා මේක ඔයා හිතා මතා කරගන්න ගිය දෙයක් කියලා.ඩොක්ටර් මෙසේ උඩ තිබුණු කොළ වගයක් පෙරළන ගමන් කිව්වා. අනික මිස්ටර් සතිෂ් කියන කතාව පිළිගන්න මම සුදානම් නැහැ. ඒකයි මම සංජනගෙන්ම මේ ගැන අහන්න තීරණය කරේ

මොනවද ඩොක්ටර් සතිෂ් අයියා කිව්වේ?‘ මම ඒකනම් ඇහුවේ බයෙන් බයෙන් වගේ.

සංජන අපිට ඒක වැඩක් නැහැ.ඩොක්ටර් පෙනුමෙන් මගේ වයසට වඩා බාලයි වගේ. අපි මේ ගැන අපේ දේවල් කතාකරමු.

හරියට මට දෙයක් කියන්න නැතුව කොහොමද ඩොක්ටර් මම කතා කරන්නේ ?‘ එදා ඉදන් මට දැනෙන හැමදේම කෙළින් කියන්න මම පුරුදු වෙලා හිටියා.

සංජන මට කියන්න ඇයි ඔයා බෙහෙත් පෙති බිව්වේ ?‘ ඩොක්ටර් පුටුවෙන් නැඟිට්න ගමන් ඇහුවා. එක පාරමට අහපු ඒක මට දැනුනේ ඔළුවට පයින් පාරක් ගහනවා වගේ...

මම බිම බලාගත්තා,

මට සංජනව තේරේනවාඩොක්ටර් මගේ පිටට අත තියන ගමන් එහෙම කතා කරා. සංජන කලබල වෙන්න එපා. මිස්ටර් සතිෂ්ගේ මල්ලි මාව හම්බුණා.

මල්ලි ඩොක්ටර් හම්බුණා නම් තවත් මොනවද මගෙන් අහන්න තියෙන්නේ. එයා හැමදෙයක්ම කියන්න ඇතිනේ. මම බිම බලාගෙන කල්පනා කරා. මට නම් ඕන අවනම්බුවක් විඳින්න පුළුවන්. ඒත් අර රටක් රාජ්‍යයක් වගේ ඉන්න සතිෂ් අයියා කොහොමද ලොකේට මුණ දෙන්නේ. දැන් හතරයි වේලාව. පහට ඒ අහිංසකයා එනවා මාව බලන්න. ඩොක්ටර් මේ සම්බන්ධෙ දන්නවා කියලා දැන ගත්තොත් කොච්චර කලබල වෙයිද? පවුලේ අයගෙනුත් විඳින්න පුළුවන් නව නින්දා වින්ඳා. බඳින්න ගියපු හැම කෙල්ලටම මේ ගැන කියලා එයා අසරණ වුණා.

සංජන මම මේ ගැන සතිෂ් එක්කත් කතා කරාමම කල්පනා කරනවා දැකපු නිසාදෝ ඩොක්ටර් පුටුවේ වාඩුවෙන ගමන් කිව්වා. 

මට හිතුණේ ඩොක්ටර්ගේ මුණ දිහා රවලා ඔරවලා බලන්න. දැන් සංතෝෂද කියලා අහන ගමන්. ඒත් හැම දෙයක්ම හිතෙන් කියවනා මිසක් මම ඔලූව උස්සලාවත් බැලූවේ නැ.

සංජන ඔයා හැමදාම ඔහොම බිම බලාගෙන හිටියොත් කොහොමද ජීවත් වෙන්නේ?‘

මම මුකුත්ම නොකියන පාර ඩොක්ටර් ආයෙක් කිව්වා.

ජීවත් වෙන්න බැරි නිසයි මම මැරෙන්න හැදුවේ ඩොක්ටර්මම ඔලූව උස්සන ගමන් කිව්වේ කම්බුල් වල ගලාගෙන යන කඳුළු පිටින්මයි. වෙන මම මොකද කරන්නේ ? මම සමාජෙට පිළිලයක්, මම ගෙදරට වදයක්, මම සතිෂ් අයියාගේ ජීවිතෙත් නැති කරනවා.....වාවගෙන හිටපු වචන දෙක තුන එළියට එන්න පටන් ගත්තා.

ඔහොම පටු විදිහට හිතන්න එපා සංජනමේසේ උඩ තිබුණ මගේ අත් දෙක අල්ලන ගමන් ඩොක්ටර් එහෙම කියද්දි ඒක පපුවටම දැණුනා වගේ. අපි ජීවත් වෙන්නේ ගතානුගතික සමාජෙක නෙවෙයි මල්ලි. ඔයා ගැන කවදාවත් ඔහොම හිතන්න එපා.

මම එක පාරමට හිමින් හිමින් ඩොක්ටර්ගේ මුණ දිහා බැලූවා. ජිවිතෙ කාලෙටම සැනසෙන්න සතිෂ් අයියාගෙන් පස්සේ ඩොක්ටර්ගෙ සහොදරකම මගේ පපුවට දැණුනා. මල්ලිකියලා කියන වචනය තදින්ම වැදුණා.

මම හිතන්නේ මේ වෙලාවේ සතිෂ් ගොඩාක් අසරණ වෙලා ඉන්නේඩොක්ටර් හැමදෙයක්ම දැනගෙන. ඒත් ඇයි මේ එයා අපි ගැන හොයන්න යන්නේ. මොකද්ද එයාට තියෙන වාසිය.

සංජන හිතනවා ඇති ඇයි මම මේ ඔයාලගෙ ප්‍රශ්නෙට මෙහෙම අනවශ්‍ය විදිහට මැදිහත් වෙන්නෙ කියලා. ඒ මටත් එහෙම දෙයක් වුණ නිසා සංජන. මට ඔයාව තේරුම් ගන්න අමාරු වෙන්න තිබුණා. මමත් ලෝකේ දැකලා තිබුණෙ නැත්නම්. එත් මමත් ඉන්නේ ඔයා ඉන්න පැත්තෙමයි මල්ලි. ඔයා තරම් නැති වුණත් මම කාලයක් දුක් වින්ඳ කෙනෙක්....

ඩොක්ටර් ඒ කියන වචන වල තිබුණෙ අසරණකමක්. නොපෙන්නුවාට ඩොක්ටර්ගෙ ඇස්වල කඳුළු හිරවෙලා තියෙනවා කියලා මම දැක්කා. මට කිසිම දෙයක් හිතාගන්න බැරි නිසාද කොහෙද මම ඩොක්ටර්ගෙ මුණ දිහා බලලා ආයෙත් බිම බලාගත්තා.

සංජන දැන් මොනවද ඉස්සරාට කරන්න හිතාගෙන ඉන්නේමගෙන් මොනවා හරි උත්තරයක් ගන්න ඕන නිසාද කොහෙද ඩොක්ටර් ආයෙත් ඇහුවා.

මම තාම කිසිම දෙයක් හිතලා නැ ඩොක්ටර්මම ඇත්තම කිව්වා. මගේ පවුලේ අය අවුරුදු ගාණකින් මම දැකලා නැ. කතා කරලා නැ. මේ නොදන්න නගරෙට ආවට පස්සෙ මගේම කියලා මට ඉන්නෙ සතිෂ් අයියා විතරයි.

ඉස්සෙල්ලා මට ඩොක්ටර් කියන එක නතර කරන්න මල්ලි. මම ඔයාට සහෝදරයෙක් විදිහට කතා කරද්දි මම කැමතියි ඔයත් මට එහෙම කතා කරනවට.ඩොක්ටර් මොකටද මේ එන්න හදන්නේ. මම නිසලකතාව අවසන් කරන ගමන් නිසල අයියා කිව්වා.

සතිෂ් අයියා මොනවද කියන්නේ මේ ගැනමම ආයෙත් ඇහුවේ මට නොකියන විසඳුමක් සතිෂ් අයියා ළඟ තියෙනවද කියලා බලන්න. සතිෂ් අයියා කියන දෙයක් මම කරනවා අයියේකටට නුහුරු වුණත් මම එහෙම කිව්වා.

ඔයා මේ ගැන සතිෂ් එක්ක කතා කරන්නනිසල අයියා මටම උත්තරයක් හොයාගන්න ඉඩ තියෙනවා වගේ. ඔයාට පුළුවන් ද සතිෂ් නිදහස් කරන්න...

ඒ කියපු දේ නම් මට තෙරුණේ නැ වගේ. ඇස් කඳුළු වලින් පිරිලා ගියේ ඒක නිසා. නොදන්න නගරෙක අසරණ වෙන්න ගිය මට ජීවිතේ නැති වුණ හැමදෙයක්ම ටික කාලෙකට හරි ජීවිතේ විඳින්න කියලා දුන්නේ සතිෂ් අයියා. මම කොහොමද එයා නැති ලෝකේ ඉන්නෙ. ඇඳවල් ගානේ බුදියගෙන මාව හූරගෙන කාපු හැත්තගෙන් මාව නිදහස් කරගෙන ආදරය වචනයේ අර්ථය මට පෙන්නුවේ එයා....

සංජන ඉන්න ඔයා ඉන්න තත්වෙ මට තේරෙනවාමගේ අත් දෙක අල්ල ගන්න ගමන් ආයෙත් නිසල අයියා කිව්වා. හවසට සතිෂ් එනවා කිව්ව ද?‘

මම ඔළුව වැනුවා ඔව් කියලා.

එහෙනම් ඔයාට අද ගෙදර යන්න පුළුවන්.අත්දෙක තද කරන ගමන් අමුතු ධෛර්යක් දෙන බවක් වගේ ඒ කිව්වේ. හැබැයි පොරොන්දු වෙන්න ඕන ආයෙත් මෙහෙම මෝඩ වැඩක් කරගන්නේ නැ කියලා. මගේ අත් අතඅරින ගමන් ඒ ටික නිසල අයියා කිව්වේ මාව නිදහස් කරනවා වගේ.

ටෙලිෆොන් එකෙන් අංකයක් එබු නිසල අයියා නර්ස් සෙන්ඩ් අ වීල් චෙයාර් හියර්කිව්වේ දොර දිහා බලන් ඉන්න ගමන්.
ටිකක් වයසක අංකල් කෙනෙක් අරන් ආව වීල් චෙයාර් එකෙන් මම කාමරයට ආවා. තව විනාඩි දහයකින් විතර සතිෂ් අයියා ඒවි. සතිෂ් අයියා දන්නවද දන්නේ නැ මල්ලි ආවා කියලා. සමහර විට නිසල අයියා ඒක සතිෂ් අයියට කියන්න ඇති. එන විදිහකට මුණ දෙනවා. ඒත් මම සතිෂ් අයියා අත් අරින්නෙ කොහොමද ? එක අතකින් සතිෂ් අයියා අල්ලන් ඉන්නෙ මම බලෙන් වගේ තමා. ඇඳේ ඇන්දට වෙලා මම කල්පනා කර කර ඉද්දි නින්ද මටත් නොදැනිම මං ගාවට ඇවිත් වගේ.

නිදාගන්නවා කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ ඔන්නසතිෂ් අයියා ඒක කිවේවේ මම නින්දෙන් ඇහැරවන ගමන් වගේ කෝ වතුර තව ටිකක් තියෙනවා මේ බෝතලේ...

ඉස්සර නම් සතිෂ් අයියා මොනවා හරි නිදාගෙන ඉද්දි කිව්වොත් මම එක ඇහැක් ඇරලා බලනවා.

ඔයා ඩොක්ටර් ගාවට ගියා ද?‘ මම එකපාරමට අහපු දේ හින්දා සතිෂ් අයියාගේ මූණ කළු වුණා. මම සේරම දන්නවා අයියේ...

සතිෂ් අයියා ඇඳේ අයියේ වාඩිවුණා. මගේ නළලට හාදුවක් දීලා මයේ ඔලූව අතගාන්න පටන් ගත්තා.

කවුරු මොනවා කිව්වත් මම ඔයාව දාලා යන්නේ නැසතිෂ් අයියගේ ඇස් වල තිබුණේ පුදුම විශ්වාසයක්. පුදුම ආදරයක්. අපි දෙන්නම ඉක්මනටම ලංකාවෙන් යමු. කාටවත් හොයාගන්න බැරි තැනකට. එතකොට මේ කරදර මුකුත් නැ

අපි ප‍්‍රශ්නෙන් පැනලා යනවා නේද අයියේ?‘ මම සතිෂ් අයියගේ අත අල්ලගෙන කිව්වා. මම කොහොමද අම්මා කෙනෙක්ට ගින්දර දෙන්නේ අයියේ?‘

ඇයි රත්තරං එහෙම කියන්නේ ඔයා මට ආදරේ නැද්ද?‘

ඔයාට ආදරේයි ඔයා නිසයි මම අදත් ජීවත් වෙන්නේ. මම දැනෙනවා මම ඔයාව හිරකරන් ඉන්නවා කියලා රත්තරං අයියේ...මම සතිෂ් අයියගේ ඇස් දිහා බලාගෙන කියද්දි ඒ ඇස් වලට කඳුළු එන හැටි හොඳට පෙණුනා.

එහෙම හිතන්න එපා වස්තුවේමගේ නළලට ආයෙත් හාදුවක් මට ඔයා නැතුව ඉන්න බැ

අද ටිකට් කපනවා කියලා ඩොක්ටර් කිව්වාමම කියපු දේට සතිෂ් අයියගේ මුහුණ අඳුරු වුණ වගේ.

වෙන මොනවද නිසල කිව්වේ.ඒකනම් ටිකක් සැරෙන් වගේ කිව්වේ.

ඇයි මගෙන්ම අහන්නේමම බිම බලාගෙන කිව්වේ. හම්බෙලානේ ආවේ. කටින් අල්ල ගන්න හදන්නෙ මොනවද දන්නැ.

තාම කුටුකුටුව නම් අඩු වෙලා නැ.සතිෂ් අයියා හිනාවෙලා ආයෙත් කිව්වා. ඩොක්ටර් කියල දෙන්න ඕන ඉන්ජෙක්ෂන් එකක් කටටම

ඇඟට සනීප තිබුණනම් මම ගහනවා හොඳටම සතිෂ් අයියට. කෝ බැනේ. කියන්නේ නැ මම කටට දෙන ඉන්ජෙක්ෂන් එක ගැන..

විහිලූ නෙවේ මගේ පැටියෝ.මගේ ඔලූව අත ගාන ගමන් ආයෙත් සතිෂ් අයියා කතා කරා. මම නිසල මීට් වෙලා ආවේ. මල්ලි ඇවිත් ඔයාට නොසැහෙන්න බැන්න කියලා මම දන්නවා. කවදාවත් ඔයා මාවයි පවුලේ අයවයි කොටවන්න දෙයක් කිව්වේ නැ. මට මේ තරම් ආදරේ කරපු පැටියා කොහොමද මම තනි කරන්නේ. කොහොමද ඔයාව දාලා යන්නේ... සතිෂ් අයියා එහෙම කිව්වේ මාව තුරුල් කරගන්න ගමන්.


සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් //

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා...

සිළිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා...

පද රචනය: විපුල ධර්මප්‍රිය ජයසේකර මහතා
සංගීතය: එච් එම් ජයවර්ධන මහතා 
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා


දොරට තට්ටු කරන සද්දේ ඇහුණේ ඒත් එක්කම. මම ඇතුලට ආවට කමක් නැද්ද?‘ ඒ ඩොක්ටර් නිසලගෙ කට හඩ. සතිෂ් අයියා ටක් ගාලා මට හාද්දක් දුන්නා. මගේ කොණ්ඩේ හදලා ඇඳට හේත්තු කරා. එන්න ඩොක්ටර්....

අහ් මං වැරදි වේලාවේ වගේ ආවේ.නිසල අයියා කිව්වේ අපි දෙන්නට නොන්ඩියට වගේ. මමයි සතිෂ් අයියයි මුණෙන් මුණ බලාගෙන හිනාවුණා. සංජනට යන්න පුළුවන් ගෙදර. මම ඒක කියලා යන්න ආවෙ. ඔයාගේ රිපෝට්ස් ටික ඔකෙ කරලා තියෙන්නෙ.

මම බිම බලාගෙන හිටියා. මට නොකීවට සතිෂ් අයියයි, නිසල අයියයි මොනවා හරි ප්ලෑන් කරලා වගේ.

තෑන්යූ සෝ මච් නිසලසතිෂ් අයියා පුටුවෙන් නැගිටලා නිසල අයියට කිව්වේ අතට අත දෙන ගමන්. නිසල හෙට ෆ්රී  ද? ‘


අද නයිට් එක මම. ඒක නිසා හෙට උදේ වරුවත් එකක් වැඩ.අම්මෝ ඩොක්ටර් කෙනෙක් වෙන එක කොච්චර අමාරු ද? වේලාව 9.30 වෙද්දි මට නිදිමත හැදෙනවා. 12 කියන්නේ යක්කු ගස් නගින වේලාවනේ. ඇයි මොකක් හරි විශේෂ දෙයක් ද?‘

නිසල අපිට අපේ කෙනෙක්ටත් වඩා උදව් කරාසතිෂ් අයියා කියන්නේ ඇත්ත. අපිට ඉස්සරාහටත් නිසලගේ උදව් ඕන. ඒක නිසලට කරදරයක් වෙන්නේ නැත්නම්. අපි ලංකාවෙන් යන්න හදන්නේ නිසල ඉක්මනින්මසතිෂ් අයියා හැමදේම ප්ලෑන් කරලා. නිසල එන්න අපිත් එකක් ලන්ච් එකට. '

නිසල අයියා මම දිහා බැලූවා. අනෙ මම මොනව කියන්නද? එන්න එන්න. සතිෂ් අයියාගෙ කැමැත්ත.

සංජනගෙන් අහන්න දෙයක් නැහැසතිෂ් අයියා මාව දන්නවා. ඒක නිසා ද කොහොම මම දිහා බලාන ඉන්න නිසල අයියට එහෙම කිව්වේ. නේද සංජන...

මම මගේ සුපුරුදු හිනාව දාලා බිම බලාගත්තා.

එහෙනම් අපි යන්න ලෑස්ති වෙමුසතිෂ් අයියා මගේ රෙදි ටික ලොකර් එකෙ තිබුණ බැග් එක අරගෙන දැම්මා.

මම එහෙනම් යන්නම්නිසල අයියා අපිට ආයෙත් තනිවෙන්න දෙන්න ලෑස්ති වුණා මම සතිෂ්ට කොල් එකක් දෙන්නම්

හරිසතිෂ් අයියා නිසල අයියගෙ අතට අත දුන්නා. අපිට රිපෝට් වල මොනවා හරි සයින් කරන්න තියෙනවද නිසල ? මේ ඛෙහෙත් ටික අරන් දුන්නනම් හරිනේ ද?‘

හරි හරිහිනාවක් එක්කම දොර වහගෙන යන ගමන් නිසල අයියා කිව්වා.

මොකද ඔයාට නිසල ගැන හිතන්නේ මල්සතිෂ් අයියා මගෙන් ඇහුවේ මගෙ වැඩ ටික කරන ගමන් මම හිතන්නේ අපිට හොඳ  යාලූවෙක් හම්බුණා කියලා...

මට එහෙම ගාණක් නැහැමම කොහොමත් එයා විශේෂයක් දැණුනේ නැනේ. මට ඕන කෙනා ඉන්නවනේ...මම ඇහැක් ගහලා සතිෂ් අයියට කිව්වා.

හරි කෝ ඇඳුම් මාරු කරගමු.සතිෂ් අයියා සරම අයින් කරන්න හදද්දිම මම දොර දිහා බැලූවා. අම්මෝ මට අමතක වුණානේ. මගේ නිධානෙ වෙන කවුරු හරි දැක්කොත් මට වස බොන්න වෙන්නෙ...

මම හිනා වුණා විතරයි. සතිෂ් අයියා දාන සමහර නොන්ඩි මට දිරවන්නෙ නැහැ. එයා දොර වහන අතරේ මම ඛෙඩ් ෂීට් එක අරගෙන සරම අයින් කරන්න හැදුවා.

හරි ඉතින් තනියම කරගන්නකො එහෙනම්සතිෂ් අයියා බාත් රූම් එකට ගියේ මගේ බ්‍රෂ් එක ගේන්න. සරම දනිස්සෙන් පහළට අයින් කරන්න මට බැ වගේ. දැන් ඉතින් හිටපන්කෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ. සතිෂ් අයියා එද්දි මම බිම බලාගෙන හිටියා. ෂා ඔය ඉන්නෙ ලස්සනට. එහෙනම් අපි යමු නේද ?‘

හිටපන්කො මට සනීප වෙනකල්....

සරම මාරු කරලා සතිෂ් අයියා ගේනාව අලූත් ෂොට් කලිසමයි, මම ආසම පාට අයිස් බ්ලු ටී ෂර්ට් මට ඇන්දුවා. බඩු ටික  බෑග්ගෙට දාගෙන, මගේ කරට අතත් දාගෙන කාමරෙන් එළියට ආවේ අය නම් කවදාවත් කිසිම ඉස්පිරිතාලෙකට නොයෙන්න ලැඛෙන්න කියලා හිතාගෙනමයි.

පහළට ආව ගමන් සතිෂ් අයියා,

ඉන්න පැටියෝ මම බිල් එක පේ කරලා එන්නම්මාව පුටුවකින් වාඩි කරපු සතිෂ් අයියා කවුන්ටර් එක ගාවට ගියා.

නිසල අයියට යනවා කියලා කිව නිසා අයෙත් කියන්න ඕන නැනේ. මට එහෙම හිතුණත් සතිෂ් අයියා නිසල අයියට කියලා එන්න ගියා.

සතිෂ් අයියා කාර් එකට මාව කරට අත දාගෙන එක්ක ගියා. මමත් සතිෂ් අයියට තුරුල් වෙලාම කාර් එක ගාවට ගියා. ඉස්සරා ෂීට් එකෙ වාඩි වුණා. සතිෂ් අයියගෙ මූණ දිහා බලාගෙන හිටියා.

ඇයි රත්තරං....සතිෂ් අයියා මගෙ නිකට අතගාන ගමන් ඇහුවා.

මට මොකද්ද අමුත්තක් දැනෙනවා අයියේ....මම කදුළක් කොපුලට ගන්න ගමන් කිව්වා.

මොකද්ද වස්තු....

මට තේරෙන්නෙ නැහැ.... අපි යමු අයියේ....

සතිෂ් අයියා කාර් එකෙ කැසට් එක දාන ගමන් වාහනේ පාරට ගත්තා. කරුණාරත්න දිවුල්ගනෙ මහත්තයාගෙ සින්දු පීස් එකක්.

සුළග නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්ම
යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද හැලෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි..

සිත හැදිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියාම
පුදුමයක් නොවෙයි...

සිත තනි කලෙත් නුඹයි
මගෙ හිතේ සියුමි තැන් සොය සොය
රිදෙවිවේත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ මහතා

සතිෂ් මුකුත් කියන්නෙත් නැහැ. මම කතා කරෙත් නැහැ. අපි දෙන්නගෙම සිතුවිලි සින්දු වලින් කියවුණා. ඒත් එකපාරම ගියපු මේ සින්දුව මට දරාගන්න බැහැ..

ඔබ මා හමුවුණ මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි....//

අනේ අයියේ කැසට් එක වහන්නකෝ....

සතිෂ් අයියා එක පාරම කැසට් එක වැහුවා. මගෙන් මුකුත් ඇහුවෙ නැහැ. එහෙම්ම අපි ආයෙත් අපේ ගෙදරට ආවා.

ආයෙත් බලාපොරොත්තු කන්දක්. උඩ මම හෙමීට උඩ තට්ටුවට නගින්න පටන් ගත්තා.

ඉන්න වස්තු මම එනකල්....සතිෂ් අයියා කාර් එකෙන් බෑග් එහෙම ගෙනත් තියන ගමන් කිව්වා.

ඒත් මම හෙමීට උඩ කාමරේට ආවා. තට්ටුවේ අපේ හිටිය කාමරය ලස්සනට අස් කරලා. මම ඇදේ ඉදගත්තා. සතිෂ් අයියා ඉස්සරා දොර වහන සද්දෙ මට ඇහුණා. පඩිපෙළ නැගගෙන එයා උඩ තට්ටුවට ආවා. මම සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා. සතිෂ් අයියා මයෙ ගාව වාඩිවුණා. මම බිම බලාගත්තා.

අයෙ මාව දාලා යන්න හදන්න එපා....සතිෂ් අයියා මාව තුරුල් කර ගත්තා.

එන හැමදේටම අපි දෙන්නා මූණ දෙමු රත්තරං... මාව දාලා යන්න එපා. මැරෙනවනං එකට මැරෙමු. තනියම නෙමෙයි. වචන වලින් කවදාවත් ඔයා කියන්නෙ නැති ඒ ආදරේ මට හොදට දැනෙනවා...සතිෂ් අයියා ඉකි ගහ ගහ අඬනවා. කොහොමද ඔයා නැතුව මම ඉන්නෙ... ඇයි මාව දාලා තනියම යන්න හැදුවේ. ආදරෙන් ජීවත් වෙමු වස්තු. මට ඔයා නැතුව ඉන්න බැහැ.... එදා මම ස්ටේෂන් එකෙන් අරන් ආපු කොල්ලට මම කවදාවත් යන්න දෙන්නෙ නැහැ....

මම සතිෂ් අයියගෙ ඔලුව අත ගෑවා. මමත් ඇඬුවා. අපි දෙන්නම හිටි හැටියේ සිද්ද වුණ දේවල් වලට වන්දි ගෙව්වා. මාව උණු වතුරින් තෙත මාත්තු කරලා සතිෂ් අයියා රෑට උයන්න ගියා.


මොකද අප්පේ මේ හීනෙන් ඇවිඳිනව ද?‘ සතිෂ් අයියගේ කෑම සුවඳ නහය කඩාගෙන යනවා. ඒත් මුකුත් තෙල් ජාති කන්න එපා කියපු හින්දද කොහෙද මෙයා සුප් එකක් හදන්නේ. ඇයි පැටියෝ මොනවා හරි ගන්න ද ආවේ. මට කතා කරානම් මම එනවනෙ.

මට අමුතු බයක් දැනෙනවා අයියාමම කෑම මේසේ වාඩිවෙන ගමන් ආයෙත් කිව්වා. සතිෂ් අයියා ලිප ඕෆ් කරලා මම ළඟට ඇවිත් වාඩිවුණා. ඇයි වස්තුවේ එහෙම කියන්නේ? මොකද්ද බය?‘

මම අත් දෙකෙන් සතිෂ් අයියාගේ අත් දෙක අල්ල ගත්තා.

මගෙ රත්තරං අයියේ, දැන් අවුරුදු තුනක් තිස්සේ මම ඔයත් එක්ක මේ වහල යට ඉන්නවා.මම ඇස් වලට එන කඳුළු ගැන හිතන්නෙ නැතිවම කිව්වා. ඒ කාලෙට මට කිසිම දුකක් ඔයා දුන්නෙ නැහැ.

ඇයි මගෙ පැටියෝ ඔයා මේවා කියන්නේසතිෂ් අයියා මගේ ඔලූව අතගාන ගමන් කිව්වා.

අයියේ, මාව මීට් වුණේ නැත්තම් ඔයා මැරි කරනවා නේද?‘ මම සතිෂ් අයියගෙ ඇස් දිහා බලාගෙන ඇහුවා.

ඇයි අපි මේවා ගැන කතා කරන්නේ මල්සතිෂ් අයියා මාතෘකාව මාරු කරන්න හදන බව මට තේරුණා. මොකද ඔයාට හිටි හැටියේ වුණේ

අයියා, මට පොරොන්දුවක් වෙනවද?‘ මම තාමත් සතිෂ් අයියගෙ ඇස් දිහා බලාගත්තු ගමන්. මට ආදරේ නම් මේ පොරොන්දුව මට වෙන්න සුදු අයියේ?‘

ඔයාට හොඳක් වෙනවනම් මම ඕන දෙයක් කරනවා මගේ රත්තරනේ. ඕන දෙයක් ඉල්ලන්න. හැබැයි ඔයාව දාලා යන්න කියන්න එපා මගේ මැණික. මම මැරෙයි. කවදාවත් එහෙම කියන්න එපා. කවදාවත්ම....සතිෂ් අයියා මාව බඳාගෙන කිව්වා.

මම කොහොමද මෙතනින් එහාට කතා කරන්නෙ. කොහොමද මම සතිෂ් අයියාව අඬවන්නේ. මගේ සතුට වෙනුවෙන් මේ කැපවීම් කරන මනුස්සයාට ඇයි මම  මේ තරම් දුක් දෙන්නේ... ඒත් සතිෂ් අයියාගේ සතුට හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක. එයාගෙ අම්මට, මල්ලිට මම මේ තරම් දුක් දෙන්නේ ඇයි? තාමත් සතිෂ් අයියා මාව බදාගෙන මම සතිෂ් අයියගේ ඔලූව අතගාන ගමන්...

මම කවදාවත් ඔයාට නැති වෙන්නේ නැහැ අයියේ. ඒත් මං වෙනුවෙන් එක දෙයක් ඔයා කරන්න ඕනමම කොහොම හරි සතිෂ් අයියව මේකට කැමති කරව ගන්න ඕන වුණා.

ඒ මොකද්ද මගේ වස්තුවේමගේ කම්බුල් දෙකෙන් අල්ලගෙන සතිෂ් අයියා බැගැපත්ව ඇහුවා.

සතිෂ් අයියේ මම ආසයි මාමා කෙනෙක් වෙන්න. ඔයාගේ දරුවෙක් මගේ කකුල් දෙකේ තියගෙන නළවන්න. ඔයා වගේ ලස්සන නෑනා කෙනෙක් එක්ක කෑම හදන්න...මම සතිෂ් අයියගේ අත් දෙක අල්ලගෙන කිව්වා.

මොනවද දෙයියෝ මේ කියන්නේ....‘  සතිෂ් අයියා ඒක ඇහුවේ පුදුමයෙන්.

මගෙ රත්තරං සතිෂ් අයියෙ. මම වගේම ඔයාගේ අම්මත් ඔයාට ආදරෙයි.මම මේ බණ ද කියන්නේ ඒ අහිංසකාවිට දුක් දෙන්න හොඳ නැහැනේ අයියේ. මම ඔයා ගාව ඉන්නව නම් ඔයාට මැරි කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.

කොහොමද මම ඒක කරන්නේසතිෂ් අයියා කිවේ නැගිටින ගමන්.

ඔයා ඒක කරන්න ඕන අයියේ. අපි දෙන්නා වෙනුවෙන් ඒක කරන්න ඕන.

ඇයි මට ඔයාට තියෙන ආදරේ ඛෙදන්න කියන්නේ මල්?‘ සතිෂ් ආයෙත් මං දිහාට හැරෙන ගමන් ඇහුවා. කවුරු හරි ඔයාට බලපෑම් කරාද?‘

මම දැන් බලපෑම් වලට බය නැහැ අයියේ...මම කිව්වේ සතිෂ් අයියාගේ උරිස් දෙකට මගෙ අත් දෙක තියන ගමන්.  අපිට මේ ලොකේ ඉන්න වරම් දුන්න අයගේ සතුටත් අපි හිතන්න ඕන නේද සුදු අයියේ..

අපෙ අම්මා ඔයාට කතා කරාද?‘ මගේ උරිස් දෙක උඩින් අත් දෙක ගන්න ගමන් සතිෂ් අයියා ඇහුවා. මට ඇත්ත කියන්න මල්... අපේ මල්ලි මොනවා හරි ඔයාට කිව්වද?‘

කවුරුත් මට මුකුත් කිව්වේ නැහැ අයියේ. අපි දෙන්නගෙම සතුට වෙනුවෙන් මම මේ දේ කරන්න හිත හදාගත්තේ...

ලස්සන කුරුළු ගීතයක් වගේ ගෙදර එලාම් එක වැදුණේ ඒ ගමන්මයි. මේ රෑ කවුද එන්නෙ...

සතිෂ් අයියා දොර අරින්න ගිය නිසා මම කුස්සියේ එයාගේ කෑම වල රස බැලූවා. ඒ අතරේ මගෙ කන් දෙක තිබුණේ සතිෂ් අයියා එක්ක සාලේ. ඒ පැත්තෙන් කිසිම සද්දයක් නැති නිසා මම හිමීට දොර රෙද්දෙන් සාලෙට එබිකම් කරා.


(තවත් කොටස් නවයක් පමණි.)



දෙයියනේ සතිෂ් අයියලගේ මල්ලි... අයියයි මල්ලියි ලොකු කතාවක්. මම ඒ පැත්තටවත් ගියේ නැහැ. ඒත් කඩල ඇට ටික අතේ තියාගෙන මම කුස්සියේම හිටියා. එක එක කන ගමන් මම කල්පනා කරේ මොකද එක පාරටම මල්ලි මෙහෙ ආවේ. අපි හෙට යනවා කියලා එයා දැනගෙනද? ඒත් මේවා මගේ ප්ලෑන් නෙවෙයිනෙ. අනික මට සතිෂ් අයියා කියන දේවල් වලට හරස් වෙන්න බැහැ. එයා කියන දෙයක් මම කරනවා.

තෝ දැනගනින් පාහරයා...එක පාරට මල්ලි කුස්සියට ඇවිත් මට හෙල්මට් එකෙන් දමලා ගැහුවා.

මම ඔලූව පැත්තට ගත්තත් ග්ල්ස් එකට කම්මුල හීරිලා ගියා වගේ දැණුනා. ඒත් එක්කම සතිෂ් අයියා පැනලා මල්ලිව අල්ල ගත්තෙ නැත්නම් මට මේ ගමන් ආයෙත් ඉස්පිරිතාලෙ ඉන්න තරම් හොදට ගුටි කන්න තිබුණා.

මගෙ අම්මට මොනව හරි වෙලා තිබුණොත් මම තොට යහතින් ඉන්න දෙන්නෙ නැ. බාවනවා. මේ බූරුවා රවට්ටගෙන ඒකාව හූරගෙන කෑවට තොට මගෙන් බේරෙන්න බෑ බල්ලෝ. කැරි හුත්තා......

සතිෂ් අයියා මල්ලිව ඇදගෙන සාලෙට ගියා. කට වහපන් ආකාෂ්. මම මේක බේරගන්නම්. අපිට වද නොදි පලයන් යන්න...

යකෝ තොට එක බඩවැල කඩාගෙන ආව තොගෙ මල්ලිට වඩා මේ කොහෙද යන පාහරයෙක් ලොකු වුණා...ඒක කියලා ඉවර වෙනවත් එකක්කම සතිෂ් අයියා මල්ලගෙ කම්මුලට හයියෙන් ගැහුවා.

මල්ලි බිම බලාගෙන හිමින් ඔලූව උස්සන ගමන් සතිෂ් අයියා දිහා බැලූවා.

දැන ගනින්  මගෙ අයියා තෝ හින්දා අද මට අත ඉස්සුවා.මගෙ දිහා වෛරයෙන් බලාගෙන මල්ලි කිව්වේ මගෙ ඇඟ හිරිවැටෙන විදිහට මේ පාර සිය දහස් ගාණෙන් තොට විඳවන්න වෙයි...

දොර හයියෙන් වහපු මල්ලි යන්න ගියේ ආයෙත් හිතෙන් විඳවන්න දුක් ගොඩක් අපේ ලොකෙට ඉතිරි කරන ගමන්..

සතිෂ් අයියා මාව සැටියේ වාඩු කරවලා පුළුන් කැල්ලකින් හීරුණු තුවාලෙ ලේ පිහිදාන්න පටන් ගත්තා. සර්ජිකල් දාද්දි මට කෙඳිරි හඩ නැගුණා.

මගෙ මූණ දිහා බලන්නෙ නැතිව සතිෂ් අයියා හීමිට තුවාලෙට ඛෙහෙත් ගෑවා. මමත් මුකුත් නොකියා හිටියා. දෙන්නගෙන් කවුරු කතාව පටන් ගනීවිද දන්නෙ නැහැ.

සතිෂ් අයියා නැගිට්ටා. කාර් එකෙ යතුර අරන් එළියට යන්න ලෑස්ති වුණා.

කොහෙද අයියේ යන්නේ?‘ මම පිටිපස්සෙන් යන ගමන් ඇහුවේ...

මගෙ පැටියා කාලා නිදාගන්න. මම ටවුමට ගිහින් ඉක්මනට එන්නම්.සතිෂ් අයියා කිවේ මුකුත්ම වුණේ නැහැ වගේ.දොර ලොක් කරගන්න. මම එනකල් දොර අරින්නම එපා.. තේරුණාද?...‘

මමත් එන්නද කියලා අහන්න හිතුණත් මේ වෙලාවේ සතිෂ් අයියා ඉන්නේ දුකින් කියලා මට තෙරුණ නිසා එයාට යන්න දෙන්න ඕන කියලා හිත කිවා.

මම බලාගෙන ඉන්නවා. පරිස්සමට ගිහින් ඉක්මනට එන්න අයියේමම කිව්වේ සතිෂ් අයියගෙ නළලට හාදුවක් දෙන ගමන්.

මොකද මේ වෙන්න යන්නේ? සතිෂ් අයියට දැන් තිහක්. එයා බදින වයස පහුවෙන්න කලින් එයා පිළිවෙලක් වෙන්න ඕන. අපි දෙන්නගෙ තුන් අවුරුදු ආදර කතාවට නැවතීම තියන්න දැන් කාලය හරි වගෙ. මටත් දැන් විසි පහක්. ඒත් තාම හැසිරීම පොඩි ළමයෙක් වගේ. සතිෂ් අයියා තමාත් මට කැමති ඒ වෙනස් නොවුණු කමට වෙන්න ඇති. කතා බහ හැසිරීම හැමදේම එක වගේ. සතිෂ් අයියගෙන් පිට යන්න මට හිතුණෙම නැහැ. ඉස්සර ලව් රිලේෂන් එකක් මාසයයි, දෙකයි. එක්කෝ පටන් ගත්ත එකා නතර කරනවා. නැත්තම් මං නතර කරනවා. සතිෂ් අයියා මාව හොයාගෙන ආවේ නැත්තම් මේකත් නතර වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. එහෙනං මට දැන් මොනවා වෙලා තියෙයිද?

මටත් සතිෂ් අයියත් එකක් යන්න තිබුණේ. මම දොර වහගෙන සැටියේ වාඩි වුණා. ඒත් එක්කම සතිෂ් අයියගේ ෆෝන් එක රින් වෙනවා ඇහුණේ.

මට ආරාධනාවක් කළාදෝ...
ඔය දෑසේ හොරෙන් කී කතාවේ....
බිතු සිතුව් ලෙසින් ජීවිතේ මා...
ආදරෙයි ආදරෙයි සැමදා මා......

සින්දුව අවසන් නුනත් ෆොන් එක එතනින් නතර වුණා. මෙන්න ආයෙත් රින් වෙනවා. හදිසි පණිවුණයක් ද දන්නේ නැහැ. මම ගිහින් නොම්බරේ බැලූවා. සේව් කරලා තියෙන එකක් නෙමෙයි. මෙහෙම ෆොන් එක ආන්සර් කරාට සතිෂ් අයියා මට මුකුත් කියන්නේ නැහැ. අනික එයා බාත්රූම් ඉද්දි මම කොච්චර ආන්සර් කරනවද?

ඔව් කියන්න.මගේ අන්සර් කිරිල්ලේ හැටි තමයි ඒ.

මම නිසල... එයා පැත්තෙන් ඇහුණේ. අයියෝ මට ලැජ්ජත් හිතුණා. මේ සතිෂ් ද?‘

නැ අයියේ මම සංජන කතා කරන්නේ.‘ නිසල අයියට මගෙ කට හඩ අඳුරන්න බැහැ වගෙ. අයියා පොඩ්ඩක් එළියට ගිහින්.... පණිවිඩයක් තියේද කියන්න...?  ඉතින් හෙට එනවා නේද?‘

ඒක කියන්න තමා මේ කතා කරන්නේ. කෝ අයියා දැම්ම එන්නෙ නැති වෙයිද?‘ නිසල අයිය මාත් එක්ක කතා කරන්න අකමැති වගේ ද?

අයියා චුට්ටක් එළියට ගියා අයියේ. මේ දැන් ගියේ....මමත් එහෙම ඇහුවේ එහෙම දැණුන නිසා.

කොහොමද දන්නෙ නැහැ එයාගේ ප්ලෑන් එක.නිසල අයියා කිවා. මට ටයිම් ඇරේන්ජ් කරගන්න ඕනනෙ මල්ලියා. හිතුණ වේලාවට හිතුණ ගමන් බැහැ.නිසල අයියා ඒක කිවේ හිනාවෙන ගමන්.

මම සතිෂ් අයියා ආවම අයියට කොල් එකක් ගන්නද?‘ ඇත්තටම මම සතිෂ් අයියාගෙන් ඒක ඇහුවේ නැහැනේ.

තව ටිකකින් ඒවි

ඕකේ මල්ලි. මම එහෙනම් තියන්නම්.

මේ අයියගේ නොම්බරේ නේද?‘ මම ඒක අහපු එක වැරදිද මන්දා

ඔව් මල්ලි. මේකට ගන්නනිසල අයියා එහෙම කියපු එක ලොකු දෙයක්. එහෙනම් බුදු සරණයි
මොනවා වුණත් අපි ගාව අපේ කම නැතිවෙලා නැහැ.

තෙරුවන් සරණයි අයියේමමත් එහෙම කියලා ෆොන් එක තිබ්බා.

මොකද සතිෂ් අයියා තාම නැත්තේ. මම කුස්සියට ගියේ බඩගින්න යාන්තම් දැණුන නිසා. සතිෂ් අයියා කඩල තෙල් දාලා නැහැ වගේ. මට තෙල් කෑම කන්න එපා කිව නිසා වෙන්න ඇති. කඩල ටිකක් පිඟානට දාගෙන මම සැටියේ වාඩි වුණා. සතිෂ් අයියා ලැප් එක මෙසේ උඩ තියලා ගිහින්. ෆේස්බුක් එකට ලොග් වෙනවද නැද්ද? මම කොච්චර වෙලා ෆේස්බුක්, ස්කයිප් ලොග් වෙලා හිටියත් කවදාවත් සතිෂ් අයියා මට මොනවත් කිවේ නැහැ. අඩුම තරමේ එයාගේ ඔෆිස් එකේ වැඩ කරන්නවත් ඒක ඉල්ලූවේ නැහැ. මට නින්ද ගියාම මාව ඇඳේ තියලා එයා රෑ නිදි මරාගෙන ඒ වැඩ කරා. සතිෂ් අයියා කොයි වෙලාවකවත් මාව හිර කරේ නැහැ. මට නිදහස දුන්නා. මම දැන් කෙනෙක් මීට් වෙන්න යමු කිව්වත් එයා හා කිව්වා. තනියමද යන්න ඕන...? එයත් එන්න ඕනෙද? අහලා තනියමනං තනියම යන්න කියනවා. උදව්වක් ඉල්ලන් ආව යාලුවෙක්ට ගිහින් උදව්වක් කරා මිසක් වෙන කිසිම දෙයක් කරන්න මට ඕන වුණේ නැහැ. සතිෂ් අයියට කලින් මට එක්කෙනෙක්ගෙන සැහීමට පත්වෙන්න බැරිවෙන්න ඇති. එහෙනං මම කොහොමද සතිෂ් අයියාගෙන් සෑහිමට පත් වුණේ...? මම හොයපු ආදරය, සෙනෙහස, රැකවරණය, කායික තෘප්තිය, මානසික තෘප්තිය... සතිෂ් අයියා මට දුන්නා. එයා මම නිසා සතුටු වුණා. මම නිසා එයා සතුටු වුණා. එච්චර මට ආදරේ කරන සතිෂ් අයියගේ ආදරේ මම කොහොමද ඛෙදා ගන්නේ. එත් මට ඒක කරන්න වෙනවා. නැත්තම් මට වැහි නැති හෙණ ගහාවි.

මගෙ මේ කෝටු ඇගට ආදරය කරන ගොඩක් අය තවත් නැතුව නෙමෙයි. ඒ ඇයි කියන්න මම දන්නෙ නැහැ. ආදරය කියන දේ හරිම ගුප්තයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. දෙන්නෙක් අතර ඇතිවන කායික මානසික සමානත්මතාවය ආදරයක වෙන්න පුළුවන්. ඉතින් මට හැමකෙනා ගැනම එහෙම සමානාත්මතාවයක් ඇතිවෙන්නෙ නැහැනේ. ඒක මගෙ හැගීම.... ගොඩක් අය තරහා වුණා. මාව අයින් කරා. සතිෂ් අයියට කේලං කිව්වා. එයාලම අවසානේ සමාව අරගෙන දැන් යාලුවෝ වගෙ ඉන්නවා. ඒත් පාටියකට ගිහින් තනි වුණොත් මම බෙරෙන්නෙ හරිම අමාරුවෙන්. හාහාහාහා ඒක හින්දම මම සතිෂ් අයියගෙ අතේ එල්ලුණ ගමන්මයි.

එකින් එක බිදෙන නැගෙන සිතිවිලි එක්ක මම සැටියේ නිදාගෙන හිටියේ. දොර අරින සද්දේ ඇහුණත් මම ගණන් ගත්තේ නැත්තේ සතිෂ් අයියා වෙන්න ඇති කියලා. ඇස් දෙක පියාගෙන මම නිදාගෙන වගේ හිටියා. දොර ඇරගෙන සතිෂ් අයියා හිමිට ඇවිත් මගේ ඉස්සරා පුටුවේ වාඩි වෙලා. හොරෙන් එක ඇහැක් ඇරලා බලන්නත් හිතයි. ඒත් සතිෂ් අයියා ඇවිත් මගේ නළලට හාදුවක් දේවි කියලා මම හිතාගෙන හිටියා. කවුද දන්නේ මගේ මූණ දිහා බලාගෙන ඉන්නවද කියලා. ටිකක් සයිඩ් එකට හිටියනම් කොහොමද බලන් ඉන්නේ කියලා හිතා ගන්න තිබුණා. ඒත් මම ඉන්නේ කෙලින්ම හින්දා ඒකත් බැනේ. කොහෙද වෙනදා වගේ විසිල් එක ගහගෙන එනවානම් ප්ලැන් කරගන්න තිබුණා. මම හීමිට ඇස් ඇරියා...මේ මොකද මේ වෙන්නෙ. මෙන්න විසිල් සද්දේ ඇහෙනවා. මම එක පාරමට නැගිට්ටා.

(
තවත් කොටස් අටක් පමණි.)



දෙයියනේ මේ ඉන්නේ නිසල අයියනේ. මම එකපාරම ගැස්සිලා නැගිට්ටා.

මොකද වුණේ මල්ලිමම නැගිටපු විදිහට නිසල අයියත් බයවෙලා වගේ. හීනෙන් බය වුණාද?‘

සතිෂ් අයියත් එක පාරටම මම සැටිය ගාවට අඩියට දෙකට ආවා.

ඇයි මල්සැටිය ගාවින් වාඩිවෙන ගමන් සතිෂ් අයියා ඇහුවා.

කොහොමද කියන්නේ මම කරන්න හිටපු දේ මෙයාලට. නිසල අයියා මට හොඳමට නෝන්ඩි දාවි.  

මුකුත් නැහැ.මම සතිෂ් අයියගෙ උරහිසේ ඔලූව තියාගන්න ගමන් කිවේ. ඒත් එක්කම මම නිසල අයියා දිහා බැලූවා.

මම ගියේ නිසල හම්බවෙන්න පැටියෝසතිෂ් අයියා මගෙ ඔලූව අතගාන ගමන් කතාව කියන්න පටන් ගත්තා.

නිසල අයියා ඔයාගේ මොබයිල් එකට ගත්තාමම බිම බලාගෙන කිව්වේ. සමහර විට බඩුත් එකක් හොරු අල්ල ගන්න හිතුණ නිසා.

මට නිසල කිවා.තාමත් සතිෂ් අයියා මගේ ඔලූව අතගාන ගමන්. පැටියෝ අපි තුන්දෙනාට කතා කරන්න වැඳගත් දෙයක් තියෙනවා.

ඒක අහනවත් එක්කම මම සතිෂ් අයියගෙ මුණ දිහා බැලූවා. බය වෙන්න එපා වස්තුවේ.ඒක තේරුම් ගත්ත සතිෂ් අයියා කිව්වා. අපි ප්‍රාර්ථනා කරමු හැමදේම හොඳින් විසෙඳන්න කියලා. කෝකටත් කලින් මම වොෂ් එකක් දාගෙන එන්නම්. ඉන්න නිසලට බොන්න මොනවා හරි හදන්නම්....

ඒකට කමක් නැ සතිෂ්ඔයා වොෂ් එකක් දාගෙන එන්න.නිසල අයියා කතාවට එකතු වුණා. මම හිතන්නේ අපිට වැඩි වෙලාවක් නැහැ.

අයියා වොෂ් එක දාගන්න. මම හදන්නම්මොනවද මේ දෙන්නා කියන්නෙ. මොනාට වේලාවක් නැත්තේ? මම තුෂ්ණින්භූත වෙලා. කමක් නැහැ. කියාවිනෙ මටත් මොකද මේ වෙන්නෙ කියලා. මම සැටියෙන් නැඟිට්ටේ නිසල අයියට බොන්න මොනවා හරි හදන්න.

සතිෂ් අයියා වොෂ් රෑම් එකට ගියා. නිසල අයියයි මම තේ එකක් හදන්න ආවා. නිසල අයියා කෑම මෙසේ වාඩිවෙලා හිටියේ... මගෙ හිත නොසන්සුන්. මොකක් හරි දෙයකට ආයෙත් මූණ දෙන්න වෙනවා. සතිෂ් අයියගෙ සතුට වෙනුවෙන් මට තීරණයක් ගන්න වෙනවා. මම නිසල අයියට කොපි එකක් හදලා දුන්නා. මමත් කෝපි එකක් හදාගෙන බොන්න වාඩිවුණා.
ඔයාට කෝපි හොද නැහැ සංජන..නිසල අයියා කිව්වා..තවත් බඩ වේලවන දේවල් බොන්න එපා. තාම ඔයාගෙ බඩෙ තුවාල..

මම කෝපි එක මෙසෙ උඩින් තිබ්බා. සතිෂ් අයියා කිව්ව වගෙ ලංකාවෙන් යාවිද? එක මේ ගැටලුවට උත්තරයක් නෙමෙයි. මොන දේ කරත් දැන් සතිෂ් අයියගෙ අම්මා ඉන්නෙ ලෙඩින්. සතිෂ් අයියා මැරි නොකරොත් එයා නොකා නොබි මැරෙයි. එහෙම වුණොත් ඒ පව ගෙවන්න වෙන්නෙ මට.  සතිෂ් අයියා වොෂ් රූම් ඉදන් ආවා. ආදරෙ වැඩි වෙනවා මිසක් කවදාවත් අඩුවෙන්නෙ නැහැ අයියේ... මේ හිත තනි කරලා දාලා මට යන්න වෙයිද දෙයියනේ...

සතිෂ් අයියා මගෙ කෝපි එක බොන්න ගත්තා. තුන් දෙනාම මෙසෙ වාඩි වෙලා දැන්. සතිෂ් අයියා මගෙ ඔලුව අත ගානවා.

මල්ලි...සතිෂ් අයියා කතා කරා..අම්මා හොදටම අසනීප වෙලා. එයා මුකුත් කන්නෙ බොන්නෙ නැහැ...මම සතිෂ් අයියගෙ මූණ දිහා බැලුවා. පරාජිත හැගීමක් සතිෂ් අයියගෙ මූණෙ තිබුණේ...

සතිෂ්ගෙ අම්මා කිසිම බෙහෙතක් කරන්න දෙන්නෙ නැහැ...නිසල අයියා කතා කරා. අපි එන ගමන් සතිෂ්ගෙ ගෙදර ගිහින් ආවේ. තව ටික දවසක් හිටියොත් තත්ත්ව මීට වඩා බරපතල වෙයි..

අම්මා මොකද්ද කියන්නෙ අයියේ...මම සතිෂ් අයියගෙන් ඇහුවා.

සතිෂ් මැරි කරනකල් එයා ඒ විදිහටම ඉන්නවලු...නිසල අයියා උත්තර දුන්නා.

සතිෂ් මාව එක්කන් ගිහින් බැලුවෙ අම්මා බොරුවක් කරනවද කියලා. ඒත් එහෙම දෙයක් නැහැ... එයා ඇත්තටම දුර්වල වේගන එන්නෙ දැන්...

අයියා ඔයාට අම්මා ගර්ල් කෙනෙක් බලලා නේද ඉන්නෙ...මම සතිෂ් අයියගෙන් ඇහුවා.

ඇයි රත්තරං අම්මා මාව මේ තරං අසරණ කරන්නෙ...සතිෂ් අයියගෙ ඇස් වල කදුළු.. මම නැගිටලා සතිෂ් අයියා ගාවට ගියා.

එයාගෙ ඔලුව අත ගෑවා. මට අම්මා කියන කෙනාව මැරි කරන්න බැහැ නිසල. ඔයා හොදටම දන්නවා මගෙ හැගීම මොකද්ද කියලා. මමයි සංජනයි කොච්චර සතුටින් ඉන්නවද? ළමයිගේ සතුට නෙමෙයිද දෙමව්පියන්ගෙ සතුට... ඇයි මගෙ අම්මා ඒක තෙරුං ගන්නෙ නැත්තෙ...

සතිෂ්... අඬලා මේ ගැටලුවට උත්තර හොයන්න බැහැ..නිසල අයියා සතිෂ් අයියාව සැනසුවා.

මමත් අම්මට තේරු කරානෙ .. එයා ඉන්නෙ එයාගෙ තීරණෙමයි...

මම කිව්වනෙ මගෙ අයියේ.. මම සතිෂ් අයියගෙ උරහිසට බෙල්ල තිබ්බා. සතිෂ් අයියා මගේ කරට අත දැම්මා.

ඔයාට මාව නැති වෙන්නෙ නැහැ. ඔයා මැරි කරන්න ඕන. මගේ සතුටක් ඒක... අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනෙ. මැරි කරා කියලා වෙනසක් නැ අයියේ. අම්මට මොකක් හරි වුණොත් ඒ පව අපි දෙන්නට සංසාරෙ පුරාවට තියෙනවා. ඒක හින්දා අපි අම්මා කියන දේ කරමු. අම්මා නැකත් බලලද දැන්..

ඔව්... ඊළග සතියේ...සතිෂ් අයියා කිව්වා. මාව හිරිවැටුණා.

මෙච්චර ඉක්මනට...

අම්මා සේරම ප්ලෑන් කරලා තියෙන්නෙ...සතිෂ් අයියා කිව්වා. මැරි කරාම මට මාසෙකට රට යන්න වෙනවා...

මම ඒ ළග තිබුණ පුටුවෙ වාඩි වුණා. සතිෂ් අයියා බිම බලාගෙන. සතිෂ් අයියා රට ගියාම මට මොකද වෙන්නෙ... මම එක පාරම සතිෂ් අයියා දිහා බැලුවා.

මං මොකද කරන්න ඕන මගේ රත්තරනෙ... ඔයා කියන්න. ඔයා කියන දේ මම කරනවා.... සතිෂ් අයියා මගෙ දිහා බලාල අත් දෙක අල්ලගෙන කිව්වා..

ඔයා මැරි කරන්න ඕන අයියෙ..මම සතිෂ් අයියගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා. නිසල අයියා මම කීව දේ අනුමත කරා.

ඔයා හරි සංජන...ඒක තමයි තියෙන එකම විසදුම..

ඇයි මගෙ රත්තරං එහෙම කියන්නෙ...සතිෂ් අයියා ඉකි ගහන්න ගත්තා. මගෙ පපුව වාවන්නෙ නැහැ. මමත් ඇඬුවා. නිසල අයියටත් ඇස් වලට හොරෙන් කදුළු ආවෙ නැතුව නෙමෙයි. මම ගැන විශ්වාස කරලා නේද ඔයා මගෙ ගාවට ආවෙ.. මම පොරොන්දු වුණා නේද හැමදාම ඔයාව බලාගන්නවා කියලා...

ඔයා ඒ පොරොන්දු හැමදාම රැක්කා අයියේ...මම සතිෂ් අයියගෙ කදුළු පිහදැම්මා. මම දන්නවා මැරි කරා කියලා ඒ කිසිම දේක අඩුවක් මට වෙන්නෙ නැහැ කියලා. අපි දැන් හිතන්න ඕන අම්මා ඉන්න තත්ත්වෙ ගැන අයියේ...

සතිෂ්...නිසල අයියා කතා කරා. මට සතුටුයි සතිෂ්. ඔයාට මේ වගෙ සහකාරයෙක් ඉන්න එක ගැන. සංජන සාධාරණව හිතනවා....

නිසල හිතනවද මම මැරි කරාම මේ ගැටලුව විසදෙනවා කියලා....සතිෂ් අයියා නිසල අයියා දිහා බැලුවා. තව ප්‍රශ්න ගොඩක් පටන් ගන්න එක විතරයි වෙන්නෙ නිසල...

අම්මට කරදරයක් වුණොත් අපි කොහොමද අයියෙ සතුටින් ඉන්නෙ... මම කොහොමද ඒක දරාගන්නෙ. මම හැමදාම ඔයා ගාව ඉන්නවානෙ. අම්මට කරදරයක් වුණොත් ඒක ආයෙමත් ආපහු හරවන්න බැහැ නේද?..‘

සතිෂ් අයියා ගොලු වුණා. නිසල අයියත් ගොලු වුණා.

අවුරුදු ගාණක් ආදරේ කියලා හිතාගෙන ඇදෙන් ඇදට මම මාරු වුණා. ආදරේ කියන එක හම්බෙලත් මම ඒක දාලා ගියා. එහෙව් මාව ආයෙත් හොයාගෙන ඇවිත් මට ජීවිතයක් දුන්නෙ ඔයයි අයියෙ...මම සතිෂ් අයියා දිහා බලාගෙන කිව්වා. මගෙ සතුට වෙනුවෙන් හැමදේම කරන ඔයා මේ දෙත් කරන්න ඕන අයියෙ. ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙන් මම ඔයාව අවුරුදු තුනක් තිස්සේ උදුරනෙ හිටියා. එයාගෙ සතුට මම අර ගත්තා. ඔයාගේ සහෝදරයගෙන් ඔයාව ඈත් කරා. දැන් ආයෙත් ඔයාගේ පවුල එකතු කරන්න මට අවස්ථාවක් හම්බෙලා. මේ අවස්ථාව නැති වුණොත් කවදාවත් ආයෙත් මට ඒ දේ කරන්න බැර වෙනවා අයියේ. අනේ රත්තරං මට මේ වැරැද්ද හදන්න ඉඩ දෙන්න...

මාව නැතිවෙන නිසා නේද ඔයා මැරෙන්න ගියේ රත්තරං.. ඇයි ඉතින් මම ඔයාව නැති කරගන්නේ....සතිෂ් අයියා මගෙ මූණ අතගාන ගමන් කිව්වා.

දැන් මම ජීවිතෙ ගැන ගැඹුරින් හිතනවා අයියේ.... අපි අම්මව බේරගනිමු ඉක්මනටම...

සතිෂ් අයියා දත්මිටි කෑවා. අත මිටිකරලා මේසට ගැහුවා.

හොදයි මම ඒ දේ කරන්නං...සතිෂ් අයියා ආවේගයෙන් කිව්වා. හැබැයි... මම බදින ගෑණිත් දැන ගන්න ඕන මම කවුද කියලා... මගෙ පැටියා හැමදාම මම ගාවින්ම ඉන්න ඕන...

මම ඇස් දෙක පියාගෙන කදුළු එළියට එන්න ඇස් මිරිකුවා.

ඒත් මම රට ගියාම කවුද ඔයාව බලාගන්නෙ රත්තරං...

බය වෙන්න එපා සතිෂ්...නිසල අයියා කතා කරා.මම සංජනව බලාගන්නම්...

නිසල...සතිෂ් අයියා නිසල අයියා දිහා බැලුවා. මම හොදමට අසරණ වෙලා ඉන්නෙ නිසල. මට කරන්න ඕන මොනවද කියලා හිත ගන්න බැහැ. අම්ම මාව මේ තරං අසරණ කරන්නෙ ඇයි කියල මම දන්නෙ නැ... එය හොදටම දන්නව මමයි සංජනයි එකට ඉන්නවා කියලා. එයාගෙ නම්බුව බේරගන්න මාව උකසට තියෙනවා නිසල...

මම දන්නවා මචං....නිසල අයියා සතිෂ් අයියගෙ පිටට තට්ටු කරා. උඹත් වැරදි නැහැ. සංජනත් වැරදි නැහැ... ලංකාවෙ දෙමව්පියෝ දිහා බැලුවාම අම්මත් වැරදි නෑ සතිෂ්... මටත් දවසක ඔය දේට මූණ දෙන්න වෙනවා... ඒත් මටම කියලා ආදරයක් නැති හින්දා මට ගැටලුවක් වෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා රට ගිහිල්ලා එනකල් සංජනව මගේම මල්ලි කෙනෙක් වගෙ බලාගන්නවා කියලා....

තුන්දෙනාම කතා කරට පස්සෙ අවසානෙට සතිෂ් අයියා මැරි කරන්න තීරණය කරා. එයා රට ගිහිල්ල එනකල් මට නිසල අයියත් එක්ක එහෙ ඉන්න පුළුවන්. ගෙදර යන්න මම කැමති වුණත් සතිෂ් අයියා ඒකට කැමති වුණේ නැහැ. එයාට ඕන වුණේ මාවත් රට එක්කගෙන යන්න. මම දන්නව මම සතිෂ් අයියා එක්ක රට ගියොත් එතන හරියන්නෙ නැහැ කියල. සමහරවිට මගෙන් සතිෂ් අයියව වෙන් කරන්න ඕන නිසාම මේ දේ කරනවා වෙන්න ඕන. අම්මා කෙනෙක්ගෙ මරණයට වග කියන්න මම කැමැති නැහැ. කොහොමත් සතිෂ් අයියා මැරි කරා කියලා මට පාඩුවක් වෙන්නෙ නැහැ. මොකද කායික සම්බන්ධෙ නැති වුණත් හිතේ පිරුණු ආදරය ඒ විදිහටම සතිෂ් අයියට තියෙනවා.

සතිෂ් අයියා මැරි කරන්න කැමති කියපු දවසෙ ඉදලා අම්මයි, මල්ලියි නිතර ආවා ගියා. ඒ හැමවෙලාවෙම වගෙ මම උඩ කාමරයට වෙලා ඉන්නවා මිසක් එයාලා ගාවට ගියෙ නැහැ. එහෙ ගෙදර වෙඩින් එක ගන්න නිසා සතිෂ් අයියත් නිතර එහෙ ගියා. මම උදේ වැඩට ගියා. සමහර දවස්වල බස් එකෙම ගෙදර ආවා. සතිෂ් අයියා සමහර දවස් වල ගෙදර ආවේ පාන්දර... එයා බොන්නත් පුරුදු වෙලා කියලා මට තේරුණා... වෙඩින් එකට තව දවස් හතරයි තියෙන්නෙ. දවසින් දවස සතිෂ් අයියා බොන්න පුරුදු වෙලා දැන්. මම කොච්චර එපා කිව්වත් ඇහුවෙ නැහැ. එයාගෙ හිතෙ වේදනාවට ගෙදරින් පලිගන්න එයා එහෙම කරනවා. මල්ලිත් අම්මත් ඒක ගණන් ගත්තෙ නැහැ. දවසක් පාන්දර සතිෂ් අයියා හොදටම බීලා ආවා. එයාව ගෙනත් දැම්මෙ නිසල අයියා...

මල්ලි...වාහනෙන් සතිෂ් අයියව ගන්න ගමන් නිසල අයිය මට කතා කරා. දෙන්නත් එක්කම සතිෂ් අයියව සැටියෙන් තිබ්බා...  සතිෂ් අයියට නිදි. ඒ මදිවට කියවනවා..

සතිෂ් හිතේ දුකින් ඉන්නෙ මල්ලි... මම දන්නෙ නැහැ මොනවා වෙයිද කියලා. කවුරුත් කියන කිසිම දෙයක් සතිෂ් අහනෙත් නැහැ. ඔයාවත් කියලා බලන්න...

නිසල අයියා මගෙ පිටට තට්ටුවක් දාලා යන්න ගියා. සතිෂ් අයියගෙ කාර් එක එහෙ වෙන්න ඇති. මම සතිෂ් අයියගෙ සපත්තු ගැලෙව්වා. ඇදුම් බුරුල් කරලා උණු වතුර ගෙනත් මූණ හේදුවා. පස්සේ ඇදුම් සේරම අයින් කරලා ඇග තෙත මාත්තු කරා... මම ඒවා කරද්දි සතිෂ් අයියා මගෙ මූණ අතගානවා..

මගෙ රත්තරං... ඇයි අපිට මෙහෙම වුණෙ....සතිෂ් අයියගෙ ඇස් වල කදුළු..හැමදාම ඔයාගෙ තුරුලේ ඉන්නයි මට ඕන වුණේ... සතිෂ් අයියා මාව තුරුල් කර ගත්තා. මගෙ ඇස් වලටත් කදුළු ආවා.ඇයි අපි දෙන්නව වෙන් කරන්නෙ.. අපි කාට වරදක් කරාටද? අපි දෙන්නම සතුටින් ඉන්නවං ඇයි එයාලා ඒකට බාදා කරන්නෙ. උන්ට ඕන අපි සතුටින් ඉන්නවා දකින්නලු. මගුල තමා. ඇයි යකෝ මම හිටියේ සතුටින් නෙමෙයිද? උන්ට ඒක පෙනුනෙ වහ කදුරු වගේ. මම සතුටු වෙන විදිහ දන්නෙ මමනෙ. මගෙ පැටියත් එක්ක අවුරුදු තුනක් මම මොන තරං සතුටින් හිටියද? ඇයි ඒක උන්ට දරා ගන්න බැරි. කෑවද බිව්වද කියලා හොයන්න එකෙක් හිටියෙ නැති මට දෙයියෝ දුන්න මේ තෑග්ග ආයෙත් උදුර ගන්න එන පර බල්ලෝ. මයෙ පැටියට මොකක් හරි වුණොත් උන් හැමඑකාවම මම බාවනවා. මට මොකා උණත් එකයි..

හිතේ තිබුණු ආවේගය සතිෂ් අයියා වෙරි මතින් කියාගෙන කියාගෙන ගියා. මම සතිෂ් අයියගෙ ඔලුව  අතගෑවා. මුකුත්ම කිවෙ නැහැ. එයාව සෝදලා උඩට ගිහින් සරමක් ගෙනත් ඇන්දුවා. මට සතිෂ් අයියා උස්සගෙන උඩට යන්න බැහැ. බෙඩ් ෂීට් එකක් ගෙනත් සැටියෙම පොරවලා මමත් එයාට තුරුල් වෙලා නිදාගත්තා.

උදේ නැගිටිද්දි මම සුපුරුදු විදිහටම ඇදේ හිටියේ... මම ඉක්මනටම පහළට ගියා. සතිෂ් අයියා කෑම හදලා මෙසේට වෙලා කල්පනා කරනවා... මාව දැකලා ඇස් වල තිබුණු කදුළු පිහදා ගත්තා. මම කෑම මෙසේ ගාවට ඇවිත් සතිෂ් අයියට තුරුල් වුණා.. තව දවස් දෙකකින් මට මේ උණුසුම නැති වෙනවා... මගෙ ඇස් වලටත් කදුළු ආවාට මම දත්මිටි කාගෙන ඒවා හංග ගත්තා. සතිෂ් අයියා මාව ඉස්සරාට අරගෙන බදාගත්තා. ඉකි ගහ ගහා අඬන්න ගත්තා...

අපි දෙන්නා වෙන රටකට යමු පැටියෝ...සතිෂ් අයියා මාව හයියෙන් බදාගෙන කිව්වා..අපි තාමත් පරක්කු නැහැ...

ඒත් එක්කම ගෙදර බෙල් එක වැදුණා. මම සතිෂ් අයියගෙ කදුළු පිහ දැම්මා. නිසල අයියා වෙන්න ඇති... මම දොර අරින්න ආවා.


දමා දයන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදි යන්නට නොහැකි මේ ලොව
එකම බැදුමද ඔබම පමණයි

බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ලබැදි සිත් මල පරව යන විට
පසක් වේ අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනා....

දමා යන්නට නොහැකි මිහිමත....

බැදුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ ඇත් වැල ලිහි ගිලිලෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියලු බැදි සිදිනා...

ගායනය- සෝමතිලක ජයමහ මහතා




(තවත් කොටස් හතක් පමණි.)

 හතලිස් හතරවන සිත්තම

දොර ඇරගෙන ආවේ සතිෂ් අයියගෙ අම්මයි, මල්ලියි...

මට උඩට යන්න විදිහකුත් නැහැ. සතිෂ් අයියත් නැගිට්ටා. අම්මා මම දිහා බලාගෙන ඇවිත් සැටියේ වාඩිවුණා. මල්ලි මට රවාගෙනමයි හිටියේ..

මම මේ ළමයි එක්ක කතා කරන්නමයි හිටියේ...අම්මා මම දිහා බලලා කිව්වා. ඇවිත් මෙහෙන් වාඩිවුණානං...

මම සතිෂ් අයියා දිහා බැලුවා. මට වාඩිවෙන්න කියලා සතිෂ් අයියා ඔලුව වැණුවා. මම ගිහින් අම්මා ඉස්සරාම පුටුවෙ වාඩිවුණා. සතිෂ් අයියත් මයෙ ගාවට ආවා. මල්ලි එළියට ගියා.

මම දන්නෙ නැහැ මේ ළමයා සතිෂ් එක්ක මොන කුණුහරප වැඩ කරාද කියන්න...අම්මා කතාව පටන් ගත්තා. මොනවා වුණත් දැන් ඒ දේවල් නතර කරන්න කාලේ හරි... අනින්දා සතිෂ් මැරි කරනවා. එතකල් සතිෂ් එහෙ ඉන්න ඕන... මනමාලිගෙ පැත්තෙ අය මේවා දැන ගත්තොත් එක හොද නැහැ. මේ ළමයට පුළුවන් නේද මට ඒ උදව්ව කරන්න... මේක අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා වෙනුවෙන් කරන ඉල්ලීමක්... වඳින්න කියනවං මම වැඳලා මේක ඉල්ලංනං...අම්මා අත් දෙක ළං කරා... මම අම්මා ඉස්සරා දණ ගැහුවා.

මට සමාවෙන්න අම්මෙ...මම අම්මගෙ අත් දෙක අල්ල ගත්තා. මෙහෙම දෙයක් කරන්න මම කවදාවත් හිතුවෙ නැහැ... මම හින්දා අම්මගෙ පවුලේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා. මම ඒක දන්නවා. ඒ කිසිම දෙයක් මම හිතලා කරපුවා නෙමෙයි අම්මෙ...

සංජන....සතෂ් අයියා මගෙ ගාවම දණ ගැහුවා...ඔයා වැරදි නැහැ ...

අම්මෙ අම්මගෙ පුතා අම්මට භාරයි... මම අදම මේ කොළඹින් යනවා අම්මෙ.. කවමදාකවත් අම්මගෙ පවුලට මම කරදරයක් වෙන්නෙ නැහැ..

සංජන............සතිෂ් අයියා මාව එයාගෙ පැත්තට හැරෙව්වා...මොනවද මේ කියන්නෙ.. මාව දාලා යනවද?‘ අම්මා සතිෂ් අයියා දිහා බැලුවා. එදා දළදා මාලිගාවෙදි, කතරගමදි... මාව දාලා යන්නෙ නැහැ කියලා පොරොන්දු උණේ බොරුවටද? කොහොමද ඔයා මාව දාලා යන්නෙ...සතිෂ් අයියා මාව තුරුල් කර ගත්තා...

මට එකම එක අවස්ථාවක් දෙන්න අම්මෙ...මම අම්මා දිහා බැලුවා. මට ආසයි සතිෂ් අයියා මනමාලයෙක් වෙලා ඉන්නවා දකින්න... මම ඉකි ගගහා ඇඬුවා. අම්මගෙත් ඇස් වලට කදුළක් ඇවිත් තිබුණා. මට පළවෙනි දවසෙ විතරක් වෙඩින් එකට එන්න දෙන්න..

තෝ..........මල්ලි එළියෙ ඉදලා කාමරෙට ආවා...පර බල්ලා...

ආකාශ්...අම්මා කෑ ගැහුවා.. අපි මේක බේරගන්නං. උඹ එළියට වෙලා හිටපං...

මල්ලි දත්මිටි කාගෙන අයෙත් එලියට ගියා. මාත් එක්ක ආකාශ් තියෙන තරහා මට එයාගෙ ඇස් වලින් පෙණුනා. මගෙ හිත කීරී ගැවා. මමත් සතිෂ් අයියත් ඉකි ගහා ගහ පොඩි ළමයි දෙන්නෙක් වගෙ අම්මා ඉස්සරා ඇඬුවා.

මට පොරොන්දු වෙන්න ඕන එහෙනං වෙඩිං එකෙන් පස්සෙ සංජන ආයෙත් අනුරාධපුර යනවා කියලා...අම්මා අවසානෙට කිව්ව...

අම්මා.........සතිෂ් අයියා අම්මා දිහා බැලුවා...ඇයි අම්මා ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙ... අම්ම මට පොරොන්දු වුණා මැරි කරාට පස්සෙ සංජනව බලාගන්න මට  ඉඩ දෙනවා කියලා..‘ 

අම්මා අවස්ථාවෙන් වාසි ගන්න හදන්නෙ... මට වෙන කරන් දෙයක් තිබුණේ නැහැ.

මම පොරොන්දු වෙනවා අම්මෙ...මම අම්මාගෙ කකුල් අල්ලලා වැන්දා..අය කවමදාකවත් ඔයාලගෙ ජීවිත අතරට මම එන්නෙ නැහැ...

ඒත් එක්කම නිසල අයියත් ආවා. මල්ලි එළියෙ හිටපු නිසා එයා ගේ ඇතුළට ආවෙ නැහැ. මල්ලි එක්ක එයා එළියෙ මොනවද කතා කර කර හිටියා.

එහෙනං දැන් සතිෂ් අපිත් එක්ක ගෙදර යමු...අම්ම කිව්වා..

එතකොට සංජන...සතිෂ් අයියා ඇහුවා.

සංජන මාත් එක්ක අපේ දිහා යමු...නිසල අයියා ගේ ඇතුළට ආවා.

අම්මයි, මල්ලියි, නිසල අයියයි තුන්දෙනාම කතා වෙලාද? මොකද්ද අපිට මේ වෙන්නෙ යන්නේ...  ඇයි එක පාරම සතිෂ් අයියාව ගෙදර එක්ක යන්නෙ...? අම්මා දැන් සතිෂ් අයියාට බලපෑම් කරලා ඉවරයි. එයාගෙ ජීවිතේ සතිෂ් අයියගෙයි මගෙයි ආදරෙ එක්ක සන්සන්දනය කරනවා. කවදාවත් අම්මා කෙනෙක්ගෙ ජීවිතයක් ආදරේ එක්ක තරග කරන්න එපා දෙයියනෙ. ලෝකේ සම්මත වේවා අසම්මත වේවා හදවත් දෙකක් ආදරය කරනවනං සොබාදහම ඒකට ආශිර්වාද කරන්න ඕන.
මටත් සතිෂ් අයියටත් මෙහෙම වෙන්වෙන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මම සතිෂ් අයියගෙ මූණ දිහා බැලුවා. ලෝකයක් අතර මමයි සතිෂ් අයියයි අසරණ වෙලා. මම අම්මා ගාවින් නැගිට්ටා. දුවගෙන උඩ තට්ටුවට ආවා.

සතිෂ් අයියා මගෙ පස්සෙන් ආවා. අම්මයි, නිසල අයියයි සැටියේ කතා බහ කරනවා මම දැක්කා.

ඇයි මගෙ රත්තරං.....කාමරේට ආව සතිෂ් අයියා මාව බදාගත්තා. අපි කාට කරපු වරදක්ද මේ අපිට පරිසන් දෙන්නෙ...

අපි කාටවත් වරදක් කරෙ නැහැ අයියේ...මමත් සතිෂ් අයියව බදාගත්තා.

මාව දාලා යනවද?‘

නැහැ

එහෙනං ඇයි මේ යන්න හදන්නේ...

දැනට අපි අම්මා වෙනුවෙන් මේ දේ කරමු අයියේ....

මාව අමතක කරන්නෙ නැහැ නේද...?‘

මාව මැරුවත් නැහැ...

සතිෂ් අයියා මගෙ කටට ඇගිල්ල තිබ්බා.

'
මම ඉක්මනටම මගෙ රත්තරං අයෙත් මගෙ ළගට ගන්නවා..'

සතිෂ් අයියා දෙතොල් මට ළං කරා. සතිෂ් අයියගෙ අවසාන හාදුව ඒක කියලා මම දැණුනෙ නැහැ. එදා මංගල රැයේ දැණුන අසීමිත ආදරය ඒ හාදුවෙ තිබුණා. ඒත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුණා.

සතිෂ්...නිසල අයියා.. අපි දැන් යන්න ඕන..

සතිෂ් අයියා දොර ඇරියා.. මම බෑග් එකට කලිසම් දෙකකුයි, ෂර්ට් දෙකකුයි දා ගත්තා. සතිෂ් අයියා අරන් දුන්න ඩාක් බ්ලූ ඩෙනිමට සුදු පාට ටී ෂර්ට් එක දා ගත්තා. ෆොන් එකයි, තොප්පියයි අරගෙන මම කාමරෙන් එළියට එන්න ආවා. සතිෂ් අයියා මාව ඇදගෙන අරගෙන බදාගත්තා.

සංජන...............සතිෂ් අයිය ඉකි ගැහුවා. මටත් කෑ ගහලා අඬන්න ඕන වුණත් මම කදුළු හංගගත්තා.

සතිෂ්...නිසල අයියා සතිෂ් අයියගෙ පිටට තට්ටු කරා. ඉවසන්න සතිෂ්...

මම සතිෂ් අයියාගෙන ඈත් වුණා. මට මාවම තේරුං ගන්න බැහැ. සිහි මද කෙනෙක් වගෙ මම පඩිපෙළ බැහැගෙන සාලෙට ආවා. අම්ම සැටියෙ වාඩිවෙලා. මල්ලිත් එතන.. නිසල අයියා මගෙ පිටිපස්සෙන් ආවා. සතිෂ් අයියා අඬනවා. මට ඇහෙන්නෙ නැහැ. මගෙ කන් අඟුල් වැටිලා.. මම අම්මා ගාවට ආවා.

මම යනවා අම්මෙ...මම අම්මට දණ ගාහලා වැන්දා.. අම්මා මගෙ ඔලුව අතගෑවෙ නැහැ. මම මල්ලි දිහා බැලුවා. මල්ලි අහක බලාගත්තා. අයෙත් පිටිපස්ස හැරිලා මට සතිෂ් අයියා දිහා බලන්න බැහැ. මම එහෙම්ම එළියට ආවා.

නිසල අයියේ... මාව ස්ටේෂන් එකෙන් දාන්න පුළුවන්ද?‘ මම නිසල අයියාගෙන් ඇහුවා. සේරටම පුදුම ඇති... කමක් නැහැ. මම අයෙත් යන්න ඕන...  ‘ මට ගෙදර යන්න ඕනි...‘ මම ඒක කිව්වෙ අම්මටත් ඇහෙන්න. සතිෂ් අයියාට එළියට එන්න බැරි විදිහට අකාශ් දොර ගාව හිටියා.

නිසල අයියා මට දොර ඇරලා දීලා එයත් කාර් එකට නැග්ගා. සතිෂ් අයියා මම ඉන්න දොර ගාවට ආවා.

අයියට යනවා කියන්නෙ නැද්ද රත්තරං...මගෙ අත අල්ලගෙන සතිෂ් අයියා ඇහුවා. ‘ සංජන... එදා ඔයාව අනුරාධපුරෙන් එක්කරගෙන ආවෙ මේ විදිහට යවන්න නෙමෙයි. ඔයා හිතනවනං මුන් සේරම මේ කරන්නෙ හොද දෙයක් කියලා ඒක වැරදි මයේ වස්තුවේ. මුන් සේරම පණ පිටින් මාව වල දාන්නයි මේ හදන්නේ. ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා. මේ අයියා හැමදාම ආදරේ ඔයාට විතරයි. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. මම උඹව මයෙ ගාවට ගන්නවා. මුන් සේරම මට මොනවා කරත් උඹ අයිති මට විතරයි. මටම විතරයි...‘

මම ඉස්සරා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වෙ නැහැ. මගෙ හිත ගලක් වෙලා. නිසල අයියා කාර් එක ස්ටාර්ට් කරා. හෙමීට හෙමීට කාර් එක ගේට්ටුවෙන් එළියට ආවා.

වෙන් වෙන්න දැන් ළගයි
වෙන් වෙන්න බෑ දුකයි
අපේ සිත් අහිංසකයි
කදුළක් වගේ හඩයි...//


ආදරයේ සද දීලී
හිත පුරා දැල්වුණී
ඒ සද මිලාන වී
නෙතු කදුළු දෙන හැටී

වෙන් වෙන්න දැන් ළගයි....

මල් පිපෙන තරමට
හිත සුවඳ වෙයි පෙම..
ඔබ නොදැක ඉන්නට
මට බෑ තනියි මට...//

වෙන් වෙන්න දැන් ළගයි....

ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස් මහතා...

සංජන... මට මෙහෙම කරන්නෙ මම මොන වරදක් කරාටද?... මාව දාලා යන්න එපා.. මම මැරෙයි... මගෙ පණ... අපිට අපි හිමි නැද්ද ? ඇයි අපිට මෙහෙම කරන්නෙ... තොපි සේරම අපිව වෙන් කරා.. තොපිට හොදක් වෙන්නෙ නැහැ...

මල්ලි ඇවිත් සතිෂ් අයියව අල්ල ගත්තා. නිසල අයියා කාර් එකෙ වේගය වැඩි කරා. දකුණට සිග්නල් දාලා කාර් එක අනිත් වාහන එක්ක එකතු වුණා. මට සමාවෙන්න මගෙ රත්තරං... මම හදවතින් සතිෂ් අයියාගෙන සමාව ගත්තා. සයිඩ් කණ්ණාඩියෙන් සතිෂ් අයියා දිහා බැලුවා. සතිෂ් අයියා බිම දණ ගහගෙන... මම ඇස් දෙක පියාගත්තා.

නිසල අයියා වාහනය එළවගෙන ආවා මිසක් මොකවත් කිව්වෙ නැහැ. එයා මාව ස්ටේෂන් එකට දැම්මෙ නැහැ. එයාගෙ ගෙදර වගෙ යන්නෙ.. වාහනෙ එක පාර නතර කරපු නිසා මම ඇස් ඇරියා...

යමු මොනවා හරි කන්න...නිසල අයියා කිව්ව. ඔයා තාම උදේට කැවේ නැහැ නේද මල්ලි...

මට බඩගිනි නැහැ අයියේ... මම කිව්වා. මාව ස්ටේෂන් එකට දාන්න...

විකාර කරන්න එපා ළමයෝ... දැන් වෙලාව දොළහයි.. ඉන්න මම කන්න මොනවා හරි අරගෙන එන්නං...නිසල අයියා කාර් එක නතර කරලා එළියට ගියා.

මම මොනවද කරන්නෙ කියලා මගෙන් අහන්න එපා. ඒ මමවත් ඒක දන්නෙ නැති හින්දා. ඒක නිසා මම කාර් එකෙන් එළියට අවා. ඒත් එක්කම ආව 178 බස් එකක නැග්ගා. කොටුවට ටිකට් ගත්තා. නිසල අයියා ගැනවත් මට මුකුත් හිතුණෙ නැහැ. ඇත්තටම මොකවත් නොකාපු නිසා මගෙ බඩ හොදටම දැවිල්ල ඇල්ලුවා... මම ස්ටේෂන් එක ගාවට ආවා. මම නැති බව දැන ගත්තාම නිසල අයියා ස්ටේෂන් එකට ඒවි.. මම ඉක්මනට කවුන්ටර් එක ගාවට ගියා. අනුරාධපුරට එන කෝච්චි දැන් ගිහිල්ලා.

අයියේ... දැන් තියෙන්නෙ කොහට යන කෝච්චියද?...‘ මම ඇහුවා.

අර යන්න හදන්නෙ නුවරට යන කෝච්චිය...කවුන්ටර් එකෙ හිටපු කෙනා කිව්ව.

මට එහෙනං නුවරට ටිකක් එකක් දෙන්න...මම ටිකට් එක ගත්තා. හීමිට යන්න හදන කොච්චියට නැගලා අයිනේ තිබුණ ෂිට් එකක වාඩිවුණා. කොටුවෙන් පටන් ගන්න හින්දයි, සතියෙ මැද දවසක් හින්දයි වැඩි සෙනගක් හිටියෙ නැහැ. අවුරුදු තුනකට පස්සෙ මම ආයෙත් කෝච්චියක. ජීවිතෙ හීනයක් වගෙ...

An empty street
An empty house
A hole inside my heart
I'm all alone
The rooms are getting smaller
I wonder how
I wonder why
I wonder where they are
The days we had
The songs we sang together
Oh yeah
And all my love
We're holding on forever
Reaching for the love that seems so far

So I say a little prayer
Hope my dreams will take me there
Where the skies are blue
To see you once again my love
All the seas go coast to coast
Find the place I love the most
Where the fields are green
To see you once again my love

මගේ ෆොන් එක රින් වුණා.  සතිෂ් අයියගෙන්. මම ෆොන් එක ආන්සර් කරා.

කොහොද ඔයා ඉන්නෙ...සතිෂ් අයියා කලබල වෙලා වගෙ...

මම ගෙදර යනවා අයියෙ....මම කිව්වා...

ඇයි නිසල එක්ක ගියෙ නැත්තෙ..සතිෂ් අයියගෙ හඬ බාල වෙලා. හොදටම අඬන්න ඇති..මාව මනමාලයෙක් විදිහට බලන්න ආසයි කිව්වා නේද? ඇයි රත්තරං මාව දාලා යන්නෙ...අයෙත් අඬනවා...

කවදාවත් ඔයාව දාලා යන්නෙ නැහැ මගේ අයියේ... මේක කෙටි විරාමයක් විතරයි...මම කිව්වා.

අයෙත් මම එනවා... මගෙ අයියා බලන්න. මම එනකල් ඉන්නවා නේද අයියේ.

ඔව් වස්තු... හැමදාම මම බලාගෙන ඉන්නවා මගෙ මැණික එනකල්...

මඟුල් එක දවසේ ලස්සට හිනාවෙලා ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න...

ඔයා නැතුව මම හිනාවයි කියලා ඔයා හිතනවද මැණික?‘

මම වෙනුවෙන් හිනාවෙනවා කියලා පොරොන්දු වෙන්න අයියේ...

මට බැහැ වස්තු... මම අසරණ වෙලා..

නැහැ මගෙ රත්තරං අයියේ... මේක අපි දෙන්නම මුහුණ දෙන්න ඕන දෙයක්...

මම ගාවට ආයෙත් එනවා නේද රත්තරං...

ඔව් අයියේ මම එනවා... මගෙ අයියා බලන්න මම ආයෙත් එනවා...

මගෙ මැණික පරිස්සමෙන් ගෙදර යන්න ඕන... ගිහින් මට කතා කරන්න ඕන. ඔන්න ෆොන් එක ඔෆ් කරගන්න එපා.. මම ඉක්මනින් එනවා අයෙත් ඔයාව එක්ක යන්න...

හ්ම්.... ආදරෙයි අයියේ... හැමදාමත් ආදරෙයි....

මමත්  රත්තරං. මයෙ පැටියට බුදු සරණයි.... සතිෂ් අයියගෙ දුරකථන හාදුවත් එක්ක මම ෂීට් එකට හේත්තු වුණා.

ෆොන් එකෙ My love සින්දුව අහන්න ගත්තා.

An empty street
An empty house
A hole inside my heart
I'm all alone
The rooms are getting smaller
I wonder how
I wonder why
I wonder where they are
The days we had
The songs we sang together
Oh yeah
And all my love
We're holding on forever
Reaching for the love that seems so far

So I say a little prayer
Hope my dreams will take me there
Where the skies are blue
To see you once again my love
All the seas go coast to coast
Find the place I love the most
Where the fields are green
To see you once again my love

I tried to read
I go to work
I'm laughing with my friends
But I can't stop
To keep myself from thinking

Oh no
I wonder how
I wonder why
I wonder where they are
The days we had
The songs we sang together
Oh yeah
And all my love
We're holding on forever
Reaching for the love that seems so far

So I say a little prayer
Hope my dreams will take me there
Where the skies are blue
To see you once again my love
All the seas go coast to coast
Find the place I love the most
Where the fields are green
To see you once again

To hold you in my arms
To promise you my love
To tell you from my heart
You're all I'm thinking of
Reaching for the love that seems so far

So so I say a little prayer
Hope my dreams will take me there
Where the skies are blue
To see you once again my love
All the seas go coast to coast
Find the place I love the most
Where the fields are green
To see you once again my love
See you in a prayer
Dreams will take me there
Where the skies are blue
To see you once again my love
All the seas go coast to coast
Find the place I love the most
Where the fields are green
To see you once again my love

Westlife

' To see you once again my love'
කොටස මගේ හදවතේ නැවත නැවතත් රැව් දුන්නා.

(
ප.ලි - ඔබට හැකියාවක් ඇත්නම් කතාව අතරමැද පළ කර ඇති ගීතද මේ සමග රසවිදීමට කාරුණික වන්න. මන්දයත් කතාවෙහි ඇති සත්‍ය හැගීමට එවිට ඔබට තවත් දැනෙනු ඇතැයි මම විශ්වාස කරමි.)


(
තවත් කොටස් හයක් පමණි.)


කා.දැ.පි- කදුළු සිත්තම් කතාව කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් කිරීමට හෝ යටගිය අතීත මතක යලි යලි මතක් කරමින් ඔවුන් දුකට පත්කිරීමේ අපේක්ෂාවෙන් නොලියමි. මෙය කියවීමෙන් කිසිවෙකු හෝ යම් කිසි අපහසුතාවකට ලක්වන්නේ නම් මම සියදහස් වරක් සමාව යදිමි. තව සුළු මොහොතක් මට දුන මැනවි...


මරදාන... රාගම... ගම්පහ.... පහු කරගෙන කෝච්චිය නුවර යන්න පිටත් වූණා. ගම්පහ ස්ටේෂන් එකෙදි මම ජනේලියෙන් එළිය බැලූවා. එදා මගෙත් එක්ක අරවින්ද අයියා වාඩිවෙලා හිටියෙත් මේ ස්ටේෂන් එකෙමයි. අරවින්ද අයියට දැන් මොනවා වෙලා ඇඳ්ද? එයා තාමත් පන්සලේද දන්නේ නැහැ. සමහර විට දැන් උපාධිය සම්පූර්ණ කරලා ඇති. එහෙම උණොත් හොඳයි. දැන් අර අපයෙන් ගිහින් ඇති.

අපි හැමෝගෙම අවසානෙ මේක නේද? ඇමරිකාව, ජර්මනිය, බසීලය.. වගෙ රටවල් සමලිංගික විවහා නීතිගත කරනවා. ඉන්දියාවෙත් දැන් මේක සාමාන්‍යම දෙයක් බවට පත්වේගන එනවා. ඒත් ලංකාවේ එහෙම දෙයක් වෙනන් තව කාලයක් යාවී. ඒ වෙනුවෙන් සටන් කරන්න කවුද ඉන්නෙ... සටන් කරලා වැඩක් නැහැ. විශ්ව විද්‍යාලවල, සාමාජ කතිකාවල මේ ගැන වෙනසක් ඇති කරාට සමාජයේ ඒ ගැන ධනාත්මක අදහසක් නැහැ. ලෝකෙටම බණ කියන සාදුලා කීයක් පන්සලේ පොඩි හාමුදුරුවරු එක්ක ඉන්නවද? ලංකාවම පාලනය කරන මැති ඇමතිලා කීයක්නං තමන්ගෙ මුණුබුරන් වගේ ඉන්න පොඩි උන් එක්ක ඉන්නවද? සල්ලිකාරයෝ දවස් ගාණේ මේ සතුට හොයන්න කොච්චර විදයම් කරනවද? මේ හැගීමට ඇයි නීතිමය වටිනාකමක් දෙන්න බැරි. ඇයි මේ තරම් දියුණු හිත් වලට මේ හැගීම තේරුං ගන්න බැරි. සතුටින් ජීවත් වෙන්න ගැහැණු පිරිමිම එකට ඉන්න ඕනෙද? එහෙම ඉන්න හැම පවුලම සතුටින් ඉන්නවද? ඇයි මිනිස්සුන්ගෙ සමලිංගික හැගීම් වලට නීතියෙන් ඉඩක් දෙන්නෙ නැත්තෙ... එහෙම වුණානං මේ බෝවෙන රෝග එකකට එකක් අඩුවෙනවා. අපේ හැගීම වැරදිද? එහෙනං ඒ හැගීම නැති කරන්න විසදුමක් දෙන්න පුළුවන් කාටද? විසදුමක් දෙන්න එන අයත් කරන්නෙ එයාලගෙ ශරීරයට තවත් කෙනෙක් යට කරගෙන ඉදලා යන එකම තමයි.

කොච්චියේදීම බනිස් දෙකක් අරන් වඩෙ එක්ක කෑවා. තෙල් කෑම හොඳ නැති හින්දද කොහෙද යටි බඩ හරියට දෑවා. වැඩියෙන් වතුර බිව්ව නිසා දැන් නම් ටිකක් අඩුයි වගේ. දැන් කොහාටද මම යන්නෙ... සතිෂ් අයියා හිතන්නෙ මම ගෙදර ගියා කියල. අනින්දට රජ ඇදුම ඇඳගෙන මගේ කුමාරයා පෝරුවට නගිනවා. මම සතිෂ් අයියා දැම්ම මුද්ද දිහා බලාගෙන හිටියා. අපේ ගෙදර ඉදලා එන ගමන් මඟදි ගත්ත මුදුව ගංගාරාමයේ හංස දූපතේදි මගේ අතට දැම්මෙ.. මම ඇස් දෙක පියා ගත්තා.

ඇත්තටම මම කරපු දේ හරිද? සතිෂ් අයියගෙ ජීවිතේ නැති කරේ මමද? එයා කසාද බදින එක පරක්කු වුණේ මම නිසා. කමක් නැහැ. දැන් ඒ සේරම ඉවරයි. මම එයාගෙ ජීවිතෙන් අයින් වුණා. එක පාර එයා මැරි කරන එක දරාගන්න බැරිව මම දෙවනි පාරටත් මගෙ ජීවිතෙ නැති කර ගන්න හැදුවා. තාමත් මම ජීවත් වෙන්නෙ ඇයි? වෙනදා වගෙ කිසිම හැගීමක් දැන් මට නැහැ. මම ඕනාවටත් වඩා කායික සම්බන්ධතා වින්දා. කවමදාකටවත් වඩා සතිෂ් අයියාගෙන් ආදරේ ලැබුවා. ඉතින් මගෙ ජීවිතෙ දැන් ලබන්න ඕන ලෞකික සැප මම ලැබුවා. ගෙදරින් ඈත් වෙලා ඇවිත් අවුරුදු තුනක්. අයෙත් ගෙදර ගියොත් සතිෂ් අයියා මාව හොයාගෙන ඒවි. ඒ පවුල් ජීවිතේ අවුල් කරන්න ඕන නැහැ. අවුරුදු තුනම ගෙදරට සල්ලි යවපු නිසා ගෙවල් දොරවල් දැන් හොඳට හදලා ඇති. නංගියි, මල්ලියි ඉගන ගන්න ඇති. මම නැති වුණාට දැන් කමක් නැහැ. මම ගෙදරට ඕන කරන උදව් කරා. දැන් පේරාදෙණිය හන්දියේ... ඊළගට මහනුවර මගෙ හිතේ... හවස හතරට විතර ඇති. මම නැඟිට්ටා.. කදු අතරින් කෝච්චිය යද්දි පට්ටම ලස්සනයි. ශානුත් එක්ක මම කෝච්චියේ නුවර ආවා එක දවසක්.

නුවර ස්ටේෂන් එකෙන් බැහැලා පාරට ආවා. ෆොන් එක ඔෆ් කරා. දැන් ඉතින් කකුල් දෙක යන යන පැත්තට යන්නයි තියෙන්නෙ... මාතලේ යන රේල් පාරේ මාලිගාවට යන්න පිටත් වුණා. මීට අවුරුදු හතරකට විතර කලින් දෙපාරක් මාළිගාවට ආවා. චරිත් එකකයි, ශානු එක්කයි. අද මම තනියම. මල් ගන්න ඕන නැහැ. තණ පිට්ටනිය මැද තිබුණ පාර දිගේ මම පත්තිරිප්පුව දිහා බලාගෙන ඉස්සරාට ගියා. පිවිසුම් දොරටුව ගාව තියෙන ගාඩ් රූම් එකට දීලා, බාටා දෙක අයියෙන් ගලවල තියලා මාලිගාව ඇතුළට ගියා. ගොඩක්ම සෙනඟ නැහැ. හරිම නිස්කලංකයි. පහත මාලයෙන් උඩු මාලයට නැඟ්ගා. දෙතුන් දෙනෙක් ඇරෙන්නට කවුරුත් වාඩිවෙලා හිටියේ නැහැ.

මමත් මල් වලට අත ගහලා අයිනක වාඩිවුණා. රන් දොරටු අතරින් කරඩුව හිතේ මවාගෙන ඇස් දෙක පියාගත්තා. වෙනදාට වඩා හිතට සැහැල්ලූවක් නිදහසක් දැනෙනව වගෙ. මේ වගෙ තැනකට කලින් ගියොත් වටේ ඉන්න කොල්ලෝ දිහා බල බල පව් එකතු කර ගන්නවා. දැන් හිතට එහෙම අදහස් එන්නෙ නැහැ. මම ඇස් පියාගෙන මගේ අතීතය මතක් කරා. සුන්දරයි ද? අසුන්දරයි ? දන්නෙ නැහැ. හිතලම වරද්ද ගත්තද? නැත්තම් නොදන්නකමට වැරදුණාද? දන්නෙ නැහැ. මම ජීවිතයට ගලාගෙන යන්න දුන්නා. වෙලාවකට හරිම නොසන්සුන්. වෙලාවකට ගුප්තයි. මම නෙළුම් මලින් උපන් සත් පත්තිනි නෙමෙයි. කාමුක සිතින් තැන තැන ඇවිදපු සල්ලාලයෙක්. ගමේ වචනෙන් කීවොත් වලත්තයෙක්. මම වැරදි කරා. ඒ වැරදි පුළුවන් තරං මම නිවැරදි කරා. මම මට ආදරෙයි. මට වැරදි කරපු කිසිම කෙනෙක් එක්ක මම තරහා නැහැ. අඩුම ගාණේ මගෙ නොඉදුල් බව නැති කරපු ඒ අයියා එක්කවත් දැන් මම තරහා නැහැ.

පැයක් දෙකක් විතර මම ගැන මම මෙනෙහි කරන්න ඇති... ඇස් අරිද්දි මට අමුතු පණක් ලැබුණා වගේ දැණුනා. මම පසඟ පිහිටුවලා දළදා හාමුදුරුවන්ට වැන්දා... එහා පැත්තෙන් හාමුදුරු කෙනෙක් මම දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. මම සාමාන්‍ය විදිහට හිනාවෙලා නැඟිටලා පහත මාළයට බැස්සා. කෞතුගාරය, අනිත් දේවල් බලන්න මම හිතුණේ නැහැ. වෙලාව හතට විතර ඇති. වටේටම කළුවර වෙලා. කදු උඩින් ලයිට් දාලා මහනුවර හරිම ලස්සනයි. දළදා මාලිගාවෙත් පත්තිරිප්පුවේ ලයිට්.. ෆොටෝ වලින් දැක්කට මෙහෙම හැබහින් දැක්කෙ අද. දැන් මම කොහාටද යන්නෙ... මම ගාඩ් රූම් එකෙන් බෑග් එකත් අරගෙන ඇවිත් තණ පිට්ටනියේ වාඩිවුණා. දළදා මාලිගාව දිහා බලාගෙන හිටියා.

විහඟට මම ආදරේ කරා. විහඟ මට ආදරේ කරෙ නැහැ. ලක්ෂාන්ට මම ආදරේ කරා. ලක්ෂාන් මට ආදරේ කරේ නැහැ. ආනත්ටත් එහෙමයි. එතනින් එහාට මම කාටවත් ආදරේ කරේ නැහැ. ශානු, නිලූ, අනුහස්.... කොහොමත් දහයක් පහළවක් විතර ආදරේ ගැන මට කියන්න ඇති. නිසදැස් ලියන්න ඇති. මාසෙන් දෙකෙන් ඒ ආදර කතා සේරම නැවතුණා. ඊට පස්සේ දවසේ, සතියේ, මාසේ ගාණේ ඇඳෙන් ඇඳට...

ගෙදර කම්පියුටර් එකක් නැති වුණත් මට කට්ටිය සෙට් වුණා. ඒ මගෙ එයාටෙල් අංකෙ කලින් ෆෙස්බුක් එකෙ දාලා තිබුණ නිසා වෙන්න ඇති. ඒත් ඒක වාසනාව කියලා මට දැන් හිතෙන්නෙ නැහැ. සතිෂ් අයියත් එක්ක ගෙවපු අවුරුදු තුනට අතින් අත ගියපු ජීවිතෙ මට එපා වුණා. හැම අවශ්‍යතාවයක්ම සතිෂ් අයියගෙන ඉටු වුණා. සමහර දේවල් ගොඩක් වේදනාකාරී වුණත් සතිෂ් අයියා මම වෙනුවෙන් ඒ හැමදෙයක්ම ඉවසුවා. මම මානසික පිස්සෙක්වත්, සෙක්ස් පස්සෙ යන පාහරයෙක්වත් කියලා කිව්වෙ නැහැ. හැමදේම මිනිස්සු කරන්නෙ සතුටු වෙන්න. කායික හෝ මානසිකව. සතිෂ් අයියා ඒ නිසා මාවත් සතුටු කරා. එයත් සතුටු වුණා. අපි දෙන්නට අපි දෙන්නගේ කායික හැගීම් ගැන හොඳ අවබෝධයක් තිබුණා. ජීවිතේ තේරුම් අරගෙන විදිනවා මිසක් කවදාවත් විදවන්න එපා කියන එකයි සතිෂ් අයියා කිව්වේ. එයා ඒක ඔප්පු කරලා පෙන්නුවා. මට සමලිංගික ආදරයක් ගෙනියන්න පුළුවන් කියලා එක සතිෂ් අයියා හැමදාමත් කියපු දෙයක්. අවාසනාවට සතිෂ් අයියාගෙ අම්මා අපි අතරට නොයෙන්න අපි තාමත් එකට ඉන්නවා. දැන් මට තවත් කෙනෙක් ගාවට යන්න ඕන නැහැ. මට ඕන කරපු ආදරේ මගෙ හදවතට දැණුනා. දැන් ඒ ආදරය, ඒ උණුසුම අයිති වෙනත් කෙනෙක්ට. මම ඒකට මැදිහත් වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒ ජීවිත ආයෙත් අවුල් වෙනවා. ඒ නිසා මම දැන් තනියම මගේ හදවතේ ආදරෙත් එක්ක ජීවත් වෙන්න ඕන...

මට ටිකක් කතා කරන්න පුළුවන්ද?‘ මම ගැස්සිලා බැලූවා...ඔයා සංජනද?‘

මාලිගාවේ මම දිහා බලාගෙන හිටපු හාමුදුරුවො... කොහොමද මගෙ නම දන්නෙ.. මම පුදුම වුණා.

ඔව් මම නැඟිට්න ගමන් කිව්වා...හාමුදුරුවෝ මාව දන්නවද?‘

මම හිතන්නේ අවුරුදු තුනට ගොඩාක් දේවල් වෙනස් වෙලා සංජන...හාමුදුරුවෝ කතා කරා... හොඳට බලන්න මාව අඳුර ගන්න බැරිද කියලා...

ටිකක් වෙලා හාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා... දෙයියනේ............... අරවින්ද අයියා.... මහණ වෙලා..

අරවින්ද අයියා.....මම කිව්වා...

හ්ම්.... මම අරවින්ද තමයි....

ඇයි මහණ වුණේ....

මම හිතුවෙ නැහැ අය කවදාවත් සංජන මට හමුවෙයි කියලා. හාමුදුරුවෝ කිව්වා. මම දිව්වෙ මිරිගුවක් පස්සෙ සංජන... කායික සැප හොයලා හොයලා මට හරි මහන්සියක් දැණුනා.හාමුදුරුවෝ මාත් එකක් ඉස්සරාට ඇවිදගෙන ආවා. ඔයා එදා ගියාට පස්සෙ පන්සලෙන් මට හරියට දොස් කිව්වා සංජන.. පහුවදා උදේම මම ගෙදර ගියා. හැම මාසෙම ඔයා එවන සල්ලි මට හම්බුණා. ඔයා ගැන හෙව්වට කිසිම දෙයක් දැන ගන්න හම්බුණේ නැහැ. කොළඹ සීල් එක තිබුණට කොහොම කියලා හොයන්නද?...

මම හිනාවුණා... ගොඩක් කල්ද මහණ වෙලා දැන්...මම ඇහුවා...

දැන් අවුරුදු දෙකක් වෙනවා මල්ලි....

ඇයි හාමුදුරුවනෙ මහණ වුණේ....

මම හිටියේ පන්සලක... ඒ පන්සලේ හාමුදුරුවරු ගැන හිතුවාම මහණ වෙන්නෙ ඇයි කියලා හිතෙනවා තමයි මල්ලි...

මමත් දැන ගන්න ඕන වුණේ ඒකම තමයි. හාමුදුරුවන්ටම උත්තර දෙන්න කියලා මම නිහඩව හිටියා.

මිනිසුස් ආශාවන් වල පැටලිලා මල්ලි. මට දැන් අවුරුදු විසි හයක්... ඒ කාලෙ මම මොන තරම් වැරදි කරාද? මගෙ වැරදි වහගන්න චීවරේ දා ගත්තා නෙමෙයි මල්ලි... මට ඕන වුණේ අධ්‍යාත්මික සුවයක් හොයන්න... ඉතින් ඔයා කොහෙද මෙහෙ?‘ හාමුදුරුවෝ මගෙන් ඇහුවා... 


මමත් දිග ගමනක් ආවා හාමුදුරුවනේ....මම කිව්වා.

ඒ මොකද්ද මල්ලි?... පවුලෙ අයත් එක්ක ටි‍්‍රප් එකක් ආවාද?‘

මං පවුලෙ අය නැති කරං කොච්චර කල්ද?‘

මට ඔයා කියන දේ තේරෙන්නෙ නැහැ...

මම කෙටියෙන් වෙච්ච දේ හාමුදුරුවන්ට කිව්වා. දැන් ? අටහාමාරට විතර ඇති. අයෙත් යටිබඩ දනවා. මොනවද කරන්නෙ....? මම බඩ අල්ලගෙන හිටියා.

දැන් නුවර ආවේ ඇයි....?‘

මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ හාමුදුරුවනේ... ස්ටේෂන් එකෙ ඒ වෙලාවෙ තිබුණෙ නුවර යන කෝච්චිය... ඉතින් මම ඒකට නැඟ්ගා...සමහරවිට හිතන්න ඇති මම වටයක් දාලා එනවා කියලා. කමක් කැමති දෙයක්. කොහොම හරි දැන් මට යන්න තැනක් නැහැ කියලා දැනෙන්න ඇති.

සංජන කැමතිද මාත් එක්ක පන්සලට එන්න....හාමුදුරුවෝ ඇහුවේ සරදමක් වගෙ... ඒත් මේ රෑ මම නුවර කොහෙ කියලා යන්නද?

මට වෙන කරන්න දෙයක් දැන් නැහැ හාමුදුරුවනෙ....

සංජන .... මම දැන් හාමුදුරු කෙනෙක්... මට ඕන සසර ගමන කෙටි කරගන්න. මට අද හෙට නිවන් දකින්න බැහැ. මේ ආතේමෙදි නිවන් දකිනන්ත් බැහැ. මම ඒක දන්නවා මල්ලි. ඒත් මම කලින් හිටපු ජීවිතෙට වඩා මේ ජීවිතේද සසර ගමන කෙටි කරගන්නවා....

මටත් බැරිද සසර කෙටි කර ගන්න....මම ඇහුවා.. හාමුදුරුවෝ මම දිහා බැලූවා.

අපි යමු පන්සලට.... ඔයාට මහන්සි ගොඩක් දැන්...

එදත් මේ වගෙ නේද ඔයා මට උදව් කරේ අයියේ....මට කියවුණා... හාමුදුරුවන්ට හිනා... සමාවෙන්න හාමුදුරුවනේ...මම වරද නිවැරදි කරා.

යටගිය දේවල් කතා කර කර හාමුදුරුවොත් මමත් පන්සලට ආවා. මාළිගාවට කිලෝමීටයක් විතර එහායින් වගේ තමයි පන්සල තිබුණේ. තව පොඩි හාමුදුරුවරු දෙනමක් හිටියා. මාව ලොකු හාමුදුරුවෝ ගාවට එක්ක ඇවිත් හදුන්වලා දුන්නා. මම අනුරාධපුර යාලූවෙක් විදිහටයි අඳුරලා දුන්නෙ. ටික දවසක් පාඩම් වැඩ වලට නතර වෙනවා කිව්වා. රෑට  කන්නනං හම්බෙන්නෙ නැහැ. අනිත් වෙල් ටික නං ඔය තියෙන විදිහට කාලා ඉන්න කිව්වා.

මට විපස්සි හාමුදුරුවන්ගෙ කාමරේ ඉන්න දුන්නා. අහ් විපස්සි හාමුදුරුවෝ කියන්නෙ අරවින්ද අයියට. දැන් නම් ඉතින් කලබල වෙන්න එපා එහෙනං ඒකත් හරි කියලා. මම දැන් අවුරුදු විසිපහක කොල්ලෙක්. හාමුදුරුවන්ට විසි හයයි. දෙන්නම තාමත් ඉන්නෙ තරුණ වියේ තමයි. ඒත් මම නිදාගත්තෙ බිම පැදුරක් දාගෙන. ගෙදරත් එහෙම නිසා මට ඒක ගාණක් වුණේ නැහැ. රෑට  කන්න කිරි තේ එකක් එක්ක බිස්කට් තිබුණා. ඇගේ මහන්සියට සීතල කියලා බලන්නෙ නැතිව නෑවා. ඊට පස්සෙ බිස්කට් පොගවගෙන කෑවා. ඉස්කෝලේ නිවාසාන්තර තියෙද්දිත් මෙහෙමයි....

රෑ මම පැදුරේ නිදා ගත්තා. විපස්සි හාමුදුරුවෝ ඇඳේ සැතපුණා. මට සතිෂ් අයියාගෙ උණුසුම නැති අඩුව හොඳට දැණුනා. මම අත් දෙක පපුවට තුරුල් කර ගත්තා. මගෙ හිතෙන් සතිෂ් අයියව මවාගෙන මම ඇඬුවා. කාටවත් ඇහෙන්නෙ නැති මගේ වේදනාව කෑ ගහලා හිරකරන් ඉන්න මට බැහැ. මහ රෑ මම ඉකි ගහ ගහ ඇඬුවා. සතිෂ් අයියට කොල් එකක් ගන්න හිතුණත් මම කතා කරේ නැහැ. ආයෙ ආයෙ එයාගේ හිත අවුස්සන හොඳ නැහැ. දැන් එයා ඉන්නෙ වෙඩින් එකට ලෑස්ති පිට. මම ඒ සේරම කල්පනා කර කර හිටියා. කීයට නින්ද ගියාද කියන්න මම දන්නේ නැහැ.

පහුවදා මම නැගිටිද්දි විපස්සි හාමුදුරුවෝ මිදුල අමදිනවා. මමත් මූණ කට හෝදගෙන තේ බිලා මිදුල අතුගාන්න උදව් වුණා. කදු නිසා අපේ පන්සල් වගේ ගොඩක් මිදුල නැහැ. අනිත් පොඩි හාමුදුරුවරු දෙන්නා බුදු ගේ අතු ගානවා. ටිකක් දගයි වගේ දෙන්නම. උදේ දානේ ඉදියාප්ප. ඇති වෙන්න තිබුණා. හැබැයි සතිෂ් අයියා වගේ කිරි මාලු හොද්ද නැහැ. නිකංම කිරි හොදි එක්ක සම්බෝල. කට්ට සබ්බෝලේ රහට තිබූණා.

උදේ කෑම කාලා මම බෝධිය ගාවට ආවා. නිකමට වගෙ ෆෝන් එක ඔන් කරා. මිස් කෝල් ඇලට් එකසිය ගාණක්. ඒ මදිවට මැසේජ් ගොඩක්... මම සතිෂ් අයියට කෝල් එකක් ගත්තා....  පළවෙනි පාර ආන්සර් නැහැ. මම කීප සැරයක් ගත්තත් ඒක ආන්සර් කරේම නැහැ. ඒක නිසා මම ආයෙත් ෆොන් ඒක ඔෆ් කරලා තිබ්බා. සමහර විට වැඩ වැඩි ඇති. අද දවස මේ විදිහට ගෙවිලා ගියදෙන්..........

රාත‍්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ.... දුකද දැනේ...
රුදුරු වුණේ ඇයි හිමි සදුනේ....
රාත‍්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්.....

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ගණ කළුවර....//
දෑස පුරා දුටු සිනා කවටකෙලි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියනේ ....
කාට කියන්නද මේ දුක - ඔබ හැර

රාත‍්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්.....

කලා සොළොස පිරි පුර හද
අතැර ගොසිනි සිය ප‍්‍රදය බද...//
එහා දෙඩු මුදු වදන් අසන්නට
බලා සිටී සිත පිළිසිද
අසන් හිමියනේ ....
කාට කියන්නද මේ දුක - ඔබ හැර

රාත‍්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්.....

ගී පද - සුනිල් ආර්. ගමගේ මහතා
සංගීතය - රෝහණ වීරසිංහ මහතා
ගායනය - දීපිකා ප‍්‍රියදර්ශනි මෙය

(
තවත් කොටස් පහක් පමණි.)

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...